V2025

පුවත්

නියඳගල වන අරණත් අවසන් !

මාතර දිස්ත්‍රික්කයේ, මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගම්මැදගම ග්‍රාම නිලධාරි වසමේ පිහිටි සුන්දර සහ ⁣⁣⁣ඓතිහාසික නියඳගල කන්ද අද වන විට විනාශ කර දැමීමේ උත්සාහයක් පවතී.

ඒ ප්‍රසිද්ධ සමාගමක් විසින් සිය දුරකතන සංඥා කුළුණු සවිකිරීමට දරන උත්සාහයත් සමගයි.

2021 අගෝස්තු 18 දුරකතන සංඥා කුළුණු ඉදිකිරීම සඳහා ආයතනයක් විසින් කිසිදු අවසරයකින් තොරව උත්සාහ දරන අවස්ථාවේදී අප සහ ගම්මු ඉදිරිපත්ව දක්වනු ලැබූ විරෝධය නිසා අදාළ දුරකතන සංඥා කුළුණ ඉදිකිරීම එම ආයතනය විසින් තාවකාලිකව නවතා දමන ලදී.

නැවතත් 2021 ඔක්තෝබර 02 එම දුරකතන සංඥා කුළුණ ඉදිකිරීම වෙනුවෙන් අදාළ සමාගම එම ස්ථානයට පැමිණ මැනුම් කටයුතු ආරම්භ කරන ලදී.

2022 ඔක්තෝබර් 18 අදාළ පුද්ගලික දුරකථන සංඥා කුළුණ ඉදිකිරීම වෙනුවෙන් එහි සේවකයන්, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් හා පොලීසිය පැමිණ අවශ්‍ය කටයුතු ආරම්භ කරන ලදී.

IMG 20221102 WA0021එහිදී ජනතාව මෙම කුළුණ ඉදිකිරීමට විරුද්ධ බව පැවසුවද, ප්‍රාදේශීය ලේකම්වරිය එයට සවන්දීමකින් තොරව දුරකතන සංඥා කුළුණ ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය ස්ථානය ද, එම දුරකතන කුළුණ ඉදිකිරීමට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් වනාන්තරය මැදින් කිලෝමීටර් එකක පමණ මාර්ගයක් ඉදිකිරීම වෙනුවෙන් ද එහිදී සාකච්ඡා කරන ලදී.

මුලටියන ප්‍රාදේශීය ලේකම්වරියගේ ක්‍රියාකලාපයත්, දුරකතන කුළුණ හිමි සමාගමේ ක්‍රියාකලාපයත් අපි දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙළා දකින්නෙමු.

එයට හේතුව, මෙම කුළුණ ඉදිකරන ප්‍රදේශයේ ස්වභාවික වනාන්තරය මෙන්ම සතා සිවුපාවාට උරුම ගහකොළ, මෙම කුළුණ සහ මාර්ගය ඉදිකිරීම නිසා විනාශ වී යෑමේ අවදානමක් පවතින නිසා ය.

නියඳගල වන වදුල අක්කර 14කින් යුතු අතර, ජල පෝෂක ප්‍රදේශයක් ලෙස ද ක්‍රියාත්මක වෙමින් උල්පත් රාශියක් මෙම කන්දෙන් ආරම්භ වී මුලටියන හා හඳුගල ප්‍රදේශයට කුඩා ජල දහරාවන් ලෙස ගලා යනු ලබයි.

ස්වභාවික ශාක, සත්ත්ව සංහතියක් පි⁣රිවරාගෙන සිටින මෙම හුදෙකලා කන්ද, "නියඳගල" යනුවෙන් හඳුන්වා ඇත්තේ මෙම ස්ථානයේ නියඳ (Sansevieria zeylanica) නම් ඖෂධ තිබෙන නිසා යැයි ජනප්‍රවාදයේ කියවේ.

අද වුවත් නියඳගල කන්ද තුළ නියඳ ඖෂධීය ශාකය සමග ඖෂධීය ශාක ගණනාවක් දැකගැනීමට හැකිය.

අංකෙන්ද (Acronychia pedunculata), කොබ්බෑ (Allophylus cobbe), අක්කපාන (Kalando Pinata)), ඉර මුසු (Hemidesmus indicus), කප්පර වල්ලිය (Cuban oregano), මුස්සැන්ද (Mussaenda frondosa), සඳුන්, දිවි කදුරු (Tabernaemontana dichotoma), කැකුණ (Canarium zeylanicum), කටුපිල (Flueggea leucopyrus), අහු (Morinda citrifolia), එල ඔලිඳ (Abrus melanospermus) වැනි ඖෂධීය ශාක ද, විශාල ශාක විවිධත්වයක් ද මෙම ප්‍රදේශයේ දක්නට ඇත.

අදටත්, අවට පාරම්පරික වෙදැදුරන් හා බොහෝ දුර ඈත වෙසෙන පාරම්පරික වෙදැදුරන් මෙන්ම ගම්වාසීන් ඖෂධ සොයා පැමිණෙන්නේ මෙම වනාන්තරයටයි.

ස්වභාවික සම්පත්වලට අමතරව ප්‍රදේශවාසීන් තමන්ගේ ආගමික කටයුතු සිදුකරන ආරණ්‍යය පිහිටා ඇත්තේ ද මෙම නියඳගල වනාන්තරය තුළ ය.

සුපුන් ශර්මා, ලිනා පර්හිර් විසින් පංජාබ් විශ්වවිද්‍යාලයේදී දුරකතන හා එහි තරංග මගින් සිදුවිය හැකි බලපෑම සම්බන්ධව සිදුකරන ලද, "Effect of Mobile Phone Radiation on Nodule Formation in the Leguminous Plants" පර්යේෂණයට අනුව ඔවුන් කියා සිටින්නේ දුරකතන සංඥා තරංග මගින් කායික විද්‍යාත්මක හා රසායන විද්‍යාත්මක බලපෑමක් ශාකවලට සිදුවිය හැකි බවයි.

උපුටා දැක්වීම :

"Trigonella foenumgraecum (Fenugreek). It was observed that the radiations emitted from mobile phone show considerable increase in the germination percentage, seedling length, proteins, lipid and Guaiacol content in comparison to control seeds. Different exposure time treatments were taken for the study as ½ hour, 1 hour, 2 hour, 4 hour and 8 hour. The biochemical parameter increases with increase in the radiation exposure. The study concluded that radiations emitted from mobile phone interfere with both morphological and the biochemical processes and affect the growth and nodule formation in the plants"

මේ අනුව වනාන්තර තුළ දුරකතන කුළුණු ඉදිකිරීම එම වනාන්තර තුළ වෙසෙන සත්ත්ව හා ශාක ප්‍රජාවට අහිතකර බලපෑම් ගෙන එන බවට තහවුරු වී ඇත.

එමෙන්ම ඉහත දුරකතන කුළුණ ඉදිකිරීමට උත්සාහ කරන සීමාවේ ජනතාව ජීවත් වන ප්‍රදේශයක් ද ඇත.

එම නිසා ජනතාවටත්, පරිසරයටත් විශාල බලපෑමක් එල්ල කළ හැකි බැවින් මෙම දුරකතන කුළුණ මෙම ප්‍රදේශයේ ඉදිකිරීමට ප්‍රාදේශීය ලේකම්වරිය අවසර ලබානොදිය යුතුයැයි අපි අවධාරණය කරමු.

 රවීන්ද්‍ර කාරියවසම්

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය (CENS)

IMG 20221102 WA0022

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ගැටලු විසඳීමට : ජනාධිපති ලේකම්ගෙන් උපදෙස් !

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ගැටලු සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් අද (02) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ වැටුප, විශ්‍රාම වැටුප, උසස්වීම් පටිපාටිය සහ ස්ථීර පත්වීම් ලබාදීම ඇතුළු ඔවුන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ යෝජනා රැසක් ද ඉදිරිපත් කෙරිණි.

මෙම ගැටලු පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් ඒවා විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ඇතුළු සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නෙළුම් මාවතේ මුහුණු වෙනසක් !

බැසිල් ළඟ ලඟම එනවයි කියන කතාවත් එක්ක, ඔන්න ආයෙත් පොහොට්ටු පක්ෂයේ , නෙලුම් මාවත ඔෆිස් එකෙන්, බැසිල්ගේ මුණ පේන්න පටන් අරන්..

පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමු තියන වෙලාවට, පසුතල ඩිජිටල් පුවරුවේ රාජපක්ෂවරුන්ගේ මුණු කරකැවී කරකැවී , ඩිස්ප්ලේ වීම ගැන, පසුගිය කලේ ලොකු කතාබහක් තිබුනා.

ආරම්භයේදී එහි මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ, ගෝඨාභය රාජපක්ෂ කියන, පවුලේ සහෝදරයෝ තුන්දෙනාගේම මුහුණු දර්ශනය වුනා.

අරගලයෙන් පස්සේ, ගෝඨා පළායාමත් එක්ක, එහි ‌රාජපක්ෂවරුන් සියලු දෙනාගේම මුහුණු ප්‍රදර්ශනය කිරීම, අත්හිටුවා තිබුනා.

ඒ වෙනුවට පොහොට්ටු ලාංජනය විතරක්, කරකැවී කරකැවී ඩිස්ප්ලේ වුනා.

ඒ කතාව මිඩියාවලින් හෙලිකලාට පස්සේ, පසුගිය සතියේ ඉඳන් නැවත වතාවක්, මහින්ද රාජපක්ෂ ගේ මුහණ පේන්න පටන් අරන්..

ඔන්න ඊයේ ආයෙත් , බැසිල් ගේ මුහුණත් පේන්න පටන් අරන්..

ඒ කියන්නේ මේවෙනකොට අයින්කරලා තියෙන්නේ , ගෝඨාගේ මුණ විතරයි..

- දේශපාලන වාර්තාකරු

තිළිණිගේ බිස්නස් : සිරිසුමන රිමයින්ඩ් !

තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විසින් ව්‍යාපාරිකයකුට රුපියල් මිලියන 750 ක් වංචා කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (02) නියෝග කළේය .

මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් නොමැතිවීම හේතුවෙන් සැකකාර හිමිනම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

පාස්කු නඩුවෙන් රිෂාඩ් මුදා හැරේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන්ට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටි රිෂාඩ් බදියුදීන් නීතිපති උපදෙස් මත එම නඩුවෙන් මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (නොවැ. 2) නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, සැකකරු සම්බන්ධයෙන් චෝදනා තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා විසින් දෙන ලද උපදෙස් මත මෙලෙස සැකකරු සියලු චෝදනාවලින් මුදා හැරීමට ය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් අප්‍රේල් මස 21 වන දා අත්අඩංගුවට ගෙන තිබිණි.

රට ධනවත් කරන ජේ.ආර්. දැක්ම ඉදිරියට ගෙන යා හැකි වත්මන් නායකයා ජනපති රනිල් !

පුළුල් දැක්මක් ඇති නායකයෙක් වූ දිවංගත ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන් තරුණ අවධියේදී රටේ රාජ්‍ය නායකත්වයට පත්වූවා නම් ශ්‍රී ලංකාව අද ධනවත් රාජ්‍යයක් බවත්, එවන් කාර්යයක් වර්තමානයේ ඉටුකළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ පවසති.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ලේ නෑකම ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ශක්තිය ඇති බව පැවසූ උන්වහන්සේ මොවුන් දේශපාලනයෙන් කිසිවක් උපයා නොගත් අතර තම දේපළ පවා ජනතාව වෙනුවෙන් කැප කළ නායකයින් බවත් එදා නිසි නායකත්වය හඳුනා නොගැනීම හේතුවෙන් රටට අද මෙවන් අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බවත් පැවසූහ.
පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති දිවංගත ජේ. ආර් ජයවර්ධන මහතාගේ 26 වන ගුණානුස්මරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේ අද (01) පැවති සංඝගත දක්ෂිණාවේදී විශේෂ අනුශාසනාවක් සිදු කරමිනි.
මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීමට ද ජනාධිපතිවරයා එක් විය.

මෙහිදී වැඩිදුරටත් අනුශාසනාව සිදු කළ පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ,

ජීවත්ව සිටින සමයේ මිනිසුන්ගේ වටිනාකම බොහෝ දෙනාට තේරෙන්නෙ නැහැ. බුදුන්වහන්සේ මෙන්ම අනෙකුත් ශාස්තෘන් වහන්සේලා ජිවමානව සිටින සමයේ වටිනාකම දැනුනේ නැහැ. ඒ වගේම තමයි ජේ. ආර් ජයවර්ධන ශ්‍රීමතාණන් ජීවත් වෙලා ඉන්න සමයේ එතුමාගේ වටිනාකමක් තේරුණේ නෑ. ලංකාවේ සෑම රාජ්‍ය නායකයෙකුගේම ප්‍රතිමා හැදුවා. නමුත් ජේ. ආර් ජයවර්ධන මහතාගේ ප්‍රතිමාවක් හැදුවෙ නෑ.

අද අවුරුදු විසි හයක් ගත වෙලත් ජනාධිපතිවරයා ඇතුළු එම පවුලේ සියලු දෙනාම එකතුවෙලා මේ දානමය පිංකම සිදු කරනවා .මේ පවුලේ කෘතවේදී ගුණය ඉන් පෙන්නුම් කරනවා.

මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ බස්නාහිර පළාතේ නව තොටමුන උප ප්‍රධාන සංඝනායක තිඹිරිගස්යායේ අශෝකාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ගැටහැත්තේ සෝභිත ස්වාමීන් වහන්සේ,
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වන ජේ. ආර් ජයවර්ධන මහතාගේ ගුණ අනුස්මරණය සෑම වර්ෂයකම සිදුකරනු ලබනවා. ජයවර්ධන ශ්‍රීමතාණන් කියන්නේ ආණ්ඩු පක්ෂයේ සිටියත්, විපක්ෂයේ සිටියත්, රාජ්‍ය නායකයා වෙලා සිටියත් එක ලෙස මනුස්සකම් වලින් පිරුණු නායකයෙක්.

එතුමා ලෝක සාම සමුළුවේදී “නහී වේරේන වේරානී" යන බුද්ධ වචනයෙන් ලොවම සුවපත් කළා. ඒ නිසාම ලංකාවට ජයවර්ධනපුර රෝහල, රූපවාහිනී සංස්ථාව වැනි ආයතන ගොඩනැගීමට ආධාර ලැබුණා. මෙවා ණය නොවෙයි. දේශපාලනය කරලා ගත්ත ඒවා නොවෙයි ලෝකයට සාමය පතුරලා සමගි කරලා ලැබුණු ආධාර යි.

එතුමා ලෝකයට ප්‍රකාශ කළ බුද්ධ වචනයේ වටිනාකම අද අපේ රටට වැඩියෙන්ම දැනෙනවා. අපේ රට අද විශාල අර්බුදයක තිබෙන වෙලාවක සියලු දෙනා වෛරයෙන් තොරව සමගිව රැස් වෙලා අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කළ යුතුයි. ජේ.ආර් ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ වටිනාකම එදාට වැඩියෙන් අද දැනෙන්නෙ අන්න ඒ නිසයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, යදාමිණී ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=3240#sigProIdce210d5627

වෙන්න ආර්‍යාවන් අතර සැබෑ ආර්‍යාවක් !

ජනාධිපති රනිල් ගැන ඔය මොනතරම් විවේචන තිබුනත්, රනිල් උන්නැහේගේ නෝනා මහත්තයට නම්, හැමෝගෙම වගේ තියෙන්නේ රෙස්පෙක්ට් එකක්.

මෛත්‍රී ගැන මේ වගේ කතා කියන්න පවා අනවශ්‍යයි.. නමුත් වෙන්න ආර්යාවෝ ගොඩක් අතර, මේ වගේ අයත් ඉන්න බව මතක් කිරීම අවශ්‍යයි කියල චින්තන ධර්මදාස එයාගේ FB එකේ සටහනක් දාලා තියනවා.

එහෙම සටහනක් දාලා තියන්නේ, ජනාධිපති ආර්යාවගේ යාපනේ සංචාරේ ගැන ශෝෂල් මිඩියා එකේ තිබිච්ච සටහනකට.

පසුගිය දවසක යාපනය විශ්ව විද්‍යාලයේ නිබන්ධන එළිදැක්වීමේ උත්සවයක් ( Symposium ) තිබුනා. එකේ ප්‍රධාන අරාධිතයා වගේම, දේශකයා උනේ ජේෂ්ඨ මහාචාර්‍යය මෛත්‍රී වික්‍රමසිංහ. එනම් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිඳ. එහෙමත් නැත්තම් ජනාධිපති ආර්‍යාව.

කවුරුත් සුදානමින් හිටියේ , රජයේ හෙලිකොප්ටරයකින් යාපනය නගරයට පැමිණ, එතැන් පටන් රථ පෙලපාලියකින් යාපනය විශ්ව විද්‍යාලයට පැමිණෙන ජනාධිපති ආර්‍යාව පිළිගන්න. මොකද සාමාන්‍යයෙන් පසුගිය කලේ අපේ රටේ ජනාධිපති ආර්‍යාවන් හැසිරුනේ එහෙම.

නමුත් කවුරුත් පුදුමයට පත් කරමින් යාපනය විශ්ව විදාලයට ඇය පැමිණියේ කොළඹ සිට යාපනය දක්වා දුම්රියේ සාමාන්‍යය ආකාරයෙන් .. කිසිදු විශේෂ අවධානයක් නොගත් ඇය සාමාන්‍යය පරිදි එම අවස්ථාවට සහබාගී වුනා.

එසේම තමන් පැමිණි කාර්‍යයන් අවසන් කල මෛත්‍රී මැතිණිය නැවත යාපනයේ සිට කොළඹට පැමිණියේත් දුම්රියෙන් ..

ඇත්තටම මේ ගැන මෙහෙම කියන්නත් අවශ්‍ය නැ .. නමුත් අපි ඉල්ලා සිටි, පෙර අප හුරුව සිටි ජරාජීර්ණ ඒ ගඳගහන ක්‍රමයෙන් එළියට එන්න ඉහළින් සමාජ ආදර්ශ ගොඩනැමින් තියනවා.. ජනතාව ලෙස අපි ඒ ආදර්ශ පිළිගැනීමට කෙතරම් දුරට සූදානම්ද යන්න දැන් අප සිතිය යුතුයි..''

ඔය කතාව ලියල තිබුනේ පණ්ඩුල පද්මනාත්..

FB IMG 1667311489627

FB IMG 1667311499225

FB IMG 1667311501934

FB IMG 1667311505502

නොවැම්බර් 02 විරෝධයට : ජවිපෙ නෑ !

නොවැම්බර් 02 පැවැත්වෙන බව කියන පා ගමන කුමන අදහසකින් කාගේ වුවමනාවට කරන ලද්දක්දැයි කිසිදු අදහසක් නොමැති බවත් ඊට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඔහු පැවැසුවේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය රටපුරා ජනතාව අමතමින් රට දිනවීමට සාර්ථක වැඩපිළිවෙළක් සිදු කරගෙන යන බවත් ජනතාව සමඟ එක්ව මර්දනය පරාජය කිරීමට කටයුතු කරන බවත්ය.

“රටේ විවිධ උද්ඝෝෂණ තිබෙනවා. බඩගිනි උද්ඝෝෂණ තියෙනවා. බඩු මිල වැඩිවීමට එරෙහි උද්ඝෝෂණ තියෙනවා. එක එක උද්ඝෝෂණ තියෙනවා. හෙටත් උද්ඝෝෂණයක් තියෙනවා කියනවා. ඔය කියන උද්ඝෝෂණ ගැන අපිට අදහසක් නෑ. මොකට කවුරු විසින් කරනවද කියලා අදහසක් නෑ. අපේ ඊට කිසිම සම්බන්ධයකුත් නෑ.

අපි රටපුරා ජනතාව සාර්ථකව සම්බන්ධ කරගෙන උද්ඝෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මර්දනය පරාජය කිරීමට අප ජනතාව සමඟ කටයුතු කරනවා. විශේෂයෙන්ම මර්දනය නවත්තන්න කියා අපි පාලකයන්ගෙන් ඉල්ලන්න යන්නෙ නෑ. පාලකයෝ ඒක කරන්නෙත් නෑ. ඒ නිසා අපි ජනතාව එක්ක එකතු වෙලා රට දිනවන්න කටයුතු කරනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කරන්න : කැබිනට් අනුමැතිය !

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කළ යුතු ක්‍රමවේදය පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යභාරය මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ස්ථාපනය කර ඇති රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් තෝරාගනු ලබන අයෝජකයන්ට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් සහ ආයතනයේ කළමනාකරණය භාර දීම මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම යෝග්‍ය බව හඳුනා ගෙන ඇත.

ඒ අනුව, වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ‍සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

පොහොට්ටුවෙන් චන්නට ලිවර් පන්ච් එකක් !

ඕන රටේ නායකයා ටයිටනික් නැව ගැන කතාවක් කියලා ..

'' මං ටයිටැනික් නැව බාර ගත්තේ අයිස් කුට්ටියේ වැදුනට පස්සේ ’’ ජනාධිපති රනිල් එහෙම කියල තියන්නේ, බත්තරමුල්ල වෝල්ටර්ස්ස් ඒජ් හෝටලයේ තිබුන, ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී.

ශ්‍රී ලංකාව නැමති ටයිටැනික් නෞකාව ගැටුණු හිම කන්දෙන් ඉවතට ගන්න, තමා උපරිම උත්සාහ ගන්නවා කියල රනිල් එතනදී කියල.

තමා ටයිටැනික් නෞකාව බාරගෙන තිබෙන්නේ, එය අයිස් කුට්ටියේ ගැටීමෙන් අනතුරුව බව කියල තියන, ජනාධිපතිවරයා , දෙසැම්බර් මාසේ මැද විතර වෙනකොට, IMF යන්න පුළුවන් වුනොත් වාසි සහගත තත්ත්වයක් උදාකර ගන්න පුළුවන් කියලත් කියල තියනවා..

ඒ කියන්නේ රට තාමත් තියෙන්නේ , අවධානම් කලාපේ කියන එක..

ජනාධිපති එහෙම කියද්දේ, පොහොට්ටු පක්ෂයේ වැඩබලන ජාතික සංවිධායක තුමා නම් කියන්නේ , රටේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන්න, ජනාධිපති රනිල් වික්‍රමසිංහට පක්ෂයක් විදියට පුර්ණ සහයෝගය ලබා දෙනවා කියල..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහෙම කතාවක් කියල තිබුනේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළාවැව ආසනයේ, පොහොට්ටු පක්සේ ක්‍රියාකාරී හමුවක දී..

පොහොට්ටුවට වැරදුණු තැන් ගැන නාමල් මෙතනදී කියල තිබුනා.

පූර්ණ බලය තිබුන වෙලාවේ පොහොට්ටුවේ ලොක්කන්ට සිය පාක්ෂිකයා අමතක වූනා කියල තමයි නාමල් කියල තියන්නේ.

මාමයි - බැණයි කිය කියා , ජෙප්පෝ රනිල්ටයි , නාමල්ටයි එලව එලව ගහද්දී ත්, රනිල් වෙනුවෙන් දැන් නාමල් ප්‍රසිද්ධියේම පෙනී ඉන්නේ, ඊළඟ ජනාධිපතිවරනේදී පොහොට්ටුවේ සහය රනිල්ට දීලා, 2030 දී නාමල්ට UNP සහය ගන්න වෙන්න ඇති කියල, සමහර සෝෂල් මිඩියා කට්ටිය කියනවා..

දැන් ඔහොම කිව්වට මොකද , ඉර හද පවතිනතුරු බලයේ ඉන්න තමයි ලු රාජපක්ෂවරුන් ප්ලෑන් ගහල තිබුණයි කියන්නේ..

ඒ කතා මොනවා වුනත්, හිටපු ජනාධිපතිවරයා විනාශ වුණේ, වියතුන් දුන් උපදෙස් නිසා කියල, නාමල් කියපු කතාවකට, ආණ්ඩුවෙන් වෙන්වෙලා ඉන්න, චන්න ජයසුමන කන කිස් කන උත්තරයක් ‌දීල ..

''ගෝඨා කෙළවගත්තේ නාමල්ලා කියන විදිහට වැඩ කරන්න ගිහිල්ලා! අද රටට මේ ‌විනාසේ වෙලා තියෙන්නේ නාමල්ලා දීපු උපදෙස් නිසා..'' කියලා , මහාචාර්ය චන්න ජයසුමන මන්ත්‍රීතුමා කියනවා ..

''ගෝඨාභයට පමණක් නෙමෙයි රටටම මේ විනාශය සිදුවූයේ නාමල්ලා ගෝඨාට දුන් උපදෙස් නීසා'' චන්න කියනවා .

චන්න ගැහුවේ නාමල්ට වුනාට මොකද, රිදිලා තියෙන්නේ නාමල්ගේ ගෝලයන් සෙට් එකට..

'චන්න මේවට උත්තර දෙන්න ! - කියල නාමල්ගේ ගෝලයෝ ශෝෂල් මීඩියා එකේ, එක දිගට ප්‍රශ්න කරනවා.

වත්මන් රුසියානු තානාපතිනී, මහාචාර්ය ජනිතා ලියනගේ, රජරට වකුගඩු රෝගය පිලිබදව, එහි භූගත ජලය ආශ්‍රිතව කල පරීක්ශණයේදී, රසායනික පොහොර හා භූගත ජලය අතර වකුගඩු රෝගීකාරක නැති බව, සනාථ කරල තියෙද්දී, එහි දත්ත විකෘති කරලා, (ජනිතා නම් කියන්නේ ඩේටා ඉස්සුවා කියලා) රතන සාදුත් එක්ක, ප්‍රෙස් එකක් තියලා බොරු රසායනික පොහොර භීතිකාවක් මැව්වේ නාමල් කියලද?

ඔයාගේ ඔය බොරු සොයා ගැනීම මත, කාබනික පොහොර මරණ දණ්ඩනය ගෝඨට උරුම කරේ නාමල් කියලද? අපි අහල තියන විදියට කාබනික පොහොර ලණුවට, නාමල් දැඩිව විරුද්ධ වෙච්ච කෙනෙක්.

ඒ වගේම, චන්න උන්නැහේ රාජ්‍ය ඇමති විදියට, කලාපීය රටවල් වලට සාපේක්ශව වැඩි මිලකට රුසියානු කොවිඩ් එන්නත මිලදී ගන්න හදද්දි, නාමල් කැබිනට් එකේදි විරුද්ධ වෙලා තියනවා. ඒකෙ ආරෝව පිරිමහ ගන්නද මේ හදන්නෙ.

මේ මහා වංචාව ගැන, ඔසුසල සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන , එයා නම් විභාග පාස් කරපු ඇත්ත දොස්තර කෙනෙක්, ගෝඨා ජනාධිපතිට පැමිණිලි කරන තුරු, චන්නගේ ලණු නම් එතුමා හොදට අනුභව කරා. ඒ ලණු එතුමා වැමෑරුවේ ලොකු රෝප්ස් විදියට කියලා 69 ලක්ෂෙ ඔලුවෙ අත තියන් බැලුවේ.

අයින්ස්ටයින් හිටපු ඇමරිකාව ඔයාව ශත වර්ශයේ විද්‍යාවේදියෙක් කියලා ලිස්ට් කරේ, ඔයා කොවිඩ් එන්නත් වැඩි මිලට ගන්න කටයුතු කල නිසා, ඒකට කෘතගුණ සැලකීමකට නම් ඒක ෆෙයා.

ඉතින් වීදුරු ගෙදරක ඉදන් , අමු හෙලුවෙන් ගල් ගහන්න හදන චන්නට, අපිට කියන්න තියෙන්නෙ , ඔයා මොන වගේ බෲටස් කෙනෙක්ද කියලා අහගන්න, හොදම කෙනා තමයි ගෙවිදු කුමාරතුංග. මේ කතාව වගේම තවත් ඔයා ගැන රස කතා ගොඩක් , එයා තමයි අපිටත් කිව්වේ. මේ වගේ හොරු එක්ක "නිදහස" හොයන මෝඩයෝ ගැනයි අපිට දුක. '' නාමල්ගේ කට්ටිය චන්නට ඇටෑක් එක දෙන්නේ එහෙම ...

වැඩේ නම් නැගලම යනවා වගේ ..

තව තව සෙල්ලන් එළිවෙන ජාමෙට වගේ නේද ....

දේශපාලන වාර්තාකරු

තිළිණිගේ බිස්නස් : බොරැල්ලේ සිරිසුමනත් අත්අඩංගුවට !

තිළිණි ප්‍රියමාලි සමඟ සිදු කල මුල්‍ය ගණුදෙනුවලට සම්බන්ධයෙන්, ප්‍රසිද්ධ හිමි නමක් වන බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ මුල්‍ය ගණුදෙනු සම්බන්ධව සිදුකරණු ලබන විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරුවලට අදාළව බොරැල්ලේ සිරිසුමන හිමි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

තරුණ ප්‍රජාව රාජ්‍ය පාලනයට : ජනපතිගේ ප්‍රතිපත්තියට  කිරීමට මන්ත්‍රී දොලවත්තගෙන් යෝජනාවක් !

රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කෙරෙන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත  විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (31) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ 262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කර ඇති තම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් “ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමය" වඩාත් ශක්තිමත් කිරීම සඳහා මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් සලසා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියට ව්‍යවස්ථාමය අගයක් එක් කරන බවය.

පළාත් පාලන මැතිවරණයන්හි පළමු සහ දෙවන නාම යෝජනා ලැයිස්තුවල අවම වශයෙන් 25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම කෙටුම්පතෙහි ඇතුළත් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

1990 තරුණ අසහනය පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද විශේෂ කොමිසමේ නිර්දේශවලට අනුව තරුණයන් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමයන්හි දී වැඩි අවස්ථා ප්‍රමාණයක් සහතික කිරීමේ වැදගත්කම ඉස්මතු කර තිබු බවත්, 1990 දී පළාත් පාලන ආඥා පනතට සංශෝධනයක් එක්කරමින් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන නාම යෝජනා ලැයිස්තු සකස් කිරීමේදී 40%ක අවස්ථා ප්‍රමාණයක් තහවුරු කිරීමට ප්‍රතිපාදන හඳුන්වා දෙනු ලැබුවේ ඒ අනුව බවත් දොලවත්ත  සඳහන් කළේය.

එහෙත් පසුකාලීනව පළාත් පාලන ආයතනවල 25%ක කාන්තා නියෝජනය තහවුරු කරමින් සාධනීය පියවරක් ගනු ලැබුවත් ඊට අදාළ සංශෝධනයේ දී තරුණ නියෝජනය අනිවාර්ය කිරීමේ කොන්දේසිය ගිලිහී ගිය බව පෙන්වාදුන් ප්‍රේමනාත් සී.දොලවත්ත මන්ත්‍රීවරයා එම අවස්ථාව නැවත තරුණ ප්‍රජාවට හිමිකර දෙමින් රටේ අනාගත ජීවනාලිය බඳු තරුණ ප්‍රජාව තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා සක්‍රීයව දායක කර ගැනීමටත් තම යෝජනාව ඉවහල් වනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ "262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත" 2022 ඔක්තෝබර් 14 ගැසට් පත්‍රයේ පළකර තිබේ.

ආණ්ඩුව නාවන්න සූදානම් - ඩලස්

ලොව අපිරිසිදුම පුද්ගලයා ලෙස හඳුන්වන ඉරානය පුරවැසි අමෝව් හාජිව, ජනතාව විසින් බලහත්කාරයෙන් නැවුවා'සේ, අපිරිසිදු ආණ්ඩුව නෑවීමට විපක්ෂ බලවේගය සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ "නිදහස ජනතාව" සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඊයේ (30) එක්වෙමිනි.

මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා එම ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවද ඔහු අවධාරණය කර සිටියි.

විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ මතුවූ තාක්ෂණික කාරණා පදනම් කරගනිමින්, මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඉවත් කිරීමට ආණ්ඩුව සුදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.

"මැතිවරණ කල් දැමීම පිළිබඳව අපි දිගින් දිගටම කතා කරනවා, දැන් මොකද්ද ආණ්ඩුව කරන්න හදන්නේ, පලාත් පාලන මැතිවරණ ක්‍රියාන්විතය නිල වශයෙන් සැප්තැම්බර් විසි වෙනිදා ආරම්භ වුණා.

එතෙක් නිහඬව හිටපු රාජ්‍ය නායකයා , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටි ගමන් නින්දෙන් ඇහැරිලා වගේ ප්‍රකාශයක් කළා. ''මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. මැතිවරණ ක්‍රමය නොයෙක් අඩුපාඩු තියෙනවා, අට දහ වැඩි 4000 ට අඩු කරන්න ඕනෑ ....''

ඒ වගේ සාධනීය ලක්ෂණ තියෙනවා ඒවා නරක දේවල් නෙවෙයි. නමුත් නිල වශයෙන් මැතිවණ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ වුනායින් පස්සේ කරන්න හදන්නේ කුමක්ද?

දේශගුණ සමුළුවට පස්සේ : සජබ කාලගුණයේ වෙනසක් !

ජනාධිපති වුනාට පස්සේ, ජාත්‍යන්තර අවමගුල් දෙකකට බ්‍රිතාන්‍යයට සහ ජපානෙට ගිය, ජනාධිපති රනිල් , ඔන්න COP27 දේශගුණික සමුළුවට සහභාගී වෙන්න මේ සතියේ, ඊජිප්තුවට යන්නයි හදන්නේ..

ආරංචියේ හැටියට සෙනසුරාදා (5) ඉඳලා, නොවැම්බර් 9 වැනි බදාදා දක්වා, ජනාධිපතිවරයා ඊජිප්තුවේ සංචාරයට දින යොදාගෙන.

මේ සංචාරයට, සාගල රත්නායක යන්නේ නැති ලු.. ඒ වෙනුවට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, රුවන් විජේවර්ධන යන කතාවක් තමයි තියන්නේ..

ජනාධිපති ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ , ජනාධිපති සමඟ මෙම සංචාරයට එක්වීමට නියමිතයි ලු..

ජනාධිපති රනිල් ඊජිප්තුවට ගිහින් ආපු ගමන් , සජබේ ලොක්කෝ දෙතුන් දෙනෙක්, ආණ්ඩුවට එකතුකර ගන්න, මේ දවස්වල රහස් සාකච්ජා කීපයක්ම තියල කියලත් ආරංචියි.

දේශපාලන වාර්තාකරු

2023 දී අධ්‍යාපනයේ පරිවර්තනයක් !

ලෝක කොවිඩ් ව්‍යසනයෙන් පසු අධ්‍යාපනයේ පරිවර්තනයකට ගමන් කළ යුතු වූ යුනෙස්කෝ සම්මුතීන්වලට අදාළ වන පරිදි 2023 වර්ෂයේ සිට මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනමින් අධ්‍යාපන පරිවර්තනයක් දක්වා පුළුල් කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පොලිමත් සරසවියේ (Polymath ) පෙරපාසල් ගුරු පුහුණුව හා සූපවේදී පාඨමාලාව අවසන් කළ ඩිප්ලෝමාධාරීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

කොටස් හයකින් සමන්විත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියේ මුල් ම අදියර වන පරිපාලන අධ්‍යාපන වෙනස්කම් ලබන වසරේ සිට ම ආරම්භ කරන බවත් ඒ අනුව ඉදිරියේ දී දැනට තිබෙන කලාප කාර්යාල 100 – 120 දක්වා වැඩි කර ඒ යටතේ තිබෙන කොට්ඨාස 550ට අදාළ ව පාසල් මණ්ඩල(School Board) 550ක් ස්ථාපනය කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සංචාරක හා සත්කාරක සේවා කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් හා පොලිමත් සමූහයේ සභාපති උපාලි ගුණසේකර යන මහත්වරු සහභාගි වි සිටියහ.

– මාධ්‍ය ඒකකය

තේ කර්මාන්තය නංවන්න විධිමත් සැලැස්මක් - ජනාධිපති

කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බවත්, අපනයන ආර්ථිකයක් කරා යන ගමනේ දී එය ඉතා වැදගත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අතීතයේදී මෙරට තේ කර්මාන්තයේ පැවති සශ්‍රිකත්වය යළිත් උදා කර ගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

අද තේ කර්මාන්තය පිළිබඳ ඔබේ සභාපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවට මම සවන් දුන්නා. ඔහු කනගාටුදායක කතාවක් ඉදිරිපත් කළා. මේ වන විට අපේ රට මුහුණදී සිටින තත්ත්වය දෙස බැලීමේදී අපට එය අවබෝධ කරගත හැකියි. දැන් මගේ කණගාටුදායක කතාව ඉදිරිපත් කිරීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මොකද මම ටයිටැනික් නෞකාව භාරගෙන තිබෙන්නේ අයිස් කුට්ටියේ ගැටීමෙන් අනතුරුවයි. ඒ නිසා ඔබට සිතා ගත හැකි මම කොතැනින්ද ආරම්භ කළ යුත්තේ කියා. හැම දෙයක්ම අගාධයට වැටිලයි තිබුණේ. අපි බංකොලොත් බව ප්‍රකාශයට පත් කළා.

අපිට දැන් මොනවද කරන්න තිබෙන්නේ. පළමුව අනෙකුත් අපහසුතා තිබියදී ජනතාවට ප්‍රමාණවත් තරම් ආහාර තිබේද යන්න පිළිබඳව අපි සහතික විය යුතුව තිබෙනවා. අප විසින් ප්‍රකාශ කරන ලද මෙම බංකොලොත්භාවය සමඟත් අපේ ආර්ථිකය නතරවීමක් සිදුව තිබෙන අතර එහිදී උද්ධමනය, බංකොලොත් භාවය මේ සෑම දෙයක්ම අපගේ ආර්ථිකයට සිදුව තිබෙනවා.

අපි කොහොමද නැවත අපේ ආර්ථිකය ගොඩනඟන්නේ. මම සිතුවා ඒ වෙනුවෙන් අපි දැන් සිදුකරමින් සිටින ක්‍රියාවලිය ඔබට පැහැදලි කිරීමට. ප්‍රථමයෙන්ම අප කළ යුතු වන්නේ විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමයි. එහිදී ආනයන සීමා කළ යුතුයි. එමගින් අපිට ඉන්ධන, පොහොර සහ ඖෂධ මිලදී ගත හැකියි.

මුලදී මෙම ක්‍රියාවලිය සාර්ථක නොවුණත් එහි යහපත් තත්ත්වයක් දැන් දක්නට ලැබෙනවා. අපේ ආදායම අඩුවී ඇති නිසා අපේ බිල්පත් ගෙවීම සහ අනෙක් අවශ්‍යතා සපුරා ගැනීම අපහසු වී තිබෙනවා. අපි කරුණු දෙකක් මතක තබා ගත යුතුයි. මිලියන 1.7ක් වන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සහ ලබාගෙන ඇති ණය ගෙවීම් සිදු කිරීම. එය මතක තබාගෙනයි අපි කටයුතු කළ යුතු වන්නේ.

අපි දැන් බංකොලොත් බව ප්‍රකාශ කර ඇති බැවින් අපේ පළමු කටයුත්ත විය යුත්තේ මෙම බංකොලොත් ලේබලය ගලවා දැමීමට ප්‍රමාණවත් පියවර ගැනීමයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට සිදු වෙනවා. සෑම රටක්ම, සෑම ආයතනයක්ම අපිට දන්වා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් යම් සැලැස්මක් සකස් කර ගන්නා ලෙසයි. අපට 2019 වසර වන තෙක් එවැනි සැලැස්මක් තිබුණා. නමුත් පසුව එය අවලංගු වුණා. එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා ආරම්භ කරන්න අපිට සිදු වුණා. අපිට වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. මේ වසරේ අපේ ආර්ථික වර්ධනය වේගය ඍන 8ක් පමණ වෙනවා. පසුගිය වසරේ තිබුනෙත් ඍන අගයක්, ලබන වසරේ එය ඍන 3ක අගයක් ගනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

නමුත් කනගාටුවට කාරණය තමයි එම පුරෝකථනය සිදුකරන අවස්ථාවේ සියලුදෙනාම සිතුවේ ලෝක ආර්ථිකය හොඳ මට්ටමක තිබෙයි කියලා. නමුත් දැන් ගෝලීය ආර්ථිකය අයහපත් අතට පත්වනු ඇති බවට ඇඟවීම් ලැබී තිබෙනවා. අපිට එහි බලපෑම දැනෙන්නේ කොහොමද. යුරෝපයේ සහ අනෙක් රටවල උද්දමනය ඉහළ යාම නිසා ජීවන වියදම වැඩිවෙනවා. එවිට අපි එම රටවලට සිදු කරන ඇඟළුම්, තේ, කෝපි අපනයන අඩුවෙනවා. අපි මෙයත් අවබෝධ කර ගත යුතුයි.

අපි ඉදිරි වසර දෙක කළමනාකරණය කරත යුතු වෙනවා. අපේ ආදායම 15% සිට 8.5% දක්වා අඩු වුණා. ඒ නිසා අපි නැවතත් අපේ ආදායම 15% ක් දක්වා වැඩි කර ගත යුතුයි. එම ඉලක්ක අපි 2026 වසර වන විට සපුරාගත යුතුයි.
මෙම සැලැස්මට අපි වසර 04ක් යොදා ගත්තා. මොකද මෙය වසර දෙකකින් සිදු කිරීමට ගියොත් අපිට ඇති වන පීඩනය දරාගන්න පුළුන් වෙයි කියා මම හිතන්නේ නැහැ. අපි වසර 04ක් ලබා ගැනීම සුදුසුයි කියා සිතන්නේ 2023 වසර ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයේම ආර්ථිකය අයහපත් වන බව පෙනෙන්න තිබෙන නිසයි.

පළමුව අපට මුදල් උපයා ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා කෘෂිකර්මාන්තය ද ඇතුළුව හැම දෙයකින්ම බදු අය කිරීමට අපට සිදු වුණා. ඒ හැර අපට වෙනත් මගක් තිබුණේ නැහැ. ‍2019දී බදු ගෙවන ප්‍රමාණයේ අඩුවක් සිදු වුණා. එවිට ආදායම අඩු වුණා. බදු ආදායම 2019ට පෙර පැවති මට්ටමට ගෙන ඒම සඳහා අපි දැන් උත්සාහ කරමින් සිටිනවා.

2019 වසරේ බදු අය කිරීම දෙස බලන විට දැන් එය තනි ඉලක්කමේ අගයක් බවට පත් වෙලා. නමුත් 2020 වසර සමඟ බලන විට එහි විශාල පරතරයක් තිබෙනවා. නමුත් අපි දැන් පීඩාවට පත් වෙලා. බදු පමණක් නොවේ, අපේ රුපියල අවප්‍රමාණය වී පොලී අනුපාත ඉහළ ගොස් තිබෙනවා.
මේ පසුබිම තුළ තමයි අපිට කටයුතු කිරීමට සිදුවී තිබෙන්නේ. අද සාමාන්‍ය ජනතාවට ජීවත්වීම අපහසු වී තිබෙනවා. එවන් පසුබිමක් තුළ තමයි අපිට ඉදිරියට යාමට සිදුව තිබෙන්නේ.

අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතුයි. ඒ සඳහා අපිට ණය ලබාදුන් අය සමඟ සාකච්ඡා කිරීමට අපිට සිදු වෙලා තිබෙනවා. ඒ සඳහා මුලින්ම මම බටහිර සහ ජපාන ණය දෙන්නන්ගෙන් සමන්විත පැරිස් සමාජය සමග සාකච්ඡා ආරම්භ කළා.

අපිට ණය ලබාදෙන ප්‍රධාන රටවල් 03න් එක් රටක් වන ජපානය තමයි පැරිස් සමාජයේ ඉන්නේ. අපිට ණය දෙන අනෙක් ප්‍රධාන රටවල් දෙක වන චීනය සහ ඉන්දියාව ඒ අතර නැහැ. චීනය ප්‍රථමයෙන්ම බංකොලොත්භාවය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කළේ සැම්බියාව සමඟයි. මම හිතන්නේ ඉන්දියාව පළමුව එය සිදු කරන්නේ ශ්‍රී ලංකාව සමගයි. මම මේ වන විටත් ජපානය සමඟ සාකච්ඡා ආරම්භ කරලයි තිබෙන්නේ. ඉන් පසුව ඉන්දියාව සහ චීනය සමඟත් සාකච්ඡා කර තිබෙනවා. එකිනෙකාට බලපාන ද්විපාර්ශ්වික ගැටලු පිළිබඳ සාකච්ඡා කරන අතරම එය විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳ පොදු වේදිකාවකට පැමිණිය යුතුයි.

අපිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර නොවැම්බර් මාසය මැද වන විට ගිවිසුමකට එළැඹ, දෙසැම්බර් මාසය මැද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට හැකි වුවහොත් ඉතා වාසිසහගත තත්ත්වයක් උදාකරගත හැකියි. චීනයේ පක්ෂ සම්මේලනයෙන් පසුව මේ පිළිබඳ අවධානය යොමුව තිබෙන නිසා මෙය සාර්ථක කර ගැනීමට පුළුවන් වෙයිද කියා මම දන්නේ නැහැ. එසේ නොවුණහොත් ජනවාරි මාසය වන විට එය සාර්ථක කර ගැනීමට අපි ඉලක්කසහගතව කටයුතු කළ යුතුයි.

ඒ අනුව ඉහළ ආදායමක් ලබාගෙන ඉදිරියට යා හැකි බව අපි පෙන්විය යුතුයි. අනතුරව ලබන වසරේ වඩා හොඳ ආදායම් තත්ත්වයත් තිබෙන බව අපි සහතික විය යුතුයි.
මේ වන විට බොහොමයක් සංවිධාන සහ රටවල්වලින් අපිට සහාය ලැබෙන්න පටන් අරගෙන තිබෙනවා. සමහර රටවල් අපිට සෘජුව උදව් කර තිබෙන අතර තවත් සමහර රටවල් සංවිධාන මගින් සහාය ලබා දී තිබෙනවා.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට අපි ස්තූතිවන්ත වෙනවා අපිට ප්‍රමාණවත් තරම් පොහොර ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධව. ඇමරිකාව පවා අපට සහාය ලබා දී තිබෙනවා. ඒ නිසා පොහොර ගැටළුව විසඳාගැනීමට අපිට හැකි වුණා. කිසිවෙක් අපිට ඉන්ධන සඳහා මුදල් සපයා දෙන්නේ නැහැ. ඒ නිසා පොහොරවලට වැය කෙරෙන විදේශ විනිමය අපට ඉන්ධන ලබා ගැනීම සඳහා යෙදවීමට හැකියි.

අද වන විට ඉන්ධන මිල අඩු වී තිබුණත් යුක්‍රේන යුද්ධය නිසා ශීත ඝෘතුවේදී ඉන්ධන මිල ඉහළ යන බවට සියලුදෙනාගේ විශ්වාසයක් තිබෙනවා. මින් පසුව අපිට මුහුණදීමට සිදුවන අභියෝගය එයයි. නමුත් අපිට පොහොර තිබෙන නිසා ප්‍රථමයෙන් අපි සිදුකළ යුත්තේ කෘෂිකර්මය නඟාසිටුවිමයි. එය වී ගොවිතැනින් ආරම්භ කර තේ සහ අනෙකුත් බෝගවලට ව්‍යාප්ත කළ හැකියි.

ඒ නිසා මෙය එක කොටසක් පමණි. ලබන වසරේ මාර්තු, අප්‍රේල් වනවිට මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලබාගතහොත් රටේ ආර්ථිකය ස්ථාවර කරන්න එය මනා පිටිවහලක් වෙනවා. මේ අතර අපිට එකඟතාවන්ට එන්න පුළුවන් වුණොත් අනෙක් රටවල සහාය අපිට හිමි වෙනවා.

තෙවනුව අපි සංචාරක කර්මාන්තය දියුණු කළයුතුව තිබෙනවා. ලබන වසරේ දෙසැම්බර් මාසය වනවිට සංචාරකයින් සැලකිය යුතු ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක සහගතව කටයුතු කළහොත් මෙය සාර්ථක කරගත හැකියි. අවසානයේදී විදේශ මූල්‍ය සංචිත අවශ්‍ය වෙනවා. දැන් එය වැඩිකරගත හැකි ක්‍රමයක් නැහැ. අපි අනෙක් සියලුම ක්‍රම අහිමි කරගෙන තිබෙන නිසා අපට විදේශ සංවිත වැඩි කරගත හැකි එකම ක්‍රමය වන්නේ අපේ ව්‍යවසායන් ඩොලර්වලට අලෙවි කිරීමයි. එමගින් ඩොලර් බිලියන 4ක් පමණ සංචිතවලට ඇතුළත් කරගැනීමට හැකි වනු ඇති අතර එමඟින් රුපියල තවදුරටත් ශක්තිමත් වෙනවා. අපි සම්පූර්ණයෙන්ම වෙළඳ ආර්ථිකයක් සහ ඉහළ වර්ධන වේගයක් සහිත ආර්ථිකයක් වෙත ගමන් කරනවනම් පමණයි අපට මේ සියල්ල කළහැකි වනුයේ.

ඔබේ ක්ෂේත්‍රයේ ගැටලු තිබෙන බව මම දන්නවා. ගොඩනැඟිලි ක්ෂේත්‍රය වැනි සියලුම ක්ෂේත්‍රවල ගැටලුකාරී තත්ත්වයන් ඇති වී තිබෙනවා. මට ඒ ගැන අවබෝධයක් තිබෙනවා. ඒ නිසා තමයි පොලි අනුපාතය ක්‍රම ක්‍රමයෙන් පහළට දමන්න උත්සාහ කරන්නේ.

උද්ධමනය ඉහළ අගයකට පැමිණ තිබෙන බව මහ බැංකු අධිපතිතුමා අපිට දැනුම් දී තිබෙනවා. ලබන වසරේ පෙබරවාරි මාර්තු වන විට පොලී අනුපාතයන්ගේ අඩුවක් දැකගන්න පුළුවන් වේවි. ඒ නිසා අපි ගන්නා මෙම ක්‍රියාමාර්ග සමග ලබන වසර මැද වන විට පොලී අනුපාතයන් අඩුවිමේ සහනය ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.

පසුගිය වසර දෙක තුළ රුපියල් ට්‍රිලියන 3.2ක මුදල් අච්චු ගහලා තිබෙන බව ඔබ මතක තබා ගත යුතුයි. ඒ නිසා නිෂ්පාදනය ඉහළ දැමීම හැර වෙනත් කෙටි මාර්ගයකින් මේ ප්‍රශ්න විසඳා ගැනීමට අපට පුළුවන්කමක් නැහැ.

ඔබට සහාය දැක්විය යුත්තේ කෙසේද යන්න පිළිබදව අපි අවධානය යොමු කර තිබෙනවා. අපි ප්‍රමාණවත් පරිදි පොහොර ලබාගෙන තිබෙනවා. ඒ වගේම පොහොර සැපයුම්කරුවන්ට ගෙවීම් කරන්න තිබෙනවා. තවම ඒ සඳහා මුදල් ලැබී නැහැ. නව බදු එකතු කිරීමෙන් මෙම මුදල් ලබාගත හැකිවේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.
අපි තේ කර්මාන්තය සංවර්ධනය කළයුතුයි. ඇමැතිතුමා හා රාජ්‍ය ඇමැතිතුමා මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවට මම සහතික වෙනවා. ඔවුන් මේ සඳහා කැපවීමෙන් කටයුතු කරනවා. තේ කර්මාන්තයට උදව් කරනවා කියන්නේ අපි අපිටම උදව් කරනවා කියන එකයි. ලබන වසරේදී අපි අනෙක් නිෂ්පාදනත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. රුපියල ස්ථාවර කරන අතරතුර මේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කර තිබෙනවා. මේ ආර්ථික මොඩලය සමඟ අපි ඉදිරියට යා යුතුයි. අපනයනය මත පදනම් වූ ආර්ථිකයකට අපි කඩිනමින් ගමන් කළයුතු වෙනවා.

ඔබලට පොහොර අවශ්‍ය බව අපි දන්නවා. තේ කර්මාන්තයේ දී ප්‍රතිරෝපණය ඉතා වැදගත් වෙනවා. තේ කර්මාන්තයේ කඩාවැටීමට ප්‍රධාන හේතුව ප්‍රතිරෝපණය නොමැති කමයි. එයින් හෙක්ටයාරයකට ලැබෙන අස්වැන්න අඩුවෙලා යනවා. අද වන විට වියට්නාමය පවා අපිව අභිබවා ගිහින් තිබෙනවා.

අද අපි කෘෂිකර්මාන්තය නවිකරණය කිරීමේ වැඩසටහනකට යොමු වෙලා තිබෙනවා. එයින් තේ කර්මාන්තයට විශාල වටිනාකමක් ලැබේවි. තරගකාරී වගේම දියුණු තේ කර්මාන්තයක් යළිත් රටේ ඇති කළ යුතුයි. ගුණාත්මකභාවයෙන් ඉහළ තේ නිෂ්පාදනය කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි. රටේ ඉහළ හා මධ්‍යම ප්‍රදේශවල වැවෙන තේ වුණත් ඒවායේ ගුණාත්මකභාවය අඩු නම් තරගකාරිත්වයක් නැහැ. ඒ නිසා තේ කර්මාන්තය දියුණු කළ යුතුයි. කර්මාන්තශාලා නවීකරණය කළයුතුයි.
ඇතැම් තේ කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ සේවය ඉතා හොඳ මට්ටමක තිබෙනවා. නමුත් ඇතැමුන් ක්ෂේත්‍රයට අගෞරවයක් වන අන්දමින් කටයුතු කරනවා. තේ කර්මාන්තය ප්‍රතිව්‍යුහගත කර ඔබේ සහයෝගය ඇතුව ඉදිරියට යන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කළ යුතුයි. මෙය ඉටු කරගන්නා අන්දම පැහැදිලි නැතත් ටයිටැනික් නෞකාව ගැටුණු හිමකන්දෙන් ඉවතට ගන්න මම උපරීම උත්සාහ කරනවා. ‍

මෙහි කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ශ්‍රි ලංකා තේ කර්මාන්තශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත්, බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Rolf Blazer යන මහත්වරු අදහස් දැක්වූ අතර වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

“ආහාර අහේනියක්  දිඹුලාගල ගම් 08ක දරුවෝ පාසල් ගමන නවත්වති"  - පුවත සාවද්‍යයි

මෙරට ප්‍රධාන ජාතික පුවත්පත් හතරක් 2022 ඔක්තෝබර් 31 වන සඳුදා දින මනම්පිටිය නිමල් ජයරත්න මාධ්‍යවේදියාගේ නමින් ප්‍රධාන සිරස්තලයක් ද සහිතව “දිඹුලාගල ගම් 08ක දරුවන්ගේ පාසල් ගමන නැවතී ඇති බවත්, ආහාර අහේනියක් නිසා ආයෙත් කැලෑ අල හාරනවා, කැලෑ කොළ කනවා" යනුවෙන් වාර්තා කර ඇත.

මේ පිළිබඳ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතාගෙන් සහ දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිදු කළ ලිඛිත විමසීමකදී ඔවුන් විසින් දන්වා ඇත්තේ එම පුවත සාවද්‍ය බවයි.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් ආදිවාසීන් පදිංචි ප්‍රධාන ගම්මානය වන දළුකාන වසමට ගොස් මේ පිළිබඳ සොයා බලා ඇති අතර, එහිදී ආදීවාසී නායිකා කේ. ලිසිනෝනා මහත්මිය සමඟ ද සාකච්ඡා කර ඇත.

එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික අපහසුතා පවතින පවුල් ඇති නමුත් ආහාර හිඟකමක් හේතුවෙන් සම්පූර්ණයෙන් පාසල් ගමන අතරහැර දමා සිටින ළමූන් ගම්මානයේ නොමැති බවයි.

මේ පිළිබඳ ප්‍රදේශවාසීන් කිහිපදෙනකු වෙතින් විමසා බැලීමට ද ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් කටයුතු කර ඇති අතර, ඔවුන් ද ප්‍රකාශ කර ඇත්තේ එම පුවත්පත්වල සඳහන් ප්‍රවෘත්තිය කිසිසේත්ම සත්‍ය නොවන බවයි.

තම දරුවන් කැලෑ කොළ කන තරම් ආහාර අහේනියක නොමැති බවත් ආර්ථික අපහසුතා සහ දෙමාපියන්ගේ හේතු මත හෝ වැඩිහිටියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි හේතු නිසා ඇතැම් ළමුන් කඩින් කඩ පාසල් යන බවත් එය ගම්මානයේ අතිශය සාමාන්‍ය සිද්ධියක් බවත් ඔවුන් පවසා තිබේ.

මේ පිළිබඳ දළුකාන මලියදේව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සමඟත් ඒ මොහොතේ එම පාසලට පැමිණ සිටි දෙමාපියන් සමඟත් ප්‍රාදේශීය ලේකම් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සාකච්ඡා කර ඇත.

එම දෙමාපියන්ද ප්‍රකාශ කර ඇත්තේ, එම පුවත පිළිගත නොහැකි අසත්‍ය පුවතක් බවත් සෑම දිනකම පාසලේ දරුවන් සඳහා උදෑසන සහ දිවා ආහාර වේල් දෙකක් ලබාදෙන බවත් ආහාර පමණක් නොව දරුවන්ට අවශ්‍ය ඇඳුම්, පොත්පත්, පෑන් පැන්සල්, පොත් බෑග් ඇතුළු අධ්‍යාපනයට අවශ්‍ය බොහෝ දෑ විදුහල්පතිතුමියගේ මැදිහත්වීමෙන් එම පාසලේ ළමුන් වෙත ලබාදෙන බවයි.

එමෙන්ම පුවත්පත් සඳහන් කරන ආකාරයට අඛණ්ඩව පාසල් නොපැමිණෙන ළමුන් එම පාසලේ කිසිවකුත් නොමැති බව ද විදුහල්පතිතුමිය දන්වා ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කළ ප්‍රාදේශීය ලේකම් සඳහන් කර සිටින්නේ තමන් අද උදෑසන පාසලට ගිය අවස්ථාවේ ළමුන්ට පිළිගැන්වීමට වර්ග පහකින් සමන්විත පෝෂ්‍යදායි දිවා ආහාරවේලක් සූදානම් කර තිබූ අයුරු දුටූ බවයි.

විදුහල්පතිතුමිය විසින් ප්‍රකාශ කර සිටියේ ඒ සඳහා පිටස්තර දානපතීන්ගේ උදව් ලැබෙන බවත්, ආහාරවලට අමතරව දරුවන්ගේ සියලු අවශ්‍යතා වෙනුවෙන් රජයට අමතරව දානපතියන් තම පාසලට උදව් කරන බවයි.
මෙම සිද්ධිය පදනම් කරගෙන ඇති ආදිවාසී නායිකා කේ. ලිසිනෝනා මහත්මියගේ මිණිබිරිය මෙම පාසල වෙත පැමිණෙන අතර එම දරුවාට ද සියලුදේ ලබාදෙන බව එම දරුවා විසින්ම ප්‍රකාශ කර ඇත.

මේ පුවත පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ විදුහල්පතිතුමිය ප්‍රකාශ කර සිටින්නේ මේ පුවත කියවීමෙන් තමා පුදුමයට හා කණගාටුවට පත් වූ බවත් පුවත්පතේ සඳහන් ආකාරයට ළමුන් තම පාසලේ නොමැති බවත්ය.
අනතුරුව නිලධාරි කණ්ඩායම සොරිවිල දෙමළ කනිෂ්ඨ විද්‍යාලය හා සිංහල කනිෂ්ඨ විද්‍යාලය වෙත ද ගොස් මේ සම්බන්ධයෙන් සොයා බැලූ අතර, එම විදුහල් දෙකෙහිම ද ළමුන් සඳහා උදෑසන හා දහවල් ආහාර වේල් පිරිනමන බවත් ආහාර හිඟකම නිසා අඛණ්ඩව පාසල් නොපැමිණෙන ළමූන් තම පාසල්වල නොමැති බවත් සඳහන් කර තිබේ.

ආර්ථික අපහසුතා තිබෙන ළමුන් සාමාන්‍ය පරිදි සිටින බවත් විශේෂයෙන්ම දෙමාපියන්ගේ වුවමනාවක් නොමැතිකමින් ළමුන් කිහිපදෙනක් කඩින් කඩ පාසලට පැමිණීමේ තත්ත්වයක් පවතින නමුත් එම දෙමාපියන් දැනුවත් කර එය මඟහරවා ගැනීමට පියවර ගනිමින් සිටින බව එම විදුහල්පතිවරු පෙන්වා දෙති.

කෙසේ වෙතත් පුවත්පත්වල සඳහන් ආකාරයට ආහාර අහේනියක් මත දරුවන් පාසල් නොපැමිණීමේ කිසිදු තත්ත්වයක් නොමැති බව ද වැඩිදුරටත් ඔවුහු අවධාරණය කර සිටිති

ජනාධිපති මාධ්‍ය අංශය

IMG 20221031 WA0029

IMG 20221031 WA0031

ගමනායකගේ දුව ජවිපෙ ඉහළ පුටුවකට !

විජේවීරගෙ පුතාට ජවිපෙ තැනක් නැති වුණාට, ගමනායකගෙ දුවට තැනක් ලැබිලා.. ඔන්න ජවිපෙට සම්බන්ධ නිව්ස් එකක් කරලියට ඇවිත්.

ආරංචියේ හැටියට කතාව කෙටියෙන් මෙහෙමයි..

නොවැම්බර් 01 වැනිදා ඉඳලා, 06 වැනිදා දක්වා, වෙනිසියුලාවේ කරකාස් නගරයේ දී පැවැත්වෙන, වෙනිසියුලානු කොමියුනිස්ට් පක්ෂයේ, 16 වැනි සමුළුවට, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින්, එම පක්ෂයේ බ්‍රිතාන්‍ය කමිටුවේ ලේකම්, දර්ශන හෙට්ටිආරච්චි සහ, කමිටු සාමාජිකා වෛද්‍ය ජනිතා ගමනායක යන දෙදෙනා, සහභාගී වීමට නියමිතයි ලු..

මෙම සමුළුවට සමාන්තරව පවත්වනු ලබන, ‘වර්තමාන පන්ති අරගලයේ දී, කම්කරු පන්තියේ සහ කම්කරු පන්ති පක්ෂයේ භූමිකාව’ මැයෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණයකට ද , මේ දෙදෙනාම සහභාගි වෙනව ලු..

1937 දී ආරම්භ කරන ලද වෙනිසියුලානු කොමියුනිස්ට් පක්ෂය, ලතින් ඇමරිකානු කලාපය හා, ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ ප්‍රමුඛත්වයේලා පිළිගැනීමට ලක්ව ඇති පක්ෂයක්..

මෙම සමුළුව සඳහා ලතින් ඇfමරිකානු කලාපය ඇතුළු, ඉන් බාහිර රටවල, කොමියුනිස්ට් පක්ෂවල නියෝජිතයන් ගණනාවක් සහභාගිවීමටද නියමිතයි.

සමුළුව පැවැත්වෙන අතරතුර තුළදී, ජවිපෙ නියෝජිතයන් දෙදෙනා , වෙනිසියුලානු ආණ්ඩු පක්ෂය වන, එක්සත් සමාජවාදී පක්ෂය සමග, සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා කියල තමයි, ආරංචි වෙන්නේ..

රෝහණ විජේවීර කියන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ වරයා.. දොන් උපතිස්ස ගමනායක, ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් කෙනෙක්.. ජවිපෙ 2 වැනි කැරැල්ලේ දෙවැනියා .

භිෂණය කාලයේ , ඒ දෙන්නවම, ප්‍රේමදාස ආණ්ඩුවෙන්, අමු අමුවේ මරල දැම්ම. විජේවීරගේ පවුල ආරක්ෂක අංශ වලට බාරදෙද්දී, ගමනයකගේ බිරිඳ කරුණා, දරුවොත් එක්ක රටින් පලාගියා.

ඒ දවස්වල ගමනායක ගේ දියණිය ජනිතා හෙවත් , අනුෂ්කා රසාදරී ඉගෙන ගත්තේ, හොරණ තක්ෂිලා කණිටු විදුහලේ 4වන වසරේ. පුතා මහවිල විදුහලේ දෙවන වසරේ ..

දේශපාලන ආරංචිමාර්ග කියන විදියට, ගමනායකගේ දියණිය වෛද්‍ය ජනිතා ගමනායක , තවත් ටික කාලයකින්, ලංකාවේ පුරවැසිකම ලබාගෙන, ජවිපෙ අනාගත දේශපාලනය බාරගන්න, ලංකාවට එන කතාවකුත් තියනවා.

දේශපාලන වාර්තාකරු

Page 181 of 386