උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන් ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳ ව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ව්‍යවස්ථාදායකය සභාවේ සභාපතිවරයා ලෙස අතිගරු ජනාධිපතිතුමා ගෙන් ඉල්ලීමක් කරන ලෙස ද, පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කර ජනතාව සතු පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් වන අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටිමින්, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් කළ ලිපියක් අද (12) ගරු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත බාරදී ඇත.


(මාධ්‍ය අංශය )විපක්ෂ නායක කාර්යාලය - ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද විශේෂ වෛද්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් අසත්‍ය සහ දෝෂසහගත තොරතුරු පදනම් කරගෙන කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා දේශපාලන විශ්ලේෂක මහින්ද පතිරණ අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටියේ ය.
ජූනි 8 සිට 12 දක්වා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, House Democracy Partnership (HDP) සහ එක්සත් ජනපද කොංග්රස් අයවැය කාර්යාලය (CBO) සමග සහයෝගයෙන්, රජයේ වියදම්, ආර්ථික ප්‍රතිපත්ති සහ යෝජිත නීති සම්පාදන ස්වාධීනව විශ්ලේෂණය කිරීමේ හැකියාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සහාය ලබා දෙයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් බලාත්මක කරවමින් සිටින ශ්‍රී ලංකාව, ලෝකයට ලබාදෙමින් තිබෙන පණිවිඩය වී තිබෙන්නේ අප ශිෂ්ට සම්පන්න ලෝකය සමග එක්ව කටයුතු කිරීමට සූදානමක් නොමැති බව පෙනෙන්නට තිබෙන බැවින් මෙම මර්දනකාරී නීතිය අහෝසි කිරීමට කටයුතු කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.
Father සිනමා නිර්මාණයට පාදක වූ ප්‍රධාන චරිතය වන ගම්පහ ඔස්මන් ගුණසේකර පසුගිය දිනෙක අත් අඩංගුවට පත් වූයේ සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ ඒ සඳහා ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙසිනි. ඔහු මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේ ය.
අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තමන්ට නියම කෙරුණු වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම සහ දඩයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් අද (11) ප්‍රතික්ෂේප කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
