අද වන විට සමාජයේ ඉමහත් අවධානයට යොමු වී ඇති යෝජිත 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය හරහා ක්රියාවට නැංවීමට සැලසුම් කර ඇති ඉහළ අධිකරණවල ගරු විනිශ්චයකාරවරුන් ගේ සේවා කාලය දීර්ඝ කිරීම සිදුකළ යුතුව ඇත්තේ මනා සුපරික්ෂාවකින් යුත් බහු පාර්ශ්වීය ගැඹුරු සම්මුතියකින් අනතුරුව වන බවත්, එහිදී සියලු ම පාර්ශ්වයන්හි වගකීමක් වන්නේ කුමන හෝ තත්ත්වත්යන් තුළ වුව ද තමන්ගේ ම නඩුව අසන තැනට ශ්රේෂ්ඨාධිකරණය පත් නොකර සිටීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සඳහන් කරයි.
පලෙයි රක්ෂිතයේ එල්. ටී. ටී. ඊ. ත්රස්ත සංවිධානයට අයත් කඳවුරක් ඇති බවට ව්යාජ පුවතක් ජනගත කිරීමේ සිද්ධියට අදාළව පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සංගීත් ජයසේකර නමැති පුද්ගලයා ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද ( 19) නියෝග කළේ ය.
පාස්කු ඉරු දින ප්රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් නිලධාරීන් වන යසිල් බාවාජෙගිල් පාස් සහ සුවඳරාල නිලමේගේ සරත් සමන්ත යන සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන සැප්තැම්බර් මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද 19 නියෝග කරා.
කෝටි හතරක වටිනාකමකින් යුත් මැණික් ගලක් සොරකම් කළ බව කියන සිද්ධියට අදාළව මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බියගම ප්රාදේශීය සභාවේ දේශපාලනික ක්රියාකාරිනියක ඇතුළු තවත් සැකකරුවන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන තෙක් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් කසුන් කාංචන දසනායක අද (18) නියෝග කළේ ය.
ලංකා ධීවර සංස්ථාවේ දීප ව්යාප්ත අලෙවි සැල් 55ක් ඉදිකිරීමේ කටයුතු නියමිත ප්රසම්පාදනය ක්රියාවලියකින් තොරව සමාගම් දෙකකට ලබාදීමෙන් රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු සභාපති මහිල් ප්රියදර්ශී සේනාරත්න ඇපමත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංක එස් බෝදරගම අද(18) නියෝග කළේ ය.
නැගෙනහිර පළාත් හිටපු ප්රධාන අමාත්ය සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරයි. නැගෙනහිර විශ්වවිද්යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්රමනියම් රවීන්ද්රනාත් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙලෙස අධිචෝදනා ගොනු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
