V2025

පුවත්

නව විභාග කොමසාරිස්වරයෙක් පත් කෙරේ

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්. එම් . ඩී ධර්මසේන මහතා නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස පත් කර තිබේ.

ඔහු මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කරයි.

මෙතෙක්  විභාග කොමසාරිස් ජනරාල් තනතුරේ සේවය කළ  සනත් පූජිත  අද  සිට ක්‍රියාත්මක වන පරිදි  සිය ධුරයෙන් විශ්‍රාම ගොස් ඇතැයි ද වාර්තා වෙයි.

කොරෝනා මරණ සංඛ්‍යාව 14,232 දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 27 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,232 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 19 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 08 දෙනා කාන්තා ආසාදිතයින් ය.

මියගිය අනෙක් පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 07 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 20 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (25) වාර්තා කරන ලද මෙම මරණ 27 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි

6fea7be4 260441655 443295477356993 6745905494809582763 n

ලංකා පොලිසියට මානව හිමිකම් ප්‍රශ්න : ස්කොට්ලන්ත පුහුණුව ගැලවෙයි !

මානව හිමිකම් පිලිබඳ ගැටළු නිසා ශ්‍රී ලංකාවේ පොලිසියට දෙන පුහුණුව තව දුරටත් පවත්වාගෙන නොයාමට ස්කොට්ලන්ත පොලිසිය තීන්දු කර ඇත.

ඒ බව ස්කොට්ලන්ත පොලිස් ප්‍රධානියා ඊයේ ස්කොට්ලන්ත පොලිස් අධිකාරියේ ඉහළ බලධාරීන්ගේ මාර්ගගත සමුළුවට දැනුම් දුන්නේය.

“ශ්‍රී ලංකාවේ පුහුණු කිරීම් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව අපි කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයට උපදෙස් දී ඇත්තෙමු,” යි ස්කොට්ලන්තයේ පොලිස් ප්‍රධානී ඉයේන් ලිවින්ග්ස්ටන් ප්‍රකාශ කළේය.

2007 පමණ සිට ශ්‍රී ලංකාවට දෙන පොලිස් පුහුණුව නැවත අලුත් කිරීම සඳහා නියමිතව ඇත්තේ 2022 මාර්තුවේය. ඒ සඳහා පුනරීක්ෂණය භාරව ඇත්තේ බ්‍රිතාන්‍යයි.

එම කාල සීමාව තුල ස්කොට්ලන්ත පොලිසියේ කිසිවකුටත් ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවත් පොලිස් ප්‍රධානී ලිවින්ග්ස්ටන් වැඩිදුරටත් කියා සිටියේය.

ලිංගික හිංසන ඇතුළු වධබන්ධන පැමිණවීම පිලිබඳව චෝදනා ලබන ශ්‍රී ලංකාවේ පොලිසියට දෙනු ලබන පුහුණුව නවත්වන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම බලපෑම් කර තිබුණි.

lead news

ගැහුවොත් ගහන හැටි දන්නවා : මෛත්‍රී ආණ්ඩුවෙන් එළිපිට ගේම ඉල්ලයි !

ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු පසුගිය සමයේ දැක්වූ විවේචන වලට දැඩි ප්‍රතිචාරයක් අද (25) පාර්ලිමේන්තුවේදී පළවිය.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙතිනි.

ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමනට ගැහුවොත් වෙනත් විදිහට පහර දීමටත් සූදානම් බවයි.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව මෙම අදහස් පළ කළ බව දේශපාලන විචාරකයන් පවසයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ද එවැනිම අදහස් දැක්වීමක් සිදුකළ බවත් අලුත්ගමගේ අමාත්‍යවරයා ද එහිදී අදහස් දක්වමින් සිදුකළ කරුණු හමුවේ ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය එළිපිට ප්‍රදර්ශනය වූ බවත් විචාරකයන් පෙන්වා දෙයි.

කල්‍යාණි රන් පිවිසුම : ඊයේ විවෘත කළා අද වැහුවා !

කල්‍යාණි රන් පිවිසුම නමින් ඊයේ(24) දිනයේ විවෘත කරන ලද නව කැළණි පාලම අද(25) පෙරවරුවේ සිට යළි වසා දමා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් මෙම මාර්ගය ජනතා අයිතියට පත් කරන ලදී.

කැලණි පාලම ආශ්‍රිතව ඇතිවන අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස නව ගුවන් පාලම ඉදිකරන ලදී.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව හිතවාදී සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කළ පුවතක දැක්වෙන්නේ , ඔවුන් කළ විමසීමකදී ‍ අත්‍යවශ්‍ය සුළු නඩත්තු කිරීම් කටයුතු කිහිපයක් සඳහා මෙම මාර්ගය යළි වසා දමන ලද බව ව්‍යාපෘතියේ ප්‍රධානියකු පැවසූ බවය.

වසා දැමුණත් එය නැවතත් අද පස්වරුවේ මහජනතාව සඳහා විවෘත කරන බව ද විවෘත කිරීමට පෙර සැලසුම් කර තිබුනේද ඒ ආකාරයෙන් බවත් ඔහු පැවසූ බවත් එම පුවතේ සඳහන් වෙයි.

පොහොර ටිකෙන් ගහපු අයට : දයාසිරි සාප කරයි !

මෙතරම් අසීරු අවස්ථාවක පොහොරවලින්ද වංචා කර ඇත්නම් ඔවුනට සාප වන බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

පොහොර ප්‍රශ්නයෙන් රටට වූ විනාසයට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිස වගකිව යුතු බවත් ඔහු පවසයි.

දැනටමත් ගොවීන් වගා කර ඇතත් ඒවායේ අස්වැන්න පැමිණීමේදී අර්බුදයක් මතු වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

රජය දැන් අවසර දී ඇතත් පොහොර ගෙන්වීම හදිසියේ කලබලේ කළ හැක්කක් නොවන බවත් එය එසේ කිරීමට ගොස් දැන් විවිධ චෝදනා ආණ්ඩුවට එල්ලවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා : ආදරණීය මංගල මතක අලුත් කරයි !

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ගේ අභාවයේ තෙමස් පූර්ණය වෙනුවෙන් සංවේදී සටහනක් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය ෆේස්බුක් ගිනුමට එක්කර ඇත.

එය පහත දැක්වෙයි.

ආදරණීය මංගල!

වඩා යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් සිදුවන සෑම සටනකම ඔබ ජීවත් වනු නිසැකය. නිදහස, අවංක පාලනයක්- සියලු දෙනා එක්සත් කළ, විවිධත්වය ගරු කරන රටක්- දේශපාලඥයන්ට නොව ජනතාවට සැබැවින්ම සලකන පාලන ක්‍රමයක්- මේ සියල්ලේ සංඛේතය ඔබයි.

අසාධාරණය, දූෂණය සහ භීෂණයට එරෙහිව නැගී සිටින සියල්ලන්ගේ හදවත්වල සහ ක්‍රියාවන්වල ඔබ ජීවත් වනු ඇත.

නිවන් දකින්නට පෙර සසර ගමනේ ඔබ- අප සිහින දකින ලද වැදගත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් කරන සටනට එක්වීමට නැවත අප අතරට පැමිණෙන්න.

FB IMG 1637825627234

කොරෝනා මරණ සංඛ්‍යාව 14,205ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කළ තවත් කොරෝනා මරණ 23ක් අද දිනයේ වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,205ක් දක්වා ඉහළගොස් ඇත.

වයස අවුරුදු 60 ට වැඩි 18 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 4 දෙනකු සහ අවුරුදු 30ට අඩු එක් අයෙක් ද මියගිය අය අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් 12 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

ගොවියා වෙත සහන දිය යුතු වුවද අවසානයේ ඔවුන්ට ඉතිරි වූයේ අසහනයි - මෛත්‍රීපාල සිරිසේන

රසායනික පොහොර යළි ගෙන්වීමට අවසර දී තිබෙන බව මාධ්‍ය හරහා පැවසුවද එවැන්නක් නිල වශයෙන් දැනුම් දී නැතැයි ද, ගොවියා වෙත සහන දිය යුතු වුවද අවසානයේ ඔවුන්ට ඉතිරි වූයේ අසහනය බවත් දැන් ගොවියන්ට සිදුව ඇත්තේ වස බීමට බවද හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පැවසුවේය.

ඒ, අද (24) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෘෂිකර්මාන්තය තුළ අවුල සහගත තත්ත්වයක් ඇතිකර තිබෙන අතර ඊට විෂයභාර අමාත්‍යවරයා වගකිවයුතු බවයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

රසායනික පොහොර සඳහා යළි අවසර දුන්නද මේ වන විටත් සිදුවූ හානිය වළක්වා ගැනීමට තව කාලයක් ගතවනු ඇති බව මෛත්‍රීපාල සිරිසේන  සඳහන් කළේය.

මහින්දානන්ද ටොපේ ටොප් වෙලා !

අද ආණ්ඩුවේ කාබනික වගා සංකල්පය පිස්සන් කොටුවට බෝම්බ දැම්මා වගේ එකම විකාරයක් බවට පත්වෙලා. කවුරුවත් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න කිව්වේ නෑ. හැබැයි ගොවියෝ කෘමිනාශක, දිලීර නාශක, වල් නාශක ඉල්ලනවා. ඒ එකක්වත් ගෙනල්ලා ගොවියා, ගොවිතැන ගොඩගන්න කටයුතු කරන්නේ නෑ. හැබැයි උදේ - දවල් - හවස අමාත්‍යාංශයේ එක එක්නෙකා බොරු කිය කිය මාධ්‍ය සංදර්ශනයක් තියෙනවා යැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයට ඕනි මොනවා හරි බොරුවක් කියලා ගොවියෝ ටික කුඹුරට හේනට දක්කන්න පුළුවන් ද බලනවා. අද ගොවියාට ජනාධිපති, කෘෂිකර්ම ඇමතිලා, ලේකම්ලා, අධ්‍යක්ෂකලා කියන කිසිම දෙයක් විශ්වාස නෑ. දිලීර නාශක, කෘමි නාශක ඉල්ලුවාම ග්ලියෆොසෙට් වලට ගැසට් ගහන ආණ්ඩුවක් මේක. ඔය ගැසට් එක කෙටුම්පත් කළේ 2019. ඔය කෘෂිරසායන අවශ්‍ය මහා පරිමාන තේ, පොල්, රබර් වගාවන්ට. ඒ වගා රැකගන්න ඕනි. ඊට ඉස්සර වෙල එළවලු ටික, වී වගාව, තේ වගාව, සුළු අපනයන, එදානෙදා කණ බොන වගාවට තියෙන ප්‍රශ්න විසඳගෙන ඉන්න ඕනි. මේක තරනිකරම ඇස් බැන්දුමක්. කෘෂිකර්ම අමාත්‍යාංශය එකගෙය ගෙයි කන ගමන් මාධ්‍ය ඉදිරියේ බොරුවට ගහ බැන ගන්නවා. මහින්දානන්ද බලයට ආවේ ටොප් ටෙන් පෙන්නලා. හැබැයි අල්ලපු ටොප් ටෙන් කෙනෙක් නෑ. දැන් මහින්දානන්ද ටොපේ ටොප්. එයා තමයි ජනාධිපති ලඟට හොඳටම කරන්නේ.

ලංකාවේ වගාවට කෘෂි රසායන 156 ක් ලියාපදිංචි කරලා තියෙනවා. ඒ එකක්වත් නැතිව, තහනම් කරපු ඒවා ගේන්න හදිස්සි වෙලා තියෙනවා. මහින්දානන්ද - ශෂින්ද්‍ර දෙන්නට ගොවියා ගැන කිසිම හැඟීමක් නෑ. මොකක්හරි ජාවාරමක් දැක්කොත්

අපි දැක්කා, හිටපු ගමන් ආණ්ඩුව පාසල්, විශ්වවිද්‍යාල වහලා තියොගෙන සුරාසැල් ඇරියා. හැබැයි ඇරපු කෙනෙක් නෑ. දැන් ගැසට් ගහනවා. ගැසට් එක ගැහුවට පස්සේ ගහපු මිනිහා අයින් කළා කියනවා. ඇමතිට ඕනි විදිහට බෑ පිලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්ව අයින් කරන්න. ලියුම අස්සන් කරන නිලධාරියාට සිද්ධවෙනවා උත්තර දෙන්න.

අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ට බනිනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්ට බනිනවා. සභාපතිලා එලවනවා. මේවා නාට්ටි. චීන අශුචි නැවට සල්ලි ගෙවන්න අනුමැතිය ගත්තා. නැනෝ යුරියා මඟඩිය තව නැගලා යනවා. අද කෘෂිකර්ම අමාත්‍යාංශය ටොපේ ටොප්.

රජිත් කිර්ති තෙන්නකෝන්

දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

මාධ්‍යට අලුත් නීති ගේන්න : ඩලස්ගෙන් කැබිනට් පත්‍රිකාවක් !

ජාත්‍යන්තර නීති, ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය මෙන්ම සමාජ හා සංස්කෘතික අනන්‍යතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් නව මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් ඩිජිටල් තාක්‍ෂණය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සමඟ වෘත්තීය කුසලතා, සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය භාවිතය සහ හැසිරීම පිළිබඳ අධ්‍යාපනය, සන්නිවේදන උපාය මාර්ග පිළිබඳ අවබෝධය ඇති මාධ්‍යවේදීන් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සහ ජනමාධ්‍ය සහ සන්නිවේදන ක්ෂේත්‍රවල වර්ධනයන් ඒ මගින් අපේක්ෂා කෙරේ.

මේ සඳහා මාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ආයතන සම්බන්ධයෙන් පවතින නීති, ප්‍රතිපත්ති සහ ආචාර ධර්ම සංශෝධනය කිරීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව නිර්දේශ සභාගත කිරීම සඳහා මාධ්‍ය, අලෙවිකරණය, අධ්‍යාපනය, නීතිය, පරිපාලනය සහ ආර්ථිකය වැනි ක්ෂේත්‍රවල පළපුරුද්ද ඇති පුද්ගලයින් නියෝජනය කරමින් කමිටුවක් පත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

-mawrata

මන්ත්‍රීලාගේ අසභ්‍ය ප්‍රකාශ නිසා මව්පියන් අසරණයි : කතානායකට පැමිණිල්ලක් !

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී සිදුකරන අසභ්‍ය සහ අශ්ලීල ප්‍රකාශ වලක්වා එවැනි තත්ත්වයන් වැලැක්වීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධනට පැමිණිල්ලක් සිදුකර ඇත.

මේ ලිඛිත පැමිණිල්ල සිදුකර ඇත්තේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි සභාපති රංජිත් විතානගේ විසිනි .

කුඩා ළමයින් එම ප්‍රකාශ පිළිබදව අපගෙන් විමසීමේදී දෙමාපියන් වශයෙන් අප පත්වන අසීරුතාවය පිළිබදව ගරු පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙසත් ඔහු එහිදී අවධාරණය කර ඇත.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් කතානායකට යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

ගරු කතානායකතුමා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

ශ්‍රී ජයවර්ධනපුර

කෝට්ටේ

ගරු කතානායකතුමණි,

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධව.

මේ රටේ ව්‍යස්ථා සෑදිම සදහා පිහිටුවා තිබෙන පාර්ලිමේන්තුව රැස්වීම සදහා දිනකට ලක්ෂ ගණනක් වියදම් වන බව අප කවුරුත් දන්න කාරණයකි. එසේ වියදම් කරනු ලබන්නේ මේ රටේ ජනතාවගේ මුදල් බව ඔබතුමා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නැවතත් අවධාරණය කරමු.

එසේ තිබියදී සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව තුළ අසභ්‍ය හා අශ්ශිල ප්‍රකාශ සිදුකිරීම අප සංවිධානය දැඩිවහෙළාදකිමු. එම ප්‍රකාශ මගන් ජනතාව වන අප දැඩි අපහසුතාවයට පත්වන බව ඔබතුමාට ඉතා කණගාටුවෙන් දැනුම්දෙන අතර අපගේ කුඩා ළමයින් එම ප්‍රකාශ පිළිබදව අපගෙන් විමසීමේදී දෙමාපියන් වශයෙන් අප පත්වන අසීරුතාවය පිළිබදව ගරු පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

කුඩාකල විවිධ අතවරයන්වලට ලක්ව ඇති බොහෝ පුද්ගලයින් එවැනි අසභ්‍ය හා අශ්ශිල ප්‍රකාශ නිකුත් කිරීමට පෙළ‌ෙඔන බව අපගේ විශ්වාසය වන බැවින් හා එම මන්ත්‍රීවරුන් යහපත්මගට ගෙන ඒම සදහා කිසියම් වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන ලෙසත් අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

රිවර්ස් කරපු අලුත්ම ගැසට් එක මෙන්න !

රසායනික පොහොර, වල් - පළිබෝධ නාශක , දිලීර ඇතුළු රසායන ද්‍රව්‍ය ආනයනයයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙකී ද්‍රව්‍ය තහනම් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනයක් අද (24) රාත්‍රියේ සිට අවලංගු කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව අද දිනයේ සිට එම රසායනික ද‍්‍රව්‍ය පෞද්ගලික අංශයට ආනයනය කළ හැකි බවද අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් රජයේ හරිත කෘෂි කර්මාන්ත වැඩපිළිවෙළ යටතේ පොහොර සහනාධාර ලබාදීම සහතික වී මිල ඇතුළු වැඩ කටයුතු දිගටම ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.

මේ අතර ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ ජනාධිපති කාර්යාලයේ පසුගියදා පැවති හමුවකදී පැවසුවේ රසායන පොහොර සදහා රජයේ පොහොර සහනාධාර ලබා නොදෙන බවයි.

කෙසේ වුවත් 2019 ජනාධිපතිවරණය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ එහි අපේක්ෂකයකු ලෙස සමස්ත ගොවි ප්‍රජාව හමුවේ ප්‍රතිඥා දුන්නේ පොහොර නොමිලේ ලබාදෙන බවය.

ඔහුගේ එවර සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූයේ වසර 10ක් තුළ කාබනික වගාව සඳහා රට යොමුකරන බවය.

ආණ්ඩුවට ඕසෙට දූෂණ චෝදනා : ගෝඨාභය ටූල් භාවිතය අරඹයි !

ශ්‍රී ලංකාවෙන් අල්ලස් හෝ දූෂණය තුරන් කිරීම සඳහා දැනටක්‍රියාත්මක පනත් කිහිපයක් ඒකාබද්ද කොට අලුතින් නීති සැකසීම සඳහා ජනාධිපති විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

එය නම් කර තිබෙන්නේ “ශ්‍රී ලංකාවෙන් අල්ලස් හෝ දූෂණ තුරන් කිරීම සඳහා සංගෘහිත පනතක් නීතිගති කිරීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව” යනුවෙනි. එයට පසුගිය 11 වෙනි දින ජනාධිපති අත්සන් තබා ඇත.

එම කැබිනට් පත්‍රිකාවෙන් අල්ලස් පනත, වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය, සහ අල්ලස් දූෂණ චෝදනා විමර්ශන සභා පනත යන පනත් ඒකාබද්ධ කිරීමට අනුමැතිය ඉල්ලා ඇත. එසේ ඒකාබද්ධ කොට දූෂණ විරෝධී පනතක් කෙටුම්පතක් සකස් කිරීමට නියමිතය.

වර්තමාන ජනාධිපති යටතේ වත්මන් ආණ්ඩුවට සීනි බදු වංචාව, පොල්තෙල් බදු වංචාව, සිගරැට් වංචාව, ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල වංචාව, කාබනික පොහොර – නැනෝ යූරියා සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් මහා පරිමාන වංචා හා දූෂණ චෝදනා එල්ල වී තිබෙන පසුබිමක මෙම නව නීති සම්පාදනය කිරීමට යෝජනා කර ඇත.

පාරු අනතුරෙන් ගම් වැසියන් කෝප වෙයි : පිල්මාරු කළ මන්ත්‍රී නිවසට ප්‍රහාරයක් !

සමගි ජනබල වේගයෙන් පාරිලිමෙන්තුවට තේරී පත්වී විපක්ෂයේ අසුන්ගත් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික්ගේ නිවෙසට ගම්වාසීන් විසින් ප්‍රහාරයක් එල්ලකොට ඇත.

කින්නියා ප්‍රදේශයේදී පාරුවක් පෙරළී සිසුන් 06 දෙනෙකු මිය යාමෙන් පසු කෝපවූ ප‍්‍රදේශවාසීන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත.

මෙම මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා ඇත්තේ කින්නියා ප්‍රදේශයේය.

කින්නියා ප්‍රදේශයේ අද ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පොලිසිය විසින් පාලනය කර තිබේ.

කෙසේවෙතත් මුස්ලිම් කොංග්‍රසයෙන් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට තේරී පත්වී ආණ්ඩුව සමඟ ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරුන්ට තම ගම්වලට නොපැමිණෙන ලෙස ඡන්දය දුන් ජනතාව දැනුම් දී තිබිණ.

පොහොර සහනාධාරය අහිමි කළ : ශාක පෝෂක කතා වස්තුව !

2019 ඔක්තෝබර් 25

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී.

මෙරට කෘෂිකර්මාන්තය වසර 10 කින් මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් ය.

2021-අප්‍රේල් 28

රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක මෙරටට ගෙන්වීම හා භාවිතය තහනම් කිරීමට අදාළ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට.

යෝජනාව ඉදිරිපත් කළේ, ජනාධිපතිවරයා විසිනි.

”2021-2022 මහ කන්නය මුළුමනින්ම රසායනික පොහොර හා කෘමිනාශක භාවිතයෙන් තොරව වගා කිරීමටත් පියවර ගත යුතු බවත් ගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා තියෙනවා”

– කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල‍-

යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කමිටු 2 ක්.

එක් කමිටුවක් වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වත්මන් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ජ්‍යේෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

අනෙක් කමිටුව පත්කර ඇත්තේ එවකට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්.

රසායනික පොහොර තහනමෙක් කෘෂිකර්මාන්තයට බරපතල බලපෑමක් සිදුවන බවට රජයේ ලියාපදිංචි කෘෂි ව්‍යවසායක ජාතික එකමුතුව මෙන්ම ගොවීන්ද පෙන්වා දෙයි…

ගොවීන් විරෝධයේ

2021_අප්‍ර්ල්_29

ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

2021 මැයි 09

තෝරාගත් කෘෂි රසායනික ද්‍රව්‍ය කිහිපයක් පමණක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා දෙමින් ගැසට් පත්‍රයක්.

2021 මැයි 11

රසායනික පොහොර, කෘමි නාශක හා වල් නාශක වෙනුවට කාබනික පොහොර භාවිත කරමින් ස්වභාවික ගොවිතැනට පරිවර්තනයවීම සදහා මාර්ග සිතියමක් සහ කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කිරීමට ජනාධිපති කාර්යය සාධක බලකායක් බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පත්කෙරේ.

සංචරණ සීමා මැද දිවයිනේ ප්‍රදේශ රැක ගොවීන් පොහොර ගැටලුව විසන්නැයි ඉල්ලා විරෝධයේ…

2021 අගෝස්තු 03

රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල ගෙන් ප්‍රකාශයක්.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය දියර නයිට්‍රජන් යම් ප්‍රමාණයක් රටට අවශ්‍ය බැවින් ඒවා බලපත්‍ර මත ගෙන්වීමට පමණක් මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබාදී ඇති බවත් කියයි.

2021 අගෝස්තු 04

දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබාදී නැතැයි අවධාරණය කරමින් ජනාධිපති මාධ්‍ය අංශයෙන්නිවේදනයක්.

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2021 මැයි මස 31 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කල ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සැකසූ ශාඛ පෝෂක ආනයනය කිරීමේ යෝජනාවට අනුව විශේෂිත වූ පොහොර ආනයනය සඳහා පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අදාළ අනෙකුත් ආයතන හරහා විශේෂ වූ බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ අවසර ලබා දී ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි.

දිවයිනේ ප්‍රදේශ රැක ගොවීන් පොහොර ගැටළුවට විසන්නැයි ඉල්ලා විරෝධයේ…

2021 අගෝස්තු 5

නිකුත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයකින්, මුහුදු පැළෑටිවලින් නිපදවන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99 000ක් ‘චින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප්’ නම් චීන සමාගමකින් ගෙන්වීමට තීරණය කෙරේ.. ඒ සඳහා රජය විසින් අනුමත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 63.6ක්.

2021 අගෝස්තු මස 31

මෙම පොහොර සාම්පල දෙකක් ජාතික පොහොර ලේකම් කාර්යාලයය මඟින් ජාතික ශාක නිරෝධායන සේවයට ලබා දීමෙන් අනතුරුව සිදුකෙරුනු පර්යේෂණවලින් පෙන්නුම්කර තිබුණේ, මෙයින් එක් සාම්පලයක “Erwinia” සහ “Bacillus” යන ගණයන්ගේ ක්ෂුද්‍රජීවීන් බහුලව සිටිනබවත්, අනෙක් සාම්පලයේ “Bacillus” ගණයට අයත් බැක්ටීරියාවන් සිටිනබවයි.

පොහොර ඉල්ලන ගොවි විරෝධතා උග්‍රවෙයි…

2021 සැප් 22

එක්සත් ජාතින්ගේ ආහාර පද්ධති සමුළුවට. ඔන් ලයින් ක්‍රමවේදයට අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම් කරමින් කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව ගන්නා වෑයම ලෝකය හමුවේ තැබුවා

”ජනතාවගේ සෞඛ්‍යයට වගේම පරිසරයට අයහපත් බලපෑම් කරන රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම් කරන්න මගේ රජය මෑතකදී පියවර ගත්තේ තිරසර සංවර්ධනය සඳහා වන රාජ්‍ය ප්‍රතිපත්තිය මුල් කොටගෙන”

මහකන්නයට පොහොර දෙන්න…

දිවයිනේ ප්‍රදේශ රැක ගොවීන් විරෝධයේ…

ඔත්තෝබර් 13 වැනි දා

මහ කන්නය සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් ශ්‍රී ලංකාවට ආනයනය කරයි.

2021 නොවැම්බර් 02

සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව ,, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කොට්ලන්තයේ, ග්ලාස්ගෝහි කොප් 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ප්‍රකාශ කරයි.

”පොහොරවල අධික ලෙස නයිට්‍රජන් අඩංගු වීම පසට , ජලයට , වාතයට සහ මිනිස් සෞඛ්‍යයට ඉතා අහිතකරයි. රසායනික පොහොර ආනයනය අවම කිරීමටත් කාබනික පොහොර භාවිතය දිරිමත් කිරිමටත් අප රජය පියවර ගත්තේ මෙවැනි පසුබිමකයි”.

2021 නොවැම්බර් 04

පොහොර අවශ්‍යතා සපුරා ගැනීමට බව කියමින් ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් පොහොර ගුවන් මගින් මෙරටට ගෙන එයි.

ආනයනයේදී බරපතල දූෂණයක් සිදුවූ බවටත් ප්‍රකාශයක්

ඊයේ (2021-11-21)

තහනම් කරන ලද ද්‍රව්‍ය ඇතූළු ප්‍රමිතියෙන් යුතු ශාක පෝෂක යළි ගෙන්වීමට අවසරදී ඇති බව කෘෂි කර්ම අමාත්‍යංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා අණාවරණය කරයි.

හරිත කෘෂිකර්මය එක රැයින් ඇතිකළ හැක්කක් නොවන බවත් ආන්දෝලනයට තුඩු දුන් යූරියාද, මිල ඉහල බැවින් ඒ වෙනුවට විකල්ප ද්‍රව්‍යයක් ගෙන ඒමට ඇති හැකියාව පිලිබදවද සොයා බලන බව අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්…

අද (2021-11-22)

හරිත කෘෂි කර්මාන්තය තවදුරටත් රජයේ ප්‍රතිපත්තිය බවත්, එළවළු, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග වැනි වගා සඳහා අවශ්‍යතාව මත කෘෂි රසායන පෞද්ගලික අංශය හරහා ගෙන්වීමට අවධානය යොමු කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් නිලධාරීන්ට උපදෙස්.

රසායනික පොහොර හෝ කෘෂි රසායන රජයේ සහනාධාර වැඩපිළි‍වෙළ යටතේ කිසිවිටෙකත් ලබානොදෙන බවටත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කරයි…

news 1st

කොරෝනා මරණ සංඛ්‍යාව 14,182 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 24 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,182 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 15 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 09 දෙනා කාන්තා ආසාදිතයින් ය.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 04 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 20 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (23) වාර්තා කරන ලද මෙම මරණ 24 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

b67eb51e release no 1199 english page 001

අශිෂ්ට මන්ත්‍රී තිස්ස කුට්ටි ගුටි නොකා නූලෙන් බේරෙයි !

රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ඇතුළු කාන්තාවන් හට දරුණු ලෙස අපහාස කළ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සිය අසික්කිත හැසිරීම අද (23) දිනයේ ද පාර්ලිමේන්තුව තුළ විදහා පෑවේය.

ඒ කතානායක පවා ඔහු පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටුව සහ එකී ප්‍රකාශය වැරදි සහගත බව පැවසූ පසුබිමකය.

මෙහිදී කණගාටුවට කරුණ වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදාළ සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය බරින් යුතුව මැදිහත් වීමක් සිදුකරනු දකින්නට නොලැබීම ය.

කෙසේ වුවත් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගැබේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ට පහරදීමක් වැන්නකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් උත්සාහ කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේ සභා ගැබ මැදට පැමිණ කුට්ටිආරච්චි මන්ත්‍රී ට පහර දීම සඳහා යාමට උත්සාහ කල අවස්ථාවේදී මන්ත‍්‍රීවරුන් පිරිසක් පැමිණ එම උත්සාහය වළකාලනු ලැබීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ වත්මන් පාලනය යටතේ කාන්තා මන්ත්‍රීවරියන් දරුණු අපහාසාත්මක ප්‍රකාශයන්ට ගොදුරු වූ පළමු අවස්ථාව මෙය නොවේ. නමුත් වත්මන් පාලකයන් ඒ සම්බන්ධයෙන් බරපතළ තැකීමක් සිදුකරනු දක්නට නොලැබෙයි.

Page 400 of 464