පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සහ තවදුරටත් ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (2) ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළේය.
හෙට (02) සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක්ව විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි. ඒ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබාදීමට රජය මෙතෙක් අපොහොසත් වී ඇති බැවින් යැයි එම සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් පරිදි, වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් (Intermediate Cadre) පිහිටුවීමේ යෝජනාව අධ්‍යයනය කිරීම සහ ඒ වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් නිල වශයෙන් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පියවර ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
