පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය 06ක් මේවන විට දිවයිනේ ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මකවන බවත්, ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතිබව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අවධාරණය කරයි.


