පුවත්
රටබීම හල් විවෘත කිරීමේ තීන්දුවට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ නැහැ - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ වීමකින් තොරව ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ රට වසා අනිකුත් ව්‍යාපාර වසා තිබියදී මත්පැන් අලෙවි සැල් පමණක් විවෘත කිරීමට ඉඩ දීමට තරම් පදනමක් හෝ තර්කයක් සෞඛ්‍ය අමාත්‍යාංශය නොමැති බවයි.
මෙවැනි ත්ත්වයන් ඉදිරියේදී සිදුවීමට ඉඩ තබන්නට එපා යැයිද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ඔහු මේ බව පැවසුවේ අද(18) පැවති මාධ්‍ය හමුවකදීය.
වැඩේ අවුල් : විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් නිවේදනයක් !
මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක ප්‍රශ්න කර ඇත්තේ , ජනතා ඒකරාශී වීමට ඉඩදීම මගින් කොරෝනා පාලනය සඳහා අප යන්නට සැරසෙන්නේ කොයිබටද? යනුවෙනි .
අදාළ ශීර්ෂයෙන් යුතු නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
අති භයානක කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ පාලනය සඳහා රජය විසින් පනවා ඇති සංචරණ සීමා දැඩි ලෙස කඩ කරමින් ජනතාව මද්‍යසාර ලබා ගැනීම සඳහා නොඉවසිල්ලෙන් පෝලිම්වල සිටින අයුරු අපි ඊයේ අපූරුවට දැක්කෙමු.
මත්පැන් පරිහරණය කිරීමෙන් ඇතිවන භයානක ප්‍රතිඵල අප විසින් යලිත් අවධාරණය කරන අතර රජයේ භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් උපයා ගැනීමට රජයට ඇති අවශ්‍යතාව මෙන්ම බලයලත් මද්‍යසාර වෙළදුන්ගේ හා පාරිභෝගික අයිතිවාසිකම් නොසලකා සිටිය යුතු බව අපගේ අදහස නොවේ.
කෙසේ වුවද වෘත්තියමය සංවිධානයක් ලෙස රෝග පාලනයේ යම් ප්‍රගතියක් දක්නට හැකි මෙම අවස්ථාවේදී මෙම ජනයා එක් රැස්වීමේ ක්‍රියාවලිය නිසා රෝග පාලනය සඳහා ඇති විය හැකි අනර්ථය රජයට පෙන්වා දීම අප දැන් සිටින මෙම සංවේදී අවස්ථාවේදී අපගේ යුතුකමක් ලෙස අපි දකිමු.
මද්‍යසාර ලබා ගැනීමට පුද්ගලයන් එකිනෙකාට ඉතා ලං ලංව ගැටීම තවත් රෝගීන් පොකූරක් ඇති කිරීමට නැවත ප්‍රධාන හේතුවක් විය හැක. මෙම තත්වය අප විසින් මින් පෙර ද අත්දුටු “පැණි” ලබා ගැනීම සඳහා ජනතාව එකිනෙකා පරයමින් සිටි අයුරු සිහිපත් කරවයි.
අප මෙහිදී රජයට අවධාරණය කරන්නේ මෙවැනි මහජන ගැවසීම් වැඩි වන තත්ත්වයක් යටතේ රටේ වැඩි ජනතාවකට ඇති විය හැකි ව්‍යසනය වළක්වා පාරිභෝගිකයන් ට ඔවුන්ගේ අවශ්‍යතා ලබා දීම ට නිසි වැඩ පිළිවෙලක් දියත් කරන ලෙසයි.
අවසාන වශයෙන් අපගේ ආයාචනය වන්නේ ජනතාව පොදුවේ ඒකරාශී වීම මෙම ඉතා අනතුරුදායක අවස්ථාවේදී හැකි තරම් අවම කිරීමට පියවර නොගැනීම මගින් දැඩි ජනතා කැපවීම මත අප දැනට ලබා ඇති රෝග පාලනය අප අතින් ගිලිහී යාමට අප කිසි සේත් ඉඩ නොදිය යුතු බවයි.
රටබීම online විකුණන ක්‍රමවේදයක් ඕන - සුරාබදු
ඇඳිරි නීතිය හෝ සංචාරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ මත්පැන් විකිණීම සඳහා විකල්ප ක්‍රමවේදයක් අවශ්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි සඳහන් කරන්නේ මත්පැන් මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ අලෙවි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වඩාත් සුදුසු වන බවයි.
රට වසා දමා ඇති සමයේ මත්පැන් අලෙවි කිරීමට නොහැකි වීමෙන් රජයට මසකට රුපියල් කෝටි 1500 ක් පමණ ආදායමක් අහිමි වන බව ද සුරාබදු කොමසාරිස් ජනරාල් පවසා ඇත.
එමෙන්ම රට වසා දමා ඇති සංවේදී සාමාන්‍ය මත්පැන් බෝතලයක් රුපියල් හාර දහසක් තරම් මිල ඉහළ දමා අලෙවි කරමින් ඇති බවත් ඔහු කියා සිටී.
රටේ ප්‍රධානියා මහින්ද යාපා !
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (17) අලුයම විදෙස් ගතව ඇති බව වාර්තා වන අතර අගමැති මහින්ද රාජපක්ෂ ද මේ වන විට ඉතාලියේ සංචරයක නිරතව සිටියි.
ඒ අනුව මේ වන විට රටේ ප්‍රධානියා වන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධනය.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ විදෙස් සංචාරය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ඇමරිකාවේ දී පැවැත්වෙන 76 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා මෙසේ පිටත්ව ගිය බවයි.
එළඹෙන 21 වෙනිදා මෙම සමුළුව ඇමරිකාවේ නිවුයෝක් නගරයේදී ආරම්භ වෙයි.
මෙම සමුළුවේ දී ජනාධිපතිවරයා තවත් රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ෂික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇති බවත් පැවසෙයි.
මහින්ද සමරසිංහ ඉල්ලා අස්වෙයි !
පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධූරය භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කල ඉල්ලීමක් අනුව මෙම පියවර ගෙන ඇත.
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ රවිනාථ ආර්යසිංහ පසුගියදා එම ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සදහා මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයාව මෙසේ පත් කෙරෙනු ඇත.
මහින්ද සමරසිංහ මහතා අස්වීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල අනුව ලලිත් වර්ණකුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දිමට නියමිතය.
රටබීම හල් විවෘතයි !
රටබීම හල් සහ බියර්හල් අද (17) සිට විවෘත කර ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රටබීමහල් සහ බියර් හල්වල අලවි කටයුතු කිරීමට අවසර දී ඇති බවයි.
කෙසේ වුවත් අද සවස රටබීම හල් විවෘත කිරීමත් සමග ඒ ඉදිරිපිට දිගු පෝලිම් ඇති බව වාර්තාකරුවන් පවසයි.
චීනයේ කක්කුස්සි සහ නාගරික අපද්‍රව්‍ය මධ්‍යම කඳුකරයට හලන්න හදන්නේ - රෝහිණී
කාබනික පොහොර යැයි කියමින් චීනයේ කක්කුසිලිවලවල් සහ නාගරික අපද්‍රව්‍ය වලින් රටේ හදවත වන් මධ්‍යම කඳුකරය දුෂණය කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පවසයි.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
චීනයේ කක්කුස්සිවලවත්, නාගරික අපද්‍රව්‍යවලින් සකස් කළ කාබනික ලේබලය ගැසූ මෙ.ටො. 96,000 ක් රටට ගේන්වන්නට ආණ්ඩුව උත්සහ කරනවා. මෙයට ඩොලර් මිලියන 63.7 ක් වැය වෙනවා. ලංකාවේ පර්යේෂණගාර තුනක් මේ චීන කුණු කන්දල් තොගය පරීක්ෂා කරලා ඒවායේ බැක්ටීරියා තියෙන බව ත්, ගොවි බිම්පලට නොයෙදිය යුතු බවත් පවසනවා. නිරෝධායන නීතිවලට පිටින් ඇපල් ගොඩියක්, මිදි පොකුරක් ගෙනාවොත් ඒක ගුවන් තොටුපලෙන් එළියට දෙන්නේ නෑ. හැබැයි චීන කුණු ගේන්න බලපත්‍ර දෙනවා. කාබනික ලේබල් ගහලා, චීන රසායනාගාර සහතිකයක් හදලා රට පුරා විසුරුවන්ට හදනවා.
මහ කන්නය සඳහා මධ්‍යම, නැගෙනහිර පළාත් දෙකේ මුලික පොහොර අවශ්‍යතාවයට වඩා වැඩි වැඩි මුදලක් මේ චීන කුණු කන්දල්වලට වැය වෙනවා.
මහ කන්නය දැන් ආරම්භ වෙලා තියෙනවා. මිනිස්සුන්ට වී ටික විකුණගන්න විදිහක් නෑ. ගොවියාට වල් නාශක නැතිව කුඹුරු හාන්න විදිහක් නෑ. එළවළු, ගොයම් කෘමිනාශක නැතුව විනාශයි. පොහොර ටික නැතුව උඩරට ගොවියෝ කඳු කන්නයේ බිම කොටන්නේ නෑ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අද තක්කඩි ව්‍යාපාරිකයින් රැලකගේ ග්‍රහණයට අහුවෙලා ඉවරයි. අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ කරන්නේ දේශපාලන ගජමිතුරන් පිරිසකගේ ව්‍යාපාරික උවමනාවන්ටයි. අසූචි විකුණා මුදල් හොයන ගජ මිතුරු කණ්ඩායමේ උත්සාහය පරාජය කළ යුතුයි.
ක්ශුද්‍ර ජීවීන් නිසා ආනයනික කාබනික පොහොර CID යයි : ගොවීන් එක්ක සෙල්ලම් එපා - සජිත්
චීනයෙන් ආනයනය කළ කාබනික පොහොර සාම්පල දෙකක ආර්වීනියා නම් ක්ශුද්‍ර ජීවීන් හමුවීමත් සමග ප්රශ්නකාරී තත්ත්වයක් උද්ගතව ඇත.
අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියේ, අදාළ ක්ෂුද්‍ර ජීවීන් හමු වී ඇත්තේ නිල නොවන මට්ටමින් චීනයෙන් පරීක්ෂණ සදහා ගෙන්වූ කාබනික පොහොර සම්පලයකින් බවය.
එම ක්ෂුද්‍ර ජීවීන් සොයා ගැනීම සැක කටයුතු නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණිලි කරන බවත් ඔහු එහිදී පැවසීය.
කෙසේ වුවත් එළඹෙන මහ කන්නය සඳහා ආනයනය කරන කාබනික පොහොරවල කිසිදු ශාක, සත්ව හා මනුෂ්‍යයින්ට හානිකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් නොමැති බවට රජය සහතික වන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය.
ගොවියන් සමග සෙල්ලම් එපා - සජිත් !
ම්මේ අතර නිවේදනයක් නිකුත්කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ ,ආණ්ඩුව පොහොර තහනමක් ගෙන ආ නමුත්, එය හුදෙක් දේශපාලන අරමුණක් පමණක් වන අතර එය ප්‍රායෝගික නොවන හිතුවක්කාර තීරණයක් බවයි.
පොහොර නොමැතිකමින් වී ගොවියාගේ අස්වැන්න තීරණාත්මක ලෙස පහත බැස ඇති අතර, ගොවීන් විශාල පිරිසක් වගාව අත්හරින තැනට පත්ව ඇතැයිද අදාළ නිවේදනය නිකුත්කරමින් විපක්ෂ නායක පවසයි.
ගොවි ජනතාව කෘෂි කර්මාන්තයෙන් ඈත් වීමත්, ගොවි ජනතාවගේ ජීවන තත්වය බිඳ වැටීමත් සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම විසඳුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.
කොරෝනා මරණ 11938 ක් දක්වා ඉහළට !
තවත් කොරෝනා මරණ 121ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් විසින් අද (17) නිකුත්කර ඇත.
මෙම මරණ ඊයේ (16) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11938ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව, මියගිය පිරිස අතරින් 62 දෙනෙකු පිරිමි වන අතර ඉතිරි 59 කාන්තාවන් ය.
වාර්තා වූ මරණ අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක් වෙයි.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 28 ක් සිටින අතර ඉතිරි ආසාදිතයින් 92, වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
රරජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.
උගතුන් බුද්ධිමතුන් ඉවත්වෙන හේතුව ඇල්ලේ හිමියෝ පවසති !
උගතුන් බුද්ධිමතුන් තනතුරුවලින් ඉල්ලා අස්වෙන්නේ ආණ්ඩුවේ මේ පාපකර්මයට දායක නොවුණා යැයි සිතා හිත හදාගැනීමට බවත්, මේ රට රැකගැනීමට නම් එයින් නොනැවතී අපත් සමග එකතු විය යුතු බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.
තමන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගැනීමට ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
.උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ ධර්මායතනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
“වරායෙ අක්කර 13ක් දෙන්න යනවා. ‘සෙලෙන්දිවා’ යටතේ ගෆූර් බිල්ඩින් එක, හිල්ටන් හෝටලය, පොලිස් මූලස්ථානය ඇතුළු ගොඩනැගිලි විසි ගණනක් දෙන්න යනවා.විදේශ කටයුතු අමාත්‍යාංශය තිබෙන ගොඩනැගිල්ල, වෝටර්ස් එජ් එක ඇතුළු අක්කර 200ක් දෙන්න හදනවා. මගේ පන්සල පසුපස ඉඩම, බොරැල්ල මාර්කට් එක, කොල්ලුපිටිය මාර්කට් එක දෙන්න හදනවාදෙනන්න හැදුවට මේවා දෙන්න ලැබෙයි ද කියලා රජය කල්පනා කරනවා නම් හොඳයි. අපි මේ රට භාරදීලා තියෙන්නේ අවුරුදු පහකට පාලනය කරන්න. නැතිව මේ රට වෙන්දේසි කිරීම සඳහා නොවෙයි. අපට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. අපි බොහො ම වේදනාවෙන් ඉන්න කාලයක් මේක.මේ රටේ බුද්ධිමත් මිනිස්සු තනතුරුවලින් ඉවත් වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ ආත්මගෞරවය ආරක්ෂා කරගන්න. ඒ මිනිස්සු මේ පාපකර්මයට අත තිබ්බේ නෑ කියලා හිත හදාගන්න. උගතුන් බුද්ධිමතුන් පහුවෙන්න පහුවෙන්න තවත් ඉවත් වේවි.ඉවත් වෙලා නිකම් ඉන්න හොඳ නෑ. අපිත් එක්ක එකතු වෙන්න ඕනෑ. මේ රට රැකගන්න. තමන් ඇතුළු ලක්ෂ 69ක් මේ ආණ්ඩුව පත්කිරීමට දායක වීම ගැන පශ්චාත්තාප වෙනවා.”ලෙස ඇල්ලේ ගුණවංශ හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.
(මව්රට )
දත්ත මගඩියේ මහ මොළකරු සැඟවීමේ තැතක් !
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීම සම්බන්ධයෙන් වන වගකීම එක් ඉංජිනේරුවෙක් මත පැටවීමට උත්සාහ ගනිමින් සිටින බවත්, මෙම පුද්ගලයා කවුරුන්දැයි හෙළිදරව් නොකරන්නේ දත්ත පද්ධතිය මකා දැමීම පිටුපස සිටින ඖෂධ ජාවාරම්කරුවන් හා මහ මොළකරු සැගවීමේ උවමනාව නිසාදැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර ප්‍රශ්න කළේය.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය .
ඖෂධ නියාමන ජාතික අධිකාරියේ දත්ත මැකී යාම ගැන ඇත්ත කරුණු තවම එළියට ඇවිත් නැහැ. මේ ගැන අධිකරණයට කරුණු දිරිපත් කළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා ප්‍රකාශ කරන්නේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙරටට නීති විරෝධි ආකාරයට ගෙන්වා මුදල් උපයන ඖෂධ මාෆියාවේ කුමන්ත්‍රණයක් විය හැකි බව පවසා තිබෙනවා.
මේ දත්ත මැකී ගියේ එක ඉංජිනේරුවෙක්ගේ අතින් කියලා සමාගම කියනවා. ඒ ඉංජිනේරුවා කවුද කියලා තවම ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙනම් මේ ඉංජිනේරුවා ජාවාරකම්කරුවන්ගේ ගොදුරක් බවට පත්වුනාද, නැතිනම් ජවාරම්කරුවන් විසින් ඉංජිනේරුවා මෙහෙයවනු ලැබුවාද කියන එක ගැන සැකයක් මතුවෙනවා.
මේ ඉංජිනේරුවා මොනවා කරන කෙනෙක්ද කියලා සොයා බැලිය යුතුයි. මේ ඉංජිනේරුවා කවුරු වෙනුවෙන් වැඩ කළ අයෙක්ද? මේ ඉංජිනේරුවා කවුරු වෙනුවෙන් කටයුතු කරපු අයෙක්ද?
මේ වගේ වගකීම් සහගත රැුකියාවක් කරන්න ගන්න අයෙක් සම්බන්ධයෙන් ආරක්ෂක විගණනයක් කරන්න අවශ්‍යයි. ආරක්ෂක අමාත්‍යාංශයට කෙනෙක් ගන්න විට ඒ වගේ සොයා බැලීමක් කරනවා. එවැනි තත්වයක් තුළ ආරක්ෂක අමාත්‍යාංශය, බැංකු ඇතුළු සංවේදී දත්ත ගබඩා කරලා තියෙන ආයතනවල ආරක්ෂක විගණනක් කරලා තියෙනවාද? මෙහෙම ගිහින් සමස්ත දත්ත පද්ධතියම විනාශ වෙන්න පුලුවන්.
මේ දතත මකා දමා තිබෙන්නේ චේතනාන්විතවද? දැන් මේ වැරදීමකින් දත්ත මැකී ගිය බවනේ කියන්නේ. වැරදීමකින් ඒ වගේ මකා දමන්න කියන බොත්තම එබුවොත් මේක කරන්න ඔ්නද කියලා අහනවා. අත්වැරදීමකින් එහෙම මකා දමන්න බෑ.
මේ දත්ත පද්ධතියේ මුර පදය හතර දෙනෙක්ගේ අතේ තිබිලා තියෙනවා. එහෙම එක පුද්ගලයෙක්ට තනියම ඒ දත්ත මකා දමන්න පුලුවන්ද? එහෙම එක පුද්ගලයෙක් මකා දමනවානම් ඉහළ නියෝගයක් නැතිව එම දත්ත මකන්න පුලුවන්ද?
මොහු කාගේ වුවමනාවක් වෙනුවෙන්, ඖෂධ ජාවාරමක්රුවෙක්ගේ උවමනාව වෙනුවෙන් කටයුතු කළාද? මේ පුද්ගලයා හෙළිදරව් කරන්නේ නැත්තේ මහ මොළකරු හමුවෙතැයි යන බිය නිසාද? ඖෂධ මාෆියාවේ මහ මොළකරු හෙළිවෙතැයි යන බිය නිසාද මොහු හංගාගෙන ඉන්නේ.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට චෝදනා එල්ලවෙනවා. සිරකරුවන්ට වද හිංසා පැමිණවීම, පාස්කු ප්‍රහාරය ගැන චෝදනා එල්ලවන විට ඇමැතිවරු පිස්සු නටන්න පටන් අරගෙන තියෙනවා.
පසුගිය ආණ්ඩුවල මේ වගේ දේවල් වුනාම ක්‍රියාත්මක වුනේ නෑ, ඒත් අපි ක්‍රියාත්මක වෙනවා කියලා වියත්මගේ ඇමැතිවරයෙක් කියලා තිබුණා. හැබැයි පහුගිය ආණ්ඩු කියන්නේ ඒ අයගේ ආණ්ඩුවලදී තමයි රූපවාහිනියට පැනලා පිස්සු නැටුවේ
මෙහෙම කරපු ඇමැතිවරු එක අමාත්‍යාංශයකින් විතරක් ඉල්ලා අස්වෙනවා. අනික් අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වෙන්න නම් මැණික් හා ස්වර්ණාභරණ එකේ මංකොල්ලයක් වෙන්න ඔ්න කියලා කියනවා. ඒ කියන්නේ බන්ධනාගාරයේ වරදක් සිදුවෙලා තියෙනවා.
මේ වගේ දේවල් කරන අයෙක් ඇමැතිවරයෙක් වීමට සුදුසුයි. මෙහෙම වැරදි වුනොත් පාරට බහිනවා කියපු අය දැන් කෝ? මේ වගේ වැරදි කරන ඇමැතිවරු කනෙන් ඇදලා එළියට දාන්න කොන්දක් මේ ආණ්ඩුවට නෑ.
ජාත්‍යන්තරව බරපතල ප්‍රශ්ණයක් ඇතිවෙලා තියෙන වෙලාවක ඒවට උල්පන්දම් දීලා බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් නිහඩ කරලා. ආණ්ඩුව අමනෝඥ, කොන්ද පන නැති දේවල් තමයි මේ කරන්නේ.
ඇමැතිවරයා නිර්දෝශී නම් මාධ්‍ය වල පළවූ වාර්තා බොරු වෙන්න ඔ්න. රැුදවියන් කියන කතා බොරු වෙන්න ඔ්න. අනුරාධපුරයට මහ ? ගියේ නැද්ද? ගිහින් සිර කුටිය ඇරියේ නැද්ද? මේකෙන් එල්.ටී.ටී.ඊ. සැකරුවන් එලියට ගත්තේ නැද්ද?
බන්ධනාගාර නිලධාරීන් තමන්ගේ රස්සාව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නිසා මොනවත් කියන්නේ නෑ. හැබැයි මේ සිද්ධිය සිදුවෙලා තියෙනවා කියලා මාධ්‍ය වාර්තා සදහන් වෙනවා
දැන් නාමල් රාජපක්ෂ ඇමැතිවරයා බන්ධනාගාරයට යනවා. ඔහු හරිනම් තමන්ගේ සහෝදර ඇමැතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උදව් කරන්න ඔ්න. කවුරුන් හෝ තුවක්කුවක් භාවිතා කළා කියලා පැමිණිල්ලක් ලැබුණ විට තුවක්කු ආඥා පනත යටතේ අත්අඩංගුවට ගන්න පුලවුන්. අත්අඩංගුවට ගත්තම ඇප දෙන්නේනෑ.
ඒත් පොලීසිය භාර ඇමැතිවරයා පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු තෝරාගත්තා වගේ ඇමැතිවරයාගේ තුවක්කුවට බලපත්‍ර තියෙනවා කියලා කියනවා. තුවක්කුව දකින්නේවත් නැතිව තමයි ඒකට ලයිසන් තියෙනවා කියලා කියන්නේ. ලයිසන් තුවක්කුවක් අරගෙන හිරේට ගිහින් මිනිහෙක්ගේ ඔලුවට තියපු එක හරිද? බීලා තියෙන්නේ ලයිසන් අක්කු නම්, ගිහින් තියෙන්නේ ලයිසන් තියෙන පොලීසියත් එක්ක නම් මේ වැඩෙත් ලයිසන් තියෙන වැඩක්ද? මේ කරපු වැඩේ එතකොට හරිද? වියත්මග ලයිසන් දීලා තියෙන්නේ මේකටද?
මේ ඇමැතිවරයා මහ ? නිරීක්ෂණ චාරිකාවකට යන්න ඔ්නද? කොට කලිසන් ඇදගෙන, පිස්තෝල බිම හැලි හැලිද නිරීක්ෂණ චාරිකාවලට යන්නේ
නිරෝධායන ඇදිරිනීතිය දීර්ඝ කර තියෙනවා. නිරෝධායන ඇදිරිනීතිය දීර්ඝ කරන්න කියලා සෞඛ්‍ය අංශ කියනවා නම් එහි කිසිම ප්‍රශ්ණයක් නෑ. මේක සිදුවිය යුතු දෙයක්. නමුත් සෞඛ්‍ය අංශ මුල සිටම ඉල්ලුවේ සති තුනක් හරියට රට වහන්න කියලා.
දැන් වහලා තියෙන්නේ බාර් වහපු එකයි, පොදු ප්‍රවාහන ක්‍රියාත්මක නොවන එකයි විතරයි. සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන දේ වෙලා තියෙනවාද කියන ප්‍රශ්ණය තියෙනවා. නිවරදි ආකාරයට රට වැහුවානම් ඉවර කරගන්න තිබුණ එක තමයි මේ විදියට ඇදෙමින් තියෙන්නේ.
මේ නිසා එදාවේල හම්බකරගෙන ඉන්න අයට තමයි ලොකුම ප්‍රශ්ණය වෙලා තියෙන්නේ. ඒ අයට පන්දාහත් නෑ. තුන්දාහත් නෑ. බඩු මිලත් අහස උසට ගිහින්. ගැසට් ගැහුවට සීනි අඩුවෙලත් නෑ. ගැසට් ගැහුවට හාල් අඩුවෙලත් නෑ. මිනිස්සුන්ට කන්න බැරි තරමට බඩු මිල ඉහළ ගිහින්. ජීවිතේ බොහෝම අමාරුවෙන් ජිවිතේ ගැට ගහගෙන යන්නේ.
ආණ්ඩුව වී මිලදී ගැනීමේ මිල රුපියල් පහකින් වැඩි කළත් ගොවියන් වී දෙන්නේ නැතිව ඉන්නවා. දැන් වී වගාව කර්මාන්තයක් බවට පත්වෙලා තියෙනවා. මහවැලියෙන් පස්සේ තමයි රටේ හැම තැනම කුඹුරු කරන්න අවස්ථාව ලැබෙන්නේ. වී වල මිල තීරණය වන්නේ ඔවුන්ගේ වියදම අනුවයි. වියදම ඉහළ ගිහින් තියෙනවා නම් වී මිල ඉහළ දැමීමට සිදුවෙනවා.
රජය මේ වෙලාවේ ගොවීන්ගේ පැත්තත් කල්පනා කරලා, සහල් පාරිභෝගිකයා ගැනත් හිතලා කටයුත ුකළ යුතුයි. කාගේවත් මාෆියාවලට බැනලා මේ ප්‍රශ්ණය විසදන්න බෑ.
දැන් තේ පොල් රබර්වලට කාබනික පොහොර ගෙන්වීමේ ප්‍රථිඵල අපිට දැකගැනීමට ලැබේවි. ක්‍රමානුකූලව කාබනික වගාවට ගියත් අත්‍යවශ්‍ය රසායනික පොහොර ගෙන්විය යුතුයි. වගාවට අවශ්‍ය රසායනකින ද්‍රව්‍ය ආනයනය කිරිමට සදහා කැබිනට් මණ්ඩලය මීට සති දෙකකට කලින් අනුමැතිය දීලා තිබුණා. ඒ ගැන ආණ්ඩුවට ස්තුතිවන්ත විය යුතුයි.
හැබැයි එක සමාගමකට මේ ආනයනය සදහා අවසර දුන්න බව තමයි පැවසෙන්නේ. මේක නැවත වරක් ගජ මිතුරන්ට සැලකීමක් නොවී, ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම උද්දච්චකම පැත්තකට ගිහින් තේ ගොවියා ගැන, වී ගොවියා ගැන, එළවළු ගොවියා ගැන කල්පනා කරලා යම් ප්‍රමාණයකට හෝ රසායනික පොහොර ගෙන්වීමට කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.
වෛද්‍ය නිර්දේශ මත අවු : 15-19 අතර දරුවන්ටත් එන්නත්
වෛද්‍ය නිර්දේශය මත වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබේ.
මේ අතර, වයස අවුරුදු 12 ට වැඩි ආබාධ සහිත ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
රැල්ල සැරටම ! යුරෝපය උණුසුම් ! ආණ්ඩු විරෝධය දිගටම !!
සැප්තැම්බර් 12වන ඉරිදා ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ පාස්කු වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිදුකළ දැවැන්ත සාමකාමී උද්ඝෝෂණයේ උණුසුම යුරෝපය පුරා පැතිරෙන තත්ත්වයක් මතුව තිබේ.
යුරෝපය කේන්ද්‍ර කරගනිමින් තවත් උද්ඝෝෂණ මාලාවක් එලැබෙන 18වන සෙනසුරාදාට සංවිධානය වෙමින් ඇත්තේ ඒ අනූවය.
ප්‍රංශයේ පැරිස් නුවරත් ප්රජාතන්ත්රවාද සඳහා ශ්‍රී ලාංකිකයෝ විරෝධයට සූදානමින් !
ප්රජාතන්ත්රවාද සඳහා ශ්‍රී ලාංකිකයෝ එකමුතුව විසින් මේ මස 18වන සෙනසුරාදා සවස 4.00 රිපුබ්ලිකා හිදී, වත්මන් ආණ්ඩුවේ මර්ධනය හා පාස්කු වින්දිතයන් හට කඩිනමින් යුක්තිය ඉටුකරන ලෙස බලකරන දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කොට ඇති අතර මේවන විට යුරෝපයේ බොහෝ රටවල් වලින් ප්රජාතන්ත්රවාද අපේක්ෂාවෙන් සිටින මෙන්ම පාස්කු ප්‍රහරයේ සැබෑ මොළකරුවන් සොයන ශ්‍රී ලාංකිකයන් සහභාගී වීමට නියමිතය…
සුමුදු මද්දුමආරච්චි.
මිලානෝ.
ඉතාලිය.
ලොහාන්ගේ සිද්ධියට : ගොඩහේවා ඇයි මහින්දට ගැහුවේ ?
ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිගේ ඉල්ලා අස්වීම පිළිබඳව තවත් රාජ්‍ය අමාත්‍යවරයකු වන, ආචාර්ය නාලක ගොඩහේවා තැබූ සටහනක් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයකට පත්ව ඇත.
ඒ එකී සටහන හරහා සෘජුවම වත්මන් අගමැති මහින්ද රාජපක්ෂගේ පැවති ජනාධිපති පාලන සමයේ සිදුවීමක් විවේචනය කර ඇති නිසාය.
සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසා ඇත්තේ ,
වසර කිහිපයකට පෙර රූපවාහිනි මධ්‍යස්ථානයකට දේශපාලනඥයෙක් කඩා වැටුණු විට එවක රජය ක්‍රියාමාර්ගයක් නොගත් බවයි.
නමුත් වර්තමාන රජය කාලයේ පිළිගත නොහැකියි සිදුවීම් වූ විට වේගයෙන් ප්‍රතිචාර දැක්වීම ගැන සතුටු වන බවත් කිසිවකුට ඉහළින් නීතිය සිටින බවක් නොදැනෙන බවත් ය.
රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි.
කෙසේ වුවත් මේ වනවිට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා වෙත සිහිපත් කරමින් ඉන්නේ, දේශපාලනඥයකු රූපවාහිනී ආයතනයකට කඩාවැදීමේ සිදුවීම සමයේ රාජ්‍ය නායකයා මෙන්ම ජනාධිපති වූයේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ බවයි.
එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වූයේ , වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බවත් ඔවුන් සිහිපත් කරයි. සිදුවීමට සම්බන්ධ දේශපාලනඥයා වූයේ එවකට අමාත්‍යවරයකු වූ මර්වින් සිල්වා ය.
පසුගිය දිනවල ඇවිදින මංතීරුවක් නිරීක්ෂණයට යාමක් සම්බන්ධයෙන් පලකළ ජායාරූප කිහිපයක් නිසාද රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සමාජ මාධ්‍ය තුළ දැඩි හාස්‍යකට ලක්විය.
බීලා බන්ධනාගාරවලට ගිහින් නෑ - ලොහාන්
තමන් කිසි දිනක බීමතින් බන්ධනාගාර වෙත ගොස් නොමැති බව හිටපු බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසා ඇත.
දිවයිනේ පිහිටි බන්ධානාගර 29 සහ පුනරුත්තථාපන මාධ්‍යස්ථාන දෙක ඇතුළු ස්ථාන 31 කට ම තමා ගොස් ඇති බවත් ඔහු පවසයි.
නිව්ස් ෆස්ට් පුවත් වාර්තාවක මේ බව දැක්වෙන අතර කිසිදු පුද්ගලයෙකුට බන්ධනාගරයක් තුළට ගිනි අවියක් රැගෙන යා නොහැකි බවත් තමා ද ගිනි අවියත් තියා සිය ජංගම දුරකතනය හෝ බන්ධනාගාර තුළට රැගෙව නොයන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇති බවත් එහි සඳහන් ය.
එහි වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.
මහර ගිනිගන්නා අවස්ථාවේ තමාට බන්ධනාගාර අමාත්‍යංශය භාරදුන් බවත් ගිනිදැල් නිවා බන්ධනාගාරය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිස්ථාපනය කළේ, තමන් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ජනපති, අගමැති ඇතුළු රජය අපහසුතාවට පත් නොවන ලෙස පරීක්ෂණයක් සිදු කරගෙන යාමට ඉඩදී තමන් බන්ධනාගාර අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බවයි.
මෙහිදී බන්ධනාගරයේ CCTV දර්ශන පිළිබඳව ද නිව්ස්ෆස්ට් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.
මේ ඔහු ඊට දුන් පිළිතුරයි..
”CCTV කතන්දර නේ, CCTV මකන්න බෑ නේ…CCTV ඒකේ ඇති ඉතින්… ඒක වුණා නම්, ඉතින් දාන්න එපැයි එළියට”
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූයේ, පසුගිය 15 වනදායි.
ජනාධිපති මාධ්‍ය අංශය එදින නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හිදී තමා අතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.
නිරෝධායන ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ඔක්තෝම්බර් 01 වැනි සිකුරාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කෙරිණි.
ජනාධිපතිවරයා මෙම තීරණය ගත්තේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන රැස්වීමේදීය. සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ජනාධිපතිවරයා එම තීරණය ගත් බව යුදහමුදාපතිවරයා සඳහන් කළේය.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා නියෝජනය ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වැනිදාය.
කබ්රාල් මහ බැංකු ගියා විතරයි : හිටපු ආණ්ඩුකාරගෙන් තවත් බරපතළ චෝදනාවක් !
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, අජිත් නිවාඩ් කබ්රාල් ,ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, නියොජ්‍ය මහබැංකු අධිපති ටි.එම් ඒ .ජේ වයි. පි. ප්‍රනාන්දු ,නීතිපතිවරයා හා පොලිස්පතිවරයායි.
මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා මහ බැංකුවට රුපියල් බිලියන 10.4 ත් ,10 .6 ත් අතර අලාභයක් සිදුකර ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කර ඇති, වෝහාරික විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙසත් එම පෙත්සම හරහා ඉල්ලා තිබිණ.
පෙත්සම ගොනුකරමින් කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන කිරිමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කළ ත්‍රි පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් කරන ලද වෝහාරික විගණන වාර්තාව අනුව අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.
ඔහු නැවත මහබැංකු අධිපතිධුරයට පත් වුවහොත් ඔහුට එරෙහිව ඉදිරිපත් වි ඇති සාක්ෂි විනාශ කිරිමේ අවදානම පවතින බවත් පෙත්සම්කරු මෙමගින් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබේ.
බීපු ඇමතුලාට ජනතාවගේ අයිතිවාසිකම් බයිට් එකට දෙන්න බෑ - නීතිඥ නිශ්ශංක
ඇමතිවරයාට බීමත්ව ජනතාවගේ මානව හිමිකම් බයිට් එකට ගැනීමේ අයිතියක් නොමැති බවත් , මිනිස්සුන්ට හිරිහැර කර, වින්දනයක් ලැබීම මානසික රෝග බවත් නීතිඥ නිශ්ශංක නානායක්කාර පවසයි.
ජාතික ජනබලවේගය පක්ෂය අද (16) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.
අමාත්‍යවරයා පොදු දේපොළ භාවිතා කර තිබෙනවා නම් එසේ කර තිබෙන්නේ රාජකාරී කටයුත්තකට නෙවන අතර එය තමන්ගේ මිත්‍රයන්ගේ විනෝදය සඳහා සිදුකර ඇති බවත් මෙතනදී අමාත්‍යවරයා ගිය වාහනය නොව ඔහුගේ හැසිරීම බැලිය යුතු බවත් නීතිඥ නිශ්ශංක නානායක්කාර සඳහන් කර ඇත.
එහිදී නීතිඥවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
ඒ හැසිරීම නීති විරෝධීයි. එයට දඬුවම් කළ යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඇමතිවරයාට බීමත්ව ජනතාවගේ මානව හිමිකම් බයිට් එකට ගැනීමේ අයිතියක් නැහැ. මිනිස්සුන්ට හිරිහැර කරලා, වින්දනයක් ලැබීම මානසික රෝග. මේ රාජ්‍ය ඇමතිවරයා සිදුකළ ක්‍රියාකලාපයේ බරපතළකම තිබෙන්නේ අතීතයේ මේ ආණ්ඩුවේ තිබෙන ක්‍රියාමාර්ගත් එක්කයි. මහර ඝාතනය, වැලිකඩ සිර ගෙදර ඝාතනය කියන සියල්ල මගින් අපේ රටේ මානව හිමිකම් ගැන ජාත්‍යන්තරව ප්‍රශ්න කෙරෙනවා. මේ රටට ඇඟිලි ගහලා සම්බාධක පනවන්න පසුබිම හදලා දෙන්නේ මේ ආණ්ඩුවමයි. හිජාස් හිස්බුල්ලා නඩු විභාගයකින් තොරව මාස 16ක් අත්අඩංගුවේ ඉන්නවා. නඩු අහලා, වැරදිකාරයා වෙනවා නම් හිරේ දැමීම ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. කවියෝ පවා මේ විදිහට සිරගත කරගෙන ඉන්නවා.
අවුරුදු 1 සිට 6 දක්වා පමණ කාලයක් දඩුවම් ලැබිය යුතු වැරදි !
ගඟෙන් එතෙර වෙන්න වියතුන්ව පාවිච්චි කළා. අද ඔවුන්ව විසි කර දාලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ගේන්න වැඩ කළ වියතුන් අද හැංගෙමින් ඉන්නේ. ඒ නිසා අද මේ රට පාලනය වෙන්නේ සංවිධානාත්මක හොර කල්ලියකින්.
අපේ රටේ ආර්ථිකය, සමාජ සංස්කෘතික ජීවිතය, යන සියල්ල පාලනය වෙන්නේ මේ කල්ලියෙන්. සිද්ධියේ බරපතළකම අනුව අවුරුදු 1 සිට 6 දක්වා පමණ කාලයක් දඩුවම් ලැබිය යුතු වැරදි මෙතන සිදුකර තිබිය හැකියි. එය හරියටම කියන්න බැරි තාම කිසිදු පරීක්ෂණයක් සිදුකර නැති නිසයි. මේ සිද්ධියත් එක්ක මොහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් ඉවත් කරන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බල කරන්න ඕනැ.
මාංචු වැටෙන්න ඕනෑ අත්වල සමහර ස්වාමින් වහන්සේලා පිරිත් නූල් ගැට ගහපුවාම මෙහෙම ප්‍රශ්න මතු වෙනවා. ඔහු සමග හිටපු කාන්තාවටත් එකම නීතිය බලපාන්න ඕනැ. තාමත් පොලිසිය මේ ගැන විමර්ශන පටන් ගෙන නැහැ. පහන්තුඩුවේ සිද්ධියට සම්බන්ධ දෙදෙනා පසුවදා අත්අඩංගුවට ගත්තා. මෙතන තියෙන්නේ ඊට වඩා බරපතළම තත්වයක්.
පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතනට ගිහිල්ලා බන්ධනාගාර නිලධාරීන්ගෙන් බන්ධනාගාර කොමසාරිස්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්න ඕනෑ. ඒ මූලික තත්වයවත් සිදු නොවීමයි මෙතන තියෙන බරපතළම තත්වය.
ලොහාන් ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් තද නිවේදනයක් !
ලොහාන් රත්වත්තේට තිබෙන චෝදනා ඉතා බරපතළ වන අතර එබැවින් සිරකරුවන් සම්බන්ධයෙන් වගකිවයුතු අමාත්‍යංශයක්වත් වෙනත් ඇමති තනතුරක හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හෝ වගකීමක් දැරීමටවත් ඔහු විශ්වාසදායක නැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.
ශ්‍රී ලාංකා නීතිඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය අද (16) නිවේදනයක් නිකුත්කරමින් මේ බව අවධාරණය කර ඇත.
ඔහුගේ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ සහ අපක්ෂපාතී විමර්ශනයක් සිදුකළ යුතු බවත් එම නිවේදනයේ දැක්වෙයි.
තවද ඉල්ලා අස්වීම මගින් ලොහාන් රත්වත්තේ තම චර්යාව සම්බන්ධ වගකීම බාරගෙන ඇති බවත් , එමගින් කිසිදු රජයේ තනතුරක් දැරීම සඳහා ඔහු සතු සදාචාරාත්මක අයිතිය අහෝසිවී ඇති බවත් එම නිවේදනයේ සඳහන් ය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයත් ඉල්ලා අස්වෙන්න ඕන - උපුල් කුමාරප්පෙරුම
ආන්දෝලනාත්මක බන්ධනාගාර සිදුවීමට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියද ඉල්ලා අස්විය යුතු බවත් රාජ්‍ය සේවකයකු ලෙස ඔහුගේ මූලික වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම මිස අමාත්‍යවරයාව ආරක්ෂා කිරීම නොවන බවත් නීතිඥ උපුල් කුමාරප්පෙරුම පවසයි.
එසේම රාජ්‍ය සේවා කොමිසම විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.
නීතිඥ උපුල් කුමාරප්පෙරුම මේ අදහස් දක්වා සිටියේ ජාතික ජනබලවේගය පක්ෂයේ නීතිඥන් විසින් අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.
එහිදී ඔහු දැක්වූ අදහස් මෙසේය.
බන්ධනාගාර රැඳවියෙකුගේ ආරක්ෂාවට සම්බන්ධයෙන් රජය වගකිව යුතුය... නීතිඥ උපුල් කුමරප්පෙරුම
මෙතන නිශ්චිත කරුණු 2ක් තිබෙනවා. රාජ්‍ය ඇමතිවරයා අවසර නැති වෙලාවක බන්ධනාගාරයට යාම, සහ එහි නිලධාරීන්ගේ හැසිරීම වශයෙන්. අදාළ ඇමතිවරයාට බන්ධනාගාරයක් නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙනවා.
ගිනිඅවි ගෙනියන්න අවසර දුන්නේ කවුද ?
නමුත් ඔහු එහෙම ගිහින් හැසිරුණු ආකාරය වාර්තාවල සඳහන් වෙනවා. ඔහුගේ පුද්ගලික ගිනි අවිය බන්ධනාගාරය තුළට ගෙනගොස් තිබෙනවා. පසුගිය කාලයේ බන්ධනාගාරවල ආරක්ෂක විධිවිධාන තර කිරීමෙන් තම සේවාදායකයන් බලන්න යන නීතිඥවරුන්ගේ සපත්තු, බෙල්ට් පවා ගලවා ශරීර පරීක්ෂා කළා. පෑන් පවා පරීක්ෂා කළා. මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමයටත් මැදිහත් වෙන්න වුණා. මේ තරම් ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වෙද්දී ගිනිඅවියක් රැගෙන යන්න අවසර කොහෙන්ද?
දණ්ඩ නිති සංග්‍රහය යටතේ වැරදි රාශියක් සිදුකරලා !
ඇමතිවරයාට බන්ධනාගාරය පරීක්ෂා කරන්න පුළුවන්. අවශ්‍ය නම් රැඳවියන් එක්ක කතා කරන්නත් පුළුවන්. අතීතයේ ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා බන්ධනාගාර පරීක්ෂා කරන්න ගිහින් ඔහුට බරපතළ තත්වයකට මුහුණ දෙන්න සිදුවුණා. මෙතැනදී බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් එළියට ගෙන පිස්තෝලයක් තබා තර්ජනය කිරීම ඇමතිවරයාගේ විෂය පථයට අදාළ වෙන්නේ නැහැ.
මෙතන අයුතු ඇතුල්වීම, සාපරාධී බලහත්කාරය, මරණීය තර්ජන එල්ල කිරීම, නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සහ නීතිවිරෝධී රැස්වීම යන දණ්ඩ නිති සංග්‍රහය යටතේ වැරදි රාශියක් සිදුකර තිබෙනවා.
සිරකරු අයිතීන් සම්බන්ධ ප්රඥප්තියේ විධිවිධාන උල්ලංඝනය කර තිබෙනවා. අධිකරණ නියෝගයකින් බන්ධනාගාර ගත කරන පුද්ගලයෙක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයෙක් හෝ වෙනත් විනිශ්චයකාරවරයෙක් නිශ්චිත උපදෙස් මාලාවක්, විධානයක් බන්ධනාගාර අධිකාරියට දෙනවා. මෙයට කියන්නේ අධිකරණ භාරය කියලා. ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණය, රජය වගකියන්න ඕනෑ.
සුළුපටු වරදක් නෙවෙයි !
මේ වින්දිතයන්ගේ ආරක්ෂාව ගැන විශ්වාසය සහ මූලික අයිතිවාසිකම් බිඳ වැටිලා තිබෙනවා. මෙය සුළුපටු වරදක් නෙවෙයි. ඇමතිවරයෙකුට ගිහින් පිස්තෝලය පෙන්වලා මිනිස්සුන් එළියට ඇදලා ගන්න පුළුවන් නම් මේක අප්‍රිකාවේ වගේ තත්වයක්. රුවන්ඩාව, සුඩානය වගේ අප්‍රිකානු රටක් නෙවෙයි මේක. ආසියාවේ පැරණිතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක්.
යුද හමුදා පාලනයක් තිබෙන රටක් නෙවෙයි මේක. ඒ නිසා මේක අප්‍රිකානු රටක් බවට පත්කරන්න එපා. බන්ධනාගාරයේ ඉන්න මනුස්සයෙකුට පවා අයිතිවාසිකම් තියෙනවා. මේවා බිඳ දාන්න එපා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ. මේ රටට සම්බාධක පැනවුවහොත් මේ ඉන්න එක පාලකයෙක්වත් එයින් පීඩා විඳින්නේ නැහැ. ආර්ථික හෝ වෙනත් ඕනෑම සම්බාධකයකින් පීඩාවට පත් වෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. මේ සියලු දෙනාටම ඒ ගොල්ලන්ගේ මව් රටවලට යන්න පුළුවන්. එහෙම යන්න සල්ලිත් තියෙනවා. අපි කාටවත් ඒක කරන්න බැහැ. ඒ නිසා මේ රටේ පැවැත්ම වෙනුවෙන්, රාජ්‍යය වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉටුකරන බව ආණ්ඩුව ජනතාවට පෙන්වන්න ඕනෑ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ ක්‍රියාකලාපය !
අනෙක් පැත්තෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ ක්‍රියා කලාපය ගැන සලකා බලන්න ඕනෑ. ඇමතිතුමා ඇවිත් සිරකරුවන් සමග සාකච්ඡා කර ගිය බවයි ඔහු කියා තිබෙන්නේ. රාජ්‍ය සේවකයෙකුගේ මූලික වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමයි. ඔහු ඒ වෙනුවෙන් දිව්රුම් දී තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් පාලනය වන රීති සම්ප්රදායකින් බැඳිලා ඉන්නවා. මේ සියල්ල තියාගෙනත් ඔහු කර තිබෙන්නේ තමන්ගේ අමාත්‍යවරයා ආරක්ෂා කරන්න ප්‍රකාශයක් කිරීමයි. රාජ්‍ය නිලධාරීන් දේශපාලකයෙක් ආරක්ෂා කරන්න බැඳීලා නැහැ. දේශපාලකයන්ගේ වැරදි තීන්දු ප්‍රතික්ෂේප කළ කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් මේ රටේ සිට තිබෙනවා.
වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වුණේ ඉහළින් එන සමහර තීරණවලට එකඟ වෙන්න බැහැ කියලා. රාජ්‍ය නිලධාරීන්ට කොන්දක් තියෙන්න ඕනෑ. ඔහු වගකියන්න ඕනෑ මේ රටේ ජනතාවටයි. උපුල්දෙනිය මහත්මයත් ඔය තනතුරෙන් ඉල්ලා අස්වෙන්න ඕනෑ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඔහුට විරුද්ධව වෙනම විනය පරීක්ෂණයක් පවත්වන්න ඕනැ.
Page 406 of 442