අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථවාහනවල ඉදිරිපස සහ පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන් සඳහා ආසන පටි (Seat Belts) පැළඳීම අද (18) මධ්‍යම රාත්‍රී 12.00 සිට අනිවාර්ය කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක විසින් නිල වශයෙන් නිවේදනය කර ඇත.
පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදු විය.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම පිළිබඳ නියෝගය මේ මස 30 වන දා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේ ය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ (SriLankan Airlines) නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී (Acting CEO) ලෙස පසුගියදා පත් කරන ලද විපුල් මිස්රා (Vipul Misra) සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු අතර විශේෂ හමුවක් පසුගිය 15වන දා ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පරිශ්රයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස් මංගල ද සහභාගී විය.
යාපනය ශික්ෂණ රෝහල, යාපනය හෙද විදුහල ඇතුළු උතුරු පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා රේඛීය අමාත්‍යාංශය යටතේ මෙන්ම උතුරු පළාත් සභාව යටතේ ද අලුතින් බඳවාගත් සෞඛ්‍ය කාර්ය සහායක 350 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්ය නලින්ද ජයතිස්ස සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් යන අය ගේ ප්රධානත්වයෙන් හෙට (18) පස්වරුවේ කන්කසන්තුර පාර, තිවියාමහල් (Thiviya mahal) හි දී සිදුකරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
