V2025

පුවත්

ජන දුකට සිරිකොත දොරටු හැරේ !

ජනතා ප්‍රශ්න පිළිබඳව දැනුවත් වී ඊට විසඳුම් ලබාදෙන මහජන හමුව එජාප නියෝජ්‍ය නායක, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (02) පැවැත්විණි.

මෙම මහජන දිනය එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සෑම සතියකම සඳුදා හෝ අඟහරුවාදා යන දින වලින් එකක පැවැත්වීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම සෙසු සියලූ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව දැනුවත් වී ඊට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස් අනුව මෙම මහජන හමු සංවිධානය කර තිබේ.

2048 ජය ගන්නවා : 2025දීත් ජනපති රනිල් - එජාප මැයි රැළියේදී රවී කියයි !

වසර 2048 දී බලගතු ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් වන ඉලක්කය ජයගැනීම ඉදිරි වසර 25 තුළ අභියෝගයන්ට මුහුණදී රට ගැන සිතා කටයුතු කළ යුතු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.

එසේම 2024 මැයි මාසය වන විටද ජනාධිපති වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ඒ සමඟ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අනෙක් පක්ෂ සම්බන්ධකරගත් ආණ්ඩුවක් පිහිටුවීමට අධිෂ්ඨාන කරගත යුතු බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01) එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ සංවිධානය කළ මැයි දින සමරු උත්සවය අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අද ලෝක වැඩකරන ජනතාවගේ දිනය ලෙස සමරනවා. ඊට වැදගත් ඉතිහාසයක් තිබෙනවා. ඒ නිසා මේ දවස අවුරුදු ගානක් තිස්සේ සමරනවා. නමුත් අද අප මෙය සමරන්නේ ඉතාම වැදගත් සංධිස්ථානයක සිටිමිනුයි.

පසුගිය කාලවකවානුව තුළ පෙට්‍රල් පෝලිම්. ඩීසල් පෝලිම්, භූමිතෙල් පෝලිම් , ගෑස් පෝලිම් ඇතුළු පෝලිම් යුගයක් තිබුණා . නැත්නම් රටේ අඛණ්ඩ විදුලි සැපයුමක් කරන්න බැරි වුණා. අද ඒ සියල්ල විසඳීමට අවශ්‍ය නායකත්වය දීලා ඉදිරියට ගිය ගමනක් තිබෙනවා. නමුත් පැවති තත්වය තුළ වැඩකරන ජනතාවට විතරක් නෙවෙයි, ආයෝජකයන්ටත් ප්‍රශ්න තිබ්බා. එය දෙගොල්ලොන්ටම තිබුන ප්‍රශ්නයක් නිසා, අලුතෙන් හිතන්න සිදුවන යුගයකට අපි ගමන්කර තිබෙනවා. අපි ඉන්නේ අයිතිවාසිකම් වෙනුවෙන් විතරක් සටන් කරන යුගයක නෙවෙයි. රටේ නව යුගයක් වෙනුවෙන් අපි සටන් කරන්න අවශ්‍යයි. ආයෝජකයන්ට සාර්ථක ව්‍යාපාර පවත්වාගෙන යන්නටත් , වැඩ කරන ජනතාවට අයිතිවාසිකම් දිනාගන්නටත් එක කොන්දේසියක් සැපිරිය යුතු වෙනවා. ඒ තමයි අපි සියලු දෙනාට ජීවත්වීමට හැකි සාමකාමී රටක් තිබීම. ඒ යතාර්ථය අපි තේරුම් ගත යුතුයි.

ඉතින් මේ මැයි දිනයේදී නව චින්තනයකින් පිබිදෙමු. රට පෙරට තබා වැඩ කරමු. රට වෙනුවෙන් වැඩ කරමු. එවැනි රටකදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. අයිතිවාසිකම් ඔබ වටා ගොඩ නැගෙනු ඇතියි. වැඩ කරන ජනතාවට වැඩි වැඩියෙන් සහන දෙන්නට, වැඩි වැඩියෙන් ආර්ථිකය ශක්තිමත් කල යුතුයි. ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩකරන ජනතාව අතර වගේම ආයෝජකයින් අතරත් සංහිඳියාවක් අවශ්‍යයි. මම මේ කතාවේදී කම්කරුවන් යන වචනය වෙනුවට වැඩකරන ජනතාව කියන වචනය ඕනෑකමින් පාවිච්චි කළේ , ලේබර් කියනකොට අපේ සිහියට එන්නේ, දහදිය දාගෙන වැඩකරන කුලී සේවකයෙක්, වතු හෝ කම්කරු සේවකයෙක් නිසා. අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. ඩිජිටල්කරණය තුලින් විශ්වීයකරණය තුලින් අද සම්පුර්ණයෙන්ම රැඩිකල් වෙනසක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා එදා තිබුන සටන් පාඨ පාවිච්චි කරලා රටක් ඉස්සරහට ගෙනියන්න බෑ. අලුතෙන් හිතලා අලුතෙන් වැඩකරන යුගයකට අපි පාතබන්න තිබෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කතාකරන අවස්ථාවේදී 2048 ඉලක්කය පෙන්නලා අපි ඒ ඉලක්කර ජයගන්න වැඩකරමු කියන්නේ. මේ යතාර්ථය අපි තේරුම් ගතයුතුයි.

අපි එක්සත් ජාතික පක්ෂය ලෙස ඒ අලුත් වෙනස තේරුම් ගෙන කටයුතු කරන පක්ෂයක්. අපි දැන් ස්වයං විවේචනාත්මකව අපේ අඩුපාඩු දුර්වලතා හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව වැඩ කටයුතු කරමින් අපි සිස්ටම් චේන්ජ් එකකට යමින් සිටිනවා. එජාප ආණ්ඩුවක් තියනකොට හැමදාමත් ආර්ථිකය ශක්තිමත් කළා. ඒ නිසා වැඩකරන ජනතාවට සහන ලබාදුන් ආණ්ඩු ලෙස ඒ ගැන අදටත් කතා කෙරෙනවා.

ඔන්න දැන් ජනතාව එජාපය ගැන ඇත්ත තත්ත්වය දැනගෙන. එදා අපි කිව්ව දේ අමිහිරි වුණත් , අද ජනතාව එය විශ්වාස කරන්න ගෙන තිබෙනවා. අප නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිව තිබෙනවා. එය අපේ පක්ෂයට වගේම රටටත් යෝද ශක්තියක්. ඒ නිසා රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙලට එක්සත්ව සහය දෙන යුගයට මේ අවස්ථාවේ අවතීරණ විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය එදා ඉඳන් ආර්ථිකය ගැන කියපු ඒ නියම දැක්ම අද ක්‍රියාත්මක කිරීම සිදුවෙමින් තිබෙනවා. නොයෙන් පක්ෂ චෝදනා කලත් අද මුළු ලෝකයම එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙසයි බලාගෙන ඉන්නේ.

ගන්න බෑ කියපු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුදල ලැබුණේ මුල්‍ය විනයක් තිබුණු නිසයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැම අවස්ථාවේම රටට සේවය කරපු පක්ෂයක්. 1948 නිදහස ගන්න මුලික වූ පක්ෂය, 1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතා ලෝකයට සම්බන්ධ කළා, අදටත් එහි ප්‍රතිඵල පේන්න තිබෙනවා . නොයෙන් පක්ෂ කෑගැහුවට අවසානයේ ආර්ථිකය විවෘත කරන, ලෝකයට ලංකාව එක්සත් කරන වැඩ පිළිවෙල තමයි ඉදිරියට ගෙනයන්නේ. 2022 ජූලි මාසයේ ඉඳන් මේ වැටිච්ච , බංකොලොත් කියූ රට නැවත නායකත්වයදීලා අලුත් ගමනක් ලෙස ඉදිරියට ගෙනයන්න රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. ඊට ජනතාවත් සහය දුන්නා. තෙල් මිල තෙවරක් අඩු කළා. ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙනවා. මට මතක් වෙනවා, 2015 රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස මාව මුදල් ඇමති ලෙස පත්කර දුන්න උපදෙස. ඒ තමයි මේ රට මුල්‍ය විනයක් ඇතුව කටයුතු කරන්න ඕන කියලා.

අපි ඒ අනුව කටයුතු කළා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කළා. රුපියල් 10000ක වැටුප් දීමනාව මුලික වැටුපට එක්කළා. ඔය විදිහට වැඩකරන ජනතාවට සහන දෙන අතරේ ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කළා. අද වන විට බදු ආදායමින් 76%ක් වගේ ප්‍රමාණයක් රාජ්‍ය අංශයේ ලක්ෂ 17 ක් නඩත්තු කරන්න වැය කරනවා. නමුත් එහි නියම ප්‍රතිඵලයක් ලැබෙනවද කියන එක ජනතාව සිතා බැලිය යුතුයි. ඒ වගේම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය තිබෙනවා. විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව , ශ්‍රීලන්කන්. ජලසම්පාදන ය වගේ ආයතන පසුගිය කාලයේ බිලියන ගණනින් පාඩු ලබා තිබෙනවා. මේවා පවත්වාගෙන යනවද කියලා ජනතාව තීන්දු කළ යුතුයි. මේවායේ අලාභයන් ගණනය කළ විට නිවාස ලක්ෂ 12ක් හදන්න පුළුවන්. සෑම පුරවැසියෙකුටම 178000ක ඉතුරුම් මුදලක් වෙන් කරන්න තිබුණා.

ඒ නිසා තවදුරටත් පැරණි ක්‍රමය වෙනුවට අලුත් ගමනක් යන්න තීරණය ගත යුතුයි.

සජිත්ගේ මඤ්ඤං මැයි දින කතාවේදීත් එළියට පැනලා !

සමගි ජලබලවේග රජයකින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එළැඹ ඇති ගිවිසුම නැවත සාකච්ඡා කොට අලුත් ගිවිසුමකට එළැඹෙන බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයාගේ නායකත්වයෙන් ‘ ඒ.ඊ. ක්‍රීඩාංගණයේ අද (01) පැවැත්වුණු මැයි දින සමරුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් මෙසේද පැවසීය .

“වැඩකරන ජනතාවට මම කියන්න කැමතියි අපේ රජයක් තුළ අයි.එම්.එෆ්. ගිවිසුම අපි නැවත සාකච්ඡා කරනවා. නැවත negotiate කරලා ඒක නැවත සාකච්ඡා කරල මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් සාමාන්‍ය පොඩි මිනිහගේ පැත්තෙන් මේ රටේ ලක්ෂ 220කගේ අයිතිවාසිකම් සුරකින, එදා ප්‍රේමදාස යුගයේ නිර්මාණය වුණු ජනතාවාදී ජනහිතකාමී ප්‍රතිසංස්කරණයට ලක් වුනු අලුත් අයි.එම්.එෆ්. ගිවිසුමකට අපි නැවතත් වරක් සාකච්ඡා අපේ රජයකින් ආරම්භ කරනවා කියන එක මං ඒ අවස්ථාවේ කියන්න කැමතියි. ගම් නියම් ගම් මැයිදින ඉන්පසුව අපි නැවතත් වරක් බලාපොරොත්තු වෙනවා ඔබගේ ගම් නියම් ගම් සිසාරා පැමිණෙන්න. අද රටේ තියෙන්නෙ ඡන්ද වලට බය බියගුළු නිවට කශේරුකාවක් කොන්දක් නැති ආණ්ඩුවක්.”

සජිත්‍ට මඤ්ඤං !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස IMF වැඩසටහන සම්බන්ධයෙන් අවශ්‍ය මූලික දැනුවත් බවක් නොමැතිව හෝ ජනතාව වෙත ජනප්‍රිය සටන් පාඨයක් දීමට මේ ප්‍රකාශය සිදුකර ඇති බවයි.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ආණ්ඩු මාරුවූවා කියා බංකොලොත් රටක් වෙනුවෙන් විස්තීරණ ණය පහසුකමක් ලබාදීමට අදාළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි කොහෙත්ම වෙනස් නොවන බවය.

වෙනත් තත්ත්වයක් යටතේ IMF කොන්දේසි සම්බන්ධයෙන් සහන කාල හෝ වෙනත් සරල සංශෝධන ලබාගන්නට හැකි නමුත් පූර්ණ බංකොලොත් බවක් ප්‍රකාශ කළ රාජ්‍යක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එවැනි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමක් ගැන සිතීම පවා හාස්‍යජනක බවද ඔවුන් පවසයි .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස IMF සම්බන්ධයෙන් දක්වන අදහස් විමසුමේදී පෙන්නුම් කරන්නේ IMF ගනුදෙනුව ආණ්ඩු සමග සිදුකරන්නක් බවට වැරදි අදහසක සිටින බව යැයිද දේශපාලන විචාරකයන් පෙන්වා දෙන අතර විපක්ෂ නායක ඔලුවෙන් හිටගෙන කිව්වත් IMF ගනුදෙනුව සිදුවන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය සමග බව තේරුම් ගතයුතු බවත් අවධාරණය කරයි.

2048 ජයගමු !

මහළු කුරුල්ලන් දහයියා වලින් ඇල්ලිය නොහැකිය කියා කතාවක් ඇත. එහෙත් ඒ කියන්නේ කුරුල්ලන් ගැන කතාවක් නොව, පරිණත බව, අත්දැකීම් බහුලත්වය සම්බන්ධ කතාවක්ය. කිසියම් ව්‍යාපාරයක්, පක්ෂයක්, බලවේගයක්, පරිණත වන විට, මෝරා යන විට ඊට "දහයියා මොනවාද ? වී මොනවාද ?" කියා හරියට හඳුනාගත නොහැකි නම් සිදුවන්නේ ළපටි කුරුල්ලන්ට සිදුවන දෙයමය. අවසන් ඉරණම ඛේදනීයය. නිදහස අහිමිවන, මරණ මංචකයේදී පවා උරුම රැවටීම පමණය.

මැයි 01 වෙනිදා, ලෝක කම්කරු දිනයේ ලංකාවේ පිටපත සම්බන්ධව ලියන මේ සටහනට ඒ පූර්විකාව ගත්තේ හේතු ඇතුවය. එනම් සියවසකට ආසන්න ඉතිහාසයක් ඇතත් ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ ,වැඩකරන ජනතාවගේ දිනය කොහේවත් යන කාසිමුට්ටකාරයන්ගේ කතා අසා සිටින නැතිනම් දේශපාලන පක්ෂ ඔළුගෙඩි වලින් තම බලය පෙන්වන දිනයක් දක්වා වැඩකරන ජනතාවගේ දිනය පහතට වැටී ඇති බවය. අද කාසි මුට්ටි වෘත්තීය සමිති වගේම දේශපාලන පක්ෂ තමන්ගේ මැයි දින වේදිකා සකස් කර ඇති "ජනප්‍රිය ඊනියා සටන් පාඨ" ඒ බව තේරුම් ගන්න හොඳටම ප්‍රමාණවත්ය.

සැබවින්ම එතැන ඇත්තේ නිර්මාණාත්මක වේදිකා සහ මුඛරි කතා සාප්පු වල පම්පෝරි පමණය. ඉතිහාසය පුරාත් බොහෝවිට සිදුව ඇත්තේ එයමය. ප්‍රතිපත්ති , වැඩසටහන්, ඉදිරි ක්‍රියාමාර්ග ගැන මොනවා කිව්වත් ඒ සියල්ල හිස් වචන පමණය. මුට්ටිකාසි වෘත්තීය සමිති තම පැවැත්ම තහවුරු කරන්නටත් අවස්ථාවාදී දේශපාලනඥයන් සිය බල දේශපාලන අරමුණු ඉටුකර ගැනීම දක්වා වැඩකරන ජනතාවගේ දිනය කෙළෙසා දමා ඇත.

මැයි 01 වනදා වැඩකරන ජනතා දිනයේදී වැඩකරන ජනතාව මුට්ටි කාසි වෘත්තීය සමිති සහ බහුතරයක් දේශපාලන පක්ෂ වලට හිතේ හැටියට තමන් කෙළෙසීමට ඉඩදෙන , ඉන් අනතුරුව එළඹෙන හිස්කම ඇතුළේ ඔහේ ඇවිදයන ශාපලත් ප්‍රාණ බවට පත්කර ඇත. නැතිනම් තමන්ගේ පසුම්බිය සිතුසේ කොල්ලකන්න ඉඩදී, ඒ කොල්ලකරුව ආදරයෙන් වැළඳගෙන සිටින බේබද්දකු තත්ත්වයට වැඩකරන ජනතාවගේ ඉරණම කොටුකර ඇත. එතැන නැත්තේම වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය තිබෙන තැනින් ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් වන එක් උදලු පහරක්වත්ය. නැතිනම් වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් වන දියුණු දැක්මක් හෝ දුරදර්ශී ප්‍රායෝගික වැඩපිළිවෙලක් හැර අනිත් සේරම එතනය.

2022 වන විට ලංකාව බංකොලොත්වූ ලෝක පොළුකාරයකු තැනට ඇද වැටුනේද මෙන්න මේ දේශපාලනය නිසාය. රටේ ජනතාවට ඉන්ධන, ගෑස් , කිරිපිටි , ඉල්ලා පෝලිමේ ලගින්න සිදුවූයේ ද මේ දේශපාලනය නිසාය. විදුලිබලය පවා අහිමිව කර්මාන්ත බිඳ වට්ටාගෙන රැකියා අහිමිව එදාවේල සොයාගන්නට නොහැකි තත්ත්වයක් මතුවූයේ ද ඒ දේශපාලනය නිසාය. ජීවත්වීමේ මූලික කොන්දේසි පවා අහිමිව පවුල් පිටින් සාගතයෙන් මියැදෙනවාද ? ඖෂධ හිඟව රෝදුක් විඳවා මියදෙනවාද ? විඳවන්නට පෙර පවුල් පිටින් සියදිවි නසා ගන්නවාද ? තිබෙන දෙයක් කාට හෝ විකුණා දමා කොහේ හෝ පිට දේශයකට පලා යනවාද ? වැනි තෝරාගැනීම් මිස ඊට වඩා දෙයක් 2022 මැයි 01 වනදා වන විට මෙරට ජනතාවට නොතිබුණේද ඒ දේශපාලනය නිසාය. නීතියේ පාලනයක් වෙනුවට දිග්ගැස්සෙන ප්‍රචණ්ඩත්වයේ සහ අරාජිකත්වය තුළ උත්තර සොයන තැනට ජනතාව පහත වැටුනේද ඒ දේශපාලනය නිසාය.

එසේ නම් වෙනස් කළ යුත්තේ ඒ දේශපාලනය නොවේද ? නමුත් ඒ දේශපාලනය යන්න දේශපාලනඥයන්ට වෙනස් වෙන්න කියන, දේශපාලනඥයන් වෙනස් කරන දේශපාලනයකට ලඝු නොකරගත යුතුය. මෙහිදී අදහස් කෙරෙන්නේ , ජනතාවගේද වෙනස් වීමක්ය. ඊට අදාළව මැයි 01 වෙනිදා කෙරෙන අවධාරණය නම්, වැඩ කරන ජනතාවද වෙනස් වන දේශපාලන වෙනසක් ය.

1986 වසරේ ඒ අවාසනාවන්ත මැයි මාසයේ ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් කම්කරු නැගිටීම සිදුවුණේ " වැඩ නොකර, වැඩ මඟහැර, තම තමන්ගේ කාසිමුට්ටි වෘත්තීය සමිති වල හයිය පෙන්වීමට හෝ රට ගොඩනැගීම මුවාවෙන් පරම්පරා කිහිපයකට සරිලන ලෙස ධනය ගොඩගසන, බලය සූදුවක් කරගෙන පිස්සු නටන දේශපාලනඥයන් ගේ පක්ෂ වල හයිය පෙන්වීමට නොවේය. දහනව වන ශතවර්ෂය අගභාගයේදී කම්කරු පන්තිය “පැය 8ක වැඩ කරන දිනය” ලබා ගැනීම සඳහා නිරන්තර අරගලයක නිරත වුනේ විශ්ව සාධාරණ හේතු ඇතුවය. එකල පැවති සේවා කොන්දේසි දරුණු විය.

අනාරක්ෂිත තත්වයන් තුළ පවා පැය 10 සිට 16 දක්වා වැඩ කිරීම, වැඩ කරන ජනතාවට සාමාන්‍ය දෙයක් විය. බොහෝ සේවා ස්ථානවල මරණයන් සිදුවීම හා තුවාල සිදුවීම සරල දෛනික අංගයක් බවට පත්ව තිබිණ. ඒ අනුව පළමු අවස්ථාවේම වැඩකරන ජනතාව නැගී සිටියේ "වැඩ නොකර සිටීමේ", "කාර්ය කටයුතු මඟහැර සිටීමේ" අයිතියක් වෙනුවෙන් නොව, විධිමත් සහ වඩාත් මානුෂික වැඩ දිනයක් ලබාගැනීම වෙනුවෙන්ය. 1889 වසරේ මැයි 1 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සෑම වසරකම මැයි 1 වැනිදා ලෝක කම්කරු දිනය ලෙස නම් කළේ හේමාකට් නැගිටීමට දායකවූ කම්කරුවන් රුධිරයෙන් කළ පරිත්‍යාගය සදාකල් සැමරිය යුතුය යන අදහසින්ය. 1926 සිට අප රටද ඊට එක්වන්නේ ඒ අනුවය.

නමුත් අද සිටින්නේ එදා සිටි කම්කරු පංතිය නොවේය. එදා සිටි ස්වාමි පක්ෂයද නොවේය. එදා තිබුණු ආර්ථික හැසිරීමද නොවේය. එදා මාක්ස් නිර්ධන කම්කරුවා හඳුන්වනු ලැබුවේ ජීවත්වීම සඳහා ශ්‍රමය හැර වෙනත් කිසිඳු දෙපළක් අහිමි තැනැත්තා ලෙසය. ඒ වැටුප් ශ්‍රමිකයා අද නැත. අද ලෝක තත්ත්වය වෙනස්ය. අද වැටුප් ශ්‍රමිකයා හෙට ප්‍රාග්ධන හිමියෙක් දක්වා වෙනස් කරවන තැනට ධනවාදය වෙනස්වී ඇත. වැඩකරන කාටත් උසස් ජීවන තත්වයක් වෙත යාමට මාර්ග ඕනෑතරම් විවෘතය. අවශ්‍ය වන්නේ ඒ සඳහා වන අධ්‍යාපනය ඇතුළු පහසුකම් කිහිපයක් සැපයීම පමණය. නැත්නම් කදිම ව්‍යවසාය ඉවක්ය. නමුත් මෙරට වම්මු මෙන්ම නිකම්මු වැඩකරන ජනතාව පෙළගස්සවන්නේ ඒ අර්ථයෙන්ද යන්න ප්‍රශ්නයක්ය.

කොහොමටත් මෙරට වෘත්තීය සමිති සාතිශය බහුතරයකට ස්වාධීන පැවැත්මක් නැත. ඒවා නඩත්තු වන්නේ විවිධ දේශපාලන පක්ෂ යටතේය. අනෙක් අතට වැඩකරන ජනතාව වැඩ බිමේදී වෘත්තීය සමිති සමඟත් ඉන් එපිට තමාගේම වූ විශ්වාසය මත දේශපාලන පක්ෂ සමඟත් සම්බන්ධය. මේ සම්බන්ධය පසුගිය කාලය පුරා යොදාගනිමින් ඇත්තේ රටෙහි සංවර්ධනය වෙනුවෙන් වැඩ කිරීම උදෙසා වැඩකරන ජනතාව බලගැන්වීම සඳහා නොවේය. ඒ වෙනුවට පටු දේශපාලනික වුවමණාවන් හෝ අසාධාරණ වෘත්තීය ඉල්ලීම වෙනුවෙන් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහභාගී කරගැනීම සඳහාය. කිසිදු සාධාරණ පදනමක් නැති වැඩවර්ජන දිගින් දිගටම දියත් කිරීමේ රහස ඒකය. ඔවුන්ට "රෝගී ජීවිතද ? පාසල් දරුවන්ද ?" කියාවත් වෙනසක් නැත. මෙරට ඇත්තේ කම්කරු අයිතීන් වෘත්තීය සමිති මාෆියාකරණය වෙනුවෙන් යොදා ගැනෙන තත්වයක්ය. එනිසා මේ 2023 මැයි 1 වනදා වැඩකරන ජනතාව ඒ බව නිවැරදිව කියවා ගත යුතුය. එවිට දහයියා වලින් වී වෙන්කර ගැනීම දුෂ්කර නැත. ඉදිරියට යන්න හරි පාර තෝරාගන්න හැකිවන්නේද එවිටය.

දැන් යන්තමින් සැනසුම් සුසුම් හෙළන තත්ත්වයක් පැවතියත් ලංකා ඉතිහාසය මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදය තවමත් සමනය වී නැත. මේ පවතින්නේ වේදනා නාශක සමඟ යම් ඖෂධ සැපයීමක් හරහා රෝගය සුවකරන සමයක්ය. ප්‍රතිකාර කරණයේ සිදුකරන එක් කුඩා වරදක් හෝ අතපසුවීමකින් යළිත් රෝගය උත්සන්න විය හැකිය. එබැවින් ප්‍රතිකාරවේදය නිවැරදිව ක්‍රියාවට නගන අතර යළිත් රෝගය ඇති නොවන සේ ශක්තිමත් රෝග නිවාරණයක්ද මෙරට ආර්ථිකයට අදාලව අත්‍යවශ්‍යව පවතී. ඒ කියන්නේ රට බංකොලොත්ව, දරුණු ආර්ථික අර්බුදයක ගෝලීය ආදර්ශයක් බවට මෙරට පත්කළ පැරණි ව්‍යුහය ඉවත්කර නව ව්‍යුහයක් මත රට යලි ගොඩ නැගිය යුතු බවය.

ඒ වෙනුවෙන් දැක්මක් සහිත ලෝකයම පිළිගත් වැඩපිළිවෙල මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර හමාරය. 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත් 17 වන වතාව වූ මේ වතාවෙන් පසුව යළිත් IMF යන්න ඉඩනොතබන බව ප්‍රසිද්ධියේ කියන්න තරම් ධෛර්යයක් ජනාධිපති ඇත්තේද ඒ නිසාය. IMF ගිය 16 වතාවේම නොකළ 17 වෙනි වතාවේ ජනාධිපති රනිල් කළ තවත් දෙයක් තිබිණ. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රි ලංකා රජය අතර වූ විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සදහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට අනුමැතිය ගැනීමය. ඊට අදාළ ජන්ද විමසුම ජනපති රනිල් ජයගත්තේ ප්‍රධාන විපක්ෂයට පාර්ලිමේන්තුවේ රෙදි ඇඳගෙන ඉන්න නොහැකි පසුබිමක් සකසමින්ය. කොටින්ම කිව්වොත් නිතර කොන්ද ගැන කතා කරන විපක්ෂ නායක ඡන්දය විමසීම අවස්ථාවේ පාර්ලිමේන්තුව සභාවෙන් පලා ගියේය. ඒ අන් කිසිවක් නිසා නොව IMF යෝජනාවට පක්ෂ ද විපක්ෂ ද යන්න හරි තීරණයක් ගැනීමට ඇති බැරිබැරියාව නිසාය. මේ හැර විපක්ෂ නායක සජිත් යළි තහවුරු කර සිටියේ තමන් අකලට පැසුණු හිස් කෝම්බයක් මිස අභියෝගයකට මුහුණ දීමට හෝ තීරණාත්මක අවස්ථාවක සෘජු තීරණයක් ගැනීමට හැකි පරිණත දේශපාලනඥයෙකු නොවන බවය. ඒ හැර යෝජනාවට විරුද්ධ වුයේ අරගලයට බයේ "නිදහස" නම් අට්ටාලයක් අටවාගත්, රාජපක්ෂවාදයේ නරකම පැතිකඩ පෝෂණය කර රටේ විනාශය ඉක්මන් කල නිදහස නඩේ ඇතුළු කොහොමටත් ඉතිහාසයේ කුණු කූඩය උරුම කිහිපදෙනෙකු පමණය. එනිසා ඔවුන් විශේෂ නැත.

මෙහි අපට ඇති සුවිශේෂත්වය වන්නේ IMF සමග වන එකඟතා ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමය. ඒ කියන්නේ මෙම ගිවිසුම ප්‍රකාරව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ස්ථායිතාවය සංවර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට පාර්ලිමේන්තුව එකඟය. එසේම එම එකඟතාව අනුව ශ්‍රීලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් නැවත වතාවක් ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමටද හැකිව ඇත.

කෙසේ නමුත් විපක්ෂය මෙම එකඟතාවයට එරෙහිව ජන්දය පාවිච්චි කිරීම සහ එය මඟහැරීමට කටයුතු කිරීමෙන් පැහැදිලි වන්නේ රට අර්බුදයෙන් ගලවාගැනීම සම්බන්ධයෙන් ඇති ඔවුන්ට ඇති අකමැත්තය. සැබවින්ම IMF එකඟතා ගිවිසුම අනුව මෙරට ආර්ථිකය යළි ගොඩනැංවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ හැර වෙනත් කිසිදු විකල්ප විසඳුමක් විපක්ෂය ඉදිරිපත් කළේ නැත. අප්‍රේල් 26 -28 පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව පැවති විවාදය පුරා සජබ බහුතරය අදහස් දැක්වුයේ ගිවිසුමේ අන්තර්ගතයෙන් පරිභාහිර කරුනු ගැනය. එනම් රජය විසින් ක්‍රියාත්මක කලයුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර වල ඇති අඩුපාඩු , විපක්ෂය කියපු කාලයේ IMF නොයාම, එදා නොයන්න සහය වූ පොහොට්ටුවේ ඇතැමුන් අද ජනාධිපතිට කඩේ යාම , ජනාධිපති ජනපතයක් නෑ වැනි මන්ස්ගාතය. වඩාත් හාස්‍ය දනවන සිදුවීම නම් විපක්ෂය මේ කියූ කිසිවක් IMF නිර්දේශ ප්‍රතික්ෂේප කිරීමට අදාල නොවීමය. ආණ්ඩුව හෝ ජනාධිපති මාරුවූවා කියා වෙනස් නොවන සියල්ලට විපක්ෂය එකඟ විය. ඒ කියන්නේ ජනාධිපති රනිල් කියූ ලෙසම මෙම ගිවිසුම පිළිගන්නවා හැර වෙනත් විකල්ප විසඳුමක් විපක්ෂයට තිබී නැත.

ඒ පසුබිමේ ඔවුන්ට තිබුණු ඇත්ත ප්‍රශ්නය නම්, IMF සමඟ එන එකඟතාවට අදාළ යෝජනාවට පක්ෂ වුවහොත් එය ජනාධිපති රනිල් ගේ ජයග්‍රහණයක් වීමය. රටත් ජනතාවත් කවර ඉරණමකට ගොදුරු වූවත් එය නොතකා ගිවිසුමට පක්ෂ නොවීමේ තීන්දුව ගත්තේ ඒ නිසාය. ඒ කියන්නේ ඔවුන්ගේ බල දේශපාලන අරමුණු ඉදිරියේ, රට සහ ජනතාව යනු රම්පෙ කරපිංචා මිස ඊට වැඩි දෙයක් නොවන බවය. ඉතිහාසයේ දරුණුම අර්බුදය මැදින් ඉදිරියට යන්න ඇත්තේ මෙහෙව් පිරිසක් සමඟය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ගිවිසුමට අදාළ යෝජනාවට අනුමැතිය හමුවීම තුල, ඒ අනුව ක්‍රියාත්මක වී රට අර්බුදය ජයග්‍රහණය කිරීම දක්වා රැගෙන යාමේ අභියෝගය තවදුරටත් ජනාධිපතිවරයා මත ඇත. ඒ සඳහා ජනපතිගේ ප්‍රතිඥාව වී ඇත්තේ, 2048 බලගතු සංවර්ධිත ශ්‍රීලංකාවක් වෙනුවෙන් වන ඔහුගේ අරගලය ජයගැනීම සදහා මේ මොහොතේ සහය දෙන ලෙසය. ජනපති රනිල් එය, කිහිපවරක්ම අවධාරණය කර ඇත. නමුත් රට ගොඩනගන ඒ මල්වට්ටියට , පසුගිය අතිදුෂ්කර වකවාකුවේ හැසිරුණු ආකාරයට ම, වෘත්තීය සමිති මාෆියාව හෝ විරුද්ධ පක්ෂය සහය දෙන්නේ නැත.

එසේනම් ආර්ථික අඝාදයට වැටුණු රට ස්ථාවර කර, බලගතු රටක් බවට පත්කරන කටයුත්ත සඳහා ජනපතිට සහයදීම මෙරටේ වැඩකරන ජනතාවගේ යුතුකම සහ වගකීමය. මන්ද පාර පෙන්නුවේ නායකයන් වුණාට රටවල් ගොඩනැගුවේ ජනතාව වන නිසාය. චීනයේ මහජන විප්ලවයේ නායකයා වූ මාඕ සේතුං 1976-09-09 දින මිය යාමෙන් පසුව චීනයට දින හතරක ශෝක දිනයක් රජය ප්‍රකාශයට පත් කළේය. එහෙත් චීනය ගොඩනැංවූ සිය නායකයාට ගරු කිරීම සදහා එම නිවාඩුව ලබා ගැනීම පසෙක තැබූ එරට කම්කරුවෝ සිදුකළේ පැය 8ක දෛනික සේවා මුරය වෙනුවට, පැය 16ක් දක්වා තම සේවා මුරය දිගුකොට වැඩ කිරීමය. දෙවන ලෝක යුද්ධයෙන් අළු ධුලිව ගිය ජපානය බලවත් රටක් කළේද වැඩකරන ජනතාවගේ ජවය ධෛර්යය සහ ඕනෑකම විසින්ය. දකුණු කොරියාව ගොඩ නැගුවේද වැඩකරන මිනිසුන්ය. ජනප්‍රිය සටන් පාඨ හෝ අරාජිකත්වය හෝ දිග්ගැස්සෙන ප්‍රචණ්ඩත්වය විසින් රටවල් ගොඩනගා නැත. රටවල් ගොඩනැගුවේ පරිණත දේශපාලන නායකත්වයන් සමඟ කැටිවුණු වැඩකරන ජනතාවය. වී මොනවද දහයියා මොනවද කියා හරියට වෙන්කරගත් මිනිස්සුය. 2048 ජයගන්න ඒ මිනිස්සු පෙරට ආ යුතුය. 2023 මැයි 01 වනදා කියන්නේ ඒ මිනිසුන්ට සිය වගකීම සිහිපත් කරන දවසය.

එස්. එම්. ලියනගේ

2023- 05- 01 දිනමිණ

දිය යට ගින්දර එළියට : ක්‍රිකට් ප්‍රධානීන්ගෙන් අර්ජුන ගේම ඉල්ලයි !

වැරදි තීරණ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙමින් ඇතැයි ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග සඳහන් කරයි.

ක්‍රිකට් යනු මහේල ජයවර්ධන, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, ෂම්මි ද සිල්වා ඇතුළු පිරිසගේ බූදලයක් නොවන බවත් ඔහු පවසයි .

ක‍්‍රිකට් යනු මෙරට මිලියන විසි දෙකක මිනිසුන්ට අයත් ක‍්‍රීඩාවන් බවත් අර්ජුන රණතුංග පවසයි .

ක‍්‍රිකට් කළමනාකාරිත්වය දුර්වල බවට චෝදනා කරන ඔහු 20-20, එක්දින හා ටෙස්ට් තරඟ වලට ක්‍රීඩා කල යුතු ක්‍රීඩකයන් කවුරුන්ද යන්නවත් නිසි ලෙස තෝරා ගැනීමට පරිපාලන අසමත් බවද කියා සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායෙම් මෑතක මෑතකදී වාර්තා වන ඇතැම් හැසිරීම් වලට පරිපාලනය වගකිව යතු බවද පවසන සභාපතිවරයා තරඟ පැරදීම හෝ වරදක් සිදු වූ විට එය භාර ගැනීමට කිසිවෙකු නොමැති වීමද ගැටලුවක් බවත් අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විචාරකයන් පවසන්නේ මෙතෙක් කාලයක් දියයටින් ගින්දර ගෙනගිය අර්ජුන රණතුංග මේ සමග අවසන් සටන දියත්කර ඇති බවක් පෙන්නුම් කරන බවයි.

ක්‍රීඩා ඇමති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගැටුම්කාරී තත්ත්වයක් මතුවීම පිටුපස ද අර්ජුන රණතුංග සිටින බව විශ්වාස කළ හැකි බවත් විචාරක මතය වී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සීමා පන්නලා !

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු කාර්තුවේදී ඉලක්කගත බදු ආදායම ඉක්මවා ආදායම් උපයා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි .

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු කාර්තුවේදි ඉලක්කගත ආදායම ඉක්මවා සියයට 105ක ආදායමක් උපයා තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

එමෙන්ම මේ වසරේ පළමු කාර්තුවේදී අපේක්ෂිත ආදායමෙන් රේගුව සියයට 89ක ද සුරාබදු දෙපාර්තමේන්තුව සියයට 64ක ද බදු ප්‍රමාණයක් උපයාගෙන තිබෙන බව ද අමාත්‍යවරයා පවසයි .

කෙසේ වුවත් සුරාබදු ආදායම අඩුවීමට හේතූන් තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි .

ශ්‍රීලනිප නැතුව ආණ්ඩුවක් හදන්න කාටවත් බෑ - සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කිසිවකුට මේ රටේ ආණ්ඩුවක් පිහිටුවන්න නොහැකි බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන පැවැසීය.

69 ලක්ෂයක් ජනතාව ඔවුන්ගේ ඡන්දයෙන් පත් කළ රජයකට ජනතාවගේ අපේක්ෂාවක් ඉටු කිරීමට නොහැකිව රජයට රට කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී රට විශාල අගාධයකට අද වැටී ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය .

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (01) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර පැවැති මැයි රැළිය අමතමින් ය.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් මෙසේද පැවසීය .

ඔය කෑ ගහන රතු මහත්වරුන්ටත් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදන්න අවශ්‍යමයි. වංචාව දූෂණ නාස්තිය පිටු දකින වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබෙනවා. විදේශ ණය ගෙන ඒවා යටිමඩි ගහල පවුල්වාදය පෝෂණය කරන්න ඉඩ දෙන්නේ නෑ.

ඉන්දීය ගුවන් හමුදාපති ශ්‍රී ලංකා සංචාරයක

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් විවේක් රාම් චෞද්‍රි ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සදහා අද දින දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඉන්දීය ගුවන් හමුදාපතිවරයා සමග එරට ගුවන් හමුදාවේ තවත් උසස් නිලධාරීන් සිව් දෙනෙකු ද දූත පිරිස ලෙස සහභාගී වීම සදහා පැමිණ  ඇත.

මෙම පිරිස අද දින දහවල් 12.30 ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 271 දරන ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ඇතුළු පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ  සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

කළාපීය ගුවන් හමුදා අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම, ඒකාබද්ධ පුහුණුවීම්, තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ සමුද්‍රීය ආවේක්ෂණ මෙහෙයුම් පුළුල් කර ගැනීම මෙම ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානීවරයාගේ සංචාරයේ අරමුණු බව සදහන්ය.

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ඇතුළු පිරිස ශ්‍රී ලංකා සංචාරය නිම කර මේ මස 06 වෙනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ජනපතිගෙන් ජනතාවට ආරාධනා....

2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මඟ සමඟ එකමුතුව අත්වැල් බැඳගන්නා ලෙස සියලු වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ජාත්‍යන්තර කම්කරු දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම පණිවුඩය මෙසේය.

රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි සමාජ බලවේගය වන්නේ වැඩකරන ජනතාවයි. ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝ වන අතර ඒ සෑම අවස්ථාවකම රට ජයග්‍රහණය කරා මෙහෙයවීමට වැඩකරන ජනතාව ලබා දුන්නේ සුවිශේෂී දායකත්වයකි.

පසුගිය වසරේ මැයි දිනය සමරන අවස්ථාව වන විට රට දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබු අතර ඒ හමුවේ සියලුදෙනාට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු විය. එම අභියෝගාත්මක කාල වකවානුවේදී, ආර්ථිකය ස්ථාවර කරන අසීරු ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටි සියලු වැඩකරන ජනතාවට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

එමෙන්ම මේ උදා වී ඇත්තේ අන් කවරදාටත් වඩා ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවගේ අභිමානය ලොවට ප්‍රදර්ශනය කළ හැකි අවස්ථාවකි. මෙම තීරණාත්මක අවස්ථාවේ පටු දේශපාලන වුවමනාවන්ට ගොදුරු නොවී රට පළමුව තබා කටයුතු කරන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

අප සෑම විටම කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ක්‍රියා කළ අතර, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද දිනා දෙමින් ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් නිර්මාණය කිරීම අද දවසේ ද අපේක්ෂාව වන්නේය.

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධව මේ වන විට අනියත බියක් ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළ ද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථසාධක අරමුදලට කිසිදු හානියක් සිදුවීමට අප ඉඩ නොතබන බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.

2048 වනවිට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මඟ සමඟ එකමුතුව අත්වැල් බැඳගන්නා ලෙස මම සියලු වැඩකරන ජනතාවට ආරාධනා කරන අතර ස්වකීය අයිතීන් සුරක්ෂිත වූ අර්ථවත් ජාත්‍යන්තර කම්කරු දිනයකට ශුභාශිංසන එක් කරමි.

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයෙන් සිට ඇති ඒ මහතා අද (01) උදෑසන නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇත.

දශක පහකට අධික කාලයක් රූපවාහිනී ටෙලිනාට්‍ය 600කට අධික සංඛ්‍යාවකට සිය දායකත්වය දක්වා ඇති ජී. ආර්. පෙරේරා මහතා මියයන විට 83 වන වියේ පසුවුණි.

පෙට්‍රල් හා ඩීසල් මිල පහළට

අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 333 ක් ලෙසය.

මීට අමතරව ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 375 සිට රුපියල් 365 දක්වා රුපියල් 10 කින් අඩු කර තිබේ.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 325 සිට රුපියල් 310 ක් දක්වා රුපියල් 15 කින් අඩුකර ඇත

රුපියල් 465ක් ලෙස පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 330 ක් ලෙසය.

රුපියල් 135 කින් එහි ලීටරයක මිල අඩු කර තිබේ.

සජිත්‍ට එරෙහිව විනය පරීක්ෂණයක් : ෆවුසිගේම ඉල්ලයි !

සමඟි ජනබලවේගය චෝදනා පත්‍රයක් ලබා දිය යුත්තේ තමන්ට නොව පක්ෂ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි පවසයි.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු බවට ප්‍රකාශ කර ඔහු ඊට පක්ෂව ඡන්දය නොදීම හේතුවෙන් එසේ විනය ක්‍රියා මාර්ගයක් ගතයුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් ණය පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ වැඩි ඡන්ද 95කිනි.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 120 හිමි වු අතර විරුද්ධව හිමි වුණේ ඡන්ද 25 පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසිද එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. ඒ, එම යෝජනාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබූ පසුබිමකය .

ඒ අනුව, එච් එම් ෆවුසි මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට සමඟි ජන බලවේගය තීරණය කර ඇත.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි IMF ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදීම පක්ෂ තීරණයට පටහැනි බවය.

කෙසේ වුවත් ඇතැම් සජබ මන්ත්‍රීවරුන් පවසන්නේ රටේ තීරණාත්මක කරුණකදී පමණක් නොව පක්ෂයේ විනය සම්බන්ධයෙන් වන කාරණයකදී පවා සෘජු තීන්දු තීරණ ගැනීමට පක්ෂ නායකත්වය අසමත් හෙයින් තමන්ද සමාජය හමුවේ හාස්‍යට ලක්වෙමින් තිබෙන බවයි .

ආණ්ඩුකාරවරුන් 2කට : ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවේදී දැඩි විරෝධතා !

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනකුට මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ගේ දැඩි විරෝධයක් එල්ල වූ බව වාර්තා වෙයි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත .

එහිදී මෙලෙස දැඩි විරෝධයක් එල්ලව ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක සහ වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ ට බවත් දැනගන්නට ඇත .

මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා බස්නාහිර හා වයඹ පළාත්වල හමුදා පාලනයක් වැනි පාලනයක් ගෙන යන බවට මන්ත්‍රීවරුන් චෝදනා කර ඇති බවත් වාර්තා වෙයි .

මෙහිදී අදාළ ආණ්ඩුකාරවරුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය ගැන මන්ත්‍රීන් රුසක්ම කරුණු දක්වා ඇති අතර මධුර විතානගේ, සනත් නිශාන්ත, ගාමිණී ලොකුගේ, ඩී. වීරසිංහ, ඩී.බී. හේරත්, ජයන්ත කැටගොඩ යන මැති ඇමතිවරුන් ඒ අතර වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පසු නාගරික කොමසාරිස්වරුන් පත්කිරීමේදී එක් ආණ්ඩුකාරවරයෙක් ක්‍රියා කළ ආකාරය ගැන, රජයේ ප්‍රධාන පෙළේ නිල රාජ්‍ය උත්සවයකට ආණ්ඩුවේ නිලධාරීන් සහභාගි වීම වැළැක්වීමට තවත් ආණ්ඩුකාරවරයෙක් ක්‍රියා කළ ආකාරය ගැන ද චෝදනා නැගූ මන්ත්‍රීන් සාක්ෂි සහිතව කරුණු දක්වා ඇතැයි ද වාර්තා වෙයි.

ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු මේ අයගෙන් එක්තරා ආණ්ඩුකාරවරයකු අමතා රජය වෙනුවෙන් කිසියම් රාජකාරිමය උපදෙසක් ලබා දුන් විට ආණ්ඩුකාරවරයා මට ඔය උපදෙස් වැඩක් නැතැයි ප්‍රතික්ෂේප කළ බවටද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කර ඇත .

එම සිද්ධියට මුහුණදුන් ජනාධිපති උපදේශකවරයාද ඒ මොහොතේ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමේ රුඳී සිටි බව සඳහන් අතර ඒ ආශු මාරසිංහ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

මේ ප්‍රධාන චෝදනාවලට අමතරව මෙම ආණ්ඩුකාරවරුන් සම්බන්ධව තවත් අතුරු චෝදනා ගණනාවක් සම්බන්ධව මන්ත්‍රීවරු කරුණු දැක්වූහ.

අවසානයේ ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත්තේ මේ ගැන තවදුරටත් කරුණු විමසා තීන්දුවක් ගන්නා බවය.

Women Plus Bazaar 2023 : ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ !

ශ්‍රී ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රථම වරට සංවිධානය කරන ලද "Women Plus Bazaar 2023" ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ආරම්භ විය.

කොළඹ පිහිටි ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලය, කොළඹ මහ නගර සභාව, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය හා ජාතික ශිල්ප සභාව එක්ව සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.

දේශීය අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන් සහ කාන්තා ව්‍යවසායිකාවන්ගේ ප්‍රදර්ශන කුටි 200කට වැඩි සංඛ්‍යාවකින් මෙය සමන්විත වූ අතර කාන්තා ව්‍යවසායිකාවන්ට වැඩි ඉඩක් විවෘත කරදී ඔවුන්ගේ වැඩි දායකත්වයක් ලබාගැනීම මෙහිවූ විශේෂත්වයක් විය.

ෂැංග්‍රිලා ග්‍රෑන්ඩ් බෝල් රූම් හි පැවති ප්‍රදර්ශනය නැරඹීමට සහභාගි වූ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි වෙත යමින් නිෂ්පාදකයින් සමඟ සුහද කථා බහක ද නිරත විය.

දේශීය හා විදේශීය පාරිභෝගිකයන් සඳහා මෙවැනි දේශීය අත්කම් භාණ්ඩ අළෙවි කිරීමට ගාල්ල ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා සුදුසු ගොඩනැඟිලි භූමියක් සොයාබලන ලෙස ජනාධිපතිවරයා මෙහිදී කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ට උපදෙස් දුන්නේය.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්, ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති මගීඩ් මොස්ලේ, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල, එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනි කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් සහ විදේශ තානාපති කාර්යාල නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20230430 WA0010

IMG 20230430 WA0011

පොදු අපේක්ෂක කළ හැකි රාජපක්ෂවරයෙක් නෑ - ඇමති ප්‍රසන්න

පොදු අපේක්ෂකයෙකු ලෙස මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කළ හැකි රාජපක්ෂ වරයෙක් නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි .

පොදුජන පෙරමුණේ මීලග ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක් විසින් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ අදහස් පල කර ඇත .

එහිදී ඔහු මෙසේ පවසයි .

‘එහෙම රාජපක්ෂ කෙනෙක් මේ වෙලාවේ නැහැනේ. අනික එය පක්ෂයක් හැටියට ගත යුතු තීන්දුවක්. ඒ වෙලාවට තමයි ඒක බලන්න පුළුවන් වෙන්නේ.

පක්ෂයේ ආශිර්වාදය අරගෙන ඉදිරිපත් වෙන පොදු අපේක්ෂකයා තමයි ඊළඟට මේ රටේ ජනාධිපති බවට පත්වෙන්නේ.

පොදු අපේක්ෂකයෙක් හැටියට ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙකුට තමයි අපි උදව් කරන්නේ. මම හිතන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂයෙන් ඇවිත් රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. අපිත් එක්ක එකතුවෙලා යන කෙනෙකුට තමයි ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ’.

අමාත්‍යවරයා මෙසේ සඳහන් කළද පොදුජන පෙරමුණට සමීප ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වලකින ලෙස පක්ෂය දැනුම්දී ඇති බවයි.

එසේ අදහස් දැක්වීම නිසා පක්ෂයේ අභ්‍යන්තර සමගියට හානි සිදුවන බැවින් එම තීරණය දැනුම්දී ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි .

කෘතිම බුද්ධිය ප්‍රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකායක් !

කෘතිම බුද්ධිය (Artificial Intelligent) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘතිම බුද්ධිය (Artificial Intelligent) හෙවත් AI තාක්ෂණය රටේ සංවර්ධනයට යොදාගත හැකි අන්දම පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, ධීවර, කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉදිරි දියුණුව සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

දැනට ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය හරහා දළ ජාතික ආදායමට වාර්ෂිකව එකතුවන කොටස ඇ.ඩො.බිලියන 1.9ක් පමණ වන බවත්, මෙයින් කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මඟින් උපයන කොටස කොපමණද යන්න හඳුනාගෙන නොමැති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ප්‍රමාණය වෙන් කර හඳුනාගත හැකි විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද අදාල නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන් කෘතිම බුද්ධිය හරහා දළ දේශීය නිෂ්පාදනට එකතු වන ආදායම ඉදිරි වසර කිහිපය තුළ වේගයෙන් ඉහළ නංවා ගතහැකි ක්‍රියාමාර්ගවලට කඩිනමින් එළැඹීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

අපගේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ කඩිනමින් දියුණු කළ යුතු ක්ෂේත්‍ර ලෙස කෘෂිකර්ම සහ ධීවර කර්මාන්තය නවීකරණය , සංචාරක ව්‍යාපාරය, සැපයුම් මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම වැනි කරුණු හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව අපි තාක්ෂණික කර්මාන්තය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

අද ලෝකය කෘතිම බුද්ධිය සමඟ ඉදිරියට ගමන් කරන බැවින් ශ්‍රී ලංකාව ද කෘතිම බුද්ධිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි වගේම ඒ සඳහා වැඩිපුර ආයෝජන සිදු කළයුතුයි. එය කිරීමට සිදුවන්නේ පෞද්ගලික අංශය හරහායි. මම අද මෙම සාකච්ඡාව කැඳවීමේ මූලික අරමුණ වුණේ ඒ පිළිබඳ ඔබ සියලුදෙනාගේ අදහස් ලබා ගැනීමයි. ඒ වගේම මෙම වැඩසටහන් ආරම්භ කළ යුත්තේ කෙසේද? එහි වාසි අවාසි මොනවාද? කියා ඔබ සමග සාකච්ඡා කිරීමටයි.
ලබන වසරේ කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය සඳහා රුපියල් බිලියනයක් වෙන් කිරීමට රජය අපේක්ෂා කරනවා. කෘතිම බුද්ධිය රට තුළ දියුණු කිරීමේ දී පළමුව ඊට සරිලන පරිසරයක් අවශ්‍යයි. ඒ සඳහා ආයතනයක් මෙන්ම දත්ත අවශ්‍යයි. එබැවින් මෙම වැඩසටහන් සකස් කළ හැකි අන්දම පිළිබඳ ඔබගේ අදහස් ලබා ගැනීමට මම අපේක්ෂා කරනවා.

ඒ වගේම ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට අපට අවශ්‍යයි. ඉදිරි මාස කිහිපය තුළ අපට ඒ සඳහා දැඩි උත්සාහයක් දැරීමට සිදුවනු ඇතියි. රජය පාර්ශ්වයෙන් මේ වන විටත් ඊට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා.

අපේ රටේ වාර්ෂිකව බිහිවන්නේ ඉංජිනේරුවන් 2500ක් පමණයි. මම යෝජනා කර තිබෙනවා අපට ඉංජිනේරුවන් 10,000ක අවම ඉලක්කයක් තිබිය යුතුයි කියා. කෘතිම බුද්ධිය භාවිතයේ දී අප සිංගප්පූරුව සහ ඉන්දියාව සැළකිල්ලට ගත යුතුයි. නැගෙනහිර ආසියාව, දකුණු කොරියාව, ජපානය සහ චීනය කෘතිම බුද්ධිය සමග ඉදිරියට ගියත් බටහිර ආසියාවේ කිසිදු රටක් තවම එහි නැහැ. ඒ නිසා අපට තවමත් ඉතා පැහැදිළි ක්ෂේත්‍ර තිබෙනවා. ඒ සඳහා අපට උපාය මාර්ග තිබිය යුතු අතර මෙම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එමෙන්ම මේ සඳහා විශ්වවිද්‍යාල පර්යේෂණ අංශ වැඩිදියුණු කිරීම ද ආරම්භ කළ යුතුයි.

තාක්ෂණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිරංජන් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයේ පුළුල් මාදිලියට AI තාක්ෂණය හෙවත් කෘතිම බුද්ධිය ගැළපෙන්නේ කෙසේද යන්න පිළිබඳ මෙහිදී අදහස් පළ කළහ.

මීට අදාළ පර්යේෂණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම එම ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ඉදිරියේදී ගතයුතු පියවර පිළිබඳ සාකච්ඡාවට එක්ව සිටි විද්වත්හු අදහස් පළ කළහ.

ක්‍රමෝපායික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය සහ ශ්‍රී ලංකා කෘතිම බුද්ධි සංගමය, විශ්වවිද්‍යාල සහ ජාතික නවෝත්පාදන ආයතන නියෝජිතයන් මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විද්වත්හු සාකච්ඡාවට එක්ව සිටියහ.

IMG 20230430 WA0006

2022 රාජ්‍ය ආයතන පාඩුව : සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදමට සමානයි !

පාඩු ලබන රාජ්‍ය ආයතන පසුගිය වසරේදී ( 2022) ලැබූ මුළු පාඩුව රුපියල් කෝටි එක්ලක්ෂ දෙදහස් නව සීයක්( බිලියන 1029) බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

එම පාඩු ලැබූ මුදල රජය අධ්‍යාපනයට සහ සෞඛ්‍ය අංශයට වියදම් කරන මුදලට සමාන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස් අවශ්‍ය දැයි මෙහිදී ප්‍රශ්න කළ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිව්‍යුහගතකරණයෙන් වාසි සැලසෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොව ශ්‍රී ලංකාවේ ජනතාවටම බවද ප්‍රකාශ කළේය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන් නිර්ණායක පිළිගනු ලැබුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඒවා මෙම රටට ගැලපෙන පරිදි වෙනස් කිරීමෙන් අනතුරුව බවත් ඒ සඳහා දේශපාලන අධිකාරිය මෙන්ම මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ද සුවිශේෂ කැපකිරීමක් කළ බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල මැදිහත්වීම ප්‍රතික්ෂේප කිරීම යල් පැනගිය අදහසක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

මැයි දිනයට පොලිස් නිලධාරීන් 3500ක් සමග විශේෂ රථවාහන සැලැස්මක්

කම්කරු දිනය නිමිත්තෙන් හෙට (මැයි 1) දිනයෙදී කොළඹ නගරයේ පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා පොලිස් නිලධාරීන් 3,500කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරී වෙනුවෙන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මැයි රැලි පැවැත් වීම සඳහා විවිධ දේශපාලන පක්ෂ වෘත්තිය සමිති සංවිධාන කටයුතු සිදු කරමින් පවතින බව ය.

ඒ පිළිබඳව පොලසිය සමග සම්බන්ධීකරණය වෙමින් මේ වන විට කටයුතු සිදු කරන බව තල්දූව කියා සිටියේ ය.

විශේෂ රථවාහන සැලැස්මක්

හෙට දිනය  නිමිත්තෙන් පැවැත්වෙන විවිධ දේශපාලන පක්ෂ හා මැයි දින පෙළපාලි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව ද පොලීසිය පවසයි.

ඒ අනුව හෙට නුගේගොඩ, නුවරඑළිය, මහනුවර, හැටන් යන ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනු ඇති බවත්, මහනුවර නගරයේද පෙළපාලි හා රැස්වීම් පැවැත්වෙන අතර, පොලීසිය දැනුම් දෙන්නේ, නගරය හරහා ගමන් කරන රියැදුරන්ට හා මහජනතාවට ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

කොළඹ නගරයේද පෙළපාලි හා රැස්වීම් පැවැත්වෙන අතර එය පහත පරිදි වේ.

pelapali

Page 193 of 461