ආණ්ඩුව සූදානම් වන්නේ වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු බෙදා වෙන් කර, විශේෂඥ වෛද්‍ය සේවාව මුදලාලිකරණය කිරීමට බවත්, නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෘත්තීය සමිති අයිතිය වෙනුවෙන්, වෛද්‍ය නිලධාරී සංගමයේ අරගලයට තම සංගමයේ පූර්ණ සහයෝගය පළ කරන බවත් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සදහන් කරයි.
පසුගිය දා පාර්ලිමේන්තුවේ දී වත්මන් රජය අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් සහන පොලී වැඩසටහනක් පිළිබඳව විපක්ෂය දැනුවත් කළ බවත් එය බැලු බැල්මට හොඳ වැඩසටහනක් වුව ද මේ වන විට අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අසාදු ලේඛන ගත වී ඇති බැවින් මේ අය වෙනුවෙන් ලබා දෙන ණය සහනය විපතට පත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් 50%කට ලබා ගත නොහැකි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
රෝහල් පද්ධතියේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ඉටුකිරීම ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග මාලාවේ පළමු පියවර වන පැය 48ක දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය, ප්‍රකාශ කළ පරිදිම අද දින උදෑසන 08.00 අවසන් කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
