පුවත්

අනුරගේ ප්‍රශ්නයෙන් : ආණ්ඩුවේ නිල සංචිත හෙළිවෙයි !
මෙරට සතු නිල විනිමය සංචිත සහ වත්කම් ප්‍රමාණය කොපමණ දැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක නගා තිබූ ප්‍රශ්නයකට අද (09) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දී තිබේ.
මන්ත්‍රීවරයා පසුගිය 03 වෙනිදා ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න කර තිබිණි. ආර්ථික හා මූල්‍ය රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ අද ලබා දුන් පිළිතුර අනුව පසුගිය නොවැම්බර් මාසය වෙන විට රට සතුව තිබූ නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1587ක් වී තිබිණි.
මෙයින් ඩොලර් මිලියන 382.2 ක් රත්රන් ලෙසද, විනිමය සංචිත ලෙස ඩොලර් මිලියන 1009.5ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තැන්පත්කර තිබෙන සංචිත ලෙස ඩොලර් මිලියන 67ක් මෙන්ම විශේෂ ගැනුම් හිමිකම් ඩොලර් මිලියන 127.2ක් තිබී ඇත. ඊට අමතරව අනෙකුත් විවිධ සංචිත ඩොලර් මිලියන 1.1ක් පැවති බව පාර්ලිමේන්තුවේදී හෙළිකර තිබේ.
අනුර දිසානායක මන්ත්‍රීවරයා නගා තිබූ ප්‍රශ්න සහ අදාළ පසුබිම සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු පහත දැක්වේ.
” ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මෑත වසර දෙකක කාලය තුළ වේගයෙන් කඩාවැටෙමින් ඇති බව නිරීක්ෂණය වන අතර එය තවදුරටත් හුදු ආර්ථික දත්ත හා තොරතුරු පිළිබඳ විද්වත් සාකච්ඡාවකට පමණක් සීමා වී නැහැ. මෙම විදෙස් සංචිත හිඟය මේ වන විට රටේ ජනතාවගේ ජීවිතවලට බලපෑම් කරන මට්ටමකට තීව්‍ර වී තිබෙනවා. අද වන විට බහාලුම් 1000කට වඩා අධික සංඛ්‍යාවක ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ කොළඹ වරායේ සිර වී ඇති බවටත් එම භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා බැංකුවලින් ආනයනකරුවන්ට ඩොලර් නිකුත් නොකරන තත්වයක් ඇතිවී තිබෙන බවටත් වාර්තා වනවා. විශේෂයෙන් බොර තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් නොමැති වීම නිසා දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වූ ඛනිජතෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ වන විට වසා දමා තිබෙනවා. මෙරට විදෙස් සංචිත හිඟය හුදු කොවිඞ් වසංගත තත්වය හේතුවෙන් සිදු වූවක් බවට අර්ථකථනය කිරීමට හැකියාවක් නැහැ. කොවිඞ් වසංගතය ගෝලීය තත්වයක්ව තිබියෙදීත් පොදුවේ ලෝකය තුළත් විශේෂයෙන් දකුණු ආසියාතික රටවල්වලත් විදෙස් සංචිත ප්‍රමාණයන් පසුගිය වසරක කාලය තුළ ඉහළ ගොස් තිබෙනවා. 2020 වසරේ දෙවන කාර්තුව හා 2021 වසරේ දෙවන කාර්තුව සලකා බැලුවහොත් ලෝකයේම විදෙස් සංචිතවල වටිනාකම පිළිවෙලින් ඩොලර් බිලියන 12,016.6ක සිට ඩොලර් බිලියන 12,817.19ක් දක්වා ඉහළ නැග තිබෙනවා. දකුණු ආසියානු කලාපීය රටවල් වන ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින පවා මේ වසංගත තත්වය තුළ තමන්ගේ විදෙස් සංචිත ඉහළ නංවා ගැනීමට සමත් වී තිබෙනවා. නමුත් ඊට පරස්පරව යමින් ශ්‍රී ලංකාව වසර දෙකක කාලය තුළ තමන්ගේ විදෙස් සංචිත වේගයෙන් අහිමි කරගනිමින් සිටිනවා. නිදසුනක් ලෙස 2020 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ විදෙශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5ක අගයක් සටහන් කළ අතර එය මාස 4.5ක කාලයක ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. එම සංචිත ක්‍රමයෙන් හීනවෙමින් පැමිණ 2021 ජනවාරි වන විට ඩොලර් බිලියන 4.8ක අගයක් සටහන් කරන ලද අතර එය මාස 3.7ක ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. කෙසේ වුවද පසුගිය ඔක්තෝබර් අවසන් වන විට එම සංචිත අගයන් තවදුරටත් කඩා වැටී ඩොලර් බිලියන 2.3ක අගයක් සටහන් කර තිබෙනවා. එම සංචිත ප්‍රමාණවත් වන්නේ මාස 1.5ක කාලයක් වෙනුවෙන් ආනයන සිදුකිරීම සඳහා පමණයි. මේ අගයන් සටහන් වන්නේ 2021 අගෝස්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෙරටට ඩො.මි. 554.8ක විශේෂ මූල්‍ය පහසුකමක් (ීෘඍ) ලැබී තිබියෙදීයි. මහ බැංකුවේ නොවැම්බර් 26 දින නිකුත් කළ සති මූල්‍ය තත්ව වාර්තාවේ විදෙස් සංචිතයන්හි එම ශීර්ෂය යටතේ ඩොලර් මිලියන 128.5ක අගයක් පමණක් සටහන් වීමෙන් එයින් වැඩි කොටසක් දැනටමත් ඩොලර්වලට පරිවර්තනය කර තිබෙනවා විය හැකියි.
2021 ජනවාරි සිට සැප්තැම්බර් කාලය අතරතුර රටේ වෙළඳ ශේෂ හිඟය ඩොලර් මිලියන 6003.2ක් ලෙස සටහන් වෙනවා. මෙය ඔක්තෝබර් – දෙසැම්බර් කාලය අතරතුර තවත් ඉහළ යා හැකියි. එසේම මෙම අවදානම් තත්වය මෑත ඉතිහාසයේ රටේ ගෙවුම් ශේෂයේ හිඟයක් නිර්මාණය කිරීමට තුඩු දිය හැකියි. 2022 වසර තුළ ශ්‍රී ලංකාව විසින් විදේශ ණය පියවීම සඳහා පමණක් ඩොලර් මිලියන 6500ක් වෙන් කළ යුතුව තිබෙනවා. යම් යම් මාසයන්හි අඩු වැඩි වීම් ඇති වන නමුදු දළ වශයෙන් එක් මාසයකට විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 550ක් වෙන් කිරීමට රටට සිදු වනවා. 2021 වසරේ ජංගම ගිණුමේ හිඟය සහ විදෙස් ණය පියවීමේ බැඳීම්ද 2022 වසරේ මුල් භාගයේ ඇති විදෙස් ණය පියවීමේ බැඳීම්ද සමගින් දැනටත් අවදානම් මට්ටමක ඇති රටේ ගෙවුම් ශේෂය මෙමගින් තවත් අර්බුදයට ඇද දැමිය හැකියි. පසුගිය දෙවසරක කාලය තුළ විදේශ විනිමය සංචිත වේගයෙන් කඩා වැටෙමින් තිබියෙදී ආණ්ඩුව මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකළ බවට චෝදනා නැගෙනවා. විශේෂයෙන් පසුගිය කාලයේ මහ බැංකු අධිපතිවරයා විවිධ තැන්වලදී විදේශ විනිමය රට තුළට ගලා ගෙන ආකාරය පිළිබඳව සුබදායී සිතුවම් අඳිමින් සිටියත් මේ වන විට ඇත්ත යථාර්ථය වෙනස් එකක් බව සියලු දෙනාට වටහා ගැනීමට අසීරු නැහැ. එසේම මේ වන විට රටට ඩොලර් ලැබෙන ප්‍රධානම මූලාශ්‍රවලින් එකක් වන විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු සංක්‍රාම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාස 05ක කාලයක් පුරා වේගයෙන් පහළ යමින් තිබෙනවා. නිදසුනක් ලෙස 2020 ජුනි – ඔක්තෝබර් කාලයේ සමස්ත සංක්‍රාම වටිනාකම ඩොලර් මිලියන 3274ක් වූ නමුත් මේ වසරේ ජුනි – ඔක්තෝබර් කාලයේ ඔවුන්ගේ සංක්‍රාම ප්‍රමාණය ඩොලර් මිලියන 2048ක් පමණයි. එය ප්‍රතිශතාත්මකව ගතහොත් 37.5%ක් පමණ කඩා වැටීමක්. මෙම අඩුවීමේ ප්‍රවණතාව නිරීක්ෂණය කළහොත් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සංක්‍රාම මගින් ලැබීමට නියමිත මුදල 50%ට වඩා අඩුවිය හැකියි. මේ තත්වය තුළ මහ බැංකුව විසින් බලහත්කාරයෙන් බැංකුවල ඩොලර් අනුපාතිකය රුපියල් 202 ආසන්නයේ රඳවා තබාගෙන සිටියද එම මුදලට ආනයනකරුවන්ට ලබා දීමට වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් ඩොලර් නැහැ. ඩොලරයක් බැංකුවලට පිටින් එළියේ අලෙවි වන්නේ රුපියල් 240-260 අතර වටිනාකමකටයි. මෙවැනි ඉහළ වටිනාකමකට ඩොලර් මිලදී ගෙන භාණ්ඩ අනයනය කිරීමට ආනයනකරුවන් ඉදිරිපත් නොවන නිසාත්, විශේෂයෙන්ම බැංකු මගින් නිකුත් කළ ණයවර ලිපි අනුව මේ වන විටත් ආනයනය කර ඇති භාණ්ඩවලට අදාළ ඩොලර් ලබා දීමට බැංකු අසමත් වී ඇති නිසාත් බරපතළ භාණ්ඩ හිඟයක් රට තුළ නිර්මාණය වෙමින් තිබෙනවා.
මෙම තත්වය තුළ මතුවන පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
- පසුගිය නොවැම්බර් මාසයේ 30වැනිදා වන විට විදෙස් විනිමය සංචිතයේ සත්‍ය වටිනාකම ශීර්ෂ අනුව වෙන්වෙන්ව කොපමණද? මහ බැංකුව සතු ක්ෂණිකව ගෙවීම් සඳහා භාවිත කළ හැකි විදෙස් විනිමය ප්‍රමාණය කොපමණද?
- රටේ විදෙස් විනිමය සංචිත ඉහළ නැංවීම සඳහා ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක්ද? ඒ සඳහා වන කාලරාමුව කවරේද?
- 2021 වසරේ ජංගම ගිණුමේ හිඟය පියවීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන්නේ කවර ක්‍රියාමාර්ගයක්ද?
- කොළඹ වරායේ ගොඩගැසී ඇති ආනයනය කරන ලද අත්‍යාවශ්‍ය භාණ්ඩ බහාලුම් නිදහස් කිරීම සඳහා බැංකුවලට ඩොලර් ලබා දීමට පියවර ගන්නේද? ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදය කුමක්ද? ඒ සඳහා වන කාලරාමුව කවරේද?”
- lanka truth

වයඹ ආණ්ඩුකාර කරන්නාගොඩ !
රාජා කොල්ලුරේගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පත්කිරීම අනුව ඔහු අද (09) වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.
නාවික හමුදාපති ධූරයෙන් විශ්‍රාම යෑමෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ද ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද සේවය කර ඇත.
එසේම ආන්දෝලනාත්මක තරුණයින් එකොළොස් දෙනෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ වසන්ත කරන්නාගොඩද චූදිතයකු ලෙස නම් කර තිබිණි.

බැසිල් මහින්දානන්දගේ ගුණ වයයි : කිරිපිටි ගැනත් දැනුම්දීමක් !
හරිත කෘෂිකාර්මික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී අප සියලුදෙනා වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විවිධකාරයේ පීඩනයන්ට ලක්වෙමින්, හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව සතුටු වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි
මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පශූ සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ දියර කිරිවලින් ස්වයංපෝෂිත රටක් සඳහා වූ වැඩමුළුවකට සහභාගීවෙමින් ය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .
පසුගිය කාලයේ වසරකට විදෙස් ශ්‍රමිකයන් 2,30,000ක් පිටත් කර තිබෙනවා. පසුගිය වසරේ එය 53,000 දක්වා අඩුවෙලා. ලබන වසරේදී එය ලක්ෂ 3 දක්වා වැඩිකර ගන්න අපි උත්සාහ කරනවා. අපේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණීය ආහාර නිෂ්පාදනය කරන්න මේ වසරේ අපි විශාල මුදලක් වෙන්කර තිබෙනවා. පිටරටින් ආනයනය කරන කිරිපිටි නතරකර, මෙරට දියර කිරි නිෂ්පාදනය වැඩි කරගන්න සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.
මේ වසරේ අපි සංවර්ධනය ඉලක්ක කරගත් අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. දිසාපතිවරුන්ට රුපියල් මිලියන 85,000ක් අයවැයෙන් වෙන්කර දී තිබෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට, කොට්ඨාසවලට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභාවලට මුදල් ලබා දී තිබෙනවා. මේ සියලු මුදල් යොදාගෙන මෙරටේ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවිය හැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි කියලා අපි අපේක්ෂා කරනවා. කිසිම අවස්ථාවක අතිරේක මුදල් ලබා ගැනීමට හැකියාවක් නෑ. අලුතින් වාහන, කාර්ය මණ්ඩල ලබා ගන්න අනුමැතිය ලබාදෙන්න බෑ. මේ රටේ රාජ්‍ය සේවයේ විශාල පිරිසක් ඉන්නවා. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ඉන්න තරමට මේස පුටුවක්වත් නැහැ. ඒ නිසා ඒ සියලු මානව සම්පත් යොදාගෙන, මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කර, පිටිකිරි සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට පශු සම්පත් සංවර්ධනය සම්බන්ධ සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා”

ගෑස් ප්‍රශ්නය මානව හිමිකම් කොමිසමේ විභාගයට !
දිවයින පුරා වාර්තා වන ගෘහස්ථ ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ අනතුරු සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල ගැන විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ගොනුකළ පැමිණිලි දෙකක් හෙට (10) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී කැඳවීමට නියමිතය.
එසේම අනිකුත් වෙළඳ භාණ්ඩවල මෙන්ම ගෑස් සිලින්ඩරයේද ඇසිරුම් දිනය සහ අන්තර්ගතය දැක්වෙන විස්තර ප්‍රසිද්ධ කරන ලෙසත් අදාළ පැමිණිලි වල ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.
එම විමර්ශනය සඳහා පෙනී සිටින ලෙස අද (09) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්ට, පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ට සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්ට සිතාසි නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ MediaLK.com වෙබ් අඩවියේ සංස්කාරක තරිඳු ජයවර්ධන මෙම පැමිණිලි දෙක සිදු කර තිබේ.

කොරෝනා මරණ 14,555ක් දක්වා ඉහළට
තවත් කොරෝනා මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (08) තහවුරු කර තිබේ.
මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 13 දෙනෙකු සහ පුරුෂයින් 15 දෙනෙකු වේ .
අවුරුදු 30 ත් 59 ත් අතර පසුවන පුද්ගලයින් 07 දෙනෙකු මියගිය අය අතර සිටී.
සෙසු පුද්ගලයින් අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වේ.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,555කි.

මහ කන්නයෙන් භාගයක් ඉවරයි. තාම පොහොර නැහැ - රෝහිණි කවිරත්න
''නැගෙනහිර පළාතේ මහ කන්නයේ භාගයකට වඩා කල් ගතවී ඇතත් අදටත් ගොවියාට පොහොර මිටියක්, බෙහෙත් කුප්පියක් නැතුව අන්ත අසරණ වෙලා. පොහොර - බෙහෙත් ගෙන්වන ගැසට් එක ගහන්න සතියකට වැඩිය ගියා. තවම වැඩ බලන පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයෙක් පත් කරලා නෑ. මහ කන්නයේ පොහොර - බෙහෙත් ගෙන්වන එක නෙකෙරෙන වැඩක්. ජනවාරි කන්නයට හෝ බෙහෙත් පොහොර ටික ලබා දී ගොවිතැන රැකගන්නා ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පවසයි.
ගොවියට අවශ්‍ය රසායනික පොහොර ගෙන්වන බවට කෘෂිකර්ම ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවද සති තුනක පමණ කාලයක් ඉක්මවා ගොස් ඇත්ත තවමත් පොහොර නොමැති බවයි මන්ත්‍රීවරිය සඳහන් කරයි.
''තවම එකම කෘෂි රසානයනයකට පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් අවසර දී නෑ. අඩුම ගානේ වැඩ බලන පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයෙකු හෝ පත් කර නෑ. එකම පොහොර ඇණවුමක් හෝ ලබා දී නෑ. ඇමති කිව්වා දැන් ඩොලර් තියෙනවා. එල්.සී. ඇරලා ඉවරයි. මේ කන්නයට බඩු ගේනවා කියලා. මේ සියල්ල පට්ටපල් බොරු. නියමිත මිල වගේ 400% ක් ගෙවලා නැනෝ යුරියා ගෙන්වන් තියෙන උනන්දුව හදලා තියෙන ගොයමේ වල් ටික මර්ධනය කරන්න වල් බෙහෙත් ගේන්න නෑ. උඩරට ගොවියෝ දිලීර නාශක නැතිව හූල්ලනවා. දඹුල්ල,මාතලේ,උඩුදුම්බර, හඟුරන්කෙත,වලපනේ,නුවරඑළිය කලාපයේ වගාවෙන් 75 %කට වඩා දිලීර රෝගවලට ගොදුරු වෙලා. ආණ්ඩුව බෙහෙත් නැතිව පිළිකා,වකුගඩු, ආදී බරපතල රෝග තියෙන මිනිස්සු රෝහල්වල මරණවා. බෙහෙත් ටික දෙන්නේ නැතිව වගා බිම්වල වගාව විනාශ කරනවා.
''ගෝඨාභය කියන්නේ ‘ටර්මිනේටර්‘ කියලා තමයි පොහොට්ටුවේ ගෝලයෝ කිව්වෙ. ඒ කතාව ඇත්ත. ‘ටර්මිනේටර්‘ කියන්නේ ‘කාබාසිනියා කරන්නා‘ මෙයා ආපු දවසේ ඉදලා හැමදේම කාබාසිනියා කරනවා'' යැයි ද කවිරත්න කියා සිටියි.

කොරෝනා මරණ 14,533 ක් දක්වා ඉහළට
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (08) පස්වරුවේ තහවුරු කළ කොරෝනා මරණ 28ක් ම වාර්තා වී ඇත්තේ ඊයේ (07) දිනයේදීය.
මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 13 දෙනෙකු සහ පුරුෂයින් 15 දෙනෙකු වේ .
අවුරුදු 30 ත් 59 ත් අතර පසුවන පුද්ගලයින් 07 දෙනෙකු මියගිය අය අතර සිටී.
සෙසු පුද්ගලයින් අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වේ.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,533කි.

ලයිට් කනු ඇමතිකම සීබී ටත් තිත්ත වෙයි : ප්‍රසිද්ධියේ විරෝධය දක්වයි !
පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කැබිනට් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් අතර ආණ්ඩුවේ හැසිරීම සම්බන්ධයෙන් කළකිරීම තවදුරටත් ඉහළ යමින් ඇත.
ආසන්න සිදුවීම වාර්තා වන්නේ වනජීවී හා වනරක්ෂිත සංරක්ෂණ ඇමති සී බී රත්නායක අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් දැක්වූ අදහස් ය.
කැබිනට් මණ්ඩලයේදී ලබාදෙන ලිපි වලට අත්සන් කිරීමට හෝ පාර්ලිමේන්තුවේදී උත්තර ලබා දීමට පමණක් කැබිනට් ඇමැති ධුරයක් තමන්ට අවශ්‍ය නැතැයි එහිදී ඔහු පැවසීය.
වැඩ කිරීමට හැකි නම් වැඩ කළ යුතු බවත් එහිදී කකුලෙන් ඇදීම සිදු නොකළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
‘සමහර විට ජනතාව අපිව ප්‍රතික්ෂේප කරයි. අපට අමාත්‍යාංශ දාලා යන්න වුණත් යනවා ඒකෙ කිසි ගැටලුවක් නෑ. ඒත් මම නුවරඑළියෙ ජනතාවට වග කියන්න ඕන. මම රටේ සමස්ත ජනතාවට වග කියන්න ඕනි’ යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු ම මේ ආකාරයට ආණ්ඩුවේ කටයුතු සිදුවන ආකාරයට සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අප්‍රසාදය පළකර ඇත.
පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා සිටියේ තමන් ලයිට් කනු අමාත්‍යවරයකු වීමට සූදානම් නැති බවය.

මන්ත්‍රී ජීවිත ආරක්ෂාවේ වගකීම මගේ : කතානායකට වගකීම සිහිවෙයි !
මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට තමා බැඳී සිටින බැවින් සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා ගතයුතු සෑම පියවරක්ම තමා විසින් ගෙන ඇතැයි කථානායකවරයා කියා සිටියේය.
අද (08) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙසේ පැවසීය.
“සියලු මන්ත්‍රීවරුන් හට ආරක්ෂාව සැලසීම සඳහා අවශ්‍ය සෑම පියවරක් ම මා විසින් මේ වනවිටත් ගෙන ඇති බව ගරු සභාවට දැනුම් දෙන්නෙමි. කෙසේවුවද පසුගිය දිනවල ඇති වු අවාසනාවන්ත සිදුවීම් නැවත ඇති නොවන ලෙස මනා සංඥමයකින් යුතුව පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ වැඩකටයුතුවල නිරතවීමටත් විශේෂයෙන් කතා කිරීමේ දී ආවේගශීලිව හා පෞද්ගලිකව අපහාස කිරීමෙන් වැළකී සිටිමේ අවශ්‍යතාවය ද දැඩි ලෙස අවධාරණය කරමි.”
මේ අතර පාර්ලිමේන්තුවේදී මතුවූ මන්ත්‍රීවරුන් ගේ ආරක්ෂාව තර්ජනයට ලක්වීම සම්බන්ධයෙන් වූ චෝදනාව ඇතුළු සිදුවූ සිදුවීම් ගැන සොයා බැලීමට පාර්ලිමේන්තු කමිටුවක් පත්කර ඇත.
ඒ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියගේ සභාපතිත්වයෙනි.
එහි සෙසු සාමාජිකයන් ලෙස ,එහි සෙසු සාමාජිකයන් වන්නේ,
- චමල් රාජපක්ෂ
- බන්දුල ගුණවර්ධන
- වාසුදේව නානායක්කාර
- සුසිල් ප්‍රේමජයන්ත
- ගයන්ත කරුණාතිලක
- රවුෆ් හකීම්
- අනුර ප්‍රියදර්ශන යාපා
- විජිත හේරත්
- රංජිත් මද්දුමබණ්ඩාර
- එම්.ඒ. සුමන්තිරන්
යන මැති ඇමතිවරුන් කටයුතු කරයි.
මීට පෙර මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පහරදීමට තැත් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය පාර්ලිමේන්තු වර්ජනයක් දියත් කෙරිණ. එසේම ජාතික ජනබලවේගය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කතානායක වෙත අවධාරණය කළේය.
එහිදී කතානායක ආණ්ඩුවට හිතවාදී ලෙස කටයුතු කරන බවත් , කතානායක යනු ආණ්ඩුවේ තනතුරක් නොවන බවත් පාර්ලිමේන්තුව නම් උත්තරීතර සභාවේ මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීම කතානායක ගේ වගකීම බව විපක්ෂයේ අදහස් හරහා කියවිණ.

චීන පොහොර නැව ගොඩබාලා ? ජවිපෙන් චෝදනාවක් !
චීනයෙන් මෙරටට ගෙන්වන ලද පොහොර නෞකාව බා ගැනීමට කටයුතු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කරයි.
රුපියල් කෝටි 200 ට වැඩි මුදලක් ගෙවා එම පොහොර තොගය ගොඩ බෑවේ කොතනදැයි සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.
ජනතා විමුක්ති විසින් සංවිධානය කරන ලද පාක්ෂික ප්‍රවර්ධන වැඩසටහනකින් ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් පල කර ගෙන ඔහු මේ බව කියා සිටියේය.

එක රටක් එක නීතියක් ඇලේ ? : ඇල අසල අනවසර ගොඩකිරීමක් ?
රාජගිරිය නාවල පාරේ පිහිටි ඇල මාර්ගයක් ආසන්නයේ පිහිටි ඉඩමක්, ඇල ආසන්නයේම ගොඩ කරමින් ඇති බවත් එය නිසි අවසරයකින් සිදුවන්නක්ද යන්න ගැටළු සහගත බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.
ඇලක් ආසන්නයේ මේ ආකාරයට කිසියම් නීත්‍යානුකූල සංවර්ධන කටයුත්තක් සිදුවෙනවා නම් එක් ඉඩම් කොටසක පමණක් ගොඩකිරීම් සිදුවිය නොහැකි බවත් ඔවුන් පවසයි.
වාර්තා වන ආකාරයට ප්‍රසිද්ධ භික්ෂූවකගේ පන්සල් බිමක් මේ ආකාරයට අනවසර ගොඩකිරීමට ලක්කරමින් පවතී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පිරිස ප්‍රශ්න කරන්නේ ප්‍රධාන නගරයක, ඇල මාර්ගයක් අසල මේ ආකාරයට ගොඩකිරීම් සිදුකළ හැකියාව ඕනෑම අයෙකුට තිබේද යන්නයි.
එක රටක් එක නීතියක් කියා ආණ්ඩුව කියන්නේ මේ ආකාරයට කටයුතු කිරීමද යනුවෙනුත් ඔවුන් ප්‍රශ්න කරයි.
අදාළ භික්ෂූව සිය දේශපාලන බල සම්බන්ධතා යොදාගෙන එක රටක් එක නීතියක් මෙහිදීම උල්ලංඝනය කර ඇති බවත් ඔවුන් චෝදනා කරයි.
මාධ්‍ය සම්බන්ධීකාරකගේ ප්‍රතිචාරය මෙන්න !
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අප අදාළ හිමිනමගේ මාධ්‍ය කටයුතු සම්බන්ධීකාරක වෙතින් ප්‍රතිචාරය විමසූ අතර එහිදී ඔහු පවසා සිටියේ, පන්සල් බිමේ කිසිම නීති විරෝධී කටයුත්තක් සිදුනොවන බවයි.
"මේ පන්සල් ඉඩම අක්කර 4ක්. අපේ හාමුදුරුවෝ අක්කර 3ක් පහත්බිම් එකට දීලා තියෙන්නේ, පන්සලට අක්කරයක් තියාගෙන. 1961 ඔප්පුවක් තියෙනවා. හාමුදුරුවන්ගේ නායක හාමුදුරුවන්ට තෑගි ඔප්පුවක් විදියට ඉඩම ලැබිලා තියෙන්නේ.
ඔය ගොඩකරන්නේ වැස්සට පන්සල යටවෙන නිසා.නීත්‍යානුකූලව සිද්ධවෙන්නේ"

යුගදනවිය ගිවිසුම ගැන තවත් කතාවක් !
යුගදනවි ගිවිසුම සම්බන්ධ තොරතුරු වසර දෙකක් යනතුරු පිටතට නොදෙන බවට වන වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි .
මේ පිළිබඳ කරුණු සහ ඊයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් සම-ප්‍රකාශක, රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙසේ කීය.
ඊයේ (07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීය.
කෙසේ වුවත් අදාළ ගිවිසුම පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂය විසින් ඉල්ලා ඇති නමුත් , මෙතෙක් එය ඉදිරිපත් කිරීමට ආණ්ඩුව පාර්ශ්වය සමත්ව නැත.

රවිනාථ ආර්යසිංහ යළිත් විදේශ ලේකම් පදවියට?
විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ පසුගියදා මංගල සමරවීර අමාත්‍යවරයාගේ භාෂ්මාවශේෂවලට ගරු බුහුමන් දැක්වීමට පැමිණ සිටිනු දැක බොහෝ දෙනා විස්මයට පත්වූහ.
මංගල සමරවීර විදේශ අමාත්‍යවරයාට එරෙහිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කේලාම් කියමින් දෙදෙනා අතර දැඩි විරසකයක් ඇතිකොට ව්‍යවස්ථා කුමන්ත්‍රණයට පවා ඔහු දායක වූ ආකාරය දන්නෝ දනිති. විදේශ අමාත්‍යාංශයේ ලේකම් පදවියට කෙල හලමින් සිටි ඔහුට විදේශ සේවයේ ගරු කටයුතු මහත්මයෙකු වූ ප්‍රසාද් කාරියවසම් සහ අමාත්‍ය මංගල අතර පැවති සමීප සම්බන්ධතාව දිරවාගත නොහැකි විය.
අමාත්‍යාංශයේ සේවය කරන සිය සගයන් යොදාගෙන පරිපාලන කටයුතු අවුල් කළ මේ දෙබිඩි පුද්ගලයා, සිය මාධ්‍ය මිතුරන් යොදාගෙන විවිධ ව්‍යාජ පුවත් ද ප්‍රචාරය කළේය.
ඉන් අනතුරුව ජනපති සිරිසේනට සමීප වූ සිය අමාත්‍යවරයාට එරෙහිව බේගල් ඇද බාන්නට විය.
ජනපති, අගමැති, විදේශ ඇමති එක්ව සකස් කළ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 30/1 යෝජනාව මංගල ගේ කුමන්ත්‍රණයක් බවට රවිනාථ ජනපතිට බොරු කීවේය. ශ්‍රී ලංකාව ජාත්‍යනතර කළු පැල්ලම්වලින් බේරාගත් එම යෝජනාවට එරෙහිව ජනපතිවරයා විවේචන එල්ල කරන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය.
මංගලටද අමාත්‍ය පදවිය අහිමිකොට, ප්‍රසාද් කාරියවසම්ද ලේකම් පදවියෙන් එළවා දමා විදේශ ලේකම් පදවියට පත්වූ ඔහු, ඉන් අනතුරුව මංගලගේ සමීපම නිලධාරිනියක වූ මහේශිනී කොල්න්නේ ගෙන්ද පලිගත්තේය.
ව්‍යවස්ථා කුමන්ත්‍රණය අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පෙනී සිටි කතානායක කරු ජයසූරියට එරෙහිව ලොව පුරා ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට නීති විරෝධී ලිපියක් යවුවේද ඔහුය.
එවන් රවිනාථ මංගලගේ භාෂ්මාවශේශවලට ගරු බුහුමන් දක්වන්නේ යළිත් වරක් විදේශ ලේකම් පදවියට ඉව ඇල්ලීමටද?

කොරෝනා මරණ 14,505 ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (06) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,505කි.

පාර්ලිමේන්තුවේ කාන්තා හිංසනය : කතානායක අවධානය පිණිසයි !
රටේ නිතී හැදෙන තැන කාන්තාවන් හින්සනයට පත්වන බවට මන්ත්‍රීවරියන් දහතුන්දෙනාම පැමිණිලි කරනවානම් රටේ අනේකුත් ආයතනවල කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන හින්සාවන් හා පීඩාවන් ගැන කුමක් නම් කීමට ඉතිරිව ඇතිද.
රටේ නීතිය හැදෙන තැන ජනතාව නියෝජනය කරන 225 අතර සිටින කෙනෙක්ට තමන්ට සිදුවන හින්සනය නවතා ගන්නට රටේ උත්තරිතරම තැනත් බැරිනම් රටේ අනෙකුත් කාන්තාවන්ට සමාජය තුළ සිදුවන හින්සනයන් ගැන අපි කතා කිරිම හෝ හඩනැගිම පලක් වේදැයි මා සිතමි, මා එසේ කීමට හේතුවනම් මෙම කාන්තාවන්ට සිදුවන හින්සනයන් වැලැක්වීමටනම් නීතිය හරිහැටි ක්‍රියාත්මකවී දඩුවම් පැමිනවිමට අවශ්‍ය පීඩනය ආරම්භ විය යුත්තේ පාර්ලිමේන්තුව තුළින් විමයි.
උතුරේ 18 හැවිරිදි පාසැල් දැරියක් වන සිවලෝගනාදන් විද්‍යා යන සුරුපී දැරිය සමුහ දූෂණයට ලක්ව අමානුෂික වද හින්සා පමුණුවා මරා දැමුවත් එම සිද්දියේ එක් චුදිතයෙක් හට කොළඹට පැනවිත් සැගවි සිටිමට උපකාර කිරිම පිලිබදව චෝදනා ලැබුවේ නියොජ්‍ය ඇමතිවරියකි.
කොළඹ ප්‍රදේශයේ බාල වයස්කාර දැරියක් ඇමති පුතෙකු විසින් බලහත්කාරයෙන් තබාගෙන ඇතැයි යන චොදනාව මහත් විශාල ආන්දෝලනයකට තුඩු දුන්නත් එවකට සිටි වනිතා කටයුතු ඇමතිනිය නිහඩවිය.
මෑතකදී රටේම ප්‍රවෘත්ති මැවු අවුරුදු 15 කුඩා දෑරුයක් ගනිකා සේවයේ යෙදවිමෙ පුවත යටගියේ රටේ පිලිගත් අයගේ නම් කරලියට පැමිනිමත් සමගය.
හිටපු ආමාත්‍යවරයකුගේ නිවසේ මෙහෙකාර සේවයේ නියෑලිසිටියදි මියගිය දැරිය වෙනුවෙන් හා එවැනිම හින්සනයන්ට මුහුණ දුන් තරුණියන් සාක්ෂි ලබාදීමට ඉදිරිපත් වුනත් ඒ අයට ශක්තියක් විමට ශක්තියක් බලයක් ඇති කිසිවෙක් ඉදිරිපත් නොවිය.
තවත් වරෙක එක් මන්ත්‍රීවරියක් ඩිෆෙන්ඩර් රථයකින් පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදීමක් පිළිබඳවත්, බොරැල්ල ප්‍රදේශයේ කාර්‍යාලයකට කඩාවැදි එහි හිමි කරුට පහර දිමත් ප්‍රසිද්ධියට පත් කතාන්දර වු බව අපට අමතක කල නොහැක .
එසේනම් රෝහිනි කවිරත්න මැතිනියට වු සිදුවිම මෙසේ ප්‍රවෘත්ති මවන්නේ මෙම සිදුවිමට දේශපාලන මුහුනුවරක් දිමටදැයි මට සීතිම වරදක් නොවෙයැයි සිතමි. කාන්තා හා ළමා හින්සනයන් පසුගිය කාලය පුරාවට දිනපතාම වාගේ සිදුවිය. ගීතා කුමාරසිංහට ස්විට්සර්ලන්තයේ පුරවැසි භාවයත් මන්ත්‍රී දුරයත් අහිමි විය. පසුව ඒම හේතුවම 20 වැනි සන්ශෝදනයෙන් නීතිගත විය , ගීතා කුමාරසිංහගේ පුරවැසි භාවය ගැන කතා කරනවිට එවැනි අය දුසිම් ගනනේ පාර්ලිමේන්තුවේ තවත් සිටින බව කීමට මන්ත්‍රීවරියන් ඉදිරිපත් නොවිය.
දූෂණය වන අපයෝජනවන දරුවන්ගේ නම, ගම හා අනේකුත් සියලු තොරතුරු ප්‍රසිද්ධ කිරිමෙන් අපහාසුතාවයට පත්වන පවුලේ උදවිය ගැන සිතමින් මාධ්‍ය හැසිරවියයුතු ආකාරය ගැන අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට කිසිදු කෙනෙක් ඉදිරියට එන්නේ නැත.
ජනතා මුදල් මිලියන ගනනක් දවසකට වියදම් කරමින් පවත්වන පාර්ලිමේන්තුවේ වර්තමානයේ මන්ත්‍රීවරියන් විසින් පැමිණිලි කරනා ආකාරයට රටට හෝ ජනතාවට වැදගත් දේ කතා නොකරන්නේනම් එය බරපතළ ප්‍රශ්නයකි. ඔහු හෝ ඇය නියෝජනය කරන පක්ෂයට එවැනි නියොජිතයන් බරක් නොවුනත් බදු ගෙවන ජනතාවට මේවැනි අය බරකි.
පොදු ප්‍රවාහනයේ සිදුවන දේ හා පාර්ලිමේන්තුවේ සිදුවන දේ සමාන විය හැක,බස් එකේ, කොච්චියේ පත්තරේ බලන, නිදි කිරා වැටෙන අයට නොපෙනෙන, නොඇසෙන දේ පාර්ලිමේන්තව තුලත් නොපෙනි,නොඇසි යන්නේනම් බරපතළ ගැටලුවකි.
අද රටට වහා වහාම අවශ්‍යව ඇත්තේ මානව ගුණධර්ම සංවර්ධනය කිරීමට කැබිනට් ආමාත්‍ය වරයෙකු බව මට හැගෙන්නේ අද සමාජයේ මෙන්ම අප අතරද දිනෙන් දිනම නැතිව යන්නේ යහපත් මනුෂ්‍යත්වය තුළ තිබිය යුතු ගුනාංගයන් නීසාමය.
අපි කඩිනමින් ආයෝජනය කල යුත්තේ කුමන හෝ විශයක් උගත් උපාධි දාරින් හා වියතුන් බිහි කිරීමට පමණක් නොව හෙට දවස වෙනුවෙන් රටක යහ පැවැත්මට හා රටක් ගොඩ නැගිමට අවශ්‍ය පෝෂණය ලබාදිය හැකි, නීතියට ගරු කරන, අපේ සංස්කෘතිය රැකගන්න, මනුෂ්‍යත්වය අගයන, විනයගරුක, යහපත් මිනිසුන් බිහිකරන්න කැපවන රටට බරක් නොවන 225ක් තොරා බේරා ගැනිමටය. මන්ද යත් රටට යහපත් දේ , හොදමදේ තොරාගැනිමේ වගකීම සමස්ත ජනතාව සතු වගකීමකි.
ශර්මිලා ගෝනවෙල

යුගදනවිය ගිවිසුම ප්‍රසිද්ධ කරන්න වෙන්නේ 2023 නොවැම්බර් : හේතුව මෙන්න !
යුගදනවි විදුලි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම සම්බන්ධයෙන් වූ ගිවිසුමේ අන්තර්ගතය ගිවිසුම් ගතවූ දින සිට වසර දෙකක් යනතුරු හෙළි නොකිරීමට දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇති බව වාර්තා වෙයි.
අදාළ ගිවිසුමේ වගන්තියක මේ බව දන්වා ඇති අතර ඒ අනුව ගිවිසුම අත්සන් කළ දිනය වූ 2021/09/17 දා දිනයේ සිට 2023/09/17 දා දක්වා ගිවිසුමේ අන්තර්ගතය දෙපාර්ශ්වය විසින් හෙළි නොකරනු ඇතැයි වාර්තා වෙයි.
ගිවිසුමේ අන්තර්ගතය හෝ ගිවිසුම පාර්ලිමේන්තුවට සභාගත කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු ඉල්ලා සිටි අවස්ථාවේදී විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මසක් ඇතුළත ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියද මෙතෙක් එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත.

සජබ තවදුරටත් පාර්ලිමේන්තු වර්ජනයක : කතානායකට චෝදනා !
පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වර්ජනය කිරීමට තීන්දු කර ඇත.
එය තහවුරු කරමින් දෙවැනි දිනයටත් අද (07) පාර්ලිමේන්තු සංකිර්ණය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
එහිදී අදහස් දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කතානායකවරයා වෙත බරපතළ විවේචනයක් එල්ල කළේය.
ඒ කතානායක සිය වගකීම් පැහැර හරිමින් කමිටු පත්කරමින් සිටින බවත්, සභා ගැබ තුළ රජය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ම්ලේච්ජත්වයට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නා බව පවසමිනි.

ජනතාවගේ නාඩි ගැන හැඟීමක් නැත්නම් රටක් පාලනය කරන්න බෑ - ඩීව්
ජනතාවගේ දේශපාලන නාඩි ගැන හරි දැනුමක් නැත්නම් ඔහු දේශපාලනඥයෙකු නොවන බවත් එවන් අයෙකුට රටක් පාලනය කරන්න බැරි බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහලේකම් සහ හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර සඳහන් කරයි.
වර්තමානය රට මුහුණ දෙන අර්බුදයට විසඳුම් නොමැතිව රට අගාධයට යමින් ඇතැයිද ඔහු පැවසීය.
ආණ්ඩුවේ දේශපාලන පක්ෂ නායකයන් මහජන නියෝජිතයන් මුණ නොගැසී නිරන්තර සාකච්චා නොපවත්වා කිසිම නායකයකුට රටක් පාලනය කළ නොහැකි බව ද එවිට මෙවන් අර්බුද මතු වීම නොවැළැක්විය හැකි බවත් ඔහු කියා සිටී.
නායකයන් පළමුකොටම අර්බුදවල ප‍්‍රශ්නවල ගැඹුර තේරුම් ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
පසුගිය මැතිවරණවලදී ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාවගෙන් අති බහුතරයක් අද වන විට ආණ්ඩුවෙන් ඈත්ව සිටින බවද පැවසූ ඔහු තුනෙන් දෙකක බහුතර බලයක් ලැබුණු සෑම ආණ්ඩුවකට මෙවැනි තත්වයන්ට මුහුණ දී බලෙන් පහව ගිය බව ඉතිහාසය සාක්ෂි දරන බවද කියා සිටියේය.
Page 405 of 473