ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පළල් බඳ සහිත නව ගුවන් යානා ඇණියක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ දී සිදුව ඇති ඇමරිකානු ඩොලර් මිලියන දෙකක පමණ දූෂණ වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇප තැබූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද වරෙන්තුවක් නිකුත් කළේ ය.
ඩිජිටල්කරණයට විරුද්ධ වනවා යැයි පවසමින් ආණ්ඩුව මෙම ක්‍රියාදාමය යට ගසන්නට සූදානම් වුව ද මෙහි සැබැවින් ම පවතින්නේ ඩිජිටල්කරණයක් නොව මිනිස්සුන්ගේ ඇහේ කර්ණිකාව, ලේ වර්ගය, ඇඟිලි සලකුණු මෙන් ම ඉතාම සංවේදී පෞදගලික දත්ත කිසිඳු ආරක්ෂාවක් නැතුව ඉන්දියානු කම්පැනියක් අතට පත්කිරීම යැයි ජන අරගල ව්‍යාපාරය පවසයි.
මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩා පිටිය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මුල්ගල් තැබීමෙි උත්සවය අද (15) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
රටේ ප්රජාතන්ත්රවාදය අහෝසි කරමින්, රාජ්‍ය බලය පැහැර ගැනීමේ 22 වන සංශෝධනය ක්‍රියාත්මක කරනවා ද? එසේත් නොමැති නම් අඩියක් පස්සට ගනිමින් එය ක්‍රියාත්මක කිරීමෙන් වැලකී සිටිනවා ද ?යන්න තීරණය කිරීමේ අවසාන අවස්ථාවට ජනාධිපතිවරයා මුහුණ දෙමින් සිටින බව සමගි ජනබලවේගයේ ගම්පහ සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ පවසයි.
ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනය (ITF - International Transport Workers' Federation) සහ ශ්‍රී ලංකා ජාතික නාවික සේවක සංගමය (NUSS) එක්ව සංවිධානය කරන, ප්‍රවාහන ක්ෂේත්රයේ කෘත්‍රිම බුද්ධියේ (Al) බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු ගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විණි.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳ ව සිදුකළ පැමිණිල්ලක් මත මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන අය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන තුළින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තුන්දෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා පුළුල් කිරීම අරමුණු කරගනිමින් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ඉන්දීය රජයේ ණය ආධාර පහසුකම් යටතේ රුපියල් මිලියන 7148 වියදමින් ඉදිකෙරෙන අංග සම්පුුර්ණ හෘද රෝග ප්‍රතිකාර සංකීර්ණ දිවිත්වයක් සමග සෞඛ්‍ය ප්‍රතිකාර සංකීරණ සඳහා මුල්ගල් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු මැති ඇමැතිවරුන්, පළාත් ආණ්ඩුකාර වරැ පුුමුඛ ප්‍රභූවරුන් රැසකගේ සහභාගිත්වයෙන් ලබන (16) දින සිදු කිරීමට නියමිත ය.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය පරිශීලනය කිරීමේ දී, පාලකයින් විසින් සිය දේශපාලන බලය තහවුරු කරගැනීම උදෙසා භාවිත කරන ලද උපායමාර්ගවලට වඩා, එකී සංශෝධනයන්හි අන්තර්ගතය ප්රජාතන්ත්රවාදී අගයන් ආණ්ඩුවල පැවැත්ම සහ ස්ථාවරත්වය තීරණය කර ඇති බව ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය (MDDR) දැඩි ලෙස අවධාරණය කරයි.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් මාධ්‍ය වෙත අදහස් දැක්වීම මත නිකුත් කොට ඇති නිදහසට කරුණු විමසීම මත ඔහුගේ මානව හිමිකම් කඩ කිරීමට වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් කටයුතු කිරිම මත ඒ සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මානව කොමිෂන් සභාවේ සභාපතිතුමා වෙත පැමිණිල්ලක් සිදු කිරීමට අද දින රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයන් විසින් කටයුතු කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
