V2025

පුවත්

සීමා නීර්ණ කොමිසමේ රැස්වීම : සජබ - පොහොට්ටුව වර්ජනය කරලා !

මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණ කොමිසම විසින් කැඳවා තිබූ විශේෂ රැස්වීමක් පොදුජන පෙරමුණ සහ සමගි ජනබලවේගය පක්ෂය විසින් වර්ජනය කර ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට පළාත් පාලන මැතිවරණ බල ප්‍රදේශ සීමා නිර්ණය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා දේශපාලන පක්ෂ කැඳවා පවත්වන ලද විශේෂ රැස්වීම මෙසේ එම පපක්ෂ විසින් වර්ජනය කර තිබේ.

විශේෂ සිදුවීම වන්නේ මෙම පපක්ෂ දෙක පාර්ලිමේන්තුවේ බහුතරය නියෝජනය කිරීම ය.

කෙසේ වුවත් පොදුජන පෙරමුණට සම්බන්ධ ඇතැම් හවුල්කාර පක්ෂ සහ සමගි ජන බලවේගයට සම්බන්ධ ඇතැම් හවුල්කාර පක්ෂ මෙම හමුවට පැමිණ ඇති බවත් වාර්තා වෙයි .

අදාළ රැස්වීමට සහභාගි වූ බහුතර පක්ෂ ඉල්ලා නියමිත පරිදි පළාත් පාලන ඡන්දය පවත්වන ලෙස ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි .

ඇතැම් පක්ෂ සීමා නිර්ණය මගින් මහජන නියෝජිතයන් සංඛ්‍යාව අඩු කිරීමට විරුද්ධව අදහස් දක්වා ඇති බවත් තවත් සමහර මුස්ලිම් හා දෙමළ පක්ෂ සීමා නිර්ණය කටයුතු කෙරේ තමන්ගේ කිසිදු විශ්වාසයක් නැතැයි ප්‍රකාශ කර ඇති බවත් දැනගන්නට ඇත .

කෙසේ වෙතත් මෙම රැස්වීම සඳහා නොපැමිණි දේශපාලන පක්ෂවලට මෙම මස 27 දින පැවැත්වෙන දේශපාලන පක්ෂ රැස්වීම සඳහා නැවත ආරාධනා කරන බව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණ කොමිසම පවසයි .

දිස්ත්‍රික්ක 04කට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 4කට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

 මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය එම දිස්ත්‍රික්ක 04 වේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අදාළ දිස්ත්‍රික්කවල ජනතාට දැනුම් දෙන්නේ,එම දිස්ත්‍රික්කවල ජනතාවට කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරළීම් හා පොළොව ගිලා බැසීම් පිළිබඳව විමසිලිමත්වන ලෙසයි.

මේ අතර උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව, දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයකර තිබේ.

ඒ,මහනුවර දුම්රිය අංගනය ජලයෙන් යටවීම හේතුවෙනි.

දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනවිරත්න  ප්‍රකාශ කළේ, ජල මට්ටම නිරීක්ෂණය කරමින් සිටින බවයි.

ආශු CID යයි !

ජනාධිපති හිටපු උපදේශක ආශු මාරසිංහ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වෙන වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කර තිබේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආශු මාරසිංහ මෙසේ පැවසීය .

"මෙය නීතිය ඉදිරියේ තියෙන කාරණයක්. අසත්‍ය කාරණයක්. ඒ නිසා මම මේ ගැන කතා කරන්නේ නැහැ. මගේ නීතිඥවරයා මේ ගැන කතා කරයි."

අනතුරුව ආශු මාරසිංහගේ නීතිඥයා මෙසේ මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

"ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ඉතාමත්ම පිළිකුල් සහගත, අසත්‍ය, සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් මේ වනවිට සමාජ ජාලා පුරා සංසරණය වෙනවා. ඒ වගේම කරුණු විකෘති කරල ලද ඡායාරූප කිහිපයක් ඉදිරිපත් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ පැවැත්වුවා. ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා."

"මාගේ සේවාදායකයා සහ එක්තරා කාන්තාවක් අධ්‍යක්ෂ ධුරය දරන සමාගමක ඇතිවෙන ආරවුලක්. ඒ ආරවුල මත විශාල මුදල් ප්‍රමාණයක් මගේ සේවාදායකයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ පසුබිම තමයි මේ දේවල් සිදුවෙන්නේ."

පුංචි ජන්දය ගැන මැතිවරණ කොමිසමේ තීන්දුව මෙන්න !

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම ජනවාරි මස 05 වැනි දිනට පෙර නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත .

ඒ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ දී ඊයේ (23) පැවැති සාකච්ඡාව අවස්ථාවේ ය.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දිනය සහ නාම යෝජනා භාර ගන්නා කාලය පිලිබද දැන්වීම දෙසැම්බර් මස අවසන් සතියේ නිකුත් කරන බවට මීට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණ.

එහෙත් ඊයේ පැවැති සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ එම දැන්වීම ජනවාරි මස 05 වැනි දිනට නිකුත් කිරීමට ය.

මේ අතර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර කොමසාරිස්වරුන් ඊයේ පෙරවරුවේ කොළඹට කැඳවා තිබූ අතර එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ඔවුන්ට ලබා දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි .

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මස මැද දිනක දී පැවැත්වෙනු ඇතැයි ද ආරංචිමාර්ග සඳහන් කරයි.

නව පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමත් නඩුවක් වෙලා !

පොලිස් ස්ථාන 260ක් සඳහා නව ස්ථානාධිපතිවරුන් පත්කරමින් ඊට අදාළ ලැයිස්තුව ඊයේ (23) දිනයේදී නිකුත් කර තිබිණි.

කෙසේවෙතත් මෙම ස්ථාන මාරු සම්බන්ධයෙන් උරණ වූ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මේ වනවිට තමන්ට අවශ්‍ය අය එක් එක් පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් වශයෙන් පත්කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටින බව ආරංචිමාර්ග සඳහන් කළේය.

මෙවර පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදී තිබුණේ ඊට අදාළ නිසි වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරමිනි. එනම්, කිසිදු දේශපාලන බලපෑමකට කිසිදු ඉඩක් නොතබමිනි.

ඒ අනුව මුලින්ම පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා අයදුම්පත් කැඳවා තිබුණු අතර ඊට අයදුම්පත් 1300 කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබිණි. ඒ සඳහා පත්කෙරුණු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් එම පිරිස සම්මුඛ පරීක්ෂණවලට භාජනය කරන ලද අතර එහිදී අයදුම්කරුවන් 1024 දෙනෙකු එම මණ්ඩලය විසින් තෝරාගෙන තිබිණි. එම නාමලේඛනය ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව තෝරා නොගැනුණු අය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට දින 14ක කාලයක් ලබාදෙන ලදී. එම දින 14 තුළ අභියාචනා ඉදිරිපත් කළ අය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අභියාචනා මණ්ඩලයක් පත්කෙරුණු අතර එහිදී තවත් 67 දෙනෙකු තෝරාගන්නා ලදී.

ඒ ආකාරයෙන් තෝරාගන්නා ලද 1091 දෙනෙකුගේ නාමලේඛනය අවසානයේ ප්‍රකාශයට පත්කෙරුණු අතර ඒ ඒ නිලධාරීන්ගේ සුදුකම් අනුව ඔවුන්ව A1, A2, A3, B, C, D වශයෙන් ශ්‍රේණිගත කර තිබිණි. ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථාන ද ඒ ආකාරයෙන්ම ශ්‍රේණිගත කර තිබෙන හෙයින් ගැලපෙන අයට අදාළ පත්වීම් ලබාදෙන ලදී.

මෙහිදී තවත් කරුණයක් සැලකිල්ලට ගෙන තිබිණි. එනම් ඒ ඒ නිලධාරියාගේ උපන් ගම හෝ පදිංචි ගම හෝ බිරිඳගේ ගමට පත්වීම් ලබා නොදීමටයි.

එලෙසින් සකස් කෙරුණු ස්ථාන මාරුවීම් ලේඛනය ඊයේ ප්‍රසිද්ධියට පත්කෙරිණි. ඇත්තෙන්ම මෙය සම්පූර්ණයෙන්ම නිසි ක්‍රමවේදය අනුගමන කරමින් පොලිස් ස්ථානාධිපති පත්වීම් ලබාදුන් පළමු අවස්ථාව වශයෙන් සැලකිය හැකි බවයි පොලිස් ආරංචිමාර්ග පැවසුවේ.

එසේ තිබියදීත් අද (24) දිනය වනවිට ආණ්ඩු පක්ෂයේම පාර්ලිමේන්තු නියෝජිතයින් කිහිප දෙනෙකු මෙම ලැයිස්තුවට එරෙහිව මහජන ආරක්ෂක අමාත්‍යවරයාට ඉල්ලීම් ඉදිරිපත් කරමින් බලපෑම් කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. ඒ, තමතමන්ගේ හිතවතුන් තමන්ට අවශ්‍ය පොලිස් ස්ථාන සඳහා පත්කර දෙන ලෙස ඉල්ලමිනි.

ඇත්තෙන්ම දන්නා කාලයක් තිස්සේ අපේ රටේ පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කෙරුණේ ඒ ඒ ප්‍රදේශවල සිටින ආණ්ඩු පක්ෂයේ දේශපාලන බලවතුන්ට ඕනෑ ඕනෑ පරිද්දෙනි. එසේ පත්කරගත් දේශපාලන හිතවතුන් වැඩ කළේ අදාළ දේශපාලනඥයාට ඕනෑ හැටියට ය. පසුගිය මහා ජන අරගලය ආරම්භ වුණේ ද මෙවැනි දේශපාලනඥයින්ගේ දූෂිත ක්‍රියාකාරකම්වලට එරෙහිව ය. එහෙත් ඒ දේශපාලනඥයින් තවමත් පාඩමක් ඉගෙන ගෙන නොමැති බව පෙනෙන්නේ ඔවුන් තවදුරටත් තමන්ගේ පැරණි දූෂිත ක්‍රියාවලියම ඉල්ලමින් බලපෑම් කරන්නට පටන් අරගෙන ඇති නිසා ය. ඔවුන් මේ නටන්නේ යළි අරගලයක් කැඳවා ගන්නා පැත්තට ය.

මේ අතර ඇතැමුන් ප්‍රචාරය කරමින් සිටින්නේ මෙම ස්ථානාධිපති පත්වීම්වලට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා එරෙහි වී ඇති බවටත් ඔහු මෙම ලේඛනයට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇති බවටත් ය. එහෙත් එම ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු පැවසීය. මෙම සියලුම නාමලේඛන පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යොමුකර ඇති අතර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අනුමත කිරීමෙන් අනතුරුව ප්‍රසිද්ධියට පත්කර ඇති බවයි එම නිලධාරියා ප්‍රකාශ කළේ.

ඒ අනුව අපට කියන්නට ඇත්තේ එක දෙයකි. දේශපාලනඥයින්ගේ වුවමනාවට ඔවුන්ගේ හිතවතුන් පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත්කර එවන ක්‍රමවේදයක් ජනතාවට කොහෙත්ම වුවමනා නැත.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

ටිරාන් සහ විජේදාස පොලීසියට කරන්න යන්න වැඩේ මෙන්න !

දැනට පවතින පොලිස් ආඥා පනතෙහි අඩු පාඩු හදුනා ගෙන එය වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම පිළිබදව සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, විජයදාස රාජපක්ෂ ගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ( 23) පැවැත්විණි.



පොලිස් ආඥා පනතෙහි අඩු පාඩු හදුනා ගැනීම සදහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටු තුනක් පත් කර ඇති අතර, එම කමිටු විසින් ලබා දෙන නිර්දේශ හා 2017 වසරේ දී පොලිස් ආඥා පනත සංශෝධනය කිරීම සදහා සකස් කළ කෙටුම්පත ද සැළකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතය.



පොලිස් ආඥා පනත සංශෝධනය කරන ලෙස 2010 වසරේ සිට විවිධ අවස්ථාවන්හිදී ඉල්ලීම් ඉදිරිපත්ව ඇති අතර මෙම පනත සංශෝධනය කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද උපදෙස් ලබා දී තිබේ.

නීතිපති ජනාධිපති නීතිඥ, සංජය රාජරත්නම්, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට යන නිලධාරීන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගි විය.

ක්‍රීඩා ඇමතිගේ ගැසට්ටුවට එරෙහි පලමු පැනල්ටිය FIFA වෙතින් !

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා නිකුත් කරන ලද නව රෙගුලාසි අඩංගු ගැසට් පත්‍ර වලට එරෙහිව මෙරටක්‍ බහුතරයක් ක්‍රීඩා සමාජ වලින් විරෝධය එල්ලවෙමින් තිබියදී ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවලද අවධානය යොමුව තිබේ.

ඒ සම්බන්ධයෙන් පළමු විරෝධය මතුව ඇත්තේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) යි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධාන සාමාජික සංගම් නිලධාරි Kenny Jean-Marie විසින් පෙරේදා (22) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) හිටපු මහ ලේකම් උපාලි හේවගේ වෙත විද්‍යුත් ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ, පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන බාහිර මැදිහත්වීම් පිළිබඳව FIFA හි බලවත් කනස්සල්ල පළකරන බවයි.
2022 සැප්තැම්බර් 22 දින සම්මත කරන ලද FFSL ව්‍යවස්ථාවට අනුකුලව හා එහි සඳහන් රාමුවට අනුකූලව නිලවරණය නොපැවැත්වුවහොත්, මෙම කාරණය තවදුරටත් සලකා බැලීම සහ අත්හිටුවීම ඇතුළුව FIFA ව්‍යවස්ථාව මත පදනම් විය හැකි සම්බාධක සඳහා අපගේ අදාළ තීරණ ගැනීමේ ආයතනය වෙත ඉදිරිපත් කරනු ලබන බව එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා අවශ්‍ය උපදේශන හා නිරීක්ෂණ කටයුතු සදහා විදෙස් නියෝජිතයින් පිරිසක් පසුගිය සැප්තැම්බර් මාසයේ දිවයිනට පැමිණී අතර අනතුරුව අමාත්‍යවරයා සහ අමාත්‍යංශ බලධාරීන් සමග ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව හා නිලවරණ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගනු ලැබිය. එම නියෝජිත පිරිසට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිලධාරින් දෙදෙනෙකු හා ආසියානු පාපන්දු සම්මේලනයේ නිලධාරියෙකු ඇතුළත් විය.

මේ අතර අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට උපදෙස් දී තිබුණේ සිය සම්මේලනයට සමගාමීව යන නව ව්‍යවස්ථාවක් අනුමත කර ගනිමින් මීළඟ පාපන්දු නිලවරණය පැවැත්විය යුතු බවයි
කෙසේවුවද එසේ ඇතිකරගත් එකඟතාවයන්ට පිටුපා අමාත්‍යවරයා විසින් කඩිමුඩියේ ක්‍රීඩා සංගම්වලට අදාල ගැසට් නිවේදන තුනක් ප්‍රකාශයට පත්කිරීම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අවධානයට ලක්ව ඇත.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ Kenny Jean-Marie විසින් පෙරේදා (22) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) හිටපු මහ ලේකම් උපාලි හේවගේ වෙත යොමුකර ඇති විද්‍යුත් ලිපියේ සිංහල පරිවරත්නයක් පහත පළවේ.

 ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL)
උපාලි හේවගේ මහතා
මහ ලේකම්
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

පැරිස්, 2022 දෙසැම්බර් 22
kje/sba/nak/rta/ssa

 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මැතිවරණ මාර්ග සිතියම

හිතවත් මහලේකම්තුමනි,

2022 ඔක්තෝම්බර් මස අවසානයේ නිකුත් කරන ලද අධිකරණ නියෝගයට අනුව එකඟ වූ මාර්ග සිතියමෙන් බැහැර වී ඇති බවට, වාර්තා පැහැදිලිව පෙන්නුම් කරන බැවින් අපව පුදුමයට පත් කළ මෑත මාධ්‍ය වාර්තා කිහිපයක් අපි සලකා බලමු.

විශේෂයෙන්ම, FFSLහි කලින් වූ ව්‍යවස්ථාව මත පදනම්ව, නව FFSL විධායක කමිටුවක් මාස හතරක කාලයක් සඳහා තෝරා ගැනීමට ලබන ජනවාරි මාසයේදී මැතිවරණය පැවැත්වීමට නියමිත බව අපගේ අවධානයට ලක්ව ඇත. ශ්‍රී ලංකාවේ අපගේ මූලාශ්‍ර හරහා අපි අතිරේකව නිරීක්ෂණය කල, FFSL මහා සභාව විසින් 2022 සැප්තැම්බර් 22 දින, FFSL නව ව්‍යවස්ථාව සම්මත කරන ලද අතර, එය අදාළ රජයේ බලධාරීන් විසින් නිරීක්ෂණය කර, අවශ්‍ය නම්, නව ව්‍යවස්ථාවෙහි "වෙනස් කිරීම්" කර සම්මත කර ගැනීම සඳහා FFSL වෙත ඉදිරිපත් කරනු ඇත.

ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, FFSL සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අදාළ නියෝජිතයන් සමඟ 2022 සැප්තැම්බර් 5-8 දිනවල කොළඹට පැමිණි පළමු දූත මෙහෙයුමෙහි පැවති පුළුල් සාකච්ඡා වලින් පසුව මාර්ග සිතියමක් සඳහා දැනටමත් එකඟ වී ඇති බව FIFA සහ AFC සිහිපත් කිරීමට කැමතියි. (cf. 2022 සැප්තැම්බර් 8 දිනැති FIFA-AFC ලිපිය). විශේෂයෙන්ම, FFSL මහා සභාව විසින් සම්මත කරන ලද නව ව්‍යවස්ථාව මත පදනම්ව, 2022 ඔක්තෝම්බර් මස අවසානය වන විට නව FFSL විධායක කමිටුව තෝරා පත් කර ගැනීමට එකඟ විය.

 

අවසානයේදී, පිරිස 2022 සැප්තැම්බර් 22 වන දින, නව FFSL ව්‍යවස්ථාව සාර්ථකව සම්මත කරන ලද මහා සභාව නිරීක්ෂණය කිරීම සඳහා FIFA-AFC ඒකාබද්ධ දූත පිරිස කොළඹට පැමිණියහ. එබැවින් FIFA සහ AFC සලකනු ලබන්නේ 2022 සැප්තැම්බර් 22 දින සම්මත කරන ලද FFSL ව්‍යවස්ථාව මගින් FFSL ක්‍රියාත්මක විය යුතු බව සහ එහි ඉදිරි මැතිවරණ සංවිධානය කිරීම නව ව්‍යවස්ථාපිත පදනම නියෝජනය කල යුතු බවයි. මේ සම්බන්ධයෙන්, FIFA සහ AFC හි අදහස වන්නේ, අපගේ ආරම්භක මාර්ග සිතියමේ සන්දර්භය(context) තුළන් පසුගිය මාස කිහිපය තුළ ගත් උත්සාහය සහ ප්‍රගතිය නව මාර්ග සිතියම මගින් නිසැකවම අනතුරේ හෙළනු ඇති බවයි.

මෙම පසුබිමට එරෙහිව, අපි FFSL එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ ව්‍යවස්ථාපිත බැඳීම වෙත (cf. art.[වගන්තිය] 14 par.[ඡේදයෙහි] 1 (i) සමඟ ඒකාබද්ධව FIFA ප්‍රඥප්තිවල 1 වෙනි ඡේදයෙහි 19 වගන්තිය සහ AFC ව්‍යවස්ථාවෙහි 4 වෙනි ඡේදයෙහි 15වෙනි වගන්තියට) අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

එමෙන්ම එහි කටයුතු කිසිඳු තෙවන පාර්ශ්වයකින් අනිසි ලෙස බලපෑමට ලක් නොවන බව සහතික කරමු. තවද, FIFA ව්‍යවස්ථාවෙහි 2වෙනි සහ 3වෙනි ඡේදයෙහි 14 වගන්තියට අනුව, තෙවන පාර්ශ්වයන්හි බලපෑම අදාළ සාමාජික සංගමයේ වරදක් නොවුණත්, ඉහත සඳහන් කළ FIFA ව්‍යවස්ථාවෙහි වගකීම උල්ලංඝනය කිරීම සපයා ඇති සම්බාධකවලට හේතු විය හැකි බව කරුණාවෙන් සලකන්න.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, අපගේ පෙර අන්‍යෝන්‍ය අවබෝධයට අනුකූලව සකස් කරන ලද මාර්ග සිතියමට අනුව වසර හතරක ධුර කාලයක් සඳහා නව විධායක කමිටුවක් තෝරා ගැනීම සඳහා නව මාර්ග සිතියමක් පිළියෙල කර 2023 ජනවාරි 3වන දිනට පෙර අපට ලබා දෙන ලෙස අපි FFSL වෙතින් කාරුණිකව ඉල්ලා සිටිමු. 2022 සැප්තැම්බර් 22 දින සම්මත කරන ලද FFSL ව්‍යවස්ථාවට අනුව ඉහත සඳහන් රාමුවට අනුකූලව මැතිවරණය නොපැවැත්වුවහොත්, මෙම කාරණය තවදුරටත් සලකා බැලීම සහ අත්හිටුවීම ඇතුළුව FIFA ව්‍යවස්ථාව මත පදනම් විය හැකි සම්බාධක සඳහා අපගේ අදාළ තීරණ ගැනීමේ ආයතනය වෙත ඉදිරිපත් කරනු ලැබේ.

ඉහත කරුණු සැලකිල්ලට ගැනීම ගැන අපි ඔබට ස්තූතිවන්ත වන අතර FFSL හි ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමු.

ඔබට විශ්වාසි,

Kenny Jean-Marie
ප්‍රධාන සාමාජික සංගම් නිලධාරි

බිල් ගේට්ස් එන වසරේ ලංකාවට !

ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු තිබේ.

ඊට අදාලව සියලු කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශක එරික් සෝල්හෙයිම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන වෙත බාරදී ඇත.

මෙම තීරණයට එළැඹ ඇත්තේ එරික් සෝල්හෙයිම් සහ රුවන් විජයවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසී සැකච්ඡා කළ අවස්ථාවේදීය.

ලෝකයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නිරතවන ප්‍රධානීන් රැසකට මෙරටට ආරාධනා කරනා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරික් සෝල්හෙයිම් ට දැනුම් දී තිබේ. එම සමුළුවට පැමිණෙන ප්‍රධාන ආයතන නිලධාරීන් සමඟ සාකච්ඡා කොට මෙරට පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමට සැලසුම් කර ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේය.

එසේම ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස් ට ද මෙරටට ආරාධනා කිරීමටත් ඔහුත් සමඟ එක්ව දේශගුණික විපර්යාස කළමනාකරණ වැඩසටහනක් ආරම්භ කිරීමටත් මෙහිදී තීන්දුවී තිබේ. ඊට අමතරව දේශගුණික විපර්යාස පිළිබඳ පනත ලබන වසරේ මුල් කාර්තුවේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදි තීරණය කර ඇත.

බදු වෙනස ගැන මුදල් අමාත්‍යංශය කරුණු පහදයි !

ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු වෙනස්වන ආකාරය සම්බන්ධයෙන් අද (23) මුදල් අමාත්‍යංශය කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

එහිදී කොළඹ පැවති සාකච්ඡාවකදී මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්, කපිල සේනානායක පවසා ඇත්තේ මෙය සියලු ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමට හොඳම අවස්ථාව බවය.

පුද්ගල ආදායම් බද්ද වැටුප් කාණ්ඩ අනුව වෙනස් කෙරෙන බව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්, කපිල සේනානායක පැවසූ අතර ඒ මෙසේය.

රුපියල් ලක්ෂයක ආදායමකට බදු පැනවීමක් නොමැත.

වැටුප රු.150,000 ක් නම් බද්ද රු. 3500
වැටුප රු.200,000 ක් නම් බද්ද රු. 10,500
වැටුප රු.250,000 ක් නම් බද්ද රු. 21,000
වැටුප රු.300,000 ක් නම් බද්ද රු. 35,000
වැටුප රු.350,000 ක් නම් බද්ද රු. 52,500
වැටුප රු.400,000 ක් නම් බද්ද රු. 70,500
වැටුප රු.ලක්ෂ 10ක් නම් බද්ද රු. 286,500

රඳවාගැනීමේ බදු හඳුන්වාදීමද සිදුකර ඇති බව එහිදී සඳහන් වූ අතර එසේම ලාභාංශ සඳහා 15%ක්, පොළියට 5%ක් අය කෙරෙන අතර ලක්ෂයට වඩා කුලී ගෙවීමකදී 10%ක් අය කිරීමටද නියමිත බවත් සඳහන් විය.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන පොලිසියෙන් නිවේදනයක් !

දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් නොකඩවා පොලිස් පරීක්ෂණ සිදුකරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (23) කොළඹ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අභිරහස් ලෙස සිදුවු ඝාතනයක් හේතුවෙන් නිවැරදි සැකකරු සොයාගැනීම සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය බවය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (22) දිනයේදී ද ප්‍රකාශ 58ක් සටහන් කර ගත් බවත් එම ප්‍රකාශ අනුව ද පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

සතොස තවත් භාණ්ඩ 07 ක මිල පහළ දමයි !

ලංකා සතොස ආයතනය අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 7ක මිල පහළ දමා තිබේ.

ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 4.00 කින්, ආනයනික අර්තාපල් සහ බී ලූණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 5.00 කින් ද මිල පහළ දමා ඇත.

ඊට අමතරව, රතු පරිප්පු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 11.00 කින්, දේශිය ටින්මාළු රුපියල් 15.00 කින්, මිරිස් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 15.00 කින් සහ හාල් මැස්සෝ කිලෝග්‍රෑම් 1ක් රුපියල් 50.00 කින් වන ලෙස මිල පහළ දැමීම සිදුකර තිබේ.

පාරිභෝගික ජනතාව පවසන්නේ සතොස ආයතනයේ මේ මිල පහළ දැමීම උත්සව සමයේ තමන්ට මහත් අස්වැසිල්ලක් බවය.

අමාත්‍යංශ අටක : විෂය පථ වෙනස් කරලා !

අමාත්‍යාංශ 08ක විෂය පථවල සංශෝධන කිහිපයක් සිදුකරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝග පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනයේ සඳහන් වන ආකාරයට එය ඊයේ (22) සිට ක්‍රියාත්මක වෙයි.

ඊට අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැසට්කර තිබූ බහු කාර්යය සංවර්ධන බලකා දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට පවරා ඇත.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය යටතේ පැවති ‘වකුගඩු අරමුදල‘ සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගැසට් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශයට අයත්ව තිබූ ‘විදාතා මධ්‍යස්ථාන‘ කර්මාන්ත අමාත්‍යංශය යටතට පත් කර ඇත.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය යටතේ පැවති දේශීය ගොවි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ පුළුල් කිරීම හා ප්‍රාථමික ආර්ථික මධ්‍යස්ථාන යන විෂයයන් කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා තිබේ.

මීට අමතරව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය යටතට ආරක්ෂණ පියවර පනත හා ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත ඇතුළත් කර ඇති බවද නව ගැසට් පත්‍රයේ සඳහන්වෙයි.

අද ශ්‍රීලනිප බහුතරය ආවේ සිරිකොතෙන් : අමරේගෙන් තවත් ප්‍රහාරයක් !

තමන් සිරිකොතට ගිය කෙනෙක් නොවන බවත් මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිටින වැඩි පිරිසක් සිරිකොතේ සිට පැමිණි අය වන අතර තමන් තවමත් ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙක් බවත් අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ඊයේ (22) නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය මහින්ද අමරවීර මෙසේද පවසා ඇත.

වර්තමානය වන විට කඳුකර කොටින් මධු වලට හසුවී වදවී යාමේ ප්‍රවණතාවක් ඇති අතර එම කොටින් රැකබලා රැකබලා ගැනීමට හා ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ සැලසුම් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට වනජීවී නිලධාරීන් සමග එකට එකතුව කටයුතු කිරීමට අද දවසේ තීරණය කර ගත්තා,

මේ වැඩේ අමාත්‍යංශ මට්ටමින් විතරක් කරන්න බැහැ සියලුම නිලධාරීන්ගේ සහයෝගයත් අවශ්‍ය වනවා ,

තමන්ගෙ වගාව බේරගන්න කදුකර කොටින්ට උගුල් ඇටවීම වැරදි වැඩක් අපි මේ පිළිබඳව ගොවි මහතුන් දැනුවත් කරන්න කටයුතු කරනවා ,

වර්තමානයේ අපට දැඩි චෝදනාවක් තිබෙනවා නුවරඑළියෙ උඩරට ගොවීන්ට බීජ අර්තාපල් ලබාදීමට නුවරඑළිය බීජ අර්තාපල් ගොවිපලවල් අපොහොසත් වී තිබෙනවා කියලා ,

ඒ කතාව ඇත්තක් තමයි ගිය කාලයේ තිබුණු නොයෙකුත් ප්‍රශ්න ඒ කියන්නේ අධික වැසි සහිත කාලගුණය පොහොර හිඟය හා සුළං සහිත කාලගුණ බීජ අර්තාපල් නිෂ්පාදනය කර ගැනීමට ඒ ආයතන වලට නොහැකි වෙලා තියෙනවා කියලා මා දැනුවත් කරලා තියෙනවා ,

ඒ නිලධාරීන්ට මා මේ වන විට උපදෙස් ලබා දී තිබෙන්නේ ඊළඟ කන්නය වන විට හෝ ගොවීන්ට බීජ අර්තාපල් නිසි වේලාවට ලබා දීමට කටයුතු ලබාදීමට කටයුතු කරන ලෙස

දැනට තිබෙන බීජ අර්තාපල් ප්‍රමාණයද ගොවීන් අතර බෙදා දීමට කටයුතු කරන ලෙස අප උපදෙස් ලබාදී තිබෙන්නේ ,

නොයෙකුත් මැති ඇමතිලා සිරිකොතේ ලගින්න ගියාට මම නං යන්නේ නැහැ ඒ පැත්තට , මම තවමත් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉදිරි දේශපාලනය කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් සමගින් යනුවෙන් පැවසිය.

ආශු ඉල්ලා අස්වෙයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ලෙස කටයුතු කළ මහාචාර්ය ආශු මාරසිංහ ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පෞද්ගලික හේතු මත මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත.

එසේම පසුගිය රූපවාහිනී දේශපාලන සංවාද වැඩසටහනකදී ඔහු විසින් මහ බැංකු අධිපති සම්බන්ධයෙන් සිදුකළ අදහස් දැක්වීමක් ගැන පසුව සමාව අයදීමේ සිදුවීමක්ද සිදුවිය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක් !

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස ජෙනරාල් ( විශ්‍රාමික ) එස්.එච්.එස්. කෝට්ටේගොඩ පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්වීම සිදුකර ඇති අතර, ඒ 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ 7B(1) වගන්තියට (සංශෝධිත) අනුව පැවරී ඇති බලතල ප්‍රකාරවය.

අදාළ පත්කිරීම වසර 05ක් සඳහා බල පැවැත්වේ.

වතුකරය ඇගයීමට කැබිනට් අනුමැතිය !

වසර දෙසීයක පමණ කාලයක සිට උඩරට දෙමළ ජනතාවගෙන් ශ්‍රී ලාංකීය ආර්ථිකයට ලැබෙන දායකත්වය අගයා උත්සව මාලාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වතුකරයේ ආදායමෙන් තුනෙන් එකකට වඩා දායකත්වය ලබා දෙන කඳුරට දෙමළ ප්‍රජාවේ ප්‍රථම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ වසර දෙසීයක් සපිරීම නිමිත්තෙන් 2023 පෙබරවාරි මස මෙම වැඩසටහන් මාලාව පැවැත්වීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීමට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

මීට වසර දෙසීයකට පෙර ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ උඩරට දෙමළ ජනතාවගේ සේවය ඇගයීම මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කිරීමට අපේක්ෂා කරයි.

150,000 කට අධික උඩරට දෙමළ වතු කම්කරුවන් පිරිසක් ප්‍රධාන වශයෙන් මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත් ආශ්‍රිතව පදිංචිව සිටින අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම සංස්කෘතියට ද ඔවුන්ගෙන් සැළකිය යුතු දායකත්වයක් හිමිවේ.

ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීමට ජනපතිගෙන් යෝජනා.....

අන්තර්ජාතික වෙළෙඳාම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන ප්‍රවේශයන්හි අඩුපාඩු මඟහරවා ගනිමින් එම කටයුතු වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීම වෙනුවෙන් මෙම නව කාර්යාලය ස්ථාපනය කෙරෙනු ඇති බවයි.

ජාත්‍යන්තර වෙළෙඳ අංශයන්හි උපරිම දායකත්වය රටේ ආර්ථිකයට ලබාදීම මෙමගින් සිදුවේ.

භාවිතයට නොගෙන සැඟවී ඇති වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයන්හි විභවතා ආර්ථික පුනර්ජීවනය සඳහා යොදා ගැනීම රජයේ ආර්ථික සංවර්ධන වැඩසටනෙහි මූලික අංගයකි.

ඒ අනුව, පළමුව දකුණු ආසියාව සමග සම්බන්ධ වී පසුව නැගෙනහිර දක්වා ව්‍යාප්ත වෙමින් චීනය, තායිලන්තය හා ඉන්දුනීසියාව සමග සම්බන්ධ වීම මෙහි අරමුණයි.

මෙම ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කිරීමට නියමිතව ඇති අතර ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති කීර්තිමත් උපදේශක කණ්ඩායමක් ඒ සඳහා පත් කිරීමට නියමිත අතර ජාත්‍යන්තර වෙළෙඳ තානාපතිවරයෙකු විසින් එම කාර්යාලයේ කටයුතු මෙහෙයවනු ඇති.

අදාළ සියලුම ආයතන මගින් නම් කරන ලද නියෝජිතයින් ඇතුළත් ආයතනික ව්‍යුහයකින් මෙය සමන්විත වනු ඇති අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සිදු කරන ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව ද මෙම ආයතනයට ඒකාබද්ධ කරනු ලැබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ,මෙම ජාත්‍යාන්තර වෙළෙඳ කාර්යාලය පළමුව මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන අතර පසුව එය විදේශ කටයුතු අමාත්‍යාංශයට ඒකාබද්ධ කෙරෙන බවයි.

 

රාජ්‍ය සේවකයින්ට ඉතිරිකරගත් නිවාඩු දින මත දීමනා ගෙවීම නැවතත්

රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා සහ ඉතිරිකරගත් නිවාඩු දින මත දීමනා ගෙවීමට අදාළව චක්‍රලේඛ දෙකක් නිකුත් කර තිබෙයි.

භාණ්ඩාගාර ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

මේ අනුව 2022 වසර සඳහා සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම උපරිම වශයෙන් රුපියල් 25,000කට සීමා කර තිබෙයි.

කෙසේ වෙතත් පාඩු ලබන ආයතන සඳහා ප්‍රසාද දීමනා ලබා නොදෙන බව මහා භාණ්ඩාගාරය විසින් දන්වා ඇත.

Curculer4

Curculer1

Page 161 of 386