සක්වළ වැඩසටහන ක්‍රියාත්මක කරන විට, කියන විට හිනාවුණ අය අද මැති ඇමතිකම් අරගෙන රට පාලනය කළ ද රටේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිත් නොකරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (20) නොච්චියාගම දුනුමඩලාව පුරාණ ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ පැවති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසහන සමග එක්වෙමිනි.
එම වැඩසටහනට සහභාගි වෙමින් වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
සැලසුම් සහගතව පාසල් වහන්න හදනවා
''එක පාසලක් ආරම්භ කරන විට හිරගෙවල් දහසක් වැසෙනවා. අප කළ යුතු වන්නේ පාසල් වහන එක නෙවෙයි; පවතින පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම යි. පාසලට අවශ්‍ය භෞතික සහ මානව සම්පත ලබා දෙමින් නූතනවාදී යාවත්කාලීන වූ අලුත් අධ්‍යාපන ක්‍රමවේදයකට යොමුවිය යුතු යි. අපි: අධ්‍යාපනයේ වැඩිදියුණුව, පරිගණක අධ්‍යාපනය, ඉංග්‍රීසි භාෂා සහ අනෙකුත් භාෂා දැනුම ගැන වගේ ම මුල් ළමා වියේ සිට පරිගණක අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් සක්වළ වැඩසටහන පවා ක්‍රියාත්මක කළා.
එදා මේවා කරන විට කියන විට හිනාවුණ අය අද මැති ඇමතිකම් අරගෙන රට පාලනය කළාට රටේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිවක් කරන්නෙ නෑ. මොවුන් පාසල් දියුණු කරනවා වෙනුවට පාසල් වහන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විපක්ෂයේ සිටින තම ගුරු හිඟය පියවන්න හරි අඩුපාඩු පියවන්න හරි බැහැ. ජනාධිපතිකමයි තුනෙන් දෙකයි තියාගෙන මේ අය කිසිම දෙයක් කරන්නෙත් නෑ. මොවුන් සැලසුම් සහගතව පාසල් වසා දමන්න යනවා. එය කරන්න ඉඩ දෙන්න බෑ. විපක්ෂයට කළ හැකි උපරිම දේ කරනවා.
ජනතාව ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට
ආණ්ඩුවක් තිබිය දී ජනාධිපතිවරයෙක් සිටිය දී ජනතාව ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට. එම නිසා අගනුවර සිටින ධානපතියන් සම්බන්ධ කර ගෙන මේ දුෂ්කර පාසල්වල ගැටලු විසඳනවා. පාසල් වසාදාන කුමන්ත්රණයත් වසා දමනවා. මෙසේ පාසල් වසා දමනවාට විරුද්ධව ජනතාව පෙළ ගැසිය යුතු යි. ඒ සඳහා සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙනවා. දේශපාලනය නෙවෙයි වැදගත් වෙන්නෙ; පාසලයි වැදගත් වෙන්නෙ. ඒ නිසා භේදයෙන් තොරව පාසල රැකගන්න සාමකාමීව නීත්‍යානුකූලව කටයුතු කරනවා.
පාතාල මර්ධනය ඉතා හොදින් සිදුවෙනමින් පවතින බව මහින්ද ජයසිංහ පවසයි.ඔහු තව දුරටත් සදහන් කලේ,
පවතින අධික වර්ෂාව සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල මරංගහවෙල හපුතලේ ප්‍රදේශයේදී ගල් පෙරළීමේ අවදානමක් මතුවී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මේ වනවිටත් ධාරානිපාත වර්ෂාව සමඟ හල්දුම්මුල්ල කළුපහන පුස්සැල්ල ප්‍රදේශයේදී විශාල ගල් කුළු කිහිපයක් කඳුමුදුනේ සිට මාර්ගය මතට කඩා වැටී ඇති බවත් වාහන ගමන් කළ හැකි වුවද ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කළ බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් කුමාර රාජපක්ෂ පැවසීය.
කෙසේ වෙතත් පවතින අධික වර්ෂාව හමුවේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට මරංගහවෙල බෙරගල හපුතලේ අතර ප්‍රදේශයේදී මාර්ගය දෙසට කදු මුදුන් වල සිට ගල් පෙරළීමේ අවදානමක් පවතින බැවින් විමසිලිමත්ව අවධානයෙන් රථ වාහන ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.
(සමන් පාලිත නානායක්කාර)
ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ලබා ගැනීම සඳහා නඩුවට පෙනී සිටි මාතර නීතිඥ සංගමයේ නීතිඥ හා වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී තාරක නානායක්කාර එම සංගමයේ විධායක කමිටුවේ සංස්කාරක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
ගල්කිස්ස අධිකරණ භූමියේ ඇතිවූ සිද්ධියෙන් චෝදනා එල්ල වූ නීතිඥ ගුණරත්න වන්නිනායකට විරුද්ධව පොලිස් කොස්තාපල්වරයාගේ පාර්ශ්වයට පෙනී සිටීම හේතුවෙන් නීතිඥ තාරක නානායක්කාරට පසුගිය දිනවල නීතිඥවරුන් පිරිසක ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බව පැවැසේ.
ඒ අනුව ඔහුට මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් මෙන්ම එහි විධායක කමිටුවෙන් ද ඉල්ලා අස් වන ලෙසට බලපෑම් එල්ල වූ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර මාතර නීතිඥ සංගමයේ විශේෂ විධායක කමිටු රැස්වීමක් කැදවා ඇති අතර එහිදී නීතිඥ තාරක නානායක්කාර විධායක කමිටු ධුරයෙන් ඉල්ලා අස්වන බවට වූ සිය ලිපිය බාර දී ඇත.
කෙසේ වෙතත් ඔහු මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී නොමැති බව දැන ගන්නට ඇත.
මේ පිළිබඳව නීතිඥ තාරක නානායක්කාරගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ගල්කිස්ස උසාවියේ නඩුවට පෙනී සිටියේ කොළඹ නීතිඥ සංගමයේ ලේකම්වරයා ද දැනුවත් කර අදාළ කොස්තාපල්වරයා දන්නා කියන හිතවත් පවුලක අයකු වූ නිසා බවත් මාතර නීතිඥ සංගමයේ විධායක කමිටුවෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතුවක් නිසා බවත් ය.
(ක්‍රිෂාන් ජීවක ජයරුක් - lankadeepa)
ලොව විශාලතම කෞතුකාගාරය වන ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලූවර් කෞතුකාගාරය වසා දමා තිබේ.
ඒ, එහි සිදුවූ කොල්ලකෑමක් හේතුවෙන් ය.
වෙස්මුහුණු පැළඳගෙන පැමිණි කොල්ලකරුවන් තුන්දෙනෙකු එහි තිබූ වටිනා ආභරණ 9 ක් සොරා ගෙන ගොස් තිබුණි.
1546 දී ප්‍රංශ රාජකීය පවුල වෙනුවෙන් මාළිගාවක් ලෙස ඉදිකළ එය,පොදු කලාගාරයක් බවට පත්කර ඇත්තේ, 1793 වසරේදී ය.
ලියනාඩෝ ඩා වින්චිගේ සුප්‍රකට මොනාලිසා සිතුවම ඇතුළු නිර්මාණ 35,000 කට වඩා ප්‍රදර්ශනයට තබා ඇති එම කෞතුකාගාරය, භූමි ප්‍රමාණයෙන් පාපන්දු ක්‍රීඩාංගණ දහයකට වඩා විශාලය.
රට කඩාවට්ටන සංකල්ප වර්ධනය කරන්න එපා යයි පොහොට්ටු පක්ෂයේ තරුණ ක්‍රියාකාරිකයකු වන දමිත වික්‍රමසිංහ මෙරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
තරුණ සේවා සභාවේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් දමිත වික්‍රමසිංහ එම ඉල්ලීම කරනු ලබන්නේ සමාජ මාධ්‍යවෙත වීඩියෝවක් මුදාහරිමිනි.
'අපිට දේශපාලනයෙන් වැඩක් නැත', අපි හම්බ කළොත් අපි කනවා' යනාදි සංකල්ප රාජ්‍ය කටාවැට්ටවීම සඳහා සුදානම්ව සිටින බලවේග විසින් නිර්මාණය කරන ලද සංකල්ප යැයි මෙරට තරුණ පරම්පරාව තේරුම් ගත යුතු දෙයක් යැයි ද දමිත වික්‍රමසිංහ පවසයි.
ඔහු පවසන්නේ රටක අනාගතය සැලසුම් කරන්නේ: ප්‍රාදේශීය සභා, පළාත් සභා හෝ පාර්ලිමේන්තුවට තේරී පත්වන දේශපාලන නියෝජිතයන් වන බැවින් අප කිසිවකුට දේශපාලනය බැහැර කළ නොහැකි බවයි.
ඔහු තවදුරටත් මෙසේද පවසයි.
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට (20) යෙදී තිබේ.
අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උලෙළ සමරයි.
වසර 35,000ක් පමණ පැරණි දීපාවලී සැමරුම වටා බැඳුණු පුරාවෘත්ත රැසක් පවතියි.
විෂ්ණු දෙවියන්, නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් දීපාවලී උත්සවය සමරනු ලබන බව මේ අතරින් වඩාත් ප්‍රකට කතා පුවතයි.
තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාටම ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන් වේ.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගේ උපන් දිනය අදට (19) යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් ඔහුගේ හිතවතුන් ඔහුට සුබපැතුම් එක්කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ සටහන් පළකර ඇත.
මතු පලවන්නේ එවැනි සටහනකි.
පක්ෂයට අසීරු වෙලාවේ
ඔයා පක්ෂය වෙනුවෙන් කැපවුන හැටි...
පක්ෂය අලුත් මාවතකට ගෙනගිය හැටි අපි දැක්කා...
ඒ කාලේ අපි හැමෝගෙම වීරයා ඔයා උනා...
අදත් ඔයා කොච්චර කැපකිරීමකින්... වෙහෙසකින්...
අපේ පොදු හීනය සැබෑ කරන්න අමාත්‍යාංශයේ වැඩ , නැගනිහිර පලාතේ වැඩ... මාතර දිස්ත්‍රික්කයේ වැඩ.. පක්ශයේ වැඩ කරනවාද කියලා අපි දන්නවා...
ඒත් අද මල් වලට වැඩිය ගල් - උපහාස - ගැරහුම් වැඩියි...
දේශපාලනයෙන් පන්නරය උන ඔයාට මුවහත් වෙන්න වැඩිකල් යන්නේ නෑ...
අහියෝගය වගේම , අවාසිදායක අවස්ථාත් හදුනාගෙන ඔයා ආයී ඉක්මනට වීරයෙක් වෙනවා..
“Do not fear criticism. Fear silence in the face of injustice….”
-(Che)
සුභ උපන්දිනයක් Comrade Sunil Handunneththi 

මහ බැංකුව නිකුත් කරන සතිපතා ආර්ථික දත්ත වාර්තාව අනුව වසරේ මේ දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය සියයට 3 යි දශම 4 ක් ලෙස සටහන් වේ.
සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අනුපාතය පුළුල් ලෙස ස්ථාවරව පවතින.
විදේශ ආයෝජකයන් සතු බිල්පත් සහ බැඳුම්කර වල රුපියල් වටිනාකම පෙර සතියට සපේක්ෂව සියයට 8කින් වැඩිවී ඇත.
( hirunews)
පසුගියදා ඩුබායි අජමාන් නගරයේ පැවති Ajman Triathlon 2025 තරගාවලියේ දී Sprint Team Relay අංශය නියෝජනය කරමින් සහබාගී වු ඉන්දික ගමගේ එහිදී Running Event අංශයේ කිලෝමීටර් 4KM දුරක් දුවමින් එහි රිදී පදක්කම දිනාගැනීමට සමත්විය.
මෙම තරගාවලිය U.A.E Triathlon Federation විසින් වාර්ශිකව සංවිධාන කරනු ලබන තරග ඉසව්වක් වන අතර මෙවර රටවල් 20 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 ක් පමන සහබාගී විය.
(සටහන - සමීර මදුසංක හේවා ගමගේ)



පළාත් සභා මැතිවරණයට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකමුතු ලැයිස්තුවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත්පී පෙරේරා මහතා පැවසීය
පළාත් සභා මැතිවරණය නුදුරේදී එන බවත් පළාත් සභා මැතිවරණය රටට ජනතාවට අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා කීවේය.
පළාත් ඡන්දය පැවැත්වීමට මහජන නියෝජිතයන්ගේ සහය අත්‍යවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.
(lankadeepa | සුජිත් හේවාජුලිගේ)
පසුගිය මැතිවරණවලදී වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් දෙදහසකට පමණ එරෙහිව නඩු පවරා ඇතැයි පොලිසිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් 13කු සහ පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ 1900 ක් ද පළාත් පාලමැතිවරණයට ඉදිරිපත් වූ පිරිසක් ද ඊට ඇතුළත් වන බව මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක පවසයි.
පළාත් පාලන මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද පොලිසිය දැනුම් දී ඇත.
මැතිවරණ වියදම් නියාමන පනත අනුව සියලුම අපේක්ෂකයන් වියදම් වාර්තා ලබාදීම අනිවාර්ය වේ.
ජපානයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වූ සවරා ලංකාජී විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා මහත් අභිමානවත්ව පැවැත්විණි.
හතළිස් දෙවැනි වරටත් සංවිධානය කරන ලද වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.
ටෝකියෝ හි පදිංචි දිනේෂ් ශානක මහතා සහ එම මහත්මියගේ පූර්ණ දායකත්වයෙන් ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන්ගේ සහ ජපන් බෞද්ධ ජනතාවගේ දායකත්වය මීට ලැබී තිබිණි.
මෙවර ලංකා ජී විහාරයේ පැවති කඨින පුණ්‍ය මහෝත්සවයට සමගාමීව කඨින චීවර පෙරහර, කඨින චීවරය පඬු පෙවීම, සපිරිකර සංඝගත දක්ෂිණාව, පරිත්‍රාණ ධර්ම දේශනාව, කඨිනානිසංස ධර්ම දේශනාව, අටවිසි ගිලන්පස බුද්ධ පූජාව සහ දන්සැල් ඇතුළු ආගමික වතාවත් රැසක් පැවැත් වූ බව ලංකා ජී විහාරවාසි කොස්වත්තේ පාලිත හිමියෝ සඳහන් කළහ.
ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය පෙරටුකොට කඨින චීවර පෙරහර පැවැත් වූ ආකාරයයි හා පින්කමෙහි අවස්ථා කිහිපයක් මතු ඡායාරූපවල දැක්වේ.
(සටහන | ජේ. මුණසිංහ )





newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
