යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුව යළි අගෝස්තු මස 20වන දා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. නවතම පුවත් 24 July 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයාට ඇප දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයකු වූ රන්නුළු චන්ද්‍රසිරි ද සොයිසා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද නියෝග (24) කළා. නවතම පුවත් 24 July 2026
ප්‍රගීත් එක්නැළිගොඩ සිද්ධියේ හතරවන සාක්ෂිකරු නැවත සාක්ෂියට කැඳවීමට නියෝග මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ හතරවැනි සාක්ෂිකරුව වන සුමතිපාල සුරේෂ් කුමාර නොහොත් මුරලි නැවත සාක්ෂියට කැඳවන ලෙස අද (24) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා. නවතම පුවත් 24 July 2026
කෝටි ගණනක් වටිනා ඉඩමක් අඩු වටිනාකමක් යොදා ලියාපදිංචි කරලා; අධිකරණයේදී හෙළි වූ කරණු මෙන්න! කොළඹ බාන්ස් පෙදෙසේ කෝටි ගණනක් වටිනා ඉඩමක් අඩු වටිනාකමක් යොදා ලියාපදිංචි කිරීම සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් සිදු කරන ලද මහා පරිමාණ වංචාවක් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා පවසා සිටියා. නවතම පුවත් 24 July 2026
ඩොලර් පිටරට පටවන මහා ජාවාරමට ප්‍රධාන පෙළේ සමාගම් 21ක් සම්බන්ධයි රේගු ආඥා පනත උල්ලංඝනය කර භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන මහා ජාවාරමට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21ක් සම්බන්ධ බවට කරුණු අනාවරණය වන හෙයින් එය තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය ඊයේ(23) පැවසී ය. නවතම පුවත් 24 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ට වරෙන්තු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් හට අද (24) වරෙන්තු නිකුත් කළේ ය. නවතම පුවත් 24 July 2026
අත් අඩංගුවේ සිටිය දී ම සලේට හෘද සැත්කමක් කරලා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ දී හෘද සැත්කමකට ලක්කර ඇති බව ‘දිවයින’ පුවත්පත වාර්තා කර ඇත. නවතම පුවත් 23 July 2026
ජ්‍යෙෂ්ඨ පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට දුරකතනයෙන් බැණ තර්ජනය කළ පුද්ගලයාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට දුරකතනයෙන් බැණ තර්ජනය කළ පුද්ගලයාට ලබන නොවැම්බර් මස 25 අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 23 නියෝග කළේ ය. නවතම පුවත් 23 July 2026
විදේශ අමාත්‍යවරයා පිලිපීනයේ පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයේ 33 වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහ මිත්‍රත්වය හා සහයෝගීතාව පිළිබඳ ගිවිසුමේ 50 වැනි සංවත්සර සැමරුමට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, 2026 ජූලි 23 සිට 24වන දා දක්වා පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයයේ 33වන අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහ මිත්‍රත්වය හා සහයෝගීතාව පිළිබඳ ගිවිසුමේ 50වන සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වීමට නියමිත ය. නවතම පුවත් 23 July 2026
රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණයි - කමල් තිස්ස බණ්ඩාර රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ හුදු මාධ්‍ය සංදර්ශනයකට පමණක් සීමා වී ඇති බවත්, ගොවියා ගේ ගැටලුවලට නිසි විසඳුම් ලබා දීමට රජය සම්පූර්ණයෙන්ම අපොහොසත් වී ඇති බවත් සර්වජන ගොවි සංවිධානයේ ජාතික කැඳවුම්කරු කමල් තිස්ස බණ්ඩාර පවසයි. නවතම පුවත් 23 July 2026
සාංචි මහබෝධි 75වන සංවත්සරයට ජනපතිට ආරාධනා කරයි ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරයේ 75 වන සංවත්සරයට සහභාගි වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකට ආරාධනා කළ බව සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නා හිමියෝ පවසති. නවතම පුවත් 23 July 2026
සැකකරුවන් හත් දෙනෙක් නිරීක්ෂණයට මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යයි විවිධ අපරාධ ක්‍රියා සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරන පාතාල ක්‍රියාකාරී කෙසෙල්බද්දර පද්මෙ, නිලංග සම්පත් ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් දෙනෙක් නිරීක්ෂණය කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය. නවතම පුවත් 23 July 2026
අනුරුද්ධ බණ්ඩාර ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා; ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි 2022 වසරේ පැවැති මහජන අරගල සමයේදී එවකට පැවැති රජය දැඩි ලෙස විවේචනය කළැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම තුළින් ඔහු ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. නවතම පුවත් 23 July 2026
FBC සහ ඩෙංගු NS1 රුධිර පරීක්ෂණ සඳහා නියමිත උපරිම ගාස්තු පිළිබඳ පැහැදිලි කිරීමක් යාපනයේ පෞද්ගලික රෝහලක් විසින් Full Blood Count (FBC) රුධිර පරීක්ෂාව සඳහා නියමිත උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කිරීම සම්බන්ධයෙන් පළ කළ පුවතෙන් අනතුරුව, එම උපරිම ගාස්තු නියම කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව පාරිභෝගිකයින් රැසක් විමසීම් කර ඇත. නවතම පුවත් 23 July 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ගේ පුත්‍රයා ලබන 27 දක්වා රිමාන්ඩ් චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද(23) නියෝග කළා. නවතම පුවත් 23 July 2026
උසස් පෙළ විභාගය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභයි. එළඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. නවතම පුවත් 23 July 2026
රුධිර පරික්ෂාවට වැඩිපුර මුදල් අය කළ පෞද්ගලික රෝහලකට රුපියල් මිලියන 03ක දඩයක්! පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාරවලින් අය කරන ඇතැම් වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් නියමිත උපරිම ගාස්තු පනවා ඇත. නවතම පුවත් 23 July 2026
සජිත් සහ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාව අද… විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්, මහලේකම්වරුන් ඇතුළු ප්‍රධානීන් සමග අද (23) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය. නවතම පුවත් 23 July 2026