V2025

පුවත්

එක රටක් එක නීතියක් බලකාය අහෝසි කරන්න - එජාපය දන්වයි !

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්‍ය සාධක බලකාය වහාම අහෝසි කරන ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම්දීමක් සිදුකර ඇත.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත්කර ඇත.

අදාළ ජනාධිපති කාර්‍ය සාධක බලකාය හේතුවෙන් රටේ මූලික ව්‍යවස්ථාවට සහ ජාතික සමගිය අර්බුද ඇතිකරන්නක් බවත් එහිදී නිදර්ශන සහිතව අවධාරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

නිදහස් ලංකාවක් බිහිවීමත් සමග ආග්‍රමාත්‍ය මහාමාන්‍යය ඩී. එස්. සේනානායක මැතිතුමා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් බිහි කළ අතර සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජනතාව එක් අනන්‍යතාවයකින් ඉදිරියට ගමන් කිරීම අපගේ ජාතික ගීයේ ‘එක මවකගේ දරු කැල බැවිනා‘ යන වචන තුළින් අර්ථ ගැන්වුනා. එමෙන්ම අපගේ ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්ජේදය තුළද එය සඳහන් වී තිබෙනවා.

ඒ අනුව අපට ඇත්තේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුළ ඉදිරියට ගොස් අඩුපාඩු සකසා ගැනීමයි, එම නිසා එක් රටක් එක් නීතියක් සදහා පත්කළ ජනාධිපති කාර්යසාධන බලකාය ඊට පටහැනි වනවා.

මෙම රටේ විවිධ පුද්ගල කොට්ඨාශ වෙනුවෙන් වෙනවෙනම නීති තිබු අතර අපගේ පැරණි සිංහල රාජධානියේ නීතිය අද උඩරට නීතිය ලෙස හැඳින්වෙනවා. එය අවුරුදු 700 කට වඩා පැරණි නීතියක් රෝමානු ලන්දේසි නිතියද අවුරුදු 600 කට වඩා ක්‍රියාත්මක වී තිබෙනවා.

තේසවලමේ නීතිය වසර 500 ක් පමණ පැරණි යාපනයට පමණක් අනන්‍ය වූ දකුණු ඉන්දියාවේ පවා ක්‍රියාත්මක නොවන පැරණි විශේෂ නීතියක්. එමෙන්ම මුස්ලිම් වරුන් සඳහා පවතින නීතියද දීර්ඝ කලක සිට පිළිගෙන තිබෙනවා.

මීට අමතරව නැගෙනහිර පළාතේ මුක්කුව නමින් ජනවර්ග කණ්ඩායමක් 19 වන ශතවර්ෂයේ අග බාගය දක්වා ජිවත් වූ අතර, ඔවුන්ටත් වෙනම නීතියක් පැවතුණා. 20 වන ශතවර්ෂයේදී මෙම ජන කණ්ඩායම ද්‍රවිඩ හා මුස්ලිම් ජන කොට්ඨාශ සමග මිශ්‍ර වීම හේතුවෙන් සමාජයෙන් තුරන් වුණා.

අතීතයේ පටන් විවිධ ජන කණ්ඩායම් වලට පැවති ක්‍රමවේද සහ ලක්ෂණ අප පිළිගෙන තිබෙන අතර ඒ තුළින් කිසිවෙකුටත් හානියක් සිදුවී නැත.

මෙම නීති ඉවත් කිරීම යනු සමස්ත ශ්‍රී ලංකා රාජ්‍ය වෙනුවෙන් ගොඩ නැගු නීති පද්ධතීන්ද ඉවත් කිරීම හා සමාන වනු ඇති. මෙම නීති වල පවතින අඩුපාඩු අපට සකසා ගත හැකියි.

ප්‍රධාන වශයෙන් තේසවලමේ නීතියේ විවාහ වූ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සිමා වෙලා තිබෙනවා. එම අඩුපාඩුව අපි සකස් කළ යුතුයි.

මුස්ලිම් නීතිය යටතේද ස්වාමි පුරුෂයෙකු භාර්යාවන් 04 ක් විවාහ කර ගැනීම සහ විවාහක කාන්තාවන්ට අයිතිවාසිකම් අවම වන අතර, එය සංශෝධනය කිරීමට කෙටුම්පතක් 2019 දී පැවති යහපාලන ආණ්ඩුවෙන් සකස් කළා.

එම කෙටුම්පත මේ වන විට අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර මහතා විසින් ඉදිරියට ගෙන යමින් සිටින මොහොතකයි මෙම ජනාධිපති කාර්යසාදන බලකාය පත්කර ඇත්තේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ පිරිමින්ට එක හා සමාන ලෙස සැළකීම සෑම අංශයක් තුළින්ම දක්නට නොලැබෙන අතර ඒ සඳහාද නීති ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව රටේ බහුතරය වන කාන්තාවන්ට මෙම ක්ෂේත්‍ර සදහා නීති කෙටුම්පත් කිරීම ගැටලුවක් නොවේ. ඒ පිළිබදව රට තුළ සංවාදයක් ගොඩ නැගී තිබෙනවා.

කෙසේ වුවත් පත්කර ඇති ජනාධිපති කාර්යසාධන බලකායෙන් සිදු වන්නේ එය අවුල් සහගත වීමයි එමෙන්ම ජාතික සමගිය විනාශ කිරීමයි. ජනාධිපතිවරයාට උපදෙස් සහ සහය ලබා ගැනීම අදාල විෂය භාර අමාත්‍යවරයා හෝ නීතිපතිවරයාගෙන් සිදු කළ හැකිය.

පළමුවෙන්ම සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුවේ විවාද කිරීමයි. ඉන් අනතුරුව තේරීම් කාරක සභාවක් පත්කර ඒ පිළිබද සාකච්ඡා කර ඊට අධිකරණ අමාත්‍යංශය සහ විශේෂයෙන් නීතිපතිවරයාගේ සහය ලබාගැනිමයි.

අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා නොකොට අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ඉවත් කොට මේ සිදු කරන්නේ විහිලු සහගත ක්‍රියාවක් .

ජනාධිපති කාර්යභාර්ය පදනම මතත් මෙය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් වනවා මෙය පාර්ලිමේන්තුවට අයත් කාර්යයක්.

ඒ නිසා රටේ එකමුතුකමට හානියක් වන එක් රටක් එක් නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය වහාම අහෝසි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දැනුම් දෙමු.

විශ්‍රාමිකයාගේ විශ්‍රාම වැටුප කොල්ලකෑම ආණ්ඩුවේ කූඨ උපක්‍රමය - සජිත්

රටේ විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප අන්තනෝමතික ලෙස කොල්ලකෑමට ආණ්ඩුව තීරණය කර ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු  මේ අදහස් පළ කළේ, ඊයේ= පස්වරුවේ නැදිගම්විල රාජමහා විහාරයට ගොස්, අමරපුර සිරි සද්ධම්ම යුත්තික මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි.

විපක්ෂ නායකවරයා පවසන්නේ, ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමික දීමනාව ක්‍රමෝපායිකව කප්පාදු කිරීමේ කූට වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි. ‍

”වයස අවුරුදු 70ට වැඩි අයගෙන් 600 ක් කපාගන්නට වයස අවුරුදු 70ට අඩු අයිතීන් රුපියල් 400 කපාගන්න අලුත් චක්‍රලේඛයක් ඔක්තෝබර් 29 වැනිදා මේ වසරේ ප්‍රකාශයට පත් කරලා තියනවා..”

විශ්‍රාමිකයින්ට දැනුම්දීමක් සිදු නොකර මේ මුදල කපා ගන්නා බවට ද විපක්ෂ නායකවරයා චෝදනා කර සිටී.

”විශ්‍රාමිකයාට දැනුම්දීලා නෙවෙයි මේ මුදල කපාගන්නේ. සිදුවිය යුතුව තිබුණද ඒ අදාළ විශ්‍රාමිකයින්ගේ මූලිකව අනුමැතිය ගත යුතුයි, සති දෙකක් තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දැනුවත් කිරීමක් නොකළොත් තමන්ගේ විරෝධතාවය පිළිබඳව ආපසු හරවන්නට බැරි විශ්‍රාම වැටුප් දීමනා කප්පාදුව හැටියට මේක ඉදිරියට යනවා. මේ රටේ විශ්‍රාමික ප්‍රජාවට මං පැහැදිලිව කියන්න ඕන කරුණා කරලා මේ ඇස් බැන්ඳුම් ක්‍රියාවලියට ඔබ සියලු දෙනා අවදිව කටයුතු කරන්න. කොලේ වහලා කප්පාදු කරන වැඩපිළිවෙළට වහා නතර කරන්න එසේ නොකර හොත් අපි අනිවාර්යෙන්ම විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් මහ පාරට බහිනවා. කියන එක මේ අවස්ථාවේ ආණ්ඩුවට කියන්න කැමතියි”

 

එයාලා අපේ බාප්පලාද : මෛත්‍රී ආණ්ඩුව පයිසෙට දායි !

"ඒ අය කියන දේ අසා සිටීමට ඒ අය ‌අපේ බාප්පලාදැයි" විමසමින් ආණ්ඩුවේ සෙසු පක්ෂ විවේචනය කරන පාර්ශ්ව වෙත ප්‍රබල ප්‍රහාරයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එල්ල කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෙන්ම වත්මන් ආණ්ඩු පාර්ශ්වයේ මන්ත්‍රීවරයකු වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ ප්‍රතිචාරය දක්වා සිටියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමේදී ය.

කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේ තාච්චියට අවශ්‍ය ලෙස ආප්පය හැසිරිය යුතු බවත්, ආප්පයට අවශ්‍ය පරිදි තාච්චිය නොහැසිරෙන බවත්ය.

මණ්ඩලේ කචල් : ආණ්ඩුවට බඩු ශුවර් : අනුර යාපාත් කට අරියි !

වත්මන් කැබිනට් මණ්ඩලය අසාර්ථක බව පාර්ලිමේන්තු මුදල් කාරක සභා සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.

පවතින තත්ත්වය අනුව තමන්ට ඇමැති ධූරයක් ලබා දුන්නද බාර නොගන්නා බවත් ඔහු සඳහන් කර ඇත.

අද ආණ්ඩුව කරන කිසි දෙයක් ජනතාව නොදන්නා බවත්, ඇමැතිවරු පවා කියන කරුණු පිළිබද විශ්වාසයක් නැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර මේ තත්ත්වය යටතේ විකල්පයක් බලයට ඒම වැළැක්විය නොහැකි බවත් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයාට පසුව මෙතෙක් පොදුජන පෙරමුණ තුළ සිටිමින් අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය බරපතළ ලෙස සැලකිය යුතු බවයි.

එසේම ආණ්ඩුවට සම්බන්ධ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයකු වන ඩීව් ගුණසේකර හිටපු අමාත්‍යවරයා ද ආණ්ඩුව දැඩිව විවේචනය කළ බවත් මේ හරහා බිම්මට්ටම තේරුම් ගැනීම කොහෙත්ම දුෂ්කර නොමැති බවත් එය පැහැදිලි ආණ්ඩුවේ කඩා වැටීමේ පෙරමග සම්බන්ධයෙන් තහවුරුවක් බවත් විචාරක මතය වී ඇත.

හොඳම අධිකරණ ඇමති අලිසබ්‍රි : ඩලාගේ සහතිකය අරගෙන සබ්‍රි ගෙදර යයි ?

ලංකා ඉතිහාසයේ සිටින හොදම අධිකරණ අමාත්‍යවරයා අලි සබ්‍රි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මාතර පැවති උත්සවයකදී අදහස් දක්වමින් ය.

යල් පැන ගිය නීති වෙනස් කිරීම සදහා අලි සබ්‍රි අමාත්‍යවරයා දැඩි වෙහෙසක් ගන්නා බවත්, කැබිනට් මණ්ඩලයට වැඩිම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන අමාත්‍යවරයා අලි සබ්‍රි බවත් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා සඳහන් කර ඇත.

හොඳම අඅධිකරණ ඇමති ඉල්ලා අස්වීම දීලා ?

කෙසේ වුවත් මේ වන විට මාධ්‍ය වාර්තා පළවෙමින් ඇත්තේ අලි සබ්‍රි අමාත්‍යවරයා සිය අමාත්‍ය ධූරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි 2ක් ඊයේ (05) වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇති බවයි.

ඊට හේතු ලෙස සඳහන් වන්නේ එක රටක් එක නීතියක් ජනාධිපති කාර්‍ය සාධක බලකායට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ පත්කිරීම සම්බන්ධයෙන් පැහැදීමක් නොමැති වීමයි.

වාර්තා වන ආකාරයට අදාළ ඉල්ලා අස්වීම ජනාධිපති භාරගෙන නැත. කෙසේ වුවත් අලි සබ්‍රි අමාත්‍යවරයා ගේ අදහස ලෙස සඳහන් වන්නේ ඥානසාර හිමිගේ පත්වීම අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්නක් විය හැකි බවයි.

පර්චසයක් රුපියල් 500 යි : මුතුරාජවෙල අක්කර 400ක් සමාගමකට දීලා !

මුතුරාජවෙළ පරිසර කලාපයේ විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර් අංගනයක් සෑදීමට අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව ) වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම කාරණය සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට තමා කටයුතු කරන බවයි.

මේ අතර ඇතැම් පිරිස් මුතුරාජවෙල තෙත්බිම් කලාපයට අනවසරෙන් ඇතුළුවී එම පරිසර පද්ධතියට බලපෑම් වන ආකාරයේ කටයුතුවල යෙදෙන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පවසන කමිටුව එම ක්‍රියාකාරකම් නැවැත්වීමට වහාම පියවර ගන්නැයි අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

එසේම පරිසරයට බලපෑම්වන ව්‍යාපෘතිවල බලපත්‍ර අත්හිටුවන ලෙසටද නියෝග කර ඇත.

මුතුරාජවෙල වගුරු බිමෙන් පර්චස් හැටපන් දහස් එකසිය දෙකක්( 65102ක් ) පර්චසය රුපියල් 500 බැගින් මිලදී ගැනීමට පෞද්ගලික සමාගමක් කටයුතු කර ඇති බවත් ඒ සඳහා උදව් කළ ගොවිජන සේවා නිලධාරීන්ට විරුද්ධව කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති බවත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

කඩා ඉවත් කෙරෙන ගොඩනැගිලිවල අබලි ද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය මුතුරාජවෙල පරිසර කලාපයට බැහැර කරන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස කමිටුව නාගරික සංවර්ධන අධිකාරියට සහ අදාළ පළාත් පාලන ආයතනවලට නියෝග කළේය.

හෙක්ටයාර් 6232ක්වන මුතුරාජවෙල රක්ෂිතයේ හෙක්ටයාර් 3068 ක් පාරිසරික වශයෙන් වැදගත් තෙත් බිම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බව කෝපා කමිටු වාර්තාවක සඳහන් වේ.

මුතුරාජවෙල පරිසර පද්ධතිය සම්බන්ධයෙන් පරිසර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාල ආයතනවල සහභාගිත්වයෙන් කමිටුවක් පිහිටුවා එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම කමිටු රැස්වීමකදී උපදෙස්දී ඇත.

– lankadeepa

බන්දුලගේ සතොස කොන්දේසිත් රිවස්

සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ මිලදී ගැනීමට පනවා තිබූ කොන්දේසි ඉවත් කර තිබේ.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි එම ඉවත් කිරීම සිදුකර ඇති බවය.

සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සඳහා මෙම කොන්දේසි පනවා තිබුණි.

සීනි, ගෑස්, සිමෙන්ති පෝලිම් පමණක් නොව රටින් පැනලා යන්නත් පෝලිම් - ඉරාන් වික්‍රමරත්න

යහපාලන රජය සමයේදී අයවැය පරතරය 5.5% දක්වා රැගෙන ආ බවත්, එය 3.5% දක්වා ගෙනයාමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න  පවසයි.

කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව යටතේ පසුගිය වසරේදී අයවැය පරතරය 14% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ජීවන වියදම හේතුවෙන් දැඩිලෙස අසරණ වී සිටින ජනතාව අයවැයෙන් හෝ සහන ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින නමුත් එයද ඉටු නොවන බලාපොරොත්තුවක් වී ඇති බව ඉරාන් වික්‍රමරත්න සඳහන් කරයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනතාවට ලබාදීම නොව ජනතාගෙන් ලබා ගැනීමට සිදුවන තත්වයක් එලඹ ඇතැයි පවසන්නේ ඒ නිසා බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සහල් පෝලිම්, සීනි පෝලිම්, ගෑස් පෝලිම්, සිමෙන්ති පෝලිම් පමණක් නොව මේ වනවිට තරුණ තරුණියන් දහස් ගණනක් රටින් පිටව යාම සඳහාද පැය ගණන් පෝලිම්වල රස්තියාදුවෙමින් සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

කැලණි කුලපති ධුරය මහින්ද සංඝරක්ඛිත හිමිට

ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත් කර තිබේ.

කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක අපවත්වී වදාළ පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ මීට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය හෙඹවූහ.

මේ අතර නොවැම්බර් මස 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා පත් කළ බව පසුගියදා නිවේදනය කෙරිණ.

බන්දුලට තවත් බරපතළ චෝදනාවක් !

කොන්දේසි දමා සතොස භාණ්ඩ විකුණන බවත් එය නීති විරෝධී බවත් දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ට එරෙහිව බරපතළ චෝදනාවක් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් එල්ල කර ඇත.

ඊට අදාළ නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

කොන්දේසි දමා භාණ්ඩ විකිණීමට වෙළද ඇමතිගේ උත්සහය නීති විරෝධීයි.

සතොස අලෙවිසැල් හරහා සීනි හා සහල් මිලදී ගැනීමට නම් වෙනත් භාණ්ඩ මිලදී ගතයුතු බවට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පසුගියදා කළ ප්‍රකාශය 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතට සම්පූර්ණ පටහැනි ප්‍රකාශයකි. කිසිදු කොන්දේසියක් දමා භාණ්ඩ විකිණීම උක්ත නීතියෙන් තහනම් කොට ඇත.

ඒ පිළිබදව 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 16(ආ) වගන්තියේ පැහැදිලිව සදහන් කර ඇත. පනතේ එසේ සදහන්ව තිබියදී එම නීතිය උල්ලංඝණය කිරීමට උත්සහකිරීම අප සංවිධානය දැඩිව හෙළාදකින අතර ‌2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත හොදින් කියවන ලෙස අප වෙළද අමාත්‍යවරයාට අවධාරණය කරන අතර මීට පෙර සතොස ආයතනය පාරිභෝගිකයින්ට කොන්දේසි දමා භාණ්ඩ අලෙවි කිරීමක් පිළිබදව අප විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය විසින් දඩ නියමකර ඇත.

කිසියම් වෙළෙන්දෙකු හෝ ආයතනයක් භාණ්ඩ අලෙවි කිරීමේදී කුමන හෝ කොන්දේසියක් දමන්නේනම් පාරිභෝගික අධිකාරියේ 1977 දුරකතන අංකයට පැමිණීල කරන ලෙස අප පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිමු.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 16(ආ) වගන්තිය

ගැණූම්කරු විසින් භාණ්ඩයෙහි මිල නොපමාව ගෙවිය යුතු යුතුය යන කොන්දේසිය හැර වෙනත් යම් භාණ්ඩයක් මිලට ගැනීම නියම කිරීමේ හෝ යම් සේවාවක් වෙනුවෙන් යම් ගෙවීමේ කිරීමේ කොන්දේසියකට හෝ වෙනත් යම් කොන්දේසියකට හෝ යටත්ව ඒ් භාණ්ඩය විකිණීම සදහා ඉදිරිපත් කිරීම නොකළයුතුය.

රංජිත් විතානගේ

සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

මහින්දගේ විධාන තොතකයි : දිලුම්ගෙන් ශ්‍රීලනිපට ප්‍රහාරයක් !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගියදා පැවති පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අවස්ථාවේ සෙසු පක්ෂ සහ පොදුජන පෙරමුණ අතර සංහිඳියාවක් යෝජනා කෙරුණත් ඒ නොතකා එම පාර්ශ්වයේ මැති ඇමතිවරුන් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි.

ඒ අනුව යමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රහාරයක් එල්ල කිරීමට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කටයුතු කර ඇත.

ඒ ශ්‍රීලනිප යටින් පහර දීමේ න්‍යාය හා දෙබිඩි පිළිවෙත රජයේ සාමූහිකභාවය තර්ජනයක් බව පවසමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැකි සෑම අවස්ථා දීම රජයට පහර දෙන බව දැකිය හැකි බව ද ඔහු කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කළේ කටුගස්තොට ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකින් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

යටින් පහරදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලසිටම කරන දෙයක් බවත් එම තත්ත්වය ඉදිරියට ද බලාපොරොත්තු වන බවත් එහිදී ඇමැතිවරයා පැවැසීය.

පාසල් දරුවන් අතර කොරෝනා සීග්‍ර ව්‍යාප්තියක !

දරුවන් අතර කොරෝනා වෛරසය අසාදනය වීම ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

පසුගිය දින කිහිපය තුළ එම වැඩිවීම පෙනී යන බවද ඔහු පැවසීය.

විශේෂඥ වෛද්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

පවතින තත්ත්වය හමුවේ දෙමාපියන් ලෙස කළ යුතු වන්නේ දරුවන් ද රැකගෙන පාසල් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය ලබා දීම බව ද ඔහු පවසයි.

කොරෝනා ව්‍යාප්තිය දරුවන් අතර තවදුරටත් ඉහළ ගියහොත් පාසැල් පද්ධතිය ද වසා දැමීමට සිදු වනු ඇති බවද පැවසූ ඔහු ඒ නිසා දරුවන්ට අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ජනතාව සහ යෙදිය යුතුව සඳහන් කළේය.

දරුවන් සහ දරුවන්ගේ අධ්‍යාපනය රැකගැනීම සඳහා අනවශ්‍ය ගමන් බිමන් වහාම නවතා දමන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

මුතුරාජ වෙල එක්ක බටහිර වෙරළ විකුණලා - හරීන්

මුතුරාජවෙල තෙත්බිම් කලාපයත් ඇතුළත් මෙරට බටහිර වෙරළ තීරය පෞද්ගලික අංශයට විකුණා ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

මුතුරාජවෙල තෙත්බිම් කලාපය වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව මෙසේ විකුණා ඇතැයිද ඔහු එහිදී පැවසීය.

අද වන විට එම බිම් කොටස් විකුණා දමා මුදල්ද ලබාගෙන අවසන් යයිද මන්ත්‍රීවරයා පවසයි.

අතීතය අමතක කර බලාගෙන ඉන්න - ඥානසාර හිමි

මාස හතරකින් ප්‍රතිපල පෙන්වන තුරු විවේචන නොකර බලා සිටින්නැයි එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකයේ සභාපති , පූජ්‍ය ගලගොඩඇත්තේ ඥානසාර හිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

අතීතය අමතක කරන ලෙසත්, පරිණත වයසක සිටින තමන් තැන්පත් ගමනකට සුදානම් වන අතර, ඊට දොස් නොපවරණ ලෙසත් උන්වහන්සේ බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයකදී පැවසූහ.

ජනාධිපති කාර්ය සාධක බලකායේ කටයුතු, '69 ලක්ෂය', යොහානිගේ ගීතය, පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය, රටේ වර්තමාන තත්ත්වය ගැන මෙම සංවාදයේදී ඥානසාර හිමියෝ අදහස් පළ කළහ.

(බීබීසී )

https://www.bbc.com/sinhala/sri-lanka-59148440

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට : නව නිලධාරීහු පත්වෙති !  

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වාර්ෂික මහ සභාව 2021 නොවැම්බර් 2 වන දා කොළඹ 05, බර්නාඩ් සොයිසා මාවතේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබූ අතර එහිදී සංවිධානයේ නව කැඳවුම්කරු වශයෙන් මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා තෝරා පත්කරගනු ලැබීය.

සංවිධානයේ නව ලේකම්වරිය ලෙස හනා ඊබ්‍රාහීම්, භාණ්ඩාගාරික ලෙස ආනන්ද ජයසේකර සහ උප ලේකම්වරිය ලෙස නිරංජනී රෝලන්ඩ් යන සාමාජික සාමාජිකාවන් තේරී පත් වූහ.

ඉදිරි වර්ෂය සඳහා තෝරා පත්කරගනු ලැබූ විධායක කමිටු සාමාජිකත්වය මෙසේය.

සීතා රංජනී, සී. දොඩාවත්ත, තාහා මුසම්මිල්, උදය කළුපතිරණ, රුකී ප්‍රනාන්දු, ප්‍රියා සිවසුන්දරම් , දිලීෂා අබේසුන්දර, සමන් සී. ලියනගේ සහ ජාවිඩ් මුනවර්.

සංවිධානයේ භාරකාර මණ්ඩලය ලෙස නීතිඥ එස්.ජී. පුංචිහේවා හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලක්ෂ්මන් ගුණසේකර තෝරා පත්කරගනු ලැබීය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව කැඳවුම්කරු ලසන්ත ද සිල්වා සභාව අමතමින් මෙසේ පැවසීය.

“ලෝකය පුරා ඝාතනයට හා අතුරුදන්වීමට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු නොවීම සිහිපත් කරන අද වැනි දිනක (නොවැම්බර් 2 වනදා) නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගන්නේ ශ්‍රී ලංකාව තුළත් පසුගිය කාලය පුරා ඝාතනයවූ , අතුරුදන්වීමට හා හිංසනයට පත්වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින්ට යුක්තිය ඉටු නොවූ වාතාවරණයක් තුළයි. මාධ්‍යවේදීන්ට පමණක් නෙවෙයි; මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශනයේ අයිතිය භාවිත කරන සිවිල් ක්‍රියාධරයින්ටත්, සාමාන්‍ය පුරවැසියන්ටත් භාෂණයේ සහ ප්‍රකාශනයේ යෙදීම නිසා වර්තමානයේ විවිධ තර්ජන සහ දැඩි අවධානම් සහගත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවී තිබෙනවා. ඒ නිසා මාධ්‍ය නිදහස සුරැකීම මෙන්ම මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් භුක්ති විඳියහැකි වඩාත් යහපත් සමාජයක් ඇතිකර ගැනීම සඳහා අද දවසේ අප සැම වෙත විශාල වගකීමක් පැවරී තිබෙනවා.”

අතීතයේ ඉතාම දුෂ්කර කාලපරිච්ඡේදවලදී පවා අභියෝග හමුවේ නොසැලුණ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මින් ඉදිරියටත් තම සමාජ වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට නොපැකිළෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 MG 3697

මහින්දත් අක්‍රීයයි : ඉස්සරහදී ආණ්ඩුවෙන් ඉවත්වෙන්න සිදුවෙයි - වාසු

"ආණ්ඩුව එක් මාර්ගයක ගමන් කරනවා. අපි සහෝදර පක්ෂ එකොළහක් ගමන් කරන්නේ තවත් මාර්ගයක. අපි ගමන් කරන්නේ ජාතිකවාදී වාමාංශික මාර්ගයක. ආණ්ඩුවේ වැඩපිළිවෙළ අපට ගැළපෙන්නෙ නෑ. ඉදිරියේදී සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවෙයි" යයි වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා මේ බව සදහන් කරන අතර ආණ්ඩුවේ සියලු තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා බවත් පවසයි.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා වුවත් දේශපාලනික වශයෙන් අක‍්‍රීයවී ඇති බවත් මේ සටනේ දී ඇතැම් විට තමන්ට දේශපාලන වේදිකාවෙන්ම බැසයෑමට සිදු වනු ඇති බවත් ඔහු එහිදී පැවසීය.

ආණ්ඩුව බලයට ගෙන ඒමේ දී ජනතාව අපේක්ෂා කළ අපේක්ෂාවන් ආණ්ඩුව විසින් අද වන විට විනාශ කරමින් සිටින බව ද වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා එහිදී කීය.

ගම්පහ වැල්ලම පාරට බස්සවගෙන : හරීන් වැඩ අල්ලයි !

ලබන සදුදා ගම්පහ දිස්ත්‍රික්කයේ වෙරලාසන්න ප්‍රදේශවල ජනතාව සමග එක්ව දැවැන්ත විරෝධතාවක නිරත වන බව සමගි ජන බලවේගයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු පවසයි.

ඒ පැලියගොඩ සිට කොච්චිකඩේ දක්වා වෙරළතීරය නාගරික සංවර්ධන අධිකාරියට පැරවීමේ තිරණයකට එරෙහිවය.

විපක්ෂනායක කාර්යාලයේ අද (04) පැවති මාධ්‍ය හමුවකදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළ අතර මේවන විටත් එම ඉඩම් විකුණා ඇති බව තමන් විශ්වාස කරන බවත් පැවසීය.

තවද ආණ්ඩුව එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායට දමා ඇති පුද්ගලයා දක්වන අදහස් සහ ගරු සිරිල් ගාමිණී පියතුමන් පසුපස යාම මෙන්ම වැඩි වශයෙන් කතෝලිකයින් ජීවත් වන මෙම ප්‍රදේශ අත්පත් කර ගනිමින් මේ සුදානම් වන්නේ කුමකටද යන්න තේරුම් ගත හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

නැනෝ නයිට්‍රජන්වලින් පමණක් කෝටි 800 ක් ගහලා - චම්පික

නැනෝ නයිට්‍රිජන් ආනයනය සහ හරහා මහා පරිමාණ වංචාවක් සිදු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මෙසේ වංචා කර ඇති මුදල ආසන්න වශයෙන් කෝටි 800 ක් බවත් ඔහු සඳහන් කරයි.

නැනෝ නයිට‍්‍රජන් මිලි මීටර 500 බෝතලයක් ඉන්දියානු රුපියල් 240කට මිලට ගත හැකි බව ඔවුන්ගේ වෙබ් අඩවියෙන් වාර්තා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කර ඇත.

මේ නැනෝ යුරියා නමින් හදුන්වන IFFCO කියන එහි ලීටරයක් වෙන්නේ ඇත්ත ගාණ වෙන්නේ ලීටරයක් වෙන්නේ ඩොලර් 7.74 යි. හැබැයි කියද දාලා තියෙන්නේ බිල මහින්දානන්ද මහත්තයායි. ශෂේන්ද්‍ර මහත්තයායි බිල කියද දාලා තියෙන්නේ ලීටරයට ඩොලර් 25 ක් වෙන්න දාලා තියෙනවා. එතකොට නැනෝ යුරියා කෙළියෙන් විතරක් හොරකම් කරන ගාණ කොපමණද? නීති විරෝධි ක්‍රමයට හොරකම් කරන ගාණ ආසන්නයෙන් කෝටි 800ක් .මිලියන 8000ක්. දස ලක්ෂයක් ගොවි මහත්වරුන්ගේ පවුල්වලට රු 8000 ගාණේ දෙන්න තිබුණා මේකෙන් .දස ලක්ෂ 8000ක් කොල්ල කනවා මේකෙන් . යුරියා කිලෝග්රෑම් 105ක් ඕනේ හෙක්ටයාරයකට .මේක දානවා නම් ලිටර් 1250ක් වත් ඕනේ. දැන් මේ ලක්ෂ 18ක් ගෙනල්ලා හෙක්ටයාර 1440 යි කරන්න පුළුවන්. රටේ තියෙනවා. කුඹුරු අක්කර හෙක්ටයාර අට ලක්ෂයක්. මහ කන්නේ වවන්න බලාගෙන .මොන විහිළුවක්ද මොන බොරුවක්ද මේ කරගෙන යන්නේ?”

Page 407 of 464