අධිකරණ තීන්දුවක් අනුව බන්ධනාගාර ගත කෙරුණු පූජ්ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ගිහි වස්ත්ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල හා විමතිය පළ කරමින් ත්රෛනිකායික මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.
පාලක පන්තියට අවශ්යව ඇත්තේ ජනතාවගේ දේශපාලන ක්රියාකාරකම් ත්‍රස්තවාදය ලෙස නම් කර මර්දනය කිරීමට බවත්;
දැනට නැගෙමින් එන ජනතා ප්රතිවිරෝධයට මුහුණ දීම සඳහා පවතින නීති සහ රාජ්‍ය මර්දන උපකරණ ප්රමාණවත් නොවන බැවින්, රාජ්‍ය ත්‍රස්තවාදය නීතිගත කිරීමේ අරමුණින් රජය විසින් "ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත" (PSTA) ගෙන එන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පැවසුවේය.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුවකට අවස්ථා කිහිපයකදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළේය.
සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීම සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ අතිරේක සොලිසිටර් ජනරාල් සාද් නාවාදි මේ වන විට සවුදි අරාබියේදී විශේෂ සාකච්ඡාවල නිරත වෙමින් සිටිති.
ආචාර්ය කරු ජයසූරිය සහ වෛද්‍ය වසන්තා ජයසූරිය විසින් ආරම්භ කරන ලද 'සූර්ය පදනම' මගින්, දකුණේ දරුවන්ට දමිළ භාෂාවත් උතුරේ දරුවන්ට සිංහල භාෂාවත් නොමිලේ උගන්වමින් ආරම්භ කළ ජාතික සමගියේ වැඩසටහනට මෙවර වසර 10ක් සපිරේ. ඒ වෙනුවෙන් එහි 10 වැනි කණ්ඩායම ඇගයීමේ සහ සහතික පත් පිරිනැමීමේ විශේෂ උත්සවයක් පසුගියදා යාපනයේ දී පැවැත්විණි. මතු දැක්වෙන්නේ මේ පිළිබඳව හිටපු කථානායක කරු ජයසූරියගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය නිකුත් කළ නිවේදනයයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
