මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්රධානතම රෝහල වන මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 550 ක මධ්යම රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු සත් මහල් වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය (Nephrology and Dialysis Unit) සෞඛ්‍ය හා ජනමාධ්ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.
නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද (04) අරලියගහ මන්දිර පරිශ්රයේදී සිදු කෙරුණු අතර, එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්රබල කොටස්කරුවන් වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2900කට ලබන දෙසැම්බර් මාසයේදී යතුරුපැදි ලබාදීමට කටයුතු කරන බවයි.
ලංකාවට ආනයනය කළ ගල්අඟුරු නැව් 19ම ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වී තිබියදීත් ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාවට පැමිණිලි 13ක් සහ රහස් පොලීසියට (CID) පැමිණිලි 10කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති නමුත්, අද වන තෙක් එකදු නඩුවක් හෝ පවරා නොමැති බව ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක පැවසුවේය.
ඒ අනුව ජනපති අනුර කුමාර දිසානායක, හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩ් සහ මාලිමාව සිට්න්නේ නීතියට උඩින්දැයි ඔහු විමසා සිටි අතර යුක්තිය කොහේදැයි ඔහු ප්රශ්නකර සිටියේය.
ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්රගමනය උදෙසා ස්ථාපිත කරන ලද 'මහාචාර්ය ජී.එල්. පීරිස් නීති අධ්‍යාපන හා පර්යේෂණ භාරය' (The Professor G.L. Peiris Trust for Legal Education and Research) නිල වශයෙන් පිහිටුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ සෙනෙට් මන්දිරයේදී පැවැත්විණි. ජ්‍යෙෂ්ඨ විද්වතුන්, නීති වෘත්තියේ ප්‍රධානීන් සහ සිවිල් සමාජයේ සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාවේ සැකකරුවකු ලෙස රඳවාගෙන ප්‍රශ්න කෙරෙන, දැනට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන හිටපු යුධ හමුදා බුද්ධි ප්රධානී තුවාන් සුරේෂ් සලේ රෝහලෙන් මුදා නොහැරීමට අදාළව වෛද්‍ය වාර්තා නිකුත් කළ වෛද්‍යවරුන් දසදෙනාට ලබන ඔක්තෝම්බර් 06 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්රාත් ප්‍රසන්න අමරසේන අද (02) නොතීසි නිකුත් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
