රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට සූදානම් වන අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලබන ජුනි මස 05 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (21) නියෝග කර ඇත.
2026 මැයි මස 13 වැනිදා තම සංගමයේ නියෝජිතයින් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න අතර මෙරට ජනමාධ්‍යවේදීන්ට සහ මෙරට ජනතාවට ඉතා වැදගත්වන සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එම සාකච්ඡාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තම සංගමයේ දැඩි අවධානය යොමුව ඇති බව අවධාරණය කරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ඔක්තෝබර් මස 1 කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (21) නියෝග කකළේ ය.
අටමස්ථාණාධිපති පල්ලේගම හේමරතන හිමි විසින් බරපතල ලෙස අපයෝජනයට ලක් කර ඇතැයි වින්දිතත්වයට පත්ව සිටින දැරියට අපහාස කරමින් සහ බලහත්කාරය යොදවමින් නින්දිත සහ තුච්ච ප්‍රකාශයක් කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක වන දිලුම් අමුනුගමට එරෙහිව ජාතික ළමාආරක්ෂක අධිකාරිය වෙත සහ ළමා පොලිස් කාර්යංශයට පැමිණිල්ලක් කළේ යැයි 'ළමා හිංසනයට තිත' (Stop Child Cruelty) පදනමේ වත්මන් සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක (Dr. Tush Wickramanayaka) පැවසුවා ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus ගේ ප්‍රධානත්වයෙන් සහ සමාජික රටවල් 194ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසක ගේ සහභාගීත්වයෙන් පසුගිය දා ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී පැවැත්විණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
