ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ලියන ලද පොත් 8 ක් රස පරික්ෂක වෙත යැවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් .බෝදරගම අද (1) නියෝග කළා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකු සහ රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ක්ෂණික, අපක්ෂපාතී සහ සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටියි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිනමා කලා හා විද්‍යා ඇකඩමිය (Academy of Motion Picture Arts and Sciences) විසින් පවත්වනු ලබන ලෝක ප්‍රකට ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජනය තීරණය කිරීම වෙනුවෙන් පත්කරන ලද 2027 ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුවේ සාමාජිකයින්ගේ නාමලේඛනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්ත රජය විසින් ලබා දී තිබූ වාහනයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම හේතුවෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහුට රුපියල් ලක්ෂ 66ක මුදලක් ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙසත් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන ලෙසත් ඊයේ (29) නියෝග කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පිටතට පැමිණෙන අවස්ථාවේදී, ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී ඇති වී ඇති බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙකු ලෙස නම් කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
