2026 අය වැය විවාදය සිදු වෙමින් පවතින මේ දිනවල සවසට ගුවන් විදුලි නාලිකාවල ප්‍රවෘත්තිවලට සවන් දීමේ දී මෙන් ම රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීමේ දී වඩාත් දක්නට ලැබෙන්නේ: ගුරුවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩල, වෙවද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයින් සහ තවත් රාජය සේවකයින් ඇතුළු මේ රටේ වැඩ කරන ජනතාව මහ පාරේ උද්ඝෝෂණවල නිරත වන බව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසී ය.

