ශ්රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේ දී සිදුවූ බව කියන මූල්ය අක්රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද (16) නියෝග කළේ ය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරීමට ආසන්න වෙද්දීත් මෙරට ගොවි ජනතාව ගේ වී අස්වැනු සඳහා සාධාරණ මිලක් සහ විධිමත් මිලක් ලබාදීමට අපොහොසත් වී ඇති රජය, මහා පරිමාණ වී මෝල් හිමියන් ගේ උපදෙස් මත ක්රියා කරමින් ගොවියා ගේ අයිතියට පයින් ගසා ඇති අනුර කුමාර දිසානායකගේ “බොරු කියන ආණ්ඩුව” ගොවියා ගේ ප්රශ්න විසදීම තව වසරකින් කල් දමා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර පැවසී ය.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින්, ඒ වෙනුවට අලුත් පනතක් ඉදිරිපත් කිරීමට ශ්රී ලංකා රජය ජාත්යන්තරයට පොරොන්දු වී ඇති බවත්, මෙම පනත සාධාරණීකරණය කිරීමට නොහැකි බව රජය බොහොම පැහැදිලිව පිළිගෙන ඇති බවත්, එසේ වුව ද නව පනත යටතේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට කිසිසේත් හැකියාවක් නොමැති බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසී ය.
ශ්රී ලන්කන් ගුවන් සේවයට පළල් බඳ සහිත නව ගුවන් යානා ඇණියක් ප්රතිෂ්ඨාපනය කිරීමේ දී සිදුව ඇති ඇමරිකානු ඩොලර් මිලියන දෙකක පමණ දූෂණ වංචා සම්බන්ධයෙන් ශ්රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්රසේන මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇප තැබූ ප්රවීණ ක්රිකට් ක්රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද වරෙන්තුවක් නිකුත් කළේ ය.
ඩිජිටල්කරණයට විරුද්ධ වනවා යැයි පවසමින් ආණ්ඩුව මෙම ක්රියාදාමය යට ගසන්නට සූදානම් වුව ද මෙහි සැබැවින් ම පවතින්නේ ඩිජිටල්කරණයක් නොව මිනිස්සුන්ගේ ඇහේ කර්ණිකාව, ලේ වර්ගය, ඇඟිලි සලකුණු මෙන් ම ඉතාම සංවේදී පෞදගලික දත්ත කිසිඳු ආරක්ෂාවක් නැතුව ඉන්දියානු කම්පැනියක් අතට පත්කිරීම යැයි ජන අරගල ව්යාපාරය පවසයි.
මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්ය විද්යාලීය ක්රීඩා පිටිය සංවර්ධන ව්යාපෘතිය ආරම්භ කිරීම සඳහා මුල්ගල් තැබීමෙි උත්සවය අද (15) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ගේ ප්රධානත්වයෙන්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්ය සුනිල් වටගල සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
රටේ ප්රජාතන්ත්රවාදය අහෝසි කරමින්, රාජ්ය බලය පැහැර ගැනීමේ 22 වන සංශෝධනය ක්රියාත්මක කරනවා ද? එසේත් නොමැති නම් අඩියක් පස්සට ගනිමින් එය ක්රියාත්මක කිරීමෙන් වැලකී සිටිනවා ද ?යන්න තීරණය කිරීමේ අවසාන අවස්ථාවට ජනාධිපතිවරයා මුහුණ දෙමින් සිටින බව සමගි ජනබලවේගයේ ගම්පහ සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ පවසයි.
ජාත්යන්තර ප්රවාහන සේවක සම්මේලනය (ITF - International Transport Workers' Federation) සහ ශ්රී ලංකා ජාතික නාවික සේවක සංගමය (NUSS) එක්ව සංවිධානය කරන, ප්රවාහන ක්ෂේත්රයේ කෘත්රිම බුද්ධියේ (Al) බලපෑම පිළිබඳ ජාත්යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්ය අමාත්ය ජනිත් රුවන් කොඩිතුවක්කු ගේ ප්රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
