පාසල් 350 කට වැඩි ප‍්‍රමාණයක පළමු ශ්‍රේණියට එක් ළමයෙක් හෝ ඇතුළත් නොවීම පිළිබඳව වහා අවධානය යොමු කළ යුතුව ඇති බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත්කරමින් ලංකා ගුරු සංගමය මේ බව සඳහන් කරන අතර එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.
2017 වසරේ අධ්‍යාපන අමත්‍යාංශ සංඛ්‍යාලේඛනවලට අනුව 1 ශ්‍රේණිය සඳහා දරුවන් ඇතුළත් නොවූ පාසල් සංඛ්‍යාව 433 කි. එසේම 1 ශ්‍රේණිය සඳහා එක් ළමයෙක් ඇතුළත් වූ පාසල් 137 කි. ළමුන් දෙදෙනෙක් ඇතුළත් වූ පාසල් 138 ක් බව අධ්‍යාපන අමාත්‍යාංශ සංඛ්‍යාලේඛනවල දැක්වේ. දැනගන්නට ඇති තොරතුරු අනුව 2019 වසරේද පාසල් 350 කට වැඩි ප‍්‍රමාණයකට කිසිදු ළමයෙකු ඇතුළත් වී නැත.
මෙම තත්වය තුළ මෙම පාසල් ස්වභාවිකවම වැසී යන තත්වයක් ඇති වන බව ඉතා පැහැදිලිය. මෙයට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ පාසලක සිටිය යුතු ගුරුවරු ප‍්‍රමාණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ 01/2016 චක‍්‍රලේඛය මගින් පාසලේ විෂයන් අනුව ගුරුවරු සංඛ්‍යාව තීරණය කිරීම වෙනුවට ළමුන් හා පන්ති සංඛ්‍යාව අනුව ගුරුවරු ලබාදීමයි. මේ තත්වය තුළ කුඩා පාසල්වලට ගුරුවරු ස්ථාන ගත නොකරන අතර, එය සීමා කිරීමෙන් පාසල් ගණනාවක ගුරුවරු නොමැතිවීම මත දෙමාපියන් දරුවන් ඇතුළත් කිරීම සිදු නොකරයි. එසේම ද්විතීයික පාසල් සංකල්පය පදනම කරගෙන ප‍්‍රාථමික හා ද්විතීයික පාසල් නිවැරදිව සිතියම් ගත කිරීමකින් තොරව වෙන් කිරීමෙන්ද මෙම පාසල් කඩා වැටීමට ලක් වී ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය ළඟම පාසල හොඳම පාසල වැනි ප‍්‍රචාරක ව්‍යාපෘති සිදු කළ ද පාසල් වැසීයාමේ තත්වයට නිවැරදි විසඳුමක් ලැබී නැති අතර, එය හුදු ප‍්‍රචාරක ව්‍යාපෘතියක් බවට පත් වී ඇත. මේ තත්වය දිගින් දිගටම වර්ධනය වුවහොත් අධ්‍යාපන පද්ධතියේ බරපතල විනාශයක් ඇතිවීම වැලැක්විය නොහැක. ළමයි 50 ට අඩු පාසල් 1486 ක් ද, ළමයි 100 ට අඩු පාසල් 1560 ක් ද පවතින බැවින් මෙම පාසල් දියුණු කිරීමට මානව හා භෞතික සම්පත් ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමකි.
රජයේ පාසල් සම්බන්ධයෙන් තත්වය මෙසේ උවත් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට ඉදිරිපත් කළ අංක 2018/ඊඞී/ඊ/19 අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් උපකෘත පාසල් 36 කට ශඛා පාසල් 05ක් සකස් කිරීමටත්, එම පාසල්වල ගුරු වැටුප් ලබාදීමටත්, තවත් පෞද්ගලික පාසල් 13 කට ගුරු වැටුප් ආධාර ලබාදීමටත් තීරණය කර ඇත. මේ තත්වයෙන් පැහැදිලි වන්නේ රජයේ පාසල් ස්වභාවික මරණයකට පත් කරමින් පෞද්ගලික පාසල් ප‍්‍රවර්ධනයට රජය දරණ උත්සායයි. ඉහත කැබිනට් පති‍්‍රකාව වහා අහෝසි කොට කුඩා පාසල්වලට ප‍්‍රමාණවත් ලෙස භෞතික හා මානව සම්පත් ලබාදී, කුඩා පාසල් වැසීයාමේ අවධානමින් මුදවා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
