ආචාර්ය කරු ජයසූරිය සහ වෛද්ය වසන්තා ජයසූරිය විසින් ආරම්භ කරන ලද 'සූර්ය පදනම' මගින්, දකුණේ දරුවන්ට දමිළ භාෂාවත් උතුරේ දරුවන්ට සිංහල භාෂාවත් නොමිලේ උගන්වමින් ආරම්භ කළ ජාතික සමගියේ වැඩසටහනට මෙවර වසර 10ක් සපිරේ. ඒ වෙනුවෙන් එහි 10 වැනි කණ්ඩායම ඇගයීමේ සහ සහතික පත් පිරිනැමීමේ විශේෂ උත්සවයක් පසුගියදා යාපනයේ දී පැවැත්විණි. මතු දැක්වෙන්නේ මේ පිළිබඳව හිටපු කථානායක කරු ජයසූරියගේ මාධ්ය සම්බන්ධීකරණ අංශය නිකුත් කළ නිවේදනයයි.
පාස්කු ප්රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත සිටින රාජ්ය බුද්ධි අංශයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ අද (06) පස්වරුවේ ජාතික රෝහලෙන් මුදාහැර නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයට පත් කිරීමට අපේක්ෂා කරන බව අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේය.
විදේශීය මත්පැන් බෝතල් දහයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව නීතිමය පියවර නොගෙන සිටීමට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා, ඉන් රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබාගැනීමේ චෝදනාවලට වරදකරුවන් වූ සුරාබදු නිලධාරීන් සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද(6) බරපතළ වැඩ සහිත වසර 28 බැගින් වූ සිරදඬුවම් නියම කළේය.
පාස්කු ඉරු දින සිදුවූ ප්රහාර මාලාවේ සැකකරුවෙක් ලෙස නම් කරමින් රදවා ප්රශ්න කරන දැනට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන හිටපු යුධ හමුදා බුද්ධි ප්රධානී තුවාන් සුරේෂ් සලේ යන අය ජාතික රෝහලෙන් මුදා නොහැරීමට අදාලව වෛද්ය වාර්තා අත්සනින් නිකුත් කළ වෛද්යවරුන් දහදෙනාට සහ ජාතික රෝහලේ අධ්යක්ෂ වරයාට අද (6) පස්වරු 2.00 ට කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබේ.
සිය සැමියාට අත්හිටවූ සිරදඬුවමක් ලබාදීමට විනිසුරු පෙළඹවීමට කොළඹ මහාධිකරණ කාර්යාල කාර්ය සහයකවරයෙකුට අල්ලස් මුදලක් ලබා දුන්නැයි කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුලු තිදෙනා ලබන 20 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (6) නියෝග කළා.
ජාත්යන්තර මලල ක්රීඩා පිටියේ ශ්රී ලංකා නාමය බැබළවූ ප්රවීණ ක්රීඩක ක්රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් ශ්රී ලංකා ප්රවීණයන්ගේ මලල ක්රීඩා සංගමය (Sri Lanka Masters Athletics)මගින් සංවිධානය කරන ලද 2026 විශේෂ උපහාර උළෙල 2026 සැපතැම්බර් 27 වන දින දෙහිවල කොන්කෝඩ් උත්සව ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
