වර්තමාන දේශපාලන පිටියේ ප්‍රමුඛ පෙළේ විද්වතෙකු මෙන්ම සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙකු වන මහාචාර්ය චරිත හේරත්, මෙරට පවතින සමාජ-ආර්ථික තත්ත්වය සහ ඉදිරි දේශපාලන ප්රවණතා පිළිබඳව සිය විග්‍රහය ඉදිරිපත් කරයි. කාලයක් ජාතිකවාදී දේශපාලන කඳවුර නියෝජනය කළ ඔහු සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන දේශපාලන මාවත තෝරා ගැනීම සහ වත්මන් පාලනය පිළිබඳව සිදුකරන විවේචනයන් මෙරට දේශපාලන කරළියේ දැඩි අවධානයට ලක්ව තිබේ.


