අද (04) මධ්‍යම රාත්‍රී සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසයි. ඒ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල කරමින්.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බවත් බලධාරීන් මේ සඳහා විසඳුම් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තිව්ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පැවසූහ.
බස්නාහිර,සබරගමුව පළාත් හා ගාල්ල,මාතර,මහනුවර,නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල සුළු වශයෙන් වැසි තත්වයක් ඇති විය හැකි බවත් අම්පාර,මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්ක වලද ප.ව. 2 න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නමුත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත තාළගුණයක් පවතී.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත.
මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්රදානය කෙරිණි.
විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් සිදු කරන ලදී.
මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලැබූ නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය පහතින්.
නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය මීට පෙර දැරූ පදවිය
සහකාර ලේකම්
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද එක් විය.
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ ධූර කාලය ඉරිදා දින (07) අවසන් වීමට නියමිතය.
දියවඩන නිලමේවරයාගේ කාලය වසර දහයක් වන අතර ප්‍රදීප් නිලංග දෑල ප්‍රථමයෙන් වර්ෂ 2005 දී එම තනතුර සඳහා පත් වූ අතර, යළිත් වරක් 2015 දී ද දෙවන වරටත් දියවඩන නිළමේ ධූරයට පත්විය.
විහාර දේවාලගම් පනතට අනුව අටවන දින සිට(08) වැඩ බලන දියවඩන නිළමේ වරයෙකු පත් කරගත යුතු අතර එදින සිට මාස තුනක් ඇතුළත දියවඩන නිලමේවරයෙකු තෝරාපත් කරගත යුතු වේ.
දියවඩන නිලමේවරයා තෝරා පත් කරගනු ලබන නිලවරණයේදී ඡන්දය ඡන්ද බලය හිමිවනුයේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් ඇතුළු රජ මහා විහාරාධිපති ස්වාමීන් වහන්සේලා එකසිය පනස් නමකට(150), ප්‍රාදේශීය ලේකම්වරු එකසිය හැත්තෑ දෙනෙකුට(170), බස්නායක නිලමේවරුන් තිස් එක් දෙනෙකුට(31) හා ගිහි භාරකරුවන් දහ දෙනෙකුට (10) ද වශයෙන් ඡන්දය අයිතිය හිමි වේ.
ඡන්දයදීමට හිමිකම පවතින ප්‍රාදේශීය ලේකම්වරු අතරින් ප්‍රාදේශීය ලේකම්වරයෙක් කාන්තාවක් නම් ඇයට ඡන්ද බලය හිමි වන්නේ නැත. මෙවර එසේ ඡන්ද බලය හිමි නොවන ප්‍රාදේශීය ලේකම්වරියන්ගේ සංඛ්‍යාව සියයකට(100) ආසන්න යැයි කියවේ.
වර්තමාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල වර්ෂ 2005 දී මෙම තනතුර සඳහා තේරී පත් වූයේ ජන්ද 199ක් ලබා ගනිමිනි. එවර ඔහු සමග තරග කළ මොහාන් පාන බොක්කේ ඡන්ද 44 ක්ද, නෙරංජන් විජේරත්න ඡන්ද 42ක් ද, සුදන්ත සේනානායක ඡන්ද 04ක් ද වශයෙන් ලබාගෙන තිබුණි.
වර්ෂ 2015 දී පැවති නිලවරණයෙන් නිලංග දෑල ඡන්ද 207ක් ද , ගයාන් හීන්කෙන්ද ඡන්ද 53 ක් ද , නෙරන්ජන් විජේරත්න ඡන්ද 16ක් ද වශයෙන් ලබාගත් අතර එහිදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ සුදන්ත සේනානායකගේ නම යෝජනා කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම විශේෂත්වයක් විය.
පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් 20කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව වාර්තා වේ.
හිටපු මැතිඇමැතිවරුන් සහ නිලධාරීන් පිරිසකට එරෙහිව මෙසේ අධිචෝදනා ගොනු වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ ඇතුළු 4කට අධිචෝදනා
මේ අතර හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (සැප්. 2) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන වෙත දැනුම් දුන්නේ ය.
2014 වසරේ අගභාගයේදී කුරුණෑගල බිංගිරිය හා නාරම්මල ප්‍රදේශවල ගම්වතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් 61,46110ක මුදලක් ලබාගෙන එම කටයුතු සඳහා භාවිතා නොකර එම මුදල් 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා භාවිත කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇත.
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කළ වෛද්‍ය ධම්මිකා ශිරාණි සුමනරත්න (බිරිඳ ), ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති එස් අමරසේකර හා අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන අනුර සෙනෙවිරත්න නමැති සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව එසේ අධි චෝදනා ගොනුකර ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව එම අධිකරණයේ විභාගයට ගැනුණු නඩු කටයුතු අවසන් කළ අතර මහාධිකරණයෙන් නොතීසි ලද පසුව එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුවන් සිව් දෙනාට අධිකරණයෙන් නියම විය.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා මේ වනවිට ඇප මත මුදා හැර තිබේ.
The leader.lk
ශ්‍රී ලංකා පොලීසියේ 159 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී ඇත.
1866 සැප්තැම්බර් 3 වන දින පළමු පොලිස් කාර්යාලය පිහිටවු අතර,ජී. ඩබ්ලිව්. ආර්. කැම්බල් පළමු පොලිස්පතිවරයා විය.
මෙම දිනය ශ්‍රී ලංකා පොලිසියේ ආරම්භක දිනය ලෙස සැලකෙන අතර,159 වන පොලිස් දිනය සැමරීම සඳහා විශේෂ අනුස්මරණ උත්සවයක් අද (03) පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වේ.
පොලිස් මූලස්ථානය පැවසූවේ උත්සවයට සූදානම් වීමක් ලෙස කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ රථවාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර ඇති බවත් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත් ය .
එම රථවාහන සැලැස්මට අනුව පොලීසිය නිවේදනය කලේ බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ රථවාහන ගමනාගමනය පහත පරිදි සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි.
• පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය ඉදිරිපිට ඇති කොළඹින් පිටවීමේ මාර්ගයේ ස්ථාපිත කර තිබෙන බස් නැවතුම 2025.09.03 වන දින පස්වරු 02.30 සිට පස්වරු 07.00 දක්වා තාවකාලිකව හැව්ලොක් පාර ෆොන්සේකා පාර හන්දියේ ඇති බස්නැවතුම වෙත රැගෙන යාම.
• 2025.09.03 වන දින පස්වරු 02.00 සිට පස්වරු 07.00 දක්වා බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ බර වාහන (කන්ටේනර් රථ හා ටිපර් රථ) ගමනා ගමනය සීමා කිරීම.
පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කළේය.
ඉකුත් 2017 වසරේ අප්‍රේල් මස 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම පදිංචි ඒ.එච්. සමරකෝන් බණ්ඩා නිලධාරියාට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව අදාළ නිලධාරියා මෙම පැමිණිල්ල සිදුකර තිබුණි.
එම චෝදනාවලට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේ, හිටපු පොලිස්පතිවරයා චේතනාන්විතව පහරදීමක් සිදුකර නොමැති බවට නිගමනය කරන බවය.
Ada derana.lk
රක්ශිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද (03) දින උදෑසන 9ට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබුණි.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රාජිත සේනාරත්න පසුගිය අගෝස්තු මස 29 වන දින අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සඳහා ලැබුණු වන්දි මුදල් යෙදවූ ආකාරය පිළිබඳ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවී තිබේ.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ , ලැබී ඇති වන්දි මුදල, ඒවායින් ධීවරයන්ට වන්දි වශයෙන් ගෙවා ඇති මුදල, වෙරල ආරක්ෂණය වෙනුවෙන් වියදම් කර ඇති මුදල සහ ඉතිරි වී ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස එහිදී කාරක සභාව විසින් නිර්දේශ කළ බවයි.
මේ පිළිබඳ අවධානය යොමු වූයේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.
වන්දි වශයෙන් ලැබුණ රුපියල් මිලියන 293 ක මුදලක් ධීවර අංශය සඳහා තවමත් ඉතිරිවී ඇති බවද මෙහිදී පැමිණි නිලධාරීන් විසින් කාරක සභාවට පෙන්වාදී තිබේ.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, එම ලැබුණු මුදල ධීවරයින් වෙනුවෙන් නොගෙවීම සම්බන්ධයෙන් කාරක සභාව තම අප්‍රසාදය පල කළ බවයි.
ඇතැම් ධීවරයින් විදේශගත වීම මෙන්ම අදාළ වන්දිය ලබාගත යුතු පුද්ගලයා ඉදිරිපත් නොවීම හේතුවෙන් වන්දි මුදල් ඉතිරිවී ඇති බවත් ඒවා ඉදිරියේදී ගෙවීමට කටයුතු කරන බවත් කාරක සභාවට එක්වූ නිළධාරින් පවසා තිබේ.
ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ, ලබන 5වනදා දක්වා ඇය මෙරට රැඳී සිටින බවය.
මෙම සංචාරය අතරතුරදී ඉතාලි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතය.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපොඩි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.
දශකයකට ආසන්න කාලයකට පසු ඉතාලියේ සිට ශ්‍රී ලංකාව වෙත සිදුකෙරෙන ඉහළම මට්ටමේ සංචාරය මෙය බව සඳහන්ය.
බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06ක කාල සීමාවක් තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
2022 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බාල වයස්කාර පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඔහුගේ දෑස්වලට නයි මිරිස් සාරය වක්කොට හිංසා සිදු කිරීම තුලින් හතරලියද්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක මේ බව සඳහන් වෙයි.
හතරලියද්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවකු සහ ඔහුගේ භාරකාරිය වන හමින් සිත්ති නිහාරා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව අදාළ බාල වයස්කාර දරුවාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් එම දරුවාට රුපියල් ලක්ෂ 03 ක වන්දියක් සහ ඔහුගේ භාරකාරියට රුපියල් 75000/- ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවන ලෙස හතරලියද්ද පොලිසියේ එවක වැඩ බලන පොලිස් ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක වීරකෝන් මහතාට විනිසුරු මඩුල්ල විසින් නියෝග කර ඇත.
ඊට අමතරව යම් බාලවයස්කාර දරුවකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06 ක කාල සීමාව තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම්කාර දරුවා පදිංචිව සිටින නිවස ආසන්නයේ පිහිටි නිවසක සිදු වූ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස් නිලධාරීන් විසින් මෙම පෙත්සම්කාර දරුවා 2022 වසරේ අගෝස්තු මස 07 වන දින සැකපිට අත් අඩංගුවට ගත් බවය.
එයින් අනතුරුව මෙම දරුවා පොලිස් ස්ථානයට රැගෙන ගොස් වධ හිංසනයට භාජනය කරමින් ප්‍රශ්න කර තිබෙන බව අනාවරණය තිබෙන බවත් තීන්දුවේ සඳහන් වෙයි.
ප්‍රශ්න කිරීම් සිදුවන අතර තුර දරුවාගේ පාදවලට පොලුවලින් පහර දී වධ හිංසාවට බඳුන් කර ඇති අතර ලේන්සුවකට නයි මිරිස් කරල් කීපයක් මිරිකා එහි සාරය ගෙන දරුවාගේ දෑස් වලට වක් කරමින් වධ හිංසා පමුණුවා තිබෙන බවත් නඩු තීන්දුවේ දී ප්‍රකාශ විය.
ඉන් අනතුරුව අදාළ දරුවා ඇප මත මුදා හැරීමෙන් පසුව ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් බවත් එහිදී වෛද්‍යවරු විසින් ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය වාර්තා තුළින් පොලිස් අත්අඩංගුවේදී දරුවා වධ හිංසාවලට භාජනය වී ඇති බව තහවුරු වී ඇති බවත් විනිසුරුවරු සිය තීන්දුවේ ප්‍රකාශ කළේය.
ඉන් පසුව මේ සම්බන්ධයෙන් පැවතී නඩු විභාගයේ දී අදාළ දරුවා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් තීන්දුවෙන් පෙන්වා දී තිබේ.
අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී සාධාරණ පැමිණිල්ලක්, විශ්වාස කළ හැකි සාක්ෂි සහ සාධාරණ සැකයක් තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල එහෙත් මෙම පෙත්සම්කාර දරුවා අත්අඩංගුවට ගැනීමේදී වගඋත්තරකාර පොලිස් නිලධාරියා එම නීතිමය මූලධර්ම උල්ලංඝනය කරමින් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර ඇති බවටත් චෝදනා කළහ.
මේ තුළින් එම නිලධාරියා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර තිබෙන බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවසානයේදී තීන්දු කළහ.
adaderana.lk
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් 05 දෙනා දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.
ත්‍රස්ත මර්දන පනත යටතේ මොවුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
ජකර්තා හීදි අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 5දෙනා පසුගිය සෙනසුරාදා දිනයේදී මෙරටට රැගෙන එනු ලැබීය.
මොවුන්ගෙන් තිදෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර තවත් දෙදෙනෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවෙයි.
මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග සහ ශලින්ත මදුෂාන් පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තිබේ.
එමෙන්ම ළහිරු මදුසංඛ හෙවත් තැඹිලි ළහිරු සහ එන්.එන්. ප්‍රසංග හෙවත් බැකෝ සමන් යන අපරාධකරුවන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවෙයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කොළඹ කොටුව දුමිරිය ස්ථානය නවීකරණය කිරීමට නියමිතයි.
ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පැවසුවේ, ඒ යටතේ කොටුව දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි.
ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 1395 කි.
ව්‍යාපෘතිය මාස 15ක කාලසීමාවක් තුළ නිමකිරීමට අපේක්ෂිතයි.
මෙම ව්‍යාපෘතිය සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති අතර, සංවර්ධන වැඩකටයුතු මේ වසර අවසානයේ ආරම්භ කිරීමට නියමිත වෙයි.
අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ සැප්තැම්බර් 16 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) නියම කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි සාමාජිකයින් හා විවිධ සේවාවන් ලබාගැනීම සඳහා පොලීසියට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පසුගිය 19 වන දින රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප.ව.2 පසුව වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.තවද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 30- 40 පමණ තරමක් තද සුළං තත්වයක් ඇතිවිය හැකිය.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී,අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 වන දින දක්වා ශ්රීි ලංකාව ආසන්න අක්ෂාංශ වලට ඝෘජුවම ඉහලින් පවතී.
අද දිනයේ (02) දහවල් 12:10 ට ආඬිගම,බලල්ල,මීගස්වැව,බඔරගස්වැව,බකමූූණ,අරලගංවිල,චෙන්කලඩි,එරාවුර් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.
අද (02) උඅසන 08.00 සිට රත්නපුර ශික්ෂණ රෝහලේ පැය 24ක සංකේත වැඩ වර්ජනයක් පැවැත් වෙන බව සඳහන් වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් කෙරේ.
එම මාධ්‍ය නිවේදනයට අනුව රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයාගේ පීඩාකාරී සහ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැඩි පීඩාවකට පත්ව සිටින අතර එය රෝහලේ රෝගී සත්කාර සේවාවන්ට ද බලපා ඇත.
අදාළ අධ්යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවත්වා රෝහල් කාර්ය මණ්ඩලය මුහුණ දී ඇති ගැටළු විසඳමින්, ආරක්ෂිත වෘත්තීය පරිසරයක් රෝහල තුළ ඇතිකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වීම හේතුවෙන් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කල්දැමුව ද, මෙතෙක් එම එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් අපොහොසත් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු සඳහන් කරන එම නිවේදනයේ මෙලෙස සටහන් කර ඇත.
කාර්ය මණ්ඩලයට විවිධ තර්ජන
සෞඛ්‍ය අමාත්‍යංශ විමර්ශනය ආරම්භ වුව ද, අදාළ ප්‍රශ්නගත රෝහල් අධ්යක්ෂවරයා තනතුරේ සහ රෝහල තුළ සිටියදීම විමර්ශනය පැවැත්වීම පිළිගත නොහැකි තත්ත්වයකි. එය අදාළ විමර්ශනයේ අපක්ෂපාති සහ පාරදෘශ්‍ය බවට දැඩි බාධාවක් වී ඇති අතර, අධ්යක්ෂවරයාට ඇති චෝදනාවල සාක්ෂිකරුවන්ට ද බලපෑම් එල්ල වෙමින් පවතී. විමර්ශනයට අදාළ ලිපි ලේඛන වෙනස් කිරීම සහ අස්ථානගත වීමේ අවදානමක් පිළිබඳව ද තොරතුරු වාර්තා වී ඇත.
එමෙන්ම බාහිර පුද්ගල කණ්ඩායම් විටින් විට රෝහල තුළට පැමිණෙමින් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට විවිධ තර්ජන සිදුකිරීම හේතුවෙන්, රෝහල් පරිශ්‍රය තුළ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් ද නිර්මාණය වී ඇත.
හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා එලෙස ම
මෙම ප්රවණතා සමාලෝචනය කරමින්, රෝහල් අධ්යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට සාධාරණ පාරදෘශ්‍ය විමර්ශනයක් පැවැත්වීමට බල කරමින්, එතෙක් ඔහු රෝහල් අධ්යක්ෂ තනතුරෙන් තාවකාලිකව ඉවත් කිරීමට ඉල්ලා සිටිමින් සහ රෝහල් පරිශ්‍රය තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ඉල්ලා සිටිමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රත්නපුර ශික්ෂණ රෝහල් ශාඛාව අද (02) උදෑසන 08.00 සිට ආරම්භ වන පරිදි පැය 24ක සංකේත වැඩ වර්ජනයක් රත්නපුර ශික්ෂණ රෝහල තුළ ආරම්භ කරනු ඇත. මෙම වැඩ වර්ජන කාලසීමාව තුළ දී හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා එලෙසම පවත්වාගෙන යනු ලබන අතර, දෛනික ප්‍රතිකාර සේවාවන් සියල්ල අඩාල වනු ඇත.
මෙම වැඩවර්ජනයේ සම්පූර්ණ වගකීම රෝහල් අධ්යක්ෂවරයා සහ එම ගැටලුව විසඳීමට ඕනෑ තරම් කල් ලබා දී තිබියදීත්, එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමට අසමත් වූ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් භාරගත යුතු ය.
ස්තූතියි
මාධ්‍ය ප්‍රකාශක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර