පසු ගිය දිනකිහිපයක විපක්ෂ නායක කාර්යාලයේ නිල ලිපි ශීර්ෂයට සමාන ලිපි ශිර්ෂයක් සහ විපක්ෂ නායකවරයා ගේ යැයි හැගවෙන අත්සනක් යොදාගනිමින් විපක්ෂනායක කාර්යාලයේ මාධ්‍ය නිවේදන ලෙස ප්‍රකාශන දෙකක් විවිධ සමාජමාධ්‍ය වේදිකා සහ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරණය විම සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදි සමාජවාදි ජනරජයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවට අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තුවේ දී කළ සහතික වීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජතික ව්‍යාපාරය අතිශයින්ම සතුටට පත්වන බවත්, එමෙන් ම රජයේ එම ක්‍රියාමාර්ගයට සුබ පතන අතර ම සංවිධානයක් ලෙස ඔවුන්, ඔවුන් ගේ උපරිම සහාය ද පළ කරන බව ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
බුද්ධශාසන,ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සමග රාජ්‍ය සිනමා අනුමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන, ‘ශ්‍රී ලාංකීය සිනමාවේ ශත සංවත්සරය (1925-2025) සහ 75 වසරක මෙරට කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය 2025 දෙසැම්බර් 29 වන සඳුදා, සවස 4.30 ට කොළඹ 05, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටි ‘ඇසිදිසි මැදුර’ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
