අගෝඩා ලෝක සංචාරක සිතියමට මෑතක දී එකතු වූ ශ්‍රී ලංකාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුවිශේෂිතම සංචාරක කේන්ද්‍රස්ථානයක් වන ලංකාවේ උසම ජනාවාසය හැටියට සැලකෙන මුහුදු මට්ටමින් අඩි 7360ක් උසින් පිහිටි ශාන්තිපුර ගම්මානයට පිවිසෙන එකම මාර්ගය පසුගිය දිත්වා සුළි කුණාටුව හේතුවෙන් නාය යෑමට ලක්ව දැඩි අවදානම් තත්ත්වයක සහ මාර්ගය දෙපස කසළ එක් රැස්වී අප්‍රසන්න තත්ත්වයකට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් සංචාරක මග පෙන්වන්නන් සහ රියදුරු සංගම් චෝදනා කරති.


