ශ්‍රී ලංකා - එංගලන්ත තරගය අද සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. නවතම පුවත් 22 February 2026
පයාගලදී කැබ් රථයක් දුම්රියේ ගැටෙයි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පයාගල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. නවතම පුවත් 22 February 2026
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නවතම පුවත් 22 February 2026
මහින්ද රාජපක්ෂ මිනීමරුවකු නොවන බව සරත් ෆොන්සේකා ම පිළිඅරගෙන තිබෙනවා - නාමල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මිනීමරුවකු නොවන බව සරත් ෆොන්සේකා ම පැවසීම ඉතා හොද කාරණයක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය. නවතම පුවත් 21 February 2026
මාලිමා ආණ්ඩුවේ තක්කඩිත් හොරකම් කරනවා - එස් එම්. මරික්කාර් රුපියලක්වත් හොරකම් කරන්නේ නැතැයි ජනාධිපතිතුමා පුන පුනා පවසද්දී මේ තක්කඩි හොරකම් ටික නොපෙනෙන්නේ මන්දැයි ජනාධිපතිතුමා ගෙන් විමසන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම්. මරික්කාර් පැවසී ය. නවතම පුවත් 21 February 2026
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙනුවට යෝජිත මාධ්‍ය කොමිෂන් සභාවේ මූලික සංකල්ප පත්‍රිකාව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය වෙත පිළිගන්වයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙනුවට මාධ්‍ය ක්ෂේත්රයේ අභිවර්ධනය උදෙසා පිහිටුවීමට යෝජිත මාධ්‍ය කොමිෂන් සභාවක් වෙනුවෙන් සකස් කළ මූලික සංකල්ප පත්‍රිකාවක් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න වෙත පිළිගැන්වීම පසුගියදා සිදුවිය. නවතම පුවත් 21 February 2026
දශක පහකට පසු යළිත් සඳ ගමනට සැරසෙයි 1972 වසරේ ඇපලෝ (Apollo) මෙහෙයුම් නිමාවීමෙන් පසු, ප්‍රථම වතාවට ගගනගාමීන් පිරිසක් සඳ වෙත රැගෙන යන නාසා (NASA) ආයතනයේ Artemis II මෙහෙයුම එළඹෙන මාර්තු 6 වනදා දියත් කිරීමට තීරණය කර ඇත. නවතම පුවත් 21 February 2026
බිරිඳ ඝාතනය කළ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් සිය බිරිඳ ඉතා කෲර ලෙස පිහියෙන් ඇන ඝාතනය කළ බවට වරදකරු වූ 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට එක්සත් රාජධානියේ කාඩිෆ් ක්‍රවුන් උසාවිය (Cardiff Crown Court) විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. නවතම පුවත් 21 February 2026
ජාත්‍යන්තර මව් භාෂා දිනය අදයි භාෂාමය සහ සංස්කෘතික විවිධත්වය රැකගැනීමේ අරමුණින් අද (21) ලොව පුරා ජාත්‍යන්තර මව් භාෂා දිනය සමරයි. නවතම පුවත් 21 February 2026
මාතර කලා උළෙල අග්‍රාමාත්‍යවරිය ගේ මූලිකත්වයෙන් ඇරඹෙයි දෙස් විදෙස් කලාකරුවන්ගේ නිර්මාණ රැසකින් සමන්විත මාතර කලා උළෙලේ (Matara Festival for the Arts) සමාරම්භක උත්සවය පෙබරවාරි 19 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් මාතර කොටුව පැරණි මහාධිකරණ පරිශ්‍රයේ දී පැවැත්විණි. නවතම පුවත් 21 February 2026
දිට්වා නිසා විනාශ වූ ගෙවල් වෙනුවට කඳුකරයට මහල් නිවාස දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් 200කට පමණ ජීවත් වීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් නිවාස ඉදිකිරීමට කටයුතු සැලසුම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී. ඒ. පී. ධනසූරිය පැවසී ය. නවතම පුවත් 21 February 2026
ලංකාවේ ප්‍රථම චිත්‍රකතා පොත; ''නීලා'' යළි ප්‍රකාශයට පත් කෙරේ ශ්‍රී ලංකාවේ චිත්‍රකතා (Comics) ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේ දී එය 20 වන සියවසේ මැද භාගය තෙක් දිව යන බව දක්නට ලැබේ. නවතම පුවත් 21 February 2026
ගුරුවරුන් 23,000ක් මේ වසරේදී බඳවා ගන්නවා - අගමැති මෙම වසර තුළ ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. නවතම පුවත් 20 February 2026
කෙහෙල්බද්දර පද්මේ සමග හිතවත් දේශපාලඥයින් ගැනත් අනාවරණයක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සතුව තිබූ දුරකථන 30ක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. නවතම පුවත් 20 February 2026
ජනපති අනුර සහ අගමැති හරිනි උතුරට ගොස් වෛරය වපුරන්න හදනවා - නිරෝෂන් පාදුක්ක ජනාධිපතිවරයා සහ අගමැතිවරිය උතුරට ගොස් වෛරය වැපිරීමට උත්සාහ කරන බවත්, රටේ රාජ්‍ය නායකයා සහ අගමැතිවරිය උතුරට ගොස් ඒබඳු දේවල් කිරීම සුදුසු නොමැති බව දුෂණ විරෝධි බලවේගයේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක පැවසී ය. නවතම පුවත් 20 February 2026
ජනපති අනුර සහ අගමැති මෝදි අතර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (20) දහවල් නවදිල්ලි නුවර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී ඇත. නවතම පුවත් 20 February 2026
බුදු දහම අනතුරෙහි වැටී ඇති නම් ඒ සඳහා වගකිව යුත්තේ භික්ෂූන් වහන්සේලා ම යි - පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි සැබැවින් ම බුදු දහම අනතුරෙහි වැටී ඇති නම් ඒ සඳහා වගකිව යුත්තේ රජය නොව භික්ෂූන් වහන්සේලා ම යැයි පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි වදාළේ ය. නවතම පුවත් 20 February 2026