මෙරටට බලපාන ආපදා සහ හදිසි අවස්ථාවන්හි දී විශේෂයෙන් අවදානමට ලක්වන කාන්තාවන්, ගැහැනු ළමුන් සහ ගැබිණි මව්වරුන් ගේ සෞඛ්‍යය, ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම එවැනි අවස්ථාවන්හි දී අවශ්‍ය සෞඛ්‍ය මැදිහත්වීම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් ඇමෙරිකානු ඩොලර් 250,641 ක් වටිනා හදිසි ආපදා මානූෂීය ආධාර තොගයක් ඊයේ (11) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
නීති අධ්‍යක්ෂවරයෙකු නොමැතිව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පසුගිය වසර දෙකක කාලය තුළ ක්‍රියාත්මක වී ඇති ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් ප්‍රශ්න කරමින්, කොමිෂන් සභාවේ නීතිමය අධීක්ෂණය, තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහ පාරදෘශ්‍යභාවය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු කළේ ය.
නව සමාජ ක්‍රමයක් බලාපොරොත්තුවෙන් සිය දිවි පරදුවට තබා සටන් කළ අය අතීතයේ පමණක් නොව ඊනියා නිදහස ලැබීමෙන් ඉක්බිතිව ද බිහි විය. ඒ පළමු නැගිටීම සිදු වූයේ 1971 වසරේ දී ය. එවකට පැවති රාජ්‍ය පාලකයින් විසින් ඒ විප්ලවීය සොයුරු සොයුරියන් දස දහස් ගණනක් ඝාතනය කළේ ය; ඇතැම් අය අතුරුදන් කළේ ය; තවත් පිරිසක් සිරගත කළේ ය.
නීතිඥ ලක්ෂාන් ඩයස් ගේ ‘කුරු ලෙන’ නොහොත් ‘රෙද්ද අස්සේ මහත්තයාගේ දුව සිල්වියාගේ කතාව’ නවකතාව සහ මොරටුවේ ඉතිහාසය වටා ගෙතෙන වියත් සංවාදයක් මොරටුව ශුද්ධවූ එම්මානුවෙල් දේවස්ථානයේ හෙරිටේජ් කමිටුව විසින් සංවිධානය කරනු ලබන “මොරටුව සංවාදය” වැඩසටහන යටතේ 2026 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා උදෑසන 10.00 සිට 12.00 දක්වා මොරටුව, ඉඩම, ශුද්ධවූ එම්මානුවෙල් පළාත් ශාලාවේ දී පැවැත්වේ.
ගල් අඟුරු නැව් 19ක් ගෙනාවා. ඒ 19ක් ගෙනාවා විතරක් නෙවෙයි, ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 1,20,000ක් අතුරුදහන්! මෙට්‍රික් ටොන් 1,20,000ක් කියන්නේ කෝටි 462ක් වටින ගල් අඟුරු අතුරුදහන්. ඒ කියන්නේ මොකක්ද? ඔබතුමාලා නැව් දෙකක් අතුරුදහන් කරලා. ජනාධිපතිතුමා කිව්වේ කාලා බලලා නෙවෙයි ගත්තේ කියලා. ඉතින් අපිත්, රටේ ජනතාවත් හිතුවා හරි කාලා බලලා නෙවෙයි ගත්තේ කියලා. බලනකොට ගත්තට පස්සෙත් කාලා යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (10) දින පාර්ලිමේන්තුව අමතමිනි.
අල්ලස්, දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය සඳහා ව්‍යවස්ථාපිතව පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභාවක් විසින් විමර්ශනයක් සිදුකරමින් පවතින අවස්ථාවක, එම විමර්ශනයට අදාළ පුද්ගලයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා ඉහළ නිලධාරීන් පත්කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම සහ එකී විමර්ශනයට සම්බන්ධ සාක්ෂි සහ තොරතුරු ලබා දෙන උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වශයෙන් තවදුරටත් කටයුතු කිරීම හේතුවෙන් නීතිමය, සදාචාරාත්මක, ආයතනික විශ්වාසවන්තභාවය සහ මහජන විශ්වාසය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර සඳහන් කරයි.
පැමිණිල්ල සාක්ෂිකරුවන් ගෙන්නුවාට ඒ අය අධිකරණයේ සාක්ෂිකරුවන්. ඔවුන් මැඩ පැවැත්වීමට හෝ ඔවුන්ට බලපෑම් කිරීමට ඔබට බැහැ. අධිකරණය මේ සියල්ල නිරීක්ෂණය කරමින් ඉන්නේ යැයි කියමින් මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගමට දැඩිව අවවාද කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
