පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික තාපය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රුහුණු (යාල) ජාතික උද්යානයේ I සහ II කලාප එළඹෙන 2026 සැප්තැම්බර් මස 14වැනිදා සිට ඔක්තෝබර් මස 15 වැනිදා දක්වා මාසයක කාලයකට සියලුම සංචාරකයින් සඳහා තාවකාලිකව වසා තැබීමට කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
හිටපු රාජ්ය බුද්ධි අංශ ප්රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අසාධාරණ ලෙස රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීම, ඔහුට එල්ල වී ඇති අමානුෂික අඩන්තේට්ටම් සහ වත්මන් ආණ්ඩුව නීතිය ක්රියාත්මක කිරීමේ දී සිංහල බෞද්ධයන්ට එක් ආකාරයකිනුත්, දෙමළ සහ අන්ය පාර්ශ්වයන්ට තවත් ආකාරයකිනුත් සලකන දෙබිඩි පිළිවෙත පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ දැඩි විරෝධය පළ කරන බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සඳුන් බණ්ඩාර බෝදරගම පැවසී ය.
හොරු අල්ලන්නට කතා කරන ජනාධිපතිවරයාට තමන් ගේ සද්භාවය පෙන්වීමට අවශ්ය නම් මේ මොහොතේ ජනාධිපති ලේකම්වරයාට විරුද්ධව ක්රියාමාර්ගයක් ගත හැකි යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (22) කුලියාපිටියේ දී පැවති රැස්වීමක් අමතමිනි.
ලෝක ප්රකට ලේඛක සල්මන් රුෂ්ඩි ගේ KNIFE - Meditations After an Attempted Murder නම් කෘතිය ඇසුරින් අනුර බී සෙනවිරත්න කළ පරිවර්තනය ‘පිහිය’ - ඝාතන ප්රයත්නයකින් පසු සිතිවිලි’ නමින් සොඳුරු ග්රන්ථ ප්රකාශක ප්රේම් දිසානායක ගේ ප්රකාශන අනුග්රහයෙන් ‘සුරස’ පොතක් ලෙස අද ළඟදී ම වෙළඳපොළට නිකුත් කරයි.
ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටිමින් විදෙස් රැකියා ලබා දෙන බව පවසා කෝටි ගණනක මුදල් වංචා කළ කාන්තාවක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර - නොච්චියාගම ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවකි.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්ය පොලිස්පති සුමිත් ප්රසාද් රණසිංහට එරෙහිව ගොනු කරනු ලැබ ඇති නඩුවේ වැඩිදුර වාර්තා නොවැම්බර් 20 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (21) නියෝග කළා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
