පුවත්

ආහාර හිඟය එනවා සත්තයි : අමරවීරත් පිළිගනියි !
ආහාර හිඟයක් ඇති වන බව කී කෘෂි විශේෂඥයනට බැන වැදීමෙන් ඵලක් නැති බවත් ඔවුන් මීට පෙර කී අනාවැකි නිවැරදි බව ඔප්පු වී ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
මීට පෙරද කෘෂි විශේෂඥයන් අනතුරු ඇගවූ අවස්ථාවල ආහාර හිගයක් ඇති වූ බවත් පැවති ආණ්ඩු ඒ සම්බන්ධයෙන් සූදානමකින් කටයුතු කල බවත් අමාත්‍යවරයා පැවසීය .
ගිය කන්නයේ දී ගොවීන් මුණ පෑ තත්ත්වය පිළිබඳව තමන් ගොවීන් ගෙන් සමාව ඉල්ලූ බවත් මේ කන්නයේදීත් එවැනි තත්වයක් ඇති නොවන්නට වැඩ කරන්නැයි ඉල්ලා සිටි නමුත් අවාසනාවකට එක වරක් නොව දහස් වරක් ගොවීන් ගෙන් සමාව ඉල්ලන්න සිදුවන තරම් වැරදි අඩුපාඩු සිදුව ඇති බවත් ඔහු පැවසීය.
ලේකම්වරුන් මාරු කිරීමෙන් හෝ ඔලුගෙඩි වෙනස් කිරීමෙන් කෘෂිකර්මය පිළිබඳ පවතින ප්‍රශ්නය විසඳිය නොහැකි බවත් දීර්ඝකාලීන දැක්මක් සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රීලනිප විමල් වාසු ගම්මන්පිල පාර්ශ්වයට නාමල්ගෙන් රතු එළියක් !
කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් හොඳම දෙය ආණ්ඩුවෙන් ඉවත් වී එම විවේචන සිදු කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගත් පසු සියලු දෙනා ඒ සමග සාමූහිකව බැඳෙන බවයි.
යම් තීන්දුවක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්තේ නම් තමන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත්ව එම විවේචන සිදු කරන බවත් වෙනත් අමාත්‍යවරුන්ටද එවන් ප‍්‍රශ්ණයක් ඇත්තේ නම් සිදුකළ යුත්තේ එය බවත් ඔහු පෙන්වා දෙයි.
යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේම අමාත්‍ය කිහිපදෙනකු විවේචනය ඉදිරිපත් කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
ඒ අනුව යුගදනවිය ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය දක්වා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විමල් වීරවංශ , වාසුදේව නානායක්කාර , උදය ගම්මන්පිල ඇතුළු පිරිසකි.

අවම බස් ගාස්තුව රුපියල් 17යි : ලබන බදාදා සිට ක්‍රියාත්මකයි
ලංගම සහ පෞද්ගලික අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
එම තීරණය ලබන බදාදා සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.
ඒ අනුව රුපියල් 14 දක්වා තිබූ අවම බස් ගාස්තුව රුපියල් 17ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද (29) මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම තීරණය ජනවාරි මස 5 වනදා සිට ක්‍රියාත්මක වන බවයි.

කොවිඩ් මරණ 14,944ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (28) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,944කි.

ත්‍රි'මලේ තෙල් ටැංකි වෙනුවෙන් : ගම්මන්පිලගෙන් අලුත් සමාගමක් !
Trinco Petroleum Terminal Ltd නමින් ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ නව සමාගමක් පිහිටවූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ඔහු සඳහන් කළේ, දැනට IOC සමාගමට බදු දී ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලින් රජයට ලැබෙන කොටස පාලනය සඳහා එම සමාගම පිහිට වූ බවයි.
එම තෙල් ටැංකිවලින් කොටසක් රජයට ලබාගැනීම සඳහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
එම කටයුතු ඉදිරි මාසය ඇතුළත අවසන් කර ගැනීමට හැකි වෙතැයි අමාත්‍ය උදය ගම්මන්පිල විශ්වාසය පළ කළේ ය.
මීට පෙර අමාත්‍යවරයා පවසා තිබුණේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය රනිල් වික්‍රමසිංහ විසින් ඉන්දියාව වෙත පවරා ඇති බවයි.
මේ වන විට ඒ ප්‍රකාශය සහ ගම්මන්පිල අමාත්‍යවරයා ගේ නව සමාගම අතර පරස්පරය සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කෙරෙමින් පවතී.

කබ්‍රාල් ඩොලර් මවයි !
අද (29) වන විට ශ‍්‍රි ලංකාවේ නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් තිබෙන බව මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසයි.
ඒ බව සඳහන් කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට්වීටර් පණිවිඩයක් නිකුත්කර ඇත.
අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි.
මෙසේ නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඉහළ ගියේ කෙසේදැයි මහබැංකු අධිපතිවරයා මෙතෙක් විස්තර කර නැතත්, චීනයෙන් ලැබීමට නියමිතව තිබුණු ඇමරිකානු ඩෙලර් බිලියන 1.5 ක ණය මුදල ලැබීම මීට හේතු විය හැකි බව මූල්‍ය වෙළෙඳ පොල විශ්ලේෂකයන් පවසයි.
කෙසේ වුවත් මේ හරහා එදා වේල ගතකිරීමට, එනම් අත්‍යවශ්‍ය ආහාර ප්‍රමුඛ භාණ්ඩ ආනයනය මිස වෙනත් කිසිදු ප්‍රතිලාභයක් නැති බවත් ඔවුන් පවසයි.
මේ වන විට මෙරට අංක එකේ ආර්ථික විශේෂඥයන් IMF යාම හරහා අර්බුදය කළමනාකරණය කරගන්නට යෝජනා කරන නමුත් , ආණ්ඩුව ඒ නොතකා ක්‍රියාත්මක වීම ආර්ථික විද්‍යා මූලධර්ම හරහා තේරුම් ගන්න දුෂ්කර බවත් මූල්‍ය වෙළෙඳ පොල විශ්ලේෂකයන් අවධාරණය කරයි.

රට බංකොලොත් : දශමයකින් ගොඩගන්න බෑ - පාඨලී
මේ රට අතිශය බැරෑරුම් මූල්‍ය අර්බුදයක් කරා ගෙනගියේ, රාජපක්ෂ පවුල විසින් බව ලෝකයා හමුවේ දැන් පැහැදිලිව ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ රණවක මහතා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් මාස ගණනාවක් යනතුරු විවිධ අමාත්‍යාංශවලට සුදුසු පුද්ගලයන් ලේකම්වරුන් ලෙස පත් කරගැනීමට නොහැකි වූ බවය. ඉන් පැහැදිලි වන්නේ මේ රට ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු සූදානමක නොසිටි බව යැයි ද හෙතෙම අවධාරණය කළේය.
“එතුමා විසින්ම කිහිප දෙනෙක්ගෙන් යුතු කමිටුවක් පත් කරලා, රටේ ඉන්න වෘත්තීයවේදීන්ගෙන් ඉල්ලීමක් කළා. එවන්න ඔගොල්ලන්ගේ අයදුම්පත්‍ර මේ සුදුසු රාජ්‍ය ආයතන කරගෙන යන්න කියලා ඒ සාමාජිකයෙක් ප්‍රකාශ කරලා තිබුණා අයදුම්පත්‍ර දහස් ගානක් ලැබී තිබුණයි කියලා. ඒ අයදුම්පත්‍රවලට වෙච්ච දෙයක් අද වෙනකන් අපි කවුරුවත් දන්නේ නෑ ඊළඟට පරණ පුරුදු විදිහට ඒ රාජ්‍ය ආයතන වලට දේශපාලන හිතවතුන් ඒ වගේම ඡන්ද ව්‍යාපාරයට දායක වෙච්ච ඇතැම් වෘත්තීයවේදීන් පත්කළා. ඒ විතරක් නෙවෙයි අපි දැක්කා බොහෝ ස්ථානවලට වැදගත්ම ස්ථානවලට යුද හමුදාවේ සහ ආරක්ෂක අංශවල නියැලිලා හිටපු පිරිස් වල පත් කිරීම් කළා. මේකත් මේ රටේ තිබිච්ච තත්ත්වයක්. ඒක තමයි මේ යුද හමුදාවේ හිටපු දක්ෂ නිලධාරීන්ට රට කරගෙන යන්න පුළුවන්ය දේශපාලන වශයෙන් කුරුවල් වෙච්ච පරිපාලන සේවාවේ හෝ වෙනත් සේවාවන් වලට වෘත්තීයවේදීන්ට වඩා කියන මිත්‍යාව මේ රට තුළ ස්ථාපිත කරලා තිබුණා. දැන් ආපසු හැරිලා බලනකොට රට බංකොලොත්භාවය කරා ගෙනිහින් ඉවරයි. මේ රට දැන් ගලවාගත නොහැකි බංකොලොත්භාවයක් කරා ගෙනිහින් ඉවරයි. ඒකට මේ රජයේ නිලධාරීන්ට දොස් කියලා වැඩක් නෑ.
විශේෂයෙන්ම කාබනික ගොවිතැන අසාර්ථක වීමේ වගකීම ජනාධිපතිවරයාත් ඔහුගේ උපදේශකවරුත් කෘෂිකර්ම ඇමතිවරයාත් රාජ්‍ය ඇමතිවරයාත් භාරගත යුතු දෙයක්. මොකද ඒක මේ මහපොළොවේ කරන්න බැරි දෙයක් බව ඒ ගැන ප්‍රකාශ කරපු දවසේ ඉඳන් අපි ප්‍රකාශ කළා. මොකද ඒ සඳහා ඒ කාබනික පොහොර සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ශ්‍රමය එවා නිර්මාණය කරන්න යැවෙන ඉඩම් ඒ වගේම ඒවා නිර්මාණය කරන්න යන කාලය ඒ වගේම විශේෂයෙන්ම එමගින් අස්වැන්නට ඇතිවන බලපෑම කියන මේ කාරණා සියල්ලම විසි දෙලක්ෂයක් ගොවිතැනේ හා වැවිලි කර්මාන්තයේ නියැලිලා ඉන්න ගේ ජීවිත ගැන හිතලා රටේ ඉඩම් වලින් තුනෙන් එකක් එක්ක සෙල්ලම් කරන්න එපා රටේ ලක්ෂ දෙසිය විස්සක් වන ජනතාවකගේ කුසගින්න පිළිබඳ කාරණය ගැන රටට ඩොලර් උපයන තේ වගාව ඒ වගේම පොල් වගාව රබර් වගාව කුරුඳු වගාව එක්ක, සෙල්ලම් කරන්න එපා කියන පණිවිඩය අපි ලබා දුන්නා. අද මොකක්ද සෝචනීය තත්වය.
මේ රටට ආක්‍රමණිකයො පැමිණියා. කාලිංග මාඝ, ඒ වගේම රොබට් බ්‍රවුන්‍රිග්. ඒ වගේම කළාටත් වඩා විශාල ව්‍යසනයක් සිදු කර හමාරයි මේ රටේ ගොවිතැනට, වැවිලි වගාවට, අර බ්‍රිතාන්‍යයන් ඇතිකරපු වැවිලි වගාවටත්, සිදුකර හමාරයි. මේ රජය, මේ රාජපක්ෂවරු. ඇත්තටම මේ රටේ අසමත් වෙලා ඉන්නේ වියත්මගේ කට්ටිය විතරක් නෙවෙයි. මේ රටේ අසමත් වීමට ප්‍රධානම හේතුව සියලුම ප්‍රධාන අමාත්‍යාංශ ප්‍රධාන ස්ථාන අරක්ගෙන ඉන්න රාජපක්ෂ පවුලේ ක්‍රියාදාමය.
පළමුව ඔවුන් කිසි කෙනෙක් නිසි අධ්‍යාපනයක් ලබපු අය නෙවෙයි. දෙවනුව ඔවුන් කිසි කෙනෙකුට රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රමාණ්වත් අත්දැකීමක් විශේෂයෙන්ම ජනාධිපතිවරයාට නෑ. තුන්වනුව ඔවුන්ගේ එකම ඉලක්කය මේ ජාවාරම්කාර ක්‍රියාදාමය එක්ක කටයුතු කරමින් රාජ්‍ය පාලනය අවුල් කිරීමයි. අද මේ රට ලබන වසරේ යම් හෙයකින් බංකොලොත් වුණොත් තව දශකයක් යනකම්වත් මේ රට ගොඩගන්න හම්බ වෙන්නේ නෑ. මතක තබා ගත යුතුයි.
ග්‍රීසිය බංකොලොත් වුණේ 2010. අද මේ වෙනකන් ග්‍රීසියට එයින් ගොඩ එන්න බැරි වෙලා තියෙනවා. ලෝකයේ දියුණු යැයි සම්මත රටක්. ඒ වගේම යුරෝපා සංගමයේ සාමාජික රටක් වන ආජන්ටිනාවත් එහෙමයි. විටින් විට ගොඩ එමින් නැවත යටයමින් යන තත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා තිස් අවුරුදු යුද්ධයෙන් රට මුදාගත්තායි කියූ අය ප්‍රභාකරන් කළාටත් වඩා, වියරු ව්‍යසනයක් මුළු රටටම සිදුකොට හමාරයි. සුනාමි ව්‍යසනයටත් වඩා වියරු ව්‍යසනයක් මේ රටට සිදුකොට හමාරයි. ඒ වගේම මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න බොහෝ පිරිසකටත් ඡන්දය ලබා දුන් බොහෝ පිරිසකටත් දැන් මේ ව්‍යසනය තේරුම් ගොස් හමාරයි.
ඒ නිසා අන්‍යයන් මත දොස් කියන්නේ නැතුව මෙහි වගකීම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මුදල් ඇමතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුලත් භාරගත යුතුයි. අද මේ ඇතිවෙලා තිබෙන ණය අර්බුදය ණය ආපසු ගෙවීමේ රාජපක්ෂවරු 2005-15 කාලේ ගත්ත වාණිජ ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි වීම පිළිබඳ අර්බුදයක්. ඒ වාණිජ ණය කිසිම ආදායමක් ඉපදවෙන්නේ නැති වරායවල්, ගුවන් තොටුපළවල්, අධිවේගී මාර්ග, ක්‍රීඩාංගන ඒ වගේම නෙළුම් කුළුණ වල ආයෝජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුකරන ලද ඒ ඉදිකිරීම් බුබුල පිපිරී යන බවත්, මේ ණය අපට බරපතළ ලෙස ආපසු ගෙවීම් පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙන බවත් අප පෙන්වා දුන්නේ අද ඊයේ නෙවෙයි. 2016 වර්ෂයේ
ඒ වගේම මේ සංවර්ධන ක්‍රියාදාමය ඇස් කඩා වැටෙන ආකාරයට විස්තර කළත්, මාධ්‍ය ප්‍රචාර දුන්නත්, මේවා යට තිබිච්ච, දැවැන්ත වංචාවන් අද මුළු රටම මුළු ලෝකයම දන්නවා. මේ රට අතිශය බැරෑරුම් මූල්‍ය අර්බුදයක් කරා ගෙනගියේ, මේ රාජපක්ෂ පවුල බව පැහැදිලියි.
අද අපේ ගොවිතැන විනාසයි. රට සාගතයක් කරා ගමන් කරමින් තියෙනවා. රට මූල්‍යමය බුන්වත් වීම කරා ගෙන යමින් තිබෙනවා. ඒ තුළ මුළු රට හිඟන රටක් බවට පරිවර්තනය වීමේ අනතුර තියෙනවා. ඒ වගේම නැවත වෙන කවුරු හරි රට ආපසු ගත්තත් ගොඩ නගන්න බැරි විදිහට රටේ වටිනා සම්පත තෙල් සම්පත, තෙල් ටැංකි සම්පත ඒ වගේම ඛනිජ සම්පත් ඒ වගේම සුළං බලය ඒ වගේම වරාය, විදුලි බලය, තෙල්, ගුවන් තොටුපොලවල් ආදී සම්පත් කොළඹ නගරයේ වටිනා ඉඩම් විදේශ බලවේග වලට කුණු කොල්ලයට ලබාදීමට දැන් කටයුතු කරමින් යනවා. මේ සියල්ලෙන්ම ට නැවතත් ආර්ථික සමාජීය වශයෙන් යටත් විජිතයක් බවට පරිවර්තනය වෙමින් හමාරයි.
ඒ නිසා අසමත් වී ඇත්තේ මේ රටේ ජනතාවත් ඒ වගේම මේ රටේ වෘත්තීයවේදිනුත් නොවෙයි අසමත් වී ඇත්තේ පරාජය කර වී ඇත්තේත් සම්පූර්ණයෙන්ම මේ රට මේ තත්ත්වයට පත් කොට ඇත්තේත් රාජපක්ෂ පවුල.
අද රට පුරා ජනතාව අතරින් ස්වයංවම නැගෙන හූ හඬින් පෙන්නුම් කරන්නේ ඒ පිළිකුලත් ඒ වෛරයක් බව ඔවුන් වටහා ගත යුතුයි. ඒ නිසා මෙරට ගලවා ගැනීමට, මේ රට බංකොලොත් උනොත් යළි මේ රට බේරා ගන්න බෑ. මේ රට ගලවා ගැනීමට නිශ්චිත වැඩපිළිවෙලක් යටතේ ඉදිරියට එන විදිහට අපි මේ රටට ආදරය කරන, දූෂණයට ගැති නොවිච්ච, ආණ්ඩුවේ විරුද්ධ පක්ෂයේ සියලුම දෙනාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා.” යනුවෙන් පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
– media unit

මෙහෙම ගියොත් ටික දවසකින් කෑම කන්නත් එපා කියයි - සජිත්
ආණ්ඩුව ආව දවසේ ඉදලා, අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, නොම්බර එකේ වංචනිකයින්ටනම් දුකක් නැතිව සැප ලැබුණු බවත්, ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ජනතාව මීට වඩා කැපකිරීම් කරන්න යැයි ආණ්ඩුවේ සමහරු කියන බවත්,එදා වේල කන්නටවත් නොහැකි තරමට අසරණව සිටින ජනතාවගෙන් තවත් කැපකිරීම් කරන්න යැයි ඉල්ලා සිටීම තරම් විහිලුවක් තවත් නැතැයි ඒ මහතා පැවසීය. ආණ්ඩුවේ පිරිසක් ජනතාවට “ටිකක් කන්න කියන බවත්
තව සමහරු” එක වේලක් අඩු කරලා” කන්න කියන බවත් කී විපක්ෂ නායකතුමා
තව ටික දවසකින් ” කන්න එපා.”කියා කියනු ඇතැයිද කීය.
ජනතාව කැපකිරීම් කරද්දී ආණ්ඩුව කළේ සැපගැනීම බව කී විපක්ෂ නායකතුමා මේ ආණ්ඩුව දුර්දාන්ත ආණ්ඩුවක් බවද කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (28) ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” තුන්වෙනි දිනය ආරම්භ කළේ ලුණුගම්වෙහෙර නගරයේ ජනතාව හමුවට යමිනි.
නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ ” පවුල් පාලනය රටේ විනාශය” කැමති අත්පත්‍රිකාව ද ඔවුන් අතර බෙදා දුන්නේය.
– media unit

ගම්මන්පිල ගේම ඉල්ලයි : ඉතිං අයින් කරන්න !
ජනාධිපතිවරයා තමන්ව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ හොත් එය බාරගැනීමට සූදානම් බවත් ජනාධිපතිවරයාට අමාත්‍ය ධූරයෙන් ඕනෑම වෙලාවක ඉවත් කළ හැකි බව දැනුවත්ව සිටින බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
අවධානම දනිමින් සහ අවදානම ගනිමින් යුගදනවි ගිවිසුම පිළිබඳ ඇත්ත උසාවියට සහ රටට හෙළිකිරීමට තීරණය කළ බවත් මෙම සිද්ධිය නොමැති වුවත් ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාව ඇමති ධූරවලින් ඉවත් කළ හැකි යැයි හොඳන් දන්නා බවත් අමාත්‍යවරයා කීය.
යුගදනවි ගිවිසුම පිළිබඳ ගත් ක්‍රියාමාර්ගය වැරැදී යැයි ජනාධිපතිවරයා පැවසීම එතුමාගේ මතය බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ හෙළිකිරීම වැරැද්දක් නොවන බව තමන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ මතය බව ද සඳහන් කළේය.
තමන් ඇතුළු අමාත්‍යවරු තිදෙනා වැරැද්දක් නොකිරීම හේතුවෙන් ඉල්ලා අස්වුවහොත් වැරැද්දක් කළ බවට පිළිගැනීමක් බවට පත්වන බවත් පැවසූ අමාත්‍යවරයා තමන් කළේ හරි දේ යැයි ස්ථාවරය අදටත් දරණ බවත්ය.
ඵිවිතුරු හෙළඋරුමයේ නායක සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’ කළ විශේෂ විමසුමකදී මෙසේ පවසා ඇත.
‘යුගදනවි’ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරු වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් අධිකරණයේ නඩු පැවරීම වැරදි වැඩක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ (27) පවසා තිබුණි.

රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වීමට දන්වලා !
ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට අයත් සියලු ප්‍රධානීන් ඉල්ලා අස්වන ලෙස නිවේදනය කර ඇති බව වාර්තා වෙයි.
මේ වන විට ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවි වාර්තා කරන්නේ ස්වාධීන රූපවාහිනි සේවය සහ සැලසිනේ ආයතනයේ සභාපති වරුන්ට තම ධුරවලින් ඉල්ලා අස්වන්නැයි දැනුම් දී ඇති බව ය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් එම නියෝග ලැබී ඇති අතර ඒ වන විටත් ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති ධුරයෙන් සුදත් රෝහණ මහතා ඉවත් වීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වන බවත් ඒවායේ සඳහන් වෙයි.
සැලසිනේ සභාපතිවරයා වන්නේ අමිල මුරේමඩ යි.
මේ අතර වාර්තා වන්නේ රජයේ අනෙක් මාධ්‍ය ආයතනවලට ඉහළ ධුරයන් සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බවයි.

බස් ගාස්තුවත් ඉහළට
බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයාට භාරදීමට සැලසුම් කර තිබේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ නිලාන් මිරෙන්ඩා සඳහන් කළේ, ඉන්ධන මිල වැඩිවීම ඇතුළු කරුණු කිහිපයක් සලකා බලා මෙම වාර්තාව සකස් කළ බවයි.
මේ යටතේ අවම බස් ගාස්තුව ද වැඩි කිරීමට නිර්දේශ කර ඇති බව ඔහු පැවසී ය.
මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ මෙම වාර්තාව පදනම් කර ගනිමින් හෙට (29) සිට බස් ගාස්තු වැඩි කරන බවයි.

දුම්රිය වර්ජනය අවසන්
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද දුම්රිය වැඩ වර්ජනය අවසන් කළ බව වෘත්තිය සමිති පවසයි.
ඒ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාර්ථකවීම හේතුවෙනි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ සිය ඉල්ලීම් 25න් 10ක් සඳහා සාධනීය පිළිතුරු හිමිවූ බවයි.
ඒ අනුව හෙට (29) දින සිට සුපුරුදු රාජකාරි කටයුතු ආරම්භ කරන බව සුමේධ සෝමරත්න පැවසීය.
දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට ආරම්භ කරන නමුත් සියලු දුම්රිය හෙට සිට ධාවනය නොවන බව ද ඔහු සදහන් කළේය.
කෙසේ වෙතත් දින දෙකක් ඇතුළත දුම්රිය මගීන්ට අවශ්‍ය ප්‍රමාණයට දුම්රිය යෙදවීමට බලාපොරොත්තු වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න වැඩිදුරටත් පැවසීය.

කොවිඩ් මරණ 14,923ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 22ක් ඊයේ (27) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ අතර පිරිමි පුද්ගලයින් 12දෙනෙකු සහ කාන්තාවත් 10දෙනෙකු සිටී.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,923කි.

පීබීගේ ලියුම මාධ්‍යයෙන් වහයි : අලුත් ලේකම් ගාමිණී සෙනරත් !
ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් වීම සඳහා පී බී ජයසුන්දර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දීර්ඝ ලිපියක් යොමු කර ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක් එම ලිපියේ අන්තර්ගත බව එම පුවතේ සඳහන් වෙයි.
එකී ලිපිය මාධ්‍යයට ලැබීම වැළැක්වීම සඳහා කටයුතු කර ඇතැයි ද වාර්තාව හෙළිදරව් කරයි.
ජනාධිපති ලේකම් ධුරයෙන් ද පී බී ජයසුන්දර මහතා ඉවත් වුවද තවදුරටත් ජනාධිපති උපදේශකයකු ලෙස පත් කිරීමට නියමිත බවත් එම වාර්තාව තවදුරටත් කියා සිටියි.
නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත් වීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා එම ධුරයෙන් ඉවත් වීමටත් අවශ්‍ය කටයුතු දැනටමත් සිදු කර ඇතැයි ද සඳහන්ය.
-c news

ලංකාව බැලන්ස් කරන්න : බයිඩ්න්ගෙන් කොරියන් කෙල්ලෙක් !
2009 වසරේ ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය ඉතාමත්ම උත්සන්නම වේලාවේදී එල්.ටී.ටී.ඊ. කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් හමුදා ප්‍රහාරවලින් බේරා ගැනීම සඳහාඳ මම කටයුතු සංවිධානය කළා කියලා ඉතාමත් ප්‍රබල ප්‍රකාශයක් එකල සිදුකර තිබුණා. එය සිදු කිරීමට යන්නේ, දමිළ සරණාගතයන් පුදුකුඩුඉරිප්පු මුහුදු තීරයෙන් බේරාගෙන වෙනත් තැනකට බෝට්ටු මගින් ගෙනයෑමේ මුවාවෙන් යැයිද ප්‍රකාශ වුණා. එහිදී ප්‍රභාකරන්ද හොර රහසේ සඟවාගෙන ගෙනැවිත් වෙනත් රටකට රැගෙන යෑමට මම කටයුතු සංවිධාන කළා කියලා මෙම පාර්ශ්ව කියා සිටියා. යුද්ධය නිමවී වසර 08ක් ගතවෙලාත් මේ කතාව තවමත් සමහරු කියනවා. මම මේ ගැන මෙයට පෙරත් කිහිප වතාවක් කරුණු කියා සිටියා. මෙය එදා සමහර පාර්ශ්ව සිදුකරන ලද සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක් වූ කතාවක්. මම එවකට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස එවැන්නක් සිදුකිරීමට කෙසේවත් අදහස් කළේ නැහැ. එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයට උදව් කිරීමේ කිසිම අදහසක් මා තුළ තිබුණේ නැහැ. එහෙත් ඒ වේලාවේ යම් අදහසක් පමණක් තිබුණා. ඇමෙරිකානු නාවික හමුදා බෝට්ටු මගින් සරණාගතයන් රැගෙන ගොස් ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර දීමට, එහෙත් එයද සිදුවූයේ නැහැ.’
මෙම ආන්දෝලනාත්මක කතාන්දරය කියන්නේ කවුද?
ඔහු නමින් රොබට් ඕ. බ්ලේක් ය. ඔහු 2006 සිට 2009 වසර දක්වා වසර 3ක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කළේය. රොබට් ඕ. බ්ලේක් මේ වගතුග කියා සිටින්නේ වාර්ගික යුද්ධය නිමවී වසර 08කට පසුව 2017 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරයකදීය. ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ඇමෙරිකානු තානාපතිවරුන් 27 දෙනෙකු වරින්වර ශ්‍රී ලංකාවේ සේවය කර ඇතත්, මෙම තානාපතිවරයා තරම් ආන්දෝලනයට ලක්වූ වෙනත් ඇමෙරිකානු තානාපතිවරයකු නොවීය. ඔහුට එරෙහිව එකල යුද සමයේදී රාජ්‍ය පාර්ශ්ව සහ වෙනත් සිංහල පාර්ශ්ව විසින් දෝෂාරෝපණ රැසක් එල්ල විය. යුද්ධය නිමා වීමෙන් පසුවත් වසර ගණනාවක් යනතෙක් ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මානව හිමිකම් චෝදනා ගෙන ඒමට කටයුතු කළේ යැයිද චෝදනා නැඟිණි. රොබට් ඕ. බ්ලේක් වසර 20ක පමණ කාලයක් පුරා තානාපති ධුර සහ වෙනත් ඇමෙරිකානු රාජ්‍ය උසස් තනතුරු දැරූ රාජ්‍යතාන්ත්‍රිකයෙකි.
අද ඔබට මෙවැනි වගතුගක් ලියා තබන්නට හේතු වූයේ ඇයි?
එයට හේතුව නම් මෙයට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයකු පත්කිරීමේ සිදුවීමයි. එනම් මෙම තානාපතිවරයා ශ්‍රී ලංකාවට පත්කෙරෙන 28 වැනි ඇමෙරිකානු තානාපතිවරයා වෙයි. මෙම නව තානාපතිවරයා කාන්තාවක් වන අතර, ඇයගේ නම ජූලි චන්ග් ය. 49 වැනි වියෙහි පසුවන ඇය කොරියානු ජාතික සම්භවයක් ඇති ඇමෙරිකානු කාන්තාවකි. මෙයට පෙරද තානාපති තනතුරෙහි සිටියේ කාන්තාවක් වන අතර, ඇය ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් විය. 52 වැනි වියෙහි පසුවූ ඇය වසර 03ක් පුරා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමෙරිකානු තානාපති ධුරය දැරුවාය. පසුගියදා ඇය මෙම ධුර කාලය අවසන් කළ අතර, නව තානාපති ලෙස ජූලි චන්ග් පත්වූවාය. ඇයද ශ්‍රී ලංකාවේ තානාපති ධුරයට අමතරව මාලදිවයිනේද ඇමෙරිකානු තානාපති ධුරය උසුලයි. ඇය මෙම නව තනතුර බාර ගැනීමට ප්‍රථම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ උසස් තනතුරු රැසක් දරා ඇත. එසේම ඇය විදේශ තානාපති කාර්යාල කිහිපයකද වගකිවයුතු තනතුරු දැරීය. එලෙස ඇය ප්‍රථම වතාවට චීනයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරී තනතුරක් දැරුවේ 1996 වසරේදීය. ඉන් පසුව ඇය එවැනිම තනතුරක් ජපානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය තුළ දැරීය. මේ ආකාරයට රටවල් කිහිපයක දැරූ තනතුරුවලට පසුව ඇයට ප්‍රථම වතාවට නියෝජ්‍ය තානාපති ධුරයක් හිමිවන්නේ කාම්බෝජයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය තුළදීය.
කෙසේ හෝ මෙම කතාන්දරයේදී හෙළිවන සුවිශේෂ පුවත නම්, ජූලි චන්ග් වෙත ප්‍රධාන තානාපති ධුරයක් හිමිවන්නේ අපගේ රටේ ඇයට හිමිවන නව තානාපති ධුරය හරහාය. එනම් ඇයට හිමිවන ප්‍රථම පූර්ණ තානාපති ධුරය වන්නේ ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයයි. ඒ හෙයින් මෙම සිදුවීම ඇයට මෙන්ම අපගේ රටටද ඉතා වැදගත් වනු ඇතිය. මෙතෙක් ශ්‍රී ලංකාවට සේවයට පැමිණි බොහෝ ඇමෙරිකානු තානාපතිවරුන් මෙරටට පැමිණීමට පෙර අඩුම තරමේ රටවල් දෙකකවත් ප්‍රධාන තානාපති ධුරයන් දැරීය. එවැනි තත්ත්වයක් යටතේ ජූලි චන්ග් මහත්මිය සඳහා මෙම තනතුර මහත් අභියෝගයක් වනු ඇතිය. එසේම ඇය විසින් දරනු ලබන ආකල්පයන් සහ ක්‍රියාකලාපයන්ද ශ්‍රී ලංකාවට අභියෝගයක් වීමටද ඉඩ ඇතිය. එනම් වත්මන් ශ්‍රී ලංකාව යනු විවිධ අයුරින් විදේශීය බලපෑම්වලට යටත් වී සිටින රටකි. කෙසේ හෝ ඇයගේ ශ්‍රී ලංකාව හා අදාළ වන කටයුතු කෙතරම් ඉක්මනින් නිගමනය කිරීමට හෝ නිරීක්‍ෂණය කිරීමට හෝ හැකියාවක් නැත.
තත්ත්වය කෙසේ වුවත්, ජූලි චන්ග් නැමැති මෙම ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයා තමන්ගේ රාජකාරී කටයුතු බොහෝ අකුරටම සිදුකරන කාන්තාවක ලෙස ප්‍රකටය. එනම් ඇය පසුගිය හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේදීද ඉහළ රාජ්‍ය තනතුරු උසුලා ඇත. කෙසේ හෝ ඉන් පසුව ඇය නව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යටතේ තවත් ඉහළ රාජ්‍ය තනතුරු හිමි විය. ජෝ බයිඩන් එසේ කරන්නට කටයුතු කළේ ඇයගේ සුවිශේෂී දක්‍ෂතා අවධානයට ගනිමින්ය. කෙසේ හෝ එම තත්ත්වය තව, තවත් උද්දීපනයට පත්කරමින් ජෝ බයිඩන් ජනාධිපතිවරයා විසින් ජූලි චන්ග් වෙත ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමෙරිකානු තානාපති ධුරය පිරිනැමුවේය. ජෝ බයිඩන් එහිදී ඇයගේ විශේෂ දක්‍ෂතා අවධානයට ගෙන ඇති අතර, ඇය ආසියාතික සම්භවයක් ඇති කාන්තාවක වීමද අවධානයට ගෙන ඇත. එසේම ඇය ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ විශ්වාසය බොහෝ ඉහළින් දිනාගෙන සිටින රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙසද ප්‍රකටව ඇත. ඇයට තානාපති ධුරය හිමිවන්නේ මෙවැනි වටාපිටාවක් යටතේදීය. ජූලි චන්ග් මහත්මිය තම කොරියානු ජාතික මවුපියන් සමග ඇමෙරිකාවට සංක්‍රමණය වන්නේ තමන්ට වයස අවුරුදු 05දීය.
එනම් ඇය උපතින් කොරියානු ජාතිකයකු වන අතර, පසුව ඇමෙරිකානු පුරවැසිභාවය හිමිවන්නීය. කුඩා කාලයේදී සිටම ඇමෙරිකානු පාසල්වලින් අධ්‍යාපනය ලබන ඇය පසුව ඇමෙරිකාවේ විශ්වවිiාල දෙකකින් උපාධි හිමිකර ගනියි. ඒ අනුව ඇමෙරිකාවේ කීර්තිමත්, පැරැණි විශ්වවිiාල දෙකක් වන කැලිෆෝනියා විශ්වවිiාලය මගින් දේශපාලන විiා උපාධියද, කොලොම්බියා විශ්වවිiාලය මගින් ජාත්‍යන්තර සබඳතා උපාධියද ඇය හිමිකර ගන්නීය. මේ අතර මෙම කාන්තාවගේ අනෙක් සුවිශේෂී කරුණ නම්, විවිධ භාෂා 07ක් කතා කිරීමට ඇති දුර්ලභ හැකියාවයි. ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, කොරියානු, ජපන්, චීන, වියට්නාම් සහ තායි භාෂාවන් කතා කිරීමේ හැකියාව ඇත. මෙලෙස ඇය චීන භාෂාවද චතුරව කතා කිරීමට ඇති හැකියාවද ශ්‍රී ලංකාවේ තානාපති ධුරය ලබා දීමට යම් ඉවහල් වීමක් වන්නට ඇතිය. එනම් ශ්‍රී ලංකාව තුළ චීන බලපෑම් බොහෝ ප්‍රභලව ඇත.
ලෝකයේ කුමන රටක තානාපති ධුරයකටත් වඩා ඇමෙරිකානු තානාපති ධුරය යනු, අංක එකට ඇති ඉතාමත්ම ප්‍රබල තානාපති ධුරය වෙයි. එසේ වන්නේ ලෝකයේ අංක එකේ මහ බලවතා ලෙස ඇමෙරිකාව සැලකෙන හෙයිනි. මෙවැනි වටපිටාවක් යටතේ ලෝකයේ බොහෝ රටවල සිටින ඇමෙරිකානු තානාපතිවරුන් සිදුකරන ක්‍රියාවලිය බොහෝ පිරිසකගේ අවධානයට ලක්වෙයි. එසේම දැඩි ආන්දෝලනයට ලක්වන අවස්ථාද බොහෝය. මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ. බ්ලේක් එවැනි ආන්දෝලනාත්මක චරිතයකි. පසුගියදා සේවය අවසන් කර පිටත්ව ගිය හිටපු ඇමෙරිකානු තානාපතිනිය ඇලයිනා බී. ටෙප්ලිට්ස්ද එවැනි ආන්දෝලනාත්මක චරිතයක් ලෙස පිළිගැනිණි. කෙසේ හෝ වත්මන් නව තානාපති ජූලි චන්ග් මහත්මියද ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ විශේෂ කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි දේශපාලනික අංශ ප්‍රකාශ කර සිටියි. එය ශ්‍රී ලංකාවේ යහපත හෝ අයහපත හෝ සඳහා යැයි දැනට කිසිවකුටත් කියන්නට බැරිය.
-මව්රට
ප්‍රියන්ත හෙට්ටිගේ

ඩොලර් හිඟය දරුණු අතට : රනිල්ගේ විශේෂ නිවේදනය මෙන්න !
ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්වයකට පත්ව තිබෙන බව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.
විශේෂයෙන් මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බවත්,රැකියා නැතිවන බවත්,මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතින බවත්,ගොවින් අතරමන් වී ඇති බවත්,මේවාට විසඳුම් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.
කොවිඩ් වසංගතය පැවතියද 2020/ 2021 වර්ෂයේ රටවල් ගණනාවක් ආර්ථික ප්‍රගතියක් පෙන්වා තිබෙන බවයි ඔහු පැවසුවේ.
මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන යුතුකම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ආධාර ගැනීම හෝ ඊට පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීම බවයි බවයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ. නමුත් මේ වන විට ඒ දෙකම සිදු වී නොමැති බවයි ඔහු පැවසුවේ. එමෙන්ම මේ වන විට රටේ ජනතාව දැඩි කෝපයෙන් පසුවන බවත් ඔහු පවසයි .
මිට අමතරව රට තුල ඇතිවීමට නියමිත ආහාර හිඟය අප මුහුණ පා සිටින තවත් ප්‍රශ්නයක් බවද ඔහු මෙහිදී පැහැදිලි කළා. ලැබී තිබෙන ආරංචි මාර්ග වලට අනුව සිංහල අලුත් අවුරුදු කාලය වන විට රට තුල ආහාර හිගයක් ඇතිවන බව හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වන පරිදි මේ කන්නයේ අස්වැන්න ගිය කන්නයේ අස්වැන්න හා සසඳන විට 60 % ප්‍රමාණයක් බවත් ඔහු පවසයි.
මෙවැනි තත්වයක් ඇති වුවහොත් අපට මුහුණ දීමට සිදුවන දේශපාලන පසුබිම ගැනද සිතිය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.මේ තත්වය මත කෝප උන ජනතාව අතර පිපිරීමක් ඇතිවන බවත් ඒ පිපිරිම ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන බවයි,.වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කලේ.
ආණ්ඩුව ඉන්දියාව සමඟ මේ වන විට තෙල් සහ ආහාර ණයට ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන සාකච්ජා වහාම අවසන් කළ යුතු බවත් ඔහු පැවසීය.
ණය ලබා ගැනීමෙන් හෝ භාණ්ඩ ලබා ගැනීමෙන් රටේ විදේශ විනිමය තත්වය නොවිසදෙන බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.නමුත් තාවකාලික හෝ සහනයක් ලබා ගැනීමට නම් ණයට තෙල් සහ ආහාර ලබා ගන්නා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න යැයි ආණ්ඩුවට දැනුම් දෙන බවයි අවසන් වශයෙන් රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රඵලය පැහැදිලි කළේය.

හේතු නොදක්වා ලේක්හවුස් මාධ්‍යවේදී මංජුල ඉවත් කරලා !
ලේක් හවුස් ආයතනයේ ඩිජිටල් මාධ්‍ය කළමනාකරු මංජුල සමරසේකරගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ අවධානය යොමුකර ඇත.
ඊට අදාළ ලිඛිත විමසීම 2021 දෙසැම්බර් 27 අමාත්‍යවරයා වෙත යොමුකිරීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කටයුතු කර ඇත.
ඊට අනුව රජයට අයත් ලේක් හවුස් පුවත්පත් ආයතනයේ ඩිජිටල් මාධ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි මංජුල සමරසේකර මහතාගේ සේවය 2021/11/25 දිනැති අංක රහිත ලිපියක් මගින් අත්හිටුවා ඇති බව අප දැනුවත් කර ඇත.
මංජුල සමරසේකර මහතා පවසන පරිදි මාසයක් ගත වී ඇති නමුත් ඔහුගේ වැඩ තහනමට අදාළ හේතු දක්වා නැත.
ලේක් හවුස් ආයතනයේ මානව සම්පත ප්‍රධානී විසින් වින්දිත මංජුල සමරසේකර වෙත යොමුකළ ලිපිය තුළත් මෙකී සේවය අත්හිටුවීමට හේතු දක්වා නැත.
උද්ගතව ඇති තත්ත්වය හමුවේ මංජුල සමරසේකර මාධ්‍යවේදියා ඉමහත් චිත්ත පීඩාවකට පත්ව සිටින අතර රැකියාව අහිමිවීමෙන් මාධ්‍යවේදියෙකු අනාරක්ෂිත ආර්ථික තත්ත්වයකට ඇද වැටෙන බව මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර අත්දැකීම් ඇති අමාත්‍යවරයා ට අමුතුවෙන් පැවසිය යුතු නැති බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යොමුකළ ලිපියේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි .
කවුරුත් දන්නේ නෑ !
මංජුල සමරසේකර මාධ්‍යවේදියාගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් අප ලේක්හවුස් හී පොදුජන පෙරමුණ ට සම්බන්ධ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් වෙතින් විමසුවත් ඔවුන් පවසන්නේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවයි.
එසේම අදාළ නියෝගය නිකුත්කර ඇත්තේ කවුද යන්න තමන් නොදන්නා බවත් ඔවුන් පවසයි.
එසේම අදාළ මාධ්‍යවේදියා කිසියම් විනය කඩකිරීමක්, හෝ නීති විරෝධී කටයුත්තක් සිදුකර ඇති බවට පැමිණිල්ලක් හෝ නොමැති බවත් ඔවුන් පවසයි.
දැන් ප්‍රශ්නය වන්නේ මේකටත් අනිත් හැමදේටම මෙන් වගකිවයුතු අයෙකු නොමැති වීමයි.

සාකච්ඡා අසාර්ථකයි : දුම්රිය වර්ජනය තවත් දැඩි කිරීමට තීරණයක්
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය තවදුරටත් දැඩි කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින්ද ඉවත්වීමට ඔවුන් තීරණය කර ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග අද පැවති සාකච්ඡාවද අසාර්ථක බවත් ඒ අනුව වර්ජනය තවදුරටත් දැඩි කිරීමට තීරණය කළ බවත් දුම්රිය ස්ථානාධිපතිවරන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසයි.
පසුගිය 21 වැනිදා ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හා පාර්සල් බාර ගැනීම අත්හිටුවා ඇති අතර මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව අහිමි වන ආදායම මිලියන 09 කට ආසන්න වේ.
ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහනයද අත්හිටුවීමෙන් එම පාඩුව තවදුරටත් ඉහළ යනු ඇත.
Page 399 of 474