පුවත්

ප්‍රා.ලේ 30 කට නායයෑමේ අනතුරු ඇඟවීම් !
මේ වන විට පවතින වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර දිස්ත්‍රික්ක 8 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 කට නායයෑමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (01) පැවසීය.
ඊට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, කොලොන්න, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, කළවාන, ඇහැලියගොඩ, කිරිඇල්ල, රත්නපුර, ඇළපාත සහ නිවිතිගල, මාතර දිස්ත්‍රික්කයේ මුලටියන, අතුරලිය, කොටපොළ සහ පිටබැද්දර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දෙහිඕවිට, කෑගල්ල, දැරණියගල සහ යටියන්තොට, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරළය, කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, මතුගම, බුලත්සිංහල අගලවත්ත, බුගත්සිංහ සහ ඉංගිරිය, හම්බන්තොට දිස්ත්‍රිකක්යේ වළස්මුල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නෙළුව සහ මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට මෙසේ නායයෑමේ අවදානම් තව දුරටත් බලපැවැත්වේ.

රටවල් 23 ක විදෙස් අමාත්‍යවරුන් ලංකාවට !
ඉන්දියානු සාගර වටද්දර සමුළුව (IORA) ඔක්තෝබර් (මෙම මස) 11දා කොළඹදී ආරම්භ වෙයි. මේ සඳහා විවිධ රටවල් 23ක විදේශ අමාත්‍යවරුන් කොළඹට පැමිණීමට නියමිතය.
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් ඇතුළු ආසියානු අප්‍රිකානු රටවල් රැසක විදේශ අමාත්‍යවරුන්ද මේ සඳහා එක්වන බව වාර්තා වෙයි.
ප්‍රධාන රටවල් 23ට අමතරව IORA සමුළුව නිරීක්ෂණ මට්ටමින් තවත් රටවල් 10ක් සහභාගි වෙති. ඇමෙරිකාව, චීනය, රුසියාව, ජපානය, ඊජිප්තුව ආදී රටවල් ඒ අතර වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම IORA සමුළුවේදී ගෝලීය ආර්ථික උපාය මාර්ගයක් සම්පාදනය, පොදු කලාපීය අභියෝග ජයගැනීමට වේදිකාවක් වීම, සංචාරක හා සංස්කෘතික අංශවල ප්‍රබෝධය සඳහා සැලසුමක් සැකසීම වැනි ප්‍රධාන අරමුණු සාධනය සඳහා කටයුතු කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. මෙම සමුළුව ඔක්තෝබර් 11-12 දෙදිනම පැවැත්වෙයි.
- deshaya

සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනයක්
සයිනොපෙක් සමාගම අද (01) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
එහෙත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල නොවෙනස්ව ඇත.
ඒ අනුව එහි ලීටරයක මිල රුපියල් 358කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය ක මිල රුපියල් 6කින් වැඩිකර ඇත. එහි නව මිල රුපියල් 420කි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 348 දක්වා රුපියල් 10කින්ද සුපර් ඩීසල් ලීටරයක මිල.රුපියල් 61කින් රුපියල් 417 දක්වා ද වැඩිකර තිබේ.

මල්වතු මහනායක හිමි ලෙස පෙනීසිට මුදල් වංචා කරලා !
මල්වතු මහනායකහිමියන් ලෙස පෙනී සිටිමින් මහා පරිමාණයෙන් මුදල් වංචා සිදුකළ පුද්ගලයෙකු නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කරන ආකාරයට දුරකථන ඇමතුම් ලබාදී ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා පිටත්කර යැවීමට හැකි බව පවසමින් සැකකරු එම මුදල් වංචාව සිදුකර ඇත.
රුපියල් 137,000ක මුදලක් සැකකරු විසින් වංචනික ලෙස තමන්ගෙන් තබා ගත් බවට නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත පොලීසිය සිදුකළ විමර්ශනයක දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු විසින් ජාතික පුවත්පත්වල පළවන ඉඩම් හා දේපළ විකිණීම් සම්බන්ධ දැන්වීම්වල සඳහන් පුද්ගලයන්ගේ දුරකථන අංකවලට ඇමතුම් ලබා දී තමන් මල්වතු විහාරයේ මහනායක ස්වාමින් වහන්සේ බවත් තමන්ගේ සහෝදරයා ඔස්ට්‍රේලියාවේ පදිංචි බවත් ඔහුට ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය බවත් පළමුවෙන් පවසා තිබේ.
ඒ ආකාරයට පුද්ගලයා සමඟ හිතවත්කම ගොඩනගා ගන්නා සැකකරු ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයා තමන්ගේ මිත්‍රයෙකු බව ද පවසා, ඒ අනුව අවශ්‍ය නම් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෙකු කිසිදු අයකිරීමකින් තොරව පහසුවෙන් ඔස්ට්‍රේලියාවේ රැකියාවකට හෝ අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීමට හැකි බව පවසා ඇත.
අවශ්‍ය වන්නේ ලියාපදිංචි ගාස්තු වශයෙන් පමණක් රුපියල් 130,000ක මුදලක් බවත් පවසා එම මුදල සැකකරුගේ බැංකු ගිණුමකට බැර කරගෙන තිබේ.
මේ ආකාරයට සැකකරු විසින් පුද්ගලයින්ගෙන් මහා පරිමාණයෙන් මුදල් වංචා රාශියක් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.
බොහෝ අවස්ථාවලදී පුද්ගලයින් රැවටීම සඳහා මෙම සැකකරු විසින්ම ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස ද පෙනී සිට දුරකථන ඇමතුම් ලබා දී ඇති බව ද සැකකරුගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණව වී ඇත.
සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මුදල් ගෙන්වාගත් පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් ද සැකකරු විසින් ගෙන්වාගෙන ඇති අතර එමඟින් තවත් පුද්ගලයන් රැවටීම සඳහා සිම් පත් 100ත් 120ත් අතර ගණනක් මිලදී ගෙන ඇති බවය.
සැකකරු සතුව තිබී ජංගම දුරකථන 11ක්, ටැබ් යන්ත්‍රයක්, අන්තර්ජාල සැපයුම උපකරණ, බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කළ රිසිට්පත්, විවිධ නම්වලින් සකසන ලද නිල මුද්‍රා තොගයක් හමුව තිබේ.
මුදල් තැන්පත්කර ගැනීම සඳහා මෙම පුද්ගලයා විසින් ව්‍යාජ ජාතික හැඳුනුම්පත් කිහිපයක් භාවිත කරමින් බැංකු ගිණුම් 15කට ආසන්න ගණනක් සාදා ඇති අතර ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිත කරමින් ඔහු විවාහයන් කිහිපයක් ද සිදුකරගෙන ඇති බව පොලීසිය පවසයි.
ගාල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයකු වන සැකකරු නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් කේ.ඩී. විජේවික්‍රම වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මාලදිවයිනේ නව ජනාධිපතිට ජනාධිපති රනිල්ගෙන් ඇමතුමක් !
මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ උණුසුම් සුබපැතුම් පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි .
නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කරන අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
මොහොමඩ් මුයිසු වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස තම සුබපැතුම් පළ කළේය.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් දෙරට අතර පවත්නා සමීප සහ සුහද ද්විපාර්ශ්වික සබඳතා නව ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පාලන කාලය තුළ තවදුරටත් ශක්තිමත් සහ බහුවිධ හවුල්කාරිත්වයක් බවට පත් කර ගැනීම සම්බන්ධයෙන් තමන් තුළ ඇති කැමැත්ත ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කරනු ලැබීය.
එසේම අධ්‍යාපන, සෞඛ්‍ය මෙන්ම ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන යන ක්ෂේත්‍ර ආවරණය කරමින් ආර්ථික සහයෝගිතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය.
නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ පාලන කාලය තුළ මාලදිවයිනට සමෘද්ධිය උදාවනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාලදිවයින රජයට සහ එරට සියලු සහෝදර ජනතාවට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ හෘදයාංගම සුභාශිංසන පළ කරන බවද සඳහන් කළේය.

සියල්ලට වඩා දරුවන් වටී : ලෝක ළමා දිනය අදයි
ශ්‍රී ලංකාව අන්තර්ජාතික ළමා (හා වැඩිහිටි) දිනය සමරන අද ඔක්තෝබර් මස 01 දාය.
සියල්ලට වඩා දරුවන් වටී යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි.
ලෝක ළමා දිනය නිමිත්තෙන් සංවිධානය කර ඇති ජාතික උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ සඳහන් කළේ, ළමුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් රට තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.
මේ අතර, දරුවන්ට නිදහසේ සහ සුරක්ෂිතව ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කර දීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
එහි සභාපති උදයකුමාර අමරසිංහ සඳහන් කළේ, දරුවන් හිංසනයට සහ කෘරත්වයට ලක්වීම පාලනය කිරීම සඳහා නව නීති හදුන්වාදීමට කටයුතු කර ඇති බවයි.
මෙම දිනය ළමයින් සැමරීමේ දිනය ලෙස අද දක්වා වර්ධනය වීම හා සම්බන්ධ ඉතිහාසයක් පවතින අතර, එය මීට පෙර වසර 165 කට පෙර සිදුවීමකි.
මෙම දිනය සැමරීමේ පුරෝගාමියා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නෝර්ත්වුඩ් නිව්හැම්ප්ෂයර්හි දී උපත ලැබූ චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමා විසිනි
ඔහු 1857 දී මානව සමාජයේ පැවැත්ම සඳහා අනාගත සමාජයට පුරවැසියන් වශයෙන් ඒකරාශී වන දරුවන් රැකගැනීම හා ඔවුන්ගේ ශුභ සිද්ධිය පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය ප්‍රථම වරට යොමු කළේ ආචාර්ය චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමා විසින්ය.
එම දිනය රෝස දිනය ලෙස ඔහු නම් කර තිබුණි.
තුර්කි රජය විසින් 1920 දී ප්‍රථම වරට එය ජාතික දිනයක් ලෙස වාර්ෂිකව සැමරීම ආරම්භ විය.
බටහිර රටවල් රාශියක් එය පිළිගෙන වාර්ෂිකව 1950 ජූනි 01 දා සිට ළමයින් ආරක්ෂා කිරීමේ දිනය ලෙස නම් කර වාර්ෂිකව වර්ෂයක් පාසා පැවැත්විය.
එම දිනය විශ්ව ළමා දිනය ලෙස නම් කරමින් 1954 නොවැම්බර් මස 20 දා සිට වාර්ෂිකව සැමරීම සිදුවූ අතර, ඕනෑම රටකට පහසු දිනයක එම දිනය සැමරීමට හැකි බවද ප්‍රකාශයට විය
ඒ අනුව ශ්‍රී ලංකාව ද අන්තර්ජාතික ලෝක ළමා දිනය වාර්ෂිකව ඔක්තෝබර් මස පළමු වැනිදා ළමයින්ගේ රැකවරණය හා ශුභ සිද්ධිය සැමරීමේ දිනය ලෙස සැමරීම සඳහා යොදා ගනු ලබයි.
මෙම දිනය තවදුරටත් ශක්තිමත් වීම 1990 දී එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ දී ළමා ප්‍රඥප්තිය සම්මත වීමත් සමග සිදුවිය.
මේ අතීත සිදුවීම් සමඟ සෑම වර්ෂයකම ඔක්තෝම්බර් 01 වැනිදා අප ලෝක ළමා දිනය සමරයි.

ජනපති යළි දිවයිනට
ජර්මනියේ පැවති ” බර්ලින් ගෝලීය” සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද (01) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සදහන් කරයි.
ඔවුන් ජර්මනියේ බර්ලින් නුවර සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ , එතැන් සිට 10/01 දින උදෑසන 09.35 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වූ හේතුව ගැන අනාවරණයක් !
කුරුන්දි විහාරයේ නඩුව විමසූ මුලතිව් දිසා විනිසුරු ටී. සරවනරාජා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ සරත් වීරසේකර ගේ තර්ජන නිසා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව සඳහන් කරන අතර කුරුන්දි පුදබිම බෞද්ධ හින්දු දෙපාර්ශවයම වැඳුම් පිදුම් කරන ස්ථානයක් බව ද සඳහන් කරයි.
තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජාතිවාදී භික්ෂුවක් එහි විශාල අවුලක් නිර්මාණය කොට ඇති බවටද පුබුදු ජයගොඩ චෝදනා කළේය.

ඇමරිකානු පුරවැසිභාවය අත්හරින්නේ නෑ : බැසිල් දැඩි ස්ථාවරයක !
තමන් ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමේ කිසිදු සූදානමක නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි .
තමන් මීට පෙර ද එම ස්ථාවරයේ සිටි බවත් දැනටත් සිටින්නේද එම ස්ථාවරයේම බවත් ඔහු සඳහන් කරයි.
ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මෙතෙක් තීන්දු කර නැති බවත් පවසන ඔහු දැන් ඇත්තේ වැසි වැටුනොත් ගඟ පිරෙයි වැනි තත්ත්වයක් බවද කියා සිටියි.
කෙසේ වෙතත් පක්ෂයක් ලෙස අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි යන මතය පක්ෂය තුළ ප්‍රබල ව නැගී එන බවද පවසන ඔහු එසේ නැතිව අපේක්ෂකයා කවුදැයි තවම තීරණය කර නැති බවද සඳහන් කර සිටියි .

ප්‍රදේශ කිහිපයක නායයෑම් අනතුරු තවදුරටත් දීර්ඝ කෙරේ
දිස්ත්‍රික්ක 08ක ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් වෙත නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන මෙලෙස දීර්ඝ කර ඇති බවයි.
මෙලෙස නායයෑම් අනතුරු දීර්ඝ කර තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉංගිරිය, වලල්ලාවිට, බුලත්සිංහල හා අගලවත්ත, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ යන ප්‍රදේශ සඳහායි.
එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, මුලටියන, පිටබැද්දර, කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම, ඇහැලියගොඩ, රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, නිවිතිගල, කිරිඇල්ල, ඇලපාත, ඉඹුල්පේ, කොලොන්න යන ප්‍රදේශවලටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, දෙහිඕවිට, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත යන ප්‍රදේශවලටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇති බව සඳහන් වෙයි.

කුරුන්දි විහාර නඩුව ඇසූ මහේස්ත්‍රාත් ඉල්ලා අස්වීමට හේතු සොයන්නැයි ජනපතිගෙන් උපදෙස්
මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මරණ තර්ජන ඇති බව පවසමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ තමන්ට තර්ජනයක් ඇති බවට මහේස්ත්‍රාත්වරයා මීට පෙර කිසිදු අවස්ථාවක පොලීසියට හෝ අධිකරණ සේවා කොමිසමට දැනුම් නොදී ඉල්ලා අස්වී තිබීම නිසාවෙනි.
එම නිසා මෙම සිද්ධියේ සුල මුල ගැන වහාම සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත.
ඒ අනුව, සිද්ධිය පිළිබඳ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ.
එහිදි හෙලිවී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා මරණ තර්ජන පිළිබඳ මීට පෙර කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවයි.
මහේස්ත්‍රාත්වරයා ඉකුත් 24 වනදා විදේශගතව ඇත්තේ සැප්තැම්බර් 23 වනදා තම අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරමින්ය.
මහේස්ත්‍රාත්වරයා නීතිපති සම්බන්ධයෙන් කර ඇති චෝදනාව පිළිබඳවද ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාගෙන් විමසා ඇති අතර, එහිදී නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවකු කරමින් අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවක් වෙනුවෙන් පෙනී සිටින ලෙස අධිකරණ සේවා කොමිසම හරහා කළ ඉල්ලීමක්ට අනුව සිය නිල මැදිරියේදී ඔහු සමඟ සාකච්ඡා කළ බවයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් තිදෙනකු ඉදිරියේ මුලතිව් මහේස්ත්‍රාත් සමඟ නීතිමය කටයුතු සාකච්ඡා කළ බවත් එහිදී මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටිමින් මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීම වැරදි බවට දැනුම්දීමට එකඟ වූ බවත් නීතිපතිවරයා එහිදී පවසා ඇතැයි සඳහන්.
ඊට අමතරව බුද්ධි අංශ ජනාධිපති කාර්යාලය වෙත වාර්තා කර ඇත්තේ මහේස්ත්‍රාත්වරයා තානාපති කාර්යාල කිහිපයක නිලධාරීන් සමඟ සමීපව ගණුදෙනු කර ඇති බවයි.
මේ සියලු කාරණා අනුව මෙය තවත් චැනල් 4 නාට්‍යයක් ද නැතිනම් සත්‍ය වශයෙන්ම ඔහුට මරණ තර්ජන තිබුණේ ද යන්න පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.

2024 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට : වැඩිම මුදල ආරක්ෂාවට !
එළඹෙන 2024 වසරේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහි වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් ය.
එම මුදල රුපියල් කෝටි 42271ක් වන අතර ඊට පසුව වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වන අතර එම මුදල කෝටි 41028කි.
විසර්ජන පනත් කෙටුම්පත අනුව ලබන වසරේ රජයේ වියදම් සඳහා රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ හය දහසකට වැඩි මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරයි.
ලබන වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීමටවූ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳවූ ගැසට් නිවේදනය පසුගිය 27 වැනිදා නිකුත් කරනු ලැබීය.
මීට අමතරව ජනාධිපති කාර්යාලය වෙනුවෙන් රුපියල් කෝටි 659 ක්ද අග්‍රාමාත්‍ය කාර්යාලය වෙනුවෙන් කෝටි 115 කට වැඩි මුදලක්ද උපරිමාධිකරණ වල විනිශ්චකාරවරුන් වෙනුවෙන් රුපියල් කෝටි 51 ක්ද වැය කෙරෙන බව විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වේ.
මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් රුපියල් කෝටි 85 ක්ද පාර්ලිමේන්තුව වෙනුවෙන් රුපියල් කෝටි හාරසිය තිස් දෙකක්ද මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් කෝටි 22494ක්ද විදේශ කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් කෝටි 1960ක්ද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 10041ක්ද වෙන් කෙරේ.
මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් කෝටි 23705 ක්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් කෝටි 5577 ක්ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් කෝටි 14073ක්ද වෙන් කෙරෙනු ඇත.

ජනපති යුරෝපා කවුන්සිලයේ සභාපති හමුවෙයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් (Charles Michel) අතර නිල හමුව ඊයේ (28) බර්ලින් නුවරදී සිදු විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන අය ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ජනපති සහ කසකස්ථාන ජනපති අතර හමුවක් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev) අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (28) බර්ලින් නුවරදී සිදු විය.
“ගෝලීය ආර්ථික පරිවර්තනයන් හමුවේ කසකස්ථානයේ භූමිකාව” පිළිබඳ රාජ්‍ය නායක සැසිවාරය කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev) ගේ ප්‍රධානත්වයෙන් “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සමගාමීව ඊයේ පැවැත්වුණු අතර ඒ සඳහා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන අය ද එම අවස්ථාවට එක්ව සිටියහ.

පාපන්දු සභාපති ධූරය යළිත් ජස්වර් උමාර්ට !
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් ඡන්දයෙන් තේරී පත් වී තිබේ.
ඔහු මීට පෙර ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දරනු ලැබිණ.
අද (29) පැවැත්වුණු පාපන්දු නිලවරණයේ දී ජස්වර් උමාර් හට ඡන්ද 45ක් ලැබුණු බව වාර්තා වේ.

ජනපති සහ ජර්මාන් චාන්සලර් හමු වෙති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු විය.
එසේම “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සමගාමීව ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති “බහු ධ්‍රැවීය ලෝකය තුළ සහයෝගීතාවය වැඩි දියුණු කිරීම” පිළිබඳ රාජ්‍ය නායක සංවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන අය ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ළමා දිනයට දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ බලන්න අවස්ථාවක්
ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එදින දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී තිබේ.
ඒ, වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහාය.
එදින දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කෙරෙන බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලෙකෝ සමාගමේ විදුලි බිලට අලුත් බද්දක්
ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි බිලට මේ මාසයේ සමාජ ආරක්ෂණ බද්දක් එක්කරන බව එම සමාගම පවසයි.
මේ මාසයේ සිට සියයට 2.5 ක් ලෙස මෙම සමාජ ආරක්ෂණ බද්ද ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව සැප්තැම්බර් 08 වනදා සිට එය බලපැවැත්වෙන අතර ලබන මාසයේ පාරිභෝගිකයා වෙත ලැබෙන විදුලි බිලෙහි නව බද්ද ඇතුළත් කර තිබෙන බව විදුලිබල අමාත්‍යංශය පැවසීය.
විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කළ බිල්පත් සඳහා මීට පෙර සිට එම බදු අය කළ අතර 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතේ දෝෂ තත්ත්වයක් හේතුවෙන් ලෙකෝ බිල්පත් සඳහා එය ඇතුළත් කර නොතිබුණි.
Page 162 of 474