රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති සත්යග්රහයක් අතරතුර කළ ප්‍රකාශ සහ එම නඩුවට අදාළව එයින් පසු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අභියාචනාධිකරණය නියෝග කරයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වන මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන ගේ ඇපල් ජංගම දුරකතනයේ දත්ත ලබා ගැනීම සඳහා වූ අධිකරණ නියෝගය ඇපල් සමාගම වෙත ඊමේල් මගින් යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දුන්නේ ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ධූර කාලයේ විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂක ජනරාල්වරයා වශයෙන් කටයුතු කරමින් රුපියල් කෝටි 22 අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කළ බවට සැක පිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද (08) ප්රතික්ෂේප කළේ ය.
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේ දී ජීවිතක්ෂයට පත් වූ ඉන්දීය ජාතික රැඳවියකු වන උම්නිතාත් සරත්චන්ද්රන් නමැත්තාගේ මෘත දේහය අධිකරණයෙන් ලද නියෝගය අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ මැදහත්වීම මත මීගමුව මහ නගර සභාවට අයත් මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේදී සැප්තැම්බර් 02 දින විශේෂ ආරක්ෂාවක් යටතේ මිහිදන් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහෙස්ත්රාත් අධිකරණයට දන්වා සිටියේ ය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව SCSD/62/2026 අංක යටතේ ශ්රේෂ්ඨාධිකරණයට ලියාපදිංචි කරන ලද පෙත්සම විභාගයට නොගැනීම මගින් ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ දොළහ එක වගන්තිය මගින් සැමට නීතිය සාධාරණව සැලකිය යුතු බවට වූ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වීම සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ 126 ව්යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
