පුවත්

විපක්ෂයේ හීනයක් ගැන ඇමති බන්දුල කියයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම වළක්වාගත නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.
එබැවින් මෙම ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට මේ රටේ සියලු පුරවැසියන්ගේ සහාය අවශ්‍ය කාලය එළැඹ තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙසේද පැවසීය,
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විශේෂ විවාදයක් ජූලි මස 02 සහ 03 යන දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා. පසුගිය කාලයේ භාණ්ඩාගාරයේ ඩොලර් සංචිත තිබුණේ නැහැ. රට ණය වාරික ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබුණා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇති වුණා. සමාජය මුළුමණින්ම වෛරය මුසු සමාජයක් බවට පත්ව රටම ගිනිබත් වූ අරගල ක්‍රියාමාර්ගයකට ගියා.
එදා කිසිවකුත් රට භාර ගැනීමට ඉදිරිපත් නොවූ අවස්ථාවක, අග්‍රාමාත්‍යවරයකු වශයෙන් මෙන්ම පරිණත දේශපාලනඥයකු ලෙස අත්දැකීම් සම්භාරයක් සහිත රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අභියෝගය භාරගෙන රට ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබුවා. එතුමා පළමුවෙන්ම සිදු කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් විස්තීර්ණ ණය ගිවිසුමකට එළැඹීමයි. එය සාර්ථක කර ගැනීමට එතුමා විශාල ප්‍රයත්නයක් දැරුවා. එසේම මීට පෙර රටක් වශයෙන් අප 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය නිසා මෙවර එහි ණය පහසුකම ලබා ගැනීමට පෞද්ගලිකවම ඉතාම වෙහෙසකර කාර්යභාරයක නිරත වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සිදු වුණා.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 2027 වසර වන තෙක් විස්තීර්ණ ණය ගිවිසුමකට ඇතුළත් වීමට හැකියාව ලැබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුම් ප්‍රකාරව තමයි අපේ රටට හුස්ම වැටීම ආරම්භ වුණේ.
සියලු දේවල් අතින් ස්වයංපෝෂිත නොවූ රටක් විදිහට අප අනිවාර්යයෙන්ම විදේශ රටවල්වලින් භාණ්ඩ ආනයනය කරන්න අවශ්‍යයි. දේශපාලන වශයෙන් කවුරු නායකයා වුවත්, ජාත්‍යන්තර පිළිගැනීම නොමැති නම් ගනුදෙනු පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ. එවැනි ගනුදෙනු සිදුවිය යුත්තේ ද ලෝක සම්මතයන්ට අනුව පමණයි. විස්තීර්ණ ණය පහසුකම් ගිවිසුමට අනුව 2027 වසර වන තෙක් ණය ගිවිසුමකට එළැඹීමට හැකි වූ නිසා වාර්ෂිකව භාණ්ඩ ආනයනය කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා.
තව මාස කිහිපයකින් 2025 වසරට අදාළ අයවැය ලේඛනය සකස් කළ යුතුව තිබෙනවා. ඒ අයවැය ලේඛනය සම්මත වුවහොත් පමණයි රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප්, සමෘද්ධි, අස්වැසුම ඇතුළු දිළිඳු ජන කොටස්වලට දීමනා ලැබෙන්නේ. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව 2027 වසර වන තෙක් අයවැය ලේඛනයක් සකස් කරන්න බැහැ.
එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 2025 වසර අයවැය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ක් ලබා දෙනවා. අයවැය සඳහා සහායක් වශයෙන් ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 400ක් සහ ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 300ක් ලබා දෙනවා. අයවැය ලේඛනය සකස් කරන අවස්ථාවේදී ණය සහන වශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 3655ක් ලැබෙයි කියා විශ්වාස කරනවා. මේ විදිහට තමයි ලබන වසරට අදාළ අයවැය ලේඛනය සකස් කළ යුතු වන්නේ. කවුරු ආණ්ඩු කළත් අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර ගෙවන්න මුදල් අවශ්‍යයි. මේ ක්‍රමය හැරෙන්න අයවැය වෙනුවෙන් මුදල් ලබා ගන්න වෙනත් ක්‍රමයක් නැහැ.
මේ ණය සහන පුරෝකථන පමණයි. මේ පුරෝකථනය 2027 වසරටත් එලෙසින්ම සකස් කර තිබෙනවා. නමුත් උදාහරණයක් ලෙස 2027 වසර වන විට විශාල අයවැය පරතරයක් ඇති නොවුණත්, ඇමරිකානු ඩොලර් මිලියන 3911ක හිඟතාවයක් ඇති වන බවට පුරෝකථනය කර තිබෙනවා. එහිදී විස්තීර්ණ ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් 629ක්, අයවැය ලේඛනය සකස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් මිලියන 600ක්, ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 300ක් සහ ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 300ක් ද වශයෙන් ලබාදීමට නියමිතව තිබෙනවා. 2027 වසරේ අයවැය ලේඛනය සකස් කරන්න ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක හිඟයක් ඇති වෙනවා.
ඒ හිඟය පියවන්න අපට ජාත්‍යන්තර වෙළෙඳ පොළට යන්න වෙනවා. මේ දවස්වල කවුරු ආණ්ඩු කළත් ලෝකයේ කිසිම කෙනෙක් ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ගන්නේ නැහැ. අපට බැඳුම්කරයක් නිකුත් කළ හැකි වන්නේ 2027 වසරේදී පමණයි.
එසේ ස්වෛරී බැඳුම්කරයක් නිකුත් කළ හැකි වන්නේ ද 2027 වසර වන විට අපේ රට සතුව ඇමරිකානු ඩොලර් බිලියන 14ක විදෙස් සංචිතයක් පැවතිය හොත් පමණයි. දැනට අප සතුව පවතින්නේ ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක සංචිතයක් පමණයි. කෙසේ නමුත් මේ සෑම වසරකටම අදාළව අප නිසි වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.
රාජ්‍ය තන්ත්‍රය මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතරවාරයේ ජනාධිපතිතුමා විදෙස් රටවල් සමඟ එකඟතා ඇති කර ගනිමින් සිටිනවා. මේ කිසිම ගිවිසුමක්, වැඩපිළිවෙළක් සඟවා නැහැ. ජනාධිපතිතුමා සියලුම තොරතුරු පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර තිබෙනවා.
ඒ පසුබිමේ මේ සකස් කළ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිම කෙනෙකුට ආණ්ඩුවක් පවත්වාගෙන යන්න බැහැ. මේ ආර්ථික වැඩපිළිවෙළින් පරිබාහිරව කවුරුන් හෝ ආණ්ඩු කිරීමට සිහින මවන්නේ නම් රට යළිත් කඩාවැටීම වළක්වාගත නොහැකි බව පැවසිය යුතුයි.
එනිසා මේ රටට ආදරය කරන, නූපන් දරු පරපුරට ජාතියක් ලෙස නැඟී සිටිමින් සංවර්ධිත රටක ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට මේ එකඟ වී තිබෙන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රටක් ලෙස සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. ඒ වගේම විස්තීර්ණ ණය පහසුකමට අදාළව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඔවුන් දේශද්‍රෝහීන් ලෙස ඉතිහාසගත වන බවද කිව යුතුයි.

හිරුනිකාටගෙන් අභියාචනයක් !
තරුණයකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්‍ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවන්ට වරදකාරිය ව බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් තමන්ට පනවා ඇති දණ්ඩන ඉවත දමා සියළු චෝදනවලින් නිදොස් කර නිදහස් කරන ලෙස ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණයට අභියාචනයක් අද (01) ඉදිරිපත් කළාය.
වසර 09ක කාලයකට ඉහතදී කළ අපරාධයක් සම්බන්ධයෙන් වු චෝදනා 19න් 18කටම වරදකාරිය බවට තීන්දු කරමින් වසර 03කින් ගෙවී යන අන්දමින් තමන්ට නියම කළ වසර 33ක බරපතල වැඩ සහිත සිරදඬුවම සහ රුපියල් ලක්‍ෂ 3 1/2ක දඩය ඉවත දමන ලෙස ඉල්ලමින් හිටපු මන්ත්‍රීවරිය, ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මාර්ගයෙන් ගොනු කළ අභියාචනා පෙත්සම ගොනුකර ඇත.
එය අද කොළඹ මහාධිකරණ ලේඛකාධිකාරිවරියට බාරදුන් නීතීඥවරු අභියාචනා පෙත්සම අභියාචනාධිකරණයට යොමු කරන්නැයි ඉල්ලීමක්ද කළේය.
මෙම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කර ඇත.
මහාධිකරණ විනිසුරුවරයා තමන් වරදකාරිය කරමින් නිකුත් කළ තීන්දුව දෝෂ සහගත බවත් තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ විනිසුරුවරයා සැළකිල්ලක් දක්වා නැති බවත් පෙන්වා දෙන පෙත්සම්කාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන් වරදකාරිය කරමින් දුන් තීන්දුව හා තමන්ට පැනවු දඬුවම් ඉවත දමා සියළු චෝදනාවලින් තමන් නිදොස් කර නිදහස් කරන ලෙසද ඇය ඉල්ලා සිටින්නීය.
මෙම අභියාචනා පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම ලබන 04 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණය විනිසුරු අමල් රණරාජා , වගඋත්තරකාර නීතිපතිවරයාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතීසි නිකුත් කළේය.

ඉදිරි වගා කන්න හයක් තුළ වී අස්වැන්න දෙගුණ කර ගැනීමේ ඉලක්කය සපුරා ගත හැකියි - කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්
මේ වන විට ලබන වී අස්වනු ප්‍රමාණය දෙගුණ කර ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබා දී ඇති ඉලක්කය ඉදිරි වගා කන්න හයක් තුළ සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති පැවසීය.
මේ සඳහා තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී ඇති බවත් සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයෙන් ඔබ්බට ගොස් වැඩිවන ආහාර අවශ්‍යතාව සපුරාලීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රතිලාභ මේ වන විටත් ලැබෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය,
සම්ප්‍රදායානුකූල කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගොස් වැඩි වන ආහාර අවශ්‍යතාව සපුරාලීම කෘෂිකර්ම අමාත්‍යාංශය සතු වගකීමක් වනවා. එය මේ වන විට සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බව කිව යුතුයි. විශේෂයෙන් මේ වන විට ලබන වී අස්වනු ප්‍රමාණය දෙගුණ කර ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබා දී ඇති ඉලක්කය ඉදිරි වගා කන්න හය තුළ සපුරා ගැනීමට අප අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා කෘෂි නවීකරණ වැඩසටහන යටතේ අප විසින් තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. තවද පුරන් කුඹුරු ඇතුලු සියලු කුඹුරු වී වගාවට යොදා ගැනීමටත් සෙසු
වගා බිම් වෙනත් වගාවන්ට යෙදවීමටත් අප කටයුතු කර තිබෙනවා. මේ වන විට වී වගාවේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් රටට අවශ්‍ය සහල් මෙට්‍රික් ටොන් අට ලක්ෂයක අස්වැන්නක් ලබා ගෙන තිබෙන බවද කිව යුතුයි.
වී මිළ සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් ලෙස මැදිහත් වීමට හැකියාවක් නැහැ. නමුත් විවෘත ආර්ථිකයේදී මිල පවත්වා ගැනීම සාධාරණව සිදු වනු ඇති බව රජය බලාපොරොත්තු වෙනවා. මිල ඉහළ යාම වරක් දෙවරක් සිදු වුනාට රජයට මැදිහත් විය නොහැකි වුනත් එය දිගින් දිගටම සිදු වෙනවා නම් ඊට මැදිහත් විය හැකියි. මේ වන විට සහල් වර්ග දෙකක පමණක් තොග පවත්වා ගෙන ගියත් ඉදිරියේදී සියලුම සහල් වර්ගවල ආරක්ෂිත තොග පවත්වා ගනිමින් වෙළෙඳපොලට නිකුත් කිරීමට කටයුතු කරනවා.
ඒ වගේම වියලි කලාපය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත පුරන් කුඹුරු වෙනත් වගාවන්ට වෙන් කර දෙනවා. එය ආහාර නිෂ්පාදනයේ සාධනීය ඉදිරි පියවරක් වනු ඇතියි.
සම්ප්‍රදායික වගා රටාවෙන් බැහැරව ආහාර අවශ්‍යතාව සැපිරීමේ පියවර වශයෙන් කෘෂි නවීකරණ වැඩසටහන සඳහා අයවැයෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක් තුළ විවිධ කෘෂිකාර්මික කටයුතු සඳහා පොලී රහිත ණය ලබා දී තිබෙනවා. ඊට සමගාමීව තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතියද ක්‍රියාත්මක කෙරෙනවා. එමඟින් කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත, සත්ව හා ධීවර කර්මාන්ත යන ක්ෂේත්‍රයන්හි තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වී ඇති අතර නව තාක්ෂණය යොදා ගැනීම හේතුවෙන් තරුණ ප්‍රජාව මෙම ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීමට දරණ උත්සාහය සාර්ථක වී තිබෙනවා.
මේ වන විට කෘෂි කර්මාන්තය දේශීය සීමාවෙන් ඔබ්බට ගොස් විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. විශේෂයෙන් ස්ට්‍රෝබෙරි, අඹ, අන්නාසි වැනි පළතුරු බෝග අපනයනය සඳහා වැඩි නැඹුරුවක් දක්නට ලැබෙනවා.
මීට අමතරව අස්වැන්නේ උච්ඡාවචනය සහ අස්වනු හානි පිළිබඳ අවධානය යොමු කරමින් දඹුල්ලේ ශීතාගාරයක් ස්ථාපිත කිරීමට ද නියමිතයි. යෝග්‍ය වගාවන් පිළිබඳ ගොවියා දැනුවත් කළත් ඔවුන් ඒ ගැන නොතැකීම නොවන්නට මෙරට අවශ්‍යතාවට සරිලන නිෂ්පාදනයක් සිදු කරනවා. අප අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකාරීත්වය හේතුවෙන් අස්වනු හානි 50%කින් පමණ අවම කර ගැනීමට හැකි වී තිබෙනවා. ගොවියාගේ සහායද ඇතුව අස්වනු ක්‍රමානුකූලව වෙළෙඳපොලට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අප තව දුරටත් කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් ප්‍රවාහනයේදී සිදුවන පසු අස්වනු හානිය අවම කිරීම සඳහා දුම්රිය සේවය යොදා ගැනීම පිළිබඳ මේ වන විටත් ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. මේ වන විටත් බෙලිඅත්තේ සිට ධාවනය වන දුම්රිය අනෙක් පළාත් සඳහාද යෙදවීමට අවධානය යොමු වී තිබෙනවා.

නව දේශපාලන ගමනක ඇරඹුම අද මාතරින් සනිටුහන් වුණා !
අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් අද (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.
“එක්ව ජයගමු - අපි මාතර” මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් සංවිධානය කර තිබු මෙම ජන හමුවට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව අතිවිශාල පිරිසක් එක්ව සිටියහ. ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ නව දේශපාලන ගමනක ආරම්භය අද මාතරින් සනිටුහන් වී තිබෙන බවයි. රට පෙරට - පක්ෂ දේශපාලනය පසුවට තබා මෙම වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස විපක්ෂයට ද ආරාධනා කළ ජනාධිපතිවරයා සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනඟන්නේ කෙසේද යන පාඩම එවිට තමන්ගෙන් ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බවද කියා සිටියේය.
ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය. මට භාරදුන් ටයිටැනික් නැව මම දැන් වරායට ගෙනැවිත් තිබෙනවා. එදා අයිස් කන්දට බිය වී හිටපු කපිතාන්වරු සියලුදෙනා පැන ගියා. නැව ගිලිලා අප නැති වෙනවද, නැතිනම් අප වරායට ගමන් කරනවාද කියා තීරණය කිරීමට සිදු වුණා. දැන් අපි වරායට පැමිණ තිබෙනවා. අපි දැන් මේ නැවට මොකද කරන්නේ? අපි නැව ඉදිරි වසර 50-100ට සිරිලන ලෙස අලුතින් සකස් කරනවාද, නැත්නම් මෙහෙම තිබෙන නැව පැනලා ගිය කපිතාන්වරයෙකුට භාර දෙනවද කියා තීරණය කළ යුතුයි. අද මම මේ ප්‍රදේශයට පැමිණෙන විට මෙම මාතර ජනතාව විඳි දුක සිහිපත් වුණා. 2022 සිංහල අලුත් අවුරුද්ද මම ගත කළේ මෙම කඹුරුපිටියේ ප්‍රදේශයේ. මම නැවති සිටි හෝටලය ඉදිරිපිට ඉන්ධන පිරිවුම්හලක් තිබුණා. එතන දිගු වාහන පෝළිමක් තිබුණා.
ජනතාව ආණ්ඩුවට දෝෂාරෝපණය කරමින් එම පෝළිම්වල දුක් විඳිනවා මම දුටුවා. එදා මම තීරණය කළා මේ තත්ත්වය නැවත රටේ ඇතිවෙන්න ඉඩ දෙන්න බැහැ කියලා. මම ඊට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර තිබුණා. ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර එම පිණිවිඩ පිළිබඳ කිහිප වතාවක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව දැනුවත් කළා. කෙසේ හෝ අවසානයේ මට මේ රට භාර ගැනිමට සිදු වුණා. මම එලෙස රට භාර ගනු ලැබුවේ ලෝක ඉතිහාසයේ අලුත් ක්‍රමයක් අනුවයි. සියලුදෙනා පැන ගිය අවස්ථාවක මට රට භාර ගැනීමට සිදු වුණා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඉල්ලා අස් වූ විට ආණ්ඩු පක්ෂයට එය භාර ගැනීමට නොහැකි නම් විපක්ෂය එය භාරගත යුතුයි. නමුත් මේ සියලුදෙනා පැනලා ගියා. එදා කැඩී ගියේ අපේ ආර්ථික ක්‍රමය පමණක් නොවෙයි, දේශපාලන ක්‍රමයත් කැඩී ගියා. මම මේ රටේ ජනාධිපති ධුරය භාර ගත්තා. සසියලු දෙනා කිව්වේ , මෙය සාර්ථක වෙන්නේ නැහැ කියලා.
නමුත් මට මේ රටේ ජනතාව ගැන සහ මම ගැන දැඩි විශ්වාසයක් තිබුණා. ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් අපට ආධාර ලබා දුන්නා. මේ අතර 2022 – 2023 යල කන්නය සාර්ථක කර දෙන්න කියලා අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අපට සාර්ථක අස්වැන්නක් ලැබුණා. ඒ අනුව රටේ ජනතාවට පසුගිය සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය, පොසෙන් උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට හැකි වුණා.
ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් දකුණේ ජනතාව විශාල සසහායක් ලබා දුන්නා. අපේ රටට සංචාරකයන් පැමණීමට පටන් ගත්තා. එවිට අපේ රටට අවශ්‍ය විදේශ විනිමය ලැබුණා. අපි මේ සියලුදෙනාගේ සහාය ඇතිව රට ඉදිරියට ගෙන ආවා. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟව තිබෙනවා. ඒ අනුව අපිට මුදල් මුද්‍රණය කිරීමට සහ බැංකුවලින් ණය ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා අපට ආදායම් උපයා ගැනීමේ නව ක්‍රමවේද අනුගමනය කිරීමට සිදු වුණා. බදු වැඩි කිරීම අසීරු තීරණයක්.
නමුත් අප එම තීරණය ගත්තා. ඒ නිසා අද රටේ ආර්ථිකය ස්ථාවර වී තිබෙනවා. ඉදිරියේ දී සාමාන්‍ය ජනතාවට මේ බදු බර දැරීමට සිදු වන්නේ නැහැ. මේ අතර අපි 2023 වසරේදී අස්වැසුම වැඩසටහන ආරම්භ කර සමෘද්ධිය වගේ තුන් ගුණයක ප්‍රතිලාභ ජනතාවට ලබා දුන්නා. ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 16 සිට 24 දක්වා වැඩි කළා. ආර්ථිකය හොඳින් තිබූ කාලයේ කිරීමට නොහැකි වූ දේ, බංකොළාත් කාලයේ අපි විසින් සිදුකළා.සිංහල අලුත් අවුරුදු සමයේ ජනතාවට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් ලබා දුන්නා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසකින් වැටුප් වැඩි කළා. ඒ වගේම රජයේ ඉඩම්වල ජිවත්වන සියලුදෙනාට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම ඉදිරි සතියේ දී කොළඹ අඩු ආදායම්ලාභී ජනතාව ජීවත්වන මහල් නිවාසවල අයිතිය එම ජනතාවට ලබාදිමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අපි මේ වැඩ කරද්දි කෑ ගැහුවේ නැහැ.
ඒත් ජනතාව වෙනුවෙන් මෙම සහන ලබාදි තිබෙනවා. අපි ඉදිරියට ගමන් කළයුතුයි. මේ වන විට අප බංකොළාත්භාවයෙන් ඉවත් වි සිටිනවා. ඒ අනුව අප ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යනවා. එහිදී සහන ලබාගෙන තිබෙනවා. අපේ සම්පුර්ණ ණය දළ දේශීය නිෂ්පාදනයෙන් 108%යි. අපි අපට ණය ලබාදුන් රටවල් සමඟ සාකච්ඡා කළා. අපිට දැන් ණය ගෙවීමට කාලය ලබාදීමට ඔවුන් එකඟවී සිටිනවා. 2042 වන තෙක් ණය ගෙවීමට කාලය ලබාදී තිබෙනවා. ඒ වගේම ගෙවන ණය ප්‍රමාණය අඩු වී තිබෙනවා. ඒ නිසා අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්මක කරනවා නම් මේ සියලු සහන ලබාගත හැකි බව ඔවුන් දැනුම් දී තිබෙනවා. මෙම එකඟතා දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපට නිල වශයෙන් ණය දුන් රටවල් හැර අප විසින් පුද්ගලික අයගෙන් බැදුම්කරවලින් ණය ලබාගෙන තිබෙනවා. මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු එම බැදුම්කර හිමියන්ගේ නියෝජිතයන් අප සමඟ සාකච්ඡා කරනවා. මේ සඳහා මාසයක් වැනි කාලයක් ගත වෙයි කියා මම සිතුවත් මේ වන විට එම කටයුතු සාර්ථකව සිදු වෙනවා. ඒ නිසා ලබන සතිය වන විට මෙම කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට හැකි වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ ගිවිසුම් තුනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කරමු කියා මා රාජ්‍ය මුල්‍ය කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දුන්නා. දැන් ඒ කරුණු සියල්ලම සඳහන් කිරීමට නොහැකි වුණත් ඉදිරියට ඒ ගැන දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපි මේ පිළිබඳ සාකච්ඡා කර රාජ්‍ය මුල්‍ය කමිටුව එය පරීක්ෂා කළ පසු වාර්තාවක් සකස් කර ඡන්දයකට යමු කියා මම දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ පක්ෂ මීට ඡන්දය ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම අප මෙය පිළිගන්නවාද, නැද්ද කියලා ලෝකය දැන ගැනීමට කැමතියි. කිසියම් පක්ෂයක් ප්‍රකාශ කරනවා නම් මීට වඩා වෙනස් විකල්පයක් තිබෙනවා කියා, ඒ අයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීමට මම සූදානම්. ඒ අයට අවශ්‍ය ගුවන් බලපත්‍ර සහ නවාතැන් පහසුකම් සඳහා අවශ්‍ය මුදල් ආණ්ඩුවෙන් ලබාදීමට පියවර ගන්නවා. ඔබ ගොස් සාකච්ඡා කරන්න. ඒවා හොඳයි කියා හිතනවා නම් අප ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු.
නමුත් අපට තවදුරටත් පැරණි දේශපාලනයේ නිරත වෙන්න බැහැ. අප අද ගනු ලබන තිරණය අපේ අනාගතයට බලපානවා. අපි මෙයින් ඉවත් වුණහොත් ඉදිරියට යන්නේ කෙසේද. මෙම වැඩසටහන හැර අපට අනාගතයත් තිබෙනවද. නැවත පෝළිම් යුගයකට යන්න පුළුවන්ද, එනිසා අපි මේ සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. අපි ස්ථිර තීරණයකට එළැඹිය යුතුයි.
අපි අනාගතයේ දී ඉන්ධනවලට මුදල් ගෙවන්නේ කොහොමද, නැවත ණය ගැනීමට අවශ්‍යද, අපි අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට නොගියහොත් තවත් වසර 15කින් මීට වඩා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා අප රට අපනයන ආර්ථිකයකට යා යුතුයි. අපි මේ තීරණ ගන්නේ ඔබ සියලුදෙනා වෙනුවෙන්. අපේ තරුණ පරපුරට නැවත මෙවැනි ආර්ථික අර්බුදයක් උරුම කරනවද, නැත්නම් දියුණු රටක් ලෙස ඉදිරියට යනවාද කියා අප තීරණය කළ යුතුයි.
අපි රට වෙනුවෙන් එකට වැඩ කරමු කියා මම සෑම දේශපාලන නායකයෙකුටම කියන්නේ ඒ නිසයි. මේ ඇමති මණ්ඩලය මොන පක්ෂයට ද අයත් වෙන්නේ කියලා අහනවා. මෙතන ඉන්නේ රට වෙනුවෙන් එකතු වුණු අය. පොහොට්ටුවේ සිටි බොහෝ දෙනෙකුට ඇමතිකම් නැති වුණා. නමුත් ඔවුනට දැනට එය ලබාදීමට මට හැකි වුණේ නැහැ. ඔවුන් එම සියල්ල දරාගෙන අද රට වෙනුවෙන් එක් වී සිටිනවා. මෙතන සෑම පක්ෂයක්ම නියෝජනය කරන පිරිස සිටිනවා. අපට එක පක්ෂයක් නැහැ. අද සියලුදෙනා රට වෙනුවෙන් එකතුවෙලා තිබෙනවා. ඒ නිසා අපි නව දේශපාලන ගමනක් ආරම්භ කර තිබෙනවා. රට පෙරට පක්ෂය ඉන් පසුව. කුමන දේශපාලන පක්ෂක් නියෝජනය කළද රට වෙනුවෙන් වැඩ කළ හැකි කණ්ඩායමක් මෙහි සිටිනවා. අප මෙම දේශපාලන ක්‍රමය ඉදිරියට ගෙන යා යුතුයි. මේ ගමන ආරක්ෂා කරගත යුතුයි. ඒ නිසා පක්ෂ බේදයෙන් තොරව අප සියලුදෙනා ඉදිරියට යමු කියා මම ආරාධනා කරනවා.
මම විපක්ෂයට ආරාධනා කරනවා අපත් සමඟ එක් වෙන්න කියලා. අපි මෙම අලුත් මාර්ගයේ යමු. කොහොමද රට ගොඩනගන්නේ කියා එවිට මගෙන් ඔබට ඉගෙන ගත හැකියි. අපි සියලුදෙනා එක්වී මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගැනිමට කැපවෙමු. අපට අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොවෙයි. අපට තිබෙන්නේ රට පෙරට තබා ඉදිරියට යාමයි. මේ රටේ ජනතාව විඳි දුක ගැන මම කණගාටුවෙනවා. අපි ගත් පියවර ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යමු කියා මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග : ‘එක්ව ජයගමු’ මහජන රැළි මාලාවේ, පලමු රැළිය, " එක්ව ජයගමු - අපි මාතර " විදිහට මාතර දිස්ත්‍රික්කයෙන් අද ආරම්භ කර තිබෙනවා. මීට වසර දෙකකට පෙර, රටේ පැවති ආර්ථික අර්බුදය නිසා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා එම තනතුරෙන් ඉවත් වෙලා, අපිත් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වෙලා, පොදුජන පෙරමුණ ලෙස ආර්ථික අර්බුදයට මුහුණ දිය හැකි ඕනෑම නායකයෙකුට සහාය දක්වනවා කියද්දී, අද රට බාර ගන්න කෑගහන බොහෝ නායකයන් පලා ගියා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ එම අර්බුදයෙන් රට බේරා ගැනීමේ අභියෝගය බාර ගත්තා. පොදු ජන පෙරමුණ ලෙස අප කොන්දේසි විරහිතව එතුමාට සහයෝගය දැක්වුවා. යහපාලන ආණ්ඩු කාලයේ රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව මහින්ද සුළඟ ගෙනල්ලා ආණ්ඩුවක් සකස් කළ ප්‍රසන්න රණතුංග වගේ කෙනෙක් , මෙහෙම කියන්නේ ඇයි කියලා ඔබ හිතනවා ඇති.
මීට වසර දෙකක කාලයක් ඇතුළත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට වෙනුවෙන් සිදු කළ කාර්යභාරය ඔබ සියලු දෙනා අත්දැක්කා. ඒ වගේම මේ රට බංකොලොත්භාවයෙන් මුදවාගෙන නිවැරදි ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. තවම ආර්ථික ප්‍රශ්න විසඳී නැහැ . මේ අර්බුදයෙන් රට මුදා ගැනීමට නම් අත්දැකීම් තිබෙන අභියෝග බාර ගත හැකි නායකයෙක් අවශ්‍යව තිබෙනවා. ඒ සඳහා හොඳම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා යි. තවම එතුමා ජනාධිපතිවරණයට එන බව ප්‍රකාශ කර නැහැ. නමුත් මේ ජන රැළි මාලාව මඟින් ජනතාව එතුමාව ඉල්ලා සිටිනවා කියන එක මට විශ්වාසයි. දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ආණ්ඩුවක් පැවතීමට නම් ජනතාවගේ ආර්ථිකය, ජීවනෝපාය ගැන සිතිය යුතුයි. එසේ කරන්න බැරිනම් ආණ්ඩුවකට පැවැත්මක් නැහැ. මීට වසර දෙකකට පෙර අපේ රටේ තෙල්, ඖෂධ, ගෑස්, කිරිපිටි තිබුණේ නැහැ. ඒවා මිලදී ගැනීමට ඩොලර් තිබුණේ නැහැ. මෙවන් තත්ත්වයක් ඇති නොවීමට නම් රජයක් ආර්ථිකය නිසි ලෙස ආර්ථිකය කළමනාකරණය කර ගත යුතුයි. වසර 75ක ඉතිහාසය තුළ සෑම රජයක්ම සංවර්ධන කටයුතු සිදුකර තිබෙනවා. පසුගිය පැවති රජයට ජනතාව 69 ලක්ෂයක් ඡන්දය ලබා දුන්නා. නමුත් ආර්ථිකය කළමනාකරණය කරගත නොහැකි වූ නිසා රටේ ආර්ථිකය කඩාවැටුණා. හිටපු ජනාධිපතිතුමාට විරුද්ධව අරගල ඇතිවුණා. එතුමා සිය ධූරයෙන් ඉවත් වන විට අද තැන් තැන්වල විවිධ කතා කියන අයටත් වගකීම බාරගන්න කියලා ආරාධනා කළා. නමුත් ඒ අවස්ථාවේ කොන්දේසි විරහිතව රටේ නායකත්වය බාර ගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. රටේ ආර්ථිකය වගේම ජනතාව වෙනුවෙන් කටයුතු කරන නායකයෙක් අපට අවශ්‍යයි. කවුරු මොන දේ කිව්වත් මේ ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ වැරදුනහොත් වසරක් යාමට පෙර යළිත් රටේ අර්බුදයක් ඇති වීම වැළැක්විය නොහැකි වෙනවා. ඒ නිසා අප සියලු දෙනා නැවත වරක් ගිලෙන්නේ නැතිව එක්ව ඉදිරියට යා යුතු වෙනවා. ඒ සඳහා පළපුරුදු, දැක්මක් තිබෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමඟ එක්ව ජන හමුවක් අමතන පළමු අවස්ථාව මෙයයි. 2019 දී නීතිඥ වෘත්තීය පැත්තකින් තියලා, රට තිබූ තැනින් ඉදිරියට ගෙන ඒමට ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කටයුතු කළා. නමුත් කොවිඩ් වසංගතය සහ පැවති ආර්ථික අර්බුදය නිසා ඉන්ධන, ගෑස් පෝලිම් යුගයක් ආරම්භ වුණා. ඒ වෙලාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා කැඳවා රට බාර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලීමක් කලා. ඒ අවස්ථාවේ මහා භාණ්ඩාගාර ලේඛන දෙස බලා විපක්ෂ නායකතුමා හා එම පක්ෂයේ ඉන්නවා කියන ආර්ථික ඔස්තාර්ලා ඉදිරි මාස 06 තුළ ආර්ථිකය පුපුරනවා කිව්වා. නමුත් ඊට වෙනස් ලෙස ආර්ථික ප්‍රශ්නය දැක රනිල් වික්‍රමසිංහ මහතා රට බේරා ගැනීමට ඉදිරිපත් වුණා. ජාතික ආරක්ෂාව කියන්නේ සීමා බෙදා බේරා ගැනීම නොවෙයි. රටක් ලෙස රටවලින් යැපීමට නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම ජාතික ආරක්ෂාවේ මුල් කටයුත්තයි. එය නියමාකාරයෙන් සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකිවුණා. එතුමාගෙ දක්ෂතාව ගැන එක් උදාහරණයක් කියන්නම්. පසුගිය දවසක බංගලාදේශයේ අගමැතිතුමිය මට හමුවුණා .
ඇමරිකානු ඩොලර් 200ක ණය මුදල ශ්‍රී ලංකාව ආපසු ගෙවනු ඇති බව කිසිවිටක හිතුවෙ නෑ කියා එතුමිය කිව්වා. අද වන විට රට බංකොලොත්භාවයෙන් රට මුදාගෙන ඉරාන ණය වාරික පවා මේ වනවිට ගෙවීම් ආරම්භ කර තිබෙනවා. මේ සියල්ල සිදු කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආර්ථික දැක්ම නිසයි. යළි නොවැටෙන ආර්ථිකයක් නිර්මාණය කළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නයක පසුගිය කාලයේ රුපියල පාලනයකින් තොරව අවප්‍රමාණය වුණා. ඒ හේතුවෙන් ජනතාවගේ ජීවන වියදම ඉහළ ගියා. රට පුරා ගෑස්, තෙල් පෝලිම් ඇතිවුණා. රට සම්පූර්ණයෙන්ම ඇණහිටියා කිව්වොත් නිවැරදියි. එවන් තත්ත්වයක් හමුවේ එදා රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ඉදිරියට ගෙන යාමේ අභියෝගය භාරගත්තා. එහිදී රටේ අනාගතය වෙනුවෙන් යම් යම් අසීරු නමුත් වැදගත් තීන්දු තීරණ ගනු ලැබුවා. මේ රටේ පැවැති බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත්තා. ජාතන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙන වැටුණු තැනින් රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබුවා. වත්මන් රජය රටේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සේවය ඉටු කිරීමට පියවර ගෙන තිබෙනවා. කොහොම වුනත් ආණ්ඩු මාරු වන විට වෙනස් නොවන ප්‍රතිපත්තියක් මේ රටට අවශ්‍යයි. ඒ සඳහා සෘජු නායකත්වයක් අවශ්‍යයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය අද කටයුතු කරන්නේ පළමුව මේ රටේ ආර්ථිකය කඩනමින් සකස් කිරීමට බව කිව යුතුයි.
ඒ සඳහා සහාය දැක්වීමට මෙසේ පෙළ ගැසීම මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අගය කළ යුතුයි. සංචාරක, ඉඩම් , ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකාව කියන නැව මුහුදේ කුණාටුවකට හසුවී බේර ගන්න කිසිම කපිතාන් කෙනෙක් ඉදිරිපත් නොවූ වෙලාවෙදි , රනිල් වික්‍රමසිංහ කියන කපිතාන්වරයාට ඒ නැව බාරගෙන නිරුපද්‍රිතව වරායට ගෙන ඒමට හැකි වුණා. දැන් මේ තියෙන්නේ ඉදිරි වසර පහ සඳහා නැවත මුහුදට දියත් කිරීමේ වෙලාවයි. එම නැවේ කපිතාන් තනතුර නැවත රනිල් වික්‍රමසිංහ මහතාටම ලබා දීමට ඔබට හැකියාව තිබෙනවා. ඒ කළගුණ සැලකීම වෙනුවෙන් ඔබ බලාගෙන සිටිනවා . ඉදිරියට තිබෙන වසර පහ දීලා බලමු සංකල්පයෙන් ඔබලාගේ ඡන්දය භාවිතා කළහොත් මේ රට යළි විනාශවීම වළක්වන්න බැහැ . මේ රට බේරගන්න පුළුවන් නායකයත්, විනාශ කරන්න පුළුවන් නායකයත් තෝරා ගත හැක්කේ මේ රටේ ජනතාවට පමණයි . එම නිසා ජනතාව නිවැරදි වෙලාවෙදි නිවැරදි තීන්දු ගත යුතුයි. සමගි ජන බලවේගයට, ජාතික ජන බලවේගයට වෙන විකල්ප, ආදේශක නම් තියෙන්න පුළුවන්. නමුත් රටට වෙනත් විකල්ප නැහැ.
එකම විකල්පය රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. එම නිසා ඉදිරි වසර 05 සඳහා රට රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීමත් ඔබට බාරයි. අද මාතරින් ආරම්භ කළ ජනරැළිය ජයග්‍රහණයකින් කෙළවර කරමු. කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය රමේෂ් පතිරණ ඔබට මතක ඇති එදා අපේ රට වෙනුවෙන් ගත් ණය ගෙවා ගත නොහැකිව අසරණභාවයට පත්වුණා. අද ඒ රටේ ආර්ථිකය යහපත් මට්ටමකට ඇවිත් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ඒ අභියෝගාත්මක අවස්ථාවේ මේ රට බාර නොගත්තානම් අද රටේ තත්ත්වය සිතාගත නොහැකියි. රටේත් රටේ ජනතාවගේත් වාසනාවට එතුමා ඒ අභියෝගයට බයේ පැන ගියේ නැහැ. රටට නිවැරදි නායකත්වයක් ලැබුණේ ඒ නිසයි.අද රට පුරා පෝලිම් දකින්න නැත්තේ ඒ නිසයි. එදා ඉන්ධන , ඖෂධ , ගෑස් පෝලිම්වල පැය ගණන් ගත කළ හැකි ඔබට අමතක නැහැ. ඒ තත්ත්වය අමතක වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ වගේම අප හොඳින්ම මතක තබා ගත යුත්තේ ඒ තත්ත්වය තුරන් කළේ කවුද කියන එකයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවන්නට අපට අද මේ තත්ත්වයෙන් නැගිටින්න ලැබෙන්නේ නැති බව අමතක නොකළ යුතුයි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කයියනායකලා, ජෝකර්ලා බේරගන්න බෑ කියපු මේ රට, රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක් ඇතුළත ආර්ථික බංකොලොත්භාවයෙන් මුදාගැනීමට කටයුතු කළා. දුක්විදි ජනතාව සුවපත් කිරීමට එතුමා කොන්දේසි විරහිතව කටයුතු කළා. එදා විදේශගත ශ්‍රමිකයන් විසින්, අවුරුද්දකට එවනු ලැබූ ඩොලර් මිලියන 220, වර්තමානය වන විට මාසයකට ඩොලර් මිලියන 700ක් පමණ ඉහළ ගොස් තිබෙනවා. එදා 73%ක්ව පැවති උද්ධමනය අද වන විට තනි ඉලක්කමට ගෙනවිත් තිබෙනවා. රුපියල් 4500/-ක්ව පැවති ගෑස් සිලින්ඩරය අද රුපියල් 2982/-ක් දක්වාත් , එදා රුපියල් 660/-ක් වූ පරිප්පු කිලෝව රුපියල් 360/- දක්වාත් අඩු වී තිබෙනවා. මේ පසුගිය වසර දෙක තුළ ආණ්ඩුවේ ශේෂ පත්‍රයයි.
අද පෝලිම්වල ජනතාව මැරෙන්නෙ නැහැ. එදා බංකොලොත් රටක් වුවත් අද රට බංකොලොත්භාවයෙන් මුදවාගෙන තිබෙනවා. ඒ වගේම අසරණ ජනතාව වෙනුවෙන් අස්වැසුම ලබාදෙමින් ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් උරුමය ලබා දෙමින්, ජනතාව සුවපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල මෙහෙයක් කළා. යුද ජයග්‍රහණය කිරීමේදී මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව එකතු වී සහයෝගය ලබා දුන්නා. අද ශ්‍රී ලංකාවේ ආර්ථික යුද්ධය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාටත් එවැනි සහයෝගයක් මේ ජනතාවගෙන් ලැබේවි . පසුගිය කාලයේ තිබුණු මැතිවරණ පැවැත්වූයේ ආගම හෝ රට බේරා ගැනීම වෙනුවෙන්. නමුත් මෙවර මැතිවරණය පවත්වන්නේ ඔබ ඔබව බේරා ගැනීම සඳහා යි. මෙවර ඔබ ගන්නා තීරණය වැරදුනොත් ඔබව බේරා ගැනීමට කවුරුවත් ඉදිරිපත් වෙන එකක් නැහැ. ඒ නිසා ආර්ථිකය නිවැරැදි දිශානතියකට ගෙන ගිය රනිල් වික්‍රමසිංහ මහතා ට නැවත රට භාර දෙමු.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර
මෙම ස්ථානයට පැමිණ අපට ශක්තියක් ලබා දුන් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට පළමුවෙන්ම ගෞරවය පුදකර සිටිනවා. මාතර දිස්ත්‍රික්කය හැමදාම ඓතිහාසික තීන්දු තීරණ ගනු ලැබූ දිස්ත්‍රික්කයක්. පසුගිය වසර දෙක තිස්සේ අභියෝග රැසකට අප මුහුණ දුන්නා. ඒ අවස්ථාවේදී අපි දේශපාලනය කිරීම වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ රට ඉදිරියට ගෙන යෑමට එක්වුණා. එදා පැවති ප්‍රශ්න නිසා බොහෝ දෙනෙකු කිව්වේ රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවයි. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අභියෝගය බාරගෙන වසර දෙකක් ඇතුළත රට ඉදිරියට ගෙන ආවා. ඉදිරි මැතිවරණවලදී කතාවට පමණක් සීමා වූ නායකයන් පත් කර නොගත යුතුයි. අපේ අනාගතය ශක්තිමත් කළ හැකි නායකයෙක් අවශ්‍යයි. අප මේ රට ඉදිරියට ගෙනයාමට එතුමාට සහාය නොදුන්නා නම් අද රටේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඉදිරියේදීත් අප ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඊළඟ මැතිවරණයේදී ඔබට ලැබෙන එම ප්‍රතිලාභ අහිමි කර ගන්නවාද? එසේ නොමැතිනම් මේ ආකාරයටම ඉදිරියට යනවාද කියා කල්පනා කළ යුතුයි.
මේ රටට අවශ්‍ය බෙදන හෝ කයිවාරු ගහන නායකයන් නෙවෙයි. මේ රටට අවශ්‍ය ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගත හැකි නායකත්වයක්. එවැනි නායකත්වයක් අද රටට ලැබී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පස්සෙ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි පොදු ජන පෙරමුණේ මහා පලුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානම් බවත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයන් ද , නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද , රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහණ දිසානායක, කනක හේරත් විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන, ප්‍රේමනාත්.සී.දොළවත්ත, වෘත්තිය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ යන මහත්වරුන් ද පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ අතිවිශාල ජනතාවක් ජන හමුවට එක්ව සිටියහ.
https://newstube.lk/news?start=1242#sigProId6d9e28cd4b

විවෘත විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී තිලකරත්න පත් කර ඇත.
මෙම පත්වීම ජූනි මස 23 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ලබාදී තිබේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී තිලකරත්න උපකුලපති ධුරය සඳහා තේරී පත්වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර ඒ මහතා 2021 වසරේදීද විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය දරා ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම පත්කිරීම සිදුකර තිබේ.
ගිණුම්කරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වන පී.එම්.සී තිලකරත්න කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබිණි.

ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි : අවසන් ගෞරව සඳහා බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයට
ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 91 වන වියේ පසු විය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇතයි වාර්තා වේ.
අභාවප්‍රාප්ත, හිටපු විපක්ෂ නායකවරයෙකු සහ පක්ෂ නායකවරයෙකු වූ ආර් සම්පන්දන්ගේ මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා, පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ උත්සව ශාලාවේ බදාදා (03) පස්වරු 2.00 සිට 4.00 දක්වා තැන්පත් කර තැබීමට, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය කර තිබේ.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍යවරයාගේද සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 41,960ක්
“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25 ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
මෙම වැඩසටහන් තුළින් ජයග්‍රහණය කරන්නේ මෙරට ගොවි ජනතාව බව පැවසු ජනාධිපතිවරයා ගොවි ජනතාව නඟා සිටුවමින් රට සංවර්ධනය කරා ගෙන යාම තම අරමුණ බවද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (30) පෙරවරුවේ වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ මහනුවර රාජධානියට සහල් සැපයු වෙල්ලස්ස 1818 සටනින් පසු විනාශ වී ගිය බවයි. පසුව විවිධ ආණ්ඩු යටතේ මෙම පළාත සංවර්ධනය වුවද ජනතාවට ඉඩම් අයිතිය හිමි නොවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටට බත සැපයූ ගොවි ජනතාවට කෘතවේදීත්වය පිරිනමින් එම වගකීම වත්මන් රජය යටතේ ඉටු කිරීමට ලැබීම පිළිබඳ සතුටු වන බව ද සඳහන් කළේය.
එසේම උඩවලව, මොණරාගල, අම්පාර සහ මහවැලි සී කලාපය එක් කර වියළි කලාපයේ විශාල කෘෂිකර්මික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් උරුමය සින්නකර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් වූ ජනාධිපතිවරයා අනතුරුව එම ජනතාව අතරට ගොස් ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහකද නිරත විය.
උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,
මට පෙර කථා කළ කතිකයන් පැවසු අන්දමට මහනුවර රාජධානියට අවශ්‍ය සහල් ලබා දුන්නේ මෙම වෙල්ලස්ස ප්‍රදේශයෙන්. නමුත් 1818 සටනින් පසුව වෙල්ලස්ස සම්පුර්ණයෙන් විනාශ වුණා. මෙහි ජිවත්වු ජනතාව අනෙකුත් ප්‍රදේශවලට ගියා.
ඉන් පසුව මෙම මොණරාගල දිස්ත්‍රික්කය නිර්මාණය වුණේ 1960 වසරේදීයි. 1977 මැතිවරණයෙන් පසුව මම මෙම ප්‍රදේශයට එන විට මෙම පළාත ඉතා නොදියුණු පළාතක්ව තිබුණා. 1977න් පසුව විවිධ ආණ්ඩු යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ දියුණුව ආරම්භ වුණා. පිට පළාත්වලින් පැමිණි ජනතාව මෙහි පදිංචි වුණා. නිවාස ඉදි කෙරුණා. ඒ සමඟ මෙම ප්‍රදේශය නාගරිකරණය වුණා. මේ ප්‍රදේශයේ ජනතාවගේ උත්සාහයෙන් මොණරාගල කෘෂිකාර්මික ප්‍රදේශයක් ලෙස දියුණු වුණා. මෙය ඔබේ මුතුත් මිත්තන්ගේ දහඩිය මහන්සියෙන් ගොඩනැඟුණු ප්‍රදේශයක්. නමුත් මේ ප්‍රදේශයේ ජනතාවට සින්නකර ඉඩම් අයිතිය හිමිව තිබුණේ නැහැ. මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මේ රට වෙනුවෙන් කළ සේවයට නිසි සැලකිල්ලක් හිමි වුණේ නැහැ. නමුත් අප මොණරාගල ගොවි ජනතාව වෙනුවෙන් කෘතවේදිත්වය පිරිනමමින් මෙම සින්නකර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳ අප ඉතාමත් සතුටු වෙනවා.
මොණාරාගල දිස්ත්‍රික්කය දියුණු කිරීමට නම් සින්නකර ඉඩම් අයිතිය ලබා දිය යුතුයි. ඇතැම් අය කිව්වා මේ ඉඩම් අයිතිය ජනතාවට ලබා දෙන්න එපා කියලා. ඇතැමුන් අධිකරණය ඉදිරියටත් ගියා. නමුත් අපි ඒ සියලුදේට මුහුණ දී අද ජනතාවට තමන්ගේ ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා.
මේ ඉඩම් අයිතිය ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. සියලුදෙනාම රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් විය යුතුයි. මෙම ප්‍රදේශවල කෘෂිකර්මය දියුණු කරමින් අප කඩිනමින් අපනය ආර්ථිකයට ගමන් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. වරාය සහ ගුවන් තොටුපෙළ යන දෙකම මෙම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා තිබෙනවා.
ඒ නිසා උඩවලව, මොණරාගල, අම්පාර සහ මහවැලි සී කලාපය එක් කර වියළි කලාපයේ විශාල කෘෂිකර්මික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ගොවි ජනතාවට ඉඩම් අයිතිය ලබා දීම පමණක් නොව, ඔවුන්ගේ ආදායම් ඉහළ නංවා ගැනීමට ප්‍රවේශ පත්‍රයක් ලබාදීමද උරුමය වැඩසහන හරහා සිදු වෙනවා. ඉදිරි වසර 30, 40 වන විට ලෝකයට අවශ්‍ය ආහාර සපයා ගැනීම විශාල ගැටලුවක් වෙනවා. අප එම ආහාර සැපයීම සඳහා සුදානම් විය යුතුයි. ඒ වෙනුවෙන් සම්පූර්ණ කෘෂිකර්ම රටාවක් මෙම පළාත් තුළ ඇති කළ යුතුයි.
ඒ වගේම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල විශාල ආයෝජන කලාප ඇති කිරිමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ලේ සිට අම්පාර දක්වා විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඉදිරි වසර 20 – 30 වන විට එම කටයුතු සිදු කළ යුතුයි. ඒ වන විට අප නොසිටියත් අපේ අනාගත පරපුර වෙනුවෙන් එම කටයුතු කළ යුතුයි. මෙම වැඩපිළිවෙළ සමඟ වැල්ලවාය විශාල දියුණුවක් ලබනවා. වැල්ලවායෙන් තමයි උඩරටට ප්‍රවේශ වන මාර්ගය තිබෙන්නේ. ඇල්ල, බිබිල මාර්ගයෙන් පස්සරට මෙම දියුණුව ගමන් කරනවා.
උරුමය සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ දී මතුව තිබෙන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. කෙසේ හෝ අප මෙම වැඩපිළිවෙළ කඩිනම් කළයුතුයි. මේ ඔප්පු ලැබීමට සුදුසුකම් ලැබූ අයගේ නාම ලේඛනය සෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකම තිබෙනවා. ඔවුන්ව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කැඳවා ගැටළු තිබෙනවා නම් ඒවා විසඳමින් මෙම ඔප්පු ලබාදීම කඩිනමින් අවසන් කරන ලෙස මම සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඉල්ලා සිටිනවා.
මෙම කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාටත් එක් විය හැකියි. මෙම මාසය තුළ මෙම කටයුතු අවසන් කළයුතුයි. වැඩිම ඉඩම් ඔප්පු ප්‍රමාණයක් ලබා දෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් මිලියන 25 ක් ලබාදීමට මම කටයුතු කරනවා. මෙම වැඩසටහන් දෙකෙන්ම ජයග්‍රහණය කරන්නේ මේ රටේ සින්නකර ඉඩම් ඔප්පු ලබන ජනතාව බව කිවයුතුයි. මේ ලබන ඉඩම් අයිතිය සමඟ අලුත් ජීවිතයක් ආරම්භ කරන ලෙස ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,
උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් විවිධ ප්‍රචාර ගෙන ගියා. නමුත් රජයක් වශයෙන් අප ඌව වෙල්ලස්සේ ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබාදීමට කටයුතු කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට දායකත්වය ලබාදීමට හැකිවීම අප ලද මහත් භාග්‍යයක් බව කිවයුතුයි. එතුමා දූරදර්ශී නායකයෙක්.එතුමා අමිහිරි තීන්දු තීරණ ගත්තේ රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන්. මෙවැනි නිර්මාණශීලී වැඩසටහන් ඉදිරිපත් කළේ ද ඒ සඳහායි. වසර හතරක් තිස්සේ විමධ්‍යගත අරමුදල් ක්‍රියාත්මක වුණේ නැහැ.දැන් විමධ්‍යගත අරමුදල් ලැබෙන නිසා ගමේ සංවර්ධනය ආරම්භ වී තිබෙනවා. දූරදර්ශී නිර්මාණශීලී එතුමාගේ නායකත්වය තුළින් ඔබේ ආර්ථිකය ශක්තිමත් වනු ඇති බව සඳහන් කළ යුතුයි.
රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර,
දේශපාලන නියෝජිතයන් ලෙස අප බොහෝ අවස්ථාවලදී ඉඩම් ඔප්පු ලබා දී තිබෙනවා. නමුත් මේ ලබා දී තිබෙන ඔප්පුව සින්නක්කර ඉඩම් ඔප්පුවක්. සින්නකර ඉඩම් අයිතිය නොමැති නිසා ජනතාවට විවිධ අපහසුතාවලට ලක්වීමට සිදු වුණා.
අද ලැබූ මේ ඔප්පුව ඔබේ දරුවාට ලැබුණු අයිතියක්. තවත් විශාල පිරිසකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දුන්නා. එදා අපි ගෑස්, ඉන්ධන පෝලිම්වල හිටියා. පොහොර නැතුව ඔබට ගොවි බිම්වලට යන්න විදිහක් තිබුණේ නැහැ. අර්බුද හමුවේ එදා මේ රට බාරගන්න කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. මේ රටේ අනාගතය බාර ගැනීම සම්බන්ධව ජනාධිපතිතුමාට අපේ ගෞරවය හිමි වෙනවා.
රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ,
අද දිනය ඔබට ඉතා වැදගත් දවසක්. මහා පොළොව සමඟ පොරබදා අඟලක් නෑර වගා කර ඔබ මේ රටට මහා අස්වැන්නක් ලබා දෙනවා. තුන් වේලටම බත් ඉල්ලන ජනතාව වෙනුවෙන් කළ සේවයට ඔබට අදසෙතක් සැලසී තිබෙනවා.
ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ විස්සක් ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ප්‍රතිලාභී සංඛ්‍යාවක් සිටින්නේ මොණරාගලේ දිස්ත්‍රික්කයේ බවද සඳහන් කළයුතුයි.පරම්පරා දෙක තුනක් තිස්සේ බලාගෙන සිටි ඔබේ අයිතිය අද ඔබට ලැබී තිබෙනවා.මෙම ප්‍රදේශයේ නිෂ්පාදනවලින් 60%ක් වෙනත් දිස්ත්‍රික්කවලට බෙදා හැරෙනවා. එය විශාල ප්‍රතිශතයක්.
එවන් විශාල ක්‍රියාවලියක් සිදුවන දිස්ත්‍රික්කයක් බැවින් ඒ සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කළත් එය ඉටු කර ගැනීමට නොහැකි වුණා. නව ජනාධිපතිවරයා ලෙස පත්ව ඔබතුමා ඉදිරි අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද, මොණාරගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති කුමාරසිරි රත්නායක යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූහ.
පළාතේ මහා සංඝරත්නය ද, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, වැල්ලවාය එක්සත් ජාතික පක්ෂ සංවිධායක චමින්ද සරත් යන මහත්වරු ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් ද, මොණරාගල දිස්ත්‍රික් ලේකම් පසන් රත්නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්ධන මිල සංශෝධනයක්
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 344කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල 41කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 379කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් රුපියල් 355 දක්වා අඩුකර ඇත.
ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස්කර නොමැත.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 317ක් වන අතර භූමිතෙල් මිල රුපියල් 202 කි.

වැඩ බලන නීතිපති ධූරය පාරින්ද රණසිංහට
ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ වැඩ බලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ හෙට (01) දිවුරුම් දීමට නියමිතය.
නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ, හිටපු අගවිනිසුරුවරයෙකු වූ පාරින්ද රණසිංහගේ පුත්‍රයායි.

තල් මණ්ඩලය වාර්තාගත ආදායමක් ලබයි
පසුගිය වර්ෂයේ(2023) තල් සංවර්ධන මණ්ඩලය රුපියල් මිලියන 65.167ක වාර්තාගත දේශීය අලෙවි අදායමක්උපයා ඇත.
තල් සංවර්ධන මණ්ඩලය 2022 වර්ෂයේදී උපයා ඇති දේශීය අලෙවි අදායම මිලියන 50.05ක් වන අතර 2022 වර්ෂයට සමගාමීව 2023 වර්ෂයේ දේශීය අලෙවි අදායමේ වර්ධනය මිලියන 15කි. 2020 වර්ෂයේ දේශීය අලෙවි අදායම මිලියන 30.28ක් වන අතර 2021 වර්ෂයේ දේශීය අලෙවි අදායම මිලියන 33.33කි.
මෙයින් මිලියන 18.8ක් කොළඹ වැල්ලවත්ත කට්පහම් අලෙවි මධ්‍යස්ථානයෙන්ද, මිලියන 18.5ක් නැල්ලුර් කට්පහම් මද්‍යස්ථානයෙන්ද රුපියල් මිලියන 6.8ක් නුවර කට්පහම් මධ්‍යස්ථානයෙන්ද උපයාගෙන ඇතැයි තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ කියයි.
තල් සංවර්ධන මණ්ඩලය ශ්‍රීලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 0.182ක අපනයන අදායමක්(රුපියල් 57,837,751.98) උපයා දී තිබේ. මෙයින් තල් රා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 0.102ක්‌ද, (රුපියල් 32,283,881.98ක්) ඕඩියල් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 0.04ක්‌ද( රුපියල් 13,697,710.00 ක්) ,ශ්‍රීලංකාවට ලැබී ඇත.
මේ අපනයන ආදායම් ඉලක්ක සපුරාලීමට අපනයනකරුවන්ගෙන් ලැබුණු දායකත්වය අගයමින් පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අපනයනකරුවන්ගේ විශේෂ හමුවක්ද සංවිධාන කරන ලද බව සභාපතිවරයා කියයි.

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 17ක වාසියක්
ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රි පවසයි.
එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ද මෙම තත්ත්වය ඉවහල් වන බව අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව පැවසුයේ, 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
2022 වසරේ අප්‍රේල් මස 12 වනදා ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු විදේශ ණය යම් ප්‍රමාණයක් ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා. ඒ වන විටත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 600, 700 සහ 1000 දක්වා ඉහල යන බවට එවක සිටි ඇතැම් පාර්ශ්ව චෝදනා කළා. නමුත් පසුව අප විසින් එම තත්ත්වය පාලනය කර ගැනීමට සමත් වුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගත වීමේ දී ණය ප්‍රතිව්‍යුහගත කරගන්නා ලෙස අපට දැනුම් දුන්නා. ඒ සඳහා ලසාඩ් සමාගම අපගේ නියෝජිතයා ලෙසත් නීති උපදේශක ලෙස ක්ලිෆඩ් චාන්ස් සමාගමත් පත් කර ගැනීමට කටයුතු කළා.
මෙහිදී අප පළමුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කළා. මෙම කටයුතු සිදුකරන විටත් අප රටක් ලෙස බහු පාර්ශ්වීය සංවිධානවල ණය ගෙවීමට කටයුතු කළ බව සඳහන් කළ යුතුයි.
මේ වන විට අප ද්වී පාර්ශ්වීය ණය හිමි රටවල් සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සාර්ථකව අවසන් කරගෙන තිබෙනවා. ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එක් වී ද්වී පාර්ශ්වික ණය කළමණාකරණය සඳහා නිල ණය හිමියන්ගේ කමිටුවක් පිහිටුවමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. ඊට සමගාමීව චීනය සමඟ ද අප සාකච්ඡා සිදු කළා. මේ සියල්ල අවසානයේ අප සාර්ථක වී ඇති අතර ණය ගෙවීමේ තිරසර තත්ත්වයක් තිබෙන රටක් බවට ද පත්ව සිටිනවා. මෙම සාර්ථකත්වය නිසා ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමි වනවා. ඒ වගේම තවත් ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් අප රටට හිමි වනවා.
තව ද මෙම සාර්ථකත්වය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ සිදුවන සාකච්ඡා සාර්ථක කර ගැනීමට ඉවහල් වන බව කිව යුතුයි. මේ වන විටත් ඊට අදාළ සාකච්ඡා සිදු වෙනවා.
ඒ වගේම සම්පූර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයා දී ඇති යම් කාල පරාසයක් තුළ බව පැවසිය යුතුයි. සමස්ත ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු කරගත යුතුව තිබෙනවා. එසේම දැනට විදේශ ණය සඳහා ගෙවන පොලිය දළ ජාතික නිෂ්පාදනයෙන් 4.5%ක් දක්වා අඩු කර ගත යුතුයි. ''

මැකො මැතිවරණයක් වෙනුවෙන් ආයතන දැනුවත් කරයි !
නුදුරේදී මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලාධිපතිනීයටත් පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
එසේම මෙම දැනුම්දීම ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය හා ලංකා ගමනාගමන මණ්ඩලය වෙතද සිදුකර ඇති බවත් වාර්තා වෙයි.
මේ අතර රජයේ මුද්‍රණාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පවසන්නේ ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවයි.
මේ අතර දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල අඩුපාඩු පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස සියළුම ග්‍රාම නිලධාරීන්ට පසුගිය සතියේදී දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක සඳහන් කරයි.
ඊට අමතරව නිලධාරීන් සහ වාහන පිළිබඳවද සංගණනයක් පවත්වන ලෙසට සියලු දිස්ත්‍රික් මැතිවරණ ප්‍රධානීන්ට දැනුම් දුන් බවද ඔහු සඳහන් කළේය.
මැතිවරණ කටයුතු සඳහා සූදානම් වීමේ මූලික අරමුණින් එසේ උපදෙස් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණය සැප්තැම්බර් 14 සහ ඔක්තෝබර් 16 අතර කාලයේදී පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේය.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අඛණ්ඩව !
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලුව සම්බන්ධයෙන් දියත් කර ඇති වැඩ වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇත.
අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී. රිච්මන් පවසන්නේ ඊයේ (28) දින රැස්වූ වෘත්තීය සමිති එකමුතුව වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බවයි .
එසේම ලබන සඳුදා (01) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද ඔහු පැවසීය .
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද සඳහන් කළේය .
"විශ්වවිද්‍යාල පද්ධතියි අකර්මන්‍ය වෙලා අදට දින 53ක් වෙනවා. මේ වෙනකම් රජය මෙම ගැටලු විසඳීමට සාධනීය මැදිහත්වීමක් කරලා නෑ. ඊයේ දිනයේ වෘත්තීය සමිති රැස් වෙලා තීරණය කළා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරගෙන යාමට. නිසි විසඳුමක් නොලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකරනවා."

කොළඹ ජල කප්පාදුවක් !
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් සහ ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (29) වනදා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් ජලසැපයුම අත්හිටුවන බව සඳහන් වෙයි.
කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
ඊට අමතරව මොරටුව මහනගර සභා බල ප්‍රදේශයේ අඩුපීඩන තත්ත්වය යටතේ ජලය සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අස්වැසුම සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ කාණ්ඩවලට ප්‍රතිලාභ ගෙවීමට රුපියල් බිලියන 11.6ක්
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත ඊයේ (27) මුදා හැර තිබේ.
මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස අවධානමට ලක්වූ කාණ්ඩයේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට රුපියල් 5000 බැගින් 2023 ජූලි මස සිට 2024. 03. 31 දක්වාත්, සංක්‍රාන්ති කාණ්ඩය යටතේ සුදුසුකම්ලාභීන්ට රුපියල් 2500 බැගින් 2023 ජූලි මස 2023. 12. 31 දක්වාත් ගෙවීමට කටයුතු යොදා තිබිණි.
වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ සංක්‍රාන්තික කාණ්ඩයේ සහ අවධානමට ලක්වූ කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීමේ කාලය මේ වසරේ දෙසැම්බර් මස දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට උපදෙස් දී ඇත.
ඒ යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික සහ අවධානමට ලක්වූ කාණ්ඩ සඳහා විශේෂ දීමනාවක් ගෙවීමටත්, 2024 ජූලි මාසයේ සිට 2024 දෙසැම්බර් මස දක්වා පමණක් එම කාණ්ඩ දෙක සඳහා මාසිකව රුපියල් 5000 බැගින් ගෙවීමටත් තීරණය කර ඇත.
එසේම අන්ත දිළිඳු හා දිළිඳු කාණ්ඩ සඳහා පවත්නා ගෙවීම් ක්‍රමය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති/කොමසාරිස් ජයන්ත විජේරත්න සඳහන් කරයි.

මේ සුබ ආරංචිය බස් ගැමුණුගෙන් !
එළඹෙන ජූලි 01 වනදා සිට බස් ගාස්තු 5%කින් පමණ පහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් ලෙස රුපියල් 28ක් දක්වා පහල යාමට නියමිතය.
පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කරන අතර ඒ, බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව එම තීරණය ගෙන ඇත.

ෆොන්සේකාට ඉදිරියේදීද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ හැකියි- ජනපති
තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
ග්‍රන්ථයේ පළමු පිටපත මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සමරු තිළිණයක් ද පිළිගැන්වවූ අතර මේ අවස්ථාව සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණ නොසිටීමද කැපීපෙනෙන සිදුවීමක් විය.
කෙසේ නමුත් උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ හිටපු යුද හමුදාපතිවරයෙකු ලෙස යුද අභියෝගය ජයග්‍රහණය කළ සහ දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකා මහතාට ඉදිරියට ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සිදු කිරීමට හැකියාව තිබෙන බවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
මෙරට යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරන්නේ සරත් ෆොන්සේකා මහතායි. එතුමා යුද අභියෝගය ජයග්‍රහණය කළා පමණක් නොවෙයි, යුද පිටියෙන් පිටත දේශපාලනය තුළත් අභියෝගවලට මුහුණ දුන් කෙනෙක්.
මම එතුමාව හඳුනාගත්තේ පසුගිය යුද කාලයේ ජෙනරල් සිසිල් වෛද්‍යරත්න මහතා මාර්ගයෙන්. ජෙනරල් සිසිල් වෛද්‍යරත්න මහතාව මම සමීපව ඇසුරු කළා. ඔහු මට කිව්වා මේ නිලධාරියාට හොද අනාගතයක් තිබෙනවා ඒකට අවස්ථාව සලසා දෙන්න කියලා. යුද්ධය ආරම්භ වූ කාලයේදීත්, ඊට පෙර කාලයේදීත් ආණ්ඩුවේ සිටි මට යුද්ධයට සහභාගීවූ හැම නිලධාරියෙක් පිළිබඳවම අවබෝධයක් තිබුණා. එම කාලයේ විශිෂ්ට නිලධාරින් කිහිප දෙනෙකු බිහි වූ අතර එම සියලුදෙනා අතරින් සරත් ෆොන්සේකා මහතාට විශේෂ ස්ථානයක් හිමි වෙනවා.
විශේෂයෙන්ම යාපනය ජය සිකුරු මෙහෙයුම අසාර්ථක වු අවස්ථාවේ හමුදාව අත්පත් කරගත් සියලු දේ අහිමි වුණා. එම අවස්ථාවේ මම අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර යාපනය භාර දෙන්නේ කාටද කියා අපට තීරණයක් ගැනීමට සිදු වුණා. ඒ වන විට බොහෝ දෙනෙක් මිය ගොස් හා තුවාල ලබා සිටීම හේතුවෙන් පිරිස් අඩු වී තිබුණා. ඇතැම් අය කිව්වා යාපනයට ඩිවිෂන් එකක් අවශ්‍යයි කියලා.
එම අවස්ථාවේ මම හමුදාපතිවරයාට පැවසුවා සරත් ෆොන්සේකාට යාපනය භාර දෙමු කියලා. ඒ අනුව තමයි යම් ස්ථාවරභාවයක් ඇති කරගන්නා තුරු ඔහු එම කටයුතු කරගෙන ගියේ.
ඔහු වැටුණු තැනින් පටන් ගෙන යුද්ධය ජයග්‍රහණය කරා ගෙන ගියා. එහිදී අසීරු තීරණ ගැනිමට ඔහුට සිදු වුණා. යුද්ධයක් කියන්නේ ක්‍රිකට් තරගයක් නොවෙයි. මිනිස් ජීවිත අහිමි වෙනවා. දේපළ විනාශ වෙනවා. එහිදී යුද හමුදාව මෙහෙයවමින් ඉදිරියට යාමට එතුමාට ශක්තිය තිබුණා.
අප මුහුණ දුන්නේ ලෝකයේ තිබු අසීරුම යුද්ධයකටයි. අනෙක් රටවල තවමත් එම යුද්ධ පැවැත්වෙනවා. ඇෆ්ගනිස්ථානය යුද්ධය ආරම්භ කළේ අපටත් කළින්. සරත් ෆොන්සේකා මහතා තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කළා.
ඒ වගේම සිවිල් ජීවිතයේ අභියෝග රැසකට ද එතුමාට මුහුණ දීමට සිදු වුණා. එහිදී ඔහු තනි වූ අවස්ථාවේ සහ බන්ධනාගාරගත වූ අවස්ථාවේ එතුමා තවත් ශක්තිමත් චරිතයක් වුණා. ඉන් පසුව යහපාලන රජය යටතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර එතුමාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර පිරිනැමීමට අප තීරණය කළා. එතුමා සුදුස්සෙක් ලෙස එය බාර ගනු ලැබුවා.
සරත් ෆොන්සේකා මහතාගේ අත්දැකීම් සහ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අපට ආණ්ඩුවක් ලෙස අවස්ථාව ලැබුණා. එතුමා සටන්කාමී චරිතයක්. යුද පිටියේ වුවත් දේශපාලනයේ වුවත් එතුමා සටන අතහරින්නේ නැහැ. එතුමාට තවදුරටත් මේ රටට සේවය කිරීමට හැකියාව තිබෙනවා. එතුමාගේ සේවය අපට ලබාගත හැකියි. Old soldiers never die, they simply fade away. In this instance he wont fade away either, so he is still there. ඒ අනුව අනාගතයේ දී එතුමාගෙන් ගත හැකි සේවය රටට ලබා ගැනීමට අවස්ථාව ලැබෙයි කියා මා බලාපොරොත්තු වෙනවා.
සරත් ෆොන්සේකා මහතා වරක් යාපනයේ දී ප්‍රකාශ කළා, “දැන් යුද්ධය අවසන් රට තුළ සාමය ඇති කළයුතුයි” කියලා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් එම කටයුතු අවසන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අප සියලුදෙනා එක්වී රට ගොඩනගමින් ඉදිරියට යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා. අපේ හමුදාව අත්දැකීම් බහුල දක්ෂ හමුදාවක්. රට ගොඩනගමින් සාමය ස්ථාපිත කිරීම සඳහා මේ සියලුදෙනාගේ සහාය ලබාගත හැකියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා :
යුද්ධය ජය ගැනීමට හැකි වූයේ අපේ විරෝධාර රණවිරුවන් සිදු කළ විශිෂ්ට කැපවීම නිසයි. එහිදී රණවිරුවන් විශාල පිරිසක් රට වෙනුවෙන් ජීවිතය පූජා කළා. තවත් විශාල පිරිසක් ආබාධිත වුණා. මේ අවස්ථාවේදී සියලු රණවිරු පවුල්වලට මාගේ ගෞරවය හිමිවෙනවා. ඔවුන් ජීවිත කැපකිරීම් සිදු කළේ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ වගේම රටට සාමය ඇති කිරීම වෙනුවෙන්.
යුද්ධය අවසන් කිරීමට නම් දේශපාලන විසඳුමකට යා යුතු බව එදා බොහෝ දෙනෙක් පැවසුවා. එදා මම යුද හමුදාපති ධූරය භාර ගන්නා විට ආරක්ෂක සාමාජිකයන් සිටියේ කලකිරීමකින් යුතුවයි. නමුත් අපි තිස් වසරක යුද්ධය ජය ගත්තා . අපේ රණවිරුවන්ගේ ලේ, දහඩිය සහ අපරිමිත කැපවීම නොමැති වූවා නම් මේ යුද්ධය ජයගත නොහැකි වෙන්න තිබුණා. යුද්ධයෙන් පසුව රණවිරුවන්ට මෙන්ම මේ රටේ ජනතාව සිදු කළ කැප කිරීමට හිටපු පාලකයන් නිසි වටිනාකමක් ලබා දුන්නාද යන්න පිළිබඳ මට සැකයක් පවතිනවා.
මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයන් ද, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු කථානායක කරු ජයසුරිය යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, තානාපතිවරුන්, හිටපු යුද හමුදා ප්‍රධානීන්, අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://newstube.lk/news?start=1242#sigProId2885f86e7a

කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්
ප්‍රමිතියෙන් බාල ප්‍රතිජීවක එන්නත් සැපයීම සම්බන්ධව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනගාරගතකර තිබේ.
අදාළ සැකකරුවන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (28) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
එම සිද්ධියේ සැකකාරියක් වන වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරිනියක්ව ඇප මත මුදාහැරීමටද අධිකරණය කටයුතු කර ඇත.
Page 70 of 473