V2025

පුවත්

විමල් තවම වැල මැස්සට ඇවිත් නැද්ද?

" ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය,මේ මව් පොලොව බේරාගැනීමට ඇති අන්තිම අවස්ථාවටයි අද අපී පැමිණිලා සිටින්නේ " " අපි කවදාවත් වැල යන අතට මැස්ස ගහන්නේ නෑ.අපිට ඕනි තැන මැස්ස ගහලා වැල මැස්සට ගෙන්න ගන්නවා "

ඒ විමල් 2019 ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා කියපු රසවත් හුරතල් කතා දෙකක්.ඊට ඉස්සෙල්ලා විමල් - බැසිල් හවුල එක්සත් ජනතා නිදහස් සන්ධානය කුඩුපට්ටම් කලා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩලා පොදුජන පෙරමුණ හැදුවා.පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කෙරෙව්වා.දැන් ඊට අවුරුදු දෙකකට පස්සේ ඒ පොදුජන පෙරමුණු ආණ්ඩුව ඇතුළේම විමල්ලා තවත් සන්ධානයක් හදලා.විමල්ට සන්ධාන එකක් නෙවෙයි දහයක් හදන්න අයිතිය තියෙනවා.ඒ අයිතියට රටේ රාළ කවදාවත් අභියෝග කරන්නේ නෑ.හැබැයි පවතින හා පැවති දේශපාලන යථාර්ථය ප්‍රතික්ෂේප කරලා කාටවත් මොකුත් කරන්න බෑ.ඒක නිසා ආණ්ඩුව ඇතුළේ විමල්ලා හදලා තියෙන ඔය සන්ධානය සුජාත එකක්ද?එහෙමත් නැත්නම් ඕකත් කඩේ යන ගමන් මහින්ද හම්බ වෙලා හැදුවා වගේ තවත් අවජාතක සන්ධානයක්ද?

ඒ ප්‍රශ්නයට උත්තර හොයාගන්න නම් විමල් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනි.දැන් තවම තියෙන්නේ විමල් කියපු මව්බිමේ අවසන් අවස්ථාවද?අවසන් අවස්ථාවට පස්සේ තව අවස්ථාවක් තියනවාද?එහෙනම් ඒ මොකද්ද?තව අවස්ථාවක් තියනවා නම් විමල් අවසන් අවස්ථාව කියලා එදා කිව්වේ බොරුවක්ද?අද මව්බිම බේරාගන්න තියෙන්නේ කාගෙන්ද?විමල්ලා අවසන් අවස්ථාව කියලා රට බාරදුන්න රාජපක්ෂලාගෙන් නෙවෙයිද?වැල තවම මැස්සට ඇවිත් නැද්ද?විමල් තවමත් මැස්ස යටද?

විමල් එදා කියපු කතාව ඇත්ත නං විමල් ආයෙත් සන්ධාන අටව අටව ඉන්න එකේ තේරුමක් නෑ.එහෙම නං කෙලින්ම විමල්ට තියෙන්නේ ගෝඨාභය හම්බවෙලා මව්බිම බේරාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න. මොකද අවසන් අවස්ථාව මඟහැර ගන්න එපා.හැබැයි විමල් පිලිගන්නවා නම් ඒ කතාව බොරු කියලා.විමල්ලා කිසිම වැඩපිලිවෙලක් නැතිව වහල්ලු වගේ රාජපක්ෂලව දිනෙව්වා කියලා.විමල් පිලිගන්නවා නම් දැන හෝ නොදැන විමල්ටත් වැරදුණා කියලා.එහෙම නං රටේ රාළට ඔය උත්සාහය ගැන සළකා බලන්න පුළුවන්.අනික තමයි විමල් හරියට ඔප්පු කරලා පෙන්නන්න ඕනි ඔය සන්ධානය හදන්නේ රට රාජපක්ෂලාගෙන් බේරගන්නද?නැත්නම් විමල්ලාට රාජපක්ෂලාගෙන් බේරෙන්නද කියලා?මොකද විමල්ලාගේ බේරුම වෙනුවෙන් ඉස්සර වගේ තවත් මාධ්‍ය සංදර්ශනවලට දැන් ඉඩ නෑ.ඒවට ඉඩ දෙන්නත් බෑ.

රටේ රාළට මතකයි 20 වන සංශෝධනයේදී විමල් ඇතුළු ඔය නඩේ හැසිරුණ විදිහ.ඒ වගේ ෂෝ නං ආය පෙන්නන්න එන්න එපා.මේ පාපකර්මයට ප්‍රධාන හේතුව විමල්ලා වෘෂභයෝ රැලක් වගේ බන්දේසියක තියලා ගෝඨාභයට 20 දීම නෙවෙයිද?එදා 20 ට විරුද්ධ මතුවුණු ජනතා විරෝධය විමල්ලා මංකොල්ල කෑවා.විමල්,වාසු,ගම්මන්පිල ඇතුළු ඔය කණ්ඩායම ඊට වගකියන්න ඕනි. අර මැදගොඩ අබේතිස්ස හාමුදුරුවොත් අද වනගත වෙලා හිටියට ඒ පව්කාර වැඩේට සම්බන්ධ වුණා.රටේ රාළට උන් වහන්සේට කියන්න තියෙන්නේ ඒක ආනන්තරිය පාප කර්මයක් කියලා.එදා විමල්ලා,ගම්මන්පිලලා ඇවිත් කිව්වේ අපි ජනාධිපතිතුමා හම්බ උනා.එතුමා හරියට සංවේදී වුණා.අපිත් හරියට සංවේදී වුණා.මේ අවස්ථාවේ 20 සම්මත කරලා දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා.2021 දී ගේන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපි කියන ඔක්කොම දෙන්නං.දිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට වගේම රටේ තීරණාත්මක තැන්වලට එන්න බැරි විදිහට ඔක්කොම කරන්නම් කිව්වා කියලා.

රටේ රාළ අහන්නේ විමල් කෝ ඒ ව්‍යවස්ථාව. අඩුම ගානේ ඒකේ ආකෘතියක්වත් ඔයාලා දැක්කද?අඩුම ගානේ ඔයාලා ඒ ගැන වචනයක් කථා කළාද?රට විකුණගෙන කන්න අණ පනත් ගේන්න පුළුවන්.ඔයාලටත් ඒවට අත උස්සන්න පුළුවන්.හැබැයි ඔය කියන ව්‍යවස්ථාව ගේන්න බෑ.ඒ ගැන කටක් අරින්න බෑ.ආයෙත් ඒ තත්වයම දැන් උදාවෙලා.විමල් ආයෙත් දහදෙනාගේ කණ්ඩායමත් පිරිවරාගෙන ජනාධිපති හම්බ වෙන්න යන්න ලෑස්ති වෙනවා.හැබැයි විමල් මතක තියාගන්න දැන් එතන සංවේදී වෙන්න ගෝඨාභය කෙනෙක් නෑ.දැන් එතන ඉන්නේ ඔයාලා අන්ධයෝ වගේ දුන්න 20 වෙනි සංශෝධනය කියන දෙපැත්ත කැපෙන කඩුව අතට අරන් ඉන්න වියරු මිනිහෙක්.ඒ ගෝඨාභයගේ පෞද්ගලික වැරැද්දම නෙවෙයි. ඔයාලා ගොන්තඩි වගේ දුන්න 20 වෙනි සංශෝධනයෙන් හදපු මිනිහා තමයි ඒ ඉන්නේ.ඔයාලට තියෙන්නේ උත්තර දෙකයි. එක්කෝ සුපුරුදු විදිහට යටත් වෙන්න. නැත්නම් සටන් කරන්න.

රටේ රාළට විමල් ගැන තියෙන අද්දැකීමට අනුව නං වෙන්න පුළුවන් එකම දේ විමල් සටන පාවාදී යටත්වීම විතරයි.කමක් නෑ.රටේ රාළ මෙහෙම හිතන්නම්.විමල්ටත් සාධාරණයක් වෙන්නත් එක්ක.ඊළඟට මිනිස්සුන්ට වෙනස් වෙන්නත් අයිතිය තියනවානේ.මොකද ඔය කවුරුත් ගැන ගල් ගැහුණු පූර්ව නිගමනවල රටේ රාළ නෑ.හැබැයි එතනදී ආයෙත් මෙහෙම ප්‍රශ්නයක් එනවා.ඒ සටන කරන්නත් විමල් අතේ සදාචාර බලයක් තියනවද කියන ප්‍රශ්නය.ඒක නම් විමල්ට නෑ.රාජපක්ෂලා ඒ ෆයිල් ටික තියාගෙන ඉන්නේ විමල්ට ගහන්න.ෆයිල් තිබ්බට බය වෙන්න ඕනි නෑ.තමන් වැරදි නැත්නම්.ඔය පහුගිය දවස්වල විමලුත් කිය කියා ගියේ රටේ රාළ කියන්නේ බැසිල්ගේ ගෝලයෙක් කියලා. විමල් ඒවයින් නං රටේ රාළ හොල්ලන්න බෑ. රටේ රාළ විජේවීරගේ ගෝලයෙක්.විජේවීරගේ නියම ගෝලයෝ දේශපාලන කපටින්ට රැවටෙන්නේ නෑ.හැබැයි විමල්ට ඒ සහතිකය දෙන්න බෑ.ඒක විමලුයි,රටේ රාළයි හොදට දන්නවා.ඒක නිසා සර්ගේ කඩුව ඉස්සරහා විමල්ලාට සංවේදීවීම නෙවෙයි යටත්වීමටයි මේ පාර සිද්ධ වෙන්නේ.

විමල් ඔය ලොකු කතා ඕනි නෑ.පුළුවන් නම් ගෝඨාභයගෙන් අර අනුර කුමාර කියපු කතාවවත් අහගෙන එන්න.රෑ 12 ට ගිවිසුම් අත්සන් කරන්න ඔයාලා බකමූනොද කියලා. රටේ රාළත් ඇහුවා කියන්න ඒ ආපු ඇමරිකන් සුද්දා බකමූණෙක්ද කියලා.විමල් එළියට ඇවිත් නැගෙනහිර ජැටිය නොදී බටහිර ජැටිය ඉන්දියාවට නෙවෙයි බටහිර ඉන්දියාවට දුන්නත් අපට කමක් නෑ කිව්වා වගේ මුග්ධ කතාවක් කියන්න බැරි නෑ.ඇයි බටහිර ජැටිය තියෙන්නේ ලංකාවේ නෙවෙයිද?නැත්තං මාවරමණ්ඩියේද?නැත්තං තූත්තු කුඩියේද?මේ වෙනකම් ආණ්ඩුවේ දුෂ්ඨ අරමුණු සාධාරණීකරය කරපු විමල් මෙහෙම කියන්නත් බැරි නෑ.යුගදනව් නැවත පවරා ගන්න කරන්න පුළුවන් හැමදේම කරන්න එතුමා අපට පොරොන්දු වුණා.අලුතෙන් හදන LNG බලාගාරය හා මන්නාරම් ද්‍රෝණියේ තෙල් සම්පත කිසිදු විදේශීය සමාගමකට දෙන්නේ නෑ කියලත් එතුමා අපට සහතික වුණා.රටේ සම්පත් රැකගැනීමට අවශ්‍ය ව්‍යවස්ථාමය බලය ඇතුලත් පනතක් එතුමා ගේන අලුත් ව්‍යවස්ථාවට ඇතුල් කරනවා කියලත් කිව්වා කියලා.

බොහෝ දුරට වෙන්න පුළුවන් ඕක.හැබැයි ඒක වෙනවා නම් විමල්ලා මොනවා කිව්වත් රටේ රාළට ඇත්ත රටට කියන්න වෙනවා.ඔය ඇමති කට්ටේ තියෙන සැප විදින්න.විමල් ගතකරන අසීමාන්තික සුඛෝපභෝගී ජීවිත රැකගන්න,තවදුරටත් හම්බ කරන්න එතන නැවතුනා කියලා.හරි එක එදාට බලාගමු.

එහෙනම් ගිහින් එන්නම්. බුදු සරණයි.ජයවේවා.

මිට රටේ රාළ.

(ප්‍රියංජිත් විතාරණ ගේ ෆේස්බුක් ගිනුමෙනි )

ආණ්ඩුවේ මාධ්‍යවල ජාතිවාදී මඩ ගැන : පාඨලී ඩලස්ට ලියයි !

රාජ්‍ය මාධ්‍ය , මාධ්‍ය සදාචාරය කෙළෙසීම සම්බන්ධයෙන් බව කරුණු දක්වමින් , පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් , ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත ලිපියක් යොමුකර ඇත.

"ඔබේ මෙහෙයවීම යටතේ පවතින ජනමාධ්‍ය ආයතන ඉතා සාහසික ලෙස චරිතඝාතනය කරමින්, සත්‍ය කරුණු විකෘති කරමින් අලුත් ආගමික ගැටුමක් ඇවිලවීමට මං පාදමින් කරගෙන යන්නාවූ ලැජ්ජා සහගත මාධ්‍ය භාවිතය ඔබේ අවධානයට ලක් නොවී තිබීම අපගේ පුදුමයටත් කණගාටුවටත් හේතු වී ඇත." යනුවෙන් එහි සඳහන් කර ඇත.

ඊයේ (21) යොමුකර ඇති එම ලිපියේ,

"තම දේශපාලන ප්‍රතිවාදියාට පවා 'මඩෙන් නැතිව ගොඩෙන් එන්න' යනුවෙන් අභියෝග කළ පුද්ගලයකු ඇමතිවරයකු වූ අමාත්‍යංශයකින් මෙහෙයවන ජනමාධ්‍ය ආයතන මෙබඳු අශීලාචාර මට්ටමක ඇද වැටී තිබියදී ඒ පිළිබඳව කිසිවක් නොකර නොදුටුවා සේ බලා සිටින ඔබගේ හෘද සාක්ෂියට නැවතත් කන්දෙන ලෙස ඔබගේ පැරණි මිතරකු ලෙස මම ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි." යනුවෙන්ද සඳහන් අතර සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

2021 - 09 - 21

163, ඇසිදිසි මැදුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05.

මා හිතවත් අමාත්‍යතුමනි,

රාජ්‍ය මාධ්‍ය විසින් මාධ්‍ය සදාචාරය කෙලෙසීම

ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍ය ධුරය මෑතකදී භාරගත් ඔබ රාජ්‍ය මාධ්‍ය ඇතුලු ජනමාධ්‍ය ක්ෂෙත්‍රයේ යහපත් වෙනස්කම් හඳුන්වාදීමට පුරෝගාමී වනු ඇතැයි රටේ ජනතාව අතර විශ්වාසයක් ගොඩ නැගී තිබිණි. ඔබේ පත්වීම මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩි දෙනෙක් ඉතා සුහදව පිළිගත් ආකාරයද අපි දුටුවෙමු. අප වෙනස් දේශපාලන මත දැරුවද ඔබ එම අමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳ සුපහන් හැඟීමක් අප අතරද මතු වී තිබිණි. එයට හේතුවී තිබුනේ ජනමාධ්‍ය වෘත්තිකයකු ලෙසත් එම වෘත්තියේ අචාර ධර්ම වෙනුවෙන් දිගින් දිගටමපෙනී සිටීමත්, වාර්ගික හා ආගමික ගැටුම්වලට තුඩුදෙන දේශපාලන මෙහෙයුම්වලට එරෙහිව අඛණ්ඩව පෙනී සිටිීමත් යන කරුණු නිසා ඔබ කෙරෙහි කිසියම් කීර්තියක් ගොඩනැගී තිබීම නිසාය.

එහෙත් ඔබ මාධය පිළිබද දක්වන එම යහපත් ආකල්පවලට සපුරා පටහැනි වන ලෙස ඔබේ මෙහෙයවීම යටතේ පවතින ජනමාධ්‍ය ආයතන ඉතා සාහසික ලෙස චරිතඝාතනය කරමින්, සත්‍ය කරුණු විකෘති කරමින් අලුත් ආගමික ගැටුමක් ඇවිලවීමට මං පාදමින් කරගෙන යන්නාවූ ලැජ්ජා සහගත මාධ්‍ය භාවිතය ඔබේ අවධානයට ලක් නොවී තිබීම අපගේ පුදුමයටත් කණගාටුවටත් හේතු වී ඇත.

පසුගිය සැප්තැම්බර් 17, 18, දිනවල ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය ආයතන දෙක මා ඉලක්ක කරගනිමින් සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළ ඉතා ඉහල ප්‍රමුඛතාවකින් යුතුව මුදාහල විසකුරු මඩ ප්‍රහාරය ආසන්නම උදාහරණයක් ලෙස පෙන්වා දීමට සිදුවේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ දැන් මතුවී තිබෙන අර්බුදය ප්‍රයෝජනයට ගනිමින් මා කතෝලික පල්ලිය සමග එක්ව කුමන්ත්‍රණය කරමින් ආගමික ගැටුමක් නිර්මාණය කරමන් සිටිනා බව කියවෙන පදනම් විරහිත අසත්‍ය ප්‍රබන්ධයක් මාධ්‍ය ආචාර ධර්ම කිසිදු විලි ලැජ්ජාවකින් තොරව බිඳ දමමින් මුදාහැරීමට එම මාධ්‍ය ආයතන කටයුතු කර තිබිණි. පාස්කු ප්‍රහාරය පිළිබඳ අප දැරු මතය අප ඉතා ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය ඉදිරියේත් විවිධ විමර්ශන කමිටු ඉදිරියේත් ආගමික නායකයන් ඉදිරියේත් පැවසූ බව ඔබද දන්නා කරුණකි. රටේ සෙසු අයට පැවසීමට එක් මතයක් සහ කතෝලික පියතුමන්ලාට පැවසීමට තව මතයක් අපට නැත. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට ඔබ සම්බන්ධ වී සිටින රජයට අවංක වුවමනාවක් තිබේ නම් කළ යුත්තේ අප පෙන්වා දුන් කරුණු විමර්ශන කටයුතු සඳහා යොදාගැනීම මිස අප ඉලක්ක කර ගෙන මඩ ප්‍රහාර මුදා මැරීම නොවේ. එසේම ඉහත කී මාධ්‍ය ප්‍රබන්ධය ඇතුලෙහි කතෝලික පල්ලියට සම්බන්ධ පියතුමන්ලා එකිනෙකා කෙරෙහි බිඳවීමත්, කතෝලික ජනයා සහ බෞද්ධ ජනයා අතර විරෝධතා හැගීම් මතුකරීමේ දුෂ්ට වෑයමකුත් බැලූ බැල්මට පෙනෙන්නට තිබිණි.

තවද මේ පදනම් විරහිත මාධ්‍ය ප්‍රබන්ධය ප්‍රතික්ෂේප කරමින් අප පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවට සාධාරණ ඉඩක් ලබා නොදෙමින් පුරවැසියකු සතු පිළිතුරු දීමේ අයිතියටද එම මාධ්‍ය ආයතන නිගරු කොට තිබිණි.

අප මේ කරුණු මතු කරන්නේ අපට පුද්ගලිකව සිදුවූ හානියක් පිරිමසා ගැනීමේ අභිප්‍රායකින් නොව මෙබඳු මාධ්‍ය සැහැසිකම් නිසා සිදුවන දිගුකාලීන සමාජ හානිය පිළිබඳ අප සංවේදී වන බැවිනි. ලෝකයේ බොහෝ ලේ ගලා ගිය වාර්ගික ආගමික ගැටුම් ව්‍යාප්ත වීමට හා නිර්මාණය වීමට ජනමාධ්‍ය ක්‍රියාකර තිබෙන ආකාරය පිළිබඳ ඔබට මනා අවබෝධයක් තිබෙන බව අපි දනිමු. මෙබඳු සාහසික මාධ්‍ය මෙහෙයුම් නිසා අනාගතයේදී වාර්ගික ආගමික ගැටුමක් නිර්මාණය වුවහොත් එහි වගකීම මේ මාධ්‍ය අයතන මෙහෙයවන ඔබ පිටද පැටවෙන බව කණගාටුවෙන්වුව සඳහන් කරමි. තම දේශපාලන ප්‍රතිවාදියාට පවා 'මඩෙන් නැතිව ගොඩෙන් එන්න' යනුවෙන් අභියෝග කළ පුද්ගලයකු ඇමතිවරයකු වූ අමාත්‍යංශයකින් මෙහෙයවන ජනමාධ්‍ය ආයතන මෙබඳු අශීලාචාර මට්ටමක ඇද වැටී තිබියදී ඒ පිළිබඳව කිසිවක් නොකර නොදුටුවා සේ බලා සිටින ඔබගේ හෘද සාක්ෂියට නැවතත් කන්දෙන ලෙස ඔබගේ පැරණි මිතරකු ලෙස මම ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

මෙයට,

පාඨලී චම්පික රණවක (පා.ම.)

පීබී වැටුණු අමාරුවේ ආටිගලත් :ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් රතු එළියක් !

වත්මන් ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර 2001-2003 කාලවකවානුවේදී මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස, රජයට අයත් වරායේ ඉඩම් අක්කර 8ක් , තෙල් සැපයීමේ ව්‍යාපාරය සහ රක්ෂණ සංස්ථාව පුද්ගලීකරණය කිරීමේදී නීතිය අභිබවා කටයුතු කළ බවට 2008දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ පරිදි ඉදිරි කාලයේදී වර්තමාන භාන්ඩාගාර ලේකම් එස් ආර් ආටිගලටද නඩු වැටෙන බව ජාතික සංවිධාන එකමුතුව අනතුරු අඟවයි.

පසුගිය සිකුරාදා(17) රාත්‍රී 12ට ගිවිසුමක් අත්සන් කර රජයට අයත් “යුගදනව්” බලාගාරයේ කොටස් අමෙරිකාවේ NFF සමාගමට විකිණීම පිළිබඳව ලංකා ලීඩ් “වෙබ්” පුවත් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසා සිටි අවස්ථාවේදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර ඉහත අනතුරු ඇඟවීම සිදුකර ඇත.

එදා මෙන්ම අදත් අමාත්‍යය මණ්ඩලයේ නිසි අවසරය නොමැතිව සහ නීතියට පිටින් විශේෂයෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ එකඟතාවය නොමැතිව එවැනි ගිවිසුම් අත්සන් කිරීමට වරද වර්තමාන භාන්ඩාගාර ලේකම්වරයා මත පැටවෙන බව වෛද්‍යය වසන්ත බංඩාර එහිදී වැඩිදුරටත් පවසා ඇත.

ඉදිරි ආණ්ඩුවක් යටතේ හෝ මේ ආණ්ඩුව යටතේම ඔහුට විරුද්ධව නඩු පැවරීමට හැකියාව ඇති බව මෙන්ම, පී.බී ජයසුන්දරට රැකියාව පමණක් අහිමි වුවද මෙම වරද ඊට වඩා බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් බවද ඔහු සඳහන් කරයි.

ජාතික සංවිධාන එකමුතුව වත්මන් ආණ්ඩුව පිහිටුවීමට ජනතාව පෙළගැස්සවීම වෙනුවෙන් මතය සැකසීමට දැඩි මැදිහත්වීමක් සිදුකළ සංවිධානයකි.

මේ වන විට ජාතික සංවිධාන එකමුතුව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කරන අතර ඉදිරි දේශපාලන බෙදීමක් හමුවේ බොහෝ දුරට වත්මන් මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගල සම්බන්ධයෙන් ද අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇති බව දේශපාලන විචාරකයන් ගේ අදහස වී තිබේ.

ෆේල් වූ ආනයනික පොහොර පාස් කරන්න ජනාධිපති ලේකම්ගෙන් බලපෑම් !

චීනයෙන් ආනයනය කරන ලද කාබනික පොහොර සාම්පල ප්‍රමිති ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇතත් ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත්වීම යටතේ නැවතත් එම පොහොර අනුමත කිරීමට කටයුතු කරමින් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් කරුණාරත්න සඳහන් කරයි.

ඒ අනුව ප්‍රමිති ආයතනය විසින් මෙම පොහොර මෙරට පොළවට සුදුසු බවට නිවේදන නිකුත් කරන්න සූදානම් වන බවද ඔහු පැවසීය.

ඔහු මේ අදහස් දක්වා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල කාර්‍යාලයේ මාධ්‍ය හමුවකදී ය.

මුලින් ප්‍රතික්ෂේප වූ පොහොර නැවත සුදුසු තත්ත්වයට පත් වන්නේ කෙසේදැයි යනුවෙන් ද ඔහු එහිදී ප්‍රශ්න කර ඇත.

අදාල පොහොර තොගය නිකුත් කරන්නැයි ආණ්ඩුව විසින් රාජ්‍ය ආයතන වලට බලපෑම් කරමින් සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේ ය.

(මූලාශ්‍රය : lanka c news)

ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයන් CID කැඳවීම ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් : චෝදනාවක් !

මාස දෙක හමාරකට ආසන්න කාලයක් වෘත්තිය අරගලයක යෙදී සිටින ගුරුවරුන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම ආණ්ඩුවේ සැලසුමක් අනුව කළ කුමන්ත්‍රණයක් බවට ගුරුවරුන් හා විදුහල්පතිවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති චෝදනා නගයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පොලිසිය භාර අමාත්‍යවරයා ගේ ප්‍රසිද්ධ තර්ජනයකින් පසුව මේ ආකාරයට ගුරු වෘත්තීය සමිති නායකයන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා ඇත්තේ ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකාවක වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගුරුවරියකය.

ඒ ගුරු-විදුහල්පති සේවාවල පවතින වැටුප් විෂමතා ඉවත් කිරීමට බලකරමින් 2021 ජුලි 12 වැනි දින සිට සියලු ගුරු විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතව සිටින දින 71 ක කාලයක් ගතවෙන පසුබිමකය.

ගුරු වෘත්තීය අරගලයට දිගින් දිගටම විවිධ අවලාද නගමින් සිටින පොදු ජන අධ්‍යාපන සේවක සංගමය විසින් ආණ්ඩුවේ උවමනාව මත සිදු කරන ලද කුමන්ත්‍රණ ක්‍රියාවලියක් ලෙස ගුරු විදුහල්පතිවරු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හැදින්විය හැකි බවත් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.

සැප්තැම්බර් 16 දින ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන පොදු ජන අධ්‍යාපන සේවක සංගමයේ පිරිසක් වර්ජනයට සහය නොදක්වන ගුරුවරුන්ට තර්ජනය කරන බවට සරත් වීරසේකර අමාත්‍යවරයාට පැමිණිල්ලක් සිදු කර තිබුනි.

ඉන් පසු සැප්තැම්බර් 17 වැනි දින සරත් වීරසේකර අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්, ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වමින් වර්ජනයට සහභාගි නොවන ගුරුවරුන්ට තර්ජනය කරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බව පැවසීය.

එසේම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත් ප්‍රකාශ කළේය.

පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත්කරලා !

මේ ආකාරයට ගුරු විදුහල්පති වෘත්තීය අරගලය උනුසුම් වන පසුබිමේ සිසු සිසුවියන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට අදාළ ව සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

එසේම අදාළ මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාට ලබාදුන් බවත් ඔහු පැවසීය.

ඒ අනුව මතුව ඇත්තේ අවාසනාවන්ත තත්ත්වයකි. මේ මොහොතේ අවශ්‍ය ගුරු විදුහල්පති වෘත්තීය අරගලය සමග සමාදානයක් ඇතිකර ගෙන අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථක ලෙස ආරම්භ කිරීමය.

කොරෝනා මරණ 12,284 දක්වා ඉහළට !

තවත් කොරෝනා මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (21) නිකුත්කර තිබේ.

ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,284ක් දක්වා ඉහළගොස් ඇත.

කොරෝනා මරණ 66න් 36 දෙනෙකු කාන්තාවන් වන අතර 30දෙනෙකු පිරිමි පුද්ගලයින් ය.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 53 දෙනෙකු සිටින බවත් අදාළ නිවේදනයේ දැක්වෙයි.

image 881f0ab862

රාජ්‍ය අමාත්‍ය රොෂාන්ට සංඝ භේද චෝදනාවක් !

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සංඝ භේදයක් ඇති කරමින් සිටින බවත් එය ආනන්තරීය පාපකර්මයක් බවත් දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව නිවේදනය කරයි.

ඇමතිවරයා මේ පාපකර්මය කරන්නේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉදිකිරීමට යෝජිත ඇවිදින මං තීරු ව්‍යාපෘතියට අනවශ්‍ය ලෙස මැදිහත් වීමෙන් බවත් එම සංඝ සභාව පෙන්වා දෙයි.

එම සංඝ සභාව විසින් එය නිවේදනය කර තිබෙන්නේ, දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දහවල් දිඹුලාගල අරාණ්‍ය සේනාසනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ,

“රටම කොරෝනා වසංගතයෙන් පීඩා විඳිනවා. රජය මූල්‍ය අර්බුදයක. මේ වෙලාවෙ මහජන ධනය රුපියල් ලක්ෂ 340ක් වැය කර සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරු ඉදිකිරීම පොලොන්නරු ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් නොවෙයි.

රටේ ජනතාව ජීවන බරින් මිරිකිලා. ගොවි ජනතාවට වී උරයක් මිලට දීමට නොහැකි පරිසරයක අප ජීවත් වෙන්නේ. රටම අවුල් ජාලාවක් වෙලා තියෙන්නෙ. මේ වගේ පරිසරකය රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරමින් තරුණයින් හා සංවිධාන පෙළඹවීම හරහා රටෙත් දිස්ත්‍රික්කයේත් ත්‍රෛනිකායික භික්ෂූන් අතර භේද ඇති කරන්න හදනවා. ගොවි සංවිධාන භේද කරන්න හදනවා.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බහුතර භික්ෂුන්වහන්සේ පිරිසකුත්, ගොවි හා සිවිල් සිංවිධාන රැසකුත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකරනවාට අවස්ථා කිහිපයක දී විරුද්ධ වුණා. ඒ දැඩි විරෝධය හමුවේ ඇවිදින මං තීරුව හැදීමට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ දරන උත්සාහය පුදුම සහගත එකක්.

මෙම ගැටලුකාරී තත්වය අවබෝධ කරගෙන සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මංතීරුව ඉදිකිරීම වහාම හකුලා ගන්නා ලෙස දන්වා සිටිනවා. දැඩි විරෝධය මැද රාජ්‍ය අමාත්‍යවරයාගේ උවමනාවට මං තීරුව ඉදි කරන්නේනම් පොලොන්නරුව ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නයත් ගොවි සංවිධානත් සමග මාදුරු ඔය ව්‍යාපාරයේ ගොවි සංවිධානත්, දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ විහාරස්ථාන 105ක භික්ෂූන්වහන්සේ 150කට අධික පිරිසකුත් එක්ක එකතු වෙලා මීට වඩා දැවැන්ත විරෝධතාවයක් දක්වනවා.“ යැයි අවධාරණයෙන් ප්‍රකාශ කළහ.

(Lanka truth )

දෙවන වරටත් කැටගොඩ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තෝරා පත් කර ගනු ලැබූ ජයන්ත කැටගොඩ අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබිය.

ඒ , අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ය.

ජයන්ත කැටගොඩ 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙකු ලෙස මීට පෙර ද කටයුතු කළ අතර බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව ජයන්ත කැටගොඩ මෙලෙස එම සභාවාරය තුළ පාර්ලිමේන්තුවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ දෙවන වරටය.

විදෙස් විනිමය භාර මහ බැංකු නියෝජ්‍ය අධිපතිවත් ඉවත් කරන සූදානමක් !

මහ බැංකුවේ සහකාර අධිපතිනි දවුලගල මහත්මිය මුල්‍ය මණ්ඩල ලේකම් ධුරයෙන් ඉවත් කළ අකාරයටම, නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන විදේශ විනිමය විෂයයට අදාල වගකීම්වලින් ඉවත් කිරීමට සුදානම් වන බව වාර්තා වෙයි.

මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධානියා ද වූ ඔහු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ද සේවය කළ කීර්තිමත් නිලධාරියෙකි.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වෙන නිවේදනය හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මහ බැංකු මගඩි පිළිබඳ වෝහාරික විගණන වාර්තා 5 ක් මේ වන විට එළිදක්වා ඇත. ඊටීඅයි ජනාධිපති කොමිෂන් වාර්තාව, හෙජින් පාඩුව පිළිබඳ වාර්තාව ඇතුළු මහ බැංකුවේ මුල්‍ය අපරාධ රැසක් පිළිබඳ විමර්ශන වාර්තා බලධාරීන් අතට පත්ව ඇත.

දැන් මෙම විමර්ශනයන්ට අදාල මහ බැංකුවේ නිලධාරීන් එකිනෙකා මාරු කරමින් මුල්‍ය අපරාධ සැගවීමට අදාල චෝදනා එල්ලවූ පුද්ගලයින්ම කටයුතු කරති.

නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණදෙන දැවැන්තම අර්බුදයට තුලින් මේ වන විට රට ගමන් කරමින් ඇත. එහි මුලික පාර්ශවකවෙකු වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව, මුල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු අදූරදර්ශී සහ ප්‍රශ්නගත තීරණයන් ය. එයින් කිහිපයක් මෙසේය.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් සමාගම සිදු කළ මුල්‍ය අවභාවිතයන් පිළිබඳ අනාවරණය වීමෙන් පසුව එහි විමර්ශන කටයුතු අඩපණ කිරීම සහ විමර්ශන සිදු කළ වත්මන් සහකාර මහ බැංකු අධිපති දවුලගල මහත්මිය 2012 දී -තනතුරුවලින් ඉවත් කිරීම. තැම්පත්කරුවන්ට සිය මුදල් අහිමිවූ ඊටීඅයි අර්බුදයේ ආරම්භය එය යි. මේ වන විට ඊටීඅයි වංචාව අනාවරණය කළ දවුලගල මහත්මිය මුල්‍ය මණ්ඩලයේ ලේකම් ධූරයෙන් ඉවත් කර ඇත. වෝහාරික විගණනයන් සම්බන්ධයෙන් කටයුතු කළේ ද ඇයයි.

ග්‍රීක බැඳුම්කර ආයෝජනය - කඩා වැටෙමින් තිබූ ග්‍රීසියේ මුදල් ආයෝජනය කිරීම නිසා රුපියල් බිලියන 10 කට වැඩි මුදලක් රටට අහිමි විය.

හෙජින් ගනුදෙණුව - මේ දක්වා වසන් කර තිබූ නමුත්, අලුත්ම සංඛ්‍යා සහ දත්ත අනුව, ලංකා රජය ඩොයිෂ් බැංකුවට ඩොලර් මිලියන 60.3 ක් ද, ඩීලර් ගාස්තුව ඩොලර් මිලියන 8 ක් ද, බේරුම්කරුවන් වෙත ඇ.ඩො. 12,872 ක් ද ගෙවා ඇත. එයට බාහිරව නීතිඥයින්ට ගෙවූ මුදල ද ඇතුළුව ඇ.ඩො. මිලියන 130 ඉක්මවන පාඩුවක් රටට සිදුව ඇත.

මෙරට කම්කරු ජනතාවගේ විශ්‍රාම රක්ෂණය වන, සේවක අර්ථසාධක අරමුදල් භාවිතා කර කොටස් වෙළෙඳපොල උපක්‍රමශීලි ලෙස හසුරුවනු ලැබීම තුලින් රුපියල් බිලියන 5 ක පාඩුවක් රටට සිදුව ඇත. සේවක අර්ථසාධක අරමුදලේ විශාලත්වය රු. බිලියන 2,200 කි. වෝහාරික විගණනයට අනුව සේවක අර්ථ සාධක අරමුදල් භාවිතයෙන් ගනුදෙනු 645 ක සිදු ව ඇති අතර, එම ගණුදෙනු එක එකින් රු. මිලියන 3 සිට මිලියන 17.31 පාඩු සිදු කර ඇත.

2002 සිට 2015 දක්වා බැදුම්කර නිකුතු 142 ක් සිදු කර ඇති අතර ඒවා රුපියල් බිලියන බිලියන 337 ක් රජය උපයාගෙන ඇත. මෙම බැඳුම්කර වලින් 33 ක් ම අවිධිමත් වේ. ප්‍රශ්නගත බැඳුම්කරවල වටිනාකම රු. බිලියන 77 යි. බැඳුම්කර 50 ක් සිමා රහිත මුල්‍ය සීමාවන් සහිතව (අර්ජුන මහේන්ද්‍රන් ආකාරයේ ) ගණුදෙනු වේ. ද්විතීයික වෙළෙඳපොල මිලට වඩා අඩුවෙන් බැඳුම්කර මිලදී ගත් අවස්ථාවන් 14 ක් ඒ අතර හමුවේ. එම ගණුදෙනු වලින් ද්විතීය වෙළඳපොල දී පමණක් සිදුව ඇති අලාභය රු.මිලියන 371 කි.

2019 ජනවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලැබූ ‘ආචාර ධර්ම පද්ධතියට‘ අනුව විධායක නිලධාරියෙකු, කාර්යාල සේවකයෙකු ලෙස මහ බැංකුවේ හතර සීමාවට ඇතුළු විය නොහැකි පුද්ගලයෙකුට රටේ මුල්‍ය විනය පවත්වාගත නොහැකිය.

වෝහාරික විගණන වාර්තා අංක 4 මගින් චෝදනා එල්ල වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ට අධි චෝදනා එල්ල වූ විට ඔහු සිය නම, ලිපිනය ද, ස්ත්‍රී පුරුෂ භාවය හැර අන් සියලු අනන්‍යතාවයන් සඟවා සැඟවී සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමට පදනම් වූ ජෝන් එන්ටර් ගේ වාර්තාවේ 16 වන පිටුවේ ‘The Governor should be a man of recognized and outstanding competence in and integrity and responsibility’ යැයි සඳහන් ය. එවැනි ගුණාංගයන් රහිත පුද්ගලයින්ට, රටක මුදල් කලමනාකරණය නැවත නැවතත් හිමිවීම ඛෙදවාචකයකි.

කීර්ති තෙන්නකෝන්

දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර

රටබීම හල් විවෘත කිරීමත් විද්‍යාත්මක ඇමති මණ්ඩලේ වගේ - ගීතා

රටබීම හල් විවෘත කිරීමත් හරියට විද්‍යාත්මක ඇමති මණ්ඩලය පත් කළා වගේ වැඩක්” යැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ චෝදනා කරයි.

ඇය මේ බව පැවසූවේ ඊයේ (19) බෙන්තරදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය මෙසේද පැවසුවාය.

“සරු අස්වැන්නක් බලාපොරොත්තුවෙන් ටිකෙන් ටික වතුර පිරවූ වැවක් එක්වරම හෝස් ගා වතුර ඇර අස්වැන්න පාළුකරගත්තා වගේ වැඩක් මේ කළේ. අපි දැනගන්න කැමතියි මේ වගේ ඔළමොට්ටල තීරණයක් ගත්තේ කවුද කියලා. මේ ඔලමොට්ටලයෝ ගන්න වැඩවලින් අපිටයි ගමට යන්න බැරි වෙන්නේ.

ඔණෑම තකතීරුවෙකුට වුණත් තේරෙනවා මේ අවස්ථාවේදී සුරාසල් අරීම හොඳ නැති බව. බාලාංශයේ ළමයෙකුටත් ඒ දේ තේරෙනවා. ඇයි මේ අයට මේත තේරෙන්නේ නැත්තේ කියලා අපිට හරිම කනගාටුයි. කාගේද මේ තීරණ. කොරෝනාවෙන් අපි හොඳ දෙයක් කරමින් සිටින අවස්ථාවක මේ වගේ මෝඩ වැඩක් කිරීම ගැන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීනියක් විදිහට අපි කනගාටු වෙනවා.

මම එනකොට සුරාසැල් ළඟ මිනිස්සු පොරකනවා දැක්කාම මට පුදුම හිතුණා. කොරෝනා අවදානමක් තියාගෙන මේ මිනිස්සු පොරකනවා දැක්කම පුදුම නොවී අපි මොනවා කරන්නද? කාගෙද මේ තීරණය. මේ ඉටුකළේ කාගේ ඕනෑ එපාකමක්ද? කරුණාකරලා ජනතාව දැනවත් කරන්න. නැත්නම් ජනතාව අපි ගැනත් සැක හිතනවා.

යුගදනවිය ඇමරිකාවට දුන්නට : මණ්ඩලේ කචල් - වෙනම රැස්වෙයි !

ආණ්ඩුවේ බැසිල් විරෝධී සහ බැසිල් පාර්ශ්වය අතර යළිත් අභ්‍යන්තර ගැටුම ඉස්මතුව ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට කෙරවලපිටිය යුගදනවී බලාගාරය ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගමට පැවරීම ඊට හේතුව වී තිබේ.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වෙත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ නමුත් එය යළි විමසීමකට සහ සංශෝධනය කිරීමට නියමිතව තිබී ඇත.

නමුත් ගිවිසුම අත්සන් කර ඇත්තේ නිසි නිර්දේශ ලබානොගෙන බව බැසිල් විරෝධී පාර්ශ්වයෙ අදහස වී තිබේ.

මේ අනුව යුගදනවි බලාගාරයේ 40%ක කොටස් අමෙරිකාවට පැවරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නියෝජිතයන් කොළඹ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ හමුවී සාකච්ජාවක නිරත වී ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්ජාවට විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර, තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ ඇතුලු පිරිසක් සහභාගී වී ඇති බවත් වාර්තා වෙයි.

මෙහිදී ජනාධිපතිවරයා ලංකාවට පැමිණි විගස මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටත්, අගමැතිවරයා සමග සාකච්ජාවක් පැවැත්වීමටත් තීන්දු වී ඇත.

මෙහිදී දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් විය යුතු බවට යෝජනා වු බවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් පවතී.

කෙසේ වුවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ මොහොතේ අදාළ පාර්ශ්ව ආණ්ඩුවෙන් ඉවත්වීමක් කිසිසේත් අපේක්ෂා කළ නොහැකි බවයි.

කෙසේ වුවත් ඉදිරි ප්‍රධාන මැතිවරණයක් අවස්ථාවේ ආණ්ඩුවේ බරපතළ බෙදීමක් සිදුවීමේ වැඩි ඉඩක් ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

කොරෝනා මරණ තවත් ඉහළට !

තවත් කොරෝනා මරණ 93 ක් ඊයේ (19) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (20) නිකුත්කර ඇත.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 12218ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මරණ 93 අතර කාන්තාවන් 48 ක් සහ පිරිමි පුද්ගලයින් 45 කි.

එසේම මේ මරණ අතර අවුරුදු 60 සහ ඊට වැඩි පිරිස 60කි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කර ඇති නිවේදනය පහත දැක්වෙයි.

Covid Report 2021.09.20 1

සරත් ලොකුගේ සාගර පෙළට : ජගත් කුමාර තනියම ගේම ඉල්ලයි !

විනය පරීක්ෂණ මුලින්ම පැවැත්විය යුත්තේ තමන්ට නොව සරත් වීරසේකර ගාමිණී ලොකුගේ, සාගර කාරියවසම් යන අයට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

තමන් විනය පරීක්ෂණවලට බිය නැති බවද පැවසූ ඔහු වත්මන් ආණ්ඩුව ප්‍රශ්න රැසක් ඇති වූයේ මෙම මැති ඇමැතිවරුන් විසින් බවද පැවසීය.

ජගත් කුමාර මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වා සිටියේ අද (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.

විරෝධතා වල යෙදෙන මිනිසුන් ත්‍රස්තවාදීන් යයි කියමින් හරි දේ කියන මිනිස්සුන්ට විනය පරීක්ෂණ තබන්නැයි කියන සරත් වීරසේකර හිට්ලර් කෙනෙකු වීමට උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය.

ගුරු උද්ඝෝෂණ මෙතරම් දුර පැමිණියේ සරත් වීරසේකරගේ කටයුතු නිසා බවද පැවසූ මන්ත්‍රීවරයා , දැන් කෑ ගසන සමහරුන් තමන්ගේ වැරදි හෙලිවෙතැයි බියෙන් පසුගිය යහපාලන සමයේ සැඟව සිටි බවද කියා සිටියේය.

පළාත් සභා සම්බන්ධයෙන් පක්ෂයේ මතයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළේ සරත් වීරසේකර බවත් මුලින්ම විනය පරීක්ෂණය කළ යුත්තේ පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම්ට බවත් ඔහු පැවසීය.

පපළාත් සභා පැවැත්වුවා නම් ජනප්‍රසාදයෙන් ජය ජය ගැනීමට තිබුණද දැන් එම මැතිවරණය ජයග්‍රහණය කිරීම ප්‍රශ්නයක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

බාර් අරින්න තීන්දු කිරීම ගැන අපිත් දන්නෙ නෑ - අමාත්‍ය නාමල්

රටබීම හල් විවෘත කිරීම සඳහා ගෙනඇති තීන්දුව පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ  පවසයි.

කොවිඩ් මර්දන කමිටුව හෝ ආණ්ඩුව හෝ එවැනි තීරණයක් නොගත් බවයි ඇමතිවරයා පවසා ඇත.

තංගල්ලේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා  මේ බව සඳහන් කර ඇත.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හරහා වසංගතය යම් ප්‍රමාණයකට හෝ මර්දනය කර නැවත රට විවෘත කිරීමට සූදානම් වෙද්දී සෙනඟ පිරෙන්නේ බාර් ඉදිරිපිට නම් ඉන් එහාට රට ගමන් කරන්නේ කොතැනකටද යන්න පිළිබඳව දෙතුන් වරක් කල්පනා කළයුතු බවයි නාමල් රාජපක්ෂ  එහිදී සඳහන් ඇත.

අත්‍යවශ්‍ය අවශ්‍යතා පවා සම්පූර්ණ කරගත නොහැකි ආකාරයට ආර්ථික අපහසුතා තිබෙන බවට ජනතාව ප්‍රකාශ කළද සුරාසැල් විවෘත වූ පසුව එවැනි තත්ත්වයක් දක්නට නොලැබුණු බවත්, ඇඳිරි නීතිය තිබියදී පවා සුරාසැල් අසල ජනතාව රැස්කමින් සිටි බවත් ඇමතිවරයා සඳහන් කර ඇත.

ජනතාව සහ ආණ්ඩුව මීට වඩා අනාගතවාදී වැඩපිළිවෙලක් සමග කටයුතු නොකළහොත් ඉදිරියේදී තත්වය දරුණු විය හැකි බවද ඔහු ප්‍රකාශ කර ඇත.

LNW

කිලිනොච්චි මූලික රෝහලට: ජවිපෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාගයක් !

කිලිනොච්චි මූලික රෝහලේ කොරෝනා මර්ධන අංශයට අවශ්‍ය මෙට්ට ඇඳ ඇතිරිලි සහ වෛද්‍ය ආම්පන්න පසුගිය 19 වන දින ජනතා විමුක්ති පෙරමුණ විසින් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට කිලිනොච්චි මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධ්‍යක්ෂක සෙල්වරාජා සුගන්ධයන් සහ කාර්ය මණ්ඩලය, සහභාගි වූහ.

එසේම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක ඉලයතම්බි ගණේෂපිල්ලේ, පිරන්සිස් ජොසප් ඇතුළු සහෝදරවරු සහභාගි වූහ.

IMG 20210920 WA0003

IMG 20210920 WA0004

IMG 20210920 WA0005

IMG 20210920 WA0006

දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ගෝඨාභයගෙන් ජගත් මහ ලේකම්ට ප්‍රතිඥාවක් !

"ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයින් තමා බලයට පැමිණි පසු නිදහස් කළ බවත්, නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත් දිගුකලක් අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ තරුණයන් පිළිබඳව නීති කෘත්‍ය අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්අඩංගුවේ සිටීම පිළිබඳ සැලකිල්ලට ගෙන එම පිරිසට ජනාධිපති සමාව ලබාදීමට තමා නොපැකිළෙන බවත්" ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජගත් මණ්ඩල මහ ලේකම් අන්ටෝනියෝ ගුටරේස් හමුවේ පවසා ඇත.

ඊයේ (19) සිදුව ඇති විශේෂ හමුවකදී මේ බව සඳහන් කර ඇති අතර ඒ බව ජනාධිපති ගෝඨාභය ගේ නිල ෆේස්බුක් පිටුවේ ද නිවේදනය කර ඇත.

ජනාධිපති ගෝඨාභය ගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් නිවේදනය පහත දැක්වෙයි.

ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.

ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ජනාධිපතිතුමා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණි ජනාධිපතිතුමා උණුසුම් අයුරින් පිළිගත් ගුටරේස් මහතා, 1978 වසරේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි තමන් මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල කළ සංචාරයන් හා ශ්‍රී ලංකාව පිළිබඳව සුන්දර මතකය අවධි කළේය. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩ කිරීම හා 2006 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවූ අවස්ථාව පිළිබඳවත් ගුටරේස් මහතා විසින් මෙහිදී සිහිපත් කරනු ලැබිණ. වසර 30කට ආසන්න කාලයක් පැවති ගැටුම්කාරී බව නිසා ඉතා සංකීර්ණ තත්ත්වයකට වැටීමට සිදුවුවත් ඉන්දියන් සාගර කලාපයේ විශාල සමාජ හා ආර්ථික කර්තව්‍යයක් ඉටුකරන ශ්‍රී ලංකාව තුළින් ඉදිරියටත් එය අපේක්ෂා කරන බව මහලේකම්වරයා සඳහන් කරනු ලැබිණ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව පැවසූ ජනාධිපතිතුමා, ලෝකය මුහුණ දී සිටින ඉතා අසීරු කාල පරිච්ඡේදයක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම පිළිබඳව සහ දෙවන වරටත් මහලේකම් ධූරයට පත්වීම පිළිබඳව සිය සුභාශීංසන ඔහු වෙත පිරිනැමීය. කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳව රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට සාර්ථකව මුහුණදීමට දෙන සහාය ඇගැයීමට ලක් කළේය.

මේ වන විට සමස්ත ජනගහණයෙන් අඩකට වැඩි පිරිස පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා නොවැම්බර් මස අවසන්වීමට පෙර වයස අවුරුදු 15ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට භාජනය කිරිමට සියලු කටයුතු සැලසුම් කර ඇතැයි සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය. එන්නත්කරණයේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය මෙහිදී මහලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක් විය. 2019 වසරේ දී ජනාධිපති ධූරයට පත්වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එම තත්ත්වය හමුවේ වුවද වසර 30කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඇති වූ අතුරු ප්‍රතිඵල විසඳා ගැනීමට ගත් පියවර ජනාධිපතිතුමා සවිස්තරාත්මකව පැහැදිළි කළේය. වින්දිතයින්ට වන්දි ගෙවීම, ඉඩම් නැවත පවරාදීම හා 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ උතුරු නැගෙනහිර පළාතේ කළ විශාල සංවර්ධනය හා උතුරු පළාත් සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාව හිමිකරදීම පිළිබඳව ජනාධිපතිතුමා කරුණු පැහැදිළි කළේය. අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව රජය විසින් ගතයුතු පියවරයන් හැකි ඉක්මණින් ගන්නා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බව ජනාධිපතිතුමා මහලේකම්වරයා සමග පැවසීය.

ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයින් තමා බලයට පැමිණි පසු නිදහස් කළ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත් දිගුකලක් අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ තරුණයන් පිළිබඳව නීති කෘත්‍ය අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්අඩංගුවේ සිටීම පිළිබඳ සැලකිල්ලට ගෙන එම පිරිසට ජනාධිපති සමාව ලබාදීමට තමා නොපැකිළෙන බවත් මහලේකම්වරයා සමග පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිතුමා පැවසීය.

රටේ දියුණුව හා සංහිඳියාව ඇති කිරීමට සිවිල් සංවිධාන සමග එක්ව කටයුතු කරන ආකාරය ද රාජපක්ෂ මැතිතුමා විසින් පැහැදිළි කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බවත් ජනාධිපතිතුමා පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සැමවිටම ඉතා සමීපව කටයුතු කිරීමට සූදානම් බව සඳහන් කළ ජනාධිපතිතුමා නැවත වරක් බෙදුම්වාදයක් ශ්‍රි ලංකාවේ ඇති නොවන බවට තමාට සහතික විය හැකි වුවත්, ආගමික අන්තවාදය පිළිබඳව රජයක් ලෙස ශ්‍රී ලංකාව සේම සෙසු රාජ්‍යයන්ද සුපරීක්ෂාකාරී විය යුතු බව සඳහන් කළේය.

FB IMG 1632120849000

ද්විත්ව පුරවැසියා කෙරවලපිටිය ඇමරිකාවට පැවරුවා !

මෙරට විශාලතම ජාතික සම්පතක් වන කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණා දැමීමේ ගිවිසුමකට ආණ්ඩුව විසින් අත්සන් තබා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය .

“අපේ රටේ විශාලතම ජාතික සම්පතක් වූ කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණා දැමීමේ ගිවිසුමකට ආණ්ඩුව විසින් අත්සන් තබා තිබෙනවා. අප විශාල බලශක්ති පරිභෝජනයක් ඇති රටක් නෙවෙයි. ජාතික ආරක්‍ෂාවේදී බලශක්ති ක්‍ෂේත්‍රය අතිශය වැදගත් වෙනවා. ඒ නිසා එය රජය සතුවීම අතිශය වැදගත් කරුණක්. බැසිල් රාජපක්‍ෂ නම් ඇමරිකානු ද්විත්ව පුරවැසියා අපේ රටේ මේ වැගත්ම සම්පත ඇමරිකානු සමාගමකට පැවරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

කෙරවලපිටිය ඉදිරියට මෙරට විශාලතම බලාගාරය වෙනවා !

කෙරවලපිටිය විදුලි බලාගාරය දැනට මෙගාවොට් 300ක් නිපදවනවා. එය තවත් මෙගාවොට් 300ක් එකතු කිරීමට නියමිතයි. 2025 දී එය මෙගාවොට් 1,000ක් කිරීමේ සැලසුමක් තිබෙනවා. එය විශාලතම බලශක්ති බලාගාරය වීමට නියමිතයි. එය රාජ්‍ය සමාගම් වෙත අයිතිය තිබෙන බලාගාරයක්. දැනට එය ඩීසල්වලින් විදුලිය උත්පාදනය කළත් එයට ඩීසල්වල සිට ගෑස් දක්වා හැරවිය හැකි තාක්‍ෂණයක් තිබෙනවා. නමුත් අපට තවමත් ගෑස් ගබඩාවක්, නළ පද්ධතියක්, ද්‍රව ගෑස් වායු බවට හරවන යාන්ත්‍රණයක් නොමැති නිසා ඩීසල්වලින් විදුලිය නිපදවනවා. එම නිසා ගෑස්වලින් විදුලිය නිපදවීමට අවශ්‍යවන යටිතල පහසුකම් සඳහා අප ජාත්‍යන්තර ලංසු කැඳවීමක් කළා ඛණිජ තෙල් සංස්ථාව භාර අමාත්‍යාංශය විසින්. පසුගිය පෙබරවාරි 18වැනිදා මේ පිළිබඳව ජනමාධ්‍යවල දැන්වීම් පළකළා. මේ අනුව පාවෙන ගෑස් ගබඩා පද්ධතිය සහ නළ පද්ධතිය වෙන්වෙන්ව ටෙන්ඩර් කැඳවලා තිබුණා. එහි ඉල්ලුම්පත්‍ර ලබාගැනීමට රුපියල් ලක්‍ෂ 02ක තැන්පතුවක් ලබාගත්තා. ජූලි 18 වැනි දිනට පෙර ලංසු ඉදිරිපත් කළ යුතුව තිබුණා. එහෙත් බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා මෙම ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් නොකළ නිව් පෝට්‍රට් එනර්ජි නම් ඇමරිකානු සමාගමට කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක්, ගෑස් ගබඩා පද්ධතිය සහ නළ පද්ධතිය ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගත්තා.

ගනුදෙනුව පිරිසිදු නෑ !

මෙය කිසිසේත්ම පිරිසිදු ගනුදෙනුවක් නෙවෙයි. එම ඇමරිකානු සමාගමට අවශ්‍ය නම් ටෙන්ඩරයට ඉදිරිපත් විය හැකිව තිබුණා. නමුත් එයට ඉල්ලුම් නොකළ සමාගමකට ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්‍ෂ විසින් ලබාදී තිබෙනවා. බැසිල්ට තිබෙන්නේ කළු ඉතිහාසයක්. ඔහු මුදල් ඇමති වෙන විටම සමාජය තුළ මේ සාකච්ඡාව මතුවුණා. එම සමාගමටම වසර 05ක් යන තෙක් ගෑස් මිලදී ගැනීමද ටෙන්ඩරයකින් තොරවම ලබාදී තිබෙනවා. එසේම කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකරන වෙනත් ඕනෑම බලාගාරයකට ගෑස් ලබාදීමේ බලයත් මෙම සමාගමට ලබාදී තිබෙනවා. ජනතාව ජීවන බරින් මිරිකී සිටිනවා. ඊට රට මත පැටවී ඇති දැවැන්ත ණය බරත් වගකිව යුතු වෙනවා.

ණය අපරාධයක් නොවුණත් ලංකාව ලබාගත් ණයවලින් රට තුළ අවශ්‍ය වත්කම් ගොඩනැගුණේ නැහැ. එහි තේරුම වංචා-දූෂණ ලෙස විශාල පංගුවක් දේශපාලකයින් අතට පත්වූ නිසයි. සැබවින්ම ආණ්ඩුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම සමාගමට කෙරවලපිටිය පවා දෙන්නේ ඇයිද යන්න රටට පැහැදිලි කළ යුතුව තිබෙනවා.

නිසි කැබිනට් අනුමැතියත් නෑ !

කෙරවලපිටිය බලාගාරයට අදාළ කැබිනට් පත්‍රිකාව 2021.09.06වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් රැස්වීමට දවස් තුනකට පෙර ඇමතිවරයා අතට පත් වුණත් මෙම කැබිනට් පත්‍රිකාව එලෙස ඉදිරිපත් කළේ නැහැ. අතිරේක පත්‍රිකාවක් ලෙස රැස්වීම අවස්ථාවේම ඉදිරිපත් වුණා. ඒ මොහොතේම ඊට අනුමැතියත් ලබාගත්තා, ඇතැම් ඇමතිවරුන්ගේ විරෝධතා මධ්‍යයේ. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව එහිදී ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් එහි කිසිම තේරුමක් නැහැ.

මධ්‍යම රාත්‍රියේ 12.06 ට ගිවිසුම අත්සන් කරලා !

සාමාන්‍යයෙන් සිදුවන්නේ ගිවිසුම සකස් කර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් පසු අත්සන් තැබීමයි. නමුත් මෙහිදී සිදුවුණේ එහි අනෙක් පැත්තයි. ඒ අනුව පසුගිය 17වැනිදා මධ්‍යම රාත්‍රී 12.06ට මෙම ගිවිසුම අත්සන් තබා තිබෙනවා. ඒ සඳහා සමාගමෙන් සහභාගී වූ විදේශිකයා පාන්දර 2 පමණ තිබූ ගුවන් යානයෙන් ඇමරිකාවට ආපසු ගියා.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඇමරිකාවට ගියේ ඉන් පසුවයි. මේ පාලකයන් බලයට ආවේ විකිණූ හම්බන්තොට වරාය ආපසු ගන්නා බව කියමිනුයි. ඔවුන් එවැනි පිරිසක් නොවන බව අපිනම් දැන සිටියා. හම්බන්තොට වරායට බදු සහන ලබාදෙන පනතට විරුද්ධව ඡන්දය දෙන්න රාජපක්‍ෂවරුන් සහ ඔවුන්ගේ හිතවතුන් පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඔවුන් ඡන්දයට පෙර ජනතාවට කී කිසිවක් කළේ නැහැ. ඔවුන් හක්කේ බුදුරැස්- බොක්කේ දඩමස් තිබෙන අය.

පවුලේ කැබිනට්ටුව බලශක්ති ක්ෂේත්‍රය ඇමරිකාවට පවරලා !

අද අපේ රටේ බලශක්ති ක්‍ෂේත්‍රයේ අයිතිය ඇත්තේ කාටද යන්න මත රටේ අනාගතය තීරණය වෙනවා. ගෝඨාභය, මහින්ද, බැසිල් චමල්, නාමල් පවුල් කැබිනෙට්ටුව විසින් බලශක්ති ක්‍ෂේත්‍රය ඇමරිකාවට පවරා තිබෙනවා. වැදගත්ම කරුණ වන්නේ කොවිඞ් තත්වය තුළ ජනතාවට ඊට විරෝධය පළකළ නොහැකි වාතාවරණයක් තුළ මෙම ගනුදෙනුව සිදුවීමයි.

කෘෂිකර්මය රටේ ආර්ථිකයේ වැදගත් අංශයක් මෙන්ම උරුමයක්ද වෙනවා. ලංකාවේ ශිෂ්ඨාචාරයේ මුල් බිම් පදනම් වන්නේ කෘෂිකර්මය ආශ්‍රිතවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අපිට දියුණු වාරි ශිෂ්ඨාචාරයක් උරුම වුණා. ශ්‍රම බලකායෙන් 27%ක් කෘෂිකර්මයේ නියැලී සිටිනවා. ජාතික නිෂ්පාදනයෙන් 7%ක් කෘෂිකර්මය නියෝජනය කරනවා.අපනයනයන්ගෙන් 25%ක් කෘෂිකර්මය මත පදනම් වූ කර්මාන්තයි. මේ තත්වය තුළ කෘෂිකර්මය සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ ගැඹුරින් සිතා බැලීමෙන් අනතුරුවයි.

ආණ්ඩුව වැඩ කරන්නේ මොළෙන් නෙවෙයි ඇඟෙන

නමුත් ආණ්ඩුව සහ ඇමතිවරුන් මොළයෙන් කල්පනා කිරීමෙන් නොව ඇඟේ හයියෙන් තීරණ ගන්නේ. ඔවුන් වරෙක වී මෝල් මාෆියාව බිඳින බව කීවා. නමුත් වැටලීමකින් පසු ඔවුන් රැගෙන ආවේ හාල් කිලෝ ලක්‍ෂ 08ක් පමණයි. රටේ දෛනික සහල් පරිභෝජනය හාල් කිලෝ ලක්‍ෂ 60ක් පමණ වන තත්වයකදී මෙය විහිළුවක්.

එසේම ඔවුන් වී මිලදී ගැනීමේදී සහතික මිලක් වෙනුවට පාලන මිලක් දැම්මා. සහතික මිලක් දැම්මා නම් එය අවම මිල ලෙස පවත්වා ගනිමින් ගොවින්ට වැඩි මිලකට වී විකිණිය හැකිව තිබුණා. නමුත් මෙයින් කියන්නේ රු. 50ට වැඩියෙන් මිලදී ගැනීමට නොහැකි වීමයි. දැන් ගොවීන්ගේ වී වෙළෙඳුන්ට විකුණා අවසන් වූවාට පසුව වී මිල කිලෝවකට රු. 55ක් කර තිබෙනවා. ගොවියාට ලැබිය යුතු මිල අහිමි වෙනවා.

වී වගාවේදී බීජ සමග වල් පැලෑටිවලට අදාල බීජත් ඇතුල් වෙනවා. ඒවා මර්දනය කිරීම සඳහා වල් නාශක භාවිතා කෙරුණා. සාම්ප්‍රදායික වගාවේදී කුඹුරට මාසයක් පමණ වතුර ලබා දෙනවා. වතුර බැඳ තැබුවාම වල් කුණු වෙනවා. නමුත් මහවැලියේ වතුර දෙන්නේ සති දෙකයි. ඒ නිසා සාම්ප්‍රදායික වල් නාශක ක්‍රම ඔවුන්ට භාවිත කරන්න බැහැ. ඔවුනට මෙවර වල් ගැලවීම සඳහා අමතර වියදම් දරන්න සිදුවුණා. බොහෝ දෙනෙකුට වගාව සඳහා යටකළ මුදලවත් අස්වැන්නෙන් ලබාගත නොහැකි වුණා.

කෘෂිකර්මය බිඳ වැටිලා !

රසායනික යෙදවුම් නොමැතිවීම තුළ තේ කර්මාන්තයද බිඳ වට්ටලා තිබෙනවා. කුඩා තේ වතු හිමියන් බොහෝ දෙනෙකුගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ තේ වගාවයි. රසායනික පොහොර භාවිතය නතර කර කාබනික පොහොරවලට යොමුවිය යුතු බව කීවේ තේ වගාව වැනි බෑවුම් පොළොවක කාබනික පොහොර යෙදවීම පිළිබඳව සොයා බැලීමකින් තොරවයි. එසේම බඩඉරිඟු වගාව අභියෝගයකට මුහුණපා තිබෙනවා. එම බීජවලට රසායනික යෙදවුම් අවශ්‍යයි. සාමාන්‍යයෙන් වසරකට බඩඉරිඟු මෙ.ටොන්. 1500ක් ආනයනය කරනවා. නමුත් වගාව සම්බන්ධ අවිනිශ්චිතකම නිසා මෙවර ගෙන්වා ඇත්තේ බීජ මෙ.ටොන් 600යි. දැන ගන්නට තිබෙන අන්දමට එයිනුත් විකිණී තිබෙන්නේ මෙ.ටො. 150ක් පමණයි. මෙයින් පෙනී යන්නේ බඩඉරිඟු වගාව සම්බන්ධව ගොවීන් තුළ ඇති අවිනිශ්චිතතාවයි. මෙය ආහාර නිෂ්පාදනයට සෘජු ලෙසම බලපානවා. රට තුළ බඩඉරිඟු නිෂ්පාදනය නතර වුවහොත් ගෙන්වීමට රටට ඩොලර් පවා නැති තත්වයක මෙය අතිශය බරපතළයි. මේ අනුව කෘෂිකර්මාන්තය දැවැන්ත අනතුරක තිබෙනවා.

අවසානයේ ආණ්ඩුව කාබනික පොහොර නිෂ්පාදනය ගොවීන් ලක්‍ෂ 2ක් ගොඩනගන බව කීවා. ගොවියෙකුට රු. 210,000ක් ලබාදෙන බව කීවා. ජනමාධ්‍යවල දැන්වීම් පළ කළා. ඉන් පසුව ගොවීන් සංඛ්‍යාව ලක්‍ෂයකට අඩු කරන බව කීවා. ඔවුන්ට රු. 150,000 බැගින් ලබාදෙන බව කීවා. පසුව ගෝවීන් ලක්‍ෂය 10,000ට අඩුවුණා. එම ගොවින්ට රු. 110,000 ගානේ ලබා දෙන බව කීවා. අවසානයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයට එක ගොවියෙකුට දෙන බව කීවා. රටේ ගොවිජන සේවා මධ්‍යස්ථාන තියෙන්නේ 560ක් විතර. ගොවීන් ලක්‍ෂ දෙකෙන් පටන් ගෙන 560 දක්වා අඩුවුණේ මෙහෙමයි.

දැන් කාබනික පොහොර ආනයනය කරන්න යනවා !

දැන් කාබනික පොහොර නිෂ්පාදනය කර ගන්න බැරි නිසා ආනයනය කරන්නට සිද්ධ වෙන බව කීවා. අපේ රටේ ශාක නිරෝධායන පනත අනුව කාබනික පොහොර ආනයනය කරන්න බැහැ. ඒ සඳහා පර්යේෂණවලට වසර දෙකක පමණ කාලයක් ගතවෙනවා. ඒ නිසා ආණ්ඩුව ආනයනය කිරීම සඳහා වෙනම ප්‍රතිපත්තියක් හදන්න කීවා. ඇත්තටම ආණ්ඩුව ඡන්ද කාලෙදි කීවේ රසායනික පොහොර නොමිලේ දෙන බවයි. පසුගිය අප්‍රේල් මුල රසායනික පොහොර ආනයනය නතර කළා. ඒ, මේ බලපෑම පිළිබඳව කිසිදු ගණන් බැලීමක් කළේ නැහැ. එය පසුගිය යළ කන්නයට බලෑවේ නැත්තේ ඒ වනවිටත් බොහෝ වගා කටයුතු ආරම්භ වී තිබුණු නිසයි. නමුත් දැන් මහ කන්නය ආරම්භ වෙමින් තිබෙනවා. තමන්ගේ ගොවිතැන් පිළිබඳව ගොවීන් අසරණ වී තිබෙනවා. ඔවුන්ගේ අස්වැන්න සම්බන්ධයෙන් ඔවුන්ට තිබෙන්නේ අවිනිශ්චිතතාවයක්.

ගොවීන්ට ගොවිතැන එපා කරවා එම ගොවි බිම් ආණ්ඩුවේ හිතවතුන්ට ලබාගැනීමේ අදහසකුත් මේ පිටුපස තිබිය හැකියි. 2021.08.05වැනි දින මහින්දානන්ද කෘෂිකර්ම ඇමතිවරයා කාබනික පොහොර ආනයනය සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. කාබනික පොහොර ආනයනය මගින් වෙනත් රටවල ක්‍ෂුද්‍ර ජීවීන් මෙරටට ඇතුල්විය හැකි බව පර්යේෂකයන් අනතුරු ඇඟවූවා. නමුත් ආණ්ඩුව චීනයෙන් කාබනික පොහොර ආනයනය කිරීමට අනුමැතිය ලබාගත්තා.

කාබනික පොහොර ටෙන්ඩරය චීනයට දෙන්න යන්නේ !

ආනයනික කාබනික පොහොර වල ආක්‍රමණික ශාඛ, ක්‍ෂුද්‍ර ජීවීන් ඇතුල්වීම වැළැක්වීමට ශාක නිරෝධානයන පනත ක්‍රියා කරනවා. ආණ්ඩුව විසින් ආනයනය කිරීමට නියමිත පොහොර සාම්පල්වල ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බව වාර්තා කර තිබෙනවා. මේ සාම්පලය ජීවානුහරණය කර නොමැති බව එම වාර්තාවේ සඳහන් වෙනවා. දැන් ඇමතිවරයා එම සාම්පලය අවිධිමත් යැයි සී.අයි.ඩී.යට යන බවට තර්ජනය කරනවා. හානිකර ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බව සොයාගත් ආයතනය වංචා කළ බවට චෝදනා කරනවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ කෙසේ හෝ චීන සමාගමට මෙම ටෙන්ඩරය ලබාදීමටයි. ජනාධිපතිවරයා මෙම තීන්දුව ගනිද්දී බරපතළ ලෙස සලකා බැලිය යුතුව තිබුණා. නමුත් ආණ්ඩුව තීන්දුව අරන් තිබෙන්නේ මොළෙන් නොව ඇඟෙනුයි. මුළු කෘෂි කර්මාන්තය අනතුරට පත්වී තිබෙන්නේ මේ තත්වය තුළයි.”

නැව් තෙල් සැපයීමෙන් විශාල ආදායමක් ලැබුවා. නමුත් ඒවා පෞද්ගලීකරණය කිරීමෙන් රාජ්‍ය ආදායම අහිමිකර ගත්තා. තෙල් සංස්ථාව සිදුවූ දේ රටට අත්වූ ඉරණම පිළිබඳ හොඳ සාම්පලයක්.

ආණ්ඩුවේ කණ්ඩායම් සහ පුද්ගලයින් තම තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ගැටුම් ඇතිකර ගත්තාට රටට හානිකර දේවලට එරෙහිව ඔවුන් අතර ගැටුමක් නැහැ. ඔවුන් රණ්ඩු කරන්නේ තමන්ගේ ඕ.අයි.සී. මාරුකර වෙනත් ඇමතිවරයෙකුගේ ඕ.අයි.සී. කෙනෙක් පත්කිරීම වගේ දේකටයි. කෙරවලපිටිය විකිණීම වගේ කරුණකදී ඔවුන් සියලු දෙනා සිටින්නේ එකට.”

ජගත් කුමාරට එරෙහිව පොහොට්ටුවෙන් විනය පරීක්ෂණයක් !

සිය පක්ෂයේම කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු විවේචනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් විනය පරීක්ෂණයක් සිදු කිරන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරයි.

ජගත් කුමාර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් සිදු කළ ප්‍රකාශය කිසිසේත් අනුමත නොකරන බවත් මන්ත්‍රීවරයා පක්ෂයේ විනය කඩකරමින් කටයුතු කර ඇති බවත් පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් පවසයි.

ඉතාලි සංචාරය අවසන් කර අගමැති පැමිණි පසු පක්ෂයේ විනය කමිටුව රැස් වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් පවසයි.

මේ පවසන්නේ "සරත් වීරසේකර, ගාමිණී ලොකුගේ කුපාඩි වැඩ කරනවා…” යැයි මාධ්‍ය හමුවක් කැඳවමින් ජගත් කුමාර මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය ගැන විය යුතුය.

කෙසේ වුවත් පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ , පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනකුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වරදක් බවට මේ වන විටත් තීන්දුකර ඇති බවකි.

Page 436 of 474