පුවත්

වීරවංසගේ කෑල්ලක් මහින්දානන්ද යටතට..
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් ඊයේ (18) දිනයේදී සිදු කර තිබෙන්නේ අංක 2232/39 අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් මෙම පැවරීම සිදු කර තිබේ.
මෙතෙක් එම ආයතනය අයත්ව තිබුණේ වීරවංස ඇමතිවරයා යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශයට වේ.
නව පැවරීමත් සමඟ එම ආයතනය මහින්දානන්ද ඇමතිවරයා යටතේ ඇති කෘෂිකර්ම අමාත්‍යංයට අයත් වේ. මෙම පැවරීම ජුනි මස 17 වන දින සිට ක්‍රියාත්මක බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.
එසේම ඊයේ දිනයේ කර්මාන්ත අමාත්‍යංයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබූ අනූෂ පැල්පිට මහතා එම තනතුරින් ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩු වූ තනතුර සඳහා වරයා අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබූ හිටපු හමුදාපතිවරයකු වන දයා රත්නායක පත් කර ඇති බවයි.
දයා රත්නායක ජනාධිපතිවරයාගේ සමීපතමයකු ලෙසද වාර්තා වේ.
ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය පහත දැක්වේ.
මේ පිළිබද ඇමති වීරවංශ ඔහුගේ මුහුණු පොතේ පල කර ඇති පෝස්ටුව පහත පළවේ.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්..
වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක් ලබා දී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ සුදත් සමරවීර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කළ බවය.
එම ස්ථාන මාරුව ඊයේ(18) දින සිදුකර තිබේ.
වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මේ අතර ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අරුණ ජයසේකර මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ.

රනිල් - සජිත් ගැටුමෙන් මන්ත්‍රීවරුන් 750 කගේ තනතුරු අහිමිවේද? : කියවන්නම ඕන ලිපියක් !

චීන කොමියුනිස්ට් පක්ෂයට සීයයි : රනිල් ලෝක සාමය සිහිකරයි !

විමල්ගේ අමාත්‍යාංශයේ සිටි බැසිල්වාදි ලේකම්ගේ ඉල්ලා අස්වීමත් : ප්ලෑන් එකේ කොටසක්ද ?
ආණ්ඩුව අභ්‍යන්තරයේ දේශපාලන සුළියක ලකුණු පෙන්වමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට ඉල්ලා අස්වී විශ්‍රාම ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
රාජපක්ෂ පවුලේ විශේෂයෙන් බැසිල් රාජපක්ෂ ගේ අතිශය සමීපතමයකු ලෙස ඔහුව හැදින්වෙන අතර කුප්‍රකට සුදුරෙදි නඩුවේද චෝදනා ලැබූවෙකි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ පාර්ශ්වය සහ බැසිල් විරෝධී පාර්ශ්ව අතර ගැටුමේ කොටසක් ලෙස මේ ඉල්ලා අස්වීම සිදුව ඇති බවයි.ඊට අදාල ලිපිය ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර වෙත යොමු කර ඇති බවත් වාර්තා වෙයි.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සමඟ ඇතිවන රාජකාරිමය මත ගැටුම් හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවත් තමන්ට නිල වශයෙන් විශ්‍රාම යාමට තවත් වසර හතරක කාලයක් ඇතැයිද අනූෂ පැල්පිට පැවසූ බවත් ආණ්ඩුව හිතවාදි මාධ්‍ය වාර්තා කර ඇත.
මේ අතර වරාය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ විශ්‍රාමික ජනරාල් දයා රත්නායක කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර ඇත.

සංචරණ සීමා ගැන අලුත්ම නිවේදනය !
දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන සඳුදා (21) උදෑසන 4ට ඉවත් කිරීමට තීරණය කර තිබෙන බවත් නැවතත් සංචරණ සීමා පනවනු ලබන්නේ 23වන දා රාත්‍රී 10ට බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
එසේ පැනවෙන සංචරණ 25 වන දා උදෑසන 4 තෙක් ක්‍රියාත්මක වන බව ද ඔහු කියා සිටියේය.
හමුදාපති ගේ මේ ප්‍රකාශය තහවුරු කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකයත් නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

කබ්‍රාල්ගේ තවත් හතරවරං බොරුවක් පත්තුවෙයි !
කොවිඩ් වසංගතය වෙනුවෙන් මෙරට බැංකු ක්‍ෂෙත‍්‍රය හරහා සහ රජයේ මැදිහත් වීමෙන් රුපියල් බිලියන 4,000ක සහන ලබා දී ඇති බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් කර තිබෙන ප‍්‍රකාශය මුළුමනින් ම ජනතාව නොමඟ යවන සාවද්‍ය කරුණු දැක්වීමක් බව හෙළි වේ.
ඔහු සඳහන් කර තිබෙන්නේ, රජය මැදිහත් වීමෙන් මහ බැංකුවේ නියාමනය යටතේ මෙරට බැංකු ක්‍ෂෙත‍්‍රයෙන් සහ රජයෙන් ලබා දී ඇති මුළු සහන ප‍්‍රමාණය රුපියල් බිලියන 4,000ක් වන බව ය. එය රුපියල් කෝටි හාර ලක්‍ෂය (රු. කෝටි 4,00,000)කි. මෙම වසරේ රජයේ මුළු වියදම බිලියන 4,000කට අඩුවෙන් ඇස්තමේන්තු කර ඇත.
ඒ අනුව කබ්රාල් රාජ්‍ය ඇමැතිවරයාගේ ප‍්‍රකාශය එක් පැත්තකින් අසත්‍යය වී තිබේ.තව පැත්තකින් මෙරට මුළු බැංකු පද්ධතිය විසින් ම 2020දී ලබා දී තිබෙන ණය සහ අත්තිකාරම්වල මුළු එකතුව රුපියල් බිලියන 9,091.7කි. එය 2019දී බිලියන 8,122.4කි.
මේ අනුව කොවිඩ් වසංගතයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් බැංකු ගනුදෙනුකරුවන්ට සහ අනෙකුත් පොදු ජනතාවට රජය මැදිහත් වීමෙන් රුපියල් කෝටි 400,000ක සහනාධාර ලබා දී ඇති බව ප‍්‍රකාශ කිරීම ද බොරුවක් වී තිබේ.මුදල් රාජ්‍ය ඇමැතිවරයාගේ ජනතාව නොමඟ යවන මෙම ප‍්‍රකාශයට රජයේ ‘දිනමිණ’ පුවත්පත විසින් අද විශාල ප‍්‍රසිද්ධියක් ලබා දී තිබේ.
මේ වන විට ආණ්ඩුවේ ඇමැතිවරු ජනතාව නොමඟ යවන මෙවැනි විවිධ ප‍්‍රකාශ නාට්‍යානුරූපිව විශාල වශයෙන් සිදු කරමින් සිටිති.
Lanka truth

දරුවන්ට පරිසරය විඳින්න ඉඩ දෙන්න - අගමැති
පෙර පාසල තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට පරිසරය විඳිමට ඉඩ ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.
”පෙර පාසල කියන්නේ තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත්කරන්න එපා. දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න. එයාලගෙ ලෝකේ ජීවත්වෙන්න ඉඩ දෙන්න. ඔවුන්ට ඇහුම්කම් දෙන්න. ඇතැම්විට මේ දරුවන් අතරෙ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඉන්න පුළුවන්. ඔවුන්වත් රැක බලා ගන්න. ඒ දරුවන්ට ගුණ යහපත්කම දයාව කරුණාව ගැන කියලා දෙන තෝතැනන්නක් බවට පෙර පාසල පත්කරගන්න”
පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීමේ ‘ගුරු අභිමානී’ ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
‘ගුරු අභිමානී’ ජාතික උත්සවය ඊයේ (17) අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන අය මෙහි දී මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ද අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වා තිබේ.
මේ අතර ‘ගුරු අභිමානී’ ජාතික වැඩසටහන සංකේතවත් කරමින් පෙර පාසල් ගුරුවරියන්ට අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ=ගේ සුරතින් අදාළ දීමනා ප්‍රදානය කෙරිණ.
සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම ස්ථාපනය කරන සෞභාග්‍යයේ පෙර පාසල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 25ක මුදල් ප්‍රදානය කිරීම සහ පෙර පාසල් 1500ක යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක ප්‍රදානය ලබා දීම ද මෙම උත්සවයෙදී සංකේතාත්මකව සිදු කෙරී ඇත.
අග්‍රාමාත්‍යවරයා උත්සවය අමතමින් පවසා ඇත්තේ, පෙර පාසල් ගුරුවරුන් 25000 කට වැඩි පිරිසක් දීමනාව ලැබීම සඳහා සුදුසුකම් ලබා ඇති බවත් පෙර පාසල් ගුරුවරුන්ට ලබා දෙන මෙම දීමනාව විධිමත් පුහුණුවකින් පසු ස්ථිර මාසික වැටුපක පිහිටුවීම සඳහා ගත් ආරම්භයක් පමණක් බවත් ය.
පෙර පාසල් ගුරුවරුන්ට විධිමත් ගුරු පුහුණුවක් ලබාදීම අතිශය වැදගත් බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, විශ්ව විද්‍යාල මට්ටමෙන් උපාධිය දක්වා දැනුම වර්ධනය කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ.
මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට උර දුන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ද මෙම ජාතික උත්සවයට වැඩම කර ඇත.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල් පීරිස්, ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, සුසිල් ප්‍රේමජයන්ත, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම්, කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිට ඇත.
https://newstube.lk/news?start=8334#sigProId92e39280c9

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයකුට කොවිඩ් පොසිටිව්
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට ‘කොවිඩ් - 19’ වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි වාර්තා වේ.
මීට ආසන්න දින කිහිපයේදී සත්වෝද්‍යානයේ විසූ සිබ්‍රාවෙකු හා හිපපොටේමස් සත්වයෙකුද හැටියේ මිය ගොස් ඇති බවත් එම සත්වයින්ගේ මරණයට හේතුවක් මේ දක්වා අනාවරණය වී නොමැති බවද වාර්තා වේ.
කොවිඩ් ආසාදනය වී ඇතැයි පැවසෙන්නේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන ආ තෝර් (Thor) නමැති සිංහයාට බව පැවසේ. සත්වෝද්‍යානයේ සිංහ දූපතේ 2012 වසරේදීම මෙරටට රැගෙන ආ ෂීනා (Sheena) නමැති සිංහ ධේනුව සහ සිංහයින් සිව්දෙනකු වෙසෙන බවද පැවසේ.
දින කිහිපයක් තිස්සේ කැස්සකින් හා උගුරේ වේදනාවකින් මෙම සිංහයා පීඩා විඳිම පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව සිංහයාගේ සෙම පටල පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමු කර තිබේ. එහිදී සිදු කරනු ලැබූ පරීක්ෂාවේදී සිංහයාට කොවිඩ් බවට තහවුරු ඇත.
මෙම සිංහ කූඩුව භාරව සිටි සත්ව රැකවලූන් (Keepers) දෙදෙනකු සත්වෝද්‍යානය තුළත්, තවත් රැකවලකු නිවසේත් මේ වනවිට නිරෝධායනය කර ඇති බව පැවසේ.
සිංහයා ලෙඩ වූ දිනවලට ආසන්න දිනවලදී සත්වෝද්‍යානයේ විසූ සීබ‍්‍රා පැටවකු සහ වැඩුණු හිපපොටේමස් සත්වයකු ද හිටි හැටියේ මියගොස් ඇති අතර, ඔවුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නොමැත.

වදය විනාශවී යනතෙක් ගල් ගහනවා : බැසිල් පාර්ශ්වය දන්වයි !


online ඩිලිවරි රිවර්ස් : සුරාව නිසා ආයතන පැටලේ !
චීන වෛරසය හමුවේ රටේ සංකීර්ණ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීම පමණක් නොව සරල භාණ්ඩ බෙදාහැරීමක් දක්වා කිසිවක් සම්බන්ධව වැඩපිළිවෙළක් නොමැති බව පෙන්නුම් කරයි.
එක් පසෙකින් ආර්ථිකය කළමනාකරණය කරගත නොහැකිව සිටින ආණ්ඩුව රාජ්‍ය ආදායම් ද අහිමිව වඩවඩාත් දුෂ්කර තත්ත්වයක් වෙත ගමන් කරමින් තිබේ. විශේෂයෙන් ආනයන පාලනය හේතුවෙන් රේගු බදු අහිමිව ඇති ආණ්ඩුව දැන් රට වසා සුරාබදු ද අහිමි කරගෙන සිටියි.
සුරාබදු ආදායම් යළිත් සක්‍රීය කිරීමට online පහසුකම යටතේ මත්පැන් බෙදීම සඳහා අවස්ථාව දීමට තීන්දු කෙරුණත් මේ වන විට නිසි ප්‍රතිපත්තියක් නොමැතිව යළිත් එය අත්හැර ඇත.
ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නොමැති බව තහවුරු කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දුම්කොළ සහ මධ්‍යසාර ජාතික අධිකාරිය ලිපි ලියන්න ගෙන ඇත.
පහත දැක්වෙන්නේ ඒ ලිපියයි.

වියත් මගේ ගොඩහේවාට මාතර ගුටියක් !



සැපවාහන ගෙන්වීමට එරෙහිව ජවිපෙන් පෙත්සමක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(17) පෙරවරුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ලංකා බැංකුව, රේගු අධ්‍යක්ෂ ජනරාල්, ආනයන අපනයන පාලන අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුළු 31 දෙනෙකු නම් කර තිබේ.
නීතීඥ සුනිල් වටගල මාර්ගයෙන් ගොනු කර ඇති සිය පෙත්සමෙන් පෙත්සම්කරු කියා සිටින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව තිබෙන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා සූඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවත් වහාම එම තීන්දුව අත්හිටුවීමට අදාළ නියෝගයක් නිකුත් කරන ලෙසය.

ජාතික රෝහල් සේවකයෝ උද්ඝෝෂණයක
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් ජාතික රෝහල ඉදිරිපිටදී අද (17) පවත්වා තිබේ.
ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණය අරඹා ඇත.
දින 180 සම්පුරණ කල සියලු අනියම් , ආදේශක සෞඛ්‍ය සේවකයින් වහා ස්ථිර කරන ලෙස හා සේවක හිගය වහා පියවීම ,අතිකාල රේට් ක්‍රමයට ලබා දෙන ලෙස සහ අමතර පැය 08 ට වැටුපෙන් 1/30 ක් දීමනාවක් ලබා දෙන ලෙසත් රජයට බලකරමින් එම උද්ඝෝෂණය පවත්වා තිබේ.
මේ සඳහා ජාතික රෝහලේ සුළු සේවකයෝ එක්ව සිට ඇත.

නාමල්වත් පටලවාගෙන : සීනි - පොල්තෙල් ජාවාරමුන් තවත් බදු වංචාවකට සැරසෙයි !
මෙරට රාජ්‍ය ආදායම් මුළුමනින්ම බිඳ දමමින් වත්මන් ආණ්ඩුවේ සහයෙන් කුප්‍රකට මහා සීනි බදු වංචාව සහ පොල්තෙල් බදු වංචාව දියත් කළ ආණ්ඩුවේ ගජමිතුරු ජාවාරම්කරුවන් තවත් බදු වංචාවක් සඳහා සූදානම් වන බව ආණ්ඩු හිතවාදි වෙබ් අඩවියක් අනාවරණය කරයි.
අදාළ බදු වංචාව සිදුකිරීම සඳහා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවා දායක කරගෙන ඇති බවත් ඊට අදාළ තීන්දු තීරණ අද (17) ගනු ලැබෙනු ඇති බවත් එම පුවතේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ ලංකා ලීඩ් නිව්ස් වෙබ් අඩවියේ දැක්වෙන එම පුවතයි.පොල් සංවර්ධන මණ්ඩලයේ උසස් නිලධාරියෙකුට අනුව එම ආයාතනයේම තවත් ප්‍රභල නිලධාරියෙකු විසින් අගමැතිතුමාට සහ නාමල් රාජපක්ෂ ඇමතිවරයාට බලපෑම් කරමින් තෙල් ජාවාරම් කරුවන්ට නැවත වටයකින් බදු සහනයක් ලබා ගැනීමට හෙවත් බදු වංචාවකට සැරසෙන බව වාර්තාවේ.
මීට පෙර සීනි ආනයනයේදී සිදු කළ රුපියල් මිලියන 15,000ක බදු වංචාව කරණු ලැබූ ව්‍යාපාරිකයාම මෙම තෙල් ජාවාරමේ ප්‍රභලයෙකු බව කියවේ.
මෙම මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයාගේ මැදිහත් වීමෙන් මීට පෙර කළ සීනි වංචාවට අමතරව පොල්තෙල්වලට පනවා තිබූ කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 170කින් අඩු කිරීම මගින් තවත් රුපියල් මිලියන 20,000ක බදු ආදායම් රටට අහිමි කළ බව දැන් ඔප්පු වී ඇත.ඔවුන් දැන් උත්සහා කරන්නේ පොල් තෙල් බද්ද තව දුරටත් කිලෝ ග්‍රෑ,ම් එකකට රුපියල් 100කින් අඩු කර ගැනීමට බව වාර්තාවේ.
එම රැස්වීම අද(17 ) දින පෙරවරු 11:00 ට පැවැත්විමට නියමිත අතර බවද වාර්තා වේ.
එමගින් රටට අහිමි වීමට නියමිත හෙවත් වංචා කිරීමට නියමිත බදු ප්‍රමාණය රුපියල් මිලියන 10,000කි.

යුරෝපා පාර්ලිමේන්තු යෝජනාවෙන් ආණ්ඩුව සැලෙන්ඩර් : ත්‍රස්ත පනත සංශෝධනයට සූදානම්ලු !
GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුරක් මතුවීමත් සමග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනයට ඇති සුදානම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
"යුරෝපා සංගමය වෙත සන්නිවේදනය කොට ඇති පරිදි, රජය සිය බැඳීම්වලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමේ ක්‍රියාවලියක යෙදී සිටී.
මෙම ප්‍රයත්නය සම්බන්ධයෙන්, රජය විසින් අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම සඳහා දැනට පවත්නා නීති අධ්‍යයනය කරමින් සිටින අතර, වෙනත් අධිකරණ බලයන් විසින් අනුගමනය කරනු ලබන ජාත්‍යන්තර විශිෂ්ඨ පරිචයන් පිළිබඳව ද අවධානය යොමු කරනු ඇත." ශ්‍රී ලංකා රජය සිය නිවේදනය නිකුත් කර ඇත්තේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් යෝජනාව පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමිනි.
එසේම මාස 10ක් පමණ නඩුවක් පවා නොමැතිව රඳවාගෙන සිටි මෙරට සිටි දක්ෂතම අපරාධ පරීක්ෂණ නිලධාරියා ලෙස ප්‍රකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ඇප ලැබීමටත් යුරෝපා සංගමයේ යෝජනාව බලපෑ බව විද්වත් මතය වී තිබේ.

ණය අයකර ගැනීමේදී මානුෂීයව සලකා බලන්න - අගමැති
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (16) අරලියගහ මන්දිරයේ දී මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.
කොවිඩ් වසංගතය හමුවේ මෙරට ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීම සම්බන්ධව මෙහි දී මහබැංකු නියෝජිතයෝ අග්‍රාමාත්‍යතුමාට කරුණු පැහැදිලි කළහ.
මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ මුල්‍ය ණය පහසුකම් ලබා ගත් ජනතාව මුහුණ දෙන ගැටලු කෙරෙහි මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ විශේෂ අවධානය යොමු විය.
වාරික ගෙවීමේදී පොලිය මුලින් ගෙවීමට සිදුවීම තුළින් ණය මුදල ගෙවීමට නොහැකි වන තත්ත්වයට ණයකරුවන් පත්ව ඇති බවත් පොලිය මෙන්ම ණය මුදල ද ගෙවීයන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ණය ලබා දීමේ දී පදිංචි නිවස ඇපයට ගැනීමෙන් ණයකරුවන්ට නිවස ද අහිමවන අවස්ථා කොතෙකුත් ඇති නිසා, ඒ ගැන මානුෂීයව සලකා බලමින් එම ක්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහි ද මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.
මෙම අවස්ථාවට මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් , අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි එස්. සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.එම්.පී.රත්නායක, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂමන්, නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන් වන කේ.එම්.එම්. සිරිවර්ධන, එම්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර, සහකාර මහ බැංකු අධිපතිවරුන් වන ජේ.පී.ආර්.කරුණාරත්න, ඒ.ඒ.එම්.තාසීම්, ආර්ථික හා පර්යේෂණ අධ්‍යක්ෂ සී.අමරසේකර , බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂ සමන් නානායක්කාර මහත්වරු එක්ව සිටියහ.

චන්දිමාල් සහ පියුමිගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !
නිරෝධායන නීති කඩ කරමින් ෂ්‍රැංගිලා හෝටලයේ උපන්දින සාදයකට සහභාගී වීමෙන් අනතුරව නිරෝධායනයට යොමු කිරීමේදී සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හසංමාලි ඔවුන්ගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අද (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබෙන බව වාර්තා වෙයි.
මේ සම්බන්ධව ලංකා ටෘත් වෙබ් අඩවිය වාර්තා කර ඇති අතර කළ වරද සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප හිමිවී තිබියදී, තමන් ඇතුළු 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීම අසාධාරණ බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙන බවත් සඳහන් කර ඇත.
එසේම අදාළ පුවතට අනූව ඔවුන් නිරෝධානය කාල සීමාව අවසන් කර අද (16) දිනයේදී නිවෙස් වෙත පිටත්ව තිබේ.
නිරෝධායන මධ්‍යස්ථානයේ දී ජන්දිමාල්, පියුමි හංසමාලි ඇතුළු පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ බවත්, ඔවුන් කිසිවකුට වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් වාර්තා වේ.
නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත් වීමට පෙර ඩේලි මිරර් වෙත ඔවුන් අදහස් පළ කර ඇත්තේ මෙසේය. “අපට පසුව පවා පෞද්ගලික සාද පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගත් බව අපට දැනගන්නට ලැබුණා.
කෙසේ වෙතත්, ඔවුන් සියල්ලෝම අප වගේ රැගෙන ගියේ නැහැ. නිවාස නිරෝධායනයට යටත් වුණා විතරයි. මෙතැන ලොකු අසාධාරණයක් වුණා. අපි නීතිමය මාර්ගයට එළැඹෙනවා”
Page 464 of 466