පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් 17,296,330 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
පළාත් පාලන ආයතන 336ක් සඳහා පැවැත්වෙන මෙම ඡන්ද විමසීමට අදාළ කටයුතු පිළිබඳව අද දිවයිනේ සියලු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්, නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කැඳවා සාකච්ඡා කළ බවයි මැතිවරණ කොමසාරිස් පවසයි.
අදාළ සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මෙම අදහස් පල කර ඇත.
“පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා කැඳවීම් දැන්වීම් නිකුත්කරලා අවසන් .ඒ අනුව කොට්ඨාස 4872ක් සඳහා සභිකයින් තෝරා පත් කර ගැනීම සඳහා මේ මැතිවරණය පැවැත් වෙන්නේ. ඒ සඳහා 17,296,330ක ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටිනවා. 2024 ජනවාරි මාසයේ 31 දක්වා ගත්තොත් ඊට අදාළ අද දිනයෙදී සියලුම් දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන්වරුන් සහ දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරු සමග මෙත කමිෂන් සභාවේ සභාපතිවරයත්, සමාජික මහත්මීන් සහ නිලධාරී මණ්ඩලය සකච්ඡාවක් පවත්වනු ලැබුවා.”
සිය නිවසේදී සිදුවූ අනතුරකින් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජානකී ජයවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
පොලීසිය පැවසුවේ, සිය පුත්‍රයාට අයත් මෝටර් රථය පන ගැන්වීමට නොහැකි වීම හේතුවෙන් එහි ඉදිරිපස රෝදයට තබා තිබූ ගලක් ඉවත් කිරීමට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය හා පුත්‍රයාගේ බිරිඳ ඊයේ(07) දහවල් උත්සාහ කර ඇති බවයි.
බෑවුම් සහිත ස්ථානයක නතර කර තිබූ රථය එම අවස්ථාවේ ඉදිරියට ගමන් කර ඇති අතර එහිදී ඇය ඊට යටවී තිබේ.
බරපතළ තුවාල ලැබූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
59 හැවිරිදි වියේ පසුවන ආචාර්ය ජානකී ජයවර්ධන මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන රැසක් සිදුකර ඇති ජානකී ජයවර්ධන මහත්මිය සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ එක්සත් රාජධානියේ යෝර්ක් විශ්ව විද්‍යාලයෙනි.
ළමුන්ට ශාරීරික දඬුවම් තහනම් කරන නීතියක් කඩිනමින් සම්මත කරන බව ශ්‍රී ලංකාවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී පැවසීය.
“දඬුවම් දරුවෙකුගේ වර්ධනයට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. ප්‍රචණ්ඩත්වයෙන් ගැටළු විසඳිය හැකි බව දරුවන් විශ්වාස කරන්නේ නම්, ඔවුන් එම විශ්වාසය වැඩිහිටිභාවයට ගෙන යනු ඇත. සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බොහෝ දෙනෙක් බිඳුණු පවුල්වලින් පැමිණෙති,” අමාත්‍යවරයා පැවසීය. “බිඳුණු දරුවෙකු නිවැරදි කිරීම පහසුය, නමුත් බිඳුණු වැඩිහිටියෙකු නොවේ,” "අපි දන්නවා නීති පද්ධතියක් තිබිය යුතුයි. කාන්තාවගේ ආරක්ෂාවට එය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වියයුතුයි. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවී නීතියෙන් විතරක් කොළවල ලියලා මේ අයිතිය තහවුරු කරන්න පුළුවන්ද ? මේ ආකල්ප හැදෙන්න කොයි කාලෙද ? ළමා කාලේ. එතකොට ළමයාගේ ආකල්ප වර්ධනය වෙන්නේ කොහොමද ? ඔහු පරිසරයේ දකින දේවල් අනුව. එහෙම නම් කාන්තාවට ආරක්ෂිතව ඉන්න, කාන්තාවට ගරුසරු ඇතිකරන සමාජයක් බිහිවෙන්න නම් ඒක ආරම්භ වෙන්නේ ගෙදරින්. එහෙමනම් නීතිරීතිත් හදමු, ව්‍යවස්ථාත් හදමු නමුත් මම හිතනවා සෑම අම්මා කෙනෙක්මට, තාත්තා කෙනෙක්ටම තමන්ගේ පිරිමි ළමයාට ඉගැන්නුවානම් කාන්තාවට ගරුකකරන්න පොඩිකාලයේදී මම හිතන්නේ පරම්පරාවක් දෙකක් වැඩිහිටියෝ වෙනකොට කාන්තාවගේ ආරක්ෂාවට නීතිවෙනුවෙට සමාජයේ පිරිමි ඉදිරිපත්වෙන සමාජයක් ඉදිරයේදී නිර්මාණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවන්ට හානිකර හානි කර කායික දඬුවම් තහනම් කරන්නට අවශ්‍ය වෙනවා මෙන්න මේ කායික දඬුවම් තහනම් කිරීම සම්බන්ධයෙන් වූ සිදුවීමේදී මා කියන්නට ඕනේ ඒ සම්බන්ධයෙන් පනතක් නිර්මාණය වෙලා තියෙනවා එය පාර්ලිමේන්තුවට හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ ඇමතිවරයා විදිහට මා පියවර ගන්නවා." ඔහු තවදුරටත් පැවසීය.
කාන්තාවන් සමාජයට දක්වන දායකත්වයේ වැදගත්කම ද ඔහු අවධාරණය කළ අතර, ඔවුන්ගේ කාර්යභාරය හඳුනා ගැනීමට එක් දින විවාදයක් ප්‍රමාණවත් නොවන බව පැවසීය.
අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුළං බලවිදුලි ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.
ඔහු මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යංශයේ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් ය.
අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
ඔහු පැවසුවේ, එම අවස්ථාවේ ඉන්දීය අදානි මව් සමාගම එම ව්‍යාපෘතියෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියකින් දැනුම් දී ඇති බවයි.
ඒ අනුව ආයෝජන මණ්ඩලය ඒ පිළිබඳව අමාත්‍යාංශය දැනුවත් කර තිබේ.
සුළං විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය සාකච්ඡා කළේ, අදානි සමාගමේ ලංකාවේ පිහිටි නියෝජිත ආයතනය සමග බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස එම ආයතනය දැනුවත් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා එම ලිපියට දෙසතියක් ඇතුළත පිළිතුරු අපේක්ෂා කරන බවද පැවසුවේ ය.
සති දෙකක් ඇතුළත සෘණාත්මක පිළිතුරක් ලැබුණහොත් පමණක් විකල්පයකට යොමුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේය.
ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ආර්ථික ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති වූ හමුව ගැන සිය ‘X’ ගිණුමේ සටහනක් තබමන් ඇය මේ බව පවසා තිබේ.
එහි ඇය වැඩිදුරටත් දක්වා ඇත්තේ, ආයෝජන ආකර්ෂණය කරගැනීම හා ජීවන තත්වයන් ඉහළ නැංවීම සඳහා ජනාධිපවරයා සමග සාකච්ඡා කළ බවයි.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම යටතේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බව ඇය සිය ‘X’ ගිණුමේ සටහන් කර ඇත.
සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ රට තුළ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට ඉතා වැදගත් බව ඇය වැඩිදුරටත් සදහන් කර තිබේ.
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක අද (07) පාර්ලිමේන්තුවට පැවසීය.
අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සුදුසු විදේශීය හවුල්කරුවෙකු සමඟ එක්ව මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.
“මත්තල ගුවන්තොටුපළ රුපියල් බිලියන 36.5 ක වියදමින් ඉදිකරන ලද අතර පසුගිය වසර පහ තුළ මුළු පාඩුව රුපියල් බිලියන 38.5 ක් බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද අමාත්‍ය බිමල් රත්නායක එහිදී සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ඒ, පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.
පොලිස් මූලස්ථානය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.එම්.කේ.ඩී පලිස්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී බී මැදවල ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සිට විශේෂ ආරක්ෂක කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.
මානව හිමිකම් කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ ඒ එදිරිමාන්න මහතා ස්ථාන මාරු කර ඇත්තේ ගාල්ල කොට්ඨාසය භාර නිලධාරියා ලෙසයි.
කේ ජී පී බී සමරපාල, එස් එම් කේ සී තිලකරත්න,පි ජි දර්ශන, එල්.ඒ.ඩි රත්නවීර, කේ.එන් ගුණවර්ධන මහත්වරුන් ස්ථාන මාරු කළ සෙසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ය.
අධ්‍යාපන පද්ධතිය තුළ නිර්මාණය වී ඇති අර්බුධ ගණනාවකට හේතුව ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හා දේශපාලන මැදිහත් වීම් බවත්, විවිධ හේතුන් මත පාසල් තුළ සිදුකරන මුදල් එකතු කිරීම් පිලිබඳ කඩිනම් පරීක්ෂණ සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාවේ පළමු සැසිවාරයේ මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
2026 ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විෂය නිර්දේශ හදුන්වාදීම, මානව සම්පත සංවර්ධනය කිරීම,යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද ජනතාව දැනුවත් කිරීම, තක්සේරුව සහ ඇගයීම යන කුළුණු මත පදනම්ව සිදු කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැහැදිළි කළාය.
ඊට අදාල ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අනු කමිටු පත්කිරීමට මෙහිදී එකඟතාව පළ විය.
පාසැල් අතර විෂමතාව අවම කිරීම සහ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට එක් එක් පාසැල් පිළිබඳ භෞතිකව පරීක්ෂා කර අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා දැනට නවතා දමා ඇති ඉදිකිරීම් පිලිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත්, පාසැල්වල පවතින අනාරක්ෂිත ස්ථාන හදුනාගෙන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමටත් සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
පවතින ගුරු පුරප්පාඩු සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ගුරු තුලනය ඇතිවන පරිදි ස්ථාන මාරුවීම් සිදු කිරීම, විදුහල්පති පුරප්පාඩු සහ වැඩ ආවරණය කිරීම, පලාත් පාසැල් සහ ජාතික පාසැල්වල පවතින ගැටළු සහ අධ්‍යාපන පරිපාලනයේ පවතින ගැටළු ඇතුළු කාරණා රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සොනවිරත්න මහතා සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
2025 අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
එසේම අධ්‍යාපන ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළව සිදු කළ යුතු නව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.
පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.
අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර සහ අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව මාර්තු 02 වැනිදා සිට 08 වැනිදා දක්වා ‘ජාතික කාන්තා සතියක්’ ප්‍රකාශයට පත්කර තිබේ.
මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ”සියලුම කාන්තාවන් සහ ගැහැනු දරුවන් සඳහා: අයිතිවාසිකම්, සමානත්වය, සවිමත් කිරීම” යන්න තේමාව කර ගනිමින් පවත් වන අතර එම දිනයට සමගාමීව ‘තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මඟක්’ යන්න ප්‍රධාන තේමාව කර ගනිමින් 2025 මාර්තු 02 වැනිදා සිට 08 වැනිදා දාක්වා ‘ජාතික කාන්තා සතිය’ ප්‍රකාශයට පත් කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් 1977 වර්ෂයේදී, මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. එතැන් සිට වර්තමානය දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රටවල් විසින් සෑම වර්ෂයකම මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබේ.
ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම ද ඇතුළත්ව ජාතික, පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කාන්තා සහ ළමා කටයුතු ඇමැති සරෝජා පෝල්රාජ් මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 3663දී පැවැත් වීමට කටයුතු යොදා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර විභාගයට අපේක්ෂකයන් 474,147 දෙනකු පෙනී සිටින අතර විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විට තැපෑලට යොමු කර අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනවලටත් යොමු කර ඇති බව කී විභාග කොමසාරිස් ජනරාල්වරයා, එහි යම් සංශෝධනයක් කර ගැනීමට ඇත්නම් online ඔස්සේ මේ 10 වැනිදාට පෙර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිදු කරගත හැකි බව ද කීවේය.
සියලු පාසල් සිසුන්ගේ ප්‍රවේශපත් ඉක්මනින් ඔවුන් වෙත දෙන ලෙස ද විභාග කොමසාරිස්වරයා විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.
විභාගයේ ප්‍රවේශපත් නොලැබුණු පාසල් සිසුවකු වේ නම් විදුහල්පතිවරයා මඟින් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙසත් පෞද්ගලික අයදුම්කරුවකු වේ නම් තැපැල් කාර්යාලයෙන් හෝ විභාග දෙපාර්තමේන්තුවෙන් හෝ විමසන ලෙසත් විභාග කොමසාරිස්වරයා දැනුම් දෙයි.
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියේය.
හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදුකරන බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔහු මේ වනවිට නීතියට අවනත නොවී සැඟවී සිටින බව ද පැවසීය.
අධිකරණ නියෝගයකට අවනත නොවී පැන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය යටතේම හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, විශේෂ සැලකිල්ලක් හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය නොදක්වන බව ද කියා සිටියේය.
එමෙන්ම ඔහුට සැඟවී සිටීමට යම් අයෙක් උදව් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා පැවසීය.
වෙනදාට වඩා වෙහෙසක් ගෙන හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට රටින් පිටව ගොස් ඇතැයි තොරතුරු ලැබී නොමැති බව ද පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වාව මාර්තු 17වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ සැකකරුවන් අද (06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ඉඩම් වංචා විමර්ශනයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන ගෙන ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදු කරන ලද මෙම අත්අඩංගුවට ගැනීම බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේදී සිදු වූ අතර එහිදී ඔහු තවත් පුද්ගලයෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු බ්‍රහස්පතින්දා (6) අත්අඩංගුවට ගෙන ඇත. මෙමඟින් අත්අඩංගුවේ පසුවන මුළු සැකකරුවන් සංඛ්‍යාව තිදෙනෙකි.
කිරිබත්ගොඩ ඉඩමකට අදාළ වංචනික යෝජනා ක්‍රමයකට සැකකරුවන් සම්බන්ධ වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය අනාවරණය කළේය.
අක්කර 6 යි රූඩ් 3 යි පර්චස් 11 ක ඉඩමක් නව නගර සැලැස්ම සඳහා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මාරු කරන ලදී.
ළමා උද්‍යානයක් සහ ජල මාර්ගයක් සඳහා හෙක්ටයාර 0.2137 ක් වෙන් කිරීම ඇතුළත් නගර සැලැස්ම සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කැලණිය ප්‍රාදේශීය සභාව වගකිව යුතු විය.
මර්වින් සිල්වා සහ තවත් තිදෙනෙකු එක්ව ඉඩම රුපියල් මිලියන 03 කට විකිණීම සඳහා ව්‍යාජ ලියකියවිලි සකස් කර ඇති බව අනාවරණය වී තිබේ.
මෙම නඩුව සම්බන්ධයෙන් මර්වින් සිල්වා ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කරන බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.
යුද හමුදා මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදෙස් ගමන බලපත්‍ර රෙජිමේන්තුව බාරයේ තබන ලෙස යුද හමුදා මූලස්ථානය සියලු රෙජිමේන්තු බාර අණ දෙන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ පවසයි.
එ් විදෙස් පුහුණුවීම් සහ සාම සාධක බළකා රාජකාරී කටයුතු කඩිනමින් සිදුකිරීම සදහා බව පැවසේ.
යුද හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත රෙජිමේන්තුව සන්තකයේ තබාගැනීමේදී යම් අපරාධයකට සම්බන්ධ සෙබළුන්ට විදෙස්ගතවීමේ හැකියාව ද අවහිර වන බව ගමගේ තවදුරටත් පැවසීය.
එමෙන්ම බොහෝ යුද හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අස්ථානගතවී ඇති අතර එවැනි විදෙස් ගමන් බලපත්‍ර තෙවන පාර්ශවයක් අතට යෑමේ අවධානම ද අවම වන බව වරුණ ගමගේ පෙන්වා දෙයි.
බොහෝ සෙබළුන් දුර පළාත්වල රාජකාරී සිදුකරන අතර හදිසියේ විදෙස් පුහුණුවීම්වලට යැවීමේදී හා සාමා සාධක බළකා සදහා විදෙස් ගත කිරීමේදී ඇති වන ගැටලු කාරී තත්ත්ව වළක්වා ගැනීම සදහා මෙම ක්‍රමවේදය ආරම්භ කර ඇති අතර එම විදෙස් ගමන් බලපත ආරක්ෂිතව සහ සුරක්ෂිතව තබාගැනීමට රෙජිමේන්තු අණ දෙන නිලධාරීන්ගේ වගකීම වන බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සෙබළුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවක් මත ඕනෑම අවස්ථාවකදී එම විදෙස්ගමන් බලපත්‍රය ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය පරිදි ලබාගත හැකි බවද බ්‍රිගේඩියර් වරුණ ගමගේ තවදුරටත් සඳහන් කරයි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කාරිනියක වූ සීතා රංජනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහත්මිය 71 වැනි වියේ පසුවිය.
ගුවන් විදුලි සහ පුවත්පත් මාධ්‍යවේදිනියක් මෙන්ම ලේඛිකාවක්, කිවිඳියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ද වූ සීතා රංජනී සාමය සහ ජාතික සමගිය වෙනුවෙන් ක්‍රියාකාරීව විශේෂ මෙහෙවරක් ඉටුකළ අයෙකු වේ.
දේහය හෙට සිට මඩගම්මන පාර කටුකැලියාව නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.
අවසන් කටයුතු අනිද්දා අනුරාධපුරයේදී සිදුකිරීමට නියමිත වෙයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ පවසයි.
අධ්යක්ෂ ජනරාල්වරිය පවසන්නේ, එම ප්‍රතිසංස්කරණ මගින් අධ්‍යාපන පද්ධතියේ විශාල වෙනසක් සිදු නොවන බවත්, විභාග ක්‍රමය, විෂය නිර්දේශය හා විෂයන් යාවත්කාලීන කිරීමට සැලකිය යුතු කාලයක් අවශ්‍ය වන බවයි.
එමෙන්ම සිසුන්ට නව ලෝකයට සරිලන විෂය මාලාවක් සකස් කර ඇති බවත්, එම ප්‍රතිසංස්කරණ එකවර සිසුන්ට හඳුන්වා දීමට ගියහොත් විශාල අර්බුදයක් නිර්මාණය වනු ඇති බවත් ඇය කියා සිටී.
විභාග හෝ විෂයමාලා වෙනස් කළහොත් සිසුන් ඊට සූදානම් වීමට අඩුම වශයෙන් වසර දෙකක පමණ කාලයක් අවශ්‍ය වන බවයි මංජුලා විදානපතිරණ පවසයි.
ඒ අනුව, පළමු ශ්‍රේණියේ සිට ක්‍රමානුකූලව විෂයමාලා යාවත්කාලීන කර සිසුන්ට හඳුන්වා දෙන බව පවසන අධ්යක්ෂ ජනරාල්වරිය කියා සිටියේ, දැනට 10, 11, 12 හා 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් අරබයා සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරගෙන යන බවයි.
විෂය නිර්දේශ වසර අටකට වරක් යාවත්කාලීන කිරීමේ ක්‍රමවේදය ඒ අයුරින් ම පවත්වාගෙන යන බව ද ඇය සඳහන් කළාය.
2015දී ඇති කළ ප්‍රතිසංස්කරණ යටතේ 2023දී විෂය නිර්දේශ යාවත්කාලීන කළයුතුව තිබූ නමුත් මේ දක්වා එය සිදුව නැතැයි කී අධ්යක්ෂ ජනරාල්වරිය ඇතැම් සිසුන්ට වසර දහයකින් වෙනස් නොවූ විෂයයන් තිබෙන බවද පවසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේදී නියාමනය කර 2026දී ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
මේ අතර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ, වත්මන් රජය ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය 2033දී හඳුන්වා දීමේ සූදානමක් තිබෙන බවයි.
එතෙක් පැරණි විෂය මාලා යටතේ සිසුන්ට විභාගවලට මුහුණ දීමට සිදුවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර