ඉකුත් ජනාධිපතිවරණය සමයේ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය පිළිබඳ ව සිදුකළ පැමිණිල්ලක් මත මහජන ආරක්ෂක අමාත්යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්ය පොලිස්පති ශානි අබේසේකර යන අය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන තුළින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තුන්දෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සෞඛ්ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්රතිකාර සේවා පුළුල් කිරීම අරමුණු කරගනිමින් ජපාන ජාත්යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ඉන්දීය රජයේ ණය ආධාර පහසුකම් යටතේ රුපියල් මිලියන 7148 වියදමින් ඉදිකෙරෙන අංග සම්පුුර්ණ හෘද රෝග ප්රතිකාර සංකීර්ණ දිවිත්වයක් සමග සෞඛ්ය ප්රතිකාර සංකීරණ සඳහා මුල්ගල් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්රධානත්වයෙන්, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ඇතුළු මැති ඇමැතිවරුන්, පළාත් ආණ්ඩුකාර වරැ පුුමුඛ ප්රභූවරුන් රැසකගේ සහභාගිත්වයෙන් ලබන (16) දින සිදු කිරීමට නියමිත ය.
ශ්රී ලංකාවේ ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන ඉතිහාසය පරිශීලනය කිරීමේ දී, පාලකයින් විසින් සිය දේශපාලන බලය තහවුරු කරගැනීම උදෙසා භාවිත කරන ලද උපායමාර්ගවලට වඩා, එකී සංශෝධනයන්හි අන්තර්ගතය ප්රජාතන්ත්රවාදී අගයන් ආණ්ඩුවල පැවැත්ම සහ ස්ථාවරත්වය තීරණය කර ඇති බව ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්යාපාරය (MDDR) දැඩි ලෙස අවධාරණය කරයි.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම් මාධ්ය වෙත අදහස් දැක්වීම මත නිකුත් කොට ඇති නිදහසට කරුණු විමසීම මත ඔහුගේ මානව හිමිකම් කඩ කිරීමට වත්මන් දුම්රිය සාමාන්යාධිකාරි විසින් කටයුතු කිරිම මත ඒ සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මානව කොමිෂන් සභාවේ සභාපතිතුමා වෙත පැමිණිල්ලක් සිදු කිරීමට අද දින රාජ්ය සේවා වෘත්තීය සමිති නායකයන් විසින් කටයුතු කරන ලදී.
සහල් ඇසුරුම්වල සටහන් කර තිබූ මුල් මිල ඉවත් කර වැඩි මිලක් යෙදීම සහ කල් ඉකුත් වූ දියර ග්ලූකෝස් තොග ගබඩා කර තැබීම සම්බන්ධයෙන් කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි Tastyy Pvt Ltd ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය (අංක 05) හමුවේ චෝදනා 02ක් යටතේ නඩු පවරන ලදී.
පාරිභෝගික ආරක්ෂණ නීති හා විධාන උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ රූපලාවණ්ය ආලේපන, උපරිම සිල්ලර මිල සඳහන් නොකළ සුවඳ විලවුන් සහ ආනයනකරු/බෙදාහරින්නා පිළිබඳ අවශ්ය තොරතුරු රහිත ශරීර ආලේපන අලෙවි කිරීම සදහා ප්රදර්ශනය සම්බන්ධයෙන් කොළඹ 08, බොරැල්ල, බේස්ලයින් පාරේ පිහිටි The Fashion Store International (Pvt) Ltd ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය (අංක 05) හමුවේ චෝදනා 03ක් යටතේ නඩු පවරන ලදී.
පාරිභෝගිකයන්ට අලෙවි කරන පිරිකර භාණ්ඩ සම්බන්ධයෙන් නීතියෙන් නියම කර ඇති තොරතුරු සඳහන් නොකර ඇසුරුම් කරන ලද තායි සිවුරු 06ක් අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්, කොළඹ 10, මරදාන, පූජ්ය හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමි මාවතේ පිහිටි සමයවර්ධන පොත්හල (පුද්ගලික) සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය (අංක 05) හමුවේ නඩු පවරන ලදී.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් හෝමාගම, ගලවිලවත්ත පිහිටි Bethmil Restaurant (පුද්ගලික) සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් හෝමාගම මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී.
පාරිභෝගිකයින් ගේ දැඩි විශ්වාසය දිනාගත් මෙරට ප්රසිද්ධ ඇඟලුම් හා විලාසිතා වෙළෙඳසල් ජාලයකින් මිලදී ගන්නා ලද පාවහන්වල බිල්පත් ඔස්සේ සිදුකළ දීර්ඝ පසු විපරමකින් අනතුරුව, 2026 සැප්තැම්බර් 11 දින දෙහිවල, කවුඩාන ප්රදේශයේ පවත්වාගෙන ගිය රහසිගත පාවහන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන්ට හැකි විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
