පුවත්
ඩොලරය 300 ට යයි - දහස් ගණනකට රැකියා අහිමි වෙයි : ඊළඟ අනතුර රනිල් පෙන්වයි !
තෙල් මිල තීන්දුව මුදල් අමාත්‍යාංශයේ : මිල ඉහළ දාන්න මට පිස්සු නෑ - ගම්මන්පිල
තෙල් මිල ගනන් ඉහළ දැමීම නිසි ක්‍රමවේදයට අනුව ඇමැති අනුකමිටුවේද අනුමැතිය ඇතිව සිදු කළ බවත් තමාට තනියම තෙල් මිල ගනන් වැඩි කිරීමට තරම් පිස්සුවක් නැති බවද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබේ.
තෙල් මිල වැඩි කිරීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල විසින් භාර ගෙන ඔහු බලශක්ති අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් විසින් නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ගම්මන්පිල ඇමතිවරයා මෙම අදහස් පළ කර ඇත.
තෙල් මිල ගණන් ඉහළ දැමීමේ තීරණය මහා භාණ්ඩාගාරය විසින් අනුමත කොට තිබෙන බවත් තෙල් මිල වැඩි කිරීමේ තීරණය මෙන්ම එම තීරණය ක්‍රියාත්මක කලයුතු දිනය පවා තමන්ට ලබා දුන්නේ මුදල් අමාත්‍යංශයෙන් බවද ගම්මන්පිල අමාත්‍යවරයා පවසයි.
එම විෂය භාර අමාත්‍යවරයා වන්නේ මුදල් අමාත්‍යවරයා බවද මේ සියලු දේවල් පිළිබඳ තොරතුරු අද (13) මාධ්‍ය හමුවක් තබමින් රටට හෙළිදරව් කරන බවද අමාත්‍යවරයා පවසයි.
පොහොට්ටු ලේකම්ගේ නිවේදනය නිසා ජනාධිපති අගමැති ඇතුළු ඇමති රොත්තක් අමාරුවේ !
ගම්මන්පිල අගුපිලට දැමූ පොහොට්ටු නිවේදනයක් : ජනපතිට පුළුවන් අයින් කරන්න !
කොරෝනා වසංගතය හමුවේ ජනතාව තවත් අසීරුවට පත් කරමින් තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිල වගකිව යුතු බවත්, ඒ වගකීම භාරගෙන වහාම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පෙන්වා දී ඇත.
මේ බව සඳහන් කරන නිවේදනයක් පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ගේ අත්සනින් නිකුත්කර ඇත.
එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවැනි වාතාවරණයකදී තෙල් මිල වැඩි කිරීම හමුවේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ ප්‍රධානීන් අප්‍රසාදයට පත් කිරීමේ වුවමනාවක් ගම්මන්පිල අමාත්‍යවරයා ට තිබුණේදැයි සැක මතුවන බවයි.
විමල් පාර්ශ්වය එළවන තත්ත්වයක් !
සාමාන්‍යයෙන් මෙවැනි නිවේදනයක් විපක්ෂය වෙතින් නිකුත්කළ හැකි නමුත් සන්ධාන ආණ්ඩුවක පක්ෂයක් එහි තවත් පක්ෂයක නායකයෙක් ඉලක්ක කර නිකුත්කරන්නේ නැති බව දේශපාලන විචාරකයන් පවසයි.
ඔවුන් සඳහන් කරන ආකාරයට විශේෂ කාරණය වන්නේ සන්ධාන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය විසින් එහි සාමාජික පක්ෂයේ නායකයකු ඉලක්ක කර මේ නිවේදනය නිකුත්කර තිබීමය.
ඒ අනුව ගම්මන්පිල අමාත්‍යවරයකු ලෙස අසමත් පමණක් නොව ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයට අනුව ඔහු තවදුරටත් ඛණිජ තෙල් සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස සිටීම ඔවුන්ගේ අපේක්ෂාව නොවේ.
ඒ අනුව අමාත්‍ය ගම්මන්පිල ෆේල් අතර ඉල්ලා අස්විය යුතුව ඇත. ආණ්ඩුවේ හිටියත් වස්ත්‍රයක් ඇඳගෙන සිටිය නොහැකිය.
එසේම කාලයක් තිස්සේ රාජපක්ෂ කඳවුරේ ඇති විමල් - බැසිල් ගැටුමේ ප්‍රථිපලයක් ලෙස මේ නිවේදනය සැලකිය හැකි බවත් ඔවුන් පවසයි.
ගම්මන්පිල - විමල් නොමැති ආණ්ඩුවක් බැසිල් රාජපක්ෂ ඉදිරියේ සැලසුම් කරන බවත් දැන් ගම්මන්පිල - විමල් දේශපාලන අනාථයන් වෙනවාද නැද්ද යන්න ගැන තීන්දුවක් ගතයුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.
ජනතා විරෝධය යට යැවීමක් !
කෙසේ වුවත් තවත් පිරිසක් පවසන්නේ මෙය ආණ්ඩුව මේ දිනවල අත්හදාබලමින් සිටින දේශපාලන උපක්‍රමයක් බවය. එනම් ආණ්ඩුව සම්බන්ධව ජනතා විරෝධයක් පැමිණි විට ඒ විරෝධය වෙනතක යොමුකරන, විරෝධය සමනය කරන නිවේදනයක් නිකුත්කර සිටීමය.
ඊට ආසන්න උදාහරණයක් වන්නේ රටේ ජනතාව කොරෝනා වසංගතය හමුවේ පීඩිතව සිටියදී ආණ්ඩුව මැති ඇමතිවරුන් සඳහා සැප වාහන ආනයනය කිරීමට කටයුතු කිරීම සහ ඒ හමුවේ නැගුනු ජනතා විරෝධය අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ කාර්යාලය කටයුතු කළ ආකාරයයි.
එහිදී අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ අදාළ වාහන ආනයනය අත්හිටුවීමට තීරණය කළ බවය. නමුත් නිවේදනය හරහා ජනතා විරෝධය සමනය කරගැනීමෙන් පසුව ආණ්ඩුව කියන්නේ අදාළ වාහන ආනයනය අත්හිටුවීමට නොහැකි බවය.
විචාරක අදහස මේ මොහොතේ ගම්මන්පිල ට ඉල්ලා අස්වීමට කියන පොදුජන පෙරමුණ ටික දිනක් මේ කරුණේ එල්ලී සිට එය ජනතාවට අමතකවූ පසු සාමාන්‍ය ලෙස කටයුතු කරනු ඇති බවය.
එසේම ඉන්ධන මිල ඉහළ දැමීමේ වගකීම අමාත්‍යවරයා ගතයුතු නම්, මිල ඉහළ දැමීම ආණ්ඩුවේ ස්ථාවරය නොවේ නම් අමාත්‍යවරයාව තනතුරින් ඉවත් කිරීමට බලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සතු බවත් විචාරක අදහසය.
ලංකාවේ තත්ත්වය ඉන්දියාවට වඩා දරුණුයි !
කොරෝනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවටත් වඩා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම සංගමයේ උප සභාපති නවීන් ද සොයිසා සඳහන් කර සිටියේ ජනගහනයට සාපේක්ෂව වාර්තාවන ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව සලකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බවයි. අද වන විට ඉන්දියාවේ රෝගීන් වාර්තා වීම මිලියනයකට 80ක් වනවිට ශ්‍රී ලංකාවේ මිලියනයකට 136ක් වාර්තා වෙන බැවින් එය ඉන්දියාවේ මෙන් එකහමාර ගුණයක් ව ඇතැයි ද ඔහු පවසයි.
එසේම පසුගිය දිනවලදී සිදු කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණ දත්ත සලකා බැලීමේදී මෙම තත්වයෙහි ඇති බරපතළකම තේරුම් ගත හැකිවේ.
විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන අනුව ජුනි 10 ආසාදිතයින් වාර්තා වී ඇත්තේ 2715 කි. එදින සිදුකරන ලද පී.සී.ආර්. එකතුව 19828 කි.
ඒ අනුව කොරෝනා රෝගීන් හමුවීමේ අගය සියයට 13.69 කි. එනම් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන සෑම පී.සී.ආර්. පරීක්ෂණ හතකින් එකක් කොවිඩ් ආසාදිතයකු බවට හෙළිවේ.
කොවිඩ් දත්තවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ පාර්ශවයන්හි විරෝධය එල්ල වෙමින් තිබියදී මෙම තොරතුරු හෙළි වීමද විශේෂත්වයකි.
ඉන්ධන මිල ඉහළ යන අස්සේ ආණ්ඩුවේ කාකොටා ගැනීමුත් ඉහළට !
ඉන්ධන මිල ඉහළ දැමීම තුළ ආණ්ඩුව සෑම අංශයකින්ම බරපතළ අසමත් භාවයක් පෙන්නුම් කරන අතර ඒ සමග ආණ්ඩු අභ්‍යන්තරයේ කාකොටා ගැනීම්ද යළියළිත් මතුවෙමින් තිබේ.
ආසන්නතම සිදුවීම වන්නේ ජනතාව ආදායම් මාර්ග අහිමිව වැටුප් පවා කප්පාදුවට ලක්ව අති දුෂ්කර තත්ත්වයක පසුවන අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධව වගකීම මුළුමනින්ම ඛණිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල පිටින් යැවීමට ආණ්ඩුවේම පාර්ශ්ව කටයුතු කරමින් සිටීමය.
ඊට නිදර්ශනයක් නම් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් සමාජගත කිරීමට උත්සාහ කරන අදහසයි.
අදාළ සටහන මෙසේය.
රජයේ ආදායම් මාර්ග අඩපණ වීම යන කාරණා පසුබිමෙහි තබාගෙන වුව බලශක්ති ඇමතිවරයාගෙන් පහත ප්‍රශ්න අසන්නේ ඒවාට පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙනි.
1, ලෝක වෙළඳපලෙහි තෙල් මිළ ඉතා අඩු මට්ටමක පැවති අවස්ථාවේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරියට සැලසුම් කරමින් තෙල් තොග ආනයනය නොකළේ ඇයි?
2, ලංකාවට බොරතෙල් වෙනුවට මිළ අධික පිරිපහදු කළ තෙල් ආනයනය කරන්නේ ඇයි?
3, අඩුමිළ සහිත ඔපෙක් රටවලින් මිළ දී නොගෙන සිංගප්පූරු වෙළඳපොලින් තෙල් මිළට ගන්නේ ඇයි?
මේ සම්බන්ධව අදහස් දක්වමින් විචාරකයන් පෙන්වා දෙන්නේ මේ විමල් සහ බැසිල් පාර්ශ්ව ගැටුමක් බවය.
ගම්මන්පිල අමාත්‍යවරයා විමල් පාර්ශ්වය නියෝජනය කරන අතර එනිසා ඔහුගේ ඛණිජ තෙල් විෂය සම්බන්ධව දැක්ම සූක්ෂම ලෙස ප්‍රශ්න කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
Page 443 of 443