පුවත්

හිටපු නීතිපති දප්පුලට අතුරු තහනම් නියෝගයක්
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු නීතිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය අවස්ථා 03 කදී පැමිණිනෙන්නැයි ඒ මහතාට දැනුම් දී තිබිණ.
ඊට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා අභායාචනාධිකරණයට ගොනු කළ රීට් පෙත්සම සලකා බැලූ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.
හිටපු නීතිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා සමග ශානක කුරේ සහ දිමිත්‍ර අබේසේකර යන අය පෙනී සිටියහ.

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කර ගන්නා ක්‍රමය.......
පාසල්වල 02 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (6 ශ්‍රේණිය හැර) පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් අදාළ අයදුම්පත් පාසල්වලට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛන අනුව පවතින පුරප්පාඩුවලට සිසුන් තෝරා ගැනීම සඳහා පාසල් මගින් අවශ්‍ය පියවර ගනු ඇත. එබැවින් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මින් ඉදිරියට ලිපි නිකුත් කරනු නොලැබේ.

ඉක්මන් ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් : විශේෂ මෙහෙයුම් කමිටුවක් !
හැකි ඉක්මණින් ජාතික ආණ්ඩුවක් ස්ථාපනය කිරීමට අවශ්‍ය මූලික දේශපාලන මෙහෙයුම් සඳහා මැතිසබයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන්ගෙන් සමන්විත විශේෂ මෙහෙයුම් කමිටුවක් පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත මෙම කටයුතු සංවිධානය කෙරෙන බව වැඩිදුරටත් දැනගන්නට ඇත.
මෙම විශේෂ මෙහෙයුම් කමිටුවට රජයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු සමඟ රජයට එක්වීමට නියමිත විපක්ෂ මන්ත්‍රීන් කිහිපදෙනකුද ඇතුළත් බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.
විපක්ෂයේ පක්ෂවලින් මේ කමිටුව සඳහා එක්ව සිටින මන්ත්‍රීන් හරහා අදාළ පක්ෂවල නායකයන්ට ජාතික ආණ්ඩුව පිළිබඳව ආරාධනා කෙරෙයි.
එකී පක්ෂ නායකයන් ජාතික ආණ්ඩු ආරාධනය ප්‍රතික්ෂේප කළහොත් එම පක්ෂ නියෝජනය කරන ජාතික ආණ්ඩුවට එක්වීමට කැමැති මන්ත්‍රීන් සහභාගි කරගෙන ජාතික ආණ්ඩුව නිර්මාණය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය.
මේ ගැන කරුණු දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කරන්නේ නම් එමගින් දැන් තිබෙන ආණ්ඩුව සිදුකරන කටයුතුවලට වඩා යමක් සිදුවිය යුතු බවය.
එසේම එම ආණ්ඩුවේ සංයුතිය ගැනද තම පක්ෂයේ දැඩි අවධානය යොමුකරන බව හෙතෙම පැවසීය.
පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩුවක් සඳහා සහාය දීම හෝ නොදීම පක්ෂයේ තීරණය අනුව සිදුකරන බවය.
සමගි ජනබලවේගය ජාතික ආණ්ඩුව ගැන දරන මතය එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක ගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ තම පක්ෂයට ජාතික ආණ්ඩුවක් සම්බන්ධව නිල වශයෙන් කිසිදු ආරාධනයක් ලැබී නැති බවය.
කෙසේ වෙතත් වැඩිදුරටත් තොරතුරු සොයාබැලීමේදී අනාවරණය වූයේ ජාතික ආණ්ඩුව සඳහා පක්ෂ නායකයන්ගේ එකඟතාවයන්ගෙන් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ගණනාවක මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුව සමඟ එකඟ වී ඇති බවයි.
එහෙත් අමාත්‍යධුර බෙදාදීමේදී පොහොට්ටුවේ යෝජනාවන්ට එකඟ නොවීම සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කලකිරීමෙන් සිටින බවද සඳහන් වේ.
- Deshaya

යල කන්නයට වී ගොවීන්ට පොහොර ගන්න බිලියන 11 ක් !
යල කන්නය සඳහා වී ගොවීන් හට අවශ්‍ය පොහොර තොග මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය සහනාධාර ලබාදීම සඳහා රජයෙන් රුපියල් බිලියන 11 ක් වෙන් කර ඇති බව වාර්තා වෙයි .
ඒ අනුව ගොවීන් 550,000 කට මෙම මූල්‍ය සහනාධාරය ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංහය සඳහන් කරයි.
යල කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර මේනවිටත් නොමිලේ ලබාදී තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි .

ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ නාවුක සහ ගුවන් කේන්ද්‍රය කරන සැලසුම් සූදානම් !
ආසියානු කලාපයේ සමස්ත සැපයුම් සහ ප්‍රවාහන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන ගුවන් සහ නාවුක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඊට අදාළ සැලසුම් රජයේ 25 වසරක සංවර්ධන සැලැස්මට ඇතුළත් කර තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය 21 වැනිදා පැවති “කොළඹ - උතුරු වරාය 30 අවුරුදු සංවර්ධන සැලැස්ම” එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ජාතික සංවර්ධන සැලැස්මට අනුව නැගෙනහිර බහලුම් පර්යන්තය සහ බටහිර බහලුම් පර්යන්තය යන සංවර්ධනය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, 2030 වන විට මෙම ව්‍යාපෘති සම්පූර්ණයෙන් නිම කිරීම අපේක්ෂාවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
මම ප්‍රථමයෙන් අමාත්‍යවරයාට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ස්තූතිවන්ත වෙනවා. මෙම අමාත්‍යාංශය වර්තමානයේ හඳුන්වන්නේ නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ලෙසයි. ඇතැම් අය මගෙන් අහනවා ඇයි අපි මේ අමාත්‍යාංශය දෙකට බෙදලා එකක් නාවුක කටයුතු ලෙස සහ අනෙක ගුවන්සේවා කියලා අමාත්‍යාංශ දෙකක් හදන්නේ නැත්තේ කියලා. මම කිව්වා නැහැ, අපේ අරමුණ ශ්‍රී ලංකාව ගුවන් හා නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම කියලා. ඉතින් අපි මෙය නාවුක හා ගුවන් සේවා අමාත්‍යාංශය ලෙස එක අමාත්‍යංශයක් විදිහට තබා ගන්නවා.
අපි වෙනස් ලෙස සිතිය යුතුයි.
ඉදිරි වසර 25 තුළ අපේ සැලසුම් මොනවාද සහ අපි රටක් ලෙස ඉදිරියට යා යුත්තේ කෙසේද කියා සිතා බැලිය යුතුයි. ශ්‍රී ලංකාව දියුණු ගුවන් සහ නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේදී සහ එහිදී ඉටු කිරීමට ඇති කාර්යභාරය තක්සේරු කිරීමේදී ඉන්දියාවේ, බංග්ලාදේශයේ, ඉරානයේ, සමස්ත මැක්‍රාන් වෙරළ තීරයේ වර්ධනයන් දෙස අවධානය යොමු කළයුතුයි. අපිට කොළඹ වරාය මෙන්ම සංචාරක ව්‍යාපාරයට පහසුකම් ඇති ගාලු වරාය, හම්බන්තොට වරාය සහ ත්‍රිකුණාමල වරාය තිබෙනවා.
ඉදිරි වසර 25 තුළ බෙංගාල බොක්ක කලාපය ආශ්‍රිත ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව පමණක් නොව මියන්මාරය පවා විශාල සංවර්ධනයකට ලක්වනු ඇතැයි යන පදනම මත පිහිටා ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කටයුතු පිළිබඳව අපි ඉන්දියාව සමඟ ද සාකච්ඡා කරනවා.
එබැවින් ත්‍රිකුණාමලය වරාය බෙංගාල බොක්ක කලාපය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන ස්ථානයක් බවට පත්කර ගැනීමේ හැකියාව පිළිබඳව අප සොයා බැලිය යුතුයි.
හම්බන්තොට වරාය දැනට ක්‍රියාත්මක වන්නේ එහි සම්පූර්ණ ධාරිතාව මත නොවන අතර, ඉදිරි වසර 10 - 15 තුළ එය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් අවධානයක් යොමු කිරීමට නියමිතයි.
ඒ වගේම කටුනායක ගුවන්තොටුපොළ තවදුරටත් සංවර්ධනය කළයුතුයි. එමෙන්ම මත්තල ගුවන් තොටුපළ වානිජමය වශයෙන් ඵලදායි විය යුතුයි. එම ගුවන් තොටුපළ දෙක සමඟින් අපි උතුරු පළාතේ පලාලි ගුවන් තොටුපොළ විවෘත කර, උතුරු මැද පළාතේ ප්‍රධාන අභ්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස හිඟුරක්ගොඩ සංවර්ධනය කළා.
මේ තුළ කොළඹ - උතුරු වරායට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. එම වරායේ ශක්‍යතා පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ උපදේශකයින් අපට වාර්තාවක් ලබාදී තිබෙනවා. අපි එහිදී එක දෙයක් මතක තබාගත යුතුයි. ඉන්දියාවේ, පකිස්ථානයේ වගේම ඉරානයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ කෙසේද කියා අප හොදින් නිරීක්‍ෂණය කළ යුතුයි. ඒ තුනෙහි සංවර්ධනය මත තමයි කොළඹ - උතුරු වරායේ ධාරිතාව තිරණය වන්නේ. අපිට තිබෙන TUS ගණන, බහාලුම් ප්‍රමාණය, ඒකක ගණන ඒ අනුව තීරණය වෙනවා.
2050 වන විට ඉන්දියාව ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට වනු ඇති බව සඳහන් කෙරෙනවා. විශේෂයෙන් ගුජරාට්, මහාරාෂ්ට්‍ර සහ දකුණු ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවලත්, විශේෂයෙන් තමිල්නාඩුවේ වේගයෙන් කාර්මීකරණය වෙනවා. එබැවින් කාර්මීකරණ නිෂ්පාදනය දැන් ඉන්දියාවේ සිදු වන අතර 2010 වසරේ චීනය අත්කරගත් ප්‍රමිතියට තවම ළගා වී නැහැ. නමුත් ඔවුන් එම ප්‍රගතියට ළගා වනු ඇති අතර යම් අවස්ථාවක දී එය අංකමය නොව ජ්‍යාමිතික ප්‍රගතියක් වනු ඇතියි. ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිවන සම්බන්ධය කුමක්ද, පාරු බෝට්ටු වල භූමිකාව මත සම්බන්ධතා ගොඩනගා ගත හැකිද, මේවා අප විසින් විසඳා ගත යුතු ප්‍රශ්න වෙනවා.
මෙම වරාය දෙස අවධානය යොමු කිරීමේ දී මට ප්‍රශ්න දෙකක් මතු වුණා. පළමුව අපි දැඩිව අවධානය යොමු කළ යුතු පාරිසරික ගැටලුව. විශේෂයෙන්ම මසුන් ඇල්ලීමට ඇති බලපෑම. මොකද මෙහි සංවර්ධනය ආරම්භ කිරීමට පෙර ප්‍රදේශයේ ජනතාවගේ සහාය ලබාගත යුතුයි.
දෙවනුව අපි ඉන්දියාව සමඟත් සාකච්ඡා කරනවා. නමුත් එහිදී පෙන්නුම් කරන්නේ සංවර්ධනය වේගවත් වන අතර බහාලුම් සඳහා විශාල ධාරිතාවක් අවශ්‍ය වනු ඇති බවයි. එවිට ඉන්දියාවට ගොස් ඔවුන් සමග සාකච්ඡා කර අවශ්‍ය සැලසුම් සකස් කළ හැකි වේවි. එමගින් අඩු වර්ධන අවස්ථාව කුමක්ද සහ ඉහළ වර්ධන අවස්ථාව කුමක්ද සහ එය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව අපට අදහසක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
පකිස්ථානය අද අපේ රට මෙන්ම මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටියද එය ඉරානයට පසුව සංවර්ධනය විය හැකි රටක්. මධ්‍යම ආසියාව සහ රුසියාව දක්වා එක්වන චබහාර් වරාය සමඟ ඉරානය ඉදිරියට ගියහොත්, මැක්‍රාන් වෙරළ තීරයම පිළිබඳව අවධානය යොමු කළ හැකියි. ඉතින් මේ සියලු කරුණු පිළිබඳ සංවර්ධනයේ දී අවධානය යොමු කළ යුතුයි.
මේ අතර චීනය අප්‍රිකාව සමඟ එක්ව අප්‍රිකාවේ නැගෙනහිර සිට බටහිර දක්වා දුම්රිය මාර්ග ආරම්භ කරන බව අප මතක තබාගත යුතුයි. එකක් කෙන්යාවේ සිට බටහිර අප්‍රිකානු වෙරළ දක්වා දිවෙන අතර තවත් එකක් බොහෝ විට කොංගෝව හරහා ගමන් කරනු ඇතියි.
එබැවින් කලාපයේ සමස්ත සැපයුම් සහ ප්‍රවාහන වෙනස් වීමට ලක්වනු ඇති අතර එය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන ගුවන් සහ නාවුක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩපිළිවෙළ සකස් කළයුතුයි.
අපට එය කළ හැකියි වගේම කළයුතු දෙයක්. මම විශ්වාස කරනවා අපට ඉදිරියට යා හැකියි. මේ පිළිබඳව අමාත්‍යවරයා ඇතුළු ඔබ සියලු දෙනා දරණ උත්සාහයට මම නැවතත් ස්තූතිවන්ත වෙනවා.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් යන මහත්වරු සහ හිටපු සභාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සාගලගේ අත්සන හොරට ගහලා ඇතුලේ !
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගත් පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පොළොන්නරුව පොලීසියට අනුයුක්තව සේවය කර ඇති 55 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් වාර්තා වෙයි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා පොලිස් නිලධාරීන් 14දෙනෙකු විවිධ පොලිස්වලට ස්ථාන මාරු කර යවන ලෙස දන්වමින් ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් යොමුකළ බවට හැඟවෙන ලිපියක් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
එම ලිපිය සම්බන්ධයෙන් සැක සිතූ උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි සත්‍යයතාව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසීමක් සිදුකර තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ එවැනි ලිපියක් සාගල රත්නායක විසින් යොමුකර නොමැති බවයි . ඒ අනුව අදාළ ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඔහු විසින් පොලිස්පතිවරයාට දැන්වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
අදාළ සැකකරු විසින් උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවන ලද ලිපියක් ද එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබේ.

පස් පුද්ගල ඝාතනයේ සැකකරු කොටු !
යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පවසයි .
ඔහු සඳහන් කරන ආකාරයට සැකකරුව ඊයේ (22) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත .
51 හැවිරිදි පුද්ගලයෙක් වන එම සැකකරු සන්තකයේ තිබී රන් මාල තුනක්, වළලු ජෝඩු දෙකක්, තනි වළලක්, මුදු 8ක්, කරාබු දෙකක් හා පෙන්ඩන්ඩ් එකක් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද සොයාගත් බවත් පොලීසිය පවසයි .
එම පුද්ගලයා අවුරුදු 20ක් පමණ ජර්මනියේ ජීවත්ව මෙරටට පැමිණි අයෙක් බව ද පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර පුංකුඩුතිව් ප්‍රදේශයේ නිවසක සිටිය දී අදාළ සැකකරුව පොලීසිය විසින් සොයාගෙන ඇත.
යාපනය, ඩෙල්ෆ් දූපතේ ජැටියට ආසන්න මාවේලි ප්‍රදේශයේ නිවසක් තුළ මෙම සාහසික අපරාධය ඊයේ අලුයම සිදුව තිබුණි.
ඝාතනයට ලක්ව තිබුණේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවන් තිදෙනෙකි.
ඉන් එක් පිරිමි පුද්ගලයෙක් සාලයේදී ඝාතනය කර තිබුණු අතර අනෙක් පුද්ගලයා ඝාතනය කර තිබුණේ කාමරයක් තුළදීය.
එමෙන්ම තවත් කාන්තාවක් කාමරයක ඇඳ මතදී කපා කොටා ඝාතනය කර තිබුණි.
සෙසු කාන්තාවන් දෙදෙනා පොලීසියට හමුව තිබුණේ, නිවසේ පිටත පරිශ්‍රයේදීය.
එමෙන්ම කැපුම් තුවාල සහිතව බරපතළ තත්ත්වයේ පසුවූ තවත් කාන්තාවක් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණි.
එම කාන්තාව විදේශ ගතව සිට මෙරටට පැමිණ ඇති බවදැනට අනාවරණ වී ඇත.
ඝාතනයට ලක්වූ සියලු දෙනා වැඩිහිටියන් වන අතර ඔවුන් ඥාතීන් බවට පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

කැඩුන අත උළුක් වෙයි !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මන්ත්‍රී කණ්ඩායම පක්ෂයට නැවත එකකර ගැනීම සඳහා ගත් උත්සාහයක් අසාර්ථක වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සාකච්ඡාව පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී පවත්වා ඇත.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් 14 දෙනා අතුරින් මේ වන විට ආණ්ඩුව සමග එක්ව සිටින අට දෙනාගේ කණ්ඩායම ද සහභාගිව ඇත.
ඒ අනුව ආණ්ඩුවේ කැබිනට් හා රාජ්‍ය ඇමති තනතුරු දරන නිමල් සිරිපාල ද සිල්වා,ලසන්ත අලගියවන්න ,ජගත් පුෂ්පකුමාර ,චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර ,පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂාන් විජයලාල් ද සිල්වා, සාරථී දුෂ්මන්ත මිත්‍රපාල සහ අංගජන් රාමනාදන් යන මන්ත්‍රීවරුන් සහභාගි වී ඇත.
ආණ්ඩුවේ තනතුරු දරන නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරූ තනතුරු අත්හිටුවාඇති අතර ,ඔවුන්ට එම තනතුරු නැවත ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
එසේ වුවද ඔවුන් ආණ්ඩුවේ තනතුරු දරමින් තවදුරටත් පක්ෂයේ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කරකරන බැවින්, ආණ්ඩුවේ සිටියදීම නැවත පක්ෂයට සම්බන්ධ කරගත නොහැකි බව ශ්‍රීලනිප දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත.
මෙම තත්වය හමුවේ ඔවුන් නැවත පක්ෂයට එක් කර ගැනීමේ සාකච්ඡා අසාර්ථක වී ඇතැයි දැනගන්නට තිබේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුවක් ඇතිකිරීමේ ප්‍රයත්නයක් ලෙස මෙම සාකච්ඡා සභාව සංවිධානය කර තිබුණද ශ්‍රීලනිප මහ ලේකම් විසින් බරපතළ ලෙස ආණ්ඩුවට එක්වූ පිරිසට අදාළ බලතල අත්හරින ලෙස බල කිරීම මෙම සාකච්ඡා අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

අගමැති ධූරයේ වෙනස ගැන ඇමති ප්‍රසන්න කතා කරයි !
අගමැති ධූරය වෙනස් කිරීමේ සුදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.
අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, මෙය විපක්ෂය විසින් ගොතනු ලැබු කතාවක් පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ වනවිට පොහොට්ටුවේ කිසිදු බෙදීමක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයද සාවද්‍ය බවද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසයි .
එසේම අවශ්‍ය මොහොතේදී පොදුජන පෙරමුණ රට වෙනුවෙන් ගත යුතු තීන්දුව ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

ලෙඩක් දාගෙන ලංකාව ආසියාවේ මුලට !
ශ්‍රී ලංකාව ආසියානු රටවල් අතරින් දියවැඩියා රෝගීන්ගේ අනුපාතිකය වැඩිම රට බවට පත්ව ඇත.
වාර්තා වන ආකාරයට වෛද්‍ය පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය හා රජරට රුහුණු කොළඹ විශ්වවිද්‍යාල විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.
මෙරට සෑම වැඩිහිටි පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු එනම් 23%කට දියවැඩියාව වැළඳී ඇති බව එම සමීක්ෂණයෙන් හෙළි වී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ එම ප්‍රමාණය 31% දක්වා ඉහළ ගොස් ඇති අතර එනම් සියලු වැඩිහිටි පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙලෙ

ලංකාව ආර්ථික දැවැන්තයෙක් කරන හැටි ජනපති කියයි !
කොළඹ උතුරු වරාය නව ව්‍යාපෘතියට සමගාමීව මෙරට වරාය සංවර්ධන වැඩසටහන් මගින් ඉදිරි වසර 25ක කාලයක් තුළ ශ්‍රී ලංකාව නාවික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු බවට පත්කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
වරාය ක්ෂේත්‍රයේ අනාගත සේවා ඉල්ලුම අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ උතුරු වරාය සංවර්ධනය කිරීම මහා බ්‍රිතානයේ AECOM සමාගම සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ සිදුකරනු ලබයි.
ඒ වෙනුවෙන් පැවැති කොළඹ උතුරු වරාය 30 අවුරුදු සංවර්ධනය පිළිබඳව වැඩමුළුව ඊයේ (21) ජනපති ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය .
"ඉදිරි වසර 25ක කාලය තුළ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව සහ මියන්මාර ප්‍රදේශවල විශාල සංවර්ධනයන් සිදුවේවි. ඒ නිසා ත්‍රිකුණාමල වරාය බෙංගාල බොක්කේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ හැකියාව පිළිබඳව අප සොයා බැලිය යුතුයි."
"හම්බන්තොට වරාය මේ වන විට සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් ඉදිරි වසර 10ක 15ක කාලයක තුළදී හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 4,000ක භූමි ප්‍රමාණයක සිදුකරන සංවර්ධනයත් සමග සහ ඉදිකරනු ලබන තෙල් පිරිපහදු පර්යන්තයේ එම ප්‍රදේශයේ ක්‍රියාකාරීත්වයන් ඉහළ යාවී."
"කටුනායක ගුවන්තොටුපොළ අප තවදුරටත් සංවර්ධනය කරනු ලබන අතර මත්තල ගුවන්තොටුපොළ වාණිජ ශක්‍යතාවයකින් සතුයි. ඒ වගේම අප පලාලි ගුවන්තොටුපොළ ද විවෘත කරනු ලැබුවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ උපදේශන අංශ කොළඹ - උතුරු වරාය සංවර්ධනය කිරීමේ ශක්‍යතා වාර්තාව ලබාදුන්නා."
"ඒ අනුව ඉන්දියානු සාගරයේ නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අපිට හැකියාව පවතිනවා වගේම අපි එය අනිවාර්යෙන්ම කළ යුතු වනවා."

භාෂාව දාලා විපක්ෂය IMF විවාදය මඟහැරීමේ තැතක් !
රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අත්සන් කර ඇති ගිවිසුම සම්බන්ධයෙන් පැවැත්වෙන තුන්දින විවාදයට විපක්ෂයේ පක්ෂ වර්ජනය කිරීමේ උත්සාහයක් පවතී.
මේ වන විට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති එම ගිවිසුමේ ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බවත් සිංහල හා දෙමළ භාෂා පරිවර්තන ඉල්ලා සිටිමින් අදාළ විවාදය වර්ජනය කිරීම විපක්ෂයේ සූදානම බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ ගිවිසුම සම්බන්ධයෙන් විවාදය පාර්ලිමේන්තුවේදී 26 ,27, 28 යන දිනවල පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ විපක්ෂය භාෂා ප්‍රශ්නයක් මුල්කරගනිමින් මේ උත්සාහ කරන්නේ එම විවාදයෙන් පැන යාමට බව ය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ විවාදය පැවැත්වීම සඳහා සිංහල හා දෙමළ භාෂාවලින් එම පිටපත් අත්‍යවශ්‍ය වන බවය.

පොහොට්ටුවට නව සභාපතිවරයෙක් : ජී.එල්. ඉවතට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කර තිබේ.
අද (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීමේදී උන්වහන්සේගේ පත්කිරීම ඒකමතිකව සිදුකළ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.
අද දිනයේ පැවැත්වෙන මහ සභා රැස්වීමට එම පෙරමුණේ සභාපතිවරයා ලෙස සහභාගීවීමට පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් ට පක්ෂ ලේකම්වරයා විසින් ලිපියක් මඟින් දැනුම්දී තිබුණද ඔහු ඊට සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති මහ සභා රැස්වීම පක්ෂ සභාපතිවරයා නොමැතිව පවත්වා ඇත.
ඒ අනුව පක්ෂ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තවදුරටත් කටයුතු කරන ලබන බවද සදහන් වේ.
නමුත් පක්ෂ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්.පීරිස් වෙනුවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් ඒකමතිකව පත්කර ගෙන ඇත.
පක්ෂයේ සෙසු තනතුරුවල වෙනසක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය : සැකකරුගෙන් නැවත ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම් සාමාජිකයකු විසින් කරන ලද ප්‍රකාශවලට අනුව ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනුණු පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු බව කියන සැකකරුගෙන් යළි ප්‍රශ්න කරමින් පාස්කු ප්‍රහාරයේ ඉදිරි විමර්ශන සිදු කිරීමට ක්‍රියා කරන බවට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණය වෙත කරුණු වාර්තා කළේය. මෙම සැකකරු දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයෙන් අවසර ඉල්ලූ අවස්ථාවේ බලධාරීහු මේ බව අධිකරණයට වාර්තා කළහ.
සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන මොහුගෙන් ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත රැගෙන යාමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ ඊයේ (21) මේ අනුව ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත අවසර ලබා දුන්නේය.
මෝසමක් ගොනු කරමින් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් ඉබ්රාහිම් සාදික් අබ්දුල්ලා නමැති සැකකරු ත්‍රස්ත ඒකකයේ දින තුනක් රඳවා විමර්ශන සිදු කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.
1948 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම ඉල්ලීම සිදු කරන බව සඳහන් කළ ත්‍රස්ත විමර්ශන ඒකකය ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම් සාමාජිකයා විසින් සිදු කරන ලද ප්‍රකාශවලට අනුව මෙම විමර්ශනය සිදු කරන බව සඳහන් කළේය. ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකයා මෙම සැකකරු සමඟ සබඳතා පැවැත්වූ බවට කරුණු අනාවරණය කර ඇති අතර, සැකකරු සම්බන්ධ වූ විදේශීය දුරකතන 24ක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවට ද ත්‍රස්ත ඒකකය අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන නඩුවේ මොහු ඇතුළුව සැකකරුවන් 24කට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු විභාගයක් පැවැත්වෙන අතර, පාස්කු ප්‍රහාරයට ආයුධ සැපයීම සම්බන්ධයෙන් ද මොහු ඇතුළු තවත් සැකකරුවන් අටදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ නඩුවක් විභාග වෙමින් පවතී. මොහොමඩ් ඉබ්රාහිම් සාදික් අබ්දුල්ලා පාස්කු ප්‍රහාරයට ප්‍රථම මාලදිවයින කරා ගොස් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායමේ පුහුණුව ලබා විදේශීය ත්‍රස්තයින් සමඟ සබඳතා පවත්වා ඇති බවට ද කරුණු අනාවරණය වන බවට අධිකරණයෙන් වාර්තා වේ. මීට අමතරව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු මෙම සැකකරු ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවට අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු මේ මස 24 වන දින සිට 28 වන දින දක්වා ත්‍රස්ත ඒකකයේ රඳවා තැබීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග නිකුත් කළේය.

මහනාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්
යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබේ.
ඒ, යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් ය.
එහි දැක්වෙන්නේ අදාළ පනතේ ඇතැම් වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසිවීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ උද්ගතවී ඇති බවයි.
ඒ හේතුවෙන් විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම පනත් කෙටුම්පතෙහි නුසුදුසු වගන්ති ඉවත් කොට සකස් කිරීම සුදුසු බව ඉන් දන්වා තිබේ.
අදාළ ලිපිය පහතින් දැක්වේ.

උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ
උසස් පෙළ දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (අප්‍රේල් 21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, විෂයයන් කිහිපයකට අදාළව පාලක පිළිතුරු පත්‍ර සලකණු පටිපාටිය සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු වෙමින් පවතින බව සඳහන් ය.
විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර සඳහන් කර ඇත්තේ, හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භරත නැටුම්, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය, චිත්‍ර, නාට්‍ය හා රංග කලාව සහ හින්දි යන විෂයයන්ට අදාළව එම කටයුතු ආරම්භ කර ඇති බව ය.
යාපනය, කොළඹ, මඩකලපුව, ගම්පහ, කලුතර සහ කුරණෑගල යන නගර ආශ්‍රිත පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවලදී එම කටයුතු සිදු කෙරෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.
එමෙන් ම, සිංහල සහ ඉංග්‍රීසි මධ්‍යය ඇතුළු අනෙක් විෂයයන්ට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා අයැදුම්පත් ප්‍රමාණවත් පරිදි ලැබී ඇති බව ත් එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරිම පිළිබඳ මේ වන විට අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බව ත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වාර්ෂික ආදායම ලක්ෂ 12 ට වැඩිද ? මෙන්න ඒ ගැන නිවේදනය !
කුලී පොලී වැනි ආයෝජන අදායම් හෝ රැකියාවක නිරතව සිටින්නේ නම් හා වාර්ෂික ආදායම රුපියල් 1,200,000 ඉක්මවන පුද්ගලයන් ආදායම් බදු ගෙවීමට බැඳී සිටින්නේ යැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ එවන් පුද්ගලයන් ආදායම් බදු ගෙවීම සඳහා ලිපිගොනුවක් විවෘත කිරීම සඳහා වගකීමක් ඇති බවත් හැකි ඉක්මනින් එය විවෘත කිරීමට කටයුතු කරන ලෙසය .
මේ සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.

සුසිල්ට කළකිරෙයි !
අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගැනීමට කිසිවකු සිටින්නේ නම් ඒ සඳහා තමන්ගෙන් කිසිදු බාධාවක් නැති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරයි.
නිලධාරීන්ගේ සහායක් නොමැතිව මාස අටක් පමණ තිස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය තමන් ඉතා අමාරුවෙන් ඇදගෙන යාමට සිදුව තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යාංශයේ ලේකම්වරයා සාකච්ඡා බොහොමයක් මග හරින බවත් පවසන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අතිරේක ලේකම්වරියක් තමන් නොසලකා හැර කකුලෙන් අදින පිළිවෙතක් අනුගමනය කරන බවට ද චෝදනා කරයි.
අමාත්‍යාංශ ලේකම්වරයා කලාතුරකින් සහභාගීවන සාකච්ඡාවක දී පවා වචනයක් කතා නොකර බිම බලාගෙන සිටින බවද ඇමතිවරයා පැවසීය.
අතිරේක ලේකම්වරිය දීර්ඝ කාලයක් අමාත්‍යාංශයේ හිඳිමින් ඇමතිවරයා නොසලකා හරිමින් කටයුතු කරන බැවින් ඇය එම අමාත්‍යාංශයෙන් ඉවත් කළ යුතුව ඇතැයි ද පැවසූ ඔහු ලධාරීන් මේ අන්දමින් ක්‍රියා කිරීමෙන් අමාත්‍යංශයේ කටයුතුවලට විවිධ බාධා ඇතිවන බව ද අවධාරණය කරයි.
Page 196 of 461