ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.
මෙහි විශේෂත්වයක් වන්නේ, ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු වරට ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරෙන කසකස්තාන ජනරජයේ තානාපති කාර්යාලයට අදාළ තානාපතිවරයා ලෙස පත්ව සිටින සර්ගෙයි වික්ටරොව් (Mr. Sergey Viktorov) මහතාද අක්තපත්‍ර භාර දුන් රාජතාන්ත්‍රිකයින් අතර වීමයි. ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක් විවෘත කළ පළමු මධ්‍යම ආසියානු රට වන්නේද කසකස්තානයයි.
ඊට අමතරව එරිත්‍රියා රාජ්‍යය, උස්බෙකිස්තාන ජනරජය, ජෝර්දානයේ හෂෙමයිට් රාජධානිය, භූතාන රාජධානිය සඳහා නව තානාපතිවරුද, ෆිජි ජනරජය වෙනුවෙන් නව මහ කොමසාරිවරයෙක්ද මෙලෙස පත්ව සිටිති.
අද දින අක්තපත්‍ර භාර දුන් තානාපතිවරුන්ගේ සහ මහ කොමසාරිස්වරයාගේ නාම ලේඛනය පහත දැක් වේ.
අලෙම් වෝල්ඩෙමරියම් (Mr. Alem Woldemariam) – නවදිල්ලියේ නේවාසික එරිත්‍රියා රාජ්‍යයේ තානාපති
ජග්න්නාත් සාමි (Mr. Jagnnath Sami) – නවදිල්ලියේ නේවාසික ෆිජි ජනරජයේ මහ කොමසාරිස්
අලිෂෙර් ටුක්ටායෙව් (Mr. Alisher Tukhtaev) – ඉස්ලාමාබාද්හි නේවාසික උස්බෙකිස්තාන ජනරජයේ තානාපති
යූසෙෆ් මුස්තාෆා අබ්ඩෙල්ඝානි (Mr. Yousef Mustafa Abdelghani) – නවදිල්ලියේ නේවාසික ජෝර්දාන රාජධානියේ තානාපති
සර්ගෙයි වික්ටරොව් (Mr. Sergey Viktorov) – කොළඹ නේවාසික කසකස්තාන ජනරජයේ තානාපති
ඩාෂෝ කර්මා හාමු ඩෝර්ජී (Ms. Dasho Karma Hamu Dorjee) – ඩකා නගරයේ නේවාසික භූතාන රාජධානියේ තානාපති
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මිළඟ අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන ගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රීති පද්මන් සූරසේන ගේ නම පසුගියදා ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කර තිබිණ.
ඒ අනුව අද රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී ඊට අනුමැතිය හිමිවී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයෙකු වන ප්‍රීති පද්මන් සූරසේන මීට පෙර අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු ලෙසද සේවය කළේය.
ඉහළ පෙළේ නඩු කිහිපයක මුලසුන හොබවා ඇති ඔහු ධුරයේ රාජකාරී සිදුකිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවේ සභාපති ධුරයෙද කටයුතු කළේය.
මේ අතර වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මෙම මස 27 වනදා එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.
2022 වසරේ ජූලි මස 17 වැනිදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීන්දු කළේ ය.
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පැවසුවේ, වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහජන ආරක්ෂක පනතේ 02 වන වගන්තිය යටතේ නිකුත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බල ශූන්‍ය බවයි.
අදාළ රෙගුලාසි බල රහිත කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.
විනිසුරු මඩුල්ල රජයට නියම කළේ, පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙසයි.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිකා සත්කුණනාදන්, ලිබරල් තරුණ ව්‍යාපාරය වෙනුවෙන් නාමිණී තත්ප්රභා පණ්ඩිත, නීතිඥ ආතම් ලෙබ්බේ අසාත් සහ සඳුන් තුඩුගල යන අය විසින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම් විභාග කළ අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර එකඟත්වය මත තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරිණි.
අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් ඒකමතික තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර වෙනම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර විනිසුරුවරයා පැවසූවේ, එවක වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම හදිසි අවස්ථා රෙගුලාසි නිකුත් කිරීමට හේතු වූ කරුණු සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කර නොමැති බවයි.
2022 වසරේදී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව උද්ඝෝෂණ සහ අරගල සිදුවූ අතර එම තත්ත්වය හමුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරය අතහැර රටින් පිටව ගිය බව පැවසූ විනිසුරුවරයා පෙන්වා දුන්නේ එම අවස්ථාවේදී වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ විසින් රටේ ඇතිව තිබූ තත්ත්වය පාලනය කිරීම සඳහා ජූලි 17 මහජන ආරක්ෂක පනතේ දෙවැනි ඡේදය යටතේ රට පුරා හදිසි නීති රෙගුලාසි පනවා ඇති බවයි.
මෙම හදිසි නීති රෙගුලාසි මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවූ බවත් එම තීරණය අත්තනෝමතික බවත් සඳහන් කරමින් එම රෙගුලාසි අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙන බව විනිසුරුවරයා කියා සිටියේ ය.
පෙත්සම් විභාගයේදී දෙපාර්ශ්වය විසින් දීර්ඝ ලෙස කරුණු දැක්වූ බව පෙන්වා දුන් විනිසුරුවරයා පැවසූවේ, ඉදිරිපත් වූ කරුණු අනුව වැඩ බලන ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනතේ දෙවැනි ඡේදය ප්‍රකාරව නිසියාකාරව හදිසි අවස්ථා රෙගුලාසි පනවා ඇද්ද යන්න තහවුරු කර ගැනීම සම්බන්ධව අවධාණය යොමු කළ බවයි.
පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවට නීතිපතිවරයා මතුකළ මූලික විරෝධය ඉවත දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, අධිකරණයේ ප්‍රතිපත්ති, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම බව පෙන්වා දුන්නේ ය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු අධිකරණය දීර්ඝ වශයෙන් විමර්ශනයට භාජනය කිරීමෙන් අනතුරුව එම රෙගුලාසි ඉදිරිපත් කිරීම අත්තනෝමතික බවට නිගමනය කළ බව විනිසුරු යසන්ත කෝදාගොඩ කියා සිටියේ ය.
තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැවසුවේ එවක වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැනවූ හදිසි නීතී රෙගුලාසි මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ සඳහන් වන මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවයි.
අදාළ හදිසි නීති රෙගුලාසි බල රහිත කරන බවත් පෙත්සමකරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙස රජයට නියම කරන බවත් විනිසුරුවරයා පැවසුවේ ය.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේ, වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති ප්‍රකාශය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බවයි.
රටේ ඒ අවස්ථාව පැවති තත්ත්වය අනුව හදිසි අවස්ථා රෙගුලාසි ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන බවත් එමගින් කිසිදු ආකාරයක මූලික අයිතිවාසිකම් කඩවීමක් හෝ අත්තනෝමතික ක්‍රියාවන් සිදුවී නොමැති බවත් විනිසුරුවරයා සඳහන් කළේ ය.
ඔබේසේකර විනිසුරුවරයාගේ තීරණයවී තිබුණේ, එම පසුබිම තුළ පෙත්සම්කරුවන්ගේ සියලුම පෙත්සම් නිෂ්ප්‍රභ කළ යුතු බවයි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ පුලස්ති හේවා මාන්න, නීතිඥ ආචාර්ය. ගිහාන් කුලතුංග, නීතිඥ තිෂ්‍ය වේරගොඩ ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු යන අය පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන ශවීන්ද්‍ර වික්‍රම, සම්පත් බණ්ඩාර යන අය සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව් ගුණතිලක පෙනී සිටියේ ය. .
නව අධ්‍යාපන විෂය නිර්දේශ මාලාව යටතේ පෙරපාසල් පද්ධතිය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට ඇතුළත් කරගන්නා බවත්, පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමට බලාපොරොත්තුවන බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අද(23) බත්තරමුල්ල ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
ඒ අනුව, පෙර පාසල් සඳහා විෂය නිර්දේශ මාලාවක් සකස් කරන අතර,ඒ සඳහා විෂය නිර්දේශ රාමුවකට අනුමැතිය ලැබී තිබෙන බව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය අශෝක ද සිල්වා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සදහන් කළාය.
දැනට සකස් කර තිබෙන පෙරපාසල් විෂය නිර්දේශ රාමුව යටතේ පෙර පාසල් විෂය මාලා සකස් කරමින් සිටින බවද ආචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවත්වා ඇත.
ඖෂධ මිලදී ගැනීමේ සහ බෙදා හැරීමේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම යාන්ත්‍රණය විධිමත් කර හිඟයකින් සහ ප්‍රමාදයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ බෙදාහැරීමේ යාන්ත්‍රණයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ දුර්වලතා පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇත. ඇතැම් රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, එය කඩිනමින් මඟහැරවීමට පියවර ගන්නා ලෙසද මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, නැවත රට තුළ එවන් තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්නා ලෙසත්, ඒ සඳහා අවශ්‍ය දිගුකාලීන සැලසුම් කඩිනමින් සකස් කරන ලෙසත් ප්‍රකාශ කර ඇත.
රෝහල්වලට ඖෂධ ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බව වැඩිදුරටත් පෙන්වා දී ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක, මෙරට ජනතාවට උසස් සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහතික කරලීමට සියලුදෙනා කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රසම්පාදන) ඩබ්ලිව්.එස්.එන්.බොතේජු, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනුජ් සී. වීරසිංහ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළැඹෙන 24 වැනිදා විවාදයට ගැනීමට තීරණය වී ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙය තීරණය වී ඇත.
ඒ අනුව එදිනට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත එදින විවාදයට නොගැනීමටද මෙහිදී තීරණය කර තිබේ.
ඒ අනුව එළැඹෙන 24 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී ඇතැයි සදහන් කෙරේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාවලට වරදකරු බව විෂමාචාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව සිය වාර්තාවෙන් දැනුම් දී තිබේ.
එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
දේශබන්දු තෙන්නකෝන් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කල පරීක්ෂණ කමිටුවේ සභාපතිධුර දරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනයි.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන අය එහි සෙසු සමාජිකයින් ය.
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපුජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වූ සේක.
කුරණෑගල, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ(20) රාත්‍රියේ අපවත්වී ඇත.
උන්වහන්සේ අපවත් වන විට 67 වැනි වියේ පසුවිය.
අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන 24 වන බ්‍රහස්පතින්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය.
ඒ එදින පස්වරුවේ මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී ය.
අද (21) සවස 4ට ලියන්ගස්තැන්න විහාරයට අපවත් වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ දේහය වැඩම කරවීමට නියමිත අතර, හෙට (22) පස්වරු 3ට එම ස්ථානයෙන් වැඩම කරවීමට නියමිතව තිබේ.
හෙට සවස සිට 24 වන දින දක්වා විහාරයට අපවත් වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ දේහය අස්ගිරිය විහාරයේ විශ්‍රාම ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය.
2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් මේ වන විට සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අද(21) අධිචෝදනා භාරදුන්නේය.
ඉන් අනතුරුව මෙම විත්තිකරුවන් තුන්දෙනා ඇප මත මුදා හැරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කළේය.
කෙසේ වෙතත් මෙම නඩුවේ විත්තිකරුවන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය දැනටමත් සිර දඬුවම් නියම වී සිටින බැවින් ඔවුන්ව මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරු නියම කරන ලදි.
පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක් - 30ක් බවට පත්කිරීම අරමුණක් බවත්, පන්ති කාමරයක ළමුන් 50ක් 60ක් සමඟ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ගාල්ල දක්ශිණපාය ශ්‍රවණාගාරයේ ජුලි 19 දින පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත් බලධාරීන් දැනුවත් කිරීමේ සිව්වන වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද කීය,
මම ප්‍රථමයෙන් ස්තුතිවනිත වෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ඔබ ලබා දෙන සහයෝගයට. ඇත්ත වශයෙන්ම අපේ රජය බලයට පත්වෙන්න කලින් ඉඳන්ම සාකච්ඡා කළ, සැලසුම් කළ දෙයක් නව අධ්‍යාපන ප්රතිසංස්කරණයක් සිදු කිරීම.
රජයේ ප්‍රතිපත්ති අනුව යමින් විශේෂඥයින් සමග සාකච්ඡා කරලා, විවිධ අංශවල අදහස් ලබාගෙන මේ පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කළේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විෂය මාලාව පමණක් නෙමෙයි, ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වැඩිකරන්න, අධ්‍යාපන පරිපාලන ව්‍යුහය නව ප්‍රතිසංස්කරණයට අදාලව ප්‍රතිසංස්කරණය කරන්න, සියලු දරුවන්ට සමාන හා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන්න කටයුතු කරනවා.
මේක අපි පෞද්ගලික අවශ්‍යතාවකට කරන දෙයක් නෙමෙයි, රටේ අවශ්‍යතාව අවබෝධකරගෙන අපි ඉටු කළයතු වගකීමක් කියන හැඟීමෙන් කරන වැඩක්.
අවංක චේතනාවෙන් මේ පිලිබඳ අවබෝධයෙන් සමාජය තුළ යම් සංවාදයක් ඇති කරන පිරිසක් වගේම හරි අවබෝධයක් නැතුව විවේචනකරන පිරිසකුත් සිටිනවා. තවත් සමහර අය දේශපාලනිකව වාසි ගන්නත් විවේචනය කරනවා. අපි දන්නවා මේ ප්‍රතිසංස්කරණය සිදු කිරීම අභියෝගයක්, පහසු නැහැ. නමුත් නොකර ඉන්නත් බැහැ. ජනතාව මේ සියල්ල නිවැරදි කරන්න තමයි අපිට මනාපය පළ කළේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කළ යුතු වැඩ රාශියක් තිබෙනවා. ගුරු විද්‍යාලවල විෂය නිර්දේශ වසර 16කින් වෙනස් වෙලා නැහැ, ඒ සියල්ල වෙනස් වෙන්න ඕන. ගුරුවරුන්ට, අධ්‍යාපනඥයින්ට අඛණ්ඩ පුහුණුවක් ලබා දෙන්න ඕන. අගෝස්තු මාසේ ඉදලා පුහුණුකරුවන් පුහුණු කරමින් ගුරුපුහුණුව ලබා දෙන්න අවශ්‍ය කටයුතු සිදු කරනවා. යැයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය,
මෙහිදී අදහස් දැක් වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ ,
වෘත්තීය අධ්‍යාපන ආයතන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමග ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් තිබෙනවා. මේ තුළින් අසමත් දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙනවා වෙනුවට දක්ෂතාවය, කුසලතාවය මත පදනම්ව පාසල් අධ්‍යාපනය තුලින් ම වෘත්තීය අධ්‍යාපනයට ගෞරවයෙන් යුතුව පිවිසෙන්න අවස්ථාවක් නිර්මාණය වෙනවා යැයි පැවසීය.
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති ඇතුළු මන්ත්‍රිවරුන්,අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ දකුණු පළාත් අධ්‍යාපන බලධාරින් මෙම අවස්ථාවට සහභාගී විය.
ජාතික කලාභවන සතුව තිබූ ඉතා විශාල ප්‍රමාණයේ ඉපැරණි චිත්‍ර 47ක් අතුරුදන්ව ඇති බවත්, ඒ අතරින් කිහිපයක් යහපාලන රජයේ හිටපු ඇමැතිවරයකුගේ සහෝදරියගේ සැමියා භාරයේ සහ තවත් චිත්‍ර කිහිපයක් කැසිනෝ ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයකු සන්තකයේ තිබෙන බවත් හෙළි වේ.
පිළිසකර කිරීම වෙනුවෙන් කලාභවන වසා දමා තිබූ කාලයේ මේ චිත්‍ර ඵලක අතුරුදන් වී ඇති අතර, ඒ සඳහා එකල එහි සේවයේ යොදවා සිටි මුරකරුවන්ගේ සහාය ලැබී ඇති බවද අනාවරණය වී තිබේ. අතුරුදන් වී ඇති වටිනා චිත්‍ර අතර ඒ.සී.ජී.එස්. අමරසේකර, ජේ.ඩී.ඒ. පෙරේරා ආදි ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ගේ ප්‍රකට චිත්රද ඇත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කලාභවන භාර, සංස්කෘතික ඇමැති ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේ වටිනා චිත්‍ර රැසක් ජාතික කලභවනෙන් අතුරුදන්ව ඇති බවයි. ඒ පිළිබඳ අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ නඩත්තු කටයුතු හේතුවෙන් මේ දිනවල වසා දමා ඇති ජාතික කලාභවන කඩිනමින් විවෘත කිරීමෙන් පසු අතුරුදන්ව තිබෙන චිත්‍ර ඵලක ලබා ගැනීමට කටයුතු කරන බවයි.
ඉකුත් යහපාලන රජයේ සංස්කෘතික කටයුතු ඇමැති ධුරය දැරූ සජිත් ප්‍රේමදාස විසින් ජාතික කලා භවනෙහි පිළිසකර කටයුතු ඇරඹූ අතර, එය මෙතෙක් නැවත විවෘත කර නැත.
සිළුමිණ –
අනිවාර්ය නිවාඩු යවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් සේවයෙන් ඉවත් කර තිබේ.
ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාව විසිනි.
ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක සඳහන් කළේ, එල්ල වී තිබූ සියලු චෝදනාවලට ඔහු වරදකරු වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ, නිලන්ත ජයවර්ධන, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළේ ය.

පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් ලබන වසරේදී සිදුවිය හැකි බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.
“පොලිස් නිලධාරීන්ගේ නිලධරයන් බැලුවොත් 20%ක් 40%ක් බෝ නොවන රෝගවලින් පෙළෙනවා. තව 30%ක ප්‍රමාණයක් තවම පරික්ෂා කිරීම් කරලා නැහැ. ඉතුරු 30 තමයි යම්කිසි ශාරීරික සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නේ ඒ මොකද ඒ අයගේ ගෙදර ප්‍රශ්න, රාජකාරී ප්‍රශ්න ඒ ඔක්කොමත් එකක් යම් යම් බෝනොවන රෝග වැළදිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය මීට වඩා විදිමත් කරලා, කාර්ය සාදනය වැඩිකරලා පොලිස් නලධාරීන් කරන රාජකාරීය ඉතාම ඉහළ රාජකාරීයක් විදිහට පෙන්වලා තවත් වරප්‍රසාද පොලිස් නිලධාරීන්ට වරප්‍රසාද දෙන්න කටයුතු කරමින් පවතිනවා.
පොලිස් නිලධාරීන් ලබන්නේ ඉතාමත් අඩු වැටුපක්. ඒ වැටුප සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පවා අවධානයට යොමුකරලා තියෙනවා. ඒ අවධානයට යොමුකරපු එක නිසා ලබන වසරේදී නව වැටුප් ව්‍යුහයක් සකස් කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්න්වා”
සබරගමුව පළාතේ පොලිස් නිලධරයන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) සවස රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි.
එහිදී සංකේතාත්මකව ළමුන් 34 දෙනෙකු සඳහා පොලිස්පතිතුමා විසින් පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලද අතර දිනයේ පැය 24 පුරා සේවයට බැඳී සිටිමින් දිවයිනේ සාමය සුරැකීමට කැපවන සෑම පොලිස් නිලධාරියෙකුගේම සේවය අගයමින් නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවද පැහැදිලි කරන ලදී.
උත්සවය සඳහා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, රත්නපුර දිසාව භාර නියොජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල, රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස ඇතුළුව එම පළාතේ නිලධාරීන් රැසක් සහභාගී විය.
කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශය ජනතාවට දැනුම් දී තිබේ.
ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීම මගින් ගුවන් යානාවලට, ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි එහි ප්‍රධානී අරුණ රාජපක්ෂ පවසයි.
ඒ අනුව, ගුවන්තොටුපොළ අවට ප්‍රදේශය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙසත්, මෙය නොසලකා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අරුණ රාජපක්ෂ අවධාරණය කරයි.
ඔහු තවදුරටත් සඳහන් කළේ, අඩි 300ට වඩා වැඩි ඉහළකින් සරුංගල් යැවීම සිදු වුවහොත් ඒ සඳහා නිත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවයි.
ඊශ්‍රායලයේ, කිරියත්මලාකි ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික තරුණයින් 20 දෙනෙකු රැගත් බස් රථයක ගින්නක් හටගෙන තිබේ.
එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ, ඉන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
ඔහුගේ තත්වය බරපතල නොවන බව ද තානාපතිවරයා ප්‍රකාශ කළේ ය.
ගින්න හටගත් අවස්ථාවේ එහි සිටි සෙසු ශ්‍රී ලාංකික තරුණයින් විදුරු කවුළු කඩා පිටතට පැන තිබේ.
එමෙන්ම අදාළ සමාගම ද ඔවුන්ගේ කටයුතු පිළිබඳව සොයා බලන බවත්, අනෙකුත් පිරිස සුපුරුදු පරිදි තම කටයුතුවල නිරත බවත් හෙතෙම සඳහන් කළේය.
මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා කටුනායක ගුවන්තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
එකී සේවාව අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත වන අතර මේ වනවිට වැඩසටහනේ අවසන් අදියරේ පසුවේ.
දින 14 සහ 30 යන කාලසීමාවක් සඳහා මෙම තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට නියමිත බව සඳහන්ය.
එමෙන්ම වැඩි කාලයක් සඳහා දිවයිනේ රැදී සිටින සංචාරකයින්ට වසර 08ක් සඳහා ලබාදෙන රියදුරු බලපත්‍රය ලබාගැනීමේ හැකියාව පවතින බවද කමල් අමරසිංහ වැඩිදුරටත් පැවසීය.
වාහනවල වටිනාකම අනුව ලබාදෙන ණය පහසුකම් ශ්‍රී ලංකා මහ බැංකුව සංශෝධනය කර තිබේ.
ඒ, ලියාපදිංචි නොකළ හා පළමු ලියාපදිංචියෙන් වසරකට අඩු කාලයක් භාවිත කරන ලද වාහන වාහන කාණ්ඩ හතරක් සඳහායි.
ඒ අනුව වාණිජ කටයුතු සඳහා භාවිත කරන වාහනවලට, එහි වටිනාකමින් 80% ක ණය සීමාවක් ලබාගත හැකිය.
සැහැල්ලු ලොරි සහ අනෙකුත් ලොරි කාණ්ඩ, මගී ප්‍රවාහන රථ, ද්වී රෝද ට්‍රැක්ටර් හෝ ට්‍රේලර් රථ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගන්නා රථ සහ ඉදිකිරීම් වැනි විශේෂ අවශ්‍යතා සදහා යොදා ගන්නා රථ, මේ කාණ්ඩයට ඇතුළත් වේ.
මීළඟ කාණ්ඩය යටත් මෝටර් රථ, එස් යූ වී වර්ගයේ ජීප් රථ හා වෑන් සඳහා 60 %ක දක්වා වන ණය සීමාවක් ලබාගත හැකිය.
ත්‍රීරෝද රථ සඳහා එහි වටිනාකම මෙන් 50% ක ණය සීමාවක් ලබාදී ඇත.
අනෙකුත් රථ සඳහා එහි වටිනාකම මෙන් 70% ක ණය සීමාවක් ලබාගත හැකි බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඒ අතරට, එංජින් ධාරිතාව 100 ඉක්මවන හා ඊට පහළ කාණ්ඩවල යතුරු පැදි ඇතුළත් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
