V2025

පුවත්

ලන්සාගේ ලිපියෙන් : මහා මාර්ග ඇඹරෙයි !

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මේ සතියේ යැවූ පිටු තුනක රහසිගත ලිපිය මගින් පසුගිය කාලයේ මහාමාර්ග අමාත්‍යංශයේ මග නැගුම ඇතුළු ආයතන ගණනාවක සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනු ගණනාවක් ගැන බරපතළ චෝදනා නඟා ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තමන් විසින් හෙළිදරව් කරන ලද කරුණුවලට අදාළ සාක්ෂි තමා සතු බැවින් ඒවා ගැන වහා පරීක්ෂණයක් කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරය වෙනුවට ඔහුට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට රජය ඊට පෙර යෝජනා කර තිබුණද ලන්සා මහතා විසින් එම තනතුර ප්‍රතික්ෂේප කරන ලද බවද දේශයට වාර්තා වෙයි.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඉවත්කොට තමන්ට අවශ්‍ය ප්‍රතිපාදන නිසි ලෙස ලබාදුනහොත් තමන් එම මුදල් උපයෝගී කරගෙන ග්‍රාමීය මාර්ග සංවර්ධනයට පියවර ගන්නා බවත් ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත. එසේම පසුගිය කාලයේ මහාමාර්ග අමාත්‍යංශයේ දේශපාලන කටයුතු භාර නිලධාරියකු තමන්ට ඇතැම් නිල කටයුතුවලට මැදිහත් නොවන ලෙස උපදෙස් දුන් ආකාරය ඇතුළු රහසිගත කරුණු රැසක්ම ලන්සා අමාත්‍යවරයා යැවූ ලිපියේ සඳහන් බව වැඩිදුරටත් සඳහන් වෙයි.

මෙම ලිපිය ගැන පාර්ලිමේන්තුවේදී කරුණු කිහිපයක් සඳහන් කළ ලන්සා මහතා තමන් රජය ආරක්ෂා කළ යුතු නිසා තමන්ට එරෙහි ප්‍රචාරවලට ප්‍රතිප්‍රහාර නොදෙන බවත් යම් හෙයකින් ප්‍රතිප්‍රහාර දුනහොත් ප්‍රහාරයට වඩා ප්‍රතිප්‍රහාරය අදාළ අයට හානිකර විය හැකි බවත් පැවසීය.

මෙම ප්‍රකාශයෙන් පසු හදිසියේ ඔහු විදේශගත වීමට තීන්දු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

 - දේශය

IMF සමග සාකච්ඡා සඳහා බැසිල් ඇමරිකාවට !

ලබන අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  ඇමරිකාවේ සංචාරයක නිරතවීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

මුදල් ඇමතිවරයාගේ ඇමරිකානු සංචාරයේ අරමුණ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා කිරීමටයි.

මෙම සංචාරය තුළදී බැසිල් රාජපක්ෂ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානීන් සහ ලෝක බැංකුවේ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම සාකච්ඡා වොෂින්ටන් නරගයේදී පැවැත්වෙනු ඇති බවට වාර්තා සදහන් කරයි.

මීට අදාල මූලික සාකච්ඡා මේ වනවිටත් ආරම්භ වී තිබෙන අතර, එම සාකච්ඡා සාර්ථකව සිදුවන බවද වාර්තා වේ.

මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් දැනට පවතින මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සහන පැකේජයක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරයි.

මෙරට තුළ ප්‍රබල කොවිඩ් ප්‍රභේදයක් ඇති වීමේ අවදානමක් !

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන සමාජ ඒකරාශීවීම් හේතුවෙන් ඉදිරියේදී විශාල වශයෙන් කොවිඩ් 19 වෛසරය පැතිරීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ මේ හේතුවෙන් එන්නතට ප්‍රතිචාර නොදක්වන කොවිඩ් ප්‍රභේදයක් වර්ධනය වීමේ හැකියාවක් ඇති බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ එහි සභාපති උපුල් රෝහණ,

‘‘ලංකාවේ බොහෝ ප්‍ර දේශවල මේ වෙද්දි සංගීත සංදර්ශන, මහජන ඒකරාශී වීම් රැසක් පවත්වනවා. ඒ වගේම එළඹෙන මාසවලදීත් මෙවැනි උත්සව පැවැත්වෙයි. ඒ නිසා අපි පෙනී යනවා සංගීත සංදර්ශන වැනි මහජන ඒකරාශීවීම් නිසා විශාල වශයෙන් කොවිඩ් 19 අවදානම උද්ගත වෙනවා කියලා. =සංඛ්‍යාත්මකව රෝගීන් පැතිරයාම අපිට වාර්තා නොවුනට පැතිරයාම ඉතාමත් ඉහළ තත්ත්වයක ලංකාව ඇතුළේ තියනවා කියන එක පෙන්න තියෙනවා. මේකේ තියන විශාලතම අවදානම තමයි අපේ වැනි එන්නත්කරණය ඉහළ රටක් ඇතුළේ මෙවැනි වසංගතයක් නිරායාසයෙන් පැතිර යාමට ඉඩ හැරීමෙන් කොයි මෙහොතේ හෝ අපි සියලුදෙනාටම හානිකර එන්නතට ප්‍රතිචාර නොදක්වන ප්‍රභේදයක් වර්ධනයවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මේ අවදානම කොයි මොහොතේවත් ඇති කර ගත යුතු නෑ.”

විදුලි කප්පාදුව සඳුදා සිට බරපතළයි !

සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි. නමුත් සඳුදා දිනයේ සිට විදුලි කප්පාදුව තවදුරටත් බැරැරැම් තත්ත්වයට පත්වුණු ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අවධාරණය කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකාවේ මේ මොහොතේ ඇත්තේ විදුලි අර්බුදයක් නොව ඉන්ධන අර්බුදයක්. විදුලි කප්පාදුවේදී සමස්ත කොළඹ නගර සීමාවටම විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැහැ. ඊට හේතුව කොළඹට අවශ්‍ය වන අමතර විදුලි බලය පුද්ගලික විදුලි ජනන යන්ත්‍ර මගින් උත්පාදනය කිරීම නිසා‍යි.”

පාස්කු අවනඩුව ගෙන : කාදිනල් පාප් වහන්සේ හමුවෙයි !

වතිකානයේ සංචාරයක නිරත මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හෙට (27) ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමට නියමිත බව වතිකාන ආරංචි මාර්ග පවසයි.

මෙම හමුව පැවැත්වෙන පෙරවරු 10.30ට වතිකානයේ සේන්ට් පීටර්ස් චතුරශ්‍රයට එක්රැස් වන ලෙස ඉතාලිය ඇතුළු යුරෝපයේ සියලු රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ආරාධනාවක්ද කරන ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු නොවීම සමබන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

රංජිත් බණ්ඩාර ලන්සාගෙන් කන පිරෙන්න අහගෙන !

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා හා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර අතර පසුගිය දිනෙක උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.

පසුගිය සදුදා පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු මෙම ගැටුම සිදුව ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී ලන්සා මහතා ‘තමුසෙ මහ කෙළෙහිගුණයක් නැති මිනිහෙක්. මුල මතක නෑ…’ යනුවෙන් කියමින් අසැබි වචනයෙන් පවා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරට බැන වැදී ඇති බව දැනගන්නට ඇත.

(මව්රට )

ඩොලර් නැත්තේ ආණ්ඩුවේ වරදක් නිසා නොවෙයි - ජනාධිපති

රට පාලනයේ දී ජනතාවගේ නිදහස සහඅපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

එහෙත් ඉන් ලැබෙන නිදහස වැරදි ලෙස පාවිච්චි නොකරන්නැයි ජනාධිපතිතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහනේ අද (26) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරවුල් බිමක හිමිකම ජනතාවට උරුම කර දීම උදෙසා රන්බිම ඔප්පු වැඩසටහන ක්‍රියාත්මකය. මේ වසරේ නිරවුල් ඔප්පු ලක්ෂයක් බෙදාදීමට සැලසුම් කර තිබේ.

පළමු අදියර යටතේ නිරවුල් කළ ඔප්පු 35,000ක් මහවැලි කලාප 10ක ගොවි ජනතාවට ප්‍රදානය කෙරේ. ලබන වසර අවසන් වීමට පෙර මහවැලි ප්‍රදේශවල වෙසෙන ගොවි ජනතාවගේ සියලුම ඉඩම් ඔප්පු බෙදා අවසන් කිරීමට සැලසුම් කර තිබේ. ඉඩමේ නීත්‍යානුකූල අයිතිය ලැබීමෙන් පවුලේ සාමාජිකයන්ට උරුමය පැවරීම, සුරැකුමක් ලෙස මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේ හැකියාව ඇතුළු අවස්ථා රැසක් හිමිකරුවන්ට උදාවේ.

රන්බිම ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් 30දෙනෙකු සඳහා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතින් ඔප්පු ප්‍රදානය කෙරිණ.

විදේශ විනිමය නොමැති වීම වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති ප්‍රධානම ගැටලුවකි. කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක හා විදෙස් රැකියා වලින් ලැබෙන විනිමය අහිමි වීම ඊට මූලික හේතුවකි. පෙර රජයන් ගත් ණය පොළී සමග ගෙවීමට සිදුව තිබේ. මේ ගැටලු තමාගේ හෝ රජයේ වැරදි මත සිදුවූවක් නොවන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

පවතින අභියෝග සඳහා මුහුණ දීමට විපක්ෂයත්, ජනතාවත්, රජයත් එක්ව වැඩකළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කඩාකප්පල්කාරී වැඩ වර්ජන, බොරු ප්‍රචාර ගෙන යාම වගකිව යුතු කිසිඳු පාර්ශ්වයකින් අපේක්ෂා නොකරන බව පැවසීය.

වසර 20කට වඩා භුක්ති විඳි ඉඩමක නීත්‍යානුකූල හිමිකමක් නැතිව සිටි මහවැලි ජනතාව ඒ හිමිකම ලැබීමෙන් ලබන සතුට රජයටත් දැනෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරනු ලැබීය.

රසායනික පොහොර ගෙන්වීම සීමා කිරීමත් සමග විප්ලවවාදීන් යැයි කියාගන්නා පක්ෂ ගොවි ජනතාව පාරට බැස්සූ බවත් වගා කළ කුඹුරුවලට ගිනි තබමින් භෝග විනාශ කරමින් කළ උද්ඝෝෂණ ගොවියාට ආදරයෙන් කළ ඒවා නොව දේශපාලන වාසි ගැනීමට කළ ඒවා බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

හිමිකම් ඔප්පු ලබාදීමෙන් පමණක් මහවැලි ගොවි ජනතාවගේ සියලු ගැටලු විසඳෙන්නේ නැති බවත් ජාතික අවශ්‍යතාවය දෙස බලා සෑම බිම් අගලක්ම වගා කිරීමට කටයුතු කිරීමේ යුතුකම ද ගොවි ජනතාව සතු බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ පැවසීය.

මහවැලි කලාපයේ තුන්වැනි පරම්පරාව ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වගකීම වෙනුවෙන් රජය පෙනී සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මහවැලි කලාපවල ගොවීන්ගේ ඉඩම් පමණක් නොව ජීවිත අහිමි වීමට ගිය යුගය වෙනස් කළේ රාජපක්ෂවරුන් බවත් වැව්, අමුණු සශ්‍රීක කරමින් මහවැලියට ජීවය දීමට කන්න දෙක පමණක් නොව තුන්වෙනි කන්නයක් සඳහා අතිරේක භෝග වගාවට පහසුකම් ද සැලසීමට රජය කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පැවසීය.

කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

වැඩ කරන වේලාව වැඩිවෙයි : දවසක් අඩු කරන්න යයි

ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඉකුත් අඟහරුවාදා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති විශේෂ කැබිනට් රැස්වීමේ දී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් එම යෝජනාවලිය රජයට ඉදිරිපත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

සතියේ වැඩ කරන දින ගණන හතරට අඩුකර, පැය ගණන වැඩි කරන ලෙසට මහ බැංකුව යෝජනා කර තිබේ .

ඒ අනුව ආයතනවල කටයුතු උදේ හතයි තිහට ආරම්භ කර, පස්වරු පහයි තිහ දක්වා පවත්වාගෙන යන ලෙසට එමගින් යෝජනා කර තිබේ .

ආයතන තුළ සිට වැඩ කරන සේවකයන්ට උදේ 9.00 සිට හවස 3.00 දක්වා වැඩ කර,නිවෙස්වලට කලින් යාමේ අවස්ථාව සලසා දිය යුතු බවට ද මහ බැංකුව යෝජනා කර තිබේ .

පෞද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කර, පොදු ප්‍රවාහනයට යොමු කරන ලෙසද මහ බැංකුව ඉල්ලා ඇත .

මේ අතර ,ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සහ ඉන්ධන පරිහරණය අරපිරිමැස්මෙන් කළ යුතු බවට ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන යන ලෙසද මහ බැංකුව ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ සඳහන් වන බව වාර්තා වේ

යුක්‍රේන ජාතිකයින් 4000ක් ලංකාවේ

යුක්‍රේන සංචාරකයින් 4,000ක් පමණ මේ වන විට මෙරට රැඳී සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

ඔවුන් දින 30ක කාලයක් සඳහා මෙරටට පැමිණ ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එම සංචාරකයින්ගේ වීසා කාලය දින 30කින් අවසන් වීමට නියමිතය.

එහෙත් යුක්‍රේනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් තවදුරටත් මෙරට රැඳී සිටිමට කැමැත්ත දක්වන සංචාරකයින්ට වීසා කාලය දීර්ඝ කිරීමට කටයුතු සලසාදෙන ලෙස අදාළ සංචාරක නියෝජිතයින්ට උපදෙස් ලබාදී ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

අදාළ වීසා කාලය අවසන්වීමෙන් පසු සිය රට බලා යාමට අවශ්‍ය සංචාරකයින්ට සෘජුව යුක්‍රේනයට ගුවන් ගමන් සිදුනොවන බැවින් වෙනත් රටවල් හරහා යළි සිය රටට යෑමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙස ද එම නියෝජිත ආයතන වෙත උපදෙස් ලබාදී ඇති බව සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

සිපෙට්කෝවත් IOC පාරේ යන්න සූදානමක් !

ලංකා ඉන්දීය සමාගම විසින් නැවත වතාවක් තම තෙල් මිල ඉහල දැමීම හමුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බරපතළ අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙන බව ආණ්ඩුව හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි වාර්තා කර ඇත.

ඉන්දීය තෙල් සමාගම මිල ඉහළ දැමීමට සාපේක්ෂව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල වලින් ඉන්ධන ලබා ගැනීමේ ධාරිතාව ඉහළ යාහක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍යාංශය උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

මේ තත්ත්වය මත ඉදිරියේදී ඉන්ධන සැපයුම අභියෝගයක් වනු ඇතැයි අමාත්‍යංශය පවසන බවත් ඒවායේ සඳහන් ය.

එනිසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස් කිරීමෙන් වළකින ලෙස ද අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අදාළ පුවත් අන්තර්ගතයෙ සඳහන් වෙයි.

මේ අතර තෙල් සංස්ථාවට ඉන්ධන අලෙවියෙන් ලබන පාඩුව අවම කර ගැනීම සඳහා ඉන්ධන මිල සැලකිය යුතු ගණනකින් වැඩි කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් දා පැවති කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබිණ.

IOC මිල ඉහළට !

ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල සියළුම ඉන්ධන වර්ග මිල පසුගියදා හදිසියේ ඉහල දමනු ලැබිණ.

සුපරි ඩීසල් හා සුදු ඩීසල් ලීටරය රුපියල් 15කින් හා ඔක්ටේන් 95-92 පෙට්ට්‍රල් ලීටරයක් රැපියල් 20කින් එසේ මිල ඉහල දමා ඇත.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ එම සමාගමේ බෙදුම්හල්වල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 සිට රුපියල් 204 දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 124 සිට රුපියල් 139 දක්වාත් ඉහල යයි.

 

මංගලගේ රැඩිකල් සෙන්ටර් වැඩ අරඹයි : මුලින්ම ශානි වෙනුවෙන් !

පාස්කු වින්දිතයන් නොසලකා සාක්ෂි විමර්ශකයන් සිරගතකිරීමේ දේශපාලනය පිටුදකිමු' යයි 'රැඩිකල් සෙන්ටර්' ව්‍යාපාරය ජනතාවට යෝජනා කරයි.

 දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ආරම්භකළ 'රැඩිකල් සෙන්ටර්' ව්‍යාපාරය අද (25) මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම යෝජනාව රට හමුවේ තබා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීමේ සුදානමක් සම්බන්ධයෙන් පලවන පුවත් වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

Radical Centre 2022.02.25 1

පොලිස්පතිට කොවිඩ් !

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බව වාර්තා වෙයි.

ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් ව ප්‍රතිකාර ලබන බව පොලිස් මුලස්ථාන තොරතුරු අනාවරණය කරයි.

පොලිස් රෝහලේන් ඊයේ (24) කරන ලද PCR පරීක්ෂාවකදී පොලිස්පතිවරයාට කොවිඩ් ආසාදිත වී ඇති බව අනාවරණය වී තිබේ.

මීට දින කිහිපයකට පෙර පොලිස්පතිවරයාගේ පුත්‍රයාටද කොවිඩ් ආසාදිත වී ඇති බවට පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

ටෝච් කේස් එක : හරීන් ගේම ඉල්ලයි !

පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සූදානම් යැයි සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

ඒ අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

තමන් පාර්ලිමේන්තුවට රැගෙන ආවේ තමාගේ බෑගය සහ කුඩා විදුලි පන්දමක් පමණකැයිද එහිදී ඔහු පැවසීය.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ සැකකටයුතු පාර්සලයක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එන ලදැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී ඊයේ නැගූ චෝදනාවට පිළිතුරු දෙමිනි.

ඔහු මුලසුනේ අවසරය ඇතිව මෙම ප්‍රකාශය කළේය.

තමාගේ බෑගය භාණ්ඩ පරීක්ෂා කිරීමේ යන්ත්‍රය මගින් පරීක්ෂාවට ලක් කෙරුණු බවත් භයානක කිසිවක් තමා පාර්ලිමේන්තුවට රැගෙන නොපැමිණි බවත් මන්ත්‍රීවරයා කීවේය.

තමා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොකළ බවද හෙතෙම සඳහන් කළේ‍ය.

තමා රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් දෙයක් ලබන සතියේ කිරීමට සූදානම් වන බව පැවසූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එම කටයුත්තට බාධා නොකරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවත් මේ සිදුවීම සම්බන්ධයෙන් කතානායක විසින් පොලිස්පති වෙත පැමිණිල්ලක් කරන බවත් අද අනාවරණය විය.

විදුලිය කප්පාදු කරන කාලය ටික ටික වැඩිවෙයි !

විදුලි කප්පාදුව සිදුකරන කාලය ක්‍රමයෙන් දීර්ඝ වන බවක් පෙන්නුම් කරයි.

ඒ අද (25) පැය 5කට වැඩි කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලය වෙත අවසර ලලබාදීම සමගය.

මේ අනුව කලාප කිහිපයකට පැය 5 යි මිනිත්තු 15 ක් විදුලිය විසන්ධි වීමට නියමිතය.

එහෙත් A, B සහ C කලාප සඳහා විදුලිය විසන්ධි කෙරෙන්නේ, පැය 4 යි මිනිත්තු 40 ක් බවත් වාර්තා වෙයි.

මේ අතර ප්‍රදේශ සඳහා විදුලිය කප්පාදු කරන කාලය පිළිබඳ, විදුලිබල මණ්ඩල ජංගම දුරකතන මෘදුකාංගයෙන් තොරතුරු ලබා ගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණයක් !

නව ඡන්ද ක්‍රමයක් ඇති කරන තුරු පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු යැයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවෙන් නිර්දේශ කිරීමට එම කාරක සභාවේ එකඟත්වය හිමිවූ බව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන පැවසීය.

සියලු ඡන්ද විමසීම්වලදී කොට්ඨාශ (කේවළ) ක්‍රමයට සියයට 60 ක් සහ අනුපාතික ක්‍රමයට සියයට 40ක් වශයෙන් ජනතා නියෝජිතයන් තෝරා ගන්නා ආකාරයේ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් මූලධර්මයක් ලෙස පිළිගෙන වාර්තාව කෙටුම්පත් කිරීමටද විශේෂ කාරක සභාව එකඟ වූ බව ඔහු සඳහන් කළේය.

පළාත් පාලන ආයතනවල බහුතර ස්ථාවරභාවය ඇතිකිරීම සඳහා ජයග්‍රාහී පක්ෂයට හෝ කණ්ඩායමට අතිරේක මන්ත්‍රී ධුර 02ක් ලබා දීම සඳහාත් නිර්දේශ කිරීමටද ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවට පැමිණි බවද ඔහු කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225ට සීමා කිරීමටද එකඟ වූ බව, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

පාර්ලිමේන්තු සහ පළාත් සභා සඳහා නව මැතිවරණ නීතී සම්පාදනයේදී කොට්ඨාශ (කේවළ) ක්‍රමයට සියයට 60 ක් සහ අනුපාත ක්‍රමයට සියයට 40 ක් වන පරිදි දිස්ත්‍රික්කය තුළ සීමා නිර්ණය කිරීම සඳහා නිර්දේශ කිරීමටද කාරක සභාව එකඟතාවය පළ කර ඇත.

සියලු මැතිවරණවලදී කාන්තා නියෝජනය සියයට 25 ක් ලෙස පවත්වා ගැනීමට සහ තරුණ නියෝජනය අනිවාර්ය කිරීමටද නිර්දේශ කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවය පළ වී ඇත.

මීට අමතරව දේශපාලන පක්ෂ පිළිගැනීම සහ අවලංගු කිරීමේ නව නීතී, දේශපාලන සන්ධානයන් ලියාපදිංචි කිරීමේ නව නීතී ගෙන ඒම සම්බන්ධයෙන්ද නිර්දේශ ඇතුළත් කිරීමට කාරක සභාවේ එකඟතාවය ලැබුණු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේය.

මෙම තීරණ ගෙන එම කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ රැස්වූ අවස්ථාවේදීය. මෙම විශේෂ කාරක සභාව මාර්තු මස මුල් සතියේ යළි රැස්වීමට නියමිත බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණධීර පැවසුවාය.

මෙම රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්දිරන්, රන්ජිත් මද්දුම බණ්ඩාර, අනුර දිසානායක , මනෝ ගනේෂන්, මධුර විතානගේ, රවුෆ් හකීම් යන අය සහභාගි වූහ.

 මූලාශ්‍රය lankadeepa

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශය : රාජ්‍ය භාග බාගෙට ගෙවලා !

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට අය විය යුතු රාජ්‍යභාග පසුගිය වසර ගණනාව පුරාම නිසි පරිදි සම්ප්‍රේෂණය වී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී ඇත.

එය නිසි පරිදි සිදු කිරීමට ක්‍රියාමාර්ග ගතයුතු බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් එහිදී අවධාරණය කළ බවත් වාර්තා වෙයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ එයට සම්බන්ධ ජී එස් එම් බී තාක්ෂණ සේවා (පුද්ගලික) සමාගම පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව 2016 සිට 2021 දක්වා කාලය තුළ කාර්යාංශය විසින් රාජ්‍යභාග නිසි පරිදි එක්රැස් කොට තිබුණද රාජ්‍ය භාණ්ඩාගාරයට යැවිය යුතු ප්‍රමාණය සම්ප්‍රේෂණය නොකොට කාර්යාංශයට අයත් ස්ථාවර ගිණුම්වල තැන්පත් කොට තිබීම පිළිබඳවද කමිටුවේදී සාකච්ඡා කෙරිණි.

ඒ අනුව එම කාලය තුළ කාර්යාංශය තුළ එකතු වූ රාජ්‍යභාග ප්‍රමාණය රුපියල් 16,591,075,088ක් වන අතර රාජ්‍ය භාණ්ඩාගාරයට සම්ප්‍රේෂණය කොට ඇත්තේ රුපියල් 8,520,235,812ක් පමණක් බව මෙහිදී හෙළිවිය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අනුමත කාර්ය මණ්ඩල සේවක සංඛ්‍යාව ඉක්මවා බඳවාගෙන ඇති ජී එස් එම් බී තාක්ෂණ සේවා (පුද්ගලික)සමාගමට අයත් සේවකයන් වෙත කාර්යාංශය මගින් වැටුප් ගෙවීම සම්බන්ධවද කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරුණු අතර මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උප‍දෙස් ලබා දුන්නේ මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා කාර්යාංශයට සේවක අඩුපාඩුවක් පවතින්නේ නම් එය කළමනාකරණ සේවා දේපාර්තමේන්තුව වෙත දන්වා අදාළ අනුමැතිය සහිතව සපුරා ගන්නා ලෙසයි.

බැසිල්ගේ ඉන්දීය සංචාරය කල් යයි !

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය යළිත් වතාවක් කල් දමා ඇති බව වාර්තා වෙයි.

මාධ්‍ය වාර්තා කරන ආකාරයට අද (25) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබිණ. නමුත් හදිසියේම එම සංචාරය කල් දැමීමට පියවර ගෙන ඇත.

මෙම සංචාරයේදී ඉන්දියාව මගින් ලබා දීමට තිබූ ණය මුදල සම්බන්ධයෙන් ගිවිසුම් අස්සන් කිරීමටද නියමිතව තිබූ බවත් වාර්තා වෙයි.

දෙන්න සල්ලි නැතුව ඩීසල් නැවක් හරවාගෙන ගිහින් : රාජ්‍ය අමාත්‍ය දයාසිරිගෙන් අනාවරණයක් !

වරායේ රැඳී සිටි ඩීසල් නැවක් මුදල් නොමැතිකම හේතුවෙන් ආපසු හරවා ගෙන ගිය බවත්, තවමත් වරායේ තිබෙන පෙට්රල් නැවකට ඩොලර් ගෙවිය යුතුව ඇති බවත් ශ්‍රීලනිප මහ ලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

පසුගියදා පැවති ජන හමුවකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ලංකාව මුහුණදෙන දැවැන්තම අර්බුදයට අද මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරයි.

ඩීසල් සහ පෙට‍්‍රල් ඇත්තේ තවත් දින තුන හතරකට පමණක් බවද මහ මග යන වාහන කොයි වෙලේ කොතැන නතර වේ දැයි සිතාගත නොහැකි බවද ඔහු පැවසීය.

විදුලිය කප්පාදුවද දිගටම සිදුවනු ඇති බවත් අද වන විට රටම නවතින තැනකට තල්ලු වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Page 364 of 464