2027 වසරේදී ජාත්‍යන්තර මූල්ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අවසන් වූ පසු, සමස්ත ජනතාවට හිතකර අනුප්රාප්තික IMF ගිවිසුමක් රටට අවශ්‍ය බවත්,
පවතින ගිවිසුම තුළ ඇති ජනතා පීඩනය නැති කර ජනතාවට හිතකර ආර්ථික තත්ත්වයක් නිර්මාණය කළ හැකි අනුප්රාප්තික IMF ගිවිසුමක් කරා රජය යොමුවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස පවසනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් විශ්රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.
පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා සිය බැංකු ගිණුමට බැර කරවා ගත්තේ යැයි සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත්ගේ හිටපු ලේකම් ලබන 9 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(25) නියෝග කළා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
