ප්රියාන් ආර් විජේබණ්ඩාර විසින් රචිත නවතම යොවුන් නවකතාව වන 'යෝ යෝ', 'වැරදුණාට කමක් නැතී' ළමා සාහිත්ය කෘතිය ද්විත්වය සහ ‘නෑ ඒ අම්මා නෙවෙයි' කෘතියේ පුනර් මුද්රණය සමග කෘති ත්රිත්වයක් සැප්තැම්බර් මස 16වන දා සවස 2.30 ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩල ශ්රවණාගාරයේ දී ජනගත කරයි.
මෙරටට බලපාන ආපදා සහ හදිසි අවස්ථාවන්හි දී විශේෂයෙන් අවදානමට ලක්වන කාන්තාවන්, ගැහැනු ළමුන් සහ ගැබිණි මව්වරුන් ගේ සෞඛ්යය, ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම එවැනි අවස්ථාවන්හි දී අවශ්ය සෞඛ්ය මැදිහත්වීම් කඩිනමින් ක්රියාත්මක කිරීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්රී ලංකාවේ ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් ඇමෙරිකානු ඩොලර් 250,641 ක් වටිනා හදිසි ආපදා මානූෂීය ආධාර තොගයක් ඊයේ (11) පස්වරුවේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
නීති අධ්යක්ෂවරයෙකු නොමැතිව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පසුගිය වසර දෙකක කාලය තුළ ක්රියාත්මක වී ඇති ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්රී ශානක්යන් රාසමාණික්කම් ප්රශ්න කරමින්, කොමිෂන් සභාවේ නීතිමය අධීක්ෂණය, තීරණ ගැනීමේ ක්රියාවලිය සහ පාරදෘශ්යභාවය සම්බන්ධයෙන් බරපතළ ප්රශ්න මතු කළේ ය.
නව සමාජ ක්රමයක් බලාපොරොත්තුවෙන් සිය දිවි පරදුවට තබා සටන් කළ අය අතීතයේ පමණක් නොව ඊනියා නිදහස ලැබීමෙන් ඉක්බිතිව ද බිහි විය. ඒ පළමු නැගිටීම සිදු වූයේ 1971 වසරේ දී ය. එවකට පැවති රාජ්ය පාලකයින් විසින් ඒ විප්ලවීය සොයුරු සොයුරියන් දස දහස් ගණනක් ඝාතනය කළේ ය; ඇතැම් අය අතුරුදන් කළේ ය; තවත් පිරිසක් සිරගත කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
