පුවත්

පර්චසයක් රුපියල් 500 යි : මුතුරාජවෙල අක්කර 400ක් සමාගමකට දීලා !
මුතුරාජවෙළ පරිසර කලාපයේ විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර් අංගනයක් සෑදීමට අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව ) වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම කාරණය සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට තමා කටයුතු කරන බවයි.
මේ අතර ඇතැම් පිරිස් මුතුරාජවෙල තෙත්බිම් කලාපයට අනවසරෙන් ඇතුළුවී එම පරිසර පද්ධතියට බලපෑම් වන ආකාරයේ කටයුතුවල යෙදෙන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පවසන කමිටුව එම ක්‍රියාකාරකම් නැවැත්වීමට වහාම පියවර ගන්නැයි අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
එසේම පරිසරයට බලපෑම්වන ව්‍යාපෘතිවල බලපත්‍ර අත්හිටුවන ලෙසටද නියෝග කර ඇත.
මුතුරාජවෙල වගුරු බිමෙන් පර්චස් හැටපන් දහස් එකසිය දෙකක්( 65102ක් ) පර්චසය රුපියල් 500 බැගින් මිලදී ගැනීමට පෞද්ගලික සමාගමක් කටයුතු කර ඇති බවත් ඒ සඳහා උදව් කළ ගොවිජන සේවා නිලධාරීන්ට විරුද්ධව කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති බවත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
කඩා ඉවත් කෙරෙන ගොඩනැගිලිවල අබලි ද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය මුතුරාජවෙල පරිසර කලාපයට බැහැර කරන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස කමිටුව නාගරික සංවර්ධන අධිකාරියට සහ අදාළ පළාත් පාලන ආයතනවලට නියෝග කළේය.
හෙක්ටයාර් 6232ක්වන මුතුරාජවෙල රක්ෂිතයේ හෙක්ටයාර් 3068 ක් පාරිසරික වශයෙන් වැදගත් තෙත් බිම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බව කෝපා කමිටු වාර්තාවක සඳහන් වේ.
මුතුරාජවෙල පරිසර පද්ධතිය සම්බන්ධයෙන් පරිසර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාල ආයතනවල සහභාගිත්වයෙන් කමිටුවක් පිහිටුවා එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම කමිටු රැස්වීමකදී උපදෙස්දී ඇත.
– lankadeepa

බන්දුලගේ සතොස කොන්දේසිත් රිවස්
සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ මිලදී ගැනීමට පනවා තිබූ කොන්දේසි ඉවත් කර තිබේ.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි එම ඉවත් කිරීම සිදුකර ඇති බවය.
සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සඳහා මෙම කොන්දේසි පනවා තිබුණි.

සීනි, ගෑස්, සිමෙන්ති පෝලිම් පමණක් නොව රටින් පැනලා යන්නත් පෝලිම් - ඉරාන් වික්‍රමරත්න
යහපාලන රජය සමයේදී අයවැය පරතරය 5.5% දක්වා රැගෙන ආ බවත්, එය 3.5% දක්වා ගෙනයාමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.
කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව යටතේ පසුගිය වසරේදී අයවැය පරතරය 14% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ජීවන වියදම හේතුවෙන් දැඩිලෙස අසරණ වී සිටින ජනතාව අයවැයෙන් හෝ සහන ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින නමුත් එයද ඉටු නොවන බලාපොරොත්තුවක් වී ඇති බව ඉරාන් වික්‍රමරත්න සඳහන් කරයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනතාවට ලබාදීම නොව ජනතාගෙන් ලබා ගැනීමට සිදුවන තත්වයක් එලඹ ඇතැයි පවසන්නේ ඒ නිසා බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
සහල් පෝලිම්, සීනි පෝලිම්, ගෑස් පෝලිම්, සිමෙන්ති පෝලිම් පමණක් නොව මේ වනවිට තරුණ තරුණියන් දහස් ගණනක් රටින් පිටව යාම සඳහාද පැය ගණන් පෝලිම්වල රස්තියාදුවෙමින් සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

කැලණි කුලපති ධුරය මහින්ද සංඝරක්ඛිත හිමිට
ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත් කර තිබේ.
කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක අපවත්වී වදාළ පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ මීට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය හෙඹවූහ.
මේ අතර නොවැම්බර් මස 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා පත් කළ බව පසුගියදා නිවේදනය කෙරිණ.

බන්දුලට තවත් බරපතළ චෝදනාවක් !
කොන්දේසි දමා සතොස භාණ්ඩ විකුණන බවත් එය නීති විරෝධී බවත් දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ට එරෙහිව බරපතළ චෝදනාවක් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් එල්ල කර ඇත.
ඊට අදාළ නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.
කොන්දේසි දමා භාණ්ඩ විකිණීමට වෙළද ඇමතිගේ උත්සහය නීති විරෝධීයි.
සතොස අලෙවිසැල් හරහා සීනි හා සහල් මිලදී ගැනීමට නම් වෙනත් භාණ්ඩ මිලදී ගතයුතු බවට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පසුගියදා කළ ප්‍රකාශය 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතට සම්පූර්ණ පටහැනි ප්‍රකාශයකි. කිසිදු කොන්දේසියක් දමා භාණ්ඩ විකිණීම උක්ත නීතියෙන් තහනම් කොට ඇත.
ඒ පිළිබදව 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 16(ආ) වගන්තියේ පැහැදිලිව සදහන් කර ඇත. පනතේ එසේ සදහන්ව තිබියදී එම නීතිය උල්ලංඝණය කිරීමට උත්සහකිරීම අප සංවිධානය දැඩිව හෙළාදකින අතර 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත හොදින් කියවන ලෙස අප වෙළද අමාත්‍යවරයාට අවධාරණය කරන අතර මීට පෙර සතොස ආයතනය පාරිභෝගිකයින්ට කොන්දේසි දමා භාණ්ඩ අලෙවි කිරීමක් පිළිබදව අප විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය විසින් දඩ නියමකර ඇත.
කිසියම් වෙළෙන්දෙකු හෝ ආයතනයක් භාණ්ඩ අලෙවි කිරීමේදී කුමන හෝ කොන්දේසියක් දමන්නේනම් පාරිභෝගික අධිකාරියේ 1977 දුරකතන අංකයට පැමිණීල කරන ලෙස අප පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිමු.
2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 16(ආ) වගන්තිය
ගැණූම්කරු විසින් භාණ්ඩයෙහි මිල නොපමාව ගෙවිය යුතු යුතුය යන කොන්දේසිය හැර වෙනත් යම් භාණ්ඩයක් මිලට ගැනීම නියම කිරීමේ හෝ යම් සේවාවක් වෙනුවෙන් යම් ගෙවීමේ කිරීමේ කොන්දේසියකට හෝ වෙනත් යම් කොන්දේසියකට හෝ යටත්ව ඒ් භාණ්ඩය විකිණීම සදහා ඉදිරිපත් කිරීම නොකළයුතුය.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

මහින්දගේ විධාන තොතකයි : දිලුම්ගෙන් ශ්‍රීලනිපට ප්‍රහාරයක් !
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගියදා පැවති පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අවස්ථාවේ සෙසු පක්ෂ සහ පොදුජන පෙරමුණ අතර සංහිඳියාවක් යෝජනා කෙරුණත් ඒ නොතකා එම පාර්ශ්වයේ මැති ඇමතිවරුන් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි.
ඒ අනුව යමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රහාරයක් එල්ල කිරීමට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කටයුතු කර ඇත.
ඒ ශ්‍රීලනිප යටින් පහර දීමේ න්‍යාය හා දෙබිඩි පිළිවෙත රජයේ සාමූහිකභාවය තර්ජනයක් බව පවසමිනි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැකි සෑම අවස්ථා දීම රජයට පහර දෙන බව දැකිය හැකි බව ද ඔහු කියා සිටියි.
ඔහු මේ බව සඳහන් කළේ කටුගස්තොට ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකින් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
යටින් පහරදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලසිටම කරන දෙයක් බවත් එම තත්ත්වය ඉදිරියට ද බලාපොරොත්තු වන බවත් එහිදී ඇමැතිවරයා පැවැසීය.

පාසල් දරුවන් අතර කොරෝනා සීග්‍ර ව්‍යාප්තියක !
දරුවන් අතර කොරෝනා වෛරසය අසාදනය වීම ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
පසුගිය දින කිහිපය තුළ එම වැඩිවීම පෙනී යන බවද ඔහු පැවසීය.
විශේෂඥ වෛද්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
පවතින තත්ත්වය හමුවේ දෙමාපියන් ලෙස කළ යුතු වන්නේ දරුවන් ද රැකගෙන පාසල් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය ලබා දීම බව ද ඔහු පවසයි.
කොරෝනා ව්‍යාප්තිය දරුවන් අතර තවදුරටත් ඉහළ ගියහොත් පාසැල් පද්ධතිය ද වසා දැමීමට සිදු වනු ඇති බවද පැවසූ ඔහු ඒ නිසා දරුවන්ට අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ජනතාව සහ යෙදිය යුතුව සඳහන් කළේය.
දරුවන් සහ දරුවන්ගේ අධ්‍යාපනය රැකගැනීම සඳහා අනවශ්‍ය ගමන් බිමන් වහාම නවතා දමන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

මුතුරාජ වෙල එක්ක බටහිර වෙරළ විකුණලා - හරීන්
මුතුරාජවෙල තෙත්බිම් කලාපයත් ඇතුළත් මෙරට බටහිර වෙරළ තීරය පෞද්ගලික අංශයට විකුණා ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
මුතුරාජවෙල තෙත්බිම් කලාපය වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව මෙසේ විකුණා ඇතැයිද ඔහු එහිදී පැවසීය.
අද වන විට එම බිම් කොටස් විකුණා දමා මුදල්ද ලබාගෙන අවසන් යයිද මන්ත්‍රීවරයා පවසයි.

අතීතය අමතක කර බලාගෙන ඉන්න - ඥානසාර හිමි
මාස හතරකින් ප්‍රතිපල පෙන්වන තුරු විවේචන නොකර බලා සිටින්නැයි එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකයේ සභාපති , පූජ්‍ය ගලගොඩඇත්තේ ඥානසාර හිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.
අතීතය අමතක කරන ලෙසත්, පරිණත වයසක සිටින තමන් තැන්පත් ගමනකට සුදානම් වන අතර, ඊට දොස් නොපවරණ ලෙසත් උන්වහන්සේ බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයකදී පැවසූහ.
ජනාධිපති කාර්ය සාධක බලකායේ කටයුතු, '69 ලක්ෂය', යොහානිගේ ගීතය, පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය, රටේ වර්තමාන තත්ත්වය ගැන මෙම සංවාදයේදී ඥානසාර හිමියෝ අදහස් පළ කළහ.
(බීබීසී )
https://www.bbc.com/sinhala/

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට : නව නිලධාරීහු පත්වෙති !
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වාර්ෂික මහ සභාව 2021 නොවැම්බර් 2 වන දා කොළඹ 05, බර්නාඩ් සොයිසා මාවතේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබූ අතර එහිදී සංවිධානයේ නව කැඳවුම්කරු වශයෙන් මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා තෝරා පත්කරගනු ලැබීය.
සංවිධානයේ නව ලේකම්වරිය ලෙස හනා ඊබ්‍රාහීම්, භාණ්ඩාගාරික ලෙස ආනන්ද ජයසේකර සහ උප ලේකම්වරිය ලෙස නිරංජනී රෝලන්ඩ් යන සාමාජික සාමාජිකාවන් තේරී පත් වූහ.
ඉදිරි වර්ෂය සඳහා තෝරා පත්කරගනු ලැබූ විධායක කමිටු සාමාජිකත්වය මෙසේය.
සීතා රංජනී, සී. දොඩාවත්ත, තාහා මුසම්මිල්, උදය කළුපතිරණ, රුකී ප්‍රනාන්දු, ප්‍රියා සිවසුන්දරම් , දිලීෂා අබේසුන්දර, සමන් සී. ලියනගේ සහ ජාවිඩ් මුනවර්.
සංවිධානයේ භාරකාර මණ්ඩලය ලෙස නීතිඥ එස්.ජී. පුංචිහේවා හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලක්ෂ්මන් ගුණසේකර තෝරා පත්කරගනු ලැබීය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව කැඳවුම්කරු ලසන්ත ද සිල්වා සභාව අමතමින් මෙසේ පැවසීය.
“ලෝකය පුරා ඝාතනයට හා අතුරුදන්වීමට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු නොවීම සිහිපත් කරන අද වැනි දිනක (නොවැම්බර් 2 වනදා) නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගන්නේ ශ්‍රී ලංකාව තුළත් පසුගිය කාලය පුරා ඝාතනයවූ , අතුරුදන්වීමට හා හිංසනයට පත්වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින්ට යුක්තිය ඉටු නොවූ වාතාවරණයක් තුළයි. මාධ්‍යවේදීන්ට පමණක් නෙවෙයි; මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශනයේ අයිතිය භාවිත කරන සිවිල් ක්‍රියාධරයින්ටත්, සාමාන්‍ය පුරවැසියන්ටත් භාෂණයේ සහ ප්‍රකාශනයේ යෙදීම නිසා වර්තමානයේ විවිධ තර්ජන සහ දැඩි අවධානම් සහගත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවී තිබෙනවා. ඒ නිසා මාධ්‍ය නිදහස සුරැකීම මෙන්ම මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් භුක්ති විඳියහැකි වඩාත් යහපත් සමාජයක් ඇතිකර ගැනීම සඳහා අද දවසේ අප සැම වෙත විශාල වගකීමක් පැවරී තිබෙනවා.”
අතීතයේ ඉතාම දුෂ්කර කාලපරිච්ඡේදවලදී පවා අභියෝග හමුවේ නොසැලුණ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මින් ඉදිරියටත් තම සමාජ වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට නොපැකිළෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මහින්දත් අක්‍රීයයි : ඉස්සරහදී ආණ්ඩුවෙන් ඉවත්වෙන්න සිදුවෙයි - වාසු
"ආණ්ඩුව එක් මාර්ගයක ගමන් කරනවා. අපි සහෝදර පක්ෂ එකොළහක් ගමන් කරන්නේ තවත් මාර්ගයක. අපි ගමන් කරන්නේ ජාතිකවාදී වාමාංශික මාර්ගයක. ආණ්ඩුවේ වැඩපිළිවෙළ අපට ගැළපෙන්නෙ නෑ. ඉදිරියේදී සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවෙයි" යයි වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පවසයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා මේ බව සදහන් කරන අතර ආණ්ඩුවේ සියලු තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා බවත් පවසයි.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා වුවත් දේශපාලනික වශයෙන් අක‍්‍රීයවී ඇති බවත් මේ සටනේ දී ඇතැම් විට තමන්ට දේශපාලන වේදිකාවෙන්ම බැසයෑමට සිදු වනු ඇති බවත් ඔහු එහිදී පැවසීය.
ආණ්ඩුව බලයට ගෙන ඒමේ දී ජනතාව අපේක්ෂා කළ අපේක්ෂාවන් ආණ්ඩුව විසින් අද වන විට විනාශ කරමින් සිටින බව ද වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා එහිදී කීය.

ගම්පහ වැල්ලම පාරට බස්සවගෙන : හරීන් වැඩ අල්ලයි !
ලබන සදුදා ගම්පහ දිස්ත්‍රික්කයේ වෙරලාසන්න ප්‍රදේශවල ජනතාව සමග එක්ව දැවැන්ත විරෝධතාවක නිරත වන බව සමගි ජන බලවේගයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු පවසයි.
ඒ පැලියගොඩ සිට කොච්චිකඩේ දක්වා වෙරළතීරය නාගරික සංවර්ධන අධිකාරියට පැරවීමේ තිරණයකට එරෙහිවය.
විපක්ෂනායක කාර්යාලයේ අද (04) පැවති මාධ්‍ය හමුවකදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළ අතර මේවන විටත් එම ඉඩම් විකුණා ඇති බව තමන් විශ්වාස කරන බවත් පැවසීය.
තවද ආණ්ඩුව එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායට දමා ඇති පුද්ගලයා දක්වන අදහස් සහ ගරු සිරිල් ගාමිණී පියතුමන් පසුපස යාම මෙන්ම වැඩි වශයෙන් කතෝලිකයින් ජීවත් වන මෙම ප්‍රදේශ අත්පත් කර ගනිමින් මේ සුදානම් වන්නේ කුමකටද යන්න තේරුම් ගත හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

නැනෝ නයිට්‍රජන්වලින් පමණක් කෝටි 800 ක් ගහලා - චම්පික
නැනෝ නයිට්‍රිජන් ආනයනය සහ හරහා මහා පරිමාණ වංචාවක් සිදු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
මෙසේ වංචා කර ඇති මුදල ආසන්න වශයෙන් කෝටි 800 ක් බවත් ඔහු සඳහන් කරයි.
නැනෝ නයිට‍්‍රජන් මිලි මීටර 500 බෝතලයක් ඉන්දියානු රුපියල් 240කට මිලට ගත හැකි බව ඔවුන්ගේ වෙබ් අඩවියෙන් වාර්තා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.
වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කර ඇත.
මේ නැනෝ යුරියා නමින් හදුන්වන IFFCO කියන එහි ලීටරයක් වෙන්නේ ඇත්ත ගාණ වෙන්නේ ලීටරයක් වෙන්නේ ඩොලර් 7.74 යි. හැබැයි කියද දාලා තියෙන්නේ බිල මහින්දානන්ද මහත්තයායි. ශෂේන්ද්‍ර මහත්තයායි බිල කියද දාලා තියෙන්නේ ලීටරයට ඩොලර් 25 ක් වෙන්න දාලා තියෙනවා. එතකොට නැනෝ යුරියා කෙළියෙන් විතරක් හොරකම් කරන ගාණ කොපමණද? නීති විරෝධි ක්‍රමයට හොරකම් කරන ගාණ ආසන්නයෙන් කෝටි 800ක් .මිලියන 8000ක්. දස ලක්ෂයක් ගොවි මහත්වරුන්ගේ පවුල්වලට රු 8000 ගාණේ දෙන්න තිබුණා මේකෙන් .දස ලක්ෂ 8000ක් කොල්ල කනවා මේකෙන් . යුරියා කිලෝග්රෑම් 105ක් ඕනේ හෙක්ටයාරයකට .මේක දානවා නම් ලිටර් 1250ක් වත් ඕනේ. දැන් මේ ලක්ෂ 18ක් ගෙනල්ලා හෙක්ටයාර 1440 යි කරන්න පුළුවන්. රටේ තියෙනවා. කුඹුරු අක්කර හෙක්ටයාර අට ලක්ෂයක්. මහ කන්නේ වවන්න බලාගෙන .මොන විහිළුවක්ද මොන බොරුවක්ද මේ කරගෙන යන්නේ?”

කොරෝනා මරණ සංඛ්‍යාව 13,806 ක් දක්වා ඉහළට
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ 15 ක් වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,806 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 08 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 07 දෙනා කාන්තා ආසාදිතයින් ය.
මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 3 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 12 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (04) වාර්තා කරන ලද මෙම මරණ 15 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයේදීය.

විරෝධතා දක්වන්නේ සජබ ජවිපෙ ගොවියන් : ඇමති රෝහිත හොයාගෙන !
පොහොර සහ වගාවට අත්‍යවශ්‍ය දේ ඉල්ලා උද්ඝෝෂණ කරන ගොවි ජනතාව සම්බන්ධයෙන් මානුෂීය ලෙස බැලිය යුතු බව විචාරක මතය වී තිබේ.
ඔවුන් මේ බව අවධාරණය කරන්නේ ගොවීන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් දක්වන අදහස් සලකා බලමිනි.
ආණ්ඩුවට එරෙහි අදහසක් දක්වන, ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විවේචනය කරන, ඊට එරෙහි වන සියලු දෙනා විරුද්ධ පක්ෂ වල නම් මේ වන විට ආණ්ඩු විරෝධී ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව තේරුම් ගතයුතු බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
මේ අතර වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසන්නේ අද රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ සමගින් ජන බලවේග සහ ජනතා විමුක්ති පෙරමුණේ ගොවියන් බවයි.
නමුත් කාබනික පොහොර වලින් වගා කළ හැකි බව කියන ගොවි මහත්වරුන් ද සිටිනා බවත් ඇමතිවරයා පවසයි.
පොහොර ප්‍රශ්නය නිසා ගොවීන් දේශපාලන පක්ෂ වලට බෙදී සිටින බව ද ඇමතිවරයා සඳහන් කළ අතර රසායන පොහොර ඉල්ලා උද්ඝෝෂණ කරන ජනතාවට අරක්කු බෝතල්, විරෝධතා පුවරු, බත් පැකට් කොපමන අවශ්‍යදැයි විමසමින් විපක්ෂ නායකවරයා ගම්වලට ගොස් ජනතාව උසි ගන්වමින් සිටින බවටත් අමාත්‍යවරයා චෝදනා කරයි.

රණවිරුවන්ගෙන් තවත් වික්‍රමයක්.....
යුද්ධ හමුදාව වෙත අලුතින් රථවාහන මිළදි ගැනිම සදහා අධික මුදලක් වැයකිරිමට සිදුවන බැවින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ අධීක්‍ෂණය යටතේ,
එම බල ප්‍රදේශයේ යුද්ධ හමුදාවට අයත් පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති වාහන 4 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කර නැවත භාවිතයට ගැනීම සදහා එම යුද්ධ හමුදා කදවුරු වෙත ලබාදිම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (නොවැම්බර් 03) දින යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී සිදුකරන ලදි.
ඉතා කෙටිකාලයක් තුල අඩු පිරිවැයක් දරා සිදුකල එම ක්‍රියාවලියේදි බස්රථ -10 ක්, ට්‍රක් රථ - 05 ක්, යුනිකෝන් රථ - 03 ක්, ධාවන පැදි - 05 ක්, ට්‍රැක්ටර් රථ - 01 ක් සහ කැබ්රථ - 01 ක් අලුත්වැඩියා කර පරික්‍ෂණ ධාවනයේ යොදවා ඉතා උසස් මට්ටමකින් යුද්ධ හමුදා කදවුරු වෙත මෙහිදි ලබාදෙන ලදි.
https://newstube.lk/news?start=7488#sigProIdc19cf6e6e9

විදුලි සේවකයින් දුන්න සංඥාව ගැන වෘත්තීය සමිති කියයි !
ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් ඕනෑම මොහොතක වැඩ වර්ජනයකට සූදානම් බව ආණ්ඩුවට පෙන්වාදුන් බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් පවසයි.
ඔහු ඒ බව සඳහන් කර සිටියේ යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණය ඇතුලු ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඊයේ(3) පැවති විරෝධතාවට එක් වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෘත්තීය සමිති නායකයා පවසා සිටියේ යුගදනවි බලාගාරයේ කොටස් විකිණීමට එරෙහිව ඒකාබද්ධ වැඩ වර්ජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ලබන 05 වනදා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කරන බවයි.
මේ අතර,කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40ක ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට විකිණීමට එරෙහිව තෙල්, විදුලිය සහ වරාය සේවකයින් ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්වූහ.
එම ස්ථාන අතර ලංකා විදුලි බල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට, කොළඹ කොටුව ඛාන් ඔරලෝසු කණූව ඉදිරිපිට කොළොන්නාව තෙල් සංස්ථා නිමාව ඉදිරිපිටදී සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතා කැපී පෙනුණු බව දැනගන්නට ඇත.
කොළඹ කොටුව ලංවිම මූලස්ථානය ඉදිරිපිටට පැවැති විරෝධතාවයට ලංකා විදුලි සේවක සංගමය, ලංවිම වෘත්තීය සමිති සහ ලංවිම ඉංජිනේරු සංගමය යන සමිති නියෝජනය කරමින් විදුලි සේවකයින් විශාල පිරිසක් එක්වූ බවත් වාර්තා වෙයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 17 ක පාලන මිල ඉවතට : ගැසට් 7ක් රිවර්ස් !
සීනි, පරිප්පු, අර්තාපල්, තිරිඟු පිටි, කිරිපිටි, කුකුල් මස්, ලොකු ළූණු, ටින් මාළු, ඉරිගු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය 17ක් සඳහා පනවා තිබූ උපරිම සිල්වර මිල ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ.
අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය 17ක පාලන මිල ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් රජය විසින් කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍ර 07ක් මේ නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඒවායේ මිල මහා පරිමාණ වෙළඳුන් විසින් තීරණය කිරීමට නියමිතය.
Page 417 of 473