පුවත්

පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයටත් කොරෝනා
පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් විසි දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල පැවසයි.
එම කාර්යාලයේ ස්ථානාධිපතිවරයාට සහ ලියුම් බෙදන්නෙකුට ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව අහඹු පී.සී.ආර් පරීක්ෂණය සිදු කර තිබේ.
අනතුරුව ප්‍රධාන තැපැල් කාර්යාලය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව සේවා සැපයීම සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ගනු ඇතැයි වෛද්‍යවරයා පැවසීය.
පිලියන්දල තැපැල් කාර්යාලයට අනුබද්ධ උප තැපැල් කාර්යාල කිහිපයක්ද කොරෝනා වයිරසය හේතුවෙන් වසා දමා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

ගුරු - විදුහල්පති රාජකාරියට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කරයි
රාජ්‍ය සේවය අද සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නික්තු කර ඇති චක්‍රලේඛයකට අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන්ට විදුහල්පතිවරුන්ට සහ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට දන්වා ඇත.
ඒ කෙසේ වෙතත්, ගුරු – විදුහල්පති සංගම් 14 ක් ලිපියකින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ ඔවුන් පාසල්වලට පැමිණීමෙන් වැලකී සිටින බවයි.
ගුරු – විදුල්පතිවරු විසින් මේ වනවිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව ඇති තත්ත්වයක් යටතේ එම තීරණය ගෙන ඇති බව අදාල ඒකාබද්ධ ලිපියෙන් දැනුම් දී තිබේ.
මේ අතර වෘත්තීය ක්‍රියාමාර්ගයට අදාලව අද දිනයේ දී කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර හෙට(02) ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සාකච්ඡාවක් ලබා දී ඇති බවට මීට පෙර ලේකම්වරයාට දැනුම් දුන් බව ද එහි සදහන් වේ.
ඒ අනුව, ලේකම්වරයා විසින් නිකුත් කර ඇති සේවයට කැඳවීමේ චක්‍රලේඛයට අනුව ගුරුවරුන් පාසල්වලට නොපැමිණෙන බව වෘත්තීය සංගම් සිය ලිපියෙන් අවධාරණය කරයි.
මේ අතර විදුහල්පති ශ්‍රේණිධාරී සංගමය ද සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ලේකම්වරයාට දන්වා ඇත.
ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 22 වැනි දිනටත් ක්‍රියාත්මකයි.
ඉතාමත් හදිසියේ ගුරුවරු, විදුහල්පතිවරු පාසල්වලට කැඳවමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව අද දින කිසිඳු ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකු සේවයට වාර්තා නොකරන බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇති බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරයි.
අද දිනය සේවයට වාර්තා නොකිරීම නිසා කිනම් හෝ ගැටලුවක් මතුවන්නේනම් ඒ ඕනෑම ගුරු – විදුහල්පතිවරු වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු සඳහන් කරයි.

තවත් මරණ 67 ක් : ඉදිරි මාස දෙක දැඩිව අවදානම් - විශේෂඥ මතය !
ඊයේ (31) කොවිඩ් මරණ 67ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (01) දින තහවුරු කර ඇත.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,508ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම තත්ත්වය ඉදිරි මාස දෙක තුළ අත්විඳීමට සිදුවනු ඇතැයි වෛරසයවේදය පිළිබඳව ලෝක ප්‍රකට මහාචාර්ය මලික් පීරිස් අනතුරු අඟවයි.
ඒ, පසුගියදා ජාතික විද්‍යා පදනම කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයකට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමිනි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු හොංකොං විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය මලික් පීරිස් මෙසේද පවසා ඇත.
"නව ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාව තුළ මහා විනාශයක් කළා. ඒ වගේම මට කියන්න සිද්ධ වෙනවා එළඹෙන සති කිහිපයේදී එය ශ්‍රී ලංකාව තුළත් විශාල බලපෑමක් ඇතිකරනු ඇති බව. මහජන සෞඛ්‍ය වෘත්තිකයෙක් ලෙස මම මගේ රාජකාරිය පැහැරහැරියා වෙනවා මම අනතුරු මේ ඇඟවීම කළේ නැත්නම්. ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේදී මෙතෙක් මුහුණ දුන් නරකම තත්ත්වය ඉදිරි මාස කිහිපයේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි. මම ආණ්ඩුවට සහ මහාචාර්ය ජයසුමනට සුබ පතනවා එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම ගැන, එය ඉතාම හොඳින් සිදුවනවා. එසේ වුණත් ඔබ දන්නා පරිදි එන්නතේ මාත්‍රා දෙකම අත්‍යාවශ්‍යයි මේ ප්‍රභේදයට එරෙහිව සැළකිය යුතු බලපෑමක් කරන්න. ඉදිරි මාසය හෝ මාස දෙක තුළදී එන්නත්කරණය නිසා අපිට ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මම හිතනවා ජනතාවට මේ ගැන හොඳින් උපදෙස් ලබාදී ඇති බව."

ගුරු සටනට ආණ්ඩුවෙන් දූස්‍රාවක්!
මෑත ඉතිහාසයේ වෘත්තීය සමිති ඒකාබද්ධව සිදුකළ, එමෙන්ම පාට කණ්නාඩි ඉවතලා දකින කියවන ඕනෑම කෙනෙක්ට දැකිය හැක්කේ අති සාර්ථක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් බවය.
මරණ වරෙන්තුව අතේ තියන් ගුරුවරු ඇයි වීදි සටන්….?
ලොවම වෙලාගත් කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිරෙද්දීත් ගුරු සටන් නිෂ්චිත මොහොතේ කිසිසේත්ම නුසුදුසු, අනුවන හා ආණ්ඩුව අපහසුතාවයට පත්කරන ක්‍රියාවක් බව,සමාජගත කිරීමට වත්මන් ආණ්ඩුව හා ආණ්ඩුවට හිතවාදී මුද්‍රිත,විද්‍යුත් හා සමාජ මාධ්‍ය ජයටම ක්‍රියාත්මක වන මොහොතේ සැබවින්ම ගුරු සටන කාලෝචිතද යන්න විමසා බැලීමට තරම්ද?
වසර 24ක් පුරාවට රටක අනාගත පරපුරේ නිහඬ නිර්මාණයට පණ පොවන ගුරුවරුන්ගේ ජීවන අරගලයේ සඟවන අඳෝනාව පුපුරා යමින් අද එය වීදි සටනක්ව බුර බුරා නගින ගිණිදළු මෙන් රට පුරා ඇවිලෙද්දී ඕනෑම ආණ්ඩුක් ඉන් සලිත වීම සාමාන්‍යය තත්වයක් උවද මෙවර එය තීවෘ ව්ප්ලවයක් වෙමින් පැවතීම පීඩිත සමාජයේ පුපුරා යෑමේ ප්‍රතිඵලයකි.
සියලු වෘත්තීන් හා සේවා පවත්වාගෙන යනු ලබන්නේ ජීවත් වීම හා යහපැවැත්ම පිණිසවන අතර පවතින දැඩි ආර්තික දුෂ්කරතා හමුවේ තවදුරටත් දෛනික ජීවන චක්‍රය හා ඔට්ටුවීමට නොහැකිවන බව හැඟෙන විට, සාමාන්‍යය ජීව්න රටාව තුළ නොනැසී පවතින්නට නොහැකිබව ක්‍රමයෙන් සංවේදනය වීමත් සමගම එකී පැවැත්ම උදෙසාම අරගල කිරීම අරගලයන්ට ස්වභාවිකවම එක් වීම සමාන්‍ය කරුණකි… එනිසාවෙන්ම මෙවර ගුරු අරගලයට රිවස් ගියර් නොමැත, තිරිංග සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිතය, අරමුණු සාක්ෂාත්වන තුරුම දිශානතිය කරා ගමන් කරණු ඇත..
මෙහිලා සුවිශේෂීම කරුණ වන්නේ මරණය එළිපත්තටම ආ බව දැන දැනත් වසංගතයේ ගොදුරක් වීමේ ජීවිත අවදානම සහිතව ගුරු අරගලයට පණ පොවන සියල්ලෝම තම ජීවිත මෙන්ම තම සමීපතමයන්ගේ ජීවිත අවදානම පිළිබඳ අවබෝධයෙන් වසර 24ක් පුරා තට්ටුමාරුවට කල්මැරූ ගැටලුවට විසඳුම් ලෙස අවසන් සටනට පෙළගැසීමය..
පී. බීගේ සේවයට කැඳවීමේ ලිපිය ගුරු සටන් මැඩීමටද…?
ඉතිහාසයේ කිසිම දිනක දේශපාලනිකව හෝ මෙහෙයවීමට නොහැකි වූ අරගයලක් ලෙස සමාජ අභ්‍යන්තරයෙන්ම පුපුරා නැගෙන ගුරු අරගලයේ ගිණි දළු වලට නොව පැතිරෙන රශ්මියට බිය වූ වත්මන් ආණ්ඩුව ජන ජීවිත අනතුරේ හෙළමින් සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍යය ලෙස, ලහි ලහියේ සේවයට කැඳවන්නට අර අඳින්නේ තවදුරටත් ගුරු සටනට මුහුණදීමට ඇති නොහැකිව මතය.
මෙය සාධාරණ අරගලයක් බව ඕනෑම සිහිබුද්ධියක් ඇති පුරවැසියකුට වටහාගත හැක, මක්නිසාදයත් පසුගිය මැතිවරණයේ සමස්ත තැපැල් චන්ද 80%ක පමණ ප්‍රතිශතයක් භාවිතා කළේ වත්මන් ආණ්ඩුවටය… එකී ආණ්ඩුවේ ප්‍රමුඛ පොරොන්දුවක් නම් 24 වසරක්වූ ගරු විදුහල්පති වැටුප් විෂමතාවට සැබෑ පිළිතුරු ඔවුන් සතුබවත්, එය ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයයේ දැක්ම බවත්ය.
ඔන්ලයින් සංකල්පය කාගේද…..?
ලොව පුරාම සියලුම රටවල් උද්ගත වසංගතයෙන් කාඩාවැටුන අධ්‍යාපනය නගා සිටුවීමට ඔන්ලයින් පහසුකම්,ඇතිකරමින් ගුරුවරුන් දිරිමත්කරමින් සාධනීය ක්‍රියාවන් මගින් දරුවන්ගේ අනාගත සුරක්ෂිත කරද්දී, වත්මන් රජය ජනාධිපතිගේ පෞරුෂය වර්ධනය පිණිස රූපවාහිනී නාළිකා ආරම්භ කළහ….. නොහැකියාව වසාගනිමින් තවදුරටත් මිත්‍යාවෙන් ජනතාව මුළාකිරීමට මාධ්‍ය භාවිතා කළද කිසිසේත්ම ජනතා සංක්‍යාත වලින් එක් පැයක් හෝ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් නොකළ ආණ්ඩුව අද ගුරුවරුන්ට නිර්දය විවේචනයන් ඉදිරිපත් කරණුයේ තම පෞද්ගලික වියදමි ඔන්ලයින් අධ්‍යාපනය මේ දක්වා පවත්වාගත් නිසාවෙන්ද..?
සැබෑ විප්ලවයන් මර්ධනයෙන් යටපත්කළ හැකිද?
සියළු කැපකිරීම් කරමින් වේතනයට එහාගිය සේවයක් සපයන ගුරුවරුන් අද වීදි බැස කරන සටන් කිසිසේත්ම ආණ්ඩුවේ කූට උපායන් වලින් හෝ මර්ධණයෙන් නැවැත්විය නොහැක, මක්නිසාදයත් ආණ්ඩුවේ අධ්‍යාපනය මිලිටරිකරණය මෙන්ම සාධනීය කරුණු රාශියක් අරඹයා පංචමහා බලවේගයන් ක්‍රමයෙන් එක්වන රිවස් නොමැති බ්‍රේක් නොමැති අරගලයක් ලෙස එය ඔඩුදුවා අවසන් නිසාවෙනි. පාලකයන්ට ගුරු සටන් අභිමුවේ පියවරක් පසු බසිමින් දණ නමන්නට සිදුවීම කිසිසේත්ම වලකාගත නොහැක.
සුමුදු මද්දුමආරච්චි,
මිලානෝ,
ඉතාලිය.

දරුවන් කොවිඩ් අවදානමේ : අසාදිත දරුවන් 80ක් ළමා රෝහලේ
කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින දරුවන්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ නැග ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
රිජ්වේ ළමා රෝහලට මීට සතියකට පමණ පෙර ඇතුළත් කරනු ලැබ සිටියේ කොවිඩ් ආසාදනයවූ දරුවන් තිස් දෙනකු පමණකැයිද හෙතෙම සඳහන් කළේය.
දරුවන්ට කොවිඩ් ආසාදනයවීම වැඩිවෙමින් තිබෙන තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මවුපියන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බවද කීවේය.
දරුවන් එන්නත්කරණයට ලක් නොවන පිරිසක් හෙයින් කොවිඩ් වැළඳීමෙන් ඒ අයට බරපතළ සංකූලතා මතුවිය හැකි බවත් කොවිඩ් වැළඳෙන දරුවන් අතරේ බහු ඉන්ද්‍රිය ආසාදනය නමැතිරෝගයක්ද මේ දිනවල පැතිර යමින් තිබෙන බවත් දීපාල් පෙරේරා ප්‍රකාශ කළේය .
දරුවන්ටද කොවිඩ් වැළඳීම වැඩිවන ප්‍රවණතාවයක් මතුවී ඇත්තේ විශේෂයෙන්ම මේ දිනවල පැතිර යන ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය නිසා විය හැකි යැයිද හෙතෙම අවධාරණය කළේය.
දරුවන් සිටින නිවෙස්වල වැඩිහිටියන් බාහිර සමාජයේ සිට වයිරසය නිවෙසට ගෙන නොඒමට වග බලා ගත යුතු බවද දරුවන් බාහිර සමාජය සමඟ මුහුවීමද හැකිතාක් දුරට වළක්වා ගත යුතු බවත් හෙතෙම පැවසුවේය.
කොවිඩ් ආසාදනය වූ දරුවන් දස දෙනෙකු පමණ මේ වනවිට මියගොස් ඇතැයිද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේය.
lankadeepa

ශ්‍රීලනිපය ප්‍රධාන පක්ෂයක් නෙවෙයි - සාගර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලනිපය යැයි සිතමින් වැරදි අර්ථකථන දෙන බවත් එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බව ඔවුන් මතක තබාගත යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.
ඒ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.
තම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කරුණු කාරණාවලට කිසියම් වූ අනුකූලතාවක් දැක්වීමට සන්ධානයේ අනිකුත් පක්ෂවලට සිදුවන බවද ඔහු අවධාරණය කර ඇත.
එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බයවී සිටීම හෝ යටත් වී සිටීමක් ලෙස නොදකින බවත් ඔහු පවසයි.

එජාපයට වුනදේ පොහොට්ටුවටත් ? විදුර
රට සහ ජනතාව ගැන සිතා කටයුතු නොකළහොත් ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අත් වූ ඉරණම ඉදිරියේදී ආණ්ඩුවටද අත්වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
ඔහු ඒ බව සඳහන් කර සිටියේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වන අතර මහ බැංකු බැදුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තවදුරටත් නිදැල්ලේ සිටීම ජනතාවට මෙන්ම තමන්ටද ප්‍රශ්නයක් බවත් පවසා ඇත.
අද ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් නොමැති බවත්, සියල්ල හිතවත්කම් මත, මුදල් මත තීන්දු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.
ගෝඨාභය රාජපක්ෂ පත් කර ගත්තේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීමට බවත්, මේ වනවිට සිදුවන යම් යමි සිදුවීම්වලින් තමන්ටද කුකුසක් මතුව ඇති බවත් ඔහු පවසා ඇත.

මෙරට කොවිඩ් අවදානම ගැන WHO අනතුරු අඟවයි
ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල වසංගත තත්වය යළිත් ඉහළ යමින් තිබෙන බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. විශේෂයෙන් වඩාත් වේගවත් ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවයි එම සංවිධානය පවසයි.
මේ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තය හේතුවෙන් පසුගිය සතියේ තුළ පමණක් ලොව පුරා රටවලින් කොවිඩ් -19 ආසාදිතයින් මිලියන 04ක් පමණ වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටේඩ්රෝස් ගේබ්රියේසස් සඳහන් කරයි.
එය පසුගිය සතියට සාපේක්ෂව 10% ක ඉහළ යාමකි.
මේ අනුව ඉදිරි සති දෙක තුළදී ගෝලීය කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය මිලියන 200 ඉක්මවා යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. තවද මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය මිලියන 198.5 ඉක්මවා තිබේ.

ආණ්ඩුවේ එන්නත් නිවේදනයෙන් ජනතාව අතරමං…
සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි විසින් ඊයේ (31) මාධ්‍ය වෙත ලබා දී තිබූ ප්‍රකාශය අනුව අද (01) දින බස්නාහිර පළාතේ ස්ථාන 20ක දී ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමට නියමිත නමුත් එම නිවේදනයේ සඳහන් ස්ථාන කිහිපයක් අදාළ එන්නත් කරණය සිදු නොකිරීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබේ.
මේ ආකාරයට එන්නත් ලබා දෙන බව සඳහන් කර තිබූ පිළියන්දල, මොරටුව දිස්ත්‍රික් රෝහල වෙත සහ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගිය ජනතාවට අද එම ස්ථානවලින් එන්නත් ලබා නොදීම හේතුවෙන් බොහෝ වේලාවක් පොලිම්වල රැඳී සිට ආපස් ගොස් ඇත.
=තවත් පිරිසක්ද කුමන හෝ වේලාවක එන්නත ලබා දෙනු ඇතැයි අපේක්ෂාවෙන් එම ස්ථානවල රැඳී සිටි ඇති බවද වාර්තා වේ.
lankatruth

තවත් කොරෝනා මරණ 61ක් වාර්තා වෙයි
මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 61ක් වාර්තා වී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(30) තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 25 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 36 දෙනා කාන්තාවන් වේ.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,441ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 19 දෙනෙකු සිටින අතර ඉතිරි 42 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය දිවයිනට
ජපානය කොවැක්ස් වැඩසටහන හරහා ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක් දිවයිනට ලැබී තිබේ.
මේ අතර ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයින්ට හෙට(01) කොළඹ, විහාරමහා දේවි උද්‍යානයේදීත්, අනිද්දා(02) බත්තරමුල්ල, දියත උයන සහ කොළඹ, විහාර මහා දේවී උද්‍යානයේදීත් දෙවන මාත්‍රාව ලබා ගැනීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසීය.
සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක් ස්ථානයක එන්නත ලබාදීමට නියමිත බව ද ඇය සඳහන් කළාය.
කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන...
මොරටුව රෝහල
අතුරුගිරිය රෝහල
නවගමුව රෝහල
පිළියන්දල රෝහල
අවිස්සාවේල්ල රෝහල
හෝමාගම රෝහල
කොස්ගම (සාලාව) රෝහල
තලංගම රෝහල
පාදුක්ක රෝහල
අංගොඩ රෝහල
මුල්ලේරියාව රෝහල
කළුබෝවිල රෝහල
බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

රට විවෘත කිරීමේ තීරණය වෙනස් විය හැකියි – වෛද්‍ය සුදර්ශනී
අගෝස්තු පළමුවනදා සිට රට විවෘත කිරීමේ තීරණය වෙනස් වීමේ හැකියාවක් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
ඒ අනුව පළාත් අතර සංචරණ සීමා ලිහිල් කිරීම හා රාජ්‍ය සේවකයින් සියලුම දෙනා සේවයට කැඳවීමේ තීරණවල වෙනස් වීමේ හැකියාවක් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි.
සතියක කාලයක සිට ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.
තත්ත්වය කෙසේ වුවද මේ වන විට හුදකලා කර තිබු සියලු ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර තිබෙන බවද යුද හමුදාපතිවරයා පැවසීය.
කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ රටේ ජනතාවගෙන් සහ රාජ්‍ය සේවකන්ගෙන් බහුතරයකට එන්නත් ලබා දී ඇති බැවින් ලබන 02 දා සිට රාජ්‍ය ආයතන සමස්ත කාර්යමණ්ඩලයම යොදවා රාජකාරි සිදු කරන බවය.

සරත්ගෙත් කෑලි ගලවයි !
වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය සරත් වීරසේකර යටතේ තිබූ ආයතන 2ක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන ඇත.
ඊට අදාලව නිකුත් කර ඇති ගැසට් නිවේදනය පහත දැක්වෙයි.
ඊට අනුව අමාත්‍ය සරත් වීරසේකර යටතේ තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්ය බළකා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයට පවරාගෙන තිබේ.
ඒ හේතුවෙන් මේ වන විට සරත් වීරසේකර ඇමතිට ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පමණි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම : සමුද්‍රජීවී මරණ ගැන අනාවරණයක් !
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් අනතුරුව ජූලි 30 දක්වා කැස්බෑවුන් 417 ඩොල්ෆින් 48ක් සහ තල්මසුන් 08 දෙනෙකුගේ මළ සිරුරු ගොඩගසා ඇති බව අනාවරණය වී තිබේ.
ඒ ජූලි 30 වනදා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් සිදුකල කරුණු දැක්වීම අනුවය.
මේ අනුව අදාළ දත්ත සැපයීම වනජීවී දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සපයා තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දී ඇත.
තවද මියගිය මුහුදු සත්වයින් ගේ මරණ පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ සතුන්ගේ මෘත ශරීර පිළිබඳව අදාළ අධිකරණවලට කරුණු වාර්තා කර ඒවා රජයේ රස පරීක්ෂකවරයා සහ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර වැඩිදුර විමර්ශන සිදුකරන බවය.
මේ අතර එම නෞකාව ආසන්නයේ තිබූ ජල සාම්පල ලබාගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර විමර්ශනයට ලක්කළ බවත් ඒ අනුව අදාළ ජල සාම්පලවල පෙට්‍රෝලියම් සංඝටක අඩංගුව තිබූ බව අනාවරණය වී තිබෙන බවත් ඔහු පවසා ඇත.

ජනාධිපතිගේ තවත් ප්‍රතිපත්තියක් රිවර්ස් !
මැතිවරණ පරාජිතයන්ට රජයේ තනතුරු නොදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙනතිබු තීරණයත් රිවර්ස්වී ඇති බව දැඩි ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි වාර්තා කරයි.
ඒ අනුව ලංකා සී නිව්ස් වාර්තා කර ඇත්තේ, පසුගිය මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ අනුර ප්‍රනාන්දුට සී බෑන්ක් සභාපති ධුරය ද අම්පාර දිස්ත්‍රික්කයෙන් තරග වැදී පරාජයට පත් වූ කීර්ති ශ්‍රී වීරසිංහ පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට ද පත්කර ඇති බවය.
ඇතැම් අමාත්‍ය වරුන්ට එවැනි පරාජිතයන්ට තනතුරු දීමට ඉඩ දී ඇත්නම් තමන්ටද එම ඉඩ ලබා දෙන ලෙස ඇමති වරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට සුදානමින් සිටින බවද එම පුවතේ සඳහන් වෙයි.

ගුරු වෘත්තීය සමිති නායකයන්ට මරණ තර්ජන (වීඩියෝ )
බල්ලෙක් මෙන් මහ මඟ මරාදමන බවට තමන්ට තර්ජන සිදුවෙමින් පවතින බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.
ඔහු මේ බව පවසන්නේ සමාජ මාධ්‍ය වෙත විශේෂ වීඩියෝවක් නිකුත් කරමින්ය.
අදාළ වීඩියෝව පහත දැක්වෙයි.

නිශ්ශංක සේනාපතිට යළිත් ඉස්සර බිස්නස් එක
නිශ්ශංක සේනාපතිට යළිත් සුපුරුදු ව්‍යාපාරය හිමිව ඇති බව වාර්තා වෙයි.
ඒ සමුද්‍රාරක්ෂක මෙහෙයුම් සඳහා සේවා සැපැයීමේ ව්‍යාපෘතිය පෙර තිබූ පරිදි නගා සිටුවා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යෑම සඳහා රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ගාඩ් සමාගමට පවරා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇති බැවිනි.
ජනාධිපතිවරයා එම නියෝගය කර තිබෙන්නේ, සමුද්‍රාරක්ෂක මෙහෙයුම් කටයුතු අධ්‍යයනයන් සඳහා ආරක්ෂක ලේකම්වරයා විසින් පත්කර ගන්නා ලද කමිටු වාර්තාවේ නිර්දේශ මත බවද වාර්තා වේ.
සියලුම විදේශීය ගිනි අවි ගබඩා කිරීම, ආරක්ෂාව සැපයීම, අවි නිකුත් කිරීම, මුහුදට රැගෙන යාම, නැවත ගොඩබිමට රැගෙනවිත් ගබඩා කිරීම හා නියාමනය කිරීම මේ අනුව ඇවන්ගාඩ් වෙත පවරා ඇත.
මේ සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් සංදේශයක්ද ඉදිරිපත්කොට ඇති බවත් දැනගන්නට ඇත.

අල්ලස් නඩු 8කින් සරණ නිදහස් කරයි
අල්ලස් කොමිසම විසින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ සරණ ගුණවර්ධනට එරෙහිව ගොනුකර තිබූ නඩු 08කින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුව නිදහස් කර තිබේ.
ඒ එම නඩු අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුව ගොනුකිරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස් වරු තිදෙනාගේ ලිඛිත විධානය ඉදිරිපත් වී නොමැති හෙයින් එය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් මතුවී තිබෙන බව දන්වා ඇත.
එහිදී සරණ ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් නිරෝෂන් සිරිවර්ධන අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ, එම නඩුව පවත්වාගෙන යාමට අපහසු නම් විත්තිකරු නිදහස් කරන ලෙසය.
ඒ අනුව අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 08කින් විත්තිකාර සරණ ගුණවර්ධන නිදහස් කරන ලෙස නියෝග කර තිබේ.
2007 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේ දී රජයට පාඩු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව එම නඩුව ගොනු කර තිබිණි.
Page 467 of 484