පුවත්

කොරෝනා මරණ සංඛ්‍යාව 14,057 දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,057කි.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (16) සිදුව ඇති බවය.
එම මරණ අතරට කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු අයත්ය.

භාණ්ඩ හිඟයකුත් ශුවර් : ආණ්ඩුවේ බැරි බැරියාව ගම්මන්පිල ප්‍රසිද්ධියේ කියයි !
විදේශ විනිමය අර්බුදය විසෙඳන තුරු අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට සිදුවන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
වඩාත් උත්ප්‍රාසජනක සිදුවීම වන්නේ කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීමයි.
විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා රජය දීර්ඝ කාලීන විසඳුම් සොයන බවත් කෙටිකාලීන විදේශ ණය ලබාගෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
එසේම සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසන්නට සිදු වුයේ කොමිස්වලට ඉන්ධන ලබා ගත් නිසා බවට විපක්ෂ නායකවරයා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන්නේ යැයිද කී අමාත්‍යවරයා අඩු මිලට ඉන්ධන ලබා දෙන සැපයුම්කරුවෙකු සිටින්නේ නම් ඉදිරිපත් කරන්නැයි ආරාධනා කරන බවද කීය.
එවැන්නෙකු ඉදිරිපත් කරන්නේ නම් ඔහුගෙන් ඉන්ධන ලබා ගැනීමට සූදානම් බවත් එසේ නැතිනම් විපක්ෂ නායකවරයා බොරු කීම ගැන ජාතියෙන් සමාව යුතු ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
අද වන විට ගෑස් ඇතුළු යම් යම් ආනයන භාණ්ඩවල හිගයක් ඇතිව තිබෙන්නේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ යාමෙන් යැයිද කී අමාත්‍යවරයා සංචාරක ව්‍යාපාරයෙන් හා විදේශගත ශ්‍රමිකයන් ගෙන් ලැබෙන ආදායම අඩුවීම මත ආනයන සීමා කරන්නට වී ඇතැයිද ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව ගැන ජවිපෙන් ජනාධිපතිට පාඩමක් !
ජාතික ආරක්ෂාවට අදාළ ප්‍රධාන සාධකයක් වන රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට ජනාධිපතිවරයා වහාම ක්‍රියා කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.
අද (17) එම පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අවධාරණය කර තිබිණි. මේ වන විට රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික කරුණු ගණනාවක්ම වර්තමාන ආණ්ඩුව විසින් අනතුරට හෙළා ඇති බව එම හමුවේදී වැඩි දුරටත් අවධාරණය කර තිබිණි. එහිදී පළකළ සම්පූර්ණ අදහස් පහත දැක්වේ.
මේ වනවිට රට තුළ නිර්මාණය වී තිබෙන ඩොලර් අර්බුදය සහ ඉදිරියේදී එළඹීමට නියමිත ආහාර සුරක්‍ෂිතතාවය අහිමි වීම ඇතුළු දැවැන්ත ව්‍යසනයන් පිළිබඳව ආණ්ඩුව වගකීම් විරහිතව කටයුතු කරමින් ඉන්නවා. චීන ක්විංඩාවෝ සමාගම ඩොලර් මිලියන 08ක වන්දි ලබාගැනීමට එන්තරවාසියක් එවා තිබෙනවා. නැනෝ යූරියා නිෂ්පාදනය කරන ඉන්දීය සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා. මෙවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වෙන අතර ගොවියාටත් පාරිභෝගිකයාටත් පිළිගත හැකි විසඳුමක් ආණ්ඩුවෙන් මේ මොහොතේ ඉදිරිපත් කර නැහැ.
ජාතික ආරක්ෂාවට අංශ ගණනාවක් තිබෙනවා
ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට පැමිණෙන්නේම ජාතික ආරක්‍ෂාව කියන සටන් පාඨය මුල්කරගෙනයි. එක කාලයකදී ජාතික ආරක්‍ෂාව කියන්නේ සන්නද්ධ ප්‍රහාරයකින් රටත් ජනතාවත් ආරක්‍ෂා කර ගැනීම පමණයි. මේ වෙනකොට ඒ අර්ථකථනය පුළුල් වී තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීම, අපරාධ අවම කිරීම, ආර්ථික සුරක්‍ෂිතතාවය, බලශක්ති සුරක්‍ෂිතතාවය, පරිසර සුරක්‍ෂිතතාවය, ආහාර සුරක්‍ෂිතතාවය සහ සයිබර් ආරක්‍ෂාව වගේ අංශ ගණනාවක් ඇතුළත් වී තිබෙනවා. දැන් ජාතික ආරක්‍ෂාව කියන්නේ රටේ බෝම්බ නොපිපිරවීම විතරක් නෙවෙයි. විශේෂයෙන් බලශක්ති සුරක්‍ෂතතාවය ආරක්‍ෂා කර ගන්න නම් ඒ සම්බන්ධ ප්‍රභවයන් තිබෙන්න ඕනෑ. එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් තියෙන්න ඕනෑ අදාළ ආනයනයන් කරන්න. නමුත් වෙනත් රටක් මත බලශක්ති ඒකාධිකාරයක් තිබෙනවා නම් එතැනදී බලශක්ති සුරක්‍ෂිතතාවය අර්බුදයකට යනවා. කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් දැන් ඇතිවීී තිබෙන්නේත් ඒ අනතුරයි. ආහාර සුරක්‍ෂිතතාවයත් ඒ වගෙයි. රටේ ජනතාවට අවශ්‍ය තරම් නිෂ්පාදනයන් රට තුළ තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් ආනයනය කිරීමට ඩොලර් තියෙන්න ඕනෑ. රට තුළ ප්‍රමාණවත් ආහාර නැත්නම් බලවත් අර්බුදයකට යනවා. උදාහරණයක් හැටියට අපේ රටේ තෙල් අර්බුදයක් ඇවිත් තිබෙන්නේ ලෝක වෙළඳපොළේ හිඟයක් නිසා නෙවෙයි, අපේ රටට ඩොලර් නැති නිසා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව දවස් 50කට වහන්න පවා සිදුවී තිබෙන්නේ ඩොලර් නැති නිසා.
මේ තත්වයක් තුළ රටේ පැවති ආහාර සුරක්‍ෂිතතාවයත් අහිමි වෙන ක්‍රියාමාර්ග ගැනීමෙන් ඉදිරියේදී ඇතිවිය හැකි අනතුර ගැන ජනතාවට තේරුම් ගන්න පුළුවන්. ආහාර සුරක්‍ෂිතතාව මේ තරම් අර්බුදයකට ගිහින් තියෙන්නේ ආණ්ඩුවේ අමනෝඥ තීරණ නිසා. අප්‍රේල් 27වැනිදා හිටි හැටියේම රසායනික යෙදවුම් තහනම් කරලා කාබනික යෙදවුම්වලට එක්වරම මාරු වීමෙන් මේ තත්වය ඇතිවී තිබෙනවා. පියවරෙන් පියවර වුණත් 100%ක්ම කාබනික වගාවට ගිය රටවල් ලෝකයේ නැහැ. අනිත් පැත්තෙන් කාබනික වගාවේ අස්වැන්න ගුණාත්මකව ඉහළ වුණත් අනිවාර්යයෙන්ම අස්වැන්න 20% සිට 25% දක්වා අඩුවන බව තහවුරු වී තිබෙනවා. දැන් අපට පෙන්නුම් කරමින් තිබෙන්නේ එක රැයින් කාබනික වගාවට මාරු වීම කෙතරම් අවිද්‍යාත්මක අමනෝඥ ක්‍රියාවක්ද කියලයි. රසායනික යෙදවුම් එක වරම තහනම් කිරීමට විසඳුම් හැටියට ගෙනා ක්‍රියාමාර්ග සියල්ල යළි යළිත් අර්බුදයට ගිහින් තිබෙනවා. ඉඳුරුවේ ආචාරියා නම් කඩතොළුෙ දෙකයි හැදුවේ. ආණ්ඩුව කඩතොළු රාශියක් නිර්මාණය කරගෙන තිබෙනවා.
ඉන්දියානු සමාගම කෘෂිකර්ම අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූවා
කාබනික පොහොර ගෙන්වීම යටතේ චීන පොහොර ප්‍රශ්නය ඇවිත් තිබෙනවා. රසායනික පොහොර සම්බන්ධයෙන් කාලාන්තරයක් භාවිතා කර ඒ සම්බන්ධ ක්‍රමවේදයන් ලෝකයේ සකස් වී තිබෙනවා. කාබනික පොහොර සම්බන්ධයෙන් එහෙම නිශ්චිත පිළිවෙළක් නැහැ. කාබනික පොහොර මගින් යම් රටකට අහිතකර ක්‍ෂුද්‍ර ජීවීන් ඇතුළත් වුණොත් බරපතළ ප්‍රශ්නයක් වෙනවා. මේ නිසා හැම රටක්ම ඉතාම සුපරීක්‍ෂාකාරී වෙනවා. ටෙන්ඩර් කැඳවීම, සාම්පල් ලබාගැනීම, සාම්පල් පරීක්‍ෂා කිරීම සහ සාම්පල් සමත් වීමෙන් පසු එල්.සී. විවෘත කර ආනයනය කිරීමට කටයුතු සලසනවා. නමුත් චීන ක්විංඩාවෝ සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ ක්‍රමවේදය අනුගමනය කළේ නැහැ. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්ගේ ළඟම ඥාතියෙක් චීන සමාගමේ දේශීය නියෝජිතයා හැටියට ක්‍රියා කරනවා. සාම්පල් පරීක්‍ෂා කිරීමට පෙර එල්.සී. විවෘත කර පොහොර මෙරටට ගෙන එන්න සූදානම් කළා. නැව් 05ක් එන්න තියෙනවා. එක නැවක් ආවා. මේ නැව දැන් අපේ මුහුදු සීමාවේ කැරකෙමින් ඉන්නවා. ඒ අතරේ අපේ ශාඛ නිරෝධායන සේවයට එන්තර වාසි එවා තිබෙනවා. ප්‍රමාද ගාස්තු ඇතුළු ගාස්තු අයකර ගන්න සූදානම් වන අතර ඇනවුම් කළ මුළු තොගයේ වටිනාකමෙන් 75%ක් අයකර ගන්නත් ඔවුන් උත්සාහ කරනවා.
ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග නිසා ශාඛ නිරෝධායන සේවය ලබාදී තිබෙන වාර්තාව ප්‍රතික්‍ෂේප කළහොත් අනාගතයේ බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. අපේ සහතික සම්බන්ධයෙන් ලෝක පිළිගැනීම අහිමි වෙනවා. මේ නිසා කලින් ලබාදුන් සහතිකවලටත් අනාගතයේ ලබාදෙන සහතිකවලටත් බරපතළ අනතුරක් සිදුවෙනවා. චීනයේ පෞද්ගලික සමාගමක් වන චින්ඩාවෝ සමාගම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පෙනී සිටිනවා. හැබැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාඛ නිරෝධායන සේවය වෙනුවෙන් අපේ ආණ්ඩුව පෙනී සිටින්නේ නැහැ. අදාළ නිලධාරීන් හැරුණුකොට ඇමතිවරයෙක් හෝ ආණ්ඩුවේ වගකිවයුත්තෙක් නිල ප්‍රකාශක් කළේ නැහැ. මෙවැනි තත්වයක් තුළ ජනාධිපතිවරයා මැදිහත් වී නිල ප්‍රකාශයක් කරන්න ඕනෑ. එවැනි ප්‍රකාශයක් කළා නම් මේ ප්‍රශ්නය මේ තරම් දිගදුර නොයන්නත් තිබුණා. චීන පොහොර ප්‍රශ්නයේදීත් ආණ්ඩුව හත්පොළේ ගාගෙන ඉන්නවා. ආණ්ඩුව එක පාරම චීනයෙන් ඉන්දියාව දිහාට හැරුණා. නැනෝ යූරියා වශයෙන් අදාළ සමාගම පවා නම්කර තිබියදී ආණ්ඩුව කියන්නේ නැනෝ නයිට්‍රජන් ආනයනය කරනවා කියලා. සූර පප්පාගේ මැජික් අරිෂ්ඨය වගේ අස්වැන්න වැඩිවන බව මැති ඇමතිවරු කියනවා. හැබැයි මේ නැනෝ යූරියා ලෝකයට අලුත්. මේ වසරේ ජූනි මාසයේදී ඉන්දීය වෙළඳපොළටත් නැනෝ යූරියා ඉදිරිපත් කර තිබෙන්නේ. ඉන්දියාවටවත් මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අත්දැකීම් නැහැ. මේ සම්බන්ධයෙන් අපේ රටට හඳුන්වා දීමට පෙර කෘෂිකාර්මික පර්යේෂණ ආයතන මගින් පරීක්‍ෂා කළ යුතුව තිබෙනවා. මේ කිසිවක් අද දක්වා සිදුකරලා නැහැ.
නැනෝ යූරියා වෙනුවෙන් හතර ගුණයක වැඩි මිලක්
කෘෂි රසායනික යෙදවුම්වලට විරුද්ධව කාබනික යෙදවුම් මගින් නිෂ්පාදනය කළ දේවල් රටට ගෙන්වන බව පෙන්වන්න ආණ්ඩුව උත්සාහ කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඉන්දීය සමාගම විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පවා ඔවුන් කියන්නේ නැනෝ යූරියා ලබාදී ඇති බවයි. ඔවුන්ගේ වෙබ් අඩවියේ පවා මේ බව සඳහන් කර තිබෙනවා. එහෙම තියෙද්දිත් කෘෂිකර්ම ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියන්නේ නැනෝ නයිට්‍රජන් ගෙන්වනවා කියලා. අනික් පැත්තෙන් මේ සමාගම තමන්ගේ වෙබ් අඩවියේ සඳහන් කර තිබෙන්නේ ශාඛවලට යොදන අතිරේක යෙදවුමක් විදිහටයි. මිනිස් ශරීරයක් ගත්තොත් සාමාන්‍යයෙන් තිබිය යුතු වර්ධනය නොතිබෙන තැන්වල වෛ්‍යවරුන් මල්ටි විටමින් වර්ග නිර්දේශ කරනවා. ඒ කියන්නේ අනික් සියලු ආහාර අත්හැරලා ගන්න දෙයක් නෙවෙයි. මේ නැනෝ යූරියාත් ඒ වාගේ අමතර යෙදවුමක්. මෙයින් ලීටර් ලක්‍ෂ 31ක් ගෙන්වන්න ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. මේ ගනුදෙනුවත් සැක කටයුතුයි. මේ සමාගම ඊයේ(16) මාධ්‍ය හමුවක් පවත්වා හෙළිකළ ආකාරයට මිලිලීටර් 500 බෝතලයක් ඉන්දීය රු. 240යි. අද මිලට ගත්තොත් ඩොලර් 3.22යි. ඔක්තෝබර් 18වැනිදා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයෙන් ආණ්ඩුව කියන්නේ මිලි ලීටර් 500ක් ඩොලර් 12.45ක් වියදම් කර ගෙන්වන බවයි. එනම් ඉන්දීය මිලට වඩා හතර ගුණයක් මිල වැඩිවී තිබෙනවා. මෙය සම්පූර්ණ වටිනාකම ඩොලර් මිලියන 53ක ගනුදෙනුවක්.
CID වාර්තාව කෝ..?
මිල වැඩිවීමට අමතරව මේ ගනුදෙනුව සිදුවුණු ආකාරය ඉතාම සැක කටයුතුයි. ටවුන් හෝල් මහජන බැංකු ශාඛාවේ ගිණුමක් විවෘත කර රජයේ මුදල් තැන්පත් කළා. අපි ඒ බව පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා. එය වාර්තා කරපු මාධ්‍ය ආයතනයක් සී.අයි.ඩී.යට කැඳෙව්වා. දැන් ඒ ගිණුම වහලා. මහජන බැංකුවේ නිලධාරිනිය සී.අයි.ඩී.යට කැඳවා තිබුණා. සී.අයි.ඩී. පරීක්‍ෂණ වාර්තාව දැන් කෝ? මහජන බැංකු නිලධාරිනිය හෙළිකළ දේවල් රටට කියන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. මේ ගනුදෙනුව මුල සිටම සැකකටයුතු ආකාරයට සිදුකර තිබෙනවා. රසායනික පොහොර එක රැයින් තහනම් කිරීම නිසා දැන් එක පැත්තකින් චීන පොහොරත් අනික් පැත්තෙන් ඉන්දියාවේ නැනෝ යූරියාත් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. ඒ අතර දෙසැම්බර් මාසයේදී ඇමෝනියම් සල්ෆේට් මෙ.ටො. 90,000ක් දෙසැම්බර් මාසයේදී ගේන්න සූදානම් වන බව අපට ආරංචි වෙනවා. ආණ්ඩුව මේවාත් කාබනික නාමයක් ගහලා ගේන්න උත්සාහ කරනවාද? එහෙම නැත්නම් කාබනික වගාවට යන්න ගත් තීන්දුව ආණ්ඩුවෙන් හකුළලාද කියලා රටට කියන්න ඕනෑ. සමස්තයක් විදිහට රටේ ආහාර සුරක්‍ෂිතතාවය ඇතුළුව අංශ ගණනාවකින් රට බරපතළ අර්බුදයකට ලක්කරලා තියෙන්නේ.
ධාතුසේන, මහසෙන් වගේ රජවරුන් ආහාර සුරක්ෂිතතාව ඇතිකළා දැන් මූලිකවම ආහාර සුරක්ෂිතතාව
බිඳවට්ටා ජාතික ආරක්‍ෂාව අනතුරට හෙළන්න ආණ්ඩුව ක්‍රියා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තනි තනි ඇමතිවරයා නොව සමස්ත ආණ්ඩුවම වගකීම බාර ගන්න ඕනෑ. ශාඛ නිරෝධායන සේවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිල ප්‍රකාශයක් කළ යුතුයි. ඒ වගේම ජනතාවගේ ආහාර සුරක්‍ෂිතතාවය පරදුවට තියන්න ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ. අඩු තරමේ අවුරුදු 5,000කට වැඩි කෘෂිකාර්මික ඉතිහාසයක් අපිට තිබෙනවා. කලාපයේ තත්වයන් සලකා බලලා අපේ රජවරුන් වාරිමාර්ග දියුණු කළා. ක්‍රි.ව. පළමුවැනි සියවසේදී දකුණු ඉන්දියාවේ ආහාර අහේනියක් ඇතිවුණාම වසභ රජතුමා කුඩා හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතියක් ඇතිකළා. ඒ වගේම ධාතුසේන, මහසෙන් වගේ රජවරුන් මහා පරිමාණ වැව් හැදුවා. කෘෂිකර්මාන්තය කියන්නේ අපේ රටේ ශිෂ්ටාචාරයේ පදනමයි. මේ පදනමයි දැන් විනාශ කරන්න යන්නේ. කෘෂිකර්මාන්තය පරදුවට නොතියා කෘෂි විශේෂඥයන්ගේ උපදෙස් අනුව වැඩකරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. ආණ්ඩුව දැන් ඔවුන්ගේ තීන්දුව හකුළා ගත්තත් සිදුවන හානිය සම්පූර්ණයෙන්ම වළක්වන්න බැහැ. අඩු ගානේ හානිය අවම කරගන්න දැන්වත් කටයුතු කළ යුතුයි.
ඒ ඒ විෂයන්ගෙන් පරිබාහිර අය විවිධ මනස්ගාත ඔළුවේ තියාගෙන වැඩකරලා රටකට ඉදිරියට යන්න බැහැ. ඒ නිසා අපි ජනාධිපතිවරයාට තවදුරටත් විකාරරූපී දේවල් ක්‍රියාත්මක නොකර ආහාර සුරක්‍ෂිතතාවය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගවලට වහාම මැදිහත් විය යුතු යැයි අවධාරණය කරනවා.

තුරුම්පු බාල්දුවෙයි : ආණ්ඩුවට මංගල සිහිවෙයි !
ආණ්ඩුව නැවතත් ඉන්ධන මිල සූත්‍රය යා යුතු බව ආණ්ඩුවට සහ මුදල් අමාත්‍යවරයාටත් යෝජනා කරන බව අධිකරණ ඇමැති අලි සබ්රි සඳහන් කරයි.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිනිසාට සාපේක්ෂව ක්‍රමානුකූලව විචලනය වන ක්‍රමය මෙරට ඉන්ධන මිල ගෙන ආ යුතු බවද ඇමැතිවරයා පැවසීය.
අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු අයවැය විවාදය අමතමිනි.
ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධ කාරණය පවසා ඇති හෙයින් ඒ පිළිබඳව සලකා බැලිය යුතුව ඇතැයිද අමාත්‍යවරයා කීය.
ආණ්ඩුවට මංගල සිහිවෙලා !
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මේ ආණ්ඩුවට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සිහිවීමක් හැටියටය.
පැහැදිලි දර්ශනයක් සහිත දේශපාලනඥයකු වූ මංගල සමරවීර අමාත්‍යවරයා ගෝලීය අත්දැකීම් උකහා ගනිමින් ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීම සිදුකළ බවත් ඒ අවස්ථාවේ ඊට බරපතළ විරෝධයක් පෑ වත්මන් පාලකයන් අද දේශපාලන සරදමකට ලක්ව ඇති බවත් විචාරක මතය වී තිබේ.
" ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බව අසත්‍යක් නෙවෙයි. කොහොම සහන දුන්නත් අවසානයේදී සිදුවන පාඩුව පියවන්න වෙන්නේ ජනතා බදු මුදල් වලින්. අනිත් කාරණය තමයි ලෝක වෙළෙඳ පොළ ඉන්ධන මිල උච්චාවචනය අපිට පාලනය කරන්න බෑ. ඒ තත්ත්වය අපිට විතරක් නෙවෙයි , ලංකාවට විශාල ආර්ථිකයක් ඇති රටවලට පවා පොදු අත්දැකීමක්.
අන්න ඒ නිසා තමයි ඔවුන් පවා ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කරලා තියෙන්නේ . නමුත් මේ පාලකයන් අවස්ථාවාදී ලෙස ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරලා, ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල කියලා විකාරයක් ගෙනාවා. ලොකු ඝෝෂාවක් දාලා ගෙනාවට මොකද ප්‍රායෝගික වුණේ නෑ.
දැන්වත් මේ පාලකයන්ට මොළේ පෑදුනොත් ඇති."

රාජ්‍ය සේවකයින්ට ආණ්ඩුවෙන් තවත් ප්‍රහාරයක් !
මේ රට විනාශ වීමේ වගකීමෙන් රාජ්‍ය සේවකයන් 80%ක් බාර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද පවසයි.
මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු අයවැය විවාදය සඳහා එක්වෙමිනි.
පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා සඳහන් කළ ආකාරයට රටේ විනාශයෙන් දේශපාලනඥයින් වගකිවයුතු වන්නේ 20% කට පමණයි.
හිටපු ජනාධිපතිවරුන්ට මෙන්ම අමාත්‍යවරුන් සඳහා උපදෙස් දුන්නේ නිලධාරීන් බවත් ඔහු පැවසීය.
එමෙන්ම අද වනවිට හොරු අමාත්‍යංශවල සිටින යුගයක් නිර්මාණය වී ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
මීට ප්‍රථම පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ රාජ්‍ය සේවකයන් රටට බරක් බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මන්ත්‍රීවරයාට ප්‍රතිශත මාරුවී ඇති බවයි.
එසේම මීට පෙර බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ද රාජ්‍ය සේවකයන් බරක් බව පැවසූ බවත්, පසුව මේ පසුපෙළ මන්ත්‍රීවරුන් ද රාජ්‍ය සේවකයන් වෙත චෝදනා කරන ආකාරය අවධානයට ගතයුතු බවත් ඔවුන් පවසයි.
මේ උත්සාහ කරන්නේ අසාර්ථක පාලනයේ වගකීම කොහේවත් යන රාජ්‍ය සේවකයින් ගේ කරපිටින් යැවීමට වියහැකි බවත් ඔවුන් පවසයි.

ඉස්සරහට පරිප්පුත් නැති වෙයි : විමලේ වේලාසනින් කියයි !
ඩොලර් හිගය තීව්‍ර වුවහොත් සමහරවිට පරිප්පු ගෙන්වීම නතර වෙන්න පුළුවන් යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
ඔහු මෙසේ සඳහන් කර සිටියේ, කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැති ‘දේශීය පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ ධාරිතාව වැඩි කිරීම පිණිස නව ව්‍යවසායකයන් බිහිකිරීම වෙනුවෙන් දියත්කළ ව්‍යාපෘතිය’ යටතේ පුහුණුව ලැබූ කොළඹ දිස්ත්‍රික් පළමු ව්‍යවසායක කණ්ඩායමට සහතික පත්‍ර, උපකරණ හා අමුද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්ය.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
දැන් අපි ඉන්නේ සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම, විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් ලැබුණු ආදායම අහිමි වීම, වාර්ෂිකව ගෙවීමට සිදුව ඇති ණය පොලී වාරිකයේ බර දරාගන්න බැරි මට්ටමකට ඉහළ යෑම යන අර්බුද මැද. මම දන්නා ආකාරයට ලබන වසරේ ජනවාරි වන විට අපි ගෙවිය යුතු විදේශ ණය වාරිකය ඩොලර් බිලියන හතක්. තවම අපි එක විදේශ ණය වාරිකයක් හෝ ගෙවීම පැහැර හැරලා නැහැ. ණය වාරිකය නොගෙවා පැහැර හැරියොත් ඒ රට ලෝකයේ අනෙකුත් රටවල් විසින් හඳුන්වන්නේ ‘බංකොලොත් රටක්’ හැටියට. අපි ඉන්ධන ඇතුළු බොහෝ දේවල් ඩොලර්වලින් ගෙවා රැගෙන විත් පරිභෝජනය කරනවා වැඩියි. නමුත් ලංකාවේ දේවල් නිපදවා පිටරට යවා ඩොලර් හොයනවා අඩුයි. එතකොට කොහොමද මේ ‘ඩොලර් බජට් එක’ හරි යන්නේ.
මේ හැම දේකටම අපට මුහුණ දෙන්න වෙන්නේ දේශීය වශයෙන් ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිෂ්පාදන බිහි කිරීම මගින් පමණයි. එමගිනුයි රටින් නිකරුණේ එළියට යන ඩොලර් ප්‍රමාණය ඉතිරි කර ගන්න පුළුවන් වෙන්නේ. අපි අපනයන වෙළෙඳපොළ ජය ගැනීමේ ප්‍රමාණයටයි මේ රටට ඩොලර් රැගෙන ඒමට පුළුවන් වෙන්නේ. රුපියල් නම් ඉතින් අච්චු ගහලා හරි හොයාගන්න පුළුවන්. ඩොලර් අපට අච්චු ගහන්න බැහැනේ. ඒ නිසා අපි තීරණාත්මක තත්ත්වයක් තුළ ඉන්න බව දන්නවා නම්, එය ඇත්තටම පිළිගන්නවා නම් අපට වෙන මාවතක් නැහැ ‘දේශීය නිෂ්පාදන බලගැන්වීමේ මාවත’ හැර. අපට අපේ ආහාර ටික රට තුළ නිපදවා ගැනීමට හැකි විය යුතුයි. අපි පාන් සහ පරිප්පුවලට හුරු වෙලා. නමුත් මේ රටේ එක පරිප්පු ඇටයක් නිපදවෙන්නේ නැහැ. ඩොලර් හිගය තීව්‍ර වුවහොත් සමහරවිට පරිප්පු ගෙන්වීම නතර වෙන්න පුළුවන්. එවිට අපි හුරු වූ ජීවන රටාව අභියෝගයට ලක් වෙනවා.

පනාමුරේ පොලිසිය ගම්මු වටලයි
ඇඹිලිපිටිය පනාමුර වැලිපොතයාය ග්‍රාමයේ පදිංචිව සිටි නිමල් ජයරත්න නම් පුද්ගලයා පොලිස් අත්තඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය තුළම මියයාම පිළිබඳව ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම පොලිසිය වටලා උද්ඝෝෂණයක යෙදී සිටි බව වාර්තා වේ.
අද පෙරවරුවේ මෙම විරෝධතාවය පවත්වා ඇත. පවුල් ආරවුලක් විසඳීම සඳහා නිමල් ජයරත්න නැමැති 36 හැවිරිදි පුද්ගලයා අත්තඩංගුවට ගෙන ඇත. රිමාඩ් බාරයේ සිටියදී ඔහු ගෙල වැළලාගෙන මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කර ඇත.
මෙය පිළිගත නොහැකි බව දක්වමින් පොලිසිය තමන් වෙතද මේ ආකාරයේ මර්දනයක් දියත් කළ හැකි බව පොලිසියට එරෙහිව විරෝධය දැක්වූ පිරිස එක හඬින් ප්‍රකාශ කර තිබිණි.
පොලිසිය සඳහන් කළේ , මියගිය පුද්ගලයා මත්පැන්වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි.
දැනට කර ඇති පරීක්ෂණවලට අනුව සැකකරුට පහරදීමක් කර ඇති බවට අනාවරණ වී නොමැති අතර ඔහු සිර මැදිරිය තුළ සිටියදී පොලිස්ථානයේ රාත්‍රි රාජකාරීවල යෙදී සිටි නිලධාරින්ගෙන් යම් රාජකාරී පැහැර හැරීමක් සිදු කර ඇත්ද යන්න පිළිබඳ පරීක්ෂණ කරන බව පොලිසිය පැවසුවේ ය.
මේ සම්බන්ධයෙන් සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරීවරයකුගේ සෘජු අධීක්ෂණය යටතේ ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
Video – News 1st

අපේ යෝජනා භාර ගන්නෙත් නෑ, ඇමතිකමත් නෑ - මහාචාර්ය තිස්ස විතාරණ
කොරෝනා වසංගතයෙන් බැටකමින් දැඩිලෙස අසරණ වී සිටින ජනතාවට සහන සැලසීම සඳහා අදාල වන යෝජනා මාලාවක් සමසමාජ පක්ෂය ආණ්ඩුවට ඉදිරිපත් කළ නමුත් එම යෝජනා කිසිවක් 2022 අයවැය යෝජනාවලට ඇතුළත් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.
ඒ නිසාම අයවැය වෙනුවෙන් පෙනී සිටීමට සමසමාජ පක්ෂයට නොහැකි බවද ඔහු සඳහන් කරයි.
කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන බවට පොදුජන පෙරමුණේ නායකයන් ලබාදුන් පොරොන්දුව මත තමා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවට පැමිණි බවත්, කෙසේ නමුත් පොරොන්දු වූ පරිදි ඇමති ධුරයක් ලබා නොදුන් බවත් පෙන්වා දෙන තිස්ස විතාරණ පවසන්නේ මේ නිසා තමා දේශපාලන වශයෙන් කළකිරීමට පත්ව සිටින බවයි.
දිගින් දිගටම තම පක්ෂය නොසලකා හැරීම හේතුවෙන් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවද මහාචාර්යවරයා පවසයි.
මීට පෙර වසූරිය රෝගය ව්‍යාප්ත වූ අවස්ථාවේදී, වසංගත රෝග පිළිබඳ මහාචාර්යවරයෙකු වූ තමා සැළකිය යුතු කාර්යභාරයක් සිදුකළ නමුත්, කොරෝනා වසංගතයේදී ආණ්ඩුව තමාට කිසිදු කාර්යභාරයක් පැවරීමට කටයුතු නොකරන බවද තිස්ස විතාරණ වැඩි දුරටත් පවසා සිටී.

විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීමේ පනත අද සිට බලාත්මකයි
පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අවම වයස 60 දක්වා වැඩි කිරිමේ විධිවිධාන ඇතුළත් සේවකයන් විශ්‍රාම යෑමේ අවම වයස පනත් කෙටුම්පත සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (17) සිට බලාත්මක විය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම පනත් කෙටුම්පත් දෙකේ අත්සන අද සහතික කළ අතර ඒවා බලාත්මක වූයේ ඒ අනුවය.
මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව පසුගියදා 11 වැනිදා සම්මත විය.
සේවකයන් විශ්‍රාම යෑමේ අවම වයස පනත් කෙටුම්පත මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම අරමුණු කර ඇත.
විශේෂයෙන් මෙතෙක් පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් නියමකර නොතිබුණ. බොහෝ විට පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා මෙතෙක් පාදක කර ගනු ලැබුවේ සේව්‍ය, සේවක දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ගිවිසුමේ සඳහන් කොන්දේසී යැයි කම්කරු අමාත්‍යාංශය පවසයි.

කොරෝනා මරණ සංඛ්‍යාව 14,034 දක්වා ඉහළට
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 18 ක් අද (16) වාර්තා කරනු ලැබීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 14,034 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස වාර්තාවී ඇත්තේ, අසාදිතයින් 09 දෙනා බැගිනි.
වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 2 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 16 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (16) වාර්තා කරන ලද මෙම මරණ 18 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

මෙවර අයවැයේ සමබරතාවයක් නැහැ - රනිල් වික්‍රමසිංහ
සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ අඩු කළද ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශිර්ෂ වැඩි කර තිබීම නිසා මෙවර අයවැයේ සමබරතාවයක් නොපවතින බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.
ලබන වසරේ සිට කොවිඩ් පාලනය කිරීමට පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකතු විය යුතු බව ඔහු ප්‍රකාශ කළේය.
අද පැවති පාර්ලිමේන්තු අය වැය විවාදයට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
2020 දී සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් බිලියන 255 ක් වෙන්කර තිබුනද 2022 වසරේ රුපියල් බිලියන 234 ක් වෙන්කර තිබීමෙන් කොවිඩ් අර්බුදය ජයගත නොහැකි බවයි ඔහු පැවසුවේය.=
''අයවැය සමබර නැහැ''
මෙවර අය වැයෙන් 89% ක් වියදම් කරන්නේ අමාත්‍යංශ 10 කට පමණක් බවත් ඉතිරි 11 ක ප්‍රමාණය අනෙක් සියලු දෙනාට වියදම් කරන බවත් රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන අතර, ඒ 89% ප්‍රමාණයෙනුත් 74% ක්ම වියදම් කරන්නේ මුදල් අමාත්‍යංශය,පළාත් පාලන අමාත්‍යංශය,ආරක්ෂක අමාත්‍යංශය, යන අමාත්‍යංශය 3 බවයි ඔහු පැහැදිලි කළේය.
ප්‍රාග්ධන වියදම් සෑම අංශයකටම සමානව බෙදී යා යුතු වුවත් මහාමාර්ග අංශයට 35% වෙන්කර අනෙකුත් ක්ෂේත්‍ර වලට මුදල් වෙන් නොකිරීම ගැටළු සහගත බවත්,මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම මුදල් අමාත්‍යවරයාගේ යුතුකම බවත් ඔහු පැවසීය.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ දක්වා ඇති අන්දමට ලබන වසරේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් මිලියන 1200 ක් බවත්, රේගුව බලාපොරොත්තු වූ මුදල රුපියල් බිලියන 633 ක් වුවද රේගුවට ලැබුණු ආදායම 431 ක් බව රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන් අතර, එමෙන්ම බිලියන 202 ක වියදමක් රේගුවෙන් ලැබුණු බවයි ඔහු පැවසුවේය . මෙම කාරණා හේතුවෙන් අනාගතයට මුහුණදීමේ විශාල අභියෝගයක් පවතින බව ඔහු අවධාරණය කළේය.
රට තුළ විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 2ක් ද ඉන් මිලියන 300 ක් රත්‍රන් බවද,ඉතිරි වී ඇති මුදල බිලියන 1.7 ක්ද වන නිසා රට තුළ විදේශ විනිමය සම්බන්ධයෙන් විශාල අර්බුදයක් පවතින බව හිටපු අගමැති පැහැදිලි කළා.මේ මුදලින් රටක් ගෙන යා නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
විදේශ විනිමය අර්බුදයත් සමගම මිළගට පැමිණෙන්නේ ණය ගෙවීම් පිළිබද ගැටලුවයි.මීට අවශ්‍ය ධනය ශ්‍රි ලංකාවට නොමැති නිසා ණය අර්බුදයට මුහුණ දීමට හැකියාවක් නැති බවද රනිල් වික්‍රමසිංහ පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාවට GSP+ බදු සහන ලැබීම අනිවාර්ය වන අතර මානව හිමිකම් ප්‍රශ්න ඇතිකරගතහොත් රටට ලැබෙන ඇණවුම් වෙන රටවලට ලැබීම ශ්‍රී ලංකාවට අවාසියක් බවයි ඔහු පෙන්වා දුන්නේ. එවිට රට තව දුරටත් කඩා වැටෙන බවයි ඔහු පැවසුවේය.
තවද පොහොර ගැටලුව නිසා දැවැන්ත ආහාර හිගයක් මැයි මාසය වන විට ඇතිවීමට නියමිත බව රනිල් වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දුන්නේය.
ආණ්ඩුව බලයට පැමිණෙන විට ඩොලරය 185 ට තිබුනද දැන් වන විට ඩොලරය 202 ක් බවට පත්වී තිබෙන බවත්, එය නිළ වශයෙන් 240 ක් ලෙස සටහන් වන අතර එය ස්ථාවර මිල ලෙස පවත්වාගෙන යා යුතු බවයි ඔහු පැවසුවේය.
ලංකාව තුළ අපනයනය හා සංචාරක ව්‍යාපාරයෙන් ආදායමක් නොලැබීමත් නිසා ඩොලරය 240 දී ස්ථාවර කිරීමට වැඩ සටහනක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පැවසීය.
නැතිනම් රටේ මධ්‍යම පන්තිය විනාශය කර ළගා වීම නැවැත්විය නොහැකි ඛේදවාචකයක් වන බව වික්‍රමසිංහ පෙන්වා දුන්නේය .තවද ඒ ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඇමරිකාව ,චීනය ,ජපානය ඇතුළු රටවල් සමග සාකච්ඡා කොට මේ ගැටලුව විසදා ගන්නා ලෙසයි.නැතිනම් ශ්‍රී ලංකාව විශාල අර්බුදයකට ඇද වැටෙන බව ඔහු පැවසීය.

රාජපක්ෂ පවුල රටට උහුලන්න බැරි බරක් !
රටකට උහුලන්න බැරි පවුල් බරක් බවට රාජපක්ෂ පවුල පත්ව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.
පසුගියදා පාර්ලිමේන්තුව හමුවට අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ‘රාජ්‍ය සේවය මහ බරක්’ යැයි සිදුකරනු ලැබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් පළකරනු ලැබූවේ අද (16) පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
" බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා ඇත්තටම රටකට උහුලන්න බැරි රාජ්‍ය සේවයක්ලු දැන් තියෙන්නේ. අපට කියන්න තියෙන්නේ ඒක නෙවෙයි. රටකට උහුලන්න බැරි පවුල් බරක් දැන් තියෙනවා. ඒ තමයි රාජපක්ෂ පවුලේ බර. ඒක රාජ්‍ය සේවකයින්ට විතරක් නෙවෙයි මුළු රටේම ජනතාවට දැන් බරක් වෙලා තියෙන්නේ. හැමෝටම දැන් රාජපක්ෂ පවුලයි. ඒ පවුල වටා ඉන්න හොර නඩයයි. හොර නඩය වටේ ඉන්න ව්‍යාපාරික නඩය වගේ ටික දෙනෙක් නිසා කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයින්ට, සාමාන්‍ය ජනතාවට බදුපිට බදු ගෙවන්න වෙලා තියෙනවා මේ නඩය නඩත්තු කරන්න."

මෛත්‍රීට කැපූ වලේ බැසිල් වැටිලා !
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ 2022 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැය කථාව අනුව ධූර කාලය වසර 10ක් සම්පූර්ණ නොවුන ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි වන බව සඳහන් කළද එය ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනරජයේ ජනාධිපතිවරයා යනුවෙන් දක්වා තිබෙන අනු ව්‍යවස්ථාවේ 36 (II) ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිධූරය දරණ පුද්ගලයෙකු හට විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ හිමිකම තහවුරු කර ඇත. ඒ අනුව මුදල් ඇමතිවරයාගේ කථාව ක්‍රියාත්මක කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතුව තිබේ.
එම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට විශ්‍රාම වැටුප තහවුරු කර තිබෙන්නේ ” යම් තැනැත්තෙකු විසින් ජනාධිපතිධූරය භාරගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන පරිදි වූ වැටුප් සහ දීමනා ලැබීමටද ඉන් පසුව, එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප් ලැබීමටද ඒ තැනැත්තා හිමිකම් ලබන්නේය.” යනුවෙන් දැක්වේ. එසේම මෙම වගන්ති සංශෝධනය කළහොත් එය අතීතයට බල නොපාන බවද මේ මගින් තහවුරු කර ඇත.
මෙම අදහස ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ගෙන එනු ලැබුවහොත් එය මහින්ද රාජපක්ෂටද විශ්‍රාම වැටුප අහෝසි කෙරෙන්නක් බවද හෙළිවේ. මහින්ද රාජපක්ෂ තමන්ගේ ජනාධිපති ධූර කාල දෙක සම්පූර්ණ කර අවුරුදු 10ක් ආවරණය නොවීම නිසා මෙම තත්වය උදාවී තිබේ.
lanka truth

ඩිලානුත් ආණ්ඩුවට ගහයි : මණ්ඩලේ හොඳටම කචල් !
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 'එක නීතියක් -එක රටක්' කමිටුවේ සභාපති ධුරයට පත් කිරීම ඔලමොට්ටල වැඩක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.
බදුල්ල ඇටම්පිටිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘ඥානසාර හාමුදුරුවෝ කමිටුවක සභාපති හැටියට පත් කළා. ඒක සම්පූර්ණයෙන්ම ඔලමොට්ටල වැඩක්. හාමුදුරුවන්ගේ යම් යම් වැරදි තියෙන්න පුළුවන් ඒ වැරදි ත් එක්ක ඒ කමිටුවේ සභාපතිනම හාමුදුරුවන්ට සුදුසු නෑ. හාමුදුරුවන්ගේ යම් ඇත්තකුත් තියෙන්න පුළුවන්. නමුත් එවැනි කමිටුවක සභාපතිකමට උන්වහන්සේද සුදුසු නෑ. ඒ පත්වීම ඔලමොට්ටල කමක්’ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සජබ උද්ඝෝෂණයට බාල්දි දාලා : පොලිසියට නඩු ?
අධිකරණ ගණනාවකින් මෙම උද්ඝෝෂණය සදහා පොලිසිය ඉල්ලා සිටි වාරණ නියෝග ප්‍රතික්ෂේප කොට ඇති මොහොතේ පොලිස්පතිවරයාගේ නියෝග අධිකරණ නියෝග පවා අභිබවා යාමක් බව සදහන් කරමින් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කොට ඇත.
සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.
සමගි ජන බලවේගය අද (16) කොළඹ දි පැවැත්වීමට සංවිධානය කල විරෝධතාව පිළිබඳව පොලිස්පතිවරයා විසින් පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් ට යොමු කොට ඇති නියෝග පිළිබඳව සමගි ජන බලවේගයේ දැඩි අවධානය යොමු වි ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ගේ උපදෙස් වලට මුවාවි පොලිස්පතිවරයා නිකුත් කොට ඇති උපදෙස් ආණ්ඩුවේ දේශපාලනික අවශ්‍යතාව මත සිදු කොට ඇති බව පැහැදිලි වේ.
පොලිස්පතිවරයා ගේ නියෝග ජනතාව ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කොට ඇති භාශනයේ සහ රැස්වීම පිළිබඳව වු මුලික අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කිරිමක් බව අවධාරණය කරමු .
මේ වන විට අධිකරණ ගනනාවකින් මෙම උද්ඝෝෂණය සදහා පොලිසිය ඉල්ලා සිටි වාරන නියෝග ප්‍රතික්ෂේප කොට ඇති මොහොතේ පොලිස්පතිවරයා ගේ නියෝග අධිකරණ නියෝග පවා අභිබවා යාමකි.
කොවිඩ් වසංගතය මර්ධනයට නිරෝධයන ඇදිරි නිතිය පනවා තිබියදී පවා පොලිස් කොටිඨාශ මටිටමින් මාර්ග බාධක පැනවිමට උපදෙස් නොදුන් පොලිස්පතිවරයා මෙි මොහොතේ එවනි නියෝගයක් පැනවිම හුදෙක් දේශපාලනික අවශ්‍යතාව මත සිදු කරන්නකි .
එමෙන්ම වාහන වල ගමන් ගන්නා පුද්ගල නාම ලේඛන සැකසිම ජායාරූප ගැනීම ආදි පුද්ගල පෞද්ගලිකත්වය පවා අභියෝගයට ලක්කිරිමට පොලිසියට නියෝග දිම මෙන්ම එකි නියෝග අනුව පියවර ගන්නා නිලධාරින් ට එරෙහිව නිතිමය පියවර ගැනිමට සමගි ජනබලවේගය පියවර ගන්නා බව ද අවධාරණය කරමු.

හර්ෂගෙන් තවත් ආන්දෝලනාත්මක අනාවරණයක් !
සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීම සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවය අර්බුදයකට පත් වනු ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ගුවන් සමාගම ගුවන් යානා වල කෙටි දුර ගමන් වලට ප්‍රමාණවත් ගුවන්යානා ඉන්ධන ලබා ගැනීමේ ගැටළුවකට මුහුණ දෙනු ඇති බවයි.
ගුවන් සමාගමේ කෙටි දුර ගුවන් ගමන් සඳහා අවශ්‍ය ඉන්ධන කොළඹදී සපයා ගැනීමට අවශ්‍ය වීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය මතුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති දිගටම අසාර්ථක වී ඇති බවත් විනිමය අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා වඩා හොඳින් සවන් දියයුතුව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කොරෝනා මරණ සංඛ්‍යාව 14,016 දක්වා ඉහළට
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 21 ක් අද (15) වාර්තා කරනු ලැබීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 14,016 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 15 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 06 දෙනා කාන්තා ආසාදිතයින් ය.
වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 4 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 17 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (15) වාර්තා කරන ලද මෙම මරණ 21 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

බැසිල්ගේ අයවැයට PCR වාර්තාවක් !
2022 වෙනුවෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විශේෂ විග්‍රහයක් සිදුකර ඇති අතර එය පහත දැක්වෙයි .
අය වැය කා සඳහාද ? කුමක් වෙනුවෙන් ද ?
ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ අර්බුද ගණනාවක හිණිපත්තේ සිටිනා බව නොරහසකි. ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ගත් ණය ඇයට ගෙවිය නොහැකි වනු ඇතැයි වැදගත් ජාත්‍යන්තර ආයතන කිහිපයක් දැනටමත් පුරෝකථනය කර ඇත. රටේ ශුද්ධ විදේශ වත්කම් ඩොලර් බිලියන සෘණ 3.6 කි. ආර්ථික කළමණාකරණයේ මර්මස්ථානයක් වන මහ බැංකුව ඇතුළුව සමස්ථ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය අවිනිශ්චිතය. ඉහළ යන ජීවන වියදම හා කිරිපිටි, සීනි, ගෑස් හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය ජනතාවට විශාල පීඩනයක් එල්ල කර ඇත. ගොවිබිම්, පොහොර හා රසායනික, බීජ නොමැතිව අරගල බිම් බවට පත්වෙමින් පවතී. සිමෙන්ති හා යකඩ හිඟය විසින් ඉදිකිරීම ක්ෂේත්‍රය අර්බුදයට යවා ඇත. තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අත ළඟය.
මෙවැනි අර්බුද රැසක් හමුවේ ඉදිරිපත් කරන ලද මෙම අයවැය (2022) මෙම ප්‍රශ්න කිසිවක් හඳුනාගත් බවක් නොපෙනේ. එසේ නැතහොත් වෙනත් ග්‍රහලෝකයක සිට වෙනත් රටක් සඳහා පිළියෙළ කළ බව පෙනී යයි.
ජීවන බරෙන් පෙළන ජනතාවට හෝ ණය බරෙන් පෙළෙන රටට කිසිඳු මඟපෙන්වීමක් අය වැයෙන් ලැබී නොමැත. පවතින රාජ්‍ය මූල්‍ය අර්බුදය හා ණය අර්බුදය විසඳීමට විධිමත් යෝජනාවක් ඉදිරිපත් කර නොමැත. රටේ මූල්‍ය පද්ධතිය පිළිබඳව ඇති අවිනිශ්චිතභාවය කිසිම ආකාරයකින් සැලකිල්ලට ගෙන නැත.
අය වැයේ ප්‍රධානම වියදම් කේන්ද්‍රය වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලන ජාවාරම්කරුවන් අතට මුදල් ලබාදී ඊළඟ මැතිවරණයට ඔවුන් සූදානම් කිරීමේ වෑයමයි. රජයේ නව වියදම් යෝජනාවල අදාල ප්‍රතිපාදන වලින් තුනෙන් එකක් වෙන්කර ඇත්තේ මේ වැඩපිළිවෙළ වෙනුවෙනි.
ආර්ථිකය කළමනාකරණය කරගත නොහැක්කේ රජයේ සේවකයන් නිසාද?
එමෙන්ම ආණ්ඩුව තමන්ගේ වරද වසා ගැනීමට රාජ්‍ය සේවකයින්ට අපහාස කරමින් ඇත. මුදල් ඇමතිවරයා රාජ්‍ය වියදම පිළිබඳ සාකච්ඡා කිරීමේදී රජයේ සේවකයින් රජයට දරාගත නොහැකි බරක් බවත්, තව වසරක් පමණ යනතෙක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයේ මුදල් සෘජුව වෙන්කළ නොහැකි බවටත් ප්‍රකාශ කර ඇත. රාජ්‍ය සේවයේ නියුතු සියළු දෙනාම කාර්යක්ෂම නොවන, ජනතා මුදල් කාබාසිනියා කරන පිරිසක් බවට චෝදනාවක්ද එල්ල වී ඇත.
2006 හා 2020 කාලසීමාව තුළ සංඛ්‍යා ලේඛන බැලූ විට රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 59% කින් වැඩි වී ඇත. එනම් 750,284 සිට 1,195,863 ක් දක්වා වැඩිවී ඇත. මෙම වැඩි වී ඇති සේවක සංඛ්‍යාවෙන් 86% ක් වැඩි වී ඇත්තේ මුදල් ඇමතිවරයා විවිධ තනතුරු දැරූ රාජපක්ෂ ආණ්ඩු සමයේය. 2020 වසරේ පමණක් නව ආණ්ඩුව 55,000 කින් රාජ්‍ය සේවය ප්‍රසාරණය වී ඇත. රාජ්‍ය සේවය භාණ්ඩාගාරයට බරක් නම්, එයට මුදල් ඇමතිවරයාද සෘජුව වගකිව යුතු බව පැහැදිළිය.
බැංකු පද්ධතිය විනාශ කිරීම
රටේ බැංකු පද්ධතිය අධි අවධානම් තත්ත්වයක පවතී. රජය දේශීය ණය හා විදේශ විනිමය වශයෙන් ගත් ණය නිසා බැංකු පද්ධතිය ණය බරෙන් පිරී ඇත. රජයේ විදේශ ණය වලින් සැලකිය යුතු ප්‍රමාණයක් (ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 02 ක්, ස්වෛරී බැඳුම්කර වලින් ඩොලර් බිලියන 02 ක්, අක්වෙරළ බැඳුම්කර වලින් ඩොලර් බිලියන 1.3 ක් ලෙස) බැංකු පද්ධතිය ඩොලර් ණයබරක හිර කර ඇත. එමෙන්ම භාණ්ඩාගාර සුරැකුම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් බැංකු පද්ධතියේ ද්‍රවශීල වත්කම් ලෙස අන්තර්ගතවී ඇත. තවද, රාජ්‍ය ව්‍යවසායන්ට බැංකු පද්ධතිය හරහා ඩොලර් බිලියන 04 ක පමණ විදේශ විනිමය ලබාදී ඇත. මින් ප්‍රධාන වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන සෘණ 03 ඉක්මවා ගොස් ඇත. රජයේ ආදායම් වැඩිකර ගැනීමට තවත් බැංකුවලින් බදු අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය බැංකු පද්ධතිය අස්ථාවරත්වයට හේතුවන මරු පහරක් වනු ඇත. යෝජිත අධිභාර බද්ධ (Surcharge Tax), සමාජ සංරක්ෂණ දායක මුදල් හා එකතුකළ අගය මත බදු යන බදු තුනම සියළු ප්‍රධාන බැංකු වලට බරක් වනු ඇත. මෙයට අමතරව මහ බැංකුව විසින් බැංකුවල සංචිත වලින් 2% ක් තමන් සතු කරගැනීම නිසාද අයවැයට පෙරම බැකු පද්ධතියට අතිරේක බරක් එක් විය.
2019 ජනාධිපතිවරණයෙන්පසු ලබාදුන් බදු සහන පැකේජය අත්වැරැද්දක් බව පිළිගෙන එය නිවැරදිකිරීමට කටයුතු කරනවා වෙනුවට තවදුරටත් මේ රටේ බැංකු පද්ධතිය විනාශ කිරීමට දරන තැත රාජ්‍ය මූල්‍ය අස්ථායීකරණය වේගවත් කරනු ඇත.
එමෙන්ම, 2022 වර්ෂයේ විදේශ ණය පියවීමට ඩොලර් මිලියන 750 ක් (අය වැයට අනුව) විදේශ වෙළෙඳපොළෙන් ලබාගැනීම පිළිබඳව ඇති බලාපොරොත්තුවද හීනයකි. අන්තර්ජාතික ණය ශ්‍රේණිගතකිරීම් වලින් පහළට වැටී ඇති බුන්බත්වීමට ආසන්නයෙන් සිටින රටකට ණය ලබාදීමට ඉදිරිපත්වන ආයෝජකයන් වෙනත් ග්‍රහලෝකයකින් සොයාගත යුතුව ඇත. ලංකාවේ එතෙර බැඳුම්කරවල ද්විතීයක වෙළෙඳපොළේ ඵලදායී අනුපාතය / පොලී අනුපාතය 40% ඉක්මවා ඇත. මෙවැනි තත්ත්වයකට පාර කැපුවේ රජයේ අදූරදර්ශී ක්‍රියාප්‍රතිපත්තිය නිසා බව පැහැදිළිය. ඒ නිසාම ශ්‍රී ලංකාව අද ණය ආපසු ගෙවීමේ අධි අවදානම් තත්ත්වයට ගොදුරු වී තිබේ.
VAT වෙනුවට පිරිවැටුම් බදු
සමාජ සංරක්ෂණ දායක මුදල් නමින් පනවා ඇති බද්ද ආර්ථිකයේ දිගු කාලීන අහිතකර බලපෑම් ඇති කරනු ඇත. පිරිවැටුම් බද්දක් ලෙස පනවා ඇති මෙම බද්ද ඕනෑම කර්මාන්තයක සෑම මට්ටමකදීම වර්ෂයට මිලියන 120ට වඩා පිරිවැටුම ඇති ව්‍යාපාර වලින් 'පිරිවැටුම' මත අය කරන නිසා භාණ්ඩ වල මිල VAT බද්දට වඩා ඉහළ දමනු ඇත. පිරිවැටුම් බද්දට සාපේක්ෂව VAT බද්දේ ඇති සාධනීය ගුණාංගයක් වන්නේ සෑම මට්ටමකදීම 'එකතු කළ අගය' මත පමණක් බදු අය කර ගැනීමයි. මෙම වාසිය නිසා අප්‍රිකානු රටවල් පවා VAT බදු ක්‍රමයට මාරු වී සෑහෙන කාලයකි. පිරිවැටුම් බදු පනවා අපි නැවත දශක දෙකක් බදු ක්‍රමයේ පසු පසට තල්ලු වෙමින් පවතී. එකක් කඩතොළු වසා ගන්නට ගොස් දෙකක් කඩතොළු ඇති කරගත් ඉඳුරුවේ ආචාරියා සේ VAT මහා ඝෝෂාවක් පවත්වා අඩු කොට නැවත පැනවීමට ඇති ලැජ්ජාව නිසා රජය පිරිවැටුම් බද්දක් අයකොට ජනතාව තවත් අමාරු වේ දමා ඇත. මෙවැනි අමන රාජ්‍ය මුල්‍ය තීරණ වලට උපදෙස් දෙන නිලධාරීන්ද ජනතා අධිකරණයකට පමුණුවා දඬුවම් දිය යුතුව ඇත.
මීට අමතරව, රජයේ ප්‍රධානම බදු උපයා ගැනීමට අදාළ යෝජනාව වන මෙම පිරිවැටුම් බද්දට අදාළ බදු ප්‍රතිශතය වත් නිවැරදිව අය වැයට ඇතුළු කර ගැනීමට හැකි වී නැත. අය වැය කතාවේ 2.5% ලෙසත් ඇමුණුමෙහි 3% ලෙසත් මෙම බදු ප්‍රතිශතය දක්වා ඇත. රජයේ සහ මුදල් අමාත්‍යoශයේ නොහැකියාවට මීට වඩා සාක්ෂි අවශ්‍ය නොවේ.
අය වැය යනු ඉලක්කම් විජ්ජාවකි.
මීට පෙර අප කීපවරක් පෙන්වාදී ඇති ආකාරයට මෙවර අය වැය ද ඉලක්කම් විජ්ජාවකි. මුදල් ඇමතිවරයාට අනුව 2021 ට සාපේක්ෂව රජයේ මුළු ආදායම 46% කින් පමණ, එනම් රුපියල් බිලියන 723 කින් 2022 වර්ෂයේදී වැඩිවීමට නියමිතය. එය ඉතිහාසයේ නොවූ විරූ ආදායම් වර්ධනයක් වන අතර කිසිසේත් ළඟා කරගත හැකි ඉලක්කයක් නොවේ. යෝජිත ආදායම් යෝජනා වලින් සිදුවන්නේ රුපියල් බිලියන 333 ක් වැඩිවීම පමණි. එනිසා සියළුම යථාර්ථවාදී ගණන් කිරීම්වලට අනුව රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවීම සිදුනොවිය හැක්කකි. මීට අමතරව රුපියල් ට්‍රිලියනයකට ආසන්න යෝජිත රජයේ මුළු ප්‍රාග්ධන වියදමෙන් බිලියන 600 කට වඩා ආයෝජනය කිරීම රජයට කළ නොහැක.
මේ අනුව ඉලක්කම් විජ්ජා පෙන්වා රට රැවටීමකට ලක්කරන උත්සාහය මුදල් අමාත්‍යාංශය වහා නැවැත්විය යුතුය. රටට අවශ්‍යව ඇත්තේ රටේ දැවෙන ප්‍රශ්නවලට සංවේදී නොවන විසඳුම් නොවේ. එමෙන්ම ඉලක්කම් විජ්ජාවලින් සුරංගනා කතා මවන ලෝකයක් ද නොවේ.
අපට අවශ්‍ය වන්නේ මහ පොළොවේ ක්‍රියාත්මක කළ හැකි දිගුකාලීන ප්‍රමුඛතා හඳුනාගත්, ඒ සඳහා කෙටිකාලීන හා මධ්‍යකාලීන විසඳුම් ලබාදෙන, රටේ දැවෙන ප්‍රශ්නවලට සංවේදී, යථාර්ථවාදී අයවැයකි. රටේ නැතිවී ගොස් ඇති ආයෝජන විශ්වාසය දේශීය හා විදේශීය වශයෙන් ගොඩනැංවීමට හැකි වනුයේ එවැනි අයවැයකිනි. රාජපක්ෂවරුන්ට රට ගොඩනැංවීමට දර්ශනයක් හෝ ප්‍රතිපත්තියක් හෝ දැනුමක් නොමැති බවට නැවත නැවතත් තහවුරුකොට අවසන්ය. දැන් අවශ්‍ය වනුයේ, දැනුම, බුද්ධිය සහ ජන දුක ගැන සහකම්පනය පෙරටුකරගත් කුසලතාවාදී පරපුරකට රට භාරදී එය නැවත ගොඩනැගීම පමණි.
පාඨලී චම්පික රණවක
Page 413 of 474