Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ප්‍රදීප් සෝමසිරිගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ ටී-46 කාණ්ඩයේ මීටර 1500 පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි සමත් වේ.

තරගාවලිය, ඉන්දියාවේ නවදිල්ලි හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි ටී-46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව්ව නිම කළේ මිනිත්තු 3 යි තත්පර 53 යි දශම 7 යි 7 කිනි.

මිනිත්තු 3 යි තත්පර 53 යි දශම 2 යි 6 කින් තරගය නිම කළ පැරා ධඡය යටතේ එක්ව සිටි ක්‍රීඩකයෙක් මෙහි රන් පදක්කම දිනාගනු ලැබීය.

රිදී පදක්කම හිමිකරගනු ලැබුවේ ප්‍රංශ ක්‍රීඩකයෙකු විසිනි.