V2025

පුවත්

අත්‍යවශ්‍ය වාහන සඳහා නව ගැසට්ටුවක්

වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කර ඇති නව ගැසට් පත්‍රය රජයට අත්‍යවශ්‍ය වාහන කිහිපයක් සඳහා පමණක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

 "පොදුවේ වාහන ගෙන ඒමට නෙමෙයි ගැසට් එක ගැහුවේ. රජයේ ආයතන කිහිපයක අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සඳහා වාහන කිහිපයක් ගෙන එන්න. ඒ වගේම විදේශ ආධාරවලින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා ඒ විදේශ ආධාරවලින්ම ලැබෙන මුදල්වලින් තමයි ගෙන එන්නේ. උදාහරණයක් ගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශයට බස් රථ දෙකක්, විදේශ ව්‍යාපෘති යටතේ ලැබෙන. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඩබල් කැබ් රථ 21ක්, ඒ වගේම ජංගම මාතෘ සායන සඳහා භාවිත කරන වාහන 03ක්, කම්කරු අමාත්‍යාංශය සඳහා එක වාහනයක්."

"ඊට අමතරව ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගුවන් මගීන්ට ගුවන් යානයෙන් බහින්න අවශ්‍ය වන වාහන 03ක් එපමණයි. රජයේ ආයතනවලට අත්‍යවශ්‍ය දේවල්. ශ්‍රීලන්කන් ගුවන්සේවයේ හැරෙන්නට අනෙකුත් සියලුම වාහන විදේශ ව්‍යාපෘති මගින් ක්‍රියාත්මක වන වැඩසටහන් සඳහා ඒ විදේශ ආධාර මගින් ලැබෙන මුදල් යොදවලා තමයි අරගෙන තියෙන්නේ."

2366 19 S page 0001

2366 19 S page 0002

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනයක්

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධනයන් ක්‍රියාත්මක කෙරෙනු ඇත. මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, තල් අරක්කු හැර වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් දක්වා ඉහළ නංවා ඇත. මීට පෙර එම ගාස්තුව පැවතියේ රුපියල් ලක්ෂ 10ක් ලෙස ය.

රුපියල් 250,000ක්ව පැවති තල් අරක්කු ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා තිබේ.

රා බෝතල් කිරිමේ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 10 සිට කෝටිය දක්වා ඉහළ නංවා ඇති අතර විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 5 සිට විසි පන් ලක්ෂය දක්වා ඉහළ නංවා ඇත.

මත්පැන් සඳහා ලබාදෙන වාර්ෂික තොග වෙළෙඳ බලපත්‍ර ගාස්තුව නව ගාස්තු සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා තිබේ.එය මීට පෙර රුපියල් ලක්ෂ 10ක් ලෙස පැවතිණි.

මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව මහ නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ලෙස ද නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් ලෙස ද අනෙකුත් ප්‍රදේශවලට රුපියල් කෝටියක් ලෙස ද ඉහළ නංවා තිබේ.

හෝටල් සඳහා ලබාදෙන මත්පැන් බලපත්‍ර ගාස්තු ද සංශෝධනය කර ඇත.කාමර 200ක් හෝ ඊට වැඩි හෝටල් සඳහා රුපියල් ලක්ෂ 10 දක්වාත් කාමර 20 සිට 199 දක්වා රුපියල් ලක්ෂ 5ක් ද කාමර 20ට අඩු හෝටල් සඳහා රුපියල් 250,000ක් ද වශයෙන් බලපත්‍ර ගාස්තු ඉහළ දමා තිබේ.

රුපියල් ලක්ෂයක්ව පැවති තානායම් බලපත්‍ර ගාස්තුව ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, සමාජ ශාලා සඳහා මත්පැන් බලපත්‍ර ලබාදීමේ ගාස්තු අඩු කිරීමට පියවර ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 5ක් ලෙස පැවති හිමිකාර සමාජ ශාලා බලපත්‍ර ගාස්තුව රුපියල් 250,000 දක්වා අඩුකර ඇති අතර සම්භාෂණ හා විනෝද කාර්යයන් සඳහා වන සමාජ ශාලා සඳහා වූ බලපත්‍ර ගාස්තුව සංශෝධනය නොකර පැවති රුපියල් දෙලක්ෂ පනස් දහසේ ගාස්තුව ම අය කිරීමට තීරණය කර ඇත.

1

2

3 1

4

රාජ්‍ය වියදම්, වැටුප් සහ දීමනා ගැන විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ කිහිපයක් සම්බන්ධයෙන් දැනුම් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අභියෝගාත්මක ආර්ථික වාතාවරණය තුළ රාජ්‍ය වියදම් ඉහළ යාම සහ රාජ්‍ය ආදායම් සීමාසහිත වීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අවකාශය අතිශයින් සීමාකාරී වී ඇති බව එහි සදහන් වේ.

ඒ අනුව, නිකුත් කර ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.

01

02

03

04

05

06

07

රනිල් ගැන රවී කියයි : ධම්මික රිවර්ස් !

2024 මැතිවරණ වසරක් කිව්වට මොකද , කවුරුත් හෙව්වේ මුලින්ම එන මැතිවරණය මොකක්ද කියලයි .

කවුරුත් හොයපු ඒ පැනයට විසඳුම පසුගියදා ලැබුණේ , එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී.

එහිදී ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වෙන බව ප්‍රකාශ වීමත් සමඟම දේශපාලන පක්ෂ නව වසර ආරම්භයේදීම ජනපති සටනට හිටු කියල වැඩ.

ජනාධිපතිවරණය සැප්තැම්බර් එන බව ජනපති රනිල් ප්‍රසිද්ධ කළේ විපක්ෂය මහ මැතිවරණ කතා කියද්දී.

දැන් තියන ආරංචිවල හැටියට රනිල් ජනාධිපතිවරණයට එන එක ෂුවර්. එජාප නායකයොත් දැන් ඒ ගැන කියන්න පටන් අරගෙන . ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා කියලා , රවී කරුණානායක ත් ප්‍රකාශ කරලා තිබුනා.ල්

රනිල් විතරක් නෙමෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මාලිමවේ නායක අනුර දිසානායක, MJP නායක දිලිත් ජයවීර මේ වෙනකොටත් ජනාධිපති අපේක්ෂකයින් විදියට කැම්පේන් පටන් අරගෙන .

පහුගිය දවස්වල සල්ලි ගස් හොල්ලමින් , දේශපාලන පිටියේ ලොකුවටම කැම්පේන් එක පටන් ගත්තේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා. ඒ, පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විදියට. ඔන්න දැන් පොහොට්ටුව ඇතුලේ කතාවක් යනවා.. ''ධම්මික ලේෆට්'' කියලා .

බැසිල් ඇමරිකාවට යන්න ඉස්සෙල්ලා , පහුගිය දෙසැම්බර් 15 වෙනිදා පොහොට්ටු සම්මේලනයක් තියලා , ධම්මික පෙරේරාට ඉස්සරහ පුටුවක් දීලා ජනාධිපති අපේක්ෂකයා විදියට සිග්නල් එක දීපු දවසේ ඉඳලා , පොහොට්ටුව ඇතුලේ ලොකු බරබරයක් කියල අපි පහුගිය ටිකේම කිව්වා මතකනේ.

ආරංචි හැටියට දැන් ධම්මික දානවට රාජපක්ෂ පවුලේ කට්ටියත් කැමති නැ ලු. ඒකේ පෙරමුණ අරන් තියෙන්නේ , මහින්ද ලොක්කගේ නෝනා මහත්තයා , ශිරන්ති ලු.

ධම්මිකට ජනාධිපති අපේක්ෂක කම දෙන්න කොන්දේසි 10 ක් දාලා කියලා , කතාවක් පහුගිය ඔය හැම මාධ්‍යයක ම ගියා මතකනේ. දැන් එන ආරංචිවල හැටියට ඒක ධම්මික ගේ ම ප්ලාන්ට් එකක්. ඒ කොන්දේසි 10 න් කියන්න ධම්මික දැනටත් කරන ඔය ජොබ් දෙන, තාක්ෂණික පුහුණුව දෙන ප්‍රොජෙට්. ඔය කොන්දේසි දැම්මේ කව්ද කියලා , ප්‍රසන්නලා හොයද්දී නාමල් ලත් මීක් නෑලු.

ආරංචි විදියට ධම්මික ව පොහොට්ටුවේ අපේක්ෂකයා විදියට දැම්මොත්, පොහොට්ටුවේ කියලා ඉතුරු වෙන්නේ, ධම්මිකගේ මාසික පඩි ලයිස්තුවේ ඉන්න මන්ත්‍රී ල දහ පහළොස් දෙනා විතර ලු. ඒකත් ෂුවර් නෑ කියලයි මධුරලා කියව කියවා යනවයි කියන්නේ.

වැඩේ අවුල් කියලා , නාමල්ට වගේම බැසිල්ටත් මීටර් වෙලා ලු. ධම්මික අපේ අපේක්ෂකයා නෙමෙයි කියලා ප්‍රකාශයක් කරන්න කියලා බැසිල් , පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් ට කියලා කියපු වෙලාවේ ඉඳල සාගර හැංගිලා කියලයි කතාව යන්නේ.

ඒ කතාවල ඇත්ත බොරු මොනවා වුනත්, චන්දේ ඉල්ලන සීන් වලින් රිවස් වෙන්න ධම්මික ත් තීන්දුවක් අරගෙන කියලයි කතාව යන්නේ. ඒත් බැසිල් අද හෙට ආවට පස්සේ ඒ ගැන හරි හමන් තීන්දුවක් ගමු කියලා , බට්ටා එහෙමත් නැත්නම් හිටපු පළාත් සභා මන්ත්‍රී ගාමිණී ගුණරත්න කිව්වා ලු..

ආරංචි විදියට ධම්මික රිවස් වෙන්න බලපාලා තියෙන්නේ පොහොට්ටුව ඇතුලේ විරෝධය විතරක් ම නෙමෙයි. ධම්මික පෙරේරාගේ පැටිකිරිය අනාවරණය කරලා හෙට අනිද්දා ප්‍රකාශයට පත්කරන්න යනවයි කියන බ්ලැක් බුක් එකලු. ධම්මිකගේ සියලු කෙරුවන් ''බ්ලැක් බුක් '' එකෙන් එලියට දාන්න යනවා කියලා මුලින්ම කිව්වෙත් ''ද ලීඩර්''

ඔය කෙහෙල්මල් දේශපාලනෙන් අයින් වෙන්න කියල ඔන්න දැන් ධම්මික ගේ පවුලේ කට්ටියම බර බරේ දාන්න පටන් අරන් ලු.

'' සර්ගේ මේ දේශපාලනේ නිසා අපේ බිස්නස් වලටත් ප්‍රශ්න එන්න ඉඩ තියනවා..'' -ධම්මිකගේ කම්පැනිවල ලොක්කෝ කියන්න පටන් අරන් ලු.

ධම්මිකගේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් ලබාදීමේ “ඩී.පී.එඩියුකේශන් සිලිකන් වැලි අයි.ටී.ඔෆිස්” වැඩසටහන පහුගිය 10 වෙනිදා තිස්සමහාරාමයෙන් ආරම්භ කෙරුවා.

රාජපක්ෂ බලකොටුවේ තිබුන ඒ උත්සවේට රාජපක්ෂලා තියා කිසිම දේශපාලනඥයෙක් පැත්ත පළාතක වැද්දගෙන තිබුනේ නෑ .

'' මිනිස්සුන්ට මේ දේශපාලනඥයෝ එපා වෙලා. තිස්සමහාරාම උත්සවේට අපි දෙමාපියන්ගේ ළමයින්ගේ කතා අහල මට පුදුම දුකක් හිතුනේ. ඒ මිනිස්සු දේශපාලකයින්ට සාප කරනවා.. '' - ධම්මික එදා උත්සවේට ගිහින් එන ගමන් එයාගේ හිතවත්තු කීපදෙනෙකුට ම කිව්වා කියලයි කතාව යන්නේ.

'' ඒ කියන්නේ ලොක්ක රිවස් වෙන්න වගේ යන්නේ '' - ධම්මිකගේ හිතවත්තු දැන් කියන්න පටන් අරගෙන .

දේශපාලනය කරන්න තියෙන ධම්මිකගේ අයිතියට හරස් වෙන්න කාටවත් බෑ. හැබැයි ඉතිං ධම්මික තීරණය ගන්න ඕන නොදන්නා ගොවිතැනට ගොහින් අහවල් එක නැතිකර ගන්නවාද කියලා !

  • දේශපාලන වාර්තාකරු

සජබ අවුලේ වාසිය ජනපතිට !

''VAT එක ගහලා ජනතාව FLAT වෙලා ඉඳිද්දී ආණ්ඩුව මහ මුහුද මැද්දේ පාටි දානවා!
බාල බෙහෙත් ගෙනාපු අය උසාවියේදී හෙළිවෙමින් තියෙනවා!
කෙහෙළියව ආරක්ෂා කරන්න අත උස්සපු 113 දෙනාම දේශද්‍රෝහීන්! ''

ඔන්න ඒ කියන්නේ ජනවාරි 11 වෙනිදාත් විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කෙරුණා.

ඒත් ඉතින් සමහරු නම් කියන්නේ චමින්ද විජේසිරිට සල්ලිදීලා මන්ත්‍රීකම සජිත් ගේ නොන මහත්තයාගේ මස්සිනාට අරන් දීපු එකට විරුද්දව, සමාජ මාධ්‍යවලින් එල්ලවෙන දැඩි ප්‍රහාර නිසා අවුලකට ගිය සජිත් , ඒක වෙනත් පැත්තකට යොමුකරන්න ඊයේ පාර්ලිමේන්තුවේදී පොඩි රඟපෑමක් කළා කියලයි.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා, නයන වාසලතිලක පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය බ්‍රහස්පතින්දා දවල් වෙද්දී මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර කරලා තිබුනා.

ඒ අස්සේ පක්ෂයට අලුතෙන් ජනප්‍රිය චරිත එකතුකර ගන්න සීන් එක ගැනත්, සජිත්ට එරෙහිව පක්ෂය ඇතුළෙන්ම විරෝධයක් මතුවෙන්න පටන් අරගෙන. ඒ වෙනින් මොකුත් නිසා නෙමෙයි , තමුන්ට ලබන පාර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට එන්න බැරි වෙයි කියලා තියන බය. ගිය සැරේ කළුතර අජිත් පෙරේරා ට, කොළඹ හිරුනිකාට වෙච්ච දේ මෙදා සැරේ තමුන්ට වෙයිද කියලා තියන බය.

ඔය සජබ අවුල්වලින් වාසි ගන්නේ ජනාධිපති වික්‍රමසිංහ.

ජනාධිපති වික්‍රමසිංහට එන දුරකථන ඇමතුම් ලැයිස්තුව දිහා බැලුවහොත්, වැඩිම ඇමතුම් එන්නේ සජබෙන් කියලා, පොහොට්ටු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී කියලා තිබුනා.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේදී බනින අය, ඔහුට දුරකථන ඇමතුම් දී හුරතල් වෙනවා කියලා අලුත්ගමගේ කිව්වේ බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී.

"ජනාධිපති ලේකම් කාර්යාලයට යන කොට, ඇත්තටම අපට ඉඩක් නෑ. සජබෙ අයගෙන් ජනාධිපති තුමාගේ කාර්යාලය පිරිලා. හෙට අනිද්දා වන විට සජබෙ කී දෙනෙක් ජනාධිපතිතුමා සමග හිටගනීවිදැයි විපක්ෂ නායකතුමාට බලාගන්න පුළුවන් '' කියලත් අලුත්ගමගේ කියනවා.

නව වසරේදී විදෙස් සංචාරකයන් ලක්ෂ 23ක් ගෙන්වා ගැනීම ඉලක්කයයි - ඇමති හරීන්

ගෝලීය වශයෙන් විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් උදාවූ නව වසරේදී විදෙස් සංචාරකයන් ලක්ෂ 23ක් ගෙන්වා ගැනීමේ ඉලක්කය ජයගැනීමට සැලසුම්ස හගතව වැඩසටහන් ක්‍රියාවට නංවන බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු  පවසයි.

මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 33ක් නැවත නැවත මෙරට සංචාරය කරන්නන් බව ද ශ්‍රී ලංකාවට දක්වන ආදරය, ළෙන්ගතු බව හේතුවෙන් ඔවුන් මෙරටට පැමිණෙන බව ද පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොල්ලුපිටියේ පිහිටි සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේදී පෙරේදා (11) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් හරීන් ප්‍රනාන්දු  මෙසේද පැවසීය.

“අද අපේ රට තිබෙන තත්ත්වය අපි දන්නවා. විශාල වශයෙන් චෝදනා එල්ල වෙනවා ජීවන වියදම් සම්බන්ධයෙන්. වැට් බද්ද සම්බන්ධයෙන් කතා කරනවා. ඒ බද්දෙන් විශාල වශයෙන් බලපෑමක් එල්ල වෙලා තිබෙන්නේ සංචාරක ක්ෂේත්‍රයට. විදෙස් සංචාරකයන් ගෙන්වන සමාගම්වලට මීට පෙර වැට් බද්දක් තිබුණේ නැහැ. එම සමාගම්වලට බිංදුවේ සිට 18 දක්වා බද්දක් අය කෙරෙනවා. ඒ නිසා විශාල වශයෙන් ලාභයේ පහළයෑමක් වෙනවා. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත් සාකච්ඡා කර මේක එක්වරම කළ නොහැකි දෙයක් යන්න පැහැදිලි කර දෙනවා. ඇතැම් තැන්වල වෙනස්කම් කරන්න වෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සම්බන්ධයෙන් සාධනීය ලෙස බලයි කියා විශ්වාස කරනවා.

අපි එන විට භාණ්ඩාගාරය බිංදුවට වැටිලා තිබුණේ. නමුත් අද වන විට ඩොලර් බිලියන 4.4 ට වැඩි සංචිත ප්‍රමාණයක් අපේ රටේ තිබෙනවා. මේ වෙනුවෙන් යම්කිසි වැඩ කොටසක් අපි කළා. අද වන විට ලෝකයේ සෑම ගුවන් සේවයක්ම අපේ රටට එනවා. පසුගිය කාලයේ මෙරටට පැමිණි ගුවන් ගමන් වාර සංඛ්‍යාවට සාපේක්ෂව විශාල ගමන් වාර සංඛ්‍යාවක් ක්‍රියාත්මකයි. තවත් ගුවන් සේවා එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 2023 වසරේ මුල් කාලයේ අපේ ඉලක්කය වුණේ විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්. එම ඉලක්කයට යන්න නොහැකි වුණේ ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුම් නිසා. ඒ නිසා ඒ රටවලින් මෙරටට පැමිණෙන ගුවන් ගමන් නැවතුණා. ඒවා පැමිණියා නම් ලක්ෂ 16 ක පමණ ඉලක්කයකට යන්න තිබුණා. මේ සියලු අභියෝග හමුවේ ශ්‍රී ලංකාව ලෝකයට පණිවිඩයක් දුන්නා රට සංචාරක රාජ්‍යයක් ලෙස නිවැරැදිව ස්ථානගත කර ගන්න හැකියාව ලැබී තිබෙන බවට.

වසර 15ක සිට ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ප්‍රවර්ධන වැඩසටහනක් කර නැහැ. ලංකාවට එන සංචාරකයන්ගෙන් සියයට 33ක් එන්නේ නැවත නැවත එන අයයි. ලංකාවට තිබෙන ආදරය, බැඳියාව නිසා මෙලෙස නැවත නැවත එනවා. ඒකට හරියන ප්‍රවර්ධන වැඩසටහනක් සහ නිෂ්පාදනයක් අපි කරගෙන යනවා. ලංකාව නාවික ගමනාන්තයක් බවට පත් කරන්න 2024දී අපේක්ෂා කරනවා. ලෝකයේ සංචාරය කරන්න පුළුවන් හොඳම නගර 50න් 16 වැනි තැනට මීගමුව පැමිණ ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා. ලංකාවේ අලුත්ම ස්ථාන කීපයක් අපි මේ වසරේ නම් කරනවා. ඒ වටා සංචාරක කර්මාන්තය දියුණු කරන්න බලනවා.

හිඟුරක්ගොඩ, මඩකලපුව, චයිනාබේ ගුවන් සේවා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව ගුවන් හමුදාව සමඟත් සාකච්ඡා කරනවා. ඒ වගේම බෝට්ටු සේවාව ද ආරම්භ කරනවා . දෙවැනි ලෝක යුද සමයේ ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලුණු නැව් 143ක් පමණ බලන්න සංචාරකයන්ට අවස්ථාව දෙනවා. ඒ වගේම අපි අලුත් වෙළඳ පොළ වෙත යන්නත් සැලසුම් කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවට යන්න ජපානයට කොරියාවට යන්න අවශ්‍යයයි. නිදහසින් පසු වසර 75ක කාලය ගත් විට අපේ රට අරාජික, බංකොලොත් රාජ්‍යයක් බවට පත්වන්න එක් හේතුවක් තිබෙනවා. ඒ හේතුව මේ රටේ දේශපාලනයයි. එහෙම වුණේ අපේ දේශපාලනඥයන් ඡන්දය දිනන්න හැමදාම මිනිසුන්ට නිකම් දෙන්න පොරොන්දු දුන්නා.

බදු නොමැතිව මේ රට දුවන්න බැහැ. බදු නැතිව දුවන්න නම් ආදේශනය කුමක්ද ? එහෙම ආදේශනයක් කිසිවකු හෝ ඉදිරිපත් කරනවා නම් ඒක පිළිගන්න අපි සූදානම්. ලාභය අඩු නම් වියදම් කළමනාකරණය කරන්න ඕනෑ. අද වන විට හෝටල්වල ඉතිහාසයේ වැඩිම ආදායම 2023 වසරේදී ලබාගෙන තිබෙනවා. කොළඹට එන සංචාරකයන් වෙනුවෙන් වෙනම ස්ථාන ස්ථාපිත කරන්න පියවර ගෙන තිබෙනවා. පෙබරවාරි 05දා 20,000කට ඉඩම් ඔප්පු දෙන්න බලාපොරොත්තු වෙනවා. මිලියන දෙකක ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනේ පළමු පියවර ලෙස මෙය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පවත්වන්න බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු  ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ව්‍යවස්ථා සභාවට ජනපතිගෙන් සැර ලිපියක් !

ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා පත්කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කරන ලද අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න විනිසුරුවරයාගේ පත්වීම් සම්බන්ධව විධිමත් තීරණයක් නොගැනීම ගැන ව්‍යවස්ථා සභාවට චෝදනා කරමින් මේ සතියේ ජනාධිපතිවරයා විසින් සැර ලිපියක් යොමුකර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

මෙම විනිසුරුවරයාගේ නම නිර්දේශ කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පිළිතුරක් යැවූ ව්‍යවස්ථා සභාව මේ සම්බන්ධයෙන් තම සභාවේ තීරණයක් නැතැයි දන්වා තිබිණි.

ව්‍යවස්ථා සභාවේ මෙම තීරණය නිසා අධිකරණ කටයුතුවලට සහ යුක්තිය පසිඳලීමේ කටයුතුවලට බරපතළ ලෙස බාධා පැමිණ ඇතැයි මෙම ලිපිය මගින් ව්‍යවස්ථා සභාවට දන්වා ඇති ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවේ මෙම ක්‍රියාකලාපය නිසා රටේ නීතිය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට බරපතළ බාධාවක් එල්ල වී ඇති බව සඳහන් කරයි.

තමන් එවන ලද නිර්දේශය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. එසේම ව්‍යවස්ථා සභාව තමන් මෙම තීරණය ගත්තේ කෙසේද කියා කිසිදු හේතු දැක්වීමක් කර නොමැති වග ද ප්‍රකාශ කර ඇත.

  • deshaya

හරක් කටා සමග දුක සබඳතා පැවැත්වූ 6ක් අත්අඩංගුවට !

නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධ කරුවකු බවක කියන පුද්ගලයා සමඟ දුරකථන සංවාද පැවැත් වූ බව සඳහන් හය දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග හරහා වාර්තා වෙයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම සැකකරුවන් වැලිගම හා අතුරුගිරිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් වයස අවුරුදු 24 - 43අතර පසුවන්නන් වෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොවුන් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි .

ජනවාරි 16 රටම ලෙඩ වෙයි !

සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරුන් හැර සියලුම සේවකයන් එළැඹෙන අඟහරුවාදා ( 16) දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ තීරණය කර තිබේ.

වෘත්තීය සමිති 27ක් මෙම වර්ජනය සදහා එක් වන බව එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

මේ අතර, සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් පෙරේදා (11) දිනයේ කොළඹ ජාතික රෝහලේ රෝගීන් සඳහා රාත්‍රී ආහාර වේල ලබාදීමේ දී මධ්‍යම රාත්‍රිය අසන්න වූ බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විචාරකයන් පවසන්නේ වෛද්‍යවරුන් සහ සෙසු සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල අතර ඇති බෙදීම හමුවේ රෝගී ජනතාව ප්‍රාණ ඇපයට නොගත යුතු බවය.

එය අමානුෂික තත්ත්වයක් බවත් එබැවින් වෘත්තීය ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී තම වෘත්තීය භාවය ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් ඔවුන් පවසයි .

SI ගේ මරණය ගැන සැකයක් !

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම් දොරටුවේ රාජකාරී කරමින් සිටිය දී රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගියේ යැයි කියන උපපොලිස් පරීක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ පවුලේ ඥාතිහු පවසති.

අගතියට පත් එම පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා ඊයේ (12) ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් 8 වනදා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම් දොරටුවේ රාජකාරී කරමින් සිටිය දී රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගියේ යැයි කියන උපපොලිස් පරීක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් වන නඩුව ඊයේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සංජීවනී පතිරණ මහත්මිය හමුවේ කැඳවනු ලැබිණි.

එහි දී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා සඳහන් කළේ අදාළ මරණය ගැන මියගිය පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ සමීප ඥාතීන්ට සාධාරණ සැකයක් මතු වී ඇති බවයි.

ගිනි අවි රැගත් ජීප් රථයක් පැමිණෙන බවට 118 හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණු තොරතුරක් අනුව පෑලියගොඩ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේ දී එම ජීප් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරු ව ආදාළ මරණය සිදු වී තිබේ.

එම ජීප් රථය පැමිණීමෙන් පසු ව තමා ඒ බව පෑලියගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට දැන්වූ බවත් ඒ අනුව එම නිලධාරියා අදාළ ස්ථානයට පැමිණ වාහනය පරීක්ෂා නොකරන්නැයි නියෝගයක් ඇති බවත් දැනුම් දුන්නේ යැයි මිය ගිය නිලධාරියා ඔහුගේ බිරිඳට පවසා ඇති බව නීතීඥවරයා අධිකරණයට දන්වා ඇත.

එසේ නමුත් තමා එම රථය පරීක්ෂා කර බලා පිටත් කළ බවට වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා තොරතුරු සටහන් පොතේ සටහනක් තබා ඇතැයි මරණකරු සිය බිරිඳට පවසා ඇති බැවින් එම අත්අකුරු සම්බන්ධයෙන් රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමුකර විශේෂඥ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස එම නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම සිද්ධිය මුල්කරගෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් මරණකරුට සහ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් අදාළ දුරකතන ඇමතුම් පිළිබඳ වාර්තා කැඳවන ලෙසද අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම පොලිස් නිලධාරියා රාජකාරී නිමකර විවේකය වාර්තා කර සිටිය දී දෙසැම්බර් 6 වැනිදා ඔහුගේ රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බව පැවසුව ද මෘත දේහය වැටී තිබූ ආකාරය හා එම ගිනි අවිය වැටී තිබූ ස්ථානයට මෙන්ම උණ්ඩය ගමන් කර ඇති ආකාරය අනුවත් සැක මතු වන බවට ඔහුගේ පවුලේ ඥාතීන් පවසා තිබේ.

විමර්ශනවල ප්‍රගතිය හා වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි කැඳවීම ලබන මාර්තු 15 වැනිදා දක්වා නඩුව කල්තැබීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

  • derana

තවත් සැකකරුවන් 897 ක් යුක්තියට කොටු වෙයි !

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය සඳහා ඇරඹි "යුක්තිය' මෙහෙයුම මඟින් රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 897 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් වාර්තා වෙයි .

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 22 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව ද එම අමාත්‍යංශය පවසයි .

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 37 ක් ද පසුගිය පැය 24 තුල අත්අඩංගුවට ගත් බවත් එසේම හෙරොයින් ග්‍රෑම් 299 ක්, අයිස් ග්‍රෑම් 172 ක් සහ ගංජා කිලෝ 4 යි ග්‍රෑම් 400 ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි .

මාදිවෙල මන්ත්‍රී නිවාසවල පිට අය !

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ බාගයට භාගයක් සිටින්නේ මන්ත්‍රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.

විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ ඥාතීන් ආරක්ෂක නිලධාරීන්, හිතවතුන්, හිතවතියන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට ආසන්න පිරිසක් මෙම නිල නිවාසවල සිටින බව දැනගන්නට ඇත.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබා දෙනුයේ කොළඹින් පිට ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර රජය මෙම නිවාස නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් වැය කරයි.

එම නිවාස පිටස්තර අයට නොදෙන ලෙසට කොපමණ දැනුම්දීම් කළත් එලෙස ලබාදීම දිගින් දිගටම සිදුවන බව පවසන එම ආරංචි මාර්ග මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත සිදුවන හෙයින් එවැනි පිටස්තර පිරිස් ඉවත් කිරීම ගැටලු සහගතවී ඇතැයිද සඳහන් කළේය.

මේ අතර එම මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය පවත්වාගෙන යෑමේ වියදම්ද දෙගුණයකින් පමණ වැඩි වී ඇතැයි වාර්තාවේ.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ යම් යම් සිද්ධීන් පසුගිය කාලයේදී වාර්තා වී තිබූ අතර ඒවාට සම්බන්ධ වී තිබුණේද මන්ත්‍රීවරුන් නොවන පිටස්තර අය බව දැනගන්නට ඇත.

  • Lankadeepa

ජනපති ස්විට්සර්ලන්තයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  නිල සංචාරයක් සදහා අද අලුයම ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා පිටත්ව ගියේ ය.

ඒ, අනිද්දා දින ස්විට්සර්ලන්තයේ ඩාවෝස්හි ආරම්භ වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා ය.

මෙහිදී ජනාධිපතිවරයා " බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා මග පෑදීම” යන මැයෙන් දේශනයක්ද පවත්වනු ඇති.

ලෝක ආර්ථික සංසදය යනු දේශපාලන, ආර්ථික, සමාජීය සහ පාරිසරික න්‍යායපත්‍ර හැඩගැස්වීම සඳහා වසර ආරම්භයේදී ලෝකයේ ප්‍රධාන රටවල් සහභාගී වන රැස්වීමකි.

ජාත්‍යන්තර සංවිධාන, ගෝලීය සමාගම්, සිවිල් සමාජය සහ අධ්‍යයන ආයතන ද මේ සදහා සහභගී වනු ඇති.

මේ අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ස්විට්සර්ලන්ත ආසියානු වාණිජ මණ්ඩලය සමග එක්ව සංවිධානය කරනු ලබන ව්‍යාපාරික වට මේස සමුළුවට ද ජනාධිපතිතුමා සහභාගි වීමට නියමිතයි.

එළැඹෙන ජනාධිපතිවරණය - නිර්පාක්ෂික අපේක්ෂක රනිල් : රවී වෙඩිල්ල පත්තු කරයි !

පවතින බැරෑරුම් තත්වයෙන් රට මුදවාගෙන ඉදිරියට ගෙනයාම සඳහා දේශපාලන පළපුරුද්ද මෙන්ම දැනුමින් සන්නද්ධ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

මේ වන විට විවිධ කතා කියමින් ජනාධිපති අපේක්ෂකයන් රැසක් ඉදිරිපත්ව සිටියත් මීට මාස 16කට පෙර රට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණපෑ අවස්ථාවේ එම අභියෝගය බාරගැනීමට ඒ කිසිවකු ඉදිරිපත් නොවූ බවද ඔහු සිහිපත් කරයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව සඳහන් කර සිටියේ යෝජිත ජනාධිපතිවරණය සම්බන්ධව මාධ්‍යවේදියෙකු නැගු පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ ඔහු මෙසේද පැවසීය.

" මීට මාස 16කට පෙර රට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදුන්නා. ඒ අවස්ථාවේ එම අභියෝගය බාරගන්න කිසිවෙක් ඉදිරිපත් වුණේ නෑ. නමුත් පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකු ලෙස ඒ අවස්ථාවේ හිටපු රනිල් වික්‍රමසිංහ මහතා බය නැතුව එම අභියෝගය බාරගත්තා. ඒ වගේම ඔහු පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සහයෝගය ඇතුව රට ගොඩනගන වැඩපිළිවෙල දියත්කරා. පෝලිම් අවසන් කරා. ඖෂධ ප්‍රමාණවත් පරිදි සැපයුවා. ඉන්ධන - ගෑස් හිඟය යථා තත්වයට පත්කළා. ඒ වගේම මේ පුංචි ලංකාව ලෝකයට එක්කළා.

මේ වෙනකොට, අර රෝගියා යම් ආකාරයට සුවය ලබමින් ඉන්න කොට ගොඩ වෙද්දු ඇවිත් ප්‍රතිකාර කියනවා වගේ, ජනාධිපති වෙන්න බලාගෙන විවිධ අය විවිධ ප්‍රකාශ කරමින් සිටිනවා. නමුත් අභියෝගය පැමිණි අවස්ථාවේ ඔය කවුරුත් හිටියේ නෑ. ඒ නිසා රට තිබෙන මේ බැරෑරුම් තත්වය තේරුම් අරගෙන , මේ තත්වයෙන් රට මුදවා ගෙන ඉදිරියට ගෙන යන්න නම් ඊට අවශ්‍ය අත්දැකීම් වගේම දැනුමින් සන්නද්ධ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දීම අවශ්‍යයි. එහිදී බොහෝ පාර්ශ්වයන්ගේ ඉල්ලීම වෙලා තියෙන්නේ නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස එතුමා ඉදිරිපත් විය යුතු බවයි. ඒ තමයි සුදුසු. ඒ අනුව ජනාධිපතිතුමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව සතුටින් දැනුම් දෙනවා.

ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂය ඊට සහය දෙමින් 2024 ජනවාරි 01 වනදා ගමනකට අවතීර්ණව සිටිනවා. අපේ තිබූ වැරදි අඩුපාඩු නිවැරදි කරගනිමින් මේ අලුත් ගමන ආරම්භ කර තිබෙනවා. දැන් පක්ෂය යථා තත්වයට පත්ව සිටින්නේ. අලුත් මුහුණු, පළපුරුද්ද වගේම ක්‍රියාශීලී ලෙස ජනතා විශ්වාසය රැකෙන ආකාරයට කටයුතු කරමින් පක්ෂය වගේම අනිත් පක්ෂ ද එක්කරගෙන රටේ තිබෙන බැරෑරුම් ප්‍රශ්න වලට උත්තර සපයන කර්තව්‍යට අප පිවිස සිටිනවා.

ජනපති දුන්න නායකත්වය IMF පැසසුමට !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (11) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබ පැතුම් එක් කළ නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය සිදු කර ඇති අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇගයිමට ලක් කළේය.

එසේම ආසියාව තුළ ප්‍රමුඛ ස්ථානයට පත් වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ.

විශේෂයෙන් ප්‍රතිපත්ති-නැඹුරු විචල්‍යයන් සහ මූල්‍ය ක්ෂේත්‍රයන්හි ස්ථාවරත්වය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් දිරි ගැන්වීමක් ලැබී ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) සඳහන් කළේය.

2022 දෙවන භාගයේදී මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට එළැඹීමෙන් පසු ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති අනුව ශ්‍රී ලංකාව විසින් බලාපොරොත්තු සහගත ලෙස ආදායම් ඉහළ නංවාගෙන ඇති බව පසුගියදා පැවති රැස්වීමකදී අනාවරණය වූ බවත්, එමඟින් ජාත්‍යන්තර ප්‍රජාව, නිල ණය හිමියන් සහ පුද්ගලික ණය හිමියන් සමඟ විශ්වාසය ඉහළ නැංවීමට හේතු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පෙන්වා දුන්හ.

උද්ධමනය සැලකිය යුතු ලෙස අඩුකර ගැනීම මඟින් ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව ද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු වූ බවත්, මූල්‍ය ප්‍රතිපත්තියේ සහ වියදම් කපා හැරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති එයට හේතු වු බවද සඳහන් කෙරිණ. මෙරට විදේශ සංචිතවල ඉහළ යාම වැනි ධනාත්මක ප්‍රතිඵල ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරීක්ෂණය කර ඇත.

විශේෂයෙන්ම ප්‍රාග්ධනය සහ යාන්ත්‍රණ ගොඩනැඟීම තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනයට දායක වී ඇති බවත් එය දැනට පවතින පාලන යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ තුළ ධනාත්මක දර්ශකයන් ලෙස සටහන් වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි ඉදිරි විධිමත් සමාලෝචනය සහ 4 වැනි වගන්තිය යටතේ සිදු කරනු ලබන උපදේශනය සිදු කිරීමට සැලසුම් කරන බැවින්, නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතිය, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය පිළිබඳ නීතිය සමඟ ඇති විය හැකි ගැටුම්, විදුලි ගාස්තු සහ දේපල බදු අය කිරීම යනාදිය ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර අතරට ඇතුළත් වේ.

පවතින ප්‍රතිසංස්කරණ, මූල්‍ය ගැටලු විසදා ගැනීම සහ පාලන න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාම පිළිබඳ කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙහිදී අවධාරණය කළහ.

බැංකු පනත සඳහා සංශෝධන සිදු කිරීම සහ බැංකු ක්ෂේත්‍රය ප්‍රතිප්‍රාග්ධනය කිරීම ඇතුළු රාජ්‍ය මූල්‍ය කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ හදිසි අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

පාලන යාන්ත්‍රණය පිළිබඳව ද අවධානය යොමු කරමින්, දූෂණ විරෝධී කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ ක්‍රියාකාරී සැලසුම් ප්‍රකාශයට පත් කිරීම මෙන්ම එහි කොමසාරිස්වරුන් තෝරා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයින් සතු නිපුණතා වැඩි දියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ධාරිතා සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හවුල්කාරිත්වය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්විය.

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා තීරණාත්මක වන රාජ්‍ය සේවයේ ධාරිතාව ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණයි. මේ වන විට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය පළ කර ඇති අතර ඊට අදාළ සාකච්ඡා ඉදිරි සතිවලදී සිදු කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරට රැඳී සිටින කාලය තුළ, මෙම ප්‍රධාන ක්ෂේත්‍රයන් පිළිබඳව ගැඹුරින් සොයා බැලීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා සිදු කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ අභියෝග පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සිදු කිරීමට ද අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කෙරිණි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240112 WA0008

චෝදනා කරන විට වගකීම් සහගත වෙන්න : අනුරට සියඹලා ප්‍රතිචාර දක්වයි !

වර්ෂය ආරම්භ වී දින ගණනක් ගත වී ඇති මොහොතේ රජය පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බවට ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එල්ල කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රතිචාරය දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ වසර 20කට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස දිසානායක මහතා මීට වඩා වගකීම් සහගත ලෙස කටයුතු කළ යුතු බවය.

සාමාන්‍යයෙන් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මාර්තු මාසයට පසුව බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා රජය ඉදිරිපත් කර ඇත්තේ පරිපූරක ඇස්තමේන්තුවක් නොවන බවද සඳහන් කළේය. .

විසර්ජන පනතේ හය එක වගන්තිය යටතේ විශේෂ කරුණක් සඳහා මුදලක් වෙන් කිරීම සඳහා රජයට හැකියාව ඇති බවත් ඒ පිළිබඳ මාස දෙකක් ඉක්ම යාමට පෙර පාර්ලිමේන්තුව දැනුම්වත් කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

අනුර ජනාධිපති වෙච්ච ගමන් කරන වැඩේ ලාල් කියයි !

එළඹෙන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම ජනාධිපති ධුරයට පත්වන අනුර දිසානායක මහතාගේ පළමු නිවේදනය වන්නේ පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීම බව ජාතික ජනබලවේගයේ විධායක සභික, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

මේ වන විට තිබෙන්නේ පුහු පාර්ලිමේන්තුවක් බවත් ඒ සමඟ නව ජනාධිපතිවරයාට වැඩකළ නොහැකි බවත් ඔහු පැවසීය.

ජාතික ජනබලවේගයේ විධායක සභික, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මේ බව සඳහන් කර සිටියේ මහනුවර කරළියද්ද ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේගය ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද සඳහන් කළේය.

‘මේ වසරේ තියන ජනාධිපතිවරණයෙන් මාලිමාව දිනන බවට සියලු සමීක්ෂණ වාර්තා සහතික කරලා ඉවරයි. මාලිමාව ජයග්‍රහණය කරනවා කියලා බයට තමා මේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ.

මෙවර ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක දිනනවා කියලා ගොඩාක් පක්ෂවල අයට දෙගිඩියාවක් ඇති වෙලා තියනවා. එක්තරා දුරකට ඡන්දය නොතියා ඉඳියිද කියලා සැකයකුත් අපිට තියෙනවා. හැබැයි ජනතාව බලාගෙන ඉන්නේ තියපල්ලකෝ ඡන්දයක් කියලා. රනිල්ගේ ජොබ් එක තමා විධායක බලය ක්‍රියාවට නැගීම.

මාරුවෙන් මාරුවට 75 වසරක් මේ රට කෑවා. හැදුවේ නැහැ. රජය නිල වශයෙන් පිළිඅරන් ඉවරයි ලෝකය ඉස්සරහා මේක බංකොලොත් රටක් කියලා.

මේ වසරේ ඔක්තෝබර් මාසය ඉවර වෙන්න කලින් එළැඹෙන ජනාධිපතිවරණයේදී , ජනාධිපතිවරයා පත්වෙන්නේ මලිමාවෙන්. එළැඹෙන මාස හතේ ඉන්ටවල් නැහැ. දිනපතා වැඩ කරන්න තියනවා හැමෝටම.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයාගේ පළමු නිවේදනය තමයි පාර්ලිමේන්තුව වහාම විසුරුවනු ලැබේ කියන එක. මේ පුහු පාර්ලිමේන්තුවත් එක්ක ජනාධිපතිවරයාට වැඩ කරන්න පුළුවන්ද? එම නිසා මහා මැතිවරණයකට සූදානම් විය යුතු වෙනවා’

2024දී ඩොලර් බිලියන 6ක ආදායම් සමග සංචාරකයන් ලක්ෂ 20ක ඉලක්කයක් !

සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පිබිදීමත් සමඟ මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එමඟින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ‍ඩයනා ගමගේ පැවසුවාය.

2022 වසරට සාපේක්ෂව 2023 වසරේ සංචාරකයන්ගේ පැමිණීම 106%කින් වැඩි වී තිබූ බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මෙසේද පැවසුවාය.

මේ වන විට මෙරට සංචාරක කර්මාන්තයේ විශාල පිබිදීමක් ඇතිව තිබෙනවා. සංචාරක කේෂ්ත්‍රයේ සිදුව තිබෙන මෙම පිබිදීම අවුරුදු තුනකට පසුව ඇති වූවක් බව කිව යුතුයි.‍ සංචාරක කර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්හි සාර්ථකත්වය මේ තුළින් පෙන්නුම් කෙරෙනවා.

2022 වසරේ සංචාරකයන් ලක්ෂ 7කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබෙනවා. 2023 වසරේදී සංචාරකයන් ලක්ෂ 14කට වැඩි පිරිසක් පැමිණ තිබෙනවා. ඇත්තටම 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය 106%කින් වැඩි වී තිබෙනවා.

2023 වසරේදී මෙරටට ලක්ෂ 14කට වැඩි පිරිසක් ගෙන්වා ගැනීමට හැකිවීම පිළිබඳව සංචාරක අමාත්‍යාංශය ලෙස අප සතුටට පත් වෙනවා. මේ වසරේ සංචාරක ව්‍යාපාරය තවදුරටත් දියුණු කරමින් වැඩි සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ අනුව 2024 වසරේදී සංචාරකයන් ලක්ෂ 20ක් පැමිණෙනු ඇතැයි විශ්වාස කරනවා. එමඟින් රටට ‍ඇමරිකානු ඩොලර් බිලියන 6ක මුදලක් උපයා ගැනීමට අපේක්ෂා කරනවා.

එසේම සංචාරක කර්මාන්තය තුළ තවදුරටත් විසඳිය යුතු ප්‍රශ්න ප්‍රමාණයක් තිබෙනවා. ඉහළ සංචාරක ආකර්ෂණය ඇති ඇතැම් ස්ථානවල ප්‍රවේශපත්‍ර සඳහා වන මිල ගණන් ඉහළ දමා ඇති බවට වාර්තා වෙනවා. මේ සම්බන්ධව අමාත්‍යාංශය මට්ටමින් සොයා බැලීමට අප කටයුතු කරනවා. මෙම මිල ගණන් වැඩි කිරීම පිළිබඳව අප දැනුවත් නැහැ. ඇතැම් රාජ්‍ය ආයතන විසින් සිදුකර තිබෙන මෙම අත්තනෝමතික ක්‍රියාව නිසා චෝදනා ලබන්නේ සංචාරක අමාත්‍යාංශයයි.

ඒ වගේම හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටිනවා. සංචාරකයන්ට බලපා තිබෙන ගැටලු සම්බන්ධව අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා පවත්වමින් කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. එමඟින් සංචාරකයන් වෙනුවෙන් යම් සහනදායක වැඩපිළිවෙළක් සකස් කිරීමට හැකි වෙතැයි අප අපේක්ෂා කරනවා.


සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් මෙරට සංස්කෘතික ස්ථාන, දියඇලි මෙන්ම ඇල්ල, බණ්ඩාරවෙල ඇතුළු සංචාරක ප්‍රදේශවල විශේෂ ව්‍යාපෘති ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වෙනවා. අද වන විට සංචාරක කේෂ්ත්‍රයේ පිබිදීම අප අත්විඳිමින් සිටිනවා. ඒ වගේම ඉදිරියටත් සංචාරක කර්මාන්තය දියුණු කරමින් රටට විදේශ විනිමය ඉපයීමට කැපවී කටයුතු කරනවා.

Page 36 of 386