තෙවන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026' සඳහා 2025 වසරේ ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ, පිළිගත් ප්‍රකාශන ආයතන සහ කර්තෘ ප්‍රකාශන ලෙස මුද්‍රණයෙන් නිකුත් වූ: නවකතා, කෙටිකතා, කාව්‍ය, සිංහල බසට කෙරුණු පරිවර්තන, ඉංග්‍රීසි බසට කෙරුණු පරිවර්තන, දෙමළ බසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශිත නවකතා, කෙටිකතා සහ කාව්‍ය කෘති යනාදි නිර්මාණ භාර ගැනීම අරඹා ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන මෙන්ම අනෙකුත් අමාත්‍යාංශ, ආයතන, ව්‍යාපාරික ප්‍රජාව, පොදු ජනතාව සහ ජන මාධ්‍ය ඇතුළු සියලු දෙනා ගේ සම්බන්ධීකරණයෙන් බෝ නොවන රෝග සඳහා වන කාර්ය සාධක බලකායක් මේ වන විට ආරම්භ කරමින් පවතින බවත්, එහි මුලික සාකච්ජා මෙම සතියේ පැවැත්වෙන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
පසුගිය දිනයක රජයේ ප්‍රධාන ප්රවෘත්ති නාලිකාවක විමර්ශන වැඩසටහනක් මගින් ගල්ගමුව අවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශිය ලේකම්වරයා සතු රජයේ ඉඩම්වල නීති විරෝධිව බොරළු කැණීම් සිදු කරන බවට තොරතුරු හෙළි කළ බවත්, ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් නව ජනතා පෙරමුණ මහරගම ආසන සංවිධායක නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් ඉල්ලා සිටියේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස ඊයේ (05 ) වැඩ භාරගත් බදුල්ල බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායකට සුභ පැතීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමට පොදු ජන එක්සත් පෙරමුණේ නායක අනුර යාපා සහභාගි නොවීම පක්ෂ මාරුවක පෙරනිමිත්තක්දැයි දේශපාල අංශවල කතාබහක් ඇති වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
