හෙට (02) සියලු රාජ්ය විශ්වවිද්යාල ආචාර්යවරුන් එක්ව විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇති බව විශ්වවිද්යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි. ඒ, රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය තුළ පවතින ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබාදීමට රජය මෙතෙක් අපොහොසත් වී ඇති බැවින් යැයි එම සම්මේලනයේ ලේකම් ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසයි.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් පරිදි, වෛද්ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්රේණියක් (Intermediate Cadre) පිහිටුවීමේ යෝජනාව අධ්යයනය කිරීම සහ ඒ වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් නිල වශයෙන් පත් කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ පියවර ගෙන ඇත.
‘ජීවිතයට බිඳක්’ විශේෂ අභිප්රේරණ වැඩසටහන පසුගියදා (23) මත්තේගොඩ සණස සමිති ශාලාවේදී සාර්ථකව පැවැත්විණි. මත්තේගොඩ වෙළඳ සංගමයේ හිටපු සභාපති චමින්ද බඳවක ආරච්චිගේ යෝජනාවකට අනුව මත්තේගොඩ වෙළඳ සංගමය විිසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා මත්තේගොඩ වෙළඳ සංගමයේ වත්මන් සභාපති, ලේකම්, කාරක සභිකයින්, සමාජිකයින් ඇතුළු මත්තේගොඩ ප්රදේශයේ ජනතාව 200කට අධික පිරිසක් සහභාගි වූහ.
දේශයේ මුරදේවතාවෙකු ලෙස මවුබිම වෙනුවෙන් උතුම් වූ ජීවිත පරිත්යාගය කළ 7 වන සිංහ රෙජිමේන්තුවට අයත් පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ සැරයන් අනුර ඒ.එම් විරුවාණන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න පසුගියදා එම නිවස වෙත පැමිණියේය.
මහත් ආන්දෝලනයකට තුඩු දුන් අනුරාධුපර ශික්ෂණ රෝහලේ වෛද්යවරියක සිය නිල නිවාසය තුළදී බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබෙළාට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවට අදාළව වින්දිත වෛද්යවරිය ගෙන් වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් 19 වන දින සිදු කරන බවට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
